Feeds:
Posts
Comments

Archive for September 16th, 2009

ආරක්‌ෂක හමුදාව උතුරු – නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන කටයුතු සඳහා ඉදිරියේදී දායක කර ගැනීමට නියමිත බවත්, යුද කාලසීමාවේ අවතැන්වූ පුද්ගලයන් උතුර – නැගෙනහිර ප්‍රදේශවල ඇති බිම් බෝම්බ ඉවත් කර සහතික කිරීමෙන් පසු නැවත පදිංචි කිරීමේ භාරදූර වගකීම ආරක්‌ෂක අංශ වෙත පැවරී ඇති බවත් ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ “දිවයින” පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයකු මෙන්ම මාධ්‍යවේදියකු ද වන චතුර පමුණුව මහතා “දිවයින ඉරිදා සංග්‍රහයට” ලියූ ලිපි එකතුවකින් සම්පාදනය කරන ලද “මව්බිමට ජය” කෘතිය එළිදැක්‌වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි.

මෙම කෘතිය එළිදැක්‌වීමේ උත්සවය කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

චතුර පමුණුව මහතා “මව්බිමට ජය” කෘතියේ පළමු පිටපත ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට පිළිගැන්වීය.

එහිදී තවදුරටත් කතා කළ ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මෙසේ ද කීය.

“ඇත්තටම අද මං සතුටු වෙනවා චතුර පමුණුවගේ “මව්බිමට ජය” නමැති පොත එළිදක්‌වන අවස්‌ථාවට එන්න ලැබීම ගැන. මට හුඟක්‌ හම්බවෙලා තියෙන්නේ යුද විශ්ලේෂකයන්. ඒ අයගේ ග්‍රන්ථ එළිදැක්‌වූ අවස්‌ථාවලටද මම සහභාගි වෙලා තිබෙනවා. නමුත් ඒ ග්‍රන්ථවලට වඩා විශේෂිත වූ වෙනසක්‌ චතුරගේ පොතෙන් දකිනවා. මේක කාලෝචිත ග්‍රන්ථයක්‌.

යුද්ධය නිමාවෙලා මාස හතරකට ආසන්නයි. ජනාධිපතිතුමාගේත්, ආරක්‌ෂක ලේකම්තුමාගේත් නිවැරදි මගපෙන්වීම, නිවැරදි නායකත්වය තුළින් අවුරුදු තිහක්‌ තිස්‌සේ මේ රට වෙලාගෙන තිබුණු කුරිරු ත්‍රස්‌තවාදය නැත්තටම නැති කරන්න හැකිවුණා. මං යුද හමුදාපති ධුරයේ ඉන්නකොට කිව්වා මේ යුද්ධය තවත් හමුදාපතිවරයකුට පවරන්නේ නෑ කියලා. දැන් ඒ දේ ඉටුකර හමාරයි. ඒ සඳහා මටත් ආරක්‌ෂක අංශවලටත් ධෛර්ය ශක්‌තිය ලැබුණේ ජනාධිපතිතුමාගේත්, ආරක්‌ෂක ලේකම්තුමාගේත් ශ්‍රේෂ්ඨ දේශපාලන නායකත්වය නිසයි. මාවිල්ආරුවෙන් පටන් ගත් යුද මානුෂීය මෙහෙයුම නන්දිකඩාල්හිදී ප්‍රභාකරන් නමැති මිනීමරු ත්‍රස්‌තවාදියා නැති කරන අවස්‌ථාව දක්‌වා ඒ ආශිර්වාදය උපදෙස්‌ ලැබුණා.

මේ සියලු යුද ජයග්‍රහණ සඳහා මාධ්‍ය විශාල දායකත්වයක්‌ ලබා දුන් අතර ඇතැම් මාධ්‍ය යුද ජයග්‍රහණ වළක්‌වන විවිධ ප්‍රචාර ගෙන ගියා.

