චැනල් 4 නාලිකාවේ කොටි පෝෂණ වැඩපිළිවෙලට එරෙහි ව සත්‍යය හෙළිදරව් කිරීමේ අරමුණින් පසුගිය 18 වන දින (2011. 08. 18) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී www.outofwar.com වෙබ් අඩවිය විවෘත කිරීම හා ඒ පිළිබඳ ව ලියැවුණ The LTTE, Unpardonable, හා Out of the Cage යන ප්‍රකාශන තුන එළි දැක්වීම ද සිදු විය. මෙම අවස්ථාව කිසිදු ආගම් භේදයකින් හෝ පක්ෂ භේදයකින් හෝ තොරව සියලූ ලක් වැසියන් ම එකතු විය යුතු අවස්ථාවකි. මෙම අවස්ථාවට එකී විශ්වාසය පරිදි භික්ෂූන් වහන්සේලාට සහ අනෙකුත් ආගමික පූජකවරුනට ආරාධනා කර තිබුණ ද භික්ෂූන් වහන්සේලා මිස වෙනත් කිසිදු පූජකවරයෙකු පැමිණ සිටියේ නැත. නිවේදක මහතා ද කලින් පුරුදු වී සිටියාක් මෙන් සියලූ ආගමික නායකයන් ගෙන් අවසර ගෙන සර්ව ආගමික වතාවත් කිරීමට ද සූදානම් වූ නමුත් එය විහි`ඵවක් ම විය. මෙම අවස්ථාවට ප්රමුඛ රෝමානු කතෝලික පූජකවරුන් කීප දෙනෙකුට ම ආරාධනා පත් යවා තිබූ නමුත් ඒ කිසිවෙකු නො පැමිණීම ගැන ඇතැමෙකුට විමතියක් ගෙන දුන්න ද අපට එතරම් අරුමයක් නො වීය. මහාචාර්ය නලින් ද සිල්වා නිතර ම පවසන පරිදි කතෝලික පල්ලිය යනු එදා සිට ම කොටි හිතවාදී මෙන් ම කොටි පෝෂණ පාර්ශවය නියෝජනය කරන බව අපි හොඳින් ම දැන සිටීමු. එබැවින් මෑත ඉතිහාසයේ සිදුවීම් කීපයක් ම මෙම සිදු වීම සමග අපගේ මතකයට පැමිණියේ ය.
පල්ලියේ කොටි හිතවාදී ප්‍රතිපත්තිය එළියට පැමිණි ප්‍රබල අවස්ථාවකි ෆෙඩරල් පාලනය පිළිබඳ පල්ලියේ ස්ථාවරය ප්‍රකාශ කළ අවස්ථාව. සමස්ත ලංකාවේ ම ජනතාව ඒකීය රාජ්‍යයක් බිහි කළ යුතු බව කියා සිටිය දී පල්ලිය විසින් ෆෙඩරල් ක්‍රමයක් ගෙන ආ යුතු බව තරයේ ම කියා සිටියේ ය. එය සිය අනුගාමිකයන් ලවා ඉටු කර ගැනීමට ද ඉමහත් වෙහෙසක් දැරීය. එම කාලයේ දී පල්ලියේ දේශන නිල නොලත් දේශපාලන කථා ම විය. කොච්චිකඬේ පල්ලියේ දෙමළ දේව මෙහෙයේ දී එක් අදහසකුත් සිංහල දේවමෙහෙයේ දී තව අදහසකුක් කියා සිටියේ ය. මහින්ද රාජපක්ෂට ඡුන්දය නො දී සිටීමට සියලූ මීසම් දැනුවත් කර තිබිණි. මෙම ම්ලේච්ඡු ව්‍යාපාරයට ඔවුන් ගේ ‘කිතුදන පුබුදුව’ සහය නො දුන් බව ද කිය යුතු ය. කෙසේ වෙතත් ෆෙඩරල් පාලනය යනු කොටි බෙදුම් වාදයට ම`ග කියන දේශපාලන විසඳුමක් බව දැන් අපට ප්රත්යක්ෂ වී ඇත.
