Feeds:
Posts
Comments

Posts Tagged ‘ඉරිදා දිවයින’

මම ගෙදර යන්නේ ජයග්‍රාහී සොල්දාදුවෙක්‌ විදිහට…
ප්‍රභාකරන්ව මරා දැමූ 53 වැනි සේනාංකයේඅණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

සේවයෙන් විශ්‍රාම ලැබිය හැකිවුවත් කිසිදා විශ්‍රාම නොයන වීරත්වයක්‌ ඔහු ජාතියට පතල කර හමාරය. ජාතිය සිහිනයක්‌ සේ දුටු ත්‍රස්‌ත නායකයාගේ මරණය සිදුවුයේ ඔහු අණ දුන් සේනාංක අතින් ඔහුට ලබා දී තිබූ රණ භූමියේදීය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ විශ්‍රාම ලැබීම නිමිත්ත කරගෙන අපි, ඔහු සමඟ සාකච්ඡාවක්‌ ඉල්ලා දුරකතන ඇමතුමක්‌ දුන්නෙමු. මේ සිංහල අපගේ රටයි – අප ඉපදෙන මැරෙන රටයි … යන මහගමසේකරයන් ලියූ ගීතය ඔහුගේ දුරකතනයෙන් ඇසෙන්නට විය. අප උපන් මියයන දේශය වෙනුවෙන් තම අනගිතම යුතුකම ඉටුකළ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සමග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කරන ලද සාකච්ඡාවයි මේ.

හමුදා සේවයෙන් විශ්‍රාම යන මොහොතේ, අතීතයට අපේ කතා බහ රැගෙන යැම සඳහා 2009 මැයි 18 වෙනිදා දිනය ඔබට මතක්‌ කර ගන්න පුළුවන්ද…?
ඇත්තටම එදා පාන්දර දෙකහමාරට විතර, එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් විසින් මගේ කණ්‌ඩායමට ප්‍රහාරයක්‌ එල්ල කළා. නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පුදුමාතලන් ප්‍රදේශයේදී තමයි මේ පහර දීම සිදුවුණේ. අපි මෙවැනි තත්ත්වයක්‌ බලාපොරොත්තු වුණා. ත්‍රස්‌තවාදීන්ගේ අවසාන පිරිස අපි කොටු කරගෙනයි මේ වෙනකොට හිටියේ.

ඒ වෙනකොට ඔවුන්ට තිබුණ එකම විසඳුම කලපුවට පනින එක විතරයි… මොකද අනිත් තුන් පැත්තෙන්ම අපි ඔවුන්ව කොටු කරලයි තිබුණේ. එදා පාන්දර ඔවුන් මගේ වළල්ලේ පිටිපස්‌සේ තැනකට තමයි, ප්‍රහාරය එල්ල කළේ. එය අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ස්‌ථානයක්‌ සහ ප්‍රහාරයක්‌. එතැන කඩා ගෙන තුන්සිය පනහක පමණ ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ ඇතුලට පැන්නා. ඒ වෙනකොටත් ඕනෑම දේකට සූදානම්ව අපි එක්‌ එක්‌ සැලසුම් හදලා තිබ්බේ… අපි ඒකට කියන්නේ, ඉන්ජෙන්සන් ප්ලෑන් කියලා… ඒ කියන්නේ, මෙහෙම වුණොත් මෙහෙම කරන්න, අරෙහෙම වුණොත් මෙහෙම කරන්න යනාදී වශයෙන්, අවදානම් ගණනාවක්‌ සඳහා අපි සූදානම් වෙලයි හිටියේ…

මගේ පළවෙනි අණ දීම වුණේ කඩපු තැන ඉක්‌මනට වහගන්න කියන ඒකයි… සාමාන්‍යයෙන් මීටර් දෙසීයක විතර ආරක්‌ෂක බැම්මක්‌ කැඩිලා තිබ්බා… අපි විනාඩි විස්‌සක්‌ විතර ඇතුළත එම වළල්ල යළි හදා ගත්තා. තව එළිවෙන්න පැය තුනයි තියෙන්නේ… ඊට පස්‌සේ අපිට ඇතිවෙන්න ගහ ගන්න පුළුවන් කියලා මම හිතුවා… ඒ නිසා ඉක්‌මනින්ම අපේ ආරක්‌ෂිත වළල්ලේ කැඩුණු තැන හදා ගන්නයි මට ඕනේ වුණේ…

මේ වෙනකොට නන්දිකඩාල් තීරයේ රැඳී ඉන්නේ කොයි වැනි පිරිසක්‌ කියලා ඔබට අනුමානයක්‌ තිබ්බාද…?

නැහැ…නායකයෝ කවුද ඉන්නේ කියන එක ගැන අපි කිසිම දෙයක්‌ දන්නේ නැහැ. නමුත් එල්ටීටීඊයේ සිහින ඊලාම් රාජ්‍යයේ අවසාන බිම් කඩත් අපි අල්ලා ගැනීම සඳහා සූදානමින් තමයි හිටියේ… මේ වෙලාව වෙනකොට අපිට තිබ්බේ අතේ තියෙන දේ කටේ දාගන්න විතරයි. උදේ වරුවේත් අපි සටන් කළා… දහය විතර වෙනකොට ඒ සටන අවසන් වුණා. දවල් ආයෙත් අපිට දැනගන්න ලැබුණා, එක්‌ පිරිසක්‌ කලපුවේ කඩොල් කැලය ඇතුළේ ඉන්නවා කියලා… එතැනට අපි ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. දවල් දෙක විතර වෙනකොට ඒ සටන පටන් ගත්තා. ඒක හැන්දෑවේ හයාමාර වෙනකං විතර ගියා. මේ වෙලාව වෙනකොට මුළු ලංකාවම අපේ රජයේ පාලනය යටතට පත්වුණා.

ඊලාම් දේශයේ සිහිනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා, සුනුවිසුණු වෙලා ගියා…ඔය පළාත අවුරුදු විස්‌සක්‌ විතර රජයෙන් ගිලිහිලා තිබුණේ. අනිත් පළාත් සේරම අපි අල්ලාගෙන ඉවරවෙලයි ඒ වෙනකොට තිබ්බේ. මෙතැන අල්ලා ගත්තා විතරයි, මුළු රටම එක ධජයක්‌ යටතට, සිංහ ධජය යටතට ආවා. එදා අපිට බොහෝම සන්තෝෂ දවසක්‌. මැරිච්ච ත්‍රස්‌තවාදීන්ගේ මළ සිරුරු අපි එකතු කර ගන්න පටන් ගත්තා. එතැන ඉහළ පෙලේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදී නායකයන් ගණනාවකගේ මළ සිරුරු තිබ්බා. ප්‍රභාකරන්, පොට්‌ටු අම්මාන් සහ සුසෙයි ඇරෙන්න අනිත් ඔක්‌කොම නායකයන්ගේ මළ සිරුරු එතැන තිබ්බා. භානු, ජෙයම් වගේ නායකයන්ගේ මළ සිරුරු එතැන තිබ්බා. ප්‍රභාකරන්ගේ පුතා චාල්ස්‌ ඇන්තනිගේ මළ සිරුර එතැන තිබ්බා.

එදා අපිට බොහොම සන්තෝසයි… නමුත් මගෙ ඔලුවෙ එක ප්‍රශ්නයක්‌ තිබ්බා. ඒ ප්‍රභාකරන්ගේ මළ සිරුර කෝ කියන එක. ඒ වගේම මම ආමි කමාන්ඩර්ට කතා කරලා “සර්, අපේ රටේ අන්තිම බිම් අඟලත් අපි බේරා ගත්තා” කිව්වාම ආමි කමාන්ඩර් ටිකක්‌ කල්පනා කරලා මගෙන් ඇහැව්වා “ප්‍රභාකරන් කෝ…?” කියලා. එතුමාට මම කිව්වා “සර්, ප්‍රභාකරන්ගේ බොඩි එක නැහැ …” කියලා. එතකොට ආමි කමාන්ඩර් මට කිව්වා “එහෙනං යුද්දේ ඉවර වෙන්නේ නැහැ …..” කියලා. මමත් එතකොට කිව්වා “ඔව් සර්, එහෙනං යුද්දේ ඉවරවෙන්නේ නැහැ … හැබැයි මගේ ඔක්‌කොම බ්ලොක්‌ස්‌ මම දාලා තියෙන්නේ…” කියලා. මේ වෙනකොට නන්දිකඩාල් කඩොලාන ඇතුලේ හරි කරුවලයි. එතැන මොකුත් කරන්න බැහැ. කඩොලාන ඇතුලේ රැට සටන් කිරීම අමාරුයි. පොඩි සද්දයක්‌ වුණත් ඇහෙනවා. කුරුල්ලෝ පියාඹනවා. ඒ දිශාව අනුව කවුරු හරි එන දිශාව හඳුනාගන්න ලෙහෙසියි.

මම ආමි කමාන්ඩර්ට කිව්වා “සර්, හෙට උදේ මම සර්ච් එකක්‌ දාලා බලන්නම්” කියලා. මම එදා රෑ බොහෝම සන්තෝසෙන් නින්දට ගියත් “ප්‍රභාකරන් කෝ…?” කියන ප්‍රශ්නය මගේ හිතේ තිබ්බා. “මේ යකා පැනලද…? පැන්නොත් යුද්දේ ඉවර වෙන්නේ නැහැ නේද…?” කියන ඒවා මගේ හිතට ආවා. අපිට ඕනෑ වෙලා තිබුණේ අනාගත පරම්පරාවකට මේ යුද්දේ ඉතුරු නොකරන්න. බැරි වෙලාවත් ප්‍රභාකරන් වෙන රටකට පැන්නා නම් එහෙට වෙලා යුද්දේ මෙහෙයවන්න පුළුවන්.

මේක මම මගේ පොතේ හොඳට පැහැදිලි කරලා තියෙනවා. ප්‍රභාකරන් කියන්නේ දැඩි තීරණ වගේම මෝඩ තීරණ ගත්ත නායකයෙක්‌. එහෙම වුණාට ඔහු දක්‌ෂ නායකයෙක්‌… ඒ නායකත්වය රටටම ලොකු තර්ජනයක්‌. ඒ නායකත්වය අපිට විනාශ කරන්න බැරිවුණා නම් අපිට සහ අපේ අනාගත පරම්පරාවට ඒක ලොකු ප්‍රශ්නයක්‌ වෙනවා. ඒ වෙනකොට, හතර වෙනි ඊලාම් යුද්ධයෙන් පමණක්‌, අවුරුදු දෙකයි මාස නවයක්‌ ඇතුළත, අපේ පන්දාස්‌ නවසිය ගාණක්‌ මැරිලා, විසිනවදාස්‌ ගණනක්‌ තුවාල වෙලා ඉවරයි. මෙච්චර කැපවීමක්‌ කරලත් අපිට මේ මිනිහව මරා ගන්න බැරිවුණොත්, අපේ අනාගත පරම්පරාවට අපි කොහොමද උත්තර දෙන්නේ කියන ප්‍රශ්නය මගේ හිතට ආවා.

ඔබට ප්‍රභාකරන් හෝ භානු සජීවීව මුණගැහිලා තියෙනවද…?

ප්‍රභාකරන් කවදාවත් පණ පිටින් දැකලා නැහැ…භානු දැකලා තියෙනවා. හැබැයි කවදාවත් කතා කරලවත්, අතට අත දීලාවත් නැහැ… මේ මගේ දකුණු අත බොහොම පිරිසුදුයි. (සිය දකුණු අත ඉහළට ඔසවා පෙන්වමින්…) කිසිම ත්‍රස්‌තවාදී නායකයෙකුට සාමය කාලයේදීවත් මම අතට අත දීලා නැහැ… ඔය ත්‍රස්‌ත නායකයෝ සාම කාලවලදී මට අත දීක්‌ කරලා තියෙනවා… ඒ උනාට මම උන්ට අත දීලා නැහැ…

දැන් අපි දහ නමවෙනිදා දවස ගැන මතක්‌ කරගමු… රටේ හැම තැනම ජනතාව කිරිබත් කමින් ප්‍රීති ඝෝෂා පවත්වනවා…

ඔව්… අපේ ළමයිනුත් එදා උදේ කිරිබත් හදලා තිබ්බා…කඩොලානට තව බැටැලියන් එකක්‌ දාලා සර්ච් කරන්න කියලා එතකොට මම කියලයි තිබ්බේ. එදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ආවා. එතුමා එතකොට පාර්ලිමේන්තුවේ ඉඳන් තමන්ගේ කතාව පටන් අරගෙන තිබුණා.

මගේ නායකත්වය යටතේ තිබුණු පනස්‌ තුන්වෙනි සේනාංකය යටතේ තමයි අටවෙනි කාර්ය සේනාංකය තිබ්බේ. කර්නල් රවිප්‍රිය තමයි එක භාරව හිටියේ. මේ අතරේ කර්නල් රවිප්‍රිය මට කතා කරලා. “සර්, කඩොලානේ තව ඩිවලොප්මන්ට්‌ එකක්‌ තියෙනවා…” කිව්වා.

ඒ වෙනකොට අපි යුද්දේ දිනලා ඉවරනේ… එක දිගට මාස දෙක තුනක්‌ නිදි මරලා, ටිකක්‌ හිටියා විතරයි, මෙන්න ආයිත් කියනවා ගහ ගන්නවා කියලා. කන්න ගත්ත කිරිබත් කෑල්ලත් පැත්තකට දාලා මම ගියා, නන්දිකඩාල් සටන් භුමියට. උන් එනකොට “අපේ කට්‌ටියත් ගහ ගත්තා, අපිටත් උන් ෆයර් කළා. මේ සටන විනාඩි හතලිස්‌ පහක්‌ විතර ගියා… “සර්, ඔක්‌කොම් නියුට්‌රමලයිස්‌ කරලා තියෙන්නේ. එක පොයින්ට්‌ එකක්‌ තියෙනවා, ඒක කොන්ට්‍රොල් කරගන්නම බැහැ… එතැනින් දිගටම ගහනවා” කියලා මට අපේ අය කිව්වා. මට ලොකු සටනක්‌ කරලා අපේ කොල්ලෝ මරා ගන්න උවමනාවක්‌ නැහැ. අතට ගත්ත දේ කටට දාලා, දැන් හපා ගන්න විතරයි තියෙන්නේ… “ලොකු සෙනගක්‌ දාන්න එපා… අට දෙනාගේ කණ්‌ඩායම් දෙකක්‌ දාලා, ඕක බලාගන්න” කියලා මම කිව්වා..