දැන් කොටි ත්‍රස්‌තවාදීන්ව මුළුමනින්ම විනාශ කරලා ඉවරයි. දැන් හුඟක්‌ දෙනා කල්පනා කරනවා ඇති යුද්ධයෙන් පස්‌සේ ආරක්‌ෂක අංශ මොනවද කරන්නේ කියලා දැනගන්න. දැන් රජයේ එකම බලාපොරොත්තුව මේ රට සංවර්ධනය කරන්න. ඒ සංවර්ධනය කරා යන ගමනේදී ආරක්‌ෂක අංශවලට ද වගකීමක්‌ පැවරී තිබෙනවා. ඒ යුද්ධයෙන් විනාශ වූ උතුරු – නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට දායකත්වය සපයන්න. උතුරු – නැගෙනහිර සිටි ජනතාව දැන් බොහෝ පිරිසක්‌ ඉන්නේ අවතැන් කඳවුරුවල. මේ අය නැවත පදිංචි කරවීමට අවශ්‍යයි.

එම ප්‍රදේශවල කොටි ත්‍රස්‌තවාදීන් වළ දැමූ බිම් බෝම්බ ඉවත්කිරීමේ කාර්ය ආරක්‌ෂක අංශ වෙත පැවරී තිබෙනවා. අද විවිධ පිරිස්‌ කිඹුල් කඳුළු හෙළමින් බොරුවට කෑගහනවා. උතුරු නැගෙනහිර ජනතාව ඉක්‌මනින් ඒ ප්‍රදේශවල පදිංචි කරවන්නේ නෑ කියලා. මං ඒ අයට කියන්න කැමතියි ජනතාව නැවත ඒ ප්‍රදේශවල පදිංචි කරවන්න පුළුවන් වෙන්නේ වළ දමා තිබෙන බිම් බෝම්බ ඉවත්කර ආරක්‌ෂක අංශ සහතික කිරීමෙන් පසුව බව. ආරක්‌ෂක පියවරවල්වලට බාධා නොවන අයුරින් තමයි අපි ඒ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් කළයුත්තේ”

පාරිසරික කටයුතු පිළිබඳ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා(

“මේ රටේ ජනතාව අද යම්කිසි නිදහසක්‌ භුක්‌ති විඳිනවා නම් ඒ අපේ රටේ වීරෝදාර රණවිරුවන් නිසා. අවුරුදු තිහක්‌ මේ රටම ම්ලේච්ඡ කොටි ත්‍රස්‌තවාදයෙන් වෙලාගෙන තිබුණා. කොහොම හෝ අද ඒ ම්ලේච්ඡයින් සදහටම මේ රටින් පලවා හැර තිබෙනවා. ජනාධිපතිතුමාගේ නිවැරදි දේශපාලන නායකත්වය නිසයි මේ තරම් ඉක්‌මනට යුද්ධය නිමා කිරීමට හැකිවුණේ.

දිවයින ප්‍රධාන කර්තෘ ගාමිණී සුමනසේකර මහතා – ප්‍රභාකරන්ට මහත්තයා යෑයි නොලියූ පෑන් තිබුණේ “දිවයිනේ” අපටයි.

ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීමට නම් වේළුපිල්ලේ ප්‍රභාකරන් මෙන්ම ඔහුගේ ජනඝාතක හමුදාව විනාශ කළ යුතුය යන ආස්‌ථානයෙහි ස්‌ථිරව සිටි ප්‍රමුඛ මාධ්‍ය ආයතනයක්‌ නම් “දිවයින” යි. “දිවයින” හා අයිලන්ඩ් පත්‍රවල කිසිවෙක්‌ ප්‍රභාකරන්ට මහත්තයා හෝ මිස්‌ටර් ප්‍රභාකරන් කීවේ නෑ. එහෙම නොකීවා පමණක්‌ නොව ප්‍රභාකරන් ජනඝාතක, ජනපීඩක ෆැසිස්‌ට්‌වාදී වර්ගවාදී සාහසිකයෙක්‌ බව ලිවීමට තරම් “දිවයිනේ” අපට ශක්‌තියක්‌ තිබුණා.