මානුෂික මෙහෙයුම පැවති සමයේ දී පල්ලියේ ක්‍රියා කලාපය ද අපට සිහිපත් විය. එහි දී ප්‍රධාන චරිතයක් වූයේ රායප්පු ජෝෂප් පියතුමා ය. අවස්ථා ගණනාවක දී ම හමුදා සෙබ`ඵ අතින් පරාජය වී පලා යන කොටි මැරයන් ව තම පල්ලිය ඇතුළේ රඳවා ගෙන ආරක්ෂාව සපයා දුන් ඔහු හමුදා ව ලවා පල්ලියට ප්‍රහාරයක් ඇති කර ගැනීමටත් එය ජාත්‍යන්තරයට කියා පෑමටත් මහත් වෙහෙසක් ගත්තේ ය. අපේ හමුදාවේ ශික්ෂණය නිසා එම ප්රයත්නය ව්‍යයර්ථ විය. පසුගිය මැතිවරණයේ දී රායප්පු ගේ කොටි හ`ඩ එළියට පැන්නේ ය. අඳෝමැයි… ඒ කොටියා ව අද මහින්ද රාජපක්ෂ මහතාට හොඳ ය.
තව ද, මානුෂික මෙහෙයුම පැවැති කල ලංකාවේ සියලූ ජනමාධ්‍යය අපේ හමුදාවේ චිත්ත ධෛර්යය වැඩෙන සේ කටයුතු කළේ ය. පල්ලියේ ආගමික අරමුණින් ක්‍රියාත්මක වන සේ පෙන් වූ ‘ඥානාර්ථ ප්‍රදීපය’ නම් පත්‍රයෙන් හමුදාවට ආරෝපණය කරන ලද අපරාද ප්‍රචාරය කිරීමට පල්ලිය ක්‍රියා කළේ ය. අපේ හමුදා ප්රහාරයන් නිසා සිවිල් වැසියන් මැරෙන බව පුන පුනා කීමට මෙම පත්‍රය ඔවුහු උපයෝගී කර ගත් හ. අද චැනල් 4 සිදු කරන්නේ එහි ම දත්ත අනුව දැයි කවුරුත් සොයා නො බලන්නේ මන්ද?
මානුෂීය මෙහෙයුම නිමා වූ විට සියලූ ආගමික නායකයන් මහින්ද රාජපක්ෂ මහතාට හා හමුදාවට සුබ පැතුව නමුත් වර්තමාන කාර්දිනල් තුමා ඇතුඵ සියලූ කතෝලික නායකයන් හමුදාවට පමණක් සුබ පැතීමට කටයුතු කිරීම කැපී පෙනුණි. තවද, උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිංහල ජනතාව පදිංචි කරන්න එපා යැයි කාර්දිනල් තුමා කළ ප්‍රකාශය ද මෙහි දී මතක් කර ගැනීම ඉතා වැදගත් ය. උතුරු – නැගෙනහිර පළාත් නැවත දෙමළ ජනතාවට ම ලබා දී බෙදුම් වාදය නැවත ස්ථාපිත කිරීම ඔහු ගේ යටි අරමුණ බව මෙම ප්‍රකාශය තුළින් අපට ගම්‍යය නො වේ ද?
සැබවින් ම ප්රභාකරන් යනු කතෝලිකයෙකි. දමිළ ජනතාව අතර කුල භේදය ඉතා බලවත් ව තිබුණි. යාපනය දමිළ ජනතාව අතර මෙය ඉතා අධික විය. අඩු කුලේ දමිළයෙකුට තිබහට වතුර ටිකක් හෝ දුන්නා නම් ඒ සිංහල ගෙයකින් පමණි. දමිළ ජනතාව අතර කතෝලික ආගම පැතුරූ මිෂනාරීවරුන් දඩමීමා කර ගත්තේ මෙම කුල වාදය ය. කුල වාදයෙන් ගැලවීමට හොඳම මග කතෝලික ආගමට පැමිණීම බව ඔවුන් ඒත්තු ගැන්වූ විට අඩුකුලේ දමිළ ජනතාව කතෝලික ආගමට පැමිණියේ ය. ප්රභාකරන් ගේ තාත්තා එවැන්නෙකි. එබැවින් ප්රභාකරන් ද කතෝලිකයෙකි. හින්දුවෙක් කිසිදිනක තම පුතාට ‘චාල්ස් ඇන්තනි’ වගේ නමක් යොදයි ද?
