Feeds:
Posts
Comments

Archive for September 13th, 2009

චැනල් ෆො යළිත් සාවද්‍ය වීඩියෝ පටයක්‌ විකාශනය කරයි

පිලිපීන රජය අබුසායෆ් හා මෝරෝ ත්‍රස්‌ත කණ්‌ඩායම් මර්දනය කිරීමට ශ්‍රී ලංකා  යුද හමුදාවේ සහාය පතයි

කොළඹ ප්‍රධාන සාම වෙළෙන්දා ඇමරිකානු  සංචාරයක නිරත වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය කෙලෙසීමේ ජර්මනියේ ඡේ.ඩී.එස්‌. කණ්‌ඩායමේ සුලමුල හෙළිවේ.

ගුවන් හමුදාවේ හර්කියුලිස්‌ යානාවට අමතර කොටසක්‌ හැදුවේ ජයවඩනගම යකඩ බාස්‌

කොටි බේරා ගැනීමට උත්සාහ කළ බ්‍රිතාන්‍ය කණ්‌ඩායම මෙවර කොටි ත්‍රස්‌තයන් පුනරුත්ථාපනය කිරීමට ඉදිරිපත්වේ

චැනල් ෆොa වීඩියෝ පටයේ එන මළ සිරුරක්‌  පාදය උස්‌සා යළි පහත දමයි

ඇමරිකානු කොටි ජාලය IMFO නමැති ව්‍යාජ සංවිධානයක්‌ පිහිටුවා අරමුදල් එකතු කරති

ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ඝාතක කණ්‌ඩායම බේරාගැනීම සඳහා උත්සාහ කළේ බ්‍රිතාන්‍ය, ප්‍රංශය හා ස්‌වීඩන් විදේශ ඇමැතිවරුන් වූ ඩේවිඩ් මිලිබෑන්ඩ්, බර්නාඩ් කුච්නර් හා කාල් බිල්ඩ්ය. මොවුන්ගේ පසුබිමේ සිටියේ කොටින්ගේ ප්‍රධානතම ආධාරකරු වූ නෝවීජියානු අමාත්‍ය එරික්‌ සෝල්හයිම්ය. මෙම ත්‍රස්‌තවාදී ආධාරකරුවන් පරාජය වී සමූල ඝාතනය වනු ඇතැයි කිසිවිටෙක අපේක්‍ෂා නොකළ පාර්ශ්වයක්‌ ද මෙරට විය. එ කොටි අරමුදල් මත පුවත්පතක්‌ පවත්වාගෙන ගිය කොටි හිතවාදියකු ප්‍රමුඛ මාධ්‍යවේදීන් යෑයි හඳුන්වාගත් මෙරටින් පැනගිය කණ්‌ඩායමය. පසුගියදා මේ ෙද්‍රහීන් පිරිස ජර්මනියේ බර්ලින් නගරයේදී ෙ-.ඩී.එස්‌. නමැති සංවිධානයක්‌ අටවාගෙන  ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ සිවිල් වැසියන් ඝාතනය කරන බවට විකාශනය කළ සාවද්‍ය වීඩියෝ පටය මුළුමනින්ම සකස්‌ කළ නිර්මාණයක්‌ යෑයි තාක්‍ෂණ ශිල්පීහු සනාථ කළහ.

මෙකී සාවද්‍ය චිත්‍රපටය බෙදාහැරීමේ කොන්ත්‍රාත්තුව ගත් ෙ-.ඩී.එස්‌. කණ්‌ඩායමේ අරමුණ වූයේ ආරක්‍ෂක ලේකම්, හමුදාපති හා වන්නි මෙහෙයුම දියත් කළ හමුදා ප්‍රධානීන් හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙනඑමයි. මෙම වීඩියෝ පටය රසායනාගාර පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී මියගිය අයකු තම පාදය උස්‌සා යළි පහත් කරන අයුරු ද සනාථ විය.