කර්නල් රෝහිත අළුවිහාරේගේ නායකත්වයෙන් හතරවෙනි විජයබාහු බලඇණියේ පිරිසක්‌ ඒ සඳහා මම යෙදෙව්වා. ටික වෙලාවකින් “හරි සර්, ඔක්‌කොම ඉවරයි. ප්‍රභාකරන්ගේ බොඩි එකත් තියෙනවා” කියලා මට එහෙන් කිව්වා. මේ වෙනකොට වෙලාව උදේ දහයයි තිහට විතර ඇති.

මගේ ගාව හිටියා, කර්නල් ලලන්ත ගමගේ. මෙතැන බලලා මොකද වෙලා තියෙන්නේ කියන්න කියලා මම කර්නල් ලලන්තව යෑව්වා. වැඩි ඈතක නෙමෙයි, මම හිටිය තැනින් මිටර් දෙසීයක්‌ ඈතින් තිබුණ කලපු ප්‍රදේශයට තමයි මම එයාව යෑව්වේ. “සර්, යුරේකා… ප්‍රභා මැරිලා ඉන්නවා” කියලා මට කර්නල් ගමගේ කතා කරලා කිව්වා. ” හොඳටම ෂුවර්ද…?” මම ඇහැව්වා.

“ඔව් සර්, ටක්‌ ගාලා ආමි කමාන්ඩර්ට කියන්න.”

“ඔය බොඩි එක මෙහෙට ගෙන්න…”

හරි…හරි සර්, බොඩි එක ගේන්නම් ටක්‌ ගාලා මේක කොළඹට කියන්න” කියලා මට කර්නල් ලලන්ත ගමගේ කිව්වා. එයත් හිටියේ ලොකු සන්තෝෂයකින්. මේ ජයග්‍රහණයේ පණිවුඩය ඉක්‌මනින්ම රටටම කියන්න තමයි හැමෝටම ඕනේ වුණේ.

“හරි…හරි සර් බොඩි එක ගේන්නම් මේ පණිවුඩේ ඉක්‌මනට කොළඹට කියන්න” ආයෙත් මට ලලන්ත කියනවා. මට ඒ පාර කේන්ති ගියා.

උඹ ඔතැනට වෙලා ඕකගේ පාංශුකුලය දෙන්නේ නැතුව ඕක ඉක්‌මනට මෙතැනට ගෙනෙන්…” කියලා මම කිව්වා.

එහෙම කිව්වට මගේ ඇස්‌ දෙකෙන් ප්‍රභාකරන්ගේ මිනිය දකිනකන් මම ඒක ආමි කමාන්ඩර්ට කියන්න කැමති වුණේ නැහැ. මම මේක ආමි කමන්ඩර්ට කියලා, එතැනින් ආරක්‌ෂක ලේකම්තුමාට සහ ජනාධිපතිතුමාට කියලා, ඊට පස්‌සේ මේක රටටම කියලා, ඒ මැරිලා ඉන්නේ ප්‍රභාකරන් නෙමෙයි නම්, මටත් වෙඩි තියාගෙන නන්දිකඩාල් කලපුවට පනින්න තමයි වෙන්නේ… ඒ නිසා මේ මිනිය මම ම බලලා තහවුරු කර ගන්න වුවමනාවක්‌ තිබ්බා…

විනාඩි දහයක්‌ විතර යනකොට මිනිය ගොඩට ගෙනාවා. ඒවෙනකොට යුද බිමේ මේ ආරංචිය ගිහිල්ලා අපි ළඟ නිලධාරීන් සහ සෙබළු හාර පන්දාහක්‌ එකතුවෙලා හිටියා. සතුටින් කෑගහන කොටම කොල්ලෝ උඩට වෙඩි තියන්න පටන් ගත්තා. ඔක්‌කොම තුවක්‌කුවලින් වෙඩි තිබ්බා. මැසින්ගන් වැල් පිටින් ගහනවා… පස්‌සේ මගේ ඔෆිසර්ස්‌ලා නවත්තන්න හදනකොට නැහැ… “වෙඩි තියපුවාවේ…” කියලා මම කිව්වා. ඒ ජයග්‍රහණයේ විතරක්‌ නෙමෙයි. තිබුණ පීඩනය පිට කිරීමක්‌. මේ කොල්ලෝ මරණ සහතිකය අතේ තියාගෙන අවුරුදු ගණනාවක්‌ පුරා උදේට නැගිටපු උදවිය. විනාඩි පහක්‌ විතර මුළු නන්දිකඩාල්ම ගිඟුරුම් දෙන විදිහට මේ වෙඩි පත්තු වුණා.

ඒ තමයි මගේ ජීවිතේ අමරණීයම මොහොත. අපේ රට අවුරුදු තිහක්‌ තිස්‌සේ අඳුරු අගාධයකට ඇදලා දාලා, සිංහල ජාතිය අප්‍රිකාවේ වනචාරීන්ටත් වඩා වනචාරී ජාතියක්‌ කියලා ලෝකයට පෙන්නලා, අහිංසක දරුවන්ගේ ඉඳන් ජීවිත බිලිගත්ත මිනිහව, මගේ කොල්ලෝ මරලා, මගේ කකුල් දෙක ගාවට ගෙනාවම මට දැනෙන සන්තෝෂය විස්‌තර කරන්න මට වචන නැහැ.

මම ඒ ඇඟට අත තියලා බලනකොට ඇඟ රස්‌නෙයි. ඔලුවෙන් ලේ එනවා.

මම අතට අත දුන්නේ නැහැ…

ප්‍රභාකරන් තමන්ගේ දෙපා මුල මැරිලා ඉන්නවා දැක්‌කාම ඔබට දැනුන හැඟීම මොකක්‌ද…?

යුද්දේ ඉවර වුණාම යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්‌ කොළඹ හිල්ටන් හෝටලයේ දී ලබා දුන්නා. එතැනදී ඔය ප්‍රශ්නයම ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමා මගෙන් ඇහැව්වා. “සර්, මට මම රජෙක්‌ වගේ කියන හැඟීම ආවා…” කියලා තමයි මම උත්තර දුන්නේ. ප්‍රභාකරන්ට දෙවියෝ අණ දුන්නාට, පනස්‌ තුන සේනාංකය එක්‌ක ඇවිල්ලා සටන් කරලා මැරියන් කියලා, මේ සටන කළේ අපි හැමෝම. මම කළේ සියලු සේනාංකාධිපතිවරුන්ට කතා කරලා කිව්වා  “වැඩේ හරි, ප්‍රභාකරන්ව මැරුවා ටක්‌ ගාලා මෙතැනට එන්න” කියලා. ජෙනරල් ජගත් ඩයස්‌, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරල් චාගි ගාල්ලගේ වගේ සියල්ලට මේක කිව්වා. ඒ වෙලාවේ ආමි කමාන්ඩර් හිටියේ පාර්ලිමේන්තුවේ. ජනාධිපතිතුමාගේ කතාව අහන්න ගිහිල්ලා. විනාඩි දහයකින් විතර ආමි කමාන්ඩර්ට, මම මේ පණිවිඩය කතා කරලා කිව්වා.

මෙයිට වඩා වෙනස්‌ කට කතා පසු කාලයේදී මේ පිළිබඳව රට පුරා පැතිරිලා ගියා.  “ප්‍රභාකරන් පනාගොඩට රැගෙන ගිහිල්ලා, ඔහුට පහර දීලා මරා දැම්මා” කියලා සමහරු කිව්වා…

ඒ කතා ඔක්‌කොම බොරු…ප්‍රභාකරන් මැරෙනකන් එතැන හිටියේ ඔහු කියලා කිසිම කෙනෙක්‌ දැනගෙන හිටියේ නැහැ. ඔතැන වැදගත් නායකයෙක්‌ ඉන්නවා කියලා අර සටන යනවෙලාවේ අපි තේරුම් ගත්තා. ඒත් ඒ ප්‍රභාකරන් කියලා අපි දැනගෙන හිටියේ නැහැ.

ප්‍රභාකරන්ගේ හිස පසාරු කරගෙන ගියේ ස්‌නයිෆර් උණ්‌ඩයක්‌ද…?

නැහැ… මමත් දැක්‌කා සමහර පොත්වල සහ පත්තරවල එහෙම ලියලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ඒක වැරදියි… එදා උදේ අටේ කණ්‌ඩායම් දෙක විසින් තබපු උණ්‌ඩයකින් තමයි ප්‍රභාකරන් මැරුණේ… මගේ පොතේ මේ ගැන පින්තුර සමග විස්‌තර සියල්ල එනවා.

කොටි බුද්ධි අංශ නායක පොට්‌ටු අම්මාන්ට මොකද වුණේ…? ඔහු රටින් පැන ගිය බවට පවා කතා පළවුණා…

නන්දිකඩාල් කියන්නේ විශාල කලපුවක්‌ පස්‌සේ අපි මිනී හොයනකොට ඉදිමුණු, කුණුවෙච්ච මිනී ඕනෑ තරම් හම්බු වුණා. සති දෙකක්‌ විතර යනකන් අපිට මිනී හම්බු වුණා. ඒ අතර පොට්‌ටුඅම්මාන් ඉන්න ඇති කියලා අපි සැක කරනවා. ඒ වගේම පොට්‌ටු අම්මාන් මැරුණ බවට ඇසෙන් දුටු සාක්‌ෂි අපිට හමුවුණා.

ප්‍රභාකරන් මිය ගිය බවට මේ දක්‌වා මරණ සහතිකයක්‌ නිකුත් වී නැති නිසාත් ප්‍රභාකරන්ගේ මළසිරුර යයි කියූ මළ සිරුරේ ඩී.එන්.ඒ පරීක්‌ෂණයක්‌ තවමත් සිදුකර නොමැති නිසාත් ප්‍රභාකරන්ගේ මරණය සැක සහිත බවත් ඔහු අයත්වන්නේ අතුරුදන් වූවන්ගේ ගණයට බවත් දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී වන එම්. කේ. සිවාජිලිංගම් පවසා තිබුණා..

ඔහොම සැකකරන කට්‌ටියට මම කියන්නේ එහෙම කතා කියලා විහිළුකාරයින්ගේ තත්ත්වයට පත්වෙන්න එපා කියලයි… අපි බොරුකාරයෝ නෙමෙයි. අපි වෘත්තීමය හමුදාවක්‌. අපි ප්‍රභාකරන් කියන ත්‍රස්‌තවාදී නායකයා මැරුවා… අපි එයාගෙයි එයාගේ පුතා චාර්ල්ස්‌ ඇන්තනිගෙයි ජාන පරීක්‌ෂණයක්‌ කළා. ඒකෙන් ප්‍රභාකරන් සහ පුතා කියලා තහවුරු වුණා. සමහර දෙමළ දේශපාලකයන් ජනප්‍රිය වෙන්න කරන ළදරු ක්‍රියා ගැන අපිට කනගාටුයි. මම ළදරුවෙක්‌ නෙමෙයි. පරිණත හමුදා නිලධාරියෙක්‌. සමහරු හිතනවා ඇති ප්‍රභාකරන් දිව්‍ය ලෝකයට ගියා කියලා. අපි හිතනවා අපායට ගියා කියලා. කොහොම වුණත් එයා මේ ලෝකේ නැතුව වෙන ලෝකෙක ඇති.

ඔබ හෙට සිට විශ්‍රාමික හමුදා නිලධාරියෙක්‌. සේවය නිමවා හමුදාවට සමුදෙන මොහොතේ ඇතිවෙන හැඟීම ගැන කිව්වොත්…

අපේ තරුණ කාලය ගතවුණේ කැලෑවල්වල සටන් කිරීමට. අනිත් සේනාංකාධිපතිවරුන්ගේ ජීවිතත් එහෙමයි. වසර තිස්‌ පහකුයි දවස්‌ පහක්‌ මේ නිල ඇඳුම ඇන්දාට පස්‌සේ ඒක එල්ලා, ගෙදර යන එක කනගාටුයි. නමුත් මම හිතනවා, මගෙන් රටට විය යුතු සේවය මම කරලා තියෙනවා කියලා… මහාචාර්ය සුනිල් ආරියරත්න ලියපු අබේවර්ධන බාලසූරිය ගයපු ගීතයක මුල් කෑල්ල මගේ හිතේ තදින්ම සටහන් වෙලා තියෙනවා. ඒක මගේ ජීවිතයට බොහෝම සම්බන්ධයි.

අවසන් හුස්‌ම පොද නොබියව හෙළන්නට
සිව් රියනේ හිත සතුටින් නිදන්නට
මිනිසෙකු විලස ඉපදුනු පල දකින්නට
පුළුවනි මරණ මංචකයේ වුවද මට”

යුගයේ වීරයෙක්‌ ලෙස හමුදාව තුළ සහ දේශයේ කීර්තියක්‌ ලබාගෙන, රට සිටි ප්‍රධානම සතුරා තමන්ගේ දෙපා මුල මරලා දමලා, හමුදාපති තනතුර නොලබා විශ්‍රාම යැම ගැන ඔබට දුකක්‌ නැද්ද…?

ඕනෑම වෘත්තීය හමුදා නිලධාරියෙක්‌ගේ අභිලාශය, සරලව කිව්වොත් ආශාව, කවදාහරි යුද හමුදාපති වෙලා ලෝකෙම ඉන්න හොඳම සොල්දාදුවන්න්ගේ නායකයා වෙන්න. ලෝකයේ ඉන්න හොඳම සොල්දාදුවන්ගෙන් කොටසක නායකයා වෙන්න මට පුළුවන් වුණා. නමුත් ඒ සොල්දාදුවෝ ඔක්‌කොමලාගේ නායකයා වෙන්න මට අවස්‌ථාව ලැබුණේ නැහැ. ඒ ගැන යම් කනගාටුවක්‌ තියෙනවා. අපේ රටේ හමුදාපති තනතුර ලැබෙන්න දක්‌ෂකම විතරක්‌ නෙමෙයි, වාසනාවත් තියෙන්න ඕනේ. මට ඒ වාසනාව තිබුණේ නැහැ. හමුදාපති පුටුවට නොගියාට මම ගෙදර යන්නේ ජයග්‍රාහී විදිහට. ජයග්‍රාහී සොල්දාදුවෙක්‌ විදිහට ගෙදර යන්නයි මට වුවමනා වුණේ. අප දක්‌ෂ ජෙනරාල්ලා පරාජිත සොල්දාදුවෝ වගේ ගෙදර යනවා මම දැක්‌කා. මම ගෙදර යන්නේ ජයග්‍රාහී සොල්දාදුවෙක්‌ විදිහට. ඒ ජයග්‍රහණයේ කතාවත් රටට කියාගෙන තමයි මම ගෙදර යන්නේ… මම විශ්‍රාම ගියේ පස්‌වෙනිදා සඳුදා. මගේ පොත එළිදැක්‌කේ ඊට පස්‌සේ දවසේ, ඒ කියන්නේ අඟහරුවාදා…මම ඉගෙන ගත්තෙ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේදී. මේ පොතේ තියෙන්නේ “මා දුටු දේ සහ අප කළ දේ” ගැන.