ප්රභාකරන් ඉගෙන ගත්තේ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයයේ බව කවුරුත් දන්නා කරුණකි. ජනප්‍රිය කතෝලික පාසල් තවමත් දේශද්‍රෝහීන් බිහි කිරීමේ ව්‍යාපාරය අත හැර නැත. ඉතා ආසන්නයෙන් අපට වාර්තා වූ සිදු වීමක් පමණක් මෙහි දී සටහන් කිරීමට කැමැත්තෙමු. කොටහේන ශාන්ත පීතර විද්‍යාලයේ දී ගිය වසරේ 10 වන වසර සිසුනට පාඩමක් කිරීමට පැමිණි කතෝලික පියකෙනෙක් ළමයිනට උගන්වා ඇත්තේ සිංහලයන් ම්ලේච්ඡු ජාතියක් ව සිටි බවත් ඉංග්‍රීසීන් පැමිණීම නිසා ශිෂ්ට වූ බවත් ය. එම පාඩමට සවන් දුන් එක් දරුවෙක් අපගෙන් එම කථාව ගැන විමසූ බැවින් අපට ඔහු නිවැරදි කිරීමට හැකි විය. නමුත් රටපුරා සිදුවන මෙම ව්‍යාපාරය අපි කෙසේ නවත්වමු ද? බි්රජට් කන්‍යාරාමයෙන් බිහි වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක වැනි චරිත දේශපාලනයට ඒම අපි කෙසේ නවතමු ද?
මෙවැනි පසුබිමක් ඇති කතෝලික පල්ලිය තමාට අතිශයින් ආධාර කරන තම බෙදුම් වාදී න්‍යායට අනුග්‍රහය දක්වන යුරෝපීය ප්‍රජාවට හෝ ඇමරිකාවට හෝ එරෙහි ව තම අදහස් ප්‍රකාශ කරයි ද? චැනල් 4 සැබැවින් ම සිදු කළේ ඔවුනට අවශ්‍යය දේ ම ය. එය පෝෂණය කර ඉදිරියටත් ගෙන යාමට ඔවුනට යමක් කළ හැකි නම් ඒ සියල්ල සිදු කිරීමට ඔවුන් පසු බට වන්නේ නැත.
මෙම කුඩා සටහන අවසන් කිරීමට පෙර තවත් කිව යුතු දෙයක් ඇත. මෙම ලිපිය කියවන කතෝලික අනුගාමිකයෙකුට චිත්ත පීඩාවක් වේ නම් අපට සමා වුව මැන. පසුගිය අර්බුදකාරී වාතාවරණය තුළ සිය දිවි නොතකා රට වෙනුවෙන් කැප වූ කතෝලික බැතිමතුන් ගැන අප හොඳින් අසා ඇත. අප ඉහත කී සියලූ චෝදනා ගොනු කරන්නේ කතෝලික පල්ලියට මිස කතෝලික බැතිමතුනට නො වන බව කරුණාවෙන් සලකන්න. පල්ලියේ කොටි හිතවාදී පිළිවෙත ප්රතික්ෂෙප කිරීමට කිසිවෙකුට නො හැකි ය. ඉදින් අප කරන මෙම චෝදනා අසත්‍යය වේ නම් එය චවනයෙන් නො ව ක්‍රියාවෙන් සනාථ කර පෙන්වන්න යැ යි අපි පල්ලියට අභියෝග කර සිටිමු. හැකි නම් චැනල් 4 ක්‍රියාවට විරුද්ධ වන්න. හැකි නම්, මානව හිමිකම්වලට මුවා වී යුරෝපීය ප්‍රජාව ලංකාවට එල්ල කරන චෝදනාවලට ප්‍රතිචාර දක්වන්න. හැකි නම්, කොටි සංවිධානය ජාත්‍යන්තරය තුළ ලංකාවට එරෙහි ව සිදු කරන අසත්‍යය ප්‍රචාර ලංකාවේ භෞමික අඛණ්ඩතාවට බාධාවක් බව පෙන්වා දෙමින් ඒ පිළිබඳව හ`ඩක් න`ගන්න. පල්ලියට එල්ල කරන මෙම අභියෝග භාර ගන්නේ නම් අප ගේ චෝදනා පදනම් විරහිත බව පිළිගත හැක.