එමගින් ෙද්‍රහීන් කණ්‌ඩායමේ සැලසුම ව්‍යර්ථ විය. මෙම තත්ත්වය මැද චැනල් ෆොa රූපවාහිනිය පසුගිය 7 වැනිදා රාත්‍රියේ උතුරේ අවතැන්වූවන්ගේ කඳවුරුවල ජනතාව මඩේ වැතිරී සිටින බවත් ඔවුන්ට නැඟිටීමට පවා පණක්‌ නැති බවත් දක්‌වන තවත් වීඩියෝ පටයක්‌ විකාශනය කරනු ලැබීය. මෙවරත් චැනල් ෆොa සංවිධානය පැවසුවේ එකී වීඩියෝ පටය ද ජංගම දුරකථනයකින් වීඩියෝගත කළ දෙයක්‌ බවත් එය ලබාදුන්නේ වෝ විතවුට්‌ විට්‌නස්‌  කණ්‌ඩායම බවත්ය. එහෙත් මේ දෙවැනි වීඩියෝ පටය ද ජර්මනියේ ෙ-. ඩී. එස්‌. කණ්‌ඩායමේ ක්‍රමවේදයක්‌ යෑයි වාර්තා විය. මේ වීඩියෝ පටය චැනල් ෆොa රූපවාහිනිය විකාශනය කළේ යුනිසෙෆ් නියෝජිත ෙ-ම්ස්‌ එල්ඩර්ගේ ප්‍රකාශය තහවුරු කරනු සඳහා යෑයි සනාථ විය.

මෙම යුනිසෙෆ් නියෝජිතයා විදේශ මාධ්‍ය අමතමින් උතුරේ කඳවුරුවල ද්‍රවිඩ ජනතාව සාගින්නේ මියයන බවට අසත්‍ය ප්‍රචාර දියත් කර තිබිණි. මේ නිසාම මොහුව මෙරටින් පිටුවහල් කරන්නැයි නියෝග ලැබිණි.

ෙ-ම්ස්‌ එල්ඩර් තානාපති වරප්‍රසාද උල්ලංඝනය කරමින් තවදුරටත් ක්‍රියා කිරීම නිසා මෙරටින් පිටුවහල් කිරීමට ගත් තීරණය අවලංගු කිරීම පිණිස විවිධ පාර්ශ්වයන් විසින් දැඩි ලෙස උත්සාහ කර තිබේ. එල්ඩර්ව පිටුවහල් කිරීමට ගත් තීරණය ගැන තමා ජනාධිපති සමග සාකච්ඡා කරන බවට එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ද පවසා තිබිණි.

එ අතර යුනිසෙෆ් නියෝජිතවරියක්‌ වූ සාරා ක්‍රෝවේ පැවසුවේ එල්ඩර්ව පිටුවහල් කිරීමට මුල්වූ හේතූන් ගැන ශ්‍රී ලංකා රජයෙන් නිදහසට කරුණු විමසන බවයි.

මේ අතර කොටි ත්‍රස්‌තවාදීහු දේශීය එන්.ජී.ඕ.  සංවිධානවල හැඳුනුම්පත් භාවිත කරමින් තම බුද්ධි උපාය මාර්ගයන් දියත් කළේ කෙසේද යන්න තවදුරටත් තහවුරු කෙරෙන තොරතුරු ආරක්‍ෂක බලධාරීහු වෙත ලැබිණ.

මේ තොරතුරුවලට අනුව උතුරුමැද පළාතේ එන්.ජී.ඕ. සංවිධානයක ප්‍රධානියා ලෙස ක්‍රියා කළ නව මෝහන් හෙවත් සුභූ සහ ඔහුගේ සහායක වසන්තන් විසින් අවතැන්වූවන්ගේ කඳවුරුවල සිටි කොටින්ව කොළඹට ගෙනවිත් තිබේ. මේ කොටි ත්‍රස්‌තයන්ව සුභූගේ කැබ් රථයෙන් ප්‍රවාහනය කිරීම සඳහා එකී එන්.ජී.ඕ. සංවිධානයේ හැඳුනුම්පත් පවා ලබාදී ඇත.