හමුදා වහරෙන් කිව්වොත් ඔබගේ එක මෙහෙයුමක්‌ දැන් නිමා වෙනවා. පත්තර භාෂාවෙන් කිව්වොත් ඔබගේ ජීවිතයේ එක පිටුවක්‌ ඉවරයි. මොකක්‌ද ඔබේ ඊළඟ මෙහෙයුම නැත්නම් පිටුව…?

රජයේ රැකියාවක්‌ දුන්නාට මම ඒක භාර ගන්නේ නැහැ. මම මේ රට දාලා වෙන රටකට යන්නෙත් නැහැ. මම ආඩම්බර රට වැසියෙක්‌ විදිහට මේ රටේ ජීවත් වෙනවා…

ඔබ අපට වීරයෙක්‌ වුණාට සමහරුන්ට යුද අපරාධ චෝදනාකරුවෙක්‌. නැත්නම් යුද අපරාධකාරයෙක්‌. සමහර රටවලට ඔබට අඩිය තියන්නවත් බැහැ… මේ ගැන හිතන කොට දුකක්‌ එහෙම දැනෙන්නේ නැද්ද…?

මම පස්‌වෙනි පන්තියට වෙනකං ගියේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයට. මට හතරේ පන්තියේදී ඉගැන්නුවේ සෝමා රණවිර ගුරු මෑණියෝ. එදා ඒ ගුරු මෑණියෝ උගන්වපු, එස්‌. මහින්ද හාමුදුරුවන්ගේ කවි දෙකක්‌ මට හොඳට පාඩම් හිටියා. මගේ ජීවිතේ පාඩම බවටත් මම ඒක පත්කර ගත්තා.

ජාතිය රන් විමනක්‌ වේ
ආගම මිණි පහනක්‌ වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹවේ

අනිත් කවිය තමයි ඔබගේ ප්‍රශ්නයට පිළිතුර

ඉටුකොට කළයුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන් නම්
නුඹයි මගේ පුතා උතුම්

Advertisements

Read Full Post »

* ඉඩම් ගත්තේ හෝටල් සංකිර්ණයකට
* ගෙවල්වලට ගිනිතබා මිනිසුන් එළවයි

thrada1පානම කී විට අප සිහියට නැගෙන්නේ ඉතා මනරම් රමණිය සුන්දර බිම්කඩකි. පානම දෙවොළේ අංඇදීම, පානම හරහා ඔක`ද දේවොළට ගොස්‌ පාද යාත්‍රාවෙන් කතරගමට යැම සහ කුමන කුරුළු පාරාදිසය මතකයට නැගෙන නිසාදෝ මෙම ගම්මානය මුළු ලංකාවේම අවධානය දිනා ගන්නේය. මිනිස්‌සු හිතන්නේ පානමත් පානම අවට ගම්වලත් ඇත්තන් වාසනාවන්ත ජීවිත ගත කරන බවය. මේ කතාව පානමට නුදුරු රාගම්වල ගම්මානය ගැනය.

එහෙත් දැනට වසර හයක සිට පානමට ආසන්නයේ පිහිටි රාමගම්වල ගමේ ජනයා ඉඩම් ආරවුලකට මැදිව දිගින් දිගට බළධාරීන්ගේ කෙණහිලිවලට ලක්‌ව ඇත්තේය. ඒ රාගම්වල මෙම සුන්දර ගම්මානයටම ක`දුළක්‌ එක්‌ කරලමිනි. මෙම ප්‍රදේශයේ එක්‌ පසෙකින් සුන්දර වෙරළ තීරයය. අනෙක්‌ පසින් ඇත්තේ කළපුවකි. තවත් පසෙකින් කුඹුරු යාය සහ වන පෙතෙන් වටව ඇති සුන්දරම බිම්කඩක්‌ නිසා ලොකු ලොකු බලවතුන් මෙම ස්‌ථානයේ සංචාරක ව්‍යාපාරයෙන් උපදින මුදලේ කුණු රසයට ඉව කරමින් සිටිති. එබැවින් පානම මිනිස්‌සුන්ට සිදුව ඇත්තේ තමන් පදිංචිව සිටි බිම්කඩද අහිමි වූ සරණාගතයින් වීමටය.

2010 වසරේ ජුනි 17වන දින පානම ඔක`ද දෙවොල හරහා කුමන වන පෙතේ මැදින් හරෝ හරෝ කියමින් බැතිමතුන් පාද චාරිකාවේ යෙදුන සමයයි. එදින රාත්‍රියේ ඔක`ද දේවොලේ සිට මැදියම් රෑ අප නැවත පානම හරහා අම්පාරට එන විට දුටුවේ රාත්‍රියේ කළුවර කපා මහා ගින්නක්‌ ඇවිලෙන අයුරුය. හේන්වලට තැබු ගින්නක්‌ යෑයි සිතා එදා අපි අම්පාරට පැමිණියෙමු. පසු දින ආරංචිවුයේ රාගම්වල පදිංචිව සිටි ජනයාට එදින රාත්‍රියේ කිසියම් පිරිසක්‌ පැමිණ පහරදි නිවස 07 කට ගිනි තබා පළවා හැර තිබෙන බවය.

එය සිදුවුයේ රාජපක්‌ෂ පාලන සමයේය. සුන්දර මුහුදු තීරයකට යාබදව ඇති මෙම ප්‍රදේශයේ කොයි කාගෙත් අවධානයට ලක්‌වු බිම් කඩක්‌ වූයේය. 60 දශකයේ සිට පානම ගම්මානයේ ජනයා මෙම රාගම්වළ ප්‍රදේශයේ පදිංචිව ගොවිතැන් සිදු කරමින් දිවිසරි කර ගත්හ. රාගම්වළ ගමින් පන්නා දැමු ජනයා නැවතත් තම අතීත අයිතිය වෙනුවෙන් සටන් කරන්නට වූහ. දිගින් දිගටම විරෝධය පාමින් උද්ඝෝෂණයන් සිදු කරන්නට වූහ. මේ ආකාරයෙන් තම අයිතීන් වෙනුවෙන් සටන් වැදි ජනයා අවසානයේදී තමන්ගේ ඉඩකඩම්වලට යැම නිසා රජයේ ඉඩම්වලට බලෙන් ඇතුළු වූයේ යෑයි පවසමින් පොතුවිල අධිකරණයේ මෙම ජනයාට එරෙහිව නඩු පවරන ලදී.

දිගින් දිගටම පොතුවිල අධිකරණයේ ඇදී ගිය නඩුවට 2015 වසරේදී තින්දුවක්‌ ලැබුනේය. මෙම ගම්වාසින් මෙම ඉඩම්වලට තම අයිතිය සනාථ වන බලපත්‍ර ආදිය ඉදිරිපත් කළහ. නඩු තීන්දුව ලැබෙන්නේ මෙම ඉඩම්වල පදිංචි වීමට මිනිස්‌සුන්ට අවසර ලබා දෙමිනි. ඊට අමතරව මානව හිමිකම් කොමිසන් සභාවේ නිර්දේශයද හිමිවන්නේ එම ස්‌ථානයේම පදිංචිවීමට මේ මිනිසුන්ට ඉඩකඩ සලසා දෙමිනි.

වර්ෂ 2015 පෙබරවාරි මාසයේදී කැබිනට්‌ මන්ඩලයේ තීන්දු වූයේත් පසුගිය රජයේ සමයේ ඉදිකරන ලද ජත්‍යන්තර තොරතුරු මධ්‍යස්‌ථානයට අදාළ භූමියට අක්‌කර 25 ක්‌ වෙන් කර ඉතිsරි ප්‍රමාණය ජනතාවට ලබා දීමටය. මේ ආකාරයෙන් ලැබිය යුතු සෑම තැනකින්ම මිනිසුන් වෙනුවෙන් තීන්දුව ලැබුණත් රාගම්වෙල අසරණයන්ට මෙම ඉඩමට ඇතුළු වීමට අවසර නොලැබුණි.

පානම්පත්තුව සුරකීමේ සංවිධානයේ ප්‍රධාන සංවිධායක පී. සෝමසිරි මේ ගැන මෙසේ කීවේය.

”මෙම ප්‍රදේශයේ නාවික හමුදාව සතුව අක්‌කර 825 ක්‌ තියෙනවා. ජාත්‍යන්තර තොරතුරු මධ්‍යස්‌ථානය ඉදිකිරීම ස`දහා ගුවන් හමුදාවට තවත් අක්‌කර 25 ක්‌ වෙන්කර තිබෙනවා. ඉතිරි අක්‌කර 365 න් වැවට අක්‌කර 96 ක්‌ද කුඹුරු යායට අක්‌කර 64 ක්‌ද කැළයට අක්‌කර 40 ක්‌ද ගියාම ශාස්‌ත්‍රවෙල සහ රාගම්වෙළ ජනතාවට ලැබෙන්නේ ඉතිරි ටිකයි. මෙම ජනතාවට බලපත්‍ර සහ ප්‍රකාශන ඔප්පු තිබෙනවා. අපේ ජනතාව පදිංචි ස්‌ථානයේ දයා ගමගේ ඇමතිවරයා හෝටල් සංකර්ණයක්‌ හදන්න කටුතු කරනවා. අපි පදිංචි ස්‌ථානය වෙනුවට මාර්ගයේ අනෙක්‌ පස ගල් ගොඩලි සහිත ප්‍රදේශයට ගෙවල් හදන්න මුල්ගල් තියලා තියෙනවා. අපි ඉන්න මුහුදු ප්‍රදේශයෙන් එයාලා හෝටල් ගහන්න අපිව පන්නවා. අපිව ඉඩම්වලින් පන්නලා එතන හෝටල් හදන්න කාටවත් අපි ඉඩ දෙන්නේ නැහැ. හෝටල් හදලා ආර්ථිකය දියුණු වෙනවට අපි කැමතියි. හැබැයි එම හෝටල් හදන්න දිය යුත්තේ ජනතාවටයි. ඒ ස`දහා ජනතාවට සහයෝගය ලැබිය යුතුයි.

ඒ වෙනුවට අපිව පන්නලා බලපුළුවන්කාරයන්ට හෝටල් හදන්න අපි ඉඩ දෙන්නේ නැහැ. එදා වේල බොහෝම අමාරුවෙන් දිවිය සරි කරගන්නා මෙම ජනතාවට මෙම ඉඩම් වලට නැවත ඒමට ඉඩ නොලැබුන නිසා පසුගියාද අපි බලයෙන් එම ඉඩම් වල පදිංචි වුවා. කුමන හේතුවක්‌ නිසාවත් අපි මෙම ඉඩම් අත් හරින්නෙ නෑ..” පි. සෝමසිරි පවසා සිටියේය.

පානම්පත්තුව සුරකීමේ සංවිධානයේ සභාපති පානම ශ්‍රී සංඝරතන නාහිමියන් මේ සම්බන්ධව කීවේ මෙවැනි අදහසකි .

”පානම ගැටළුව සම්බන්ධව පොතුවිල උසාවියෙන් නඩු තීන්දු දෙකක්‌ ලැබිලා තියෙනවා. නමුත් ප්‍රාදේශීය ලේකම් මිනුම් කටයුතු කරලා මිනිස්‌සු පදිංචි කරන්න තවමත් කටයුතු කලේ නැහැ. දයා ගමගේ ඇමතිවරයා මේ ආයෝජන කළාපයක්‌ කරන්න දිසාපතිවරයාටයි ප්‍රාදේශීය ලේකම්ට බලපෑම් කරනවා. ජනාධිපතිවරයා මෙය වහාම දෙන්න කියලා නියෝග කරලා තිබුණත් මෙම ජනයාට තවමත් ඉඩම් ලැබුනේ නැහැ. එම නිසා මෙම ගම්මානයේ පවුල් 35ක්‌ විතර නතර වෙලා ඉන්නවා. මෙතන ව්‍යාපෘති නොවෙයි මිනිසුන්ට ඉන්න ඉඩ දෙන්න. මෙම ගම්වාසීන්ගේ අයිතිය වෙනුවෙන් ඉදිරියේදී නිරන්තරයෙන් කටයුතු කරනවා…” පානම ශ්‍රී සංඝරතන නායක හිමියන් ‘දිවයින’ට අදහස්‌ දක්‌වමින් කීහ.

පානම ඉඩම් ගැටළුව සම්න්ධව මැදිහත්ව ක්‍රියා කරන උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානයේ සභාපති සේනාපතියේ ආනන්ද හිමියන් මෙසේ පවසා සිටියහ.

”එදා 1818 ඌව වෙල්ලස්‌ස කැරැල්ල නිසා පැමිණි ජනයාගෙන් සැදුම්ලත් පිරිසක්‌ තමයි පානම රාගම්වෙල පදිංචිව සිටින්නේ. නිවාස ගිනි බත් කරමින් ඉතා කුරිරු ලෙස පන්නා දැමු මෙම ජන කොටස වෙනුවෙන් අපි පසුගිය අප්‍රේල් මස 07 වන දින සිට කටයුතු කරන්න පටන් ගත්තා. අපි අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය ඇමතිsනි අනෝමා ගමගේ, මහ දිසාපති තුසිත වනගසිංහ, නියෝජ්‍ය පොලිස්‌පතිතුමා ඇතුළු දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය නිළධාරි මහත්ම මහත්මීන් සමග අම්පාර කච්ෙච්රියේදී සාකච්ජාවක්‌ කරනු ලැබුවා. එහිදි දේශපාලන අධිකාරිය රටේ ආයෝජනය ස`දහා මෙම භුමිය භාවිතා කිරීම අත්‍යවශ්‍ය බවත් මෙම භුමියේ පදිංචි ජනයා වෙනත් ස්‌ථානයකට පදිංචි කරවන බවත් පැවසුවා.”