බර්ට්‍රම් ජී. ලියනගේ
හීනමානය, ආගම සහ දේශපාලන
මේ ලිපිය දුටු ඇතැම්හු සාතන් සේ මාරාවේශ වී බුදුන්ටත් බුදුදහමටත් පලුයන්න බැන්නේ කිසිදු විචාරයකින් තොරවය. එකල ඉන් හැඟුම්බර වූ බෞද්ධයෝද පෙරලා එසේ කළෝය. ආගම් සහ ආගමික ශාස්තෘවරුන්ට ගැරහීම ශිෂ්ට නැත. ඒ ගැන මගේ කිසිදු ප්‍රසාදයක් ද නැත. කෙසේ වුවද ආගම සහ දේශපාලන පටලවාගත යුතු නොවේ. පල්ලිය දේශපාලනය විවේචනය කර ලියූ ලිපියට ප්‍රතිචාර පළ කළ යුත්තේ එහි දේශපාලනය පදනම් කරගෙනය. එහි බොහෝ දෙනා නොකළේද එයමය.
එහි තමා ‘සත්‍ය’ යැයි හණ ගසා ගත්තෙක්ගේ ප්‍රතිචාරය කියවූ මට සන්ෆලවර්ලාගේ ‘පිං මාළු වලේ කුසල්හාමි මාලු බානවා’ කියන බයිලය සිහිවූයේ නිතැතිණි. මන්ද එහි සියල්ලෝම කරන්නේ තමන්ගේ නමට නොගැළපෙන දේය. මේ පුද්ගලයාද එසේමය. ඇත්ත කියලා හිතාගෙන බොරු කියයි. නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නවා කියන්නේ මෙවැනි වැඩවලටය.
ඔහුගේ ප්‍රතිචාරය මෙසේ සංක්ෂිප්ත කළ හැකිය. ඉන්දියාවේ බෞද්ධයින් නැත. ලංකාවේ දෙමළ බෞද්ධ මහ නායක හිමිවරු නැත. හාමුදුරුවරු දුශ්හීලය. සිංහලයා කිසි දෙයක් කළ නොහැකි සුද්දා මත යැපෙන ජාතියකි. සිංහලයින් මල්ටි බැරල් ඒසී මැෂින් හදා නැත. ඔහු අන්තර්ජාලයක් නැත. මේ සියලු කාරණාවලින් පැහැදිලි වන්නේ වර්තමාන වන විට ජාතිය කෙතරම් හීනමානයකින් පෙළෙන්නේද යන්නය. අනෙක් අතට මෙරට පුස්සන් බිහි කරන අධ්‍යාපන ක්‍රමය ජාතියට හෙන ගෙඩියක් වී ඇති බවය.
