Feeds:
Posts
Comments

Archive for February, 2019

කින්නියා වැලි යුද්ධය යළිත් ඇවිළී තිබේ. වැලි ජාවාරම මැඬලීමට ගිය නාවික හමුදාව සහ ජාවාරම්කරුවන් අතර ඇති වූ ගැටුමේදී උදලූ සහ සවල් පහරවලට ලක් වූ නාවික නිලධාරීන් සිව්දෙනකු බරපතළ තුවාල ලබා ඇති අතර, පොලිසිය හා එස්.ටී.එෆ් ඇතුළු තවත් අටදෙනකු ද, තුවාල ලබා රෝහල්ගත කර ඇත. ජාවාරම වැටලීමේදී මහවැලි ගඟට පැන පලායෑමට උත්සාහ කළ ජාවාරම්කරුවන් දෙදෙනකු අතුරුදන්වීම සිද්ධියට හේතුව බව කියයි. එසේ අතුරුදන් වූයේ නැතත්, ජාවාරම්කරුවන් සහ ආරක්‍ෂක අංශ අතර ගැටුමක් සිදුවනවා නියත ය. ඒ කින්නියා අන්තවාදයේ හැටිය. අප එසේ කියන්නේත් කින්නියා හි යළිත් වැලි යුද්ධයක් ඇති වී ඇති බව කියන්නේත් අතීත තොරතුරු පදනම් කරගෙනය. මීට පෙර වතාවකදී ද (2018* මෙසේම ආරක්‍ෂක අංශ හා ජාවාරම්කාර වැලි ගොඩදමන්නන් අතර මෙවැනිම ගැටුමක් කින්නියාහිදී ඇති විය. එහිදීද ආරක්‍ෂක අංශ පහර කෑමට ලක්විය. හේතුව ජාවාරම්කරුවකු පාළමෙන් ගඟට පැන මියයෑමය. එසේ හෙයින් කින්නියා වැලි අර්බුදය යනු ‘‘වහා ගිනි ඇවිළෙන සුළු’’ පහසුවෙන් නවතා දැමිය නොහැකි ජාතියේ එකකි.

පොලිසිය, හමුදාව, වනජීවී හා වන සංරක්‍ෂණ අංශ කියන පරිදි කින්නියා , මුතූර් ප‍්‍රදේශය වන හා පරිසර අපරාධ සම්බන්ධයෙන් නම් දරාපු ප‍්‍රදේශයකි. අතීතයේදී ත‍්‍රිකුණාමලය කළපුවෙන් වෙන්ව පැවති මෙම ප‍්‍රදේශය හිතූ හිතූ පරිදි ජාවාරම් සඳහා යොදවා ගත් කොළණියකි. එම ජාවාරම් මැඬලීම වඩාත් පහසුවක් වූයේ යුද්ධයෙන් පසු රජය මගින් කින්නියා පාලම ඉදිකර එගොඩ මෙගොඩ යා කිරීම නිසාය. එසේම මෙහි ඇතැම් දේශපාලනඥයන් ද ජාවාරම්කරුවන් වන නිසා තවත් අතකින් පාලම ඉදිවීම ඔවුන්ට ‘ඉබ්බා දියේ දැම්මා’ මෙන් (වැලි ප‍්‍රවාහනයට* පහසු කටයුත්තක් ද විය. මේ නිසා දේශපාලකයෝ ද ඇතුළුව ප‍්‍රදේශයේ ජාවාරම්කරුවන් මහවැලියේ වැලි ගැරීම හොඳ ඉල්ලමක් කරගෙන දිවි ගෙවති. එය පාලනය කරන්නට රජයට ද නොහැකිය. කොටින්ම මනම්පිටියෙන් ඔබ්බට වැලි ජාවාරම් පාලනය කරන්නට රජයට ද වුවමනාවක් නැත. එය වෙනමම කතා කළ යුත්තකි.