මෙකී එන්.ජී.ඕ. ආයතනය ද්විත්ව චරිතයක්‌ රඟ දැක්‌වුවත් එවකට උතුරේ සිටි පොලිස්‌ බලධාරීහු එහි කටයුතු හා වාහනවලින් ප්‍රවාහනය කරන පිරිස්‌වල අනන්‍යතාව විමර්ශනයට ලක්‌ කර නැත.

මෙම එන්.ජී.ඕ. සංවිධානයට බත්තරමුල්ලේ “සමගිපුර” නිවසක්‌ ද තිබූ අතර එහි ස්‌ථානගතව සිටියේ පොට්‌ටුඅම්මාන්ගේ ටොසී බුද්ධි සේවාවට සම්බන්ධ රේවදන් නමැත්තායි.

කොටින්ට බුද්ධි තොරතුරු සැපයූ යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයකු අත්අඩංගුවට ගැනීමෙන් පසු පුපුරණ ද්‍රව්‍ය අඩංගු කබායක්‌ සමගිපුර ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී හමුවිය. එහෙත් සමගිපුර ප්‍රදේශවාසීන්ට මෙම නිවසේ ක්‍රියාත්මක වන අබිරහස්‌ ක්‍රියාදාමය වාර්තා වූයේ නැත.

බුද්ධි අංශ විසින් මෙකී නිවස වටලා එහි සිටි රේවදන්ගේ තවත් සහකරුවකු වන “දාසන්ව” අත්අඩංගුවට ගනු ලැබීය. එහෙත් එ වන විටත් රේවදන් හා සුභූද වසන්තන් ද මෙරටින් පැනගොස්‌ ඇතැයි අනාවරණය විය. එ සඳහා සහාය වී ඇත්තේ එන්.ජී.ඕ. ක්‍රියාකාරිකයකු යෑයි වාර්තා විය.

මේ එන්.ජී.ඕ. සංවිධානයේ අනුරාධපුර කාර්යාලයේ ප්‍රධානියා කොළඹට බෝම්බයක්‌ ප්‍රවාහනය කළ කොටි ත්‍රස්‌තවාදියාට නවාතැන් පවා සපයා ඇතැයි තවදුරටත් හෙළි විය. මෙලෙස කොටින්ට සහාය වූ එන්.ජී.ඕ. සංවිධානය හා එහි ප්‍රධානියාගේ ක්‍රියාකලාපය ගැන ආරක්‍ෂක ලේකම්වරයා වෙතද පැමිණිලි ලැබී ඇතැයි වාර්තා විය.

මැලේසියාවේදී අල්ලාගත් කොටි ආයුධ ජාලයේ ප්‍රධානී කේ. පී. විසින් කොටින්ට වසර ගණනාවක්‌ තිස්‌සේ සහාය වූ එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් හා ව්‍යාපාරික පාර්ශ්වයන් කවුරුන්දැයි අනාවරණය කර තිබිණි.

කේ.පී.ගේ හෙළිදරව්ව මේ එන්.ජී.ඕ. සංවිධානයේ රහස්‌ මෙහෙයුමින් සනාථ නොවන්නේද? මේ අතර කොටින්ව විනාශ කිරීම සඳහා ගුවන් හමුදාව ඉමහත් මෙහෙයක්‌ කළේ එම්. අයි. 24, එම්. අයි. 17 කෆීර් හා මිග් ප්‍රහාරක යානා නියමුවන්ය.