ඉන්දියාවේ බුද්ධාගම නොමැති බව ඔහුට කීවේ කවුදැයි පැහැදිලි නැත. එයද දෙයියන්නාන්සේ කීවා විය හැකිය. උන්වහන්සේ කිව්වා නම් ඒ ඇත්තකි. මන්ද ඔහු මැවූ පෘථිවිය වටේ ඉර අදද කැරකෙන හෙයිනි. බෲනෝලා, ගැලීලියෝලා බොරු කී බව පසක් වී හෙයිනි. ඉන්දියාවේ බෞද්ධයෝ සිටිති. යුරෝපයේ, ඇමරිකාවේද බෞද්ධයෝ සිටිති. එහෙත් ඒ ඉතා සුළු පිරිසකි. එයට හේතු ගණනාවකි. එය දර්ශනයක් මිස ආගමක් නොවන අතර අවබෝධකර ගැනීම එතරම් පහසු නැත. ප්‍රාථමික මිනිසාගේ නොදැනුම, බය, පදනම් කරගත් මැවුම්වාදය, විශ්වාසය, භක්තිය වැනි දෑවලට එහි ඉඩක් නැත. එම දර්ශනය ඇසුරින් පසුව ආගමක් බිහිවුවද එය ඉතා අවිහිංසාවාදී ආගමකි. එය මිනිසා මත බලෙන් පටවන ආගමක් නොවේ. මිනිස් ජීවිත, රුධිර ගංගා මතින් ව්‍යාප්ත නොකළ එකම ආගම බුදුදහමයි.
තුවක්කු බයිබල් දෑතට ගෙන බටහිර ආක්රමණිකයින් කළා දෑ බෞද්ධයෝ කිසි දිනක කළේ නැත. ලංකාවේ දෙමළ ජනතාව බෞද්ධ කිරීමට කිසිවෙක් උත්සාහ නොගනී. බෞද්ධයෝ සිය ආගම බත් පැකට්, සිල්ලර බඩු මලු සමග දෙන්නේ නැත. සුපර්මාර්කට්වල සමහර බඩු සමග තව එකක් නොමිලේ දෙයි. ඇතැම් ආගම් ව්‍යාප්ත කරනට මේ ක්‍රමවේද භාවිත කළද බුදුදහම ව්‍යාප්ත කිරීමට බෞද්ධයෝ එසේ නොකරති.
මෙරට වැසියාට බුදුදහම දෙසීමට පෙර මිහිඳු මහරහතන් වහන්සේ තිස්ස රජු බුද්ධි පරික්ෂණයකට ලක්කළ සේක. ධර්මය දේශනා කළේ ඉන් සමත් වූ පසුය. දහම් අසා පැහැදී බුදුදහම වැළඳ ගන්න අවසර ඉල්ලූ උපාලි ගෘහපතියාට බුදු රජුන් මෙන්න මෙහෙම අවවාද කළා.
“කලබල වෙන්න එපා හොඳට කල්පනා කරලා බලන්න. හෙමිහිට හිතලා බලන්න. පස්සේ තීරණයක් ගන්න. නමුත් ඔබ දිනපතා නිඝන්ඨනාථපුත්ත වෙනුවෙන් ඔබේ නිවසේ ලබාදුන් දානය නතර කරන්න එපා” ඒ බුදුමග. ඒ මග තමා ධර්මාශෝක රජු ගියේ. බෞද්ධයෝ යන්නේද ඒ මගමය. එහෙත් පෙරකී ෆැසිට්වාදී ක්‍රමය බෞද්ධයින් අනුගමනය කළේ නම් මේ රටේ දෙමළ බෞද්ධයෝ මිසක් හින්දුවරු නැති වනු ඇත. කතෝලිකයින්ද නැතිවනු ඇත. දෙමළ හෝ වෙනත් අය බෞද්ධ වුණා නම් ඒ බුදුදහම හැදෑරිමෙන් පසුවය. ඒ ඉතා සුළුතරයකි. වීරසෝළියම් නම් වියරණය කළේ දෙමළ ප්‍රාදේශීය රජෙකි. පාළි බසින් බෞද්ධ පොත් ගණනාවක් ලියූ බුද්ධමිත්‍ර හිමි දෙමළ ජාතිකයෙකි. ත්‍රිපිටකයට අටුවු ලියූ මහා විහාරවාසී බදරතිත්ථ ධර්මපාල හිමි, කලක් අභයගිරියේ විසූ වජ්රබෝධි, අමෝඝවජ්ර හිමිවරුද දෙමළ ජාතිකයෝය. ආනන්ද වනරතන හිමි වෙතින් ත්‍රිපිටකය උගෙන පසුව බෞද්ධ කෘති ලියූ චෝළි දීපංකර හිමි ද දෙමළය. මෙසේ අද ද දෙමළ බෞද්ධයෝ සිටිති. ඒ ඉතා සුළුතරයකි. ඒ අයට වඩා කතෝලික දෙමළ අය වැඩිය. ඒ මන්දැයි නැවත පැහැදිලි කළ යුතු නැතැයි සිතමි.