හෝර්ටන්තැන්නෙන් පටන් ගෙන කිලෝමීටර් 335 ක් ගෙවා ත‍්‍රිකුණාමල බොක්කෙන් (කින්නියා* මුහුදට එකතුවන මහවැලි නදී තොමෝ බාධක අවසන් කර නිදහසේ ගලා යන්නේ මනම්පිටියෙන් පසුවය. එහෙත් අතීතයේ පැවති ඒ නිදහස අද මහවැලි නදියට එහි නැත. ඈ වඩාත් ¥ෂණයට ලක් වන්නේ මේ තැනිතලාවේදීය. ඒ වැලිතොටුපළ නිසාමය. කොටින්ම මහවැලිය ‘‘ආපසු කොළඹ බලා හරවා එවන්නේ’’ මනම්පිටියෙන් පසුවය. මහවැලි ගෙඟ් වැලි නිධි ලයිසන් කඩදාසිවලට හා හොර ලයිසන් කඩදාසිවලට මෙන්ම කිසිම ලයිසමක් නොගෙන මනම්පිටියෙන් කොළඹ බලා හරවා යවනු ලබයි. එහි තත්ත්වය කෙබඳුද යත් මනම්පිටිය වැලි තොටුපළෙන් පමණක් දිනකට ටිපර් 700 ක් පමණ පොලොන්නරුවෙන් පිටමං කරන බව වාර්තා වේ. සෝමාවතියෙන්, කින්නියාවෙන්, මුතූර්වලින් ආදී වශයෙන් ඒ ගණන දහසද ඉක්මවයි. මනම්පිටියේදී වැලි ටිපර් 700 ක් පිටමං කරන විට තවත් 700 ක් පෝලිමේ තිබේ. මේ නිසා වැලි කාගෙ කාගෙත් ‘ඉල්ලමක්’ බවට පත්ව ඇති අතර මනම්පිටිය කුඩු, ගණිකා, අරක්කු, සිගරට් රජයන ප‍්‍රදේශයක් බවට ද පත්ව ඇත.

එනම් මහවැලියේ වැලි අර්බුදය ගැන කතා කරන විට ‘වැලි රාජුලාගේ’ සිට තවත් බොහෝ දෙනා ගැන අපට සිහිපත් කරන්නට සිදු වේ. කින්නියා වැලි අර්බුදය එම බොහෝ අර්බුදවල කොටසකි. එසේ හෙයින් මහවැලියේ වැලි ගොඩදමන්නට මෙන්ම මනම්පිටියේ සිට මහවැලිය ත‍්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන ඉසව්ව දක්වා පරිසර පද්ධතිය සංරක්‍ෂණය සඳහා රජය මගින් වහාම වඩාත් ඵලදායක, තිරසාර වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නැඟිය යුතුව ඇත. අප එසේ කියන්නේ කින්නියාවේත්, සෝමාවතියේත්, මනම්පිටියේත් ඇත්තේ එකම අර්බුදයක් නිසාය. ඒ අර්බුදයට මහවැලිය බිලිදිය යුතු නැත. බලපත් ඇතත් නැතත් අසීමාන්තිකව ගොඩදමන වැලි කන්දරාව හේතුවෙන් අද ජල ගැලූම් නිම්නයෙන් පසු මහවැලිය හොඳටෝම ඔත්පොල වී මහලූ වී ඇත. එබැවින් මොරගහකන්ද – කළුගඟ යනු මහවැලියේ අවසන් සංවර්ධන යෝජනා ක‍්‍රමය යැයි පැවසීම අපි ප‍්‍රතික්‍ෂේප කරමු. අවසන් සංවර්ධන කටයුත්ත වී ඇත්තේ මනම්පිටියෙන් පසු මෝය කට දක්වා මහවැලි ගෙඟ් තිරසර සංරක්‍ෂණයයි. එය ආරම්භ වූ දවසක මනම්පිටියේ, සෝමාවතියේ, කින්නියාහි හොර වැලි ප‍්‍රශ්නයට විසඳුම ලැබෙනු ඇත. එදාට කින්නියා අන්තවාදී ප‍්‍රහාරකයන්ට ද උත්තර ලබා දිය හැකිය.

