බොරවැවදී අපට හමුවූ ඒ. එම්. කුසුමාවතී මාතාව එදා අළුගොසුවන් මෙන් හැසිරුණු කොටින්ගෙ දරුණු ප්‍රහාරවලින් පසුවද ජීවිතය බේරාගැනීමට වාසනාව ලද්දීය. තම ඇස් ඉදිරිපිට ඇගේ සැමියාද කිරිකැටි දරුවාද පෙති ගා ඝාතනය කරන දුටු ඇය නූතන පාටාචාරාව වැන්න. කොටින්ගේ කඩු කිනිසි පහර වලින් ලැබූ දරුණු තුවාල නිසා අදටත් විවිධ අතුරු ආබාධ වලින් පීඩා විඳින බව ඇය අපට කීවාය.
අපේ ගමට කොටි ගහනකොට මට අවුරුදු විසිපහයි. මම විවාහ වෙලා මහත්තයත් එක්ක ජීවත් වුණේ. ඒ වෙනකොට අපිට අවුරුදු දෙකක පුතෙක් හිටියා. දැන් වගේ නෙවෙයි ඒ කාලේ හරිම දුෂ්කරයි. මේ වගේ පාරතොටවල් හැදිල තිබුණේ නෑ. ගමේ හැමෝම හරි දුෂ්කර ජීවිතයක් ගත කරේ. හැබැයි කුඹුරක් හේනක් කරගෙන කාටවත් බරක් නොවී මිනිස්සු පුළු පුළුවන් විදියට නැගිටින්න උස්සාහ කරමින් හිටිය කාලයක් ඒ. අපි නොදන්න යුද්ධයක කොටස් කාරයෝ නොවුණ නිසා මෙහෙම විපත්තියක් වෙයි කියල නම් හිතුවෙ නෑ. එදා රෑ බෝවිගෙන එද්දි ගමට කඩා පාත් වුණු කොටි ගෙවල්වලට පැනල මිනිස්සු කැති ගානකොට නැගුන විලාපය තාමත් මතක් වෙනවා. ඒත් අපිට හැංගෙන්න දුවන්න වෙලාවක් ආවෙ නෑ. උන් අපි තුන්දෙනාටම කඩු කැති වලින් කෙටුවා. දරුවව අරන් කැපුවේ අපි ඉස්සරහ. දරු දුක හැම දුකටම වඩා බර වුණත් කර කියාගන්න දෙයක් තිබුණේ නෑ කෑගහනව හැරෙන්න. මට කැති පහරක් ගහද්දි මම හිතුවේ එහෙන්ම මැරෙයි කියල. හැබැයි ඒ එක්කම මට සිහි නැතිවුණා. ඇඟ පුරාම ලේ. මට සිහිය එද්දි මගේ මහත්තයයි කිරි දරුවයි දෙන්නම භූමදානයත් කරල ඉවරයි.’’
ඊළාම් යුද්ධය නාමයෙන් ලේ පිපාසිත කොටි ත්රස්තයන් කුසුමාවතීලාගේ ලෝකය කඩා සුණු විසුණු කළේ එහෙමය. මහගෙදර සුදු හකුරුලාගේ සන්ධ්‍යා කාන්ති බොරවැව ත්‍රස්ත ප්‍රහාරයේ නින්ධිත බව කියාපාන සංඛේතයක් වැනිය. මීට පෙරද සන්ධ්‍යාගේ කතාව අප ඔබට කියා ඇත. එවකට සිව් හැවිරිදි දැරියක වූ ඇයට තෙමසක බාල සොහොයුරෙක් සහ වයසක අවුරුදු අටක වැඩිමල් සහෝදරයෙක් සිටියෝය. සිදුවීම වූ දිනයේ සවස් කාලයේ කැලයට ගොස් පැමිණි පිරිසක් කොටි ත්රස්තයන් කැලයේ ගැවසෙනු දැක ඒ බව ඔවුන්ට දැනුම් දුන්නේය.