එහෙත් ගුවන් හමුදාවට කොටින්ව පරාජය කිරීම සඳහා සහායවීමට ඉඩ ලැබුණේ කෙසේද යන්න යුරෝපා කොටි ජාලය විසින් හෙළි කර ඇත. මේ එම හෙළිදරව්වයි. “කොටි සංවිධානය පරාජය වූයේ චීනය, රුසියාව, පකිස්‌තානය හා ඉරානය විසින් යුද අවි සැපයීම නිසා යෑයි ලොව පුරා සිටින ද්‍රවිඩයන් චෝදනා නඟති. මිග් එකකය අපව විනාශ කළා යෑයි දෝෂාරෝපණය කරන ද්‍රවිඩයන් ද සිටී. එහෙත් කොටි සංවිධානය මුහුණපෑ බරපතල ප්‍රශ්නය වූයේ ඊශ්‍රායලය විසින් ගුවන් හමුදාවට සැපයූ සර්වර් මාර්ක්‌-සස සහ බ්ලූහොරයිසන් නම්වූ නියමුවන් රහිත ගුවන් යානායි.

මෙලෙස කොටි ගුවන් හමුදාව ගැන පවසද්දී තවත් අරුම පුදුම සිද්ධියක්‌ අනාවරණය විය. එ ගුවන් හමුදාවේ සී. 130 චාලි හෙවත් හර්කියුලිස්‌ යානාවේ එන්ජිමක කොටසක්‌ මාලබේ යකඩ පට්‌ටලයක බාස්‌ කෙනකු ලවා සකස්‌ කර ගැනීමයි.

මේ බව හර්කියුලස්‌ යානා නිෂ්පාදනය කරන ලෝ පූජිත ලොක්‌හිඩ්  සමාගම පවා නොදනී. ලෝකයේ ගුවන්යානා කඩාවැටීම් පිළිබඳ නිරීක්‍ෂණය කළ ඇමරිකානු එෆ්.එ.එ. ආයතනය පවා වරක්‌ පැවසුවේ නියම අමතර කොටස්‌ වෙනුවට ව්‍යාජ කොටස්‌ යෙදීමෙන් අනතුරු සිදුවී ඇති බවයි.

මෙහිදී ගුවන් හමුදා බලධාරීහු එකී එන්ජිමේ කොටස්‌ පිළිබඳ ඇතිවන තත්ත්වයන් ගැන සියලු වගකීම ද “යකඩ බාස්‌” වෙත පවරනු ලැබීය. මේ සම්බන්ධයෙන් ගුවන් හමුදාව පවසා ඇත්තේ මේ අමතර කොටස්‌ සඳහා විශාල විදේශ විනිමය පිරිවැයක්‌ දැරීමට සිදුවීමත් කෙටි කලකදී එය ගෙන්වා ගැනීමට නොහැකිවීමත් නිසා මෙරට නිපදවීමේ හැකියාව සොයා බැලූ බවයි.

එසේනම් ශ්‍රී ලන්කන් ගුවන් සේවාවද එයාර් බස්‌ යානාවේ කොටස්‌ මෙරට “යකඩ බාස්‌”ලාට කියා සාදාගත යුතුද? මේ අමතර කොටස්‌ ගැන ප්‍රමිති සහතිකයක්‌ දුන්නේ කවුද? නියම ගුවන් යානා අමතර කොටස්‌ වෙනුවට “හොර” අමතර කොටස්‌ යොදවා හර්කියුලිස්‌ යානාව ගුවන්ගත කිරීමෙන් එහි යන ගුවන් හමුදා නිලධාරීන්ගේ හා සෙබළුන්ගේ ජීවිත ගැන වගකියන්නේ කෙසේද? මෙය ඉතාම බරපතල සිද්ධියකි. මෙලෙස හොර අමතර කොටසක්‌ හර්කියුලිස්‌ යානාවට සවි කිරීමේ සිද්ධිය යටගසා ඇතැයි වාර්තා වේ. මෙයට වසර කීපයකට පෙර සිටි ගුවන් හමුදාපතිවරයකු යටතේ ගුවන් යානා රැසක්‌ කඩා වැටීමේ සිදුවීම් අමතක නොකළ යුතුය.