ප්‍රභාකරන්ගේ නම අසා කකුල් වෙව්ලූ ඇතැම් නිවට නායකයන් හමුදාව දුබල කරද්දී “දිවයින” ඒ හමුදාව සමඟ සිටියා. ඔවුහු අප වෙනුවෙන් දිවි පිදුහ විශේෂාංගය අප පටන් ගත්තා. රට වෙනුවෙන් දිවි දුන් විරු දරුවන් ඇගැයීමට අපි පෙරමුණ ගනිද්දී අපට අවි ජාවාරම්කරුවන් කීවා. ජාතිවාදීන් කීවා, වර්ගවාදීන් කීවා. එහෙම කිය කියා තවලම් ගියා. සුදු නෙළුම් ව්‍යාපාර ගෙනිච්චා. ඒත් ඒ හැම දෙනාම කළේ ප්‍රභාකරන් පිම්බවීම. ඊළමට උදව්දීම බව අපි පැහැදිලිව කීවා. ඇන්ජීඕ කාරයො විතරක්‌ නෙවෙයි මාධ්‍ය මිතුරොත් “දිවයින” ජාතිවාදී හොරණෑවක්‌ බව කීවා.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සම්ප්‍රාප්තියත් සමඟ “දිවයින” ඉදිරිපත් කළ මතයට පිළිගැනීමක්‌ ලැබුණ . දේශපාලන නායකත්වයේ අලුත් පිබිදීම ප්‍රභාකරන් පමණක්‌ නොව ඔහුගේ දෙස්‌ විදෙස්‌ මිත්‍ර සමාගම් කළඹවන්නක්‌ වුණා. ඒ විජයග්‍රහණය මව්බිමට ලබා දුන්න. අමිල මෙහෙවරක්‌ කළ හමුදා අංශයන්ට නායකත්වය දුන් ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‌ෂක ලේකම්තුමාට වගේම මේ අභීත සෙන්පතියන්ට අපි සදා ණයගැතියි. ජෙනරාල් සරත් ෆොන්සේකා සෙන්පතියන්ට අයෝමය ශක්‌තියත්, බලයක්‌ ලැබුණා. මාවිල්ආරු සිට නන්දිකඩාල් කලපුව දක්‌වා ගිය ඒ ගමන ලෙයින් රුධිරයෙන් ඉතිහාසය ලිවීමේ අධිෂ්ඨාන පාරමිතාවක්‌ වූවා. මේ වීරයන්ට මතු මතුව බිහිවන පරම්පරාවල් ණයයි. ඔවුන් රටට දිනා දුන් දෙවන නිදහස අර්ථවත් කිරීමේ වගකීම අද ජාතියට පැවරී තිබෙනවා.

චතුර පමුණුව වැනි මාධ්‍යවේදීන් සිය තාරුණ්‍යය ප්‍රකම්පිත කළ ත්‍රස්‌තවාදයට එරෙහිව ලීවේ මරණය හිස උඩ තබාගෙනයි. ඔවුන්ට තිබුණේ ජාතික ප්‍රාර්ථනා සුවඳ දෙන ප්‍රාර්ථනා. ඇන්. ජී. ඕ. සල්ලි නැති, පොදු ජනතාවගේ දුක කඳුළ දැනුණු ජාතියේ රිද්මය දැනුණු චතුර වගේ තරුණයන් අද මා සමඟ ඉන්නේ. මට ආඩම්බරයි ඔවුන් ගැන.

වීරෝදාර සෙන්පතිතුමනි, මේ බිමේ ඔබගේ විරුවන්ගේ ලෙය ගලාගියේ කොතරම් දැයි මා දන්නේ නෑ. අපට ජීවිතයක්‌ දීමට ඔබත් ඔබගේ සගයිනුත් කැප වූවා. එහෙම කළ හැක්‌කේ අදීන මනසක්‌ සහිත විශිෂ්ටයන්ටයි. ඔබ මේ ලක්‌ මවගේ ණය ගෙවූ උදාර සෙන්පතියෙක්‌. මේ ග්‍රන්ථය ඔබට පිදෙන්නේ ඒ නිසයි. ඔබ මෙහි විශේෂ අමුත්තා වන්නේ ඒ නිසයි. ඔබ වැනි විරුවන් සමඟ ඔවුන්ගේ සුසුම් සමඟ මේ ශාලාව තුළ රැඳීමත් මට මහත් අභිමානයක්‌.

“දිවයින” ඇරැඹූ ගමනේ එක්‌ ඵලයක්‌ තමා චතුර ලියූ මේ පොත. “දිවයින” ට ඒ ගමන යන්නට දිරි දුන් තවත් රැසක්‌ ඉන්නවා. විශේෂයෙන් උපාලි පුවත්පත් සමාගමේ සභාපතිනිය ලක්‌මණී වෙල්ගම මැතිනිය, අපගේ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම මහත්මා ඒ වගේම මට පෙර “දිවයින” මෙහෙයවූ ඒ ජ්‍යෙෂ්ඨ කතුවරුන් සමකාලීන සගයන් ඒ හැම දෙනාම මෙහිදී සිහිපත් කළ යුතුය ි.