”නමුත් තමන් ජීවත්වන පරිසරයෙන් ඇත් කරලා වෙනත් ප්‍රදේශයට පදිංචි කරන්න යැමෙන් එම ජනතාවගේ ජීවත්වීමේ ආර්ථික වැඩ පිලිවෙළ තර්ජනයට ලක්‌ වෙනවා. තමන්ට හිමිව තිබු අක්‌කර දෙක තුනක ඉඩම් අහිමිව යැමෙන් මොවුන්ගේ අර්ථිකය මුළුමනින්ම බි`ද වැටෙනවා. මේ රටේ ජනතාවගෙන් ජීවත්වීමේ අයිතිය උදුරා ගැනීමද යහපාලනේ කියන්නේ. මේ රටේ අධිකරණ වලින් ලබා දුන් නඩු තීන්දු දෙකක්‌ උල්ලංඝනය කරමින් වත්මන් පාලකයන් කටයුතු කරනවා. උතුරු නැගෙනහිර සිංහල සංවිධානය රාගම්වෙල මිනිස්‌සු මේ අරගලය දිනන තුරු දිවි හිමියෙන් කටයුතු කරනවා” යෑයිද කීහ.

පොතුවිල අධිකරනයෙන් දුන් නඩු තීන්දු දෙක අනුව මෙම ජනයාට තමන් සිටි ඉඩම්වල පදිංචිවීමට අවසර ලැබුණි. නමුත් තවමත් රාගම්වෙල ගමේ තමන් සිටි ඉඩම්වලට පදිංචිවීමට බළධාරින් ගම් වැසියන්ට අවසර දි නොමැත. අධිකරණ තින්දුව දෙමළෙන් ඇති බව පවසමින් මෙහි මොනවා තියෙනවාද කියා දන්නේ නැතැයි පවසමින් ඇතැම් නිළධාරීහු හිමින් සිරුවෙන් ඇ`ග බේරා ගනිති. අවසානයේ ස්‌වකීය උරුමය අනුව රාගම්වෙල ගමේ පදිංචි වූවන් පන්නා දැමිමට විවිධ උපක්‍රම යොදමින් සිටිති. නමුත් ඒ සියලුදේට නොසැලී මුහුණ දෙන ගම් වැස්‌සෝ උද්ඝෝෂණ අරගල කරමින් තම අයිතිය වෙනුවෙන් සටන් කරමින් සිටිති.

රාජපක්‌ෂ සමයේ පන්නා දමන ලද රාගම්වෙළ ජනයාගෙන් ඉඩම් අයිතිsය ලබා දෙන බවටද එදා යහපාලන ලොක්‌කෝ පාරම්බෑහ. යහපාලනේ යේ සො`දුරු ජනතා සිහින පානම වෙරළේ හෙලුවෙන් ඇවිදිමින් සිටී. අධිකරණ තීන්දු පයිසයකට මායිම් නොකරන ඇමතිවරයෙක්‌ ස්‌වකීය බිරි`ද සමග මිනිස්‌සුන්ගේ ජීවිත කුඩුපට්‌ටම් කර හෝටල් හදමින් සිටිති.

අම්පාරේ දිඝවාපියේ නොරච්චෝලේ නිවාස 500 ක්‌ ස`දහා ලබා දුන් අධිකරණ තීන්දුව පයිසයකට මායිම් වී නැත. පානම රාගම්වෙල ඉඩම් සදහා ලබා දුන් අධිකරණ තීන්දු වලට සිදුවූයේ මෙයය. නීතියේ ආධිපත්‍ය ඇත්තේ අහවල් තැනදැයි දැන් අපට අසන්නට සිතේ. ඒ සමගම අම්පාර පැත්තෙන් රටට වැදගත් පණිවුඩයක්‌ රැගෙන ඇවිත් ඇත. එනම් දේශපාලන තුප්පහිකම් වලට ජාති ආගම් භේද නොමැති බවය.

සදාචාරය හෝ නීතිය වැදගත් නොවන බවය.

Read Full Post »

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් එරාවුර් නගරයේ සිsංහල පදිංචිකරුවන් අදට ඉතිරිව සිsටින්නේ දෙදෙනෙකු පමණි. ඒ එදා සිටි එක්‌දහස්‌ පන්සියයකට අධික සිංහල ජනයා අතරිනි. මොවුන් දෙපළ හැර අනෙක්‌ සියලුම සිංහල මිනිස්‌සු යුද්ධයේ කෲරත්වය හමුවේ සබ්බ සකලමනාව අත්හැර ජීවිතය පමණක්‌ රැගෙන එරාවුර්වලින් පලා ගියෝය. දැනට ඉතිරිව සිටින මේ දෙදෙනා ද පන්නා දමන්නට ජාතිවාදීන් මේ වන විට කළ හැකි උපරිම උත්සාහයන් සිදු කරමින් සිටිති.

n1-2මිනී මරාගන්නා යුදධය නිමාවට පත්ව ඇත. දැන් ඉඩම් අත්පත් කරගන්නා යුද්ධයක්‌ උතුරු නැගෙනහිර පළාත්හි ඇති වී තිබේ. දෙමළ ජනයාගේ ඉඩම් යෑයි පවසමින් සම්බන්ධන් ප්‍රමුඛ ටී.එන්.ඒ. දේශපාලකයන් යුද හමුදා ක`දවුරුවලටද බලෙන් ඇතුළු වෙමින් සිටිති. පෙඩරල් ගැන කථා කරති. දෙමළ ජනයා පිළිබ`ද ඔවුන් දිගින් දිගටම හ`ඩ නගති. නමුත් නැගෙනහිර අවත්න්වූ සිංහලයෝ හ`ඩක්‌ නොමැතිව විතැන්ව සිටිති.මේ රටේ ඔවුන් ගැන එක වචනයක්‌ කථා කිරීමට කිසිම මැති ඇමැත්තෙක්‌ නැත. ඔවුන්ට අනුව එසේ කතාකිරීම වාර්ගික සහජීවනයට බාධා පැමිණවීමකි.

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් එරාවුර් නගරයේ සිsංහල පදිංචිකරුවන් අදට ඉතිරිව සිsටින්නේ දෙදෙනෙකු පමණි. ඒ එදා සිටි එක්‌දහස්‌ පන්සියයකට අධික සිංහල ජනයා අතරිනි. මොවුන් දෙපළ හැර අනෙක්‌ සියලුම සිංහල මිනිස්‌සු යුද්ධයේ කෲරත්වය හමුවේ සබ්බ සකලමනාව අත්හැර ජීවිතය පමණක්‌ රැගෙන එරාවුර්වලින් පලා ගියෝය. දැනට ඉතිරිව සිටින මේ දෙදෙනා ද පන්නා දමන්නට ජාතිවාදීන් මේ වන විට කළ හැකි උපරිම උත්සාහයන් සිදු කරමින් සිටිති.

n1-1වර්ෂ 1948 වන විට වෙළෝදාමට පැමිණි සිංහලයින්ගෙන් එරාවුර් නගරය පිරී ගියේය. ඒරාවුර් නගර මධ්‍යයේ තිබුණු පොදු වෙළ`ද පොළ නැගෙනහිර පළාතේම ප්‍රමුඛ වෙළෝද මධ්‍යස්‌ථානය විය. එහි කඩවල් 72 ක්‌ තිබිණි. ඒ අතර සිංහල ජනයාට අයත් කඩවල් 52 ක්‌ විය. 19 ක්‌ මුස්‌ලිම් ජනයාටත් 01 දෙමළ අයෙකුටත් අයත් විය. යාපනය, මහනුවර, ත්‍රිකුණාමලය, කල්මුණ, කාත්තන්කුඩි, මඩකලපුව, වැලිකන්ද ආදි හතර දිග් භාගයෙන් මෙහි පැමිණි වෙළ`දුන් දෙහි දොඩම්, මා`ඵ, කෙසෙල් ආදී වෙළෝද ද්‍රව්‍ය රැගෙන ගියහ. මේ ආකාරයෙන් එකල සිටම ඒරාවුර් හි පදිංචිව සිටි සිංහල ජනයා සක්‍රීය ලෙස වෙළෝදාමෙහි යෙදෙන්ට වුහ. එරාවුර් තරුණ බෞද්ධ සංගමය වර්ෂ 1960 ආරම්භ විය. වර්ෂ 1963 දී නැගෙනහිර බුදුරැස්‌ නමින් වෙසක්‌ උත්සවයක්‌ද ඔවුහු සංවිධානය කළහ. සිංහල සිසු දරුවන්ට ඉගෙනීම ස`දහා දුම්රිය පොළ අසල සිංහල පාසලක්‌ද ආරම්භ විණි. මේ ආකාරයෙන් සිංහල දෙමළ මුස්‌ලිම් ජනයා ඉතා සාමකාමීව එරාවුර් නගරයේ කල්ගත කළහ.

එරාවුර් නගරයේ සිංහල පවුල් පන්සියයකට ආසන්න ගණනක්‌ උන්හ. එක්‌දහස්‌ පන්සියයට වැඩි සිංහල ජනකායක්‌ එකල්හි එරාවුර්හි වූහයි පැවසිනි. කොටි ත්‍රස්‌ත්‍රවාදීන්ට මෙම සිංහල මිනිසුන් වහ කදුරු විය. එරාවුර් සිංහලයන්ගෙන් තොර කාලපයක්‌ බවට පත්කිරීම එල්.ටී.ටී.ඊ. අභිලාෂය විය. එය වෙනුවෙන් කැපවුණු ජාතිවාදී ද්‍රවිඩ රාජ්‍ය නිලධාරි පිරිසක්‌ද වූහ.

වර්ෂ 1983 උදාවිය. එරාවුර්වලට නුදුරින් කෝපාවෙලි තිඹිරිගස්‌තැන්නේ සිංහල ගම්මානයක්‌ සහ කීර්ති ශ්‍රී මේඝවර්ණ විහාරස්‌ථානයද තිබුණි. එම ගම්මානයට යන මාර්ගය හරස්‌ කරමින් කෝපාවෙලි වැව සාදන්නට ජාතිවාදීහු කටයුතු කළහ. තිඹිරිගස්‌තැන්න ගම්මානයම ජලයෙන් යටව ගියේය. වර්ෂ 1984 වසරේදී තම ඔප්පු සහිත ඉඩ කඩම් අත්හැර ගිය මෙම ජනයා ඉන් පසුව තමන්ට අහිමිවු ඉඩකඩම් වෙනුවට විකල්ප ඉඩම් ඉල්ලා හ`ඩ නගන්නට වූහ. ඉඩම් අහිමිව අදට වසර 32 කි. කෝපාවෙලි අවතැන් සිංහල ජනතාවට අදටත් විකල්ප ඉඩම් ලැබී නොමැත.

එවකට මහවැලි ඇමතිවරයාව සිටි මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයාගෙන් මෙම ජනයා දිගිsන් දිගටම ඉල්ලීමක්‌ කර තිබිණි. එහෙත් විකල්ප ඉඩම් නොලැබුණි. එදා පටන් රාජපක්‌ෂ ආණ්‌ඩුවෙන්ද යහපාලනයේ මෛත්‍රිපාල සිරිසේනගේ ආණ්‌ඩුවෙන්ද මොවුන් කළ ඉල්ලීම් ඒ ආණ්‌ඩුවලට ඇසුනේ නැත. මේ අවතැන් මිනිසුන්ට මේ මොහොතේත් සිදුවන සාධාරණයක්‌ නැත.

එරාවුර් පුළිමතලාව විහරස්‌ථානයේ වැඩ සිටි හික්‌කඩුවේ සුමනසිරි හිමි වර්ෂ 1986 දී කොටින් විසින් ඝාතනය කරන ලදී. මහාබාගේ සුමනසිරි හිමි වැඩ වාසය කළ සිප්පිමඩුව විහරස්‌ථානයේ බෝධීන් වහන්සේ කපා විනාශ කරමින් එම පුජා භුමියද ගිනි තබා විනාශ කරන්නට ත්‍රස්‌තවාදීහු කටයුතු කළහ. කැළණියේ අනුරුද්ධ හිමි වැඩවාසය කළ කොස්‌ගොල්ල විහරස්‌ථානයද ගිනිතබා විනාශ කෙරි. අනතුරුව එම ගම්මානයම පා`ඵවට ගියේය. මේ අකාරයෙන් ටිකෙන් ටික මඩකලපුවේ සිංහල ජනයා පැන්නීමේ කොටි මෙහයුම ආරම්භ විය. එදත් ඔවුන් වෙනුවෙන් හ`ඩක්‌ නොවුණි. මේ මිනිස්‌සු අන්ත අසරණ වූහ.

එරාවුර් සිංහල විදුහල කොටින් විසින් විනාශ කෙරිණි. අකුරක්‌ ඉගෙන ගැනීමට සිංහල දරුවන්ට තිබු අවස්‌ථාව ඉන් ඇහිරී ගයේය. පසු කාලයේ එම භුමියේ ජල ටැංකියක්‌ ඉදිකරන ලදී.

වර්ෂ 1987 දී කොටි එරාවුර් සිංහල ගම්මානයට මහා විපත්තියක්‌ ගෙනාවේය. කොටියන්ගේ මන්නා පිහි වලට වැදි පෙත්තෙන් පෙත්ත කැපි සිංහල මිනිස්‌සු එකා මත එකා වැටෙමින් මිය ගියහ. ගිනි අවියෙන් නිරායුද සිංහල මිනිස්‌සුන්ගේ සිරුරු පෙනෙර මෙන් සිදුරුව ගියේය. එරාවුර් මහා පොළොව ලෙයින් තෙත්ව ගියේය. එක්‌ නිවසක්‌ තුළ සිටි 09 දෙනෙකු මරා දැමිණි. තවත් නිවසක නව දෙනෙකු පෙත්තන් පෙත්ත කැපී මැරිනි. දකින දකින සිංහලයාව කැති ගෑවිනි. එරාවුර් වැලි පොළොවේ 50 කට අධික සිංහලයින් පිරිසකගේ මරණීය අෙ`දාaනා සහිත ලෙයින් තෙත්ව ගියේය. සෙසු සිංහල ජනයා මාස තුන හමාරක කාලයක්‌ එරාවුර් අනාථ ක`දවුරක සිටියහ.