‘‘කැලෑවේ කොටි ඉන්නවා දැක්ක පණිවිඬේ ලැබුණු ගමන් තාත්තා අපිට පරිස්සමින් ඉන්න කියල ඒ තොරතුර දෙන්න වැලිකන්ද පොලිසියට ගියා. අම්මා මටයි අයියටයි කන්න දීල ඇඳ යට නිදි කරල, මල්ලිට කිරි දෙන්න පටන් ගත්තා. එහෙම ටික වෙලාවක් ගෙවෙද්දි මිදුලෙ කීප දෙනෙක් කථා කරනවා අපිට ඇහුණා. අම්මා චිමිණි ලාම්පුවේ එළිය අඩු කරලා මල්ලි තුරුළු කරගෙන දොරට හේත්තුවෙලා ඉඳ ගත්තා. ඒ එක්කම අපේ කටුමැටි පැලේ දොරකඩාගෙන කොටි ගෙට පැන්නා. අම්මා අතේ හිටිය මල්ලිව උදුරගෙන ඇද වියලේ ගහගෙන ගහගෙන ගියා. අම්මා සිහි නැතුව බිම වැටුණා. උන් අම්මටත් පිහි වලින් කෙටුවා. අම්මගේ මල්ලී ඒ වෙලාවේ අපේ ගෙදර හිටියේ එයත් මැරුවා. අම්මාට කොටනකොට අයියා ඇඳ යටින් එළියට ඇවිත් අම්මාට ගහන්න එපා කියලා කෑ ගැහුවා. මම හිතුවේ අම්මාට ගහනවා කියලා. කොටන බවක් දැනගෙන හිටියේ නැහැ. උන් අයියාටත් කෙටුවා.’’
යුද සමය තරම් මේ රටේ මිනිසුන් බියෙන් සැකයෙන් ජීවත් වූ යුගයක් නැති තරම්. මේ රටේ ආර්ථිකයද අහිංසක මිනිසුන්ගේ ජීවිතද එහෙම පිටින්ම වළදැමූ යුගයකි එය. හබරන කැලයෙන් එහාටද අනුරාධපුරයේ නම් මැදවචිචියෙන් එපිටටද, පොළොන්නරුව මනම්පිටිය පාලම පසුකර යන විටද එදා දැණුන යුද බිය ජීවිතයේ කෙදිනකවත් අමතක නොවන්නක්. බොරවැව ගමේදි මට හමුවූ පී. ඞී. සුගතපාල මාමා එම බිහිසුණු යුද්ධයට මැදිව ජීවත්වූවෙකි. ඒ නිසාම කොටින්ගේ ම්ලේච්ඡු වර්ගවාදී ප්‍රහාරයට ගොදුරු වූ වින්දිතයෙකි. මනම්පිටිය පාලමෙන් එහාට ගිය තවත් එක් ගමනකදී ඔහු මට හමුවන විට කොටි ත්රස්තයන් මේ බිමෙන් අතුගා ඒ ම්ලේච්ච ප්‍රහාර නවතා දමා දොළොස් වසක් ඉක්මගොස්ය. එහෙත් කාලයට සාපේක්ෂව හෝ දුක නිවී නොගිය දුක්මුසු විඩාබර දෙනෙත් බොරවැව එමටය. අසන වාරයක් පාසා කවුරුන් වුව යළිත් කම්පනයටම පත්කරන ඒ අමිහිරි මතක මුලින්ම අපට කීවේ සුගතපාල මාමාය.