Advertisements

Read Full Post »

ත‍්‍රිකුණාමලය, කින්නියා, කන්දකාඩු ප‍්‍රදේශය පසුගිය 29 දා එකම යුද පිටියක් බඳු විය. ඒ නාවික හමුදාව සහ වැලි ජාවාරම්කරුවන් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යෑම හේතුවෙනි. අවසානයේ එම ගැටුම සමථයකට පත් කිරීම සඳහා පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට ද මැදිහත්වීමට සිදුවිය. එහිදී නාවික භටයන් 12 ක් තුවාල ලැබූ අතර ඉන් සිව් දෙනකුගේ තත්ත්වය ඉතා බරපතළ විය. ඒ අතර ගම්වැසියන් කිහිප දෙනෙක් ද තුවාල ලැබූහ. කින්නියා ප‍්‍රදේශයේ ඇතිවූ එම සිද්ධිය සැකවින් මෙසේය.

ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ පිහිටා ඇති කින්නියා, කන්දකාඩු ආදී ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවගෙන් බහුතරයක් මුස්ලිම් ජාතිකයන්ය. එම මුස්ලිම් ජාතිකයන් අතරින් සමහරු මෙරට බලපවත්නා නීතිය තඹ සතයකටවත් මායිම් නොකරති. ඔවුන් ජීවත් වන්නේ ඔවුන් විසින්ම සාදාගත් නීතිරීති මාලාවක් යටතේය. කොටින්ම කියතොත් එම අන්තවාදීන් ලෙස හැසිරෙන මුස්ලිම් ජනතාවට වුවමනා ඔවුන්ගේම පාලනයකි. සමහර මුස්ලිම් දේශපාලනඥයන්ගේ සහාය ඇතිව ඔවුහු ඒ ගමන යෑමට සැරසෙති. එම නිසා පොලිසිය ඇතුළු මෙරට ආරක්‍ෂක අංශ, රාජ්‍ය ආයතන සහ නීතිරීති ආදිය ඔවුන් ගණන් ගන්නේ නැත. පසුගිය දින කින්නියා ප‍්‍රදේශයේ ඇතිවූ සිද්ධිය ද එවැන්නකි.

කින්නියා ප‍්‍රදේශය ආශ‍්‍රිතව ජීවත්වන මෙම මුස්ලිම්වරු මහවැලි ගග ආශ‍්‍රිතව නීති විරෝධී ලෙස වැලි ගොඩදැමීමේ ජාවාරමක ද නිරත වෙයි. ආරක්‍ෂක අංශ කොතරම් වැටලීම් සිදුකළ ද සමහර දේශපාලනඥයන්ගේ උදව් උපකාර යටතේ ඉතා සූක්‍ෂ්ම ලෙස මෙම වැලි ජාවාරම ඔවුහු සිදුකරති. මෙම නීති විරෝධී වැලි ජාවාරම නිසා මහවැලි ගෙගහි ඉවුරු බොහොමයක් විනාශ වී විශාල පරිසර හානියක් සිදුවී තිබේ.

ත‍්‍රිකුණාමලය විදුර නාවික හමුදා කඳවුරේ භටයන් පිරිසකට පසුගිය 29 වැනිදා නීති විරෝධී අයුරින් වැලි ගොඩදැමීමේ ජාවාරමක නිරත වී සිටින පිරිසක් පිළිබඳව තොරතුරක් ලැබුණි. ඒ පෞද්ගලික ඔත්තුකරුවකු මාර්ගයෙනි. ඒ අනුව නාවික හමුදා භටයන් පිරිසක් එම ස්ථානය වැටලීම සඳහා යෑමට පිටත් වූහ.