මේ සතියේ ආරක්‍ෂක කරළිය දෙස විමර්ශනය කරද්දී කොටි ත්‍රස්‌තයන්ට සමාව දෙන ලෙසත් කොටින්ව හඹා යැම නිමාවට පත් කරන ලෙසත් ඇතැම් පාර්ශ්වයන් රජය වෙතින් ඉල්ලා ඇත. මේ වන විට අවතැන්වූවන්ගේ කඳවුරුවල සිට ත්‍රස්‌ත ක්‍රියා රැසකට සම්බන්ධ ත්‍රස්‌තයන් 200 කට අධික පිරිසක්‌ අසුවී තිබේ. මේ ඝාතකයන් මුදාහරින්න යෑයි ඉල්ලන්නේ ඇයි?

මෙකී ඉල්ලීමට සමගාමීව තවත් මෙහෙයුමක්‌ දියත් විය. එ ත්‍රස්‌තයන්ව පුනරුත්ථාපනය කිරීම සඳහා පුනරුත්ථාපන වැඩපිළිවෙළකට බ්‍රිතාන්‍යය බලධාරීහු සහයවීමයි.

කොටි ඝාතකයන්ව පුනරුත්ථාපනය කිරීමට සහය වන මෙම සංවිධානය බ්‍රිතාන්‍ය රජයට සම්බන්ධ අර්බුද වැළැක්‌වීමේ ජාලයයි.

බ්‍රිතාන්‍ය විදේශ හා ආරක්‍ෂක අමාත්‍යාංශයට සම්බන්ධ මේ සංවිධාන 2007 අගෝස්‌තු මාසයේදී එක්‌සත් රාජධානියේ සාමය ගොඩනැඟීමේ වැඩපිළිවෙළ නමින් ව්‍යාපෘතියක්‌ ඉදිරිපත් කරනු ලැබීය.

2007 සහ 2008 යන කාලය තුළ ස්‌ටර්ලින් පවුම් මිලියන දෙකක්‌ වැය කරමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම වැඩපිළිවෙළ මෙහෙයවීමට තෝරාගෙන තිබුණේ ශ්‍රී ලංකාවට එක්‌සත් ජාතීන්ගේ හමුදාවක්‌ කැඳවීමට යෝජනා කළ කොළඹ එන්.ජී.ඕ. ක්‍රියාකාරියෙකි.

ශ්‍රී ලංකාවේ සාම සාකච්ඡා ඇරැඹීමට නම් ශ්‍රී ලංකාවේ රජයේ හමුදා බලයටම සමානව කොටි හමුදා බලයද සමාන විය යුතු යෑයි කියා සිටියේද මොහුයි.

වන්නි යුද මෙහෙයුම නතර කිරීමේ අරමුණින් යෝජනා වූ සාමය ගොඩනැඟීමේ ව්‍යාපෘතිය නමැති මෙකී රහස්‌ වැඩපිළිවෙළ සඳහා මණ්‌ඩලයක්‌ ද නිර්දේශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය බලධාරීන්ය.

ඊට කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ දේශපාලන හා ආරක්‍ෂක අංශයේ ද  නිලධාරීන් ද ඇතුළත් කර තිබිණි.

මෙම රහස්‌ වැඩපිළිවෙළේ අරමුණ මෙයයි.

* නෝර්වීජියානුවන්ගේ සාම ක්‍රියාදාමයට තවදුරටත් සහායවීම

* රජය සහ කොටි අතර යළිත් සංවාදයක්‌ ඇති කිරීම. එ සඳහා බ්‍රිතාන්‍යයේ පුළුල් සබඳතා භාවිත කිරීම.

මේ කොටි බේරාගැනීමේ රහස්‌ වැඩපිළිවෙළ පිඹුරුපත් කළේ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර සංවර්ධන දෙපාර්තමේන්තුව, විදේශ හා පොදුරාජ්‍ය මණ්‌ඩල කාර්යාල සහ ආරක්‍ෂක අමාත්‍යාංශයයි.