මේ රටේ ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් ඇදහිය හැකිය. අපි දෙමළ අයට පන්සල ළඟම කෝවිලක් තනා දී තිබේ. බෞද්ධයෝද එහි යති, එති. දෙපිරිසම එකට ගොස් කතරගම වන්දනා කරති. ලන්දේසි ඇවිත් පෘතුගීසි පල්ලි විනාශ කරන විට බෞද්ධයෝ තමන්ගේ පන්සල් ළඟින් කතෝලික අයට පල්ලි හදාගැනීමට අවසර දුන්හ. අනුරාධපුර යුගයේ මේ රටට වෙළඳාම පිණිස ආ කතෝලික වෙළඳුන්ට වන්දනාමාන කරගැනීමට ස්ථාන දුන්හ. මේ රටේ 1505ට පෙර කතෝලිකයින් උන්නා යැයි ඉතිහාසය විකෘති කිරීමට දතකන අය අද ඒවා තම පටු අරමුණු වෙනුවෙන් භාවිත කරති.
මේ රටට කෝපි වැවීමට, දුම්කොල වැවීමට බටහිර ආක්රමණිකයෝ දෙමළ කම්කරුවෝ ගෙන ඒමට කලින් මේ රටට පැමිණි අය පරම්පරා දෙකකින් සිංහල බෞද්ධ වුහ. ඒ නිසා ඒ අයගෙන් පැවත එන අයත් සිංහල මහානායක හාමුදුරුවරු ලෙස මිස දෙමළ යැයි නොහඳුන්වයි. අප ජාතියට විවිධ ජාතීන් පැමිණ සම්මිශ්‍රවීම නතර කළේ අධිරාජ්‍යවාදීන්ය. අප අතර බේද ඇති කළේ ද ඔවුන්ය.
අපේ සංඝ සමාජයේ වැරදි කරන අය සිටිති. එදත් දෙව්දත් සුභද්‍ර වගේ අය සිටියහ. අදත් සිටිති. සමහරු ඇත්තටම චීවරධාරියෝය. මේ අය භික්ෂූහු නොවෙති.එවැන්නෝ හැම ආගමකම සිටිති. ඇතැම් ආගම්වල පූජකයින්ට තරම් බාලාපචාර දූෂණ චෝදනා, රටවල් දඩයමේ යන ඇමරිකන් යුරෝපා කුලී හමුදාවටවත් එල්ල වී නැත.
වළගම්බා රජ්ජුරුවෝ මල්ටි බැරල් හංගලා නොතිබුණාට ජාතිකත්වය, රටේ ඒකීයත්වය වෙනුවෙන් සටන් කරන්න අවශ්‍ය ශක්තිය හංගා තිබුණි. ඒ මේ රටේ ජාතිමාමකයින්ගේ සිත්වල. එය මල්ටි බැරල්වලට වඩා ප්රබලය. මල්ටි බැරල් හැදු අය ලොව යුද්ධයක් දිනා ඇත්තේ කොහිද? ඔවුන් ගිය හැමතැනම අසාර්ථක වී තිබේ. සෑම රටක්ම විනාශ කළා විනා, ඒ රටවල සම්පත් කොල්ල කෑවා මිසක් ලද දිනුමක් ඇද්ද? එහෙත් අපට ලොවම දිනන්න බෑ කියූ ත්‍රස්තවාදය පරාජය කළ හැකි විය. එහෙයින් දැන් මල්ටිබැරල්කාරයින්ට තම තියරි අලුතින් ලියන්නට සිදු වී තිබේ.