නාවික හමුදා භටයෝ ඉතා සූක්‍ෂ්ම ලෙස නීති විරෝධී අයුරින් වැලි ගොඩදමමින් තිබූ එම ස්ථානයට ළගා වූහ. ඒ වන විටත් බෝට්ටු 6 ක් පමණ උපයෝගී කර ගනිමින් ඔවුහු වැලි ගොඩදමමින් සිටියහ. ලද තොරතුරු නිවැරැදි බව දැනගත් නාවික හමුදා භටයෝ එම පිරිස අත්අඩංගුවට ගැනීමට සූදානම් වූහ.

සිදුවූයේ නාවික හමුදා භටයන් නොසිතූ දෙයකි. වැලි ජාවාරම්කරුවෝ නාවික හමුදාවේ භටයන්ව දුර තියා හඳුනා ගත්හ. ඒ සමගම එක් පුද්ගලයෙක් ‘නේවි එකෙන් ඇවිල්ලා පැන ගනින්’ කියා කෑගැසුවේය. තවත් එක් පුද්ගලයෙක් වැලි පටවාගත් ටිපර් රථයක් තුළට නැග වැටලීමට ගිය නාවික භටයන් යටකරගෙන පලා යෑමට සූදානම් විය. නාවික හමුදා භටයන්ට දුර තියාම ඒ බව දැනුණි. එයින් ආරක්‍ෂා වීම සඳහා එක් නාවික හමුදා භටයෙක් අහසට වෙඩි තැබුවේය. එයින් බියට පත්වූ රියැදුරු ටිපර් රථය දමා වෙන දිශාවකට පලා ගියේය.

ඒ අතර වැලි ගොඩදමමින් සිටි සිවු දෙනකු මහවැලි ගගට පැන්නේ පලායෑම සඳහාය. එහෙත් ඉන් දෙදෙනකු ගෙග් සැඩපහරට හසුවූහ. අනෙක් දෙදෙනා මීටර් කිහිපයක් පිහිනා ගොස් වෙනත් තොටුපළකින් ගොඩ වූහ.

නාවික හමුදාවේ වැටලීම නිසා එම මුස්ලිම් වැලි ජාවාරම්කරුවන් සිටියේ එම නාවික හමුදා නිලධාරීන් සමග ඉතා කෝපයෙනි. එම නිසා ඔවුනට අමතක නොවන පාඩමක් ඉගැන්විය යුතු යැයි ඔවුහු කතිකා කර ගත්හ. ඒ අනුව එම වැලි ජාවාරම්කරුවන් ගම පුරා බොරු ප‍්‍රචාරයක් පැතුරුවේය. ඒ ‘නාවික හමුදා භටයන් පිරිසක් වැලි ගොඩ දමමින් සිටි පිරිසකට වෙඩි තබා මහවැලි ගගට දැමූ බවයි.’ ලැව් ගින්නක් සේ එම අසත්‍ය ප‍්‍රචාරය ප‍්‍රදේශය පුරා පැතිර ගියේය.

වැලි ජාවාරම්කරුවන්ගේ අරමුණ සාර්ථක විය. එම අසත්‍ය ප‍්‍රචාරයට රැවටුණු මුස්ලිම්වරු ගාල කඩාගත් හරක් රැළක් මෙන් පොලූ මුගුරු රැගෙන වැටලීම සිදුකළ නාවික හමුදා භටයන්ට පහරදීමට පැමිණියහ. දෙසීයකට අධික පිරිසක් එලෙස පැමිණි අතර ඔවුන් ඉවක් බවක් නොතකා අසභ්‍ය වචන කියමින් නාවික හමුදා භටයන්ට පහර දුන්හ. නාවික හමුදා භටයෝ කුපිත වූ එම මැර පිරිසගෙන් ජීවිතය බේරා ගැනීම සඳහා විශාල උත්සාහයක නිරත වූහ. එහෙත් ඔවුනට බේරීමට නොහැකි විය. තත්ත්වය එන්න එන්නම දරුණු විය. ඉවක් බවක් නොමැතිව මුස්ලිම්වරු එම භටයන්ට පහර දුන්හ. ඒ වනවිට එම සිද්ධිය පිළිබඳව විදුර නාවික හමුදා කඳවුරට ආරංචි වී තිබුණි. ඒ අනුව වහාම එම තත්ත්වය පාලනය කිරීම සඳහා තවත් නාවික හමුදා භට පිරිසක් එම ස්ථානයට ළගා වූහ.