මින් මෙරට ආරක්‍ෂක ප්‍රතිපත්ති හා හමුදාමය කටයුතු නිරීක්‍ෂණය කිරීමට ද යෝජනා වී තිබිණි. එහෙත් රජය බ්‍රිතාන්‍ය බලධාරීන් හා කොළඹ එන්.ජී.ඕ. ප්‍රධානියාගේ වැඩපිළිවෙළට එකඟ වූයේ නැත.

දැන් අර්බුද වැළැක්‌වීමේ ජාලය යළිත් වරක්‌ වෙස්‌ මුහුණක්‌ මත මෙරටට සම්ප්‍රාපත්ත වී රජයේ ඇමැතිවරයකු සමග එක්‌වී ගිවිසුමක්‌ අත්සන් කර ඇත.

බ්‍රිතාන්‍යය මේ අන්දමට ඇෆ්ගනිස්‌තානයේ තාලිබාන් හා අල්කයිදා ත්‍රස්‌තයන් පුනරුත්ථාපනය කරන්නට ක්‍රියා කරන්නේද? මෙහිදී ජනාධිපතිවරයාගේ විමර්ශනයට ලක්‌ කළ යුත්තේ කොළඹ එන්.ජී.ඕ. ප්‍රධානියකු සමග හවුල්ව කොටි ඝාතක සමාගම බේරාගැනීමට රහස්‌ ව්‍යාපෘතියක්‌ දියත් කළ මෙකී බ්‍රිතාන්‍ය ජාලයට මෙරටට එමට ඉඩ ලැබීමයි. කොටින්ව පුනරුත්ථාපනය කිරීමට පෙර ඔවුන්ට ඇති චෝදනා පිළිබඳ විමසා නඩු පැවරිය යුතුය.

රජය තුළ තවදුරටත් නෝර්වීජියානු එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් සිටින බව මින් සනාථ නොවන්නේද? මේ අතර චැනල් ෆොa රූපවාහිනි සේවාව අවතැන්වූවන්ගේ කඳවුරු පිළිබඳ සාවද්‍ය වීඩියෝ පටයක්‌ විකාශනය කර පැය කීපයක්‌ ගතවීමට පෙර යුරෝපා කොටි ජාලය විසින් තවත් පුවතක්‌ ප්‍රචාරය කරමින් උතුරේ බංකර්වල සිටි සිවිල් වැසියන්ව ශ්‍රී ලංකා හමුදාව විසින් ඝාතනය කර ඇතැයි වෛද්‍ය සේවකයකු විසින් නෝර්වේ බලධාරීන්ට දන්වා ඇතැයි දක්‌වා තිබේ.  මේ නිසා ඉදිරි සතියේදී ජර්මනියේ සිටින ෙ-.ඩී.එස්‌. කණ්‌ඩායමෙන් තවත් සාවද්‍ය වීඩියෝ පටයක්‌ විනාශනය වීමට ඉඩ ඇත. මෙලෙස කොටි හිතවාදීහු ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපය විනාශ කිරීමට ක්‍රියා කරද්දී ඊට ප්‍රතිචාර දැක්‌වීමට රජයට නොහැකි වී ඇත්තේ අතිශයින්ම දුර්වල ප්‍රචාරක යාන්ත්‍රණයක්‌ නිසායි. කොටි පරාජය කළ නොහැකි යෑයි තරයේම කියා සිටි ඇතැමුන් අද රජයේ ඇතැම් ආයතනවල මාධ්‍ය උපදේශකයන් වී ඇති විටෙක කවර කතාද? වසර ගණනාවක්‌ තිස්‌සේ අබුසායස්‌ නමැති ත්‍රස්‌ත කණ්‌ඩායමට එරෙහිව සටන් වදින පිලිපීන රජය මේ සතියේදී එකී ත්‍රස්‌තයන්ව මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාවේ සහාය පැතීය.