මෙම අවස්‌ථාවට මහරගම චන්ද්‍රසේකරාරාමයේ ශාස්‌ත්‍රපති මොලමුරේ නන්දාරාම හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයද, බස්‌නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල, “අයිලන්ඩ්” පුවත්පතේ ප්‍රධාන කර්තෘ ප්‍රභාත් සහබන්දු, සරසවි ප්‍රකාශන අධිපති එච්. ඩී. ප්‍රේමසිරි යන මහත්වරුන්ද, යුද හමුදා නිලධාරීන්ද , මාධ්‍යවේදීන්ද ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.

Advertisements

Read Full Post »


හිටපු සහකාර පොලිස්‌ අධිකාරි කුලසිරි උඩුගම්පොල

දිගුදුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී උඩුගම්පොල නමැත්තා ක්‍රියා කළේ කෙසේද යන්න වැඩිදුරටත් හෙළිවී ඇත. මේ පොලිස්‌ නිලධාරියා බලයෙන් උමතු වී සිටි බව සනාථ වූවේ අතුරුගිරියේ චාරිකාවක යෙදෙන බව එවකට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිaස්‌ අධිකාරිවරයාට හා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිට නොදැන්වීමයි. මේ හැර මෙකී කණ්‌ඩායම අත්අඩංගුවට ගත් බව මානව හිමිකම් කොමිසමට පවා දැන්වීමට උඩුගම්පොල ක්‍රියා කළේ නැත. දිගුදුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමේ ෙද්‍රdaහී ක්‍රියාව සිදුවී මේ වන විට වසර 7 1/2 ගත වී ඇත. ජාතික පොලිස්‌ කොමිසම විසින් උඩුගම්පොලට එරෙහි චෝදනා විස්‌සක්‌ අඩංගු චෝදනා පත්‍රයක්‌ යවා ඇති අතර චූදිතද ඊට ප්‍රතිචාර එවා ඇතැයි පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියි. එසේනම් මෙරට ආරක්‍ෂක හමුදා ක්‍ෂේත්‍රය තුළ මහත් ආන්දෝළනයකට ලක්‌වූ මේ සිදුවීම ගැන ජාතික පොලිස්‌ කොමිසම කඩිනමින් ක්‍රියා නොකිරීම මවිතයක්‌ නොවන්නේද.

මිලේනියම් සිටි දුරදිග මෙහෙයුම පාවාදීමේ ලිපිගොනුව අතුරුදන්. සැප්තැම්බර් මස 13 “දිවමිණ.”

මෙරට ඉතිහාසයේ සිදුවූ විශාලතම පාවාදීම අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගතව සිටි දිගුදුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමයි. 2002 ජනවාරි 2 වැනිදා මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරි කුලසිරි උඩුගම්පොල තමන් උසස්‌ නිලධාරීන්ටද නොදන්වා අතුරුගිරියට පැමිණ සිදුකළ මෙම ක්‍රියාදාමය නිසා මෙතෙක්‌ රහසිගතව ක්‍රියාත්මක වූ ලෝන් රේඡ් ගෲප් හෙවත් දිගුදුර විහිදුම් බළකාය මෙහෙයවන්නේ කවුරුන්ද හා ඊට සම්බන්ධ ද්‍රවිඩ චර පුරුෂයන්ගේ රහස්‍යතාව හෙළිවිය.

එහෙත් දැන් සිදුවන්නේ කුමක්‌ද?

පොලිස්‌ මූලස්‌ථානයේ විනය හා කල්ක්‍රියා පිළිබඳ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ජාතික පොලිස්‌ කොමිසමේ ලේකම්ගේ චෝදනා 20 ක්‌ යටතේ චෝදනා පත්‍ර කෙටුම්පත්කර මූලික විමර්ශන ලිපි ගොනුද සමග 2006 පෙබරවාරි 28 වැනිදා යොමුකරනු ලැබීය. මොහුට චෝදනා පත්‍ර භාරදී ආයතන සංග්‍රහය ප්‍රකාර විනය පරීක්‍ෂණයන් පවත්වන්නැයි නැවතත් නිර්දේශ කර තිබුණි. එසේම මේ වසරේ ජුනි මාසයේදී යළිත් වරක්‌ විනය හා කල්ක්‍රියා නියෝජ්‍ය පොලිස්‌පතිවරයා උඩුගම්පොලට එරෙහිව විනය පරීක්‍ෂණය කොළඹ සහකාර පොලිස්‌ අධිකාරී කාර්යාලයේ පැවැත්වීමට යෝජනා කළේය.