‘‘කිසි කෙනෙකුට මේ සංසාරේ ඒ වගේ මූසල දවසක් එන්න එපා… අපි ජීවිතය යන්තම් පටන් ගන්න හැදුව විතරයි. ඒ වෙනකොට මනම්පිටියෙන් මෙහාට සිංහල මිනිස්සු එන්න බයයි. හිටපු ගමන්් සිංහල ගම් වලට කොටි පැනල අමු අමුවේ මිනිස්සු මරණවා. ඒත් නෙළුම්වැව හමුදා කඳවුරක් තිබ්බ නිසා අපි හිතුවේ නෑ උන් අපේ ගමට එයි කියල. ඒ වෙනකොට මම කුඹුරකුත් කරගෙන පොඩිවට සිල්ලර බඩු කඩයකුක් කරගෙන හිටියෙ. හරියටම ඒ අසූ නවයේ අවුරුද්දෙ පෙබරවාරි 27 වෙනිදා. හැන්දෑවේ කුඹුරට ගිහින් එද්දි කැලේ පැත්තෙන් පිරිසක් ගම දිහාවට එනවා මම ඈතදිම දැක්කා. ඒ කාලේ අපි ඉඩම් වලට ආව අලූත නිසා මම හිතුවේ ගෙවල් හදන්න ලී කපන්න කැලේට ගිය අය එනවා කියලා. ඒ ආපු අය මම පිටිපස්සෙන් ඇවිත් කඬේට ගොඩ වුණා. උන් ගොඩ වෙනකොට කඬේ ළඟ හිටිය ගමේ අය සී සීකඩ දිව්වා. එතකොට තමයි මම දැනගත්තේ කොටි ඇවිල්ලා කියලා. හිතන්න වෙලාවක් තිබුණේ නෑ. මගේ අතට අහුවුණේ පුතාල දෙන්නා. මම ඒ දෙන්නවත් අරගෙන එළියට පැනලා වත්තේ හංගුණා. ඒත් මගේ බිරිඳට සහ දියණිය ගෙදරින් පැනගන්න බැරි වුණා. කොටි ඒ දෙන්නම මරල දාල තිබුණේ කෑලිවලට කපල. ඒ වගේ දෙයක් දකින්න මමත් පව් කරල. අන්තිමේ මමයි පුතාල දෙන්නයි ඉතුරු වුණා. කඬේ තිබුණු බඩු සේරම එදා කොටි අරගෙන ගියා. අපේ ජීවිත බේරුණත් අපි උදේ හවස දකින ගමේ පනස් දෙනෙක් කපලා, වෙඩි තියලා මරලා. හරියට ගමම සොහොන් බිමක් වගේ…’’
සුගතපාල මාමා දිගු කාලයක් පපුවේ හිරකරගෙන සිටි දුක සුසුමකට පෙරළා හරිමින් කීවේය. එදා කොටින්ගේ ප්‍රහාරයෙන් ජීවිත ගැලවුණු අහිංසක ගැමියන් බොහෝ දෙනෙක් ගම අතැහැර මනම්පිටිය පාලමෙන් මෙපිටට ඇවිත් පදිංචි විය. ඔවුන් යුද්ධය තිබෙන තාක් යළි බොරවැවට ආවේ නැත. ඒ රුදුරු ප්‍රහාරයෙන් පලවාහැරි මිනිසුන්ගෙන් තොර වූ පාළුට ගිය ඉඩම් සුගතපාල මාමාගේ නිවස අවට දැකිය හැකිය.
එය කියත්ම සන්ධ්‍යා ඉකිගසා හඬන්නට වූවාය. තිස් දෙවසරක පෙර වූ කටුක මතකය ඇය තවමත් හඬවන්නීය.
කොටි ත්රස්තයන් පුංචි සන්ධ්‍යා ඇඳ යට සැඟවී සිටිනු දුටුවේ එවිටය. උන් සන්ධ්‍යා එහි සිටියදීම කඩු වලින් සාන්ධ්යාට ඇනගෙන ඇනගෙන ගියේය. ඒ එක් කඩු පහරකින් සන්ධ්‍යාගේ එක් ඇහැක් ගැලවී එළියට පැන්නේ චප්ප වූ තාක්කාලි ගෙඩියක් පරිද්දෙන්ය. මුළු ඇෙඟ්ම කඩු පහරවල් සහිතව සාන්ධ්යාට සිහිය එන විට ඇය සිටියේ මහනුවර මහ රෝහලේ ඇඳකය. ඇය තෙමසකට පසු ආබාධිතව ගෙදරට එන විට ඇගේ මුළු ලෝකයක අහිමි වී ගොසින්ය. යෝධයෙකු සේ සිටි තාත්තා සිටින්නේ හැඬූ කඳුළිනි. පෙර පාසල් යෑමට පෙරුම් පුරමින් සිටි සන්ධ්‍යාට යළි කිසිදිනක පාසල් යෑමට නොහැකි විය. පැවති ආබාධිත බව නිසාම ඇය ඉන්පසු තවත් වසර අටක් යන තෙක් හැදී වැඩුනේ මාවනැල්ලේ ලොකු අම්මාගේ රැකවරණය යටතේය.
