Feeds:
Posts
Comments

Archive for September 23rd, 2009

එක්‌ තරුණියක්‌ සයනයිඩ් කා නසී : අනෙක්‌ අය අත්අඩංගුවට

ගාල්ල පොලිසියේ විශේෂ කණ්‌ඩායමක්‌ සහ වවුනියාව පොලිසිය ඒකාබද්ධව ඊයේ (22 වැනිදා) දහවල් අත්අඩංගුවට ගනු ලැබූ එල්. ටී. ටී. ඊ. මරාගෙන මැරෙන තරුණියන් දෙදෙනාගෙන් එක්‌ අයකු සයනයිඩ් කා මියගොස්‌ ඇත.

එල්. ටී. ටී. ඊ. යේ මරාගෙන මැරෙන කාන්තාවන් දෙදෙනකු වවුනියාවේ සිටින බවට ගාල්ල පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත ගාල්ල පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂක වෙදගෙදර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ වවුනියාවට පැමිණ තිබේ. වවුනියාව පොලිසියේ දිසා අපරාධ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති නාලක ගුණසේකර මහතා ඇතුළු තවත් කණ්‌ඩායමක්‌ වවුනියාව උක්‌කුලංකුලම ප්‍රදේශයට යන විට මරාගෙන මැරෙන එල්. ටී. ටී. ඊ. තරුණියන් දෙදෙනා නිවසක සැඟවී සිටි බව පොලිසිය කියයි.

ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්‌ථාවේදීම එක්‌ තරුණියක්‌ සයනයිඩ් කා මියගොස්‌ තිබේ. අනෙක්‌ තරුණියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී උක්‌කුලංකුලම පල්ලියක්‌ අසල ප්ලාස්‌ටික්‌ බැරල්වල දමා වළලා තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්‌ටල තුනක්‌, සී. 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6 ක්‌, ඩෙටනේටර් 10 ක්‌ සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

මෙම එල්. ටී. ටී. ඊ, තරුණියන් දෙදෙනා කාලයක්‌ පුරා වවුනියාවේදී සිදු වූ මරාගෙන මැරෙන ත්‍රස්‌තවාදී ක්‍රියා සැලසුම් කළ බවට පොලිසියට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් දෙදෙනා සැඟව සිටි වවුනියාව උක්‌කුලංකුලම ප්‍රදේශයේ නිවස වවුනියාව හිටපු එල්. ටී. ටී. ඊ. පිස්‌තෝල කල්ලියේ නායක නෙරුප්පු නමැත්තාට අයත් බව ද හෙළිවී තිබේ.

දැනට පොලිස්‌ අත්අඩංගුවේ පසුවන එල්. ටී. ටී. ඊ. සාමාජිකාවගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන අතර මියගිය එල්. ටී. ටී. ඊ, කාන්තාවගේ මළසිරුර වවුනියාව පොලිසිය වෙත බාරදී තිබේ.

වවුනියාව පොලිසිය හා ගාල්ල පොලිසියේ නිලධාරීහු සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යති.

(more…)

Advertisements

Read Full Post »

Advertisements