ඒ අවධිය ආරක්‌ෂක අංශයට සහ පොලිසියටද විටින් විට ප්‍රහාර එල්ලවන කාලයකි. සිවිල් ජනතාවගේ ආරක්‌ෂාව තහවුරුවන බවට සහතිකයක්‌ නොතිබිණි. එකම විකල්පය ජීවිතය පමණක්‌ බේරාගෙන උපන් බිම හැර යැමය. මේ සිංහල මිනිස්‌සු අතට පත් දේ රැගෙන සිය ගම් බිම් හැර දකුණේ රක්‌ෂිත ස්‌ථාන සොයා ගියහ.

වර්ෂ 2009 දී යුද්ධය නිමා විය. එරාවුර් සිංහල මිනිස්‌සු නැවත තම ගම් බිම් සොයා පැමිණියේ බලාපොරොත්තු සහිතවය. පෙරදා මෙන් නිදහසේ වෙළහෙළඳාම් කර තම දිවි පෙවෙත සරු කරගැනීමේ බලාපොරොත්තුව වෙනුවෙන් ඔවුන් ඔවුන් දශක තුනක්‌ අනුන්ගේ අගුපිල්වල දුක්‌ වි`ද තිබිණි.

මෙතැන් සිට අපට මේ කථාව කියන්නේ මේ වන විට තම දියණිය සමගින් දහසක්‌වූ බාධක මැද වි`දගෙන වෙළෝදාම් කරමින් එරාවුර් වල ජීවත්වන එකම සිංහලේ පවුලේ මව වන මැගිලින් වල්ගම මාතාවය.

zzමම 1964 තමයි ඒරාවුර් වලට ආවේ. අපේ ළමයි ගියේ එරාවුර් සිංහල මහා විද්‍යාලයට. ගුරුවරු ගොඩක්‌ ඒ කාලේ එහි වැඩ කළා. දිගින් දිගටම කොටි කරදර සිදුවුණා. ගමේ අයත් කපලා කොටලා වෙඩි තියලා මරලා දැම්මා. මගේ පුතෙකුත් වෙඩි තියලා කොටින් මැරුවා. අපේ කඩවල් 52 ක්‌ තිබ්බා. අපි ආයි එද්දී එතන කඩ කාමර 48 ක්‌ හදලා මුස්‌ලිම් අයට දීලා. අපේ තිබ්බ කඩ කාමර අපිට ලබුනේ නැහැ. අපි එරාවුර්වලට ආවම දැන් අපිට ඉන්න තැනක්‌ නැහැ. අපි ඉස්‌සර කඩ කුළි ගෙව්ව ශත පහේ රිසිට්‌ පවා අපේ ළ`ග තිබෙනවා.

ඉතිං අපිට යන්න තැනක්‌ නැති නිසා අපි 87 ඔක්‌තොම්බර් 05 වනදා පවුල් 43 ක්‌ බලෙන් පදිංචි වුණා. එදා පටන් අපිට මෙහි කිsසිම පහසුකමක්‌ තිබ්බේ නැහැ. අපි බලෙන් පදිංචි වුණා කියලා අපිට විරුද්ධව උසාවියේ නඩු දැම්මා. අපි දැන් අවුරුදු හතක ඉ`දන් අපේ අයිතිවාසිකම් වෙනුවෙන් නඩු කියනවා. කිසිම පහසුකමක්‌ හව් හරණක්‌ නැති නිසා අනෙක්‌ අය යන්න ගියා. මමයි දුවයි බොහොම අපහසුවෙන් මේ කඩ කාමරයට වෙලා යන්තමට වෙළ`දාමක්‌ කරලා ජිවිතයේ ගැට ගහගන්නවා.ZZ

ඒ කාලෙ මගේ ඉඩමක්‌ තිබුණා එරාවුර් වල. යුද්ධය නිසා එය අත් හැරලා ගියේ. මගේ නමටයි ඔප්පුව තියෙන්නේ. මගේ ඉඩම මේ වෙනවිට බලෙන් අල්ලගෙන හොර ඔප්පු හදාගෙන තියෙනවා. මෙහේ අපි වෙනුවෙන් කථා කරන්න සිංහල නිsතිඥයෝ නැති එක හරිම ගැට`ඵවක්‌ වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට සාධාරණයක්‌ ඉටු කරලා දෙන්න. අපේ කම වෙනුවෙන් අපි සටන් කරද්දි අපි වෙනුවෙන් කථා කරන්න යම්කිසි නිතිඥ සංගමයක්‌ හෝ මැදිහත් වෙනවා නම් එය අපිට විශාල සහනයක්‌.Z ඇය පවසා සිටියාය.

මැගිලින් වල්ගම මාතාවගේ දියණිය ඩබ්ලියු. එල්. අනෝමාය. ඇය පැවසු කතාව මෙසේය.

zzඅපි රෑට ඉන්නේ ලාම්පු එළියෙන්. නඩුවක්‌ තියෙනවා කියලා අපිට විදුලි බල මණ්‌ඩලයෙන් විදුලිය ලබා දෙන්නේ නැහැ. විදුලි බල මණ්‌ඩලයට ගියාම කියනවා නගර සභාවට යන්න කිsයලා. එහෙට ගියාමත් අපිට විදුලිය ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. මේ පැත්තේ ගොඩක්‌ අය කොකු ගහලා විදුලිය ගන්නවා. ඒවාට විදුලි බල මණ්‌ඩලය කිසි දෙයක්‌ කරන්නේ නැහැ. අපි බැරිම තැන තවත් අයෙකුයි අපියි කොක්‌කක්‌ ගහලා විදුලිය ගත්තා කියාලා අපිව උසාවි දාලා රුපියල් 18,000 ගානේ අපි දෙගොල්ලට රුපියල් 36,000 ක දඩයක්‌ ගැසුවා. අපි කළේ වැරද්දක්‌ නමුත් ඇයි අපිට විතරක්‌ නීනිය ක්‍රියාත්මක වන්නේ. කොකු ගහලා විදුලිය ගන්න මුස්‌ලිම් අයව අත් අඩංගුවට ගන්නේ නැහැ. සිංහල අපිට තමයි මේ හැම නීතියක්‌ම බලපාල තියෙන්නේ. පාඨලි චම්පික ඇමතිතුමා විදුලිබල ඇමති වෙලා ඉන්න කාලේ අපි දිගින් දිගටම ඉල්ලීම් කළා. එතුමා අපිට විදුලිය ලබා දෙන ලෙස නියෝග කළත් අපිට තාමත් විදුලිය නැහැ. මේ කඩ කාමර වල වහලය කැඩිලා නිකන් දිරල යනවා. අපිට බොහෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපිව මෙහෙන් පන්නන්න පුදුම උත්සාහයක්‌ ගන්නේ. අපි මෙහෙන් ගියොත් එරාවුර්වල සිංහල පදිංචිය නැත්තටම නැති වෙනවා.ZZ අනෝමා පවසන්නීය.

බැලු බැලු අත සහනයක්‌ නොමැති කල අනෝමා තම මව සමගින් එdරාවුර්හි සිංහල අයිතිය වෙනුවෙන් හුදකලා සටනක නිරත වෙමින් සිsටින්නීය. නමුත් මේ රටේ නිවට පාලකයින්ට මේ දිරිය ගැහැණු දෙදෙනා වෙනුවෙන් සාධාරණයක්‌ කරන්නට කශේරුකාවක්‌ නැත.

අපි එරාවුර් මාර්ගයේ ගමන් කරමින් සිටියෙමු. දකින දකින අත ඇත්තේ අනවසර විදුලි රැහැන්ය. එරාවුර් විදුලිය බල කාර්යාලය නුදුරෙනි. එහි නිලධාරීහු නිරන්තරව මේ මග ඔස්‌සේ යති. එති. එහෙත් ඔවුන් වරද දකින්නේ වාර්ගික දෘෂ්ටියකිනි.

එරාවුර් සිංහල ජනයා වෙනුවෙන් සාධාරණයක්‌ ඉටු කරගන්නට අදටත් මහත් වෙහෙසක්‌ ගන්නා එරාවුර් සරණාගත සුභ සාධක සංගමයේ සභාපති ඇල්මිස්‌ වල්ගම අපට කතා කළේය.

මම අවුරුදු 50 ක්‌ පමණ ජිවත් වුණේ ඒරාවුර්වල. අපේ බාප්පා 1895 තමයි මඩකලපුවට ආවේ. බාප්පත් එක්‌ක ආපු අය එකතුවෙලා ගහක්‌ යට ඉ`දන් වෙළ`දාම් කරන් ගිහින් තියනවා. ඔය අතරෙ 1940 දශකයේදී මාර්කට්‌ එක හදලා දීලා තියනවා. 87 කලබලෙ කාලේ අපි මෙව්වා දාලා ගියා. කෝපාවෙලි වැව හදපු වෙලේ මගේ අස්‌වැන්වන නෙළන්න තිබ්බ කුඹුරු අක්‌කර 25 ක්‌ වැවට යට උණා. කොටි මගේ කෝපාවෙලි තිබ්බ කඩය ගිනි තිබ්බා. පස්‌සේ එරාවුර් කඩය ගිනිs තිබ්බා. මගේ ට්‍රැක්‌ටරය ගිනි තිබ්බා. මගේ ගෙදර ගිsනි තිබ්බා. මට කෝටි එකහමාරක අලාභයක්‌ සිදු වුනා. ඒවායේ අදාල තක්‌සේරු වාර්තා මගේ ළ`ග තියෙනවා. නමුත් මට 2006 දී ලැබුණෙ රුපියල් 99970 ක වන්දියක්‌. අපි ඉල්ලා සිටින්නේ මා ඇතුලු සියලු දෙනාට සාධාරණ වන්දියක්‌ ලබා දෙන්න කියලා. උතුරු නැගෙනහිර අවතැන්වු ජනයාට නිවාස 65000 ක්‌ හදනවා. එකෙන් ගෙවල් 70 ක්‌ වත් මේ එරාවුර් සිංහල ජනයාට ලබා දෙන්න බලධාරින් කටයුතු කරන්නේ නැහැ. යහපාලන ආණ්‌ඩුවටත් දිගින් දිගටම ලියුම් ලීවා. අවුරුද්දයි මාස කිහිපයක්‌ ගෙවිලා ගියා. තාමත් අපිට වෙච්ච සෙතක්‌ නැහැ. අපි පදිංචි වෙන්න කැමතියි අපේ කඩ නැවත්ත ලැබෙනවා නම්. එහෙම නැත්නම් අපි සියල්ලටම සිදුවු හානිය වෙනුවෙන් වන්දි ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපිට සිදු වු හානි පිsළිබ`ද තොරතුරු පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වෙලාත් තියෙනවා.” ඔහු පැවසුවේය.

මේ වන විට ආරවුලට ලක්‌ව ඇති වෙළෝද සංකීර්ණයේ එකේ කොටසක මුස්‌ලිම් අය වෙළෙඳාම් කරති. ඉතිරි ගොඩනැගිලි සියල්ලම මේ වන විට වහලය කැඩී විනාශව ගොස්‌ මහා කැලැවට යට වෙමින් තිබේ. මේ ආකාරයෙන් මහා සම්පතක්‌ නිකරුනේ විනාශ වීමට ඉඩදීම කවර ආකාරයකින් වත් යුක්‌ති යුක්‌ත නොවේ. මේ කඩ නැවත ඉදිවේ නම් එහි අයිතිය සිංහල හිමි කරුවන් වෙත යැමට ඉඩක්‌ තිබේ. කඩ කාමර මෙසේ දිරාපත්ව විනාශ වෙනන්ට හැරීමේ අරමුණ සිංහලයන් තුරන් කිරීමට ඇති අවශ්‍යතාවය බව පෙනේ.

අනතුරුව අපට සුපුරුදු පරිදිම මේ ගැටලුව ගැන අහන්නට සිදුවන්නේ මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන්ය. උන් වහන්සේ මෙසේ අදහස්‌ දැක්‌වූහ.

මේ රටේ පාලකයිනගේ කටයුතු ගැන කියන්නත් විළි ලැ-ජයි. උතුරු නැගෙනහිර සිංහල ජනයාගේ ගැටලුවලට විස`දුමක්‌ දෙන්න මේ රටේ පාලකයින්ට උවමනාවක්‌ නැහැ. ඒරාවුර් කියන්නේ සිංහලයින් අති විශාල පිරිසක්‌ ජීවත් වුණු වෙළහෙළදාම් කළ ඉතා සශ්‍රීක ප්‍රදේශයක්‌. නමුත් අද එරාවුර් සිංහල ජනයා අන්ත අසරණයි. අද ඉඩ කඩම් අත් හැර ගිය අයට ජීවත් වෙන්න විදිහක්‌ නැහැ. ඉන්න ඉඩකඩම් නැහැ. කොටින් විසින් විනාශ කළ දේපළ වලට නිසි වන්දි දීමක්‌ තවමත් නැහැ. අද උතුරු නැගෙනහිර සිංහලයා මෙවැනි ප්‍රදේශවල නඩු කියන්න ගියාම අන්ත අසරණ වෙනවා. නඩු අහන්නෙත් මුස්‌ලිම් දෙමළ අය. පෙරකදොරුවොත් මුස්‌ලිම් දෙමළ අය. ඒ නිසා භාෂාව දැඩිසේ හරස්‌වනවා. එම නිසා මෙම අසරණ ජනයා වෙනුවෙන් කථා කරන්න ලංකාවේ තිබෙන නීති සංවිධාන ඉදිරිපත් වෙනවා නම් ඉතා සහනයක්‌. නිසි ආකාරයෙන් එතකොට මෙම නඩු අධිකරණයේදී කථා කරන්න පුළුවන්. නැතිනම් වෙන්නේ නිකම් පෙරකදෝරුවන්ට මුදල් වියදම් කරලා නිකරුනේ නඩුව අව නඩුවක්‌ වනකම් වෙනකම් බලා ගෙන ඉන්න. අපේ මෙම ගැටලු විස`දන්න මේ පිළිබ`ද අවබෝධයක්‌ තියෙන නිළධාරීන් කිහිප දෙනෙක්‌ පත් කරන්න රජය කටයුතු කළ යුතුයි. නමුත් එවැනි දෙයක්‌ කරන්න කිසිම වුවමනාවක්‌ නැහැ.”

මේ එරාවුර් සිංහල ජනයා වෙනුවෙන් සටන් වදින, දැන් ජීවිතයේ සැ`දෑ සමයේ සිටින ඇල්මිස්‌ වල්ගම ලියු කවියකි.