‘‘ඊට පස්සෙ මාව ළමා නිවාසයකට භාර දුන්නා. ළමා නිවාසෙදි මට හොඳට අධ්‍යාපන කටයුතු සිදු කළා. හොඳට ලියන්න කියවන්න පුරුදු කළා. විෂය දැනුම ලබා දුන්නා. ඒ වගේම දෑතේ රැකියාවක් කරලා කාටවත් බරක් නොවී ජීවත් වෙන්න වෘත්තීය පුහුණු පාඨමාලා කීපයක් කළා. බිත්ති සැරසිලි, බෝනික්කෝ නිර්මාණය, කී ටැග්, පැබි්රක් පේනටින්, මැහුම් ගෙතුම්, උපන්දින සුබපැතුම් නිර්මාණය. ගෙවතු අලංකරණය හා මල්වගාව ආදී දේවල් මම ඉගෙන ගත්තා. ඒත් 2005 වසරෙදි තාත්තා නැති වෙනකොට මට අවුරුදු විස්සයි. මම ආයෙත් කඩාගෙන වැටුණා. කොටි මගේ මුළු පවුලම නැති කරත් මාව හෝ මගේ ආත්ම ශක්තිය නැති වුණේ නැහැ. මම වැලිකන්දෙන්ම නැගිටිනවා කියලා එදා හිතා ගත්තා. ඒ කාලේ මම ගැන පත්තරයක පළවණු ලිපියක් දැකලා යුද හමුදාවේ කෙනෙක් මට කථා කළා. එයා නිවාඩු ලැබුණම මාව බලන්න ආවා. අපිට කථා කරන්න නිවාසයෙන් අවසර දුන්නා.මම 2017 දී එවකට ජනාධිපති තුමන්ට මගේ දුක කියලා ලිපියක් දැම්මා. මට ඉඩමක් තිබෙනවා. ගෙයක් හදලා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ ලිපියට ප්‍රතිචාර දක්වලා නිවාස අධිකාරියෙන් ඇවිත් ගමේ අයගෙනුත් අහලා බලලා මට මේ ලස්සන පුංචි ගෙදර හදලා දුන්නා. 2018 ජනවාරි 18 වැනිදා ගෙට ගෙවදින දවසේ අවුරුදු පහක් ආදරය කරලා අපි විවාහ වුණා.’’
කොටින් විසින් රුදුරු ලෙස සන්ධ්‍යාගේ ලෝකයම විනාශ කළද ඇය දෛවයටද අභියෝග කළ ගැහැනියකි. පසුගිය කාලය පුරාම රෝද පුටුවකට වී අත්කම් ශිල්ප ප්‍රගුණ කළ ඇය කිසිවෙකුට බරක් නොවී ජීවත්වීමට තරම් ආර්ථික ශක්තියක් හිමි ගැහැනියක් වූවාය. ඒ ආත්ම ශක්තිය ඇයව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිරිය කාන්තාවන් අතරින් තෙවැන්නා බවට පත්කළාය. බොරවැවට මිණි කැටයක්ව සන්ධ්‍යා අද එහිම ජීවත් වන්නීය. තිස්දෙවසරකට පෙර වූ මහා ඛේදවාචකය ගත වෙන තත්පරයක් පාසා එම වින්දිතයන්ගෙ සිත් තුළ පමණක් තබා පරිසරයෙන්ද වියැකී යන්නේය. සිත් රිදුම් දෙන කෲර මතකයන් පමණක් ඉතිර කළ යුද්ධයෙන් මිහිපිට දිණු කෙනෙක් නැත.
Leave a comment