වසර ගණනාවක් තිස්සේ නැගෙනහිර පළාතේදී නීතිය සියතට ගත්තේ කොටි ත්රස්තයන්ය. කොටි විනාශ කිරීමෙන් පසු නීතිය සියතට ගැනීමට උත්සාහ කිරීම් පොතුවිල්, කාත්තන්කුඩි ප්‍රදේශයෙන් වාර්තා විය.
මෙම සිද්ධිය වාර්තා වූයේ අලි සංගණනයේ යෙදීමට ගිය වනජීවී නිලධාරීන්ට පහරදීම සම්බන්ධව පොලිස් අත්අඩංගුවට ගත් තිදෙනකු මුදාහරින්නැයි ඉල්ලා ගම්වාසීන් පිරිසක් විසින් පොලිසියට තර්ජනය කර පහරදීමට ක්‍රියා කිරීමය. පොතුවිල්හිදී පොලිසියට ගල්වලින් ගැසීමට ද ක්‍රියා කර තිබේ. මේ අයහපත් තත්ත්වය මර්දනය කිරීමට ආරක්ෂක හමුදාව ද සහාය විය.
මෙහිදී එක් විරෝධතාකරුවෙක් වෙඩි පහරකට ලක්ව මරුමුවට පත්ව තිබේ. මේ වෙඩි තැබීම සම්බන්ධව බී.බී.සී. සංදේශයට ප්‍රකාශයක් කර ඇත්තේ පළාත් සභා මන්ත්‍රීවරයකු වූ අබ්දුල් මජීඩ් නමැත්තාය. මොහු වෙනින් කවුරුත් නොව හිටපු පොලිස් අධිකාරිවරයෙකි. විරෝධතාකරුවකුට යුද හමුදාව වෙඩි තබන බව තමා දුටුවේ යෑයි ඔහු ප්‍රකාශ කර තිබේ.
මෙහිදී නැඟෙන ප්රශ්නය නම් අලි සංගණනයේ යෙදුන නිලධාරීන්ට පහරදීමට ක්‍රියා කළ මැරයන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හිමිකමක් නැද්ද යන්නයි.
එසේම සිංහල, දෙමළ, ඉංගී්රසි භාෂාවලට අමතරව නැගෙනහිර අරාබි භාෂාව ද හඳුන්වාදීමට ක්‍රියා කර ඇත්තේ මේ අන්තවාදී පාර්ශ්වයන් බව සිහිපත් කළ යුතුය.
කොටි ආයුධ බලයෙන් නැගෙනහිර ජනතාව පාගාගෙන සිටීමට ක්‍රියා කරද්දී මේ පිරිස් නිහඬ විය.
එහෙත් දැන් ඔවුන් නීතිය සියතට ගැනීමට උත්සාහ කර තිබේ. නැගෙනහිරට වෙනමම මුස්ලිම් කලාපයක් ඉල්ලූ දේශපාලකයන් ද දැන් රජයට සම්බන්ධ වී සිටී. ඒ බළකාමය උදෙසායි. එසේම නැගෙනහිර ඔලුවිල්හි නාවික කඳවුරක් ස්ථානගත කිරීමට පවා මේ අන්තවාදීහු එරෙහි වූහ.
මේ පසුබිම යටතේ අලි සංගණනයේ යෙදුන වනජීවී නිලධාරීන්ට පහරදීමට “ගම්වාසීන්” යෑයි හඳුන්වා ගන්නා පිරිස් ක්‍රියා කිරීම යනු ත්රස්වාදය යළි හිස එසවීමකි.
අලි සංගණනයේ යෙදුන නිලධාරීන්ට පහරදීමට ක්‍රියා කළේ “අලින්ට” ඇති ආදරය නිසා නොව නැගෙනහිර කැලෑවල සිදුවන ජාවාරම් අසුවන නිසාය. හොරෙන් ගස් කැපීම, කංසා වැවීම, සතුන් දඩයම සහ වෙනත් නීති විරෝධී ක්‍රියා රැසක් මෙකී ප්‍රදේශවල සිදුවන බව රහසක් නොවේ.