දරුවන් හය දෙනෙක්‌ ඇති දැඩි කළ තරුණ
මම දැන් නාකියෙකි ලෙඩ ගාණක්‌ තිබෙන
රජයෙන් ලැබෙන විට දේපොළ වල සහන
මිහිදන් කරපු තැන බ`දිනට හැක සොහොන

Read Full Post »

කොටින් දනගැස්‌සූ යුද කතාවේ හෙළි නොවූ කොටසක්‌..
5-1

ප්‍රභාකරන්ට එරෙහි යුද්ධය මුළුමනින්ම වෙනස්‌ කළේ 2000 වසරේදී ශ්‍රී ලංකා රජය රහසිගතව මෙරටට ගෙන්වූ මල්ටි බැරල් රොකට්‌ විදින යන්ත්‍ර සහ පොළව දෙදරන ග්‍රාඩ් රොකට්‌ය.

බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, නෝර්වේ, ඇමරිකාව, කැනඩාව සහ ඉන්දියාව පවා මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ශ්‍රී ලංකාවට ගෙන්වන බව දැන සිටියේ නැත. 40000 ක ශ්‍රී ලංකා හමුදාවට සුදු කොඩි ඔසවා යටත් වන ලෙස ප්‍රභාකරන් නියෝග කරද්දී මෙරට ආරක්‍ෂක බලධාරීන් දැඩි අසරණ තත්ත්වයට පත්වූහ. මේ අවස්‌ථාවේ හමුදාව බේරා ගැනීමට නම් මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ගෙන ආ යුතු යෑයි එදා අපි නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැතිව සිටි අනුරුද්ධ රත්වත්තේ වෙත කියා සිටියෙමු. ඒ වන විට ශ්‍රී ලංකා හමුදාව දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටියේය. යාපනයේ හමුදාව ඉවත් කර ගත යුතු බවට ඇතැම් හමුදා ප්‍රධානීන් රජයට යෝජනා පවා ඉදිරිපත් කර තිබුණේය. 2000 වසරේ ජංගම දුරකථන නොතිබූ නිසා ප්‍රභාකරන් විසින් යාපනය අල්ලා ගැනීමේ පුවත ලැබෙනතුරු විදේශ වාර්තාකරුවෝ කොළඹ තරු හෝටල්වලට පුන පුනා බලා සිටියහ.

එහෙත් අතිශයින්ම රහසිගත මෙහෙයුමක්‌ දියත් වී තිබුණි. මේ මෙහෙයුම මගින් බලගතු ආයුධයක්‌ මෙරටට ගෙන ඒමට ක්‍රියාත්මක විය. එකී මෙහෙයුමට පෙර ජෙනරාල් රත්වත්තේ එවකට පාකිස්‌තාන් ජනාධිපතිව සිටි පේවේස්‌ මුශාරප් අමතා මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ලබාදෙන ලෙස ඉල්ලීමක්‌ කළේය. ශ්‍රී ලංකාව මුහුණපා සිටි අසීරු තත්ත්වය තේරුම් ගත් මුශාරප් එදා පාකිස්‌තාන් හමුදාව භාවිත කළ පැරණි රොකට්‌ යන්ත්‍ර්‍රයක්‌ මෙරටට සැපයීය. යාපනය ටයර් හංදියේ ස්‌ථාන ගත කළ මෙම පැරණි රොකට්‌ යන්ත්‍ර ක්‍රියාත්මක වීම ෙ€දජනක සිද්ධියක්‌ විය. ඉදිරියට යා යුතු රොකට්‌ වෙනුවට පිටුපසින් රොකට්‌ ක්‍රියාත්මක වීමෙන් සෙබළු කීපදෙනෙක්‌ ජීවිතක්‍ෂයට පත්වූහ.

මේ සමයේ චෙක්‌ රාජ්‍යයේ මයිකල් ස්‌මර්ස්‌ නමැති නිලධාරියෙක්‌ ශ්‍රී ලංකාවට පැමිණ පලාලි වෙත ගොස්‌ උතුරේ තත්ත්වය විමර්ශනය කළේය. ශ්‍රී ලංකා හමුදාව දැඩි අනතුරුදායක තත්ත්වයකට මුහුණපා ඇති බව ඔහුට අවබෝධ විය.විගස චෙක්‌ රාජ්‍යයේ ප්‍රාග් නුවරට ගිය ඔහු අධි බලැති මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රයක්‌ මෙරටට එවීමට ක්‍රියා කළේය. මේ යන්ත්‍රය එවනු ලැබුවේ රුසියානු ඉලුෂින් නමැති දැවැන්ත කුලී ගුවන් යානාවකය. එහෙත් එම ගුවන් යානාව දින හතරක්‌ තිස්‌සේ අතුරුදන් වී තිබුණි.

5-2පසුව වාර්තා වූයේ යානාව අසර්බන්ජානයේ බාකු ගුවන්තොටුපළට ගොඩ බස්‌සා ඇති බවයි. ශ්‍රී ලංකා රජය හා චෙක්‌ රාජ්‍යය මැදිහත්වීමෙන් පසු යානාව නිදහස්‌ කෙරුණි. මෙම යානාව කටුනායක ගුවන්තොටුපළට පැමිණීමෙන් පසු මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රය එළියට ගනු ලැබීය. එහිදී හෙළි වූයේ එම යන්ත්‍රයේ වයර් කපා ඇති බවයි. මෙය විදේශ චරපුරුෂ සේවාවක ක්‍රියාදාමයක්‌ බවට පසුව වාර්තා විය.එහෙත් චෙක්‌ ඉංජිනේරුවන් හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉංජිනේරුවන් එක්‌ව පැය 24 ක්‌ තුළ යන්ත්‍රය ප්‍රකෘති තත්ත්වයට පත් කෙරුණි.

මේ අන්දමට බොයින් භාණ්‌ඩ ප්‍රවාහන යානාවක දමා මෙරටට එවූ තවත් මල්ටි බැරල් යන්ත්‍රයක්‌ එක්‌සත් එමීර් රාජ්‍යයේ පුජාරා ගුවන්තොටුපළට ගොඩ බස්‌සා තිබුණි.එම අවස්‌ථාවේදී ශ්‍රී ලංකා රජය මැදිහත්වී යානාව බේරා ගනු ලැබීය. මේ නිසා මයිකල් ස්‌මර්ස්‌ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර එවීමට තවත් උපක්‍රමයක්‌ භාවිත කළේය. මේ සමයේ ඉන්දියාවද චෙක්‌ රාජ්‍යයේ ටී 72 යුද ටැංකි ඇනවුම් කර තිබිණි.

ඒ අනුව ඒෂියා විෂන් නමැති නැවෙන් ඉන්දියාවට ටී 72 යුද ටැංකි ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා තිබිණි.
මෙම යුද්ධ ටැංකි නැවට ගොඩ බෑමට පෙර නැවේ යට තට්‌ටුවට මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර කීපයක්‌ ඇතුළත් කර තිබිණි.

ඒෂියා විෂන් නැවට මුහුදේදී ප්‍රශ්නවලට මුහුණපෑමට සිදුවූයේ නැත. කොළඹ වරායට පැමිණි ඒෂියා විෂන් නැව දැවැන්ත මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ගොඩබෑමත් සමඟම වරාය සේවකයෝ විස්‌මයට පත්වූහ.
එහෙත් බියකරු මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍ර මෙරටට ගෙනැවිත් ඇති බවට පොට්‌ටු අම්මාන්ගේ ටොසී චරපුරුෂ සේවාවට වාර්තා වූයේ නැත. ටොසී බුද්ධි සේවාව ලත් මුල්ම පරාජය එය බව ප්‍රභාකරන් පසුව පැවසීය.

5-3

සුදු කොඩි ඔසවා යටත් වීමේ කාල සීමාව දික්‌ කරන්නේ නැතැයි ප්‍රභාකරන් දැනුම් දෙන අවස්‌ථාවේ යෝධ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රයක්‌ සහ ග්‍රාඩ් රොකට්‌ හතළිහක්‌ යාපනයේ සූදානම්වී තිබුණි.මොහොතකින් එම යන්ත්‍රයෙන් ප්‍රභාකරන්ගේ කොටි හමුදාව සිටි ප්‍රදේශයට එකවර රොකට්‌ ප්‍රහාර 40 ක්‌ එල්ල විය. සිදුවූයේ කුමක්‌දැයි තේරුම් ගැනීමට ප්‍රභාකරන්ට හා කොටි හමුදා නායකයන්ට නොහැකි විය.

නොකඩවා එල්ල වූ ග්‍රාඩ් රොකට්‌ ප්‍රහාර හමුවේ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තයෝ වන්නියට පැන ගියහ.මේ නිසා යාපනය ඇද වැටෙනු ඇති බවට පුවත අපේක්‍ෂාවෙන් සිටි විදෙස්‌ වාර්තාකරුවෝ දුක්‌මුසු ලෙසින් මෙරටින් පිටව ගියහ.

වන්නියට පැනගිය ප්‍රභාකරන් ඒ වන විටත් ශ්‍රී ලංකා හමුදාවට මල්ටි බැරල් රොකට්‌ ලබාගෙන ඇති බව දැන සිටියේ නැත.ප්‍රභාකරන්ගේ ප්‍රකාශයක්‌ විකාශනය කළ ලන්ඩන් කොටි කාර්යාලය පැවසුවේ බලවත් රටවල් ශ්‍රී ලංකාවට බලගතු ආයුධ සපයා ඇති බවයි.

යාපන අර්ධද්වීපයේ සිටි 40,000 ක හමුදාව බේරා ගැනීම සඳහා මයික්‌ ස්‌මර්ස්‌ නමැති චෙක්‌ නිලධාරියා දියත් කළ රහසිගත මෙහෙයුම එදා හෙළි වූයේ නම් ප්‍රභාකරන් අනිවාර්යයෙන්ම යාපනයට කඩිනමින් ප්‍රහාර එල්ල කරනු නියතය.මයික්‌ ස්‌මර්ස්‌ ශ්‍රී ලංකා හමුදාවට මල්ටි බැරල් රොකට්‌ සපයන බව ඉන්දීය – රෝ බුද්ධි සේවාවට වාර්තා වූයේ නම් එම ක්‍රියාදාමය නතර කිරීමට ඉන්දීය රජයද ක්‍රියා කරනු ඇත.

එහෙත් ස්‌මර්ස්‌ගේa මෙහෙයුම මෙරට ආරක්‍ෂක විශ්ලේෂකයකු යෑයි හඳුන්වා ගන්නා තැනැත්තකුට පවා හෙළි වූයේ නැත. ශ්‍රී ලංකාවට මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර කඩිනමින් ලබාදීමේදී අපි ප්‍රශ්න රැසකට මුහුණ පෑවා. අපිට වරායක්‌ නෑ. පෝලන්තයේ වරායේ සිට මල්ටි බැරල් එවීමට ක්‍රියා කළහොත් රහස එළිවෙනවා. ඒ නිසා ප්‍රාග් අගනුවර සිට චෙක්‌ රාජ්‍යයේ ප්‍රාදේශීය ඔස්‌ට්‍රාවා ගුවන්තොටුපළට මල්ටි බැරල් හා ග්‍රාඩ් රොකට්‌ දුම්රියෙන් ප්‍රවාහනය කළා.

එම දුම්රියේ අධි බල පුපුරන ද්‍රව්‍ය ලේබල් ඇලවීමට ක්‍රියා කළා යෑයි ස්‌මර්ස්‌ හෙළි කළේය. ඒ වන විට අපි රුසියානු ඉලුෂින් යානාවක්‌ කුලියට ගෙන තිබුණා. මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රය හා ග්‍රාඩ් රොකට්‌ රැගත් ඉලුෂින් යානාව පැරණි සෝවියට්‌ ප්‍රාන්තයක්‌ වූ අසර්බයිජානයේ බාකු ගුවන්තොටුපළට ගොඩබස්‌සා එහි රඳවා තිබුණේ අසර්බයිජාන් ගුවන් හමුදාවයි.

ශ්‍රී ලංකාවේ හමුදාව බේරා ගැනීම සඳහා මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර අත්‍යවශ්‍ය වූ අවස්‌ථාවේ එවකට රුසියානු ජනාධිපතිව සිටි ප්‍රයිස්‌ අසර්බයිජාන් බලධාරීන් අමතා යානාව මුදා හැරීමට සහය විය. මයිකල් ස්‌මර්ස්‌ ඇතුළු කණ්‌ඩායම දෙවැනි වරටත් ඔස්‌ට්‍රාවා ගුවන්තොටුපළේ සිට එවූ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රය ද රැගත් බොයින් යානාවද අතුරුදන් වී තිබුණි.

මේ බොයින් යානාව එක්‌සත් එමීර් රාජ්‍යය අහසේ එන අවස්‌ථාවේ මිරා- ප්‍රහාරක යානා දෙකක්‌ විසින් වට කිරීම නිසා පුජාරා ගුවන් තොටුපළට ගොඩ බස්‌සා ඇත. එහෙත් එම යානාව ද මුදා හැරීමට එවකට සිටි ශ්‍රී ලංකා රජයට හැකි විය.චෙක්‌ රාජ්‍යය මෙරටට මල්ටි බැරල් සැපයූවේ අතිශයින්ම දුෂ්කර වූ තත්ත්වයක්‌ මතය. මේ බලගතු අවි ශ්‍රී ලංකාවට සැපයීම ව්‍යර්ථ කිරීමට චෙක්‌ ආරක්‍ෂක ඇමැති ඩේවිඩ් නියෝග කළත් චෙක්‌ පාර්ලිමේන්තුව ඊට ඉඩ දුන්නේය.

5-4

ඒ වන විට ශ්‍රී ලංකා හමුදාවට තිබුණේ මි. මී. 122 මි. මී. 152 වැනි කාලතුවක්‌කු බතරොයි පමණකි.
මල්ටි බැරල් රොකට්‌ මෙරටට ගත යුතු යෑයි හමුදා බලධාරීන් වෙත යෝජනා වූ අවස්‌ථාවේ එක්‌ බ්‍රිගේඩියර්වරයෙක්‌ ඊට මුළුමනින්ම එරෙහි විය. මල්ටි බැරල් වලින් හමුදාවට වැඩක්‌ නැහැ යෑයි හෙතෙම කියා සිටියේය.