මෙහිදී යුද හමුදාවේ මේජර් ජනරාල්වරයකු වූ මහින්ද සතුරුසිංහ පිලිපීන ආරක්‍ෂක හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ජනාධිපතිනි ග්ලෝරියා ආරෝගේ කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරීහු අමතා කොටින්ව සමූල ඝාතනය කිරීමට මුල්වූ හේතූන් පැහැදිලි කරනු ලැබීය.

ත්‍රස්‌තවාදය මර්දනය කිරීමට කාර්යක්‍ෂම දේශපාලන හා හමුදා ක්‍රමවේදයන් අවශ්‍ය යෑයි හෙතෙම එහිදී කියා සිටියේය. ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියා පිලිපීනයට පැමිණෙන විට එරට ජනාධිපතිනිය අබුසායස්‌ කණ්‌ඩායම සමග සාම සාකච්ඡා ආරම්භ කිරීමට නිලධාරීන් කණ්‌ඩායමක්‌ ද සූදානම් කර තිබිණි.

විදේශ රටක්‌ සිය රටේ ත්‍රස්‌තවාදය මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහාය පැතුවේ මුල්වරටය. මේ අතර කොටින් විසින් දිවයිනේ ප්‍රදේශ කීපයක විනාශකාරී ක්‍රියා සිදු කිරීම සඳහා සලකුණු කර තිබූ සිතියම් 199 ක්‌ අටවන කාර්යසාධක බළකාය විසින් මුලතිව් ප්‍රදේශයේ තිබී සොයා ගැනිණි. පුත්තලම, කුරුණෑගල, හම්බන්තොට, මීගමුව, කළුතර, හැටන්, මොනරාගල, ගම්පහ, මාතලේ, අම්පාර, බදුල්ල සහ පොලොන්නරුව යන ස්‌ථානවල සිතියම් මෙලෙස අසුවී තිබේ.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාල බලධාරීන් මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන අයුරු සනාථවීමේ සිද්ධියක්‌ මේ සතියේ වාර්තා විය. ඇමරිකානු තානාපති බලධාරීහු කොළඹ ප්‍රධානතම සාම වෙළෙඳුන් දෙදෙනකු ඇමරිකාවේ සාම ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයකට යවනු ලැබූ අතර ඔවුන්ගේ කටයුතුවලට සහාය වූයේ වැඩබලන තානාපති නිලධාරී ෙ-ම්ස්‌ මුරේය. මේ සාම වෙළෙඳුන් දෙදෙනා සමුළුවට සහභාගිවීමෙන් පසු ඔවුන් සමග කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේ ද එකී තානාපති නිලධාරියායි.

මේ අතර ඇමරිකාවේ කොටි ජාලය ජාත්‍යන්තර වෛද්‍ය සෞඛ්‍ය සංවිධානය නමින් ව්‍යාජ ආයතනයක්‌ ආරම්භ කර අරමුදල් එකතු කරන බව හෙළිවී ඇත. එහෙත් ඇමරිකානු බලධාරීන් රුද්‍රකුමාරන් නමැති කොටි එජන්ත ඇතුළු ඇමරිකානු කොටි ක්‍රියාකාරකම් මෙරට රජයෙන් සාක්‍ෂි ඉල්ලයි. මෙම සතියේ ආරක්‍ෂක කරලිය දෙස විමර්ශනය කරද්දී දිගු දුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධ හිටපු සහකාර පොලිස්‌ අධිකාරී උඩුගම්පොලට එරෙහි විමර්ශන කටයුතු ජාතික පොලිස්‌ කොමිසම විසින් යට ගසා ඇතැයි වාර්තා විය. දැන් මෙම කොමිසම අහෝසි වී තිබේ. මේ නිසා කොමිසමේ කටයුතු ගැන විශ්වාසය තැබිය හැකිද?

Advertisements

Read Full Post »

Advertisements