කොටි ත්රස්තයන් නැගෙනහිර රජ කරන සමයේ වටිනා ගස් කපා ලී කොටන් කරත්තවලින් ප්‍රවාහනය කිරීම සම්බන්ධව අසුවූයේ නැගෙනහිර ගම්වාසීන් කියාගන්නා පාර්ශ්වයයි. එම සමයේ පොලිසියට සිදුවූයේ කරත්ත සමග සැකකරුවන් නිදහස් කිරීමටය.
නැගෙනහිර සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු මේ බව දනී. මේ අතර නැගෙනහිර දී නීතිය සියතට ගැනීමට කිසිවකුට ඉඩ නොතබන බව ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය.
මේ අතර “ගී්රස්” යක්ෂයන් නැගෙනහිර සැරිසරන බවට ද සාවද්‍ය ප්‍රචාර දියත් විය. ඇතැම් විද්‍යුත් නාලිකා ගම්වාසීන් යෑයි හඳුන්වා ගන්නා පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් ඔවුහු ගී්රස් යකුන් දුටු බව පවසන්නේ යෑයි ද කියා සිටියහ.
මෙයට වසර ගණනකට පෙර මොනරාගල ප්‍රදේශයේ හොර ජාවාරම්කරුවෝ කොටි ගැන හඬ නැඟූහ. මේ ජාවාරම්කරුවන් මැණික් පතල් ගැරීම්, දැව කැපීම්, ගංජා ජාවාරමට සම්බන්ධ වූවන් යෑයි පසුව හෙළි විය.
මේ අන්දමේ පසුබිමක් මත පොලිසියට හා හමුදාවට පහරදීමට ක්‍රියා කරන පාර්ශ්ව මෙහෙය වන රාජ්‍ය විරෝධී කණ්ඩායම් ද සිටින බව සනාථ වේ.
නැගෙනහිර දී ජිහාද් කණ්ඩායම් ද රහසිගතව ක්‍රියාත්මක වේ. මේ පිරිස් අවස්ථාව එනතුරු බලා සිටී. කෙසේ වෙතත් නැගෙනහිර තත්ත්වය පාලනය කරලීමට හමුදාවට හැකි විය. එහෙත් ද්‍රවිඩ සන්ධානයේ ක්‍රියාදාමය ගැන ද රජය විමර්ශනය කළ යුතුය. නවිකන්වේලි ප්‍රාදේශීය සභාපති කේ. තෙලයියෙන් සහ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී වී. ආරියෙ න්න්ද්රන් පසුගියදා සමරු රැස්වීමක් පවත්වනු ලැබීය. ඒ 1990 අගෝස්තු 12 වැනිදා මුස්ලිම් ග්රාමාරක්ෂක භටයන් විසින් ද්‍රවිඩ සිවිල් වැසියන්ට වෙඩි තබා ඝාතනය කළ බව කියන සිද්ධිය සැමරීමයි. මේ සැමරුම සිදු කර ඇත්තේ කොටි 1990 අගෝස්තු 3 වැනිදා සිදු කළ කාතන්කුඩි ඝාතනය සැමරීම සඳහා පැවැත්වූ සමරුවට එකට එක කිරීමක් ලෙසින් යෑයි කියති.
මේ නිසා එදිරිවාදිකම් දියත් කිරීමේ සංස්කෘතිය නැගෙනහිරදී තවදුරටත් ක්‍රියාත්මක වන බව පැහැදිලිය. මේ ක්‍රියාදාමයන්ට කොටි වෙබ් අඩවි විසින් තව තවත් පෙට්‍රල් දමමින් ගින්න පැතිරවීමට උත්සාහ කරන බව සනාථ වී තිබේ.
පොතුවිල්, තිරුක්කෝවිල්, කාත්තන්තුඩි ප්‍රදේශවල ඇතිවූ කලහකාරී තත්ත්වය යනු පොලිසියට හා ආරක්ෂක අංශවලට අභියෝගයකි. මේ මැර කණ්ඩායම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ පොලිසිය හා ආරක්ෂක බලධාරීන් මාරු කර යවන ලෙස දේශපාලකයන් විසින් මෙතෙක් ඉල්ලා නැත.