එසේ වුවත් චෙක්‌ රාජ්‍යය සැපයූ මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍රය මගින් ග්‍රාඩ් රොකට්‌ ප්‍රහාර එල්ල වෙද්දී සෙබළු ප්‍රීති ඝෝෂා කළහ. මෙම ග්‍රාඩ් රොකට්‌ වුවත් කිලෝ මීටර් 21 දුරට යෑවීමට හැකිය. තත්පර 35 ක්‌ වැනි කාලසීමාවකදී ග්‍රාඩ් රොකට්‌ 40 ක්‌ යෑවීමෙන් සතුරු ආගමනය මුළුමනින්ම නතර කළ හැකිය.

2009 මැයි 19 දා කොටි යුද්ධය අවසන් වනතුරුම ප්‍රභාකරන්ට එකම මල්ටි බැරල් යන්ත්‍රයක්‌වත් පැහැර ගැනීමට හැකි වූයේ නැත. කොටි හමුදාව මුහුණපෑ බලවත්ම ප්‍රහාරක අවිය මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රයයි.

මේ බලගතු ප්‍රහාරක අවි ඉන්දියාවට පවා නොමැත. ශ්‍රී ලංකාවේ හමුදාව මෙන්ම ඉතියෝපියානු හමුදාවක්‌ එරිත්‍රියානු බෙදුම්වාදීන් හමුවේ පරාජය වන තත්ත්වයට පත්වුණා. එහෙත් අපි මල්ටි බැරල් ප්‍රහාර යන්ත්‍ර ඉතියෝපියාවට ලබාදීමෙන් දින 7 කදී යුද්ධය නිමාවුණා යෑයි මයික්‌ ස්‌මර්ස්‌ කියා සිටියේය.මේ පසුබිම මැද ශ්‍රී ලංකාවේ හමුදාවට මල්ටි බැරල් ගෙන්වා වසර 16 ක්‌ ගතවේ. එදා මල්ටි බැරල් මගින් යාපනය බේරා නොගත්තේ නම් වන්නි මෙහෙයුම දියත් කිරීම දුෂ්කර වනු නියතය.

මේ අතර ශ්‍රී ලංකා හමුදාව කොටි සංවිධානයට එරෙහිව මල්ටි බැරල් යන්ත්‍ර මගින් ප්‍රහාර එල්ල කර ඇති බවත් සිවිල් වැසියන් ද ඊට ගොදුරු වී ඇති බවට චෝදනා එල්ලවිය. මේ සාවද්‍ය ප්‍රකාශ නිසා චෙක්‌ රාජ්‍යයද ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඡන්දය පාවිච්චි කරනු ලැබීය.එහෙත් ශ්‍රී ලංකාවට මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ සැපයුවේ චෙක්‌ රාජ්‍ය බව චෙක්‌ බලධාරීන්ට අමතක විය.

එසේම ශ්‍රී ලංකා හමුදා බලධාරීන්ද පසුව චෙක්‌ මන්ටි බැරල් යන්ත්‍ර සඳහා ග්‍රාඩ් රොකට්‌ මිලයට ගත්තේ චෙක්‌ රාජ්‍යයට එරෙහි ස්‌ලොවැකියාවෙනි.මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍ර මෙරටට ගෙන්වා වසර 14 ක්‌ සපිරෙන අවස්‌ථාවේ කලකට පෙර තවත් සිද්ධියක්‌ වාර්තා විය. ඒ එක්‌තරා හමුදා නිලධාරියකු එම යන්ත්‍රවලට අවශ්‍ය හයිඩ්‍රෝලික්‌ තෙල් වෙනුවට පොල්තෙල් භාවිත කරන ලෙස උපදෙස්‌ දීමය.

කොටි යුද්ධය දිගින් දිගටම පවත්වාගෙන යැමේ ආශාවෙන් පෙළුණු ඇතැම් හමුදා බලධාරීහු මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර මෙරටට ගෙන ඒම ගැන සතුටු වූයේ නැත. ඔවුන් කිසිවෙක්‌ 40000 ක හමුදාව බේරා ගැනීමට මල්ටි බැරල් රොකට්‌ හා ග්‍රාඩ් රොකට්‌ ගෙන ආ යුතු බව ඉහළ පෙළේ ආරක්‍ෂක බලධාරීන්ට නිර්දේශ කළේ නැත. එහෙත් අපි අපේ යුතුකම ඉටු කළෙමු.

 

Read Full Post »

නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න…

දෙදිනකට පෙර දුටු අතරමඟ වූ සියලු දසුන් යළි දැසේ රඳවාගනිමින් අපි දෙහිවත්ත සිට යළිත් සේරුනුවර මාර්ගයට පිවිස කන්තලේ දෙසට ගමන් කරන්නට වීමු. අපේ ගමන් සගයාගේ වේගය එසේමය. ඒ පිළිබඳ කතා කරන්නට දෙයක්‌ නැත.

රථයේ පසුපස අසුනට වී සිටින බන්දු මල්ලීත්, කපිල සහ චන්ද්‍රසෝම මහතාත් සුපුරුදු ලෙසම මහා සංවාදයකට පැටලී සිටිති. තර්ක විතර්ක මැද කෙරෙන ඔවුන්ගේ සංවාදය උච්ඡස්‌වරයට ළඟා වන ඇතැම් අවස්‌ථාවන්හිදී අනෙකා පරයන හාස්‍යජනක වදන්ද පිටවන්නේ අපගේ මුවගටද සිනහ උපදවමිනි.

එහෙත් සිනහසෙන්නට නොහැකිය. වෙනම පරිපාලන ඒකක, වෙනම කලාප ආදී දේශපාලන කතාබහ අතරේ මුස්‌ලිම් මූලධර්මවාදය සමඟ නැගෙනහිර මතුවෙමින් තිබෙන අනාගත බෙදුම්වාදී භීෂණයේ සෙවනැළි අපේ සිනහව උදුරාගෙන ගොසිනි.

එකී බෙදුම්වාදී සෙවනැළි අතර සිරවී අසරණව සිටින මේ මිනිසුන්ගේ අෙ¹aනාවන්ගෙන් දෙසවන් පිරී ඇත. එහෙත් අපට කිසිවක්‌ කළ නොහැකිය. කළ හැකි කිසිවකුත් කිසිවක්‌ කරන වගක්‌ද පෙනෙන්නට නැත. තරගයට දැන් සියල්ල සූදානම්ය. තරඟාරම්භයේ සංඥව පමණක්‌ තවම නිකුත් වී නොමැත. නමුත් ඒ සංඥව නිකුත් වූ කල තරගය ඇරඹෙනු ඇත. එදාට අපි කුමක්‌ කරමුද?

කිසිදා දකින්නට නොලැබුණු එහෙත් පොතපතින් දැන සහ අසා ඇති ඒ අතීතය මගේ සිහියට නැඟෙන්නට වූයේ නිරායාශයෙනි. මීට තිස්‌වසරකට පෙර වූ එකී අතීතයේදී වෙලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු පුංචි කල්ලිය යාපනය නගරාධිපතිව සිටි දොරේ අප්පා මහතා මරා දැමූ විට දකුණේ සිටි අපේ මිනිසුන් ඒ දෙස බැලුවේ සැහැල්ලුවෙනි.

එම ඝාතනයත් සමග එකල රජය ඒ පිළිබඳ පරීක්‍ෂණයට කොළඹ සිට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යාපනයට යෑවීය. කිසිවකුත් නොසිතූ පරිදි ඔවුන්ද ඝාතනය විය. එහෙත් දකුණේ සිටි මිනිසුන්ට එහිද වගක්‌ නොවීය.

පසුව යාපනයේ සිටි ප්‍රභාකරන්ගේ කල්ලිය 1983 දී යුද හමුදා සෙබළුන් දහතුන් දෙනකුද ඝාතනය කළහ. එහෙත් දකුණේ මිනිසුන් සිටියේ යාපනයේදී එසේ කළාට ප්‍රභාකරන්ට දකුණට පැමිණ සෙල්ලම් කළ නොහැකිය යන මතයක විය.

නමුත් අවසානයේ ප්‍රභාකරන් කොළඹ පිටකොටුවේදී කාර් බෝම්බයක්‌ පුපුරවා හරිමින් මහා විනාශයක්‌ කළේය. එදා නම් දකුණේ අපට ප්‍රභාකරන්ගේ සහ කොටි ත්‍රස්‌තවාදයේ තරම හොඳින් දැනිණි. එහෙත් ඒ වන විට අප ප්‍රමාද වූවා වැඩිය.

අද දවසේ නැගෙනහිර ගොඩනැඟී තිබෙන්නේද අප දන්නා එකී අමිහිරි අතීතයේදී ප්‍රභාකරන් දොරේ අප්පා මරා දැමීමට පෙර යාපනයේ තිබූ පරිසරයට සමාන වූ පරිසරයකි. එහි කිසිදු වෙනසක්‌ නැත. ඉතින් සිදුවිය යුත්තේ අතීතයේ කළ වරද නැවත වතාවක්‌ සිදු කිරීමද?

නැත. යථාර්ථය පෙනි පෙනීත් මේ රටේ මිනිසුන් ලෙයින්, කඳුළින් සහ ජීවිතවලින් වන්දි ගෙවනතුරු නිකම් බලා සිටීමට කිසිවකුටත් අයිතියක්‌ නැත. අපේ සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුන් සහ අප අතර ඇත්තේ චිරාත් කාලීන මිතුදමකි. එහෙත් ඒ මිතුදම සුණු විසුණු කරමින් මේ මතුවෙමින් තිබෙන්නේ මුස්‌ලිම් මූලධර්මවාදයේ බිහිසුණු බවය. ඊට විසඳුමක්‌ අප සොයාගත යුතුම ය.

සේරුනුවර කන්තලේ මාර්ගය ඔස්‌සේ කන්තලේ සීමාව දක්‌වාම පැමිණි අපේ ගමන් සගයා එක්‌ ස්‌ථානයකදී දකුණතට හැරවුමක්‌ ගනිමින් අපේ රථය එක්‌තරා අතුරු මාර්ගයකට හරවනු ලැබීය. සැබවින්ම එය මාර්ගයකැයි කීවද එය නමට තිබෙන්නකි. බාධක ධාවනයට නම් එය අපූරු ඉසව්වකි.

එකී හැරවුමත් සමඟ මම ඔහු ඇමතීමි. “මල්ලී අපි මේ කොහෙටද යන්නේ..” මගේ ඒ විමසීමත් සමග ඔහු මට පිළිතුරු දෙන්නට විය.

“අයියේ.. අපි දැන් යන්නේ නැගෙනහිර බිමේදී කවදාවත් අපේ මිනිස්‌සුන්ට අමතක කරන්න බැරි ගම්මාන තුනක්‌ හරහා ගිහින් මනිරාසකුලම් කොටි කඳවුර තිබුණු කැලේ මැදින් මුස්‌ලිම් මූලධර්මවාදයේ තවත් අධිරාජ්‍යයක්‌ ගොඩනැඟී තියෙන කින්නියාවලට යන්න.

ඉස්‌සරහට අපිට හම්බ වෙන්නේ වාන්ඇළ, පන්සැල්ගොඩැල්ල, ජයන්තිපුර කියන සිංහල ගම්මාන. මේ ගම් තුන ත්‍රස්‌තවාදීන්ගේ කාලේ මුළු රටේම ප්‍රසිද්ධ වුණු ගම්මාන තුනක්‌. මොකද මෙවයේ හිටිය මිනිස්‌සු ඒ කාලේ හැම දවසකම කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් ගුටි කෑවා.

කොටි ත්‍රස්‌තවාදීන් මේ ගම්වලට කඩා වැදිලා පවුල් පිටින් කපල කොටලා මරලා දැම්මා..” අපි මුලින්ම ඇතුළු වූයේ පන්සැල්ගොඩැල්ල ගම්මානයට ය. අපේ සගයා එක්‌ අතක්‌ දිගු කර මට ඈතින් තිබෙන පාලුවට ගිය නිවසක්‌ පෙන්වා සිටී. මම විමසිල්ලෙන් ඒ දෙස බැලුවෙමි. කිසිවකුත් ඒ නිවසෙහි සිටින බවක්‌ පෙනෙන්නට නොවේ. අද එකී නිවසට හිමිකාරයකුද නැතිසේය. මන්ද ඉකුත් කාලයේ ත්‍රස්‌තවාදීහු එහි විසූ මිනිසුන් සියලුම දෙනා මරා දමා ඇත්තාහ.

පන්සැල්ගොඩැල්ලේදී පමණක්‌ නොව හිමිකරුවකු නොමැතිව එසේ පාලුවට ගිය නිවාස රැසක්‌ ජයන්තිපුර සහ වාන්ඇළ ගම්මාන පසුකර යන විටද මගේ නෙත ගැටිණ. මේ ගම්මානවල මිනිසුන් ඒවායෙහි පදිංචි වී ඇත්තේ 1956 දී සිදු කෙරුණු ජනපදකරණ ව්‍යාපාරයට අනුවය.

නමුත් ඒ මිනිසුන් මෙහි පැමිණ අදට වසර හතළිහක්‌ ගතවී ඇතත් ඔවුනට බීමට ජල බිඳක්‌ එගම්හි නැත. එකී ජල ප්‍රශ්නය නිසාම එදා ත්‍රස්‌තවාදයෙන් බැට කෑ ඔවුහු අද වකුගඩු මාරයාගේ ගොදුරු බවට පත්ව සිටිති. එහෙත් ඔවුනට බොන්නට ජල බිඳක්‌ නොමැති වුවද එකී ගම්මාන කෙළවරදී හමුවන කින්නියා සීමාවේ තෙකලා විදුලිය සමඟ නළ ජලය අපූරුවට හතර අත විහිදී ඇත.

සතියට දෙවරක්‌ ගමේ පාර ඔස්‌සේ එන ජල බවුසරයෙන් රුපියල් විස්‌සක්‌ ගෙවා වතුර කෑන් එකක්‌ ගෙන පිපාසාව නිවා ගන්නා පන්සැල්ගොඩැල්ල, ජයන්තිපුර සහ වාන්ඇළ ජනතාව සාපිපාසය ඉදිරියේ අද අසරණව සිටිනුයේ ඉතා ශෝචනීය ලෙසිනි. මේ වන විට නැගෙනහිර ක්‍රියාත්මක මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිලුණු රාජ්‍ය නිලධාරි මාµsයාව ඔවුනට සලකා ඇත්තේ ලැඡ්ජා සහගත අයුරින් යෑයි කිවහොත් එය නිවැරදිය.