සීගිරිය පමණක් නොව අපේ පැරණි මාළිගා බොහොමයක් වායුසමනය කරලා තිබුණි. එහෙත් ඒ සියලු වාකුහර හිරු එළියට යවට මෙන් රත්වන වීදුරුවලින් වසා සිය දහස් ගණන් මුදල් වියදම් කර විදුලි මැෂින්වලින් නොව, රටේ දේශගුණයට සරිලන සේ වා කවුළු තැබීමෙනි. මැටියෙන් කළ ගඩොලින් පළල බිත්ති බැඳීමෙනි. වහළයට මැටි උළු භාවිතයෙනි. උස් වහළවල් සැදීමෙනි. සිය උද්‍යානවල පරිසරය සිහිල් කරන ගස්වැල් වැවීමෙනි. සුළං හමන දිශානති අනුව ජල පොකුණු තැනීමෙනි. අපේ ඒ පරිසර හිතකාමී ක්‍රමවේදවලට පයින් ගසා නූතනත්වය යැයි අප බදාගත් දෑ දැන් ලෝකයට බරක් වී තිබේ.
පරිගණකය හෝ නව තාක්ෂණ දැනුම ප්‍රතික්ෂේප කිරීම බෞද්ධ සම්ප්රදාය නොවේ. එසේ විද්‍යාවට බුදුදහම බිය නොවන්නේ විද්‍යාවේ දියුණුව නිසා බුදුදහමට හොඳක් මිස නරකක් නොවන නිසාම නොවේ. අන්මතවලට ගරු කිරීමට එම දහම තුළ උගන්වන බැවිනි. චින්තකයින්, විද්‍යාඥයින් මරාදමා දැනුමට එරෙහි වූයේ බෞද්ධයින් නොවේ. එසේ ඇතැම් ආගම් නූතනත්වයට විද්‍යාවට එරෙහි නොවන්න පරිගණකය මීට වසර 500-600ට පෙර බිහිවන්නට හොඳටම ඉඩ තිබිණි.
අනෙක් අතට අප කිසිවක් නොකළ ජාතියකැයි ගැරහීම හෝ ප්‍රශ්න කිරීම යකඩ ගිනි ගත් ගේ පුළුං සෙවීමකි. මේ රටවල දැනුම විනාශ කළෝ, පොත්ගුල් ගිනි තැබුවෝ, පොතපත සිය රටවලට රැගෙන ගියෝ කවරහුද? සුද්දා සිය කාර්යාලවල පියන්වරු මෙරට බෝ කරනට ඇති කළ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන පුස්සන්ගෙන් එවන් නව දැනුමක් පැතීම වඳ ගැහැනියකගෙන් දරුවන් පැතීමක් නොවන්නේද?
සැබැවින්ම මේ රටට ආදරය කරන මිනිසුන් කළ යුත්තේ අප යා යුතු මග සොයා පාදා ගැනීම මිස පිර රට දේ සුර සැප දේ යැයි සීතාම්බර සළු හැඳ හඬලෑම නොවේ. ආක්රමණිකයා ජාතියට මග වැරැද්දු තැන සොයාගෙන නිවැරදිවීමට කාලයයි මේ.
http://kasapabbatha.blogspot.com/ - Namal Udalamaththa





it is customary for Buddhist fundamentalist to accuse Christianity and Church for everything under the sky. The guy who wrote this can very well be a fake judging by his name. Since 1956 some of the biggest slogans of nationalist movement are anti-Christian. While they themselves are to be blamed for travails of this country ,they find a convenient scapegoat in Christian Church very much like Indira Gandhi’s govt. blamed drought on CIA
Nothing more to say on this tribal,extremist piece of writing that belongs in the dustbin
Not every patriot is a fundamentalist Buddhist nationalist ,get that ?
study the sets theory if you have not already done so