මෙහිදී රජය ද දැඩි අවධානයට ලක් කළ යුතු කරුණක් නම් අන්තවාදී දේශපාලකයන් පසුබිමේ සිට රඟදක්වන රංගනයයි.
මේ රංගනය සඳහා කොටි රූකඩය වූ බී.බී.සී. සංදේශය දැඩිව ක්‍රියාත්මක වන බව පැහැදිලිය. නැගෙනහිර යළි ගිනි ඇවිලෙන්නේ කවදාදැයි පුන පුනා බලා සිටින්නේ බී.බී.සී. සේවයයි.
ලන්ඩන් සිට ලීවර්පුල් දක්වා වූ කලහකාරි තත්ත්වය පාලනය කරගැනීමට බ්‍රිතාන්‍ය පොලිසියට පස් දිනක් ගත වූවාක් මෙන් මෙරටත් එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩදිය නොහැකිය.
නැගෙනහිර ගම්වාසීහු මෙරට නීතිවලට පිටින් ජීවත්වන්නන් නොවේ. ඔවුන්ට නීතිය සියතට ගැනීමට කිසිසේත් ඉඩ නොදිය යුතුය. එසේ ඉඩහරිනු ලැබුවොත් එය අලුත් ත්‍රස්තවාදයකට මඟ පෑදීමකි. නැගෙනහිර ජනතාව වෙනුවෙන් හඬ නඟන මුස්ලිම් කොන්ග්රසය ද ඒ බව තේරුම්ගත යුතුව තිබේ. ඇතැම් අන්තවාදීන් පොලිසියට හා හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට ක්‍රියාකර ඇත්තේ දේශපාලනික බලපෑම් මත බව රහසක් නොවේ.
අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් නමැති ත්‍රස්තවාදියාගේ රුව සහිත ටී ෂර්ට් පළඳිමින් කටයුතු කළේ එවැනි පිරිස් බව රහසක් නොවේ.
විදේශ අරමුදල් මත ක්‍රියා කරන විවිධ පාර්ශ්වයන් නැගෙනහිර සිටී. එසේම ඇතැම් පාර්ශ්වයන් ඇµaගනිස්තානයේ තාලිබාන් ත්රස්තයන් මෙන් “ෂහරියා” නීතිය නැගෙනහිර ද ක්‍රියාත්මක කිරීමට මාන බලති.
එවැනි සිද්ධියක් පසුගියදා වාර්තා විය. නැගෙනහිර යනු ඇµaගනිස්තානය නොවේ. ඒ බව මුස්ලිම් දේශපාලනඥයන් අවධාරණය කළ යුතුය. මෙහිදී අන්තවාදයට හා මූලධර්මවාදයට එරෙහිව ක්‍රියා කිරීම රජයේ යුතුකමයි. එහිදී “නීතිය” අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතුය.
මේ අතර ග්‍රීස් යකුන් නැමැති සාවද්‍ය ප්‍රචාරයක් කින්නිය දක්වා ව්‍යාප්ත විය. කින්නියා නාවික කඳවුරට පැමිණියේ ග්‍රීස් යකුන් නොව නාවික අණ දෙන නිලධාරියාගේ වාහනයයි. මේ වාහනයේ සිටියේ රියෑදුරා සහ තවත් නිලධාරියෙකි. එහෙත් ජාවාරම්කාර යකුන් විසින් මෙහෙයෙ වූ පිරිස ඊට පහර දුන්හ. කැති මුගුරු අමෝරාගත් මේ පිරිස් නාවික කඳවුරේ ජල ටැංකියකට ගිනි තැබූහ. මත් ද්‍රව්‍ය ජාවාරම, ඩයිනමයිට් දමා මසුන් මැරීම ඇතුළු ජාවාරම් රැසක් මෙහෙය වන කින්නියේ ජාවාරම්කරුවන් කණ්ඩායම මේ පහරදීම මෙහෙයවා තිබේ. මොවුන් අවශ්‍ය වී ඇත්තේ එම නාවික හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමයි. එහෙත් ආරක්ෂක ලේකම්වරයා ඊට ඉඩ දුන්නේ නැත. මෙම පසුබිම මත රජය අවධාරණයට ලක්කල යුත්තේ ජාවාරම්කරුවන් විසින් මෙහෙයවන පිරිසකට රජයේ නිලධාරීන් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවා ගැනීමට ඉඩකඩ ලැබීමයි. මෙය එපමණ යහපත් ප්‍රවණතාවයක් නොවේ. ඉතාමත්ම කඩිනමින් මේ ජාවාරම්කරුවන් මර්දනය කිරීමේ අවශ්‍යතාවය පැනනැගී ඇත.