අප එම ගම්මාන ඔස්‌සේ පැමිණ වාන්ඇළ පොලිසිය පසුකර යද්දී හමුවන අයිලඩි හන්දියෙන් යළි දකුණතට හැරී ඒ මහ වන මැදින් කින්නියා යන ගමන ඇරඹීමු.

මහ වන මැදින් කීවාට අද එහි කැලෑවක්‌ නැත. නැගෙනහිර පුරා ක්‍රියාත්මක මුස්‌ලිම් මූලධර්මවාදය විසින් ඒ කැලෑ බිම හෙළි කර සිය ජනව්‍යාප්තිය සිදු කර අවසන්ය. අපි එසේ විනාශයට ඇද වැටී ජනපදකරණය වී තිබෙන එකී බිම ඔස්‌සේ අතීතයේ ඒටීටීඊය රජ කළ මනිරාසකුලම් කොටි කඳවුර තිබූ භූමිය දක්‌වාම පැමිණියෙමු.

අපූරුය. මහ වන මැදින් ඇදී යන තෙකලා විදුලි රැහැන් එහි ඉදිවන නව නිවාසයන්ට විදුලිය සපයමින් තිබෙන්නේය. මනිරාසකුලම් පැරණි කොටි කඳවුර අද හමුදා සෙබළු කිහිප දෙනකු රාජකාරී කරන හමුදා කඳවුරක්‌ව තිබේ. ඒ ආසන්නයේ ඇති වඳුරා පැන්න වැව හෙවත් කොරංගපාඥ්ඥංකුම් වැව මේ බිමේ සිදුවන සියල්ල දෙස බලාගෙන මහා දියකඳ සමග නිසොල්මන්ව සිටී.

කැලය මැද බැකෝ යොදා අලුතින්ම කුඹරු තැනෙන අයුරුද බලන්නට අපූරුය. මහ කැලයක එදා තිබූ මනිරාසකුම් පැරණි කොටි කඳවුරට යන ගුරු පාරේ එක්‌ තැනක පාසලකි. එහි සිසුන් අධ්‍යාපනය ලබන්නේ දැයි යන්න අපි නොදනිමු. එහෙත් පෙර පැවති මහා කැලයක්‌ මැද අද ඉදිවී තිබෙන එකී පාසලට ඉගෙනුම සඳහා දරුවන් එන්නේ කොහේ සිටද යන්න සිතන කල ඇති වන්නේ මහා ගැටලුවකි.

මේ පාසල ඉදිව ඇත්තේ නැගෙනහිර මුස්‌ලිම් ව්‍යාප්තකරණයට අනුව අනාගතයේ මනිරාසකුම් පැරණි කොටි කඳවුර සමීපයේ නිර්මාණය වීමට නියමිත මුස්‌ලිම් ගම්මානයක්‌ වෙනුවෙන් ම විය යුතුය. අද එය පාලුවට ගිය ගොඩැනැගිලි කිහිපයක්‌ සේ අපට දිස්‌වනුයේ ඒ නිසා විය යුතුය. එය නැගෙනහිර ක්‍රියාත්මක මුස්‌ලිම් ව්‍යාප්තවාදයේ තරම පැහැදිලි කරන්නට ඇති වටිනා සාධකයක්‌ වැන්න.

කොරංගපාඥ්ඥංකුලම් වැව් බැම්ම මතට ගොඩවූ අපි ඒ මහා ජලකඳ සිඹ එන සිසිල් සුළඟින් මඳකට ගත වෙහෙස නිවා ගතිමු. දැන් උදයේ නැගුණු ඉර අවරට යමින් තවත් හෝරා කිහිපයකින් සැඳෑ අඳුර ළඟා වීමේ පෙරනිමිති පහළ වී තිබේ.

ඉතින් මේ ලබන විවේකය තවත් විඳ ගනිමින් කොරංගපාඥ්ඥකුලම් වැව් ඉස්‌මත්තේ වැඩි වේලාවක්‌ රැඳී සිටීමට ඇති සිතේ ආශාව කාලය විසින් අපෙන් උදුරා ගනිමින් සිටී. එහෙයින් අපි යළිත් මනිරාසකුලම් පැරණි කොටි කඳවුර සමීපයෙන් ඉදිරියට යමින් කින්නියා මුස්‌ලිම් අධිරාජ්‍යය වෙත යැමේ ගමන යළි ඇරඹීමු.

අපේ ගමන් සගයා ඒ දුෂ්කර බිමේ හරි අපූරුය අප යන රථය හසුරුවමින් සිටී. වළ ගොඩැලි සහිත ඒ බිමේ ඇඟට පතට නොදැනෙන සේ ඔහු යන අයුරින් රථයක්‌ පදවාගෙන යැමද සැබැ දක්‍ෂකමකි. එසේ කැලයක්‌ නොවූ කැලෑ මඟ ඔස්‌සේ පැමිණි අපි තවත් හෝරාවක පමණ කාලයකදී සුරංගල් මංසන්ධියද පසුකරමින් කින්නියා සීමාවට ඇතුළු වූයෙමු.

යළිත් කියන්නට දෙයක්‌ නැත. මුතූර්හි මෙන්ම කින්නියා මුස්‌ලිම් අධිරාජ්‍යයේ ආරම්භක සීමාවේ පටන්ම ඒ සුරපුරය ගොඩනැඟී ඇත. පුදුමයකි. නැගෙනහිර බිමේ වෙසෙන සිංහල ජනතාව අපාගත වූන් මෙන් සිටියදී ඒ අපාය පේන මානයේ මෙසේ සුරපුර වන් ගම්මාන බිහිකෙරෙනුයේ කුමක්‌ අරබයාද?

කතා දෙකක්‌ නැත. ඒ අද නැගෙනහිර ක්‍රියාත්මක මුස්‌ලිම් මූලධර්මවාදය සමඟ වන ව්‍යාප්තවාදයේ අනුහසය. කින්නියා සීමාවට ඇතුළු වූ තැන පටන් එකදු ගුරුපාරක්‌ හෝ දකින්නට නැත. එක්‌කෝ ඒවා කාපට්‌ අතුරා අපූරුවට ගොඩනඟා ඇත. නැතහොත් කොන්ක්‍රීට්‌ යොදා මනාව සකස්‌ කර තිබෙන්නේය.

අපි ඒ සියල්ල දැසින් දැක බලා ගනිමින් සැඳෑ අඳු හතරවටින් එබිකම් කරද්දී කින්නියා නගර සීමාවටද ළඟා වණෙමු. පෙරදා රැයක මුතූර් අරාබි පුරයේදී දුටු සියල්ල අඩු නැතිව කින්නියා ප්‍රදේශයේද ඉදි වී අවසන්ය. තැනක මහා දැවැන්ත ලෙස ඉදි කෙරුණු පල්ලිය. තවත් තැනක සියලු යටිතල පහසුකම් සමඟ වූ පාසල්ය. ඒ අතරේ අපූරුවට නිමා වූ නිවාස සහිත ගම්මානද ඈතින් දිස්‌ වන්නේය.

අප මුතූර්හිදී දුටු මෙරට උපන්නවුන් දැයි සිතා ගත නොහැකි කොළපාට තලප්පා දැමූ ඒ හැඩි දැඩි මිනිසුන් මෙහිද සිටී. පෙනෙqමෙන් ඔවුන් මෙහි සිට මුස්‌ලිම් මූලධර්මවාදය පතුරුවන ආරාබින් දැයි සැක සිතේ. මෙරට ආගමන විගමන නීතියක්‌ක්‍රියාත්මක වෙද්දී මේ මිනිසුන් මෙහි පැමිණ එසේ හැසිරෙන්නේ කෙසේද? එය අදාළ වගකිවයුත්තන් සිහිබුද්ධියෙන් විමසා බැලිය යුත්තකි.

මේ සියල්ලේ මතකය හදවතේ රඳවාගෙන අපි කින්නියාවත් ත්‍රිකුණාමලයත් යාකර ගොඩනැඟු=ණු ඒ දැවැන්ත පාලම මතින් අපේ නවාතැන වෙත යන ගමන ඇරඹීමු. මගේ සිතට බොහෝ සිතුවිලි පහල වෙමින් තිබේ. ඒ සියල්ල අකුරු කළ නොහැකිව ඇත. මන්ද මේ සංචාරයේදී ලද අත්දැකීම් සහ දුටු දසුන් මගේ සිතට භීතියක්‌ එක්‌ කර තිබෙන්නේය.

මේ සිදුවෙමින් තිබෙන්නේ අනාගත ව්‍යසනයක ආරම්භයම නොවේද?

Read Full Post »


නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න…
අප ආ මඟ ඔස්‌සේම වෙරුගල් සිට යළි සේරුනුවර දෙසට ගමන් අරඹා වැඩි වේලාවක්‌ ගත නොවීය. තව්තිසාවත් අපායත් එක ළඟ යෑයි හැඟෙන ඒ මහා වෙනස දැන් නැවතත් ඇස්‌ මානය දක්‌වාම පෙනෙන්නට ඇත. අපේ ගමන් සගයා සුපුරුදු පරිදි රථයේ වේගය ගනිමින් සිටී. ඒ අතරේ මම සියල්ල පිළිබඳ මොහොතක්‌ කල්පනා කළෙමි.

ඇස ගැටෙන මේ වෙනස තුළ අනාගත සන්නද්ධ බෙදුම්වාදයක පෙරනිමිති සමඟ ජාතිවාදය, වර්ගවාදය ආදී ලෙසින් වූ බොහෝ දේ දකින්නට ඇත. ඒ අතරේ මුස්‌ලිම් ව්‍යාප්තවාදය මතින් අද නැගෙනහිර බිමේ රහසේම සීමා මායිම්ද සටහන් වන්නේය. මෙහි ගොඩනැගී ඇති ආරාබි සුරපුරයේ සුන්දරත්වයත්, ඉන් බෙදී වෙන්වී යමින් තිබෙන ජනවාර්ගික සුහදත්වයත් රටට කියමින් සිටින්නේ මහා ෙ€දනීය අනාවැකියකි.

“මේ බිම යළි විශාලා මහ නුවරක්‌ වන පෙරමඟ ලකුණු පහළ වී ඇති වග සියල්ලන් වටහා ගනිල්ලා” යනුවෙන් ඒ අනාවැකියේදී අවසානයටම කියෑවෙමින් තිබෙන්නේය. එහෙත් යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ විධායක ක්‍රමය ඇතුළු දේ ගෙන දොඩවනවුන්ට එය නොවැටහෙන්නේය. නොවැටහීම නොව සැබැවින්ම සිදු වතිබෙන්නේ බලය වෙනුවෙන් නොවැටහෙන්නවුන් ලෙස රැඟීමය.

මොවුන් එක්‌ වී යකා බදාගෙන නටන අතරේ “මොන පිස්‌සුද මූ යකා නොවේ” යෑයි පවසමින් ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ විධායක බලය ආදී ලෙසින් රටට ඇසෙන්නට අද බයිලා කියන්නේද ඒ නිසාය.

මේ බයිලා අසන ඇතැම්හු යකා යකාම බව දැන දැනත් හුරේ දමන්ටද පෙළ ගැසී සිටිති. සිදුවෙමින් තිබෙන්නේ ඒ ටිකය. අප බෝම්බ මතින් ඇවිද ගිය ජාතියක්‌ බව කිසිවකුගේත් මතකයේ නැත. ඒ අතරේ අපට පෙනෙන්නට මෙතෙක්‌ වෙස්‌වලාගෙන සිටි යකුන් දැන් තම තමන්ගේ විමාන තනන්නට ගමන යමින් සිටින්නේ අපූරු ලෙසිනි.

මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි අළු යට සැඟවී තිබෙන නැගෙනහිර බිමේ තමන්ගේය කියන කලාප ඉල්ලන රාවුµa හකීම්ලා මෙන්ම බදියුදීන් ඇතුළු මෙරට මුස්‌ලිම් දේශපාලනය අද මහින්ද රාජපක්‍ෂ හැර යන්නේ ඒ අනුවය. ඉලංකෙයි තමිලරසු පක්‍ෂයේ නොහොත් නාමික දෙමළ ජාතික සන්ධානයේ පක්‍ෂ ව්‍යවසAථාව මගින්ම ප්‍රකාශ කරන පරිදි පැහැදිලිවම බෙදුම්වාදය ඉල්ලන ආර්. සම්බන්ධන් ඇතුළු ටීඑන්ඒ නඩය යකා හා නටන්ට රිසිවුන් සමඟ සන්ධානගත වන්නේද ඒ නිසාමය.

මෙරට මුස්‌ලිම් සහ දෙමළ දේශපාලනය, මේ බිමෙන් තමන්ගේය කියන කොටසක්‌ ඩැහැ ගැනීමේ බෙදුම්වාදය තුළ සැමදා සිටි බව කාටත් රහසක්‌ නොවන්නකි. මීට වසර තිස්‌ අටකට පෙර 1976 දී ඇතිකරගත් වඩුක්‌කෝඩෙයි සම්මුතිය තුළින් සහ 2003 ඇති කර ගත් ඔලුවිල් සම්මුති මගින්ද ඔවුන් සපථ කර සිටියේa එකී බෙදුම්වාදය ය. ඔවුහු හෙට දවසේද ඒ තුළම සිටිති. එහි කිසිදු වෙනසක්‌ නම් නැත. එය එසේ නොවන්නේයෑයි කියන්නට කිසිවකුටත් නොහැකිය. මෙරට මුස්‌ලිම් සහ දෙමළ දේශපාලනය බෙදුම්වාදයෙන් ඉවත් වන්නේ යෑයි සහතික වන්නට අද යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියමින් වෙනසක්‌ සොයන අයට හැකිවේද? නැත. බලය හමුවේ කරන බොරුවකින් මිස සැබෑ ලෙස එසේ සහතික වන්නට කිසිවකුටත් නොහැකිය.

ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය වනසා තිස්‌ වසරකට පසු එක්‌සේසත් කෙරුණු අප උපන් බිමට මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌ද? තල්අත්තට බෙලි ගෙඩිය වැටුණේ හාවා බිය වූ අපේ ජනවහරේ එන කැලෑ කතාවේදීය. එහෙත් මේ සිදුවෙමින් තිබෙන්නේ සෑබැවටම ජාතියේ හිස