එහෙත් ජාතික පොලිස්‌ කොමිසම ඒ ගැන කඩිනමින් ක්‍රියා කළේද? දැන් පොලිස්‌ කොමිසම අහෝසි වී තිබේ. උඩුගම්පොලට චෝදනා පත්‍රයන් යෑවූ කොමිසම මෙතෙක්‌ කල් එනම් වසර 3 1/2 ක්‌ කුමක්‌ කළේද යන්න බරපතල ප්‍රශ්නයකි.

පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග දක්‌වන අන්දමට මේ පාවාදීමට අදාළ කොමිසමේ ඇති ලිපිගොනුව පවා එහි නිලධාරිනියක්‌a විසින් වසා දමා ඇතැයි වාර්තා වේ.

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් උඩුගම්පොලට එරෙහිව කපිතාන් නිලාම්ගේ දිගුදුර විහිදුම් බලකාය පැවරු මානව හිමිකම් නඩුවේ තීන්දුව පවා 2004 ජනවාරි 30 වැනිදා ප්‍රකාශයට පත්වීමත් පොලිස්‌ කොමිසම ක්‍රියා නොකිරීමත්ය.

මේ මානව හිමිකම් නඩුව ඉල්ලා අස්‌කරගන්නා ලෙස ඉල්ලමින් එකී දිගුදුර විහිදුම් කණ්‌ඩායමට දැඩි බලපෑම් එල්ල වුවත් ඔව්හු ඊට එකඟ වූයේ නැත. මෙහිදී අධිකරණය තීරණය කළේ සෑම පාර්ශ්වකරුවකුටම රුපියල් 750000 ක්‌ බැගින් ගෙවිය යුතු බවත්ය උඩුගම්පොලද රුපියල් 50000 බැගින් ගෙවිය යුතු යයි අධිකරණය විසින් නියෝග කෙරුණි. දිගුදුර විහිදුම් බලකාය අත්අඩංගුවට ගැනීමත් සමග කොටි විසින් ද්‍රවිඩ බුද්ධි කණ්‌ඩායමක්‌ ඝාතනය කෙරුණි. මේ එම ගඩාපි. 2002 ජනවාරි විද්‍යාදරන් හෙවත් නිකී, 2002 පෙබරවාරි 9 කැලරි හෙවත් ගඩාපි, 2002 ජුලි 22 අරින්ජාන් හෙවත් යමින්ද රාජන්, 2002 දෙසැම්බර් ගනේෂමූර්ති හෙවත් නිලන රාජන්, 2003 ජනවාරි 3 නාසියර් හෙවත් පුලේන්ද්‍රරාජා, 2003 මාර්තු 18 රගුපන් හෙවත් රගු, 2003 අප්‍රේල් 13 රංජන් හෙවත් වර්ධන්, 2003 අප්‍රේල් 26 අශෝන් දේවරාජා, 2003 මැයි 21 මාස්‌ටර් හෙවත් කුමාර් පෙරුමාල්, 2002 අගෝස්‌තු 14 දේවදාස්‌, 2002 දෙසැම්බර් 2 අසිස්‌, 2003 අප්‍රේල් 23 යශෝධරන්, 2003 මැයි 19 සූරියන්, 2003 අගෝස්‌තු 3 රිල්වාන්, 2003 අගෝස්‌තු 8 ශන්මුගරාජා, 2003 සැප්තැම්බර් 14 සබාරත්නම්, 2004 ජනවාරි 31 යෝගරාජා හෙවත් එලොට්‌ මොහාන්.

සහකාර පොලිස්‌ අධිකාරි උඩුගම්පොල විසින් දිගුදුර විහිදුම් කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීමෙන් පමණක්‌ නතර වූයේ නැත. ඔහු එවකට යුද හමුදාපතිවූ ලයනල් බලගල්ලේට හා බුද්ධි ප්‍රධානි කපිල හෙන්දා විතාරනට එරෙහිවද නඩු පවරනු ලැබීය. එකල කොටින්ගේ වෙබ් අඩවියක මෙලෙස සඳහන් විය. “ද්‍රවිඩයන් ඝාතනය කිරීමට යොදවා තිබූ කණ්‌ඩායමක සුලමුල දැන් අනාවරණය වී ඇත. මේ පිළිබඳව පැවැති විශේෂ ජනාධිපති කොමිසමේදී උඩුගම්පලගේ ක්‍රියාදාමය අනාවරණය විය. “තමා” දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වැටලීමට පැමිණියේ අධිකරණ නියෝගයක්‌ මත යයි උඩුගම්පොල පැවසුවත් එම නියෝගය ඔහු කිසි විටෙක පෙන්නුම් කළේ නැත.

දිගුදුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී උඩුගම්පොල නමැත්තා ක්‍රියා කළේ කෙසේද යන්න වැඩිදුරටත් හෙළිවී ඇත. මේ පොලිස්‌ නිලධාරියා බලයෙන් උමතු වී සිටි බව සනාථ වූවේ අතුරුගිරියේ චාරිකාවක යෙදෙන බව එවකට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිaස්‌ අධිකාරිවරයාට හා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිට නොදැන්වීමයි. මේ හැර මෙකී කණ්‌ඩායම අත්අඩංගුවට ගත් බව මානව හිමිකම් කොමිසමට පවා දැන්වීමට උඩුගම්පොල ක්‍රියා කළේ නැත. දිගුදුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමේ ෙද්‍රdaහී ක්‍රියාව සිදුවී මේ වන විට වසර 7 1/2 ගත වී ඇත. ජාතික පොලිස්‌ කොමිසම විසින් උඩුගම්පොලට එරෙහි චෝදනා විස්‌සක්‌ අඩංගු චෝදනා පත්‍රයක්‌ යවා ඇති අතර චූදිතද ඊට ප්‍රතිචාර එවා ඇතැයි පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියි. එසේනම් මෙරට ආරක්‍ෂක හමුදා ක්‍ෂේත්‍රය තුළ මහත් ආන්දෝළනයකට ලක්‌වූ මේ සිදුවීම ගැන ජාතික පොලිස්‌ කොමිසම කඩිනමින් ක්‍රියා නොකිරීම මවිතයක්‌ නොවන්නේද.

මෙහිදී අතුරුගිරිය මිලේනියම් සිටි දිගු දුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමට වගකිවයුතු කුලසිරි උඩුගම්පොල බේරා ගැනීම සඳහා එදා සිටි රජය දැඩි ලෙස උත්සාහ කළේය.

උඩුගම්පොලගේ ඥතියකු රුවන් ජයවර්ධන යන අන්වර්ථ නාමයෙන් දිගුදුර විහිදුම් බලකාය අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමටද උත්සාහ ගත් නමුත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක විය. මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් රටේ හමුදාපතිත් බුද්ධි අංශ ප්‍රධානියාත් අධිකරණයට ගෙන යමින් අතිශය රහස්‌ගත බළකායක අනන්‍යතාවය හෙළි කිරීමට වගකිවයුතු පොලිස්‌ නිලධාරියකු පිළිබඳව පොලිස්‌ කොමිසම තම කටයුතු ප්‍රමාද කර ඇති බව සක්‌සුදක්‌ සේ පැහැදිලිය. මේ නිසා ස්‌වාධීන යයි හඳුන්වන මෙම පොලිස්‌ කොමිසමකින් ඇති ප්‍රතිඵලය කුමක්‌ද යන්න ජනතාවට ප්‍රශ්නයකි.

මේ සම්බන්ධයෙන් පොලිස්‌ කොමිසමේ බලධාරීන් කුමක්‌ පැවසුවත් එය නිදහසට කරුණක්‌ නොවේ. මෙරට නීතිය චෝදනාවන්ට ලක්‌ වූ පොලිස්‌ භටයකුට හා සහකාර පොලිස්‌ අධිකාරිවරයකු යනුවෙන් දෙවිධියකට ක්‍රියාත්මක නොවේ. එසේ නම් දිගුදුර විහිදුම් බළකාය පාවාදීමට මුල් වූ පොලිස්‌ නිලධාරියාට එරෙහිව ක්‍රියාත්මක වීම ප්‍රමාද වූයේ කෙසේද?

මෙය ජනාධිපති සහ ආරක්‍ෂක ලේකම්ගේ දැඩි අවධානයට යොමුවිය යුතු කරුණකි.

Read Full Post »

Advertisements