එලෙස පැමිණි අතිරේක නාවික හමුදා භට කණ්ඩායමට ද ගම්වාසීන් විසින් ග‍්‍රහණයට ගෙන සිටි නාවික භටයන් එක්වරම බේරා ගැනීමට නොහැකි වූහ. පොලූ මුගුරු රැගෙන පැමිණි එම මුස්ලිම්වරු තත්ත්වය පාලනය කිරීමට පැමිණි නාවික හමුදා භටයන්ට ද ප‍්‍රහාර එල්ල කළහ. තත්ත්වය එන්න එන්නම දරුණු විය. ඉන් අනතුරුව සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය ද එම ස්ථානයට පැමිණියහ.

සිද්ධිය වූ ස්ථානයේ තවත් තැනක පනහකට අධික මුස්ලිම්වරු පිරිසක් එක් නාවික හමුදා භටයෙක් සිය ග‍්‍රහණයට ගත්හ. එලෙස ග‍්‍රහණයට ගත් නාවික හමුදා භටයා මහවැලි ගෙග් ගිල්වා මැරීමට සූදානම් වූහ. ඒ අතර තවත් පිරිසක් එම නාවික හමුදා භටයාගේ රාජකාරි ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ කළහ. එහෙත් එම නාවික හමුදා භටයා මහත් වෙහෙසක් දරා තම ගිනි අවිය ආරක්‍ෂා කර ගත්තේය. ගිනි අවිය ගැනීමට නොහැකි වූ කළ එම මුස්ලිම්වරු වියරුවෙන් මෙන් කෑගසා ‘මූව ගෙග් ගිල්වලා මරනවා’ යැයි පැවසූහ. එසේ පවසමින් එම නාවික භටයාව ගග ප‍්‍රදේශයට ඇදගෙන ගියේය. ඒ ගෙග් ගිල්වා මැරීම සඳහාය.

විශේෂ කාර්ය බළකායේ භටයන් එම සිද්ධිය දුටුහ. වහාම ඔවුහු එම ස්ථානයට පැමිණ මුස්ලිම්වරුන්ගේ ග‍්‍රහණයේ සිටි එම නාවික භටයාව මුදා ගත්හ. එසේ නොකළා නම් කලහකාරී ලෙස හැසිරුණු මුස්ලිම්වරුන් එම නාවික භටයා මහවැලි ගෙග් ගිල්වා මරාදමා ගිනි අවිය ද පැහැර ගන්නේය.

එම කලබල අතරතුර මහවැලි ගගට පැන අතුරුදන්ව සිටි දෙදෙනා බේරා ගැනීම සඳහා නාවික හමුදා භට පිරිසක් උත්සාහ කළහ. ඔවුහු නාවික හමුදා යාත‍්‍රා පවා යොදා ගනිමින් එම දෙදෙනා සෙවීමට සූදානම් වූහ. එහෙත් හරක් රැළක් සේ හැසිරුණු එම මුස්ලිම්වරු එම යාත‍්‍රාවලට සහ නාවික හමුදා භටයන්ට ගල් ගසමින් ප‍්‍රහාර එල්ල කර එයට විරෝධය දැක්වූහ.