කින්නියා ප්‍රහාරය පිටුපස මූලධර්මවාදී සංවිධානයක්
ත්‍රිකුණාමල කින්නියා නාවික හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීම පසුපස මූලධර්මවාදී සංවිධානයක් සිටින බව බුද්ධි අංශ විසින් සොයාගෙන ඇත. මේ සංවිධානයේ ක්‍රියාකාරීන් විසින් විනාඩි 30 ක් වැනි කාලසීමාවකදී දහසකට අධික පිරිසක් කැඳවා නාවික කඳවුරට ප්‍රහාර එල්ල කර තිබේ. මේ අන්තවාදී සංවිධානයේ ශාඛා කාතන්කුඩි, තිරුක්කෝවිල්, කල්මුණේ, පොතුවිල් සහ අක්කරපත්තුව යන නගරවල ඇතැයි තවදුරටත් හෙළිවී ඇත.
කින්නියාවේ නොසන්සුන් බව පාලනයට හමුදා බළඇණි 2 ක්
නාවික කඳවුර ඉවත් කරන්න බෑ – ආරක්ෂක අමාත්‍යාංශය
ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදා බළඇණි දෙකක් යොදවා ප්‍රදේශය පුරා යුද හමුදා කඳවුරු ගණනාවක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.
පවතින තත්ත්වය හමුවේ කින්නියා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එම ප්‍රදේශය මුළුමනින්ම ආවරණය වන පරිදි මෙම හමුදා කඳවුරු ස්ථාපිත කළ බව නැගෙනහිර ආඥපති මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා “දිවයින” ට පැවැසීය.
කින්නියා ජනතාව කුපිත කරවමින් අනිසි බියක් මවා ප්‍රදේශයේ කලහකාරී තත්ත්වයක් නිර්මාණය කිරීම පිටුපස සිටින්නේ එම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණ නීති විරෝධී ජාවාරම් මෙහෙයවන්නන් බවට මේ වන විට පැහැදිලි තොරතුරු ලැබී ඇතැයි ද මේජර් ජෙනරාල්වරයා සඳහන් කළේය.
මේ අතර කින්නියා නාවික හමුදා කඳවුර කිසිසේත් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නේ නැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙම නාවික කඳවුරේ ආරක්ෂක කටයුතු අමතර නාවික භටයන් යොදවා තර කළ බව හමුදා ප්‍රකාශක කේසල වර්ණකුලසූරිය මහතා කියා සිටියේය.
මේ අතර නාවික කඳවුරට ඇතුළු වූයේ නාවික අණදෙන නිලධාරියාගේ රථය බවත් එහි සිටියේ රියෑදුරු හා නාවික නිලධාරියකු බවත් හෙතෙම පැවැසීය.
මේ නාවික හමුදා රියට කැති මුගුරු ගත් කළහකාරීන් විසින් පහරදීමෙන් අලාභහානි සිදුවී ඇත.
මෙහි වැසියන් නාවික කඳවුරේ තිබූ ජල ටැංකිවලට ද ගිනි තබා විනාශ කර තිබේ.
මේ අතර නාවික හමුදා කඳවුරට පහර දුන් පිරිස පොලිසිය විසින් මුදාහැර ඇත.