ඒ අතර තවත් වැලි ජාවාරම්කරුවන් පිරිසක් නීත්‍යානුකූලව වැලි ගොඩදැමූ අයට නාවික හමුදාවෙන් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කියා සමහර මුස්ලිම් දේශපාලනඥයන්ට පවා පවසා තිබේ. තවද මෙම වැලි ජාවාරම්වලට සම්බන්ධ ප‍්‍රාදේශීය දේශපාලනඥයන් පවා එම ස්ථානයට පැමිණ ජනතාව තව තවත් කුපිත කර තිබේ.

කින්නියා, කන්දකාඩු ප‍්‍රදේශයේ ඇතිවූ මෙම සිද්ධිය පැය හතරකට ආසන්න කාලයක් තිබුණි. අවසානයේ පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එක්වී මහත් පරිශ‍්‍රමයක් යොදා එම තත්ත්වය පාලනය කර කලහකාරීන් එම ස්ථානයෙන් ඉවත් කළහ. මෙම ගැටුම නිසා මුස්ලිම්වරු එල්ල කළ ප‍්‍රහාර වලින් නාවික හමුදා භටයෝ 12 දෙනකු තුවාල ලැබූහ. ඉන් සිවු දෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතළ විය. ඒ සමගම පොලිසිය සහ නාවික හමුදාව එල්ල කළ ප‍්‍රහාරවලින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් කිහිප දෙනෙක් ද තුවාල ලැබූහ.

පළමුව වැටලීම කළ අවස්ථාවේදී මෙම තත්ත්වය පාලනය කිරීමට නාවික හමුදාව අහසට වෙඩි තබා ඇත්තේ අජීවී උණ්ඩවලින් බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. එම උණ්ඩ හතර ද පොලිසිය සොයාගෙන තිබිණි.

තවද මෙම සිද්ධියේදී නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීමට භාවිත කර තිබුණු බෝට්ටු 6 ක්, වැලි ප‍්‍රවාහනයට යොදාගත් ටිපර් රථ 2 ක් සහ වැලි ජාවාරම්කරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

කින්නියා ප‍්‍රදේශයේ ඇතිවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ‘මහවැලි ගග ආශ‍්‍රිතව සිදුකරන නීති විරෝධී ලෙස වැලි ගොඩදමන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දින කිහිපයක් පුරාවට නාවික හමුදාව සහ විශේෂ කාර්ය බළකාය එක්වී සිදුකළ බවත් මෙම සිද්ධිය ද එවැනි වැටලීමකදී සිදුවූ එකක් බවයි. තවද මෙම ප‍්‍රහාරය වැලි ජාවාරම්කරුවන් සංවිධානාත්මකව ජනතාව උසිගන්වා සිදුකළ එකක් බවත්, මෙවැනි ප‍්‍රහාර කොතරම් සිදුකළත් නීති විරෝධී අයුරින් වැලි ගොඩදමන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් නතර නොකරන බවයි.

මෙරට බහුතර ජනතාව ජාතිවාදයට අකමැතිය. එහෙත් මුස්ලිම් ජනතාව බහුතරයක් ජීවත්වන ප‍්‍රදේශවල ඇතිවන සුළු සිද්ධියකදී පවා එම ජනතාව නීතිය අතට ගෙන හැසිරෙන්නේ ඉතාමත් අසික්කිත ලෙසිනි. එවැනි අවස්ථා ඕන තරම් අප දැක ඇත. ශිෂ්ටසම්පන්න සමාජයක ජීවත්වන මිනිසුන් කිසි දිනෙක මෙවැනි ක‍්‍රියා අනුමත නොකරනු ඇත. එම නිසා මුස්ලිම් දේශපාලනඥයන් නැතහොත් ආගමික නායකයන් කළ යුත්තේ මෙවැනි ජාතිවාදය අවුස්සන මුස්ලිම් ජනතාවට සහජීවනයෙන් ජීවත් වන්නේ කෙසේ දැයි ඉගැන්වීම පමණි.

ගයාන් සමරසිංහ

Read Full Post »

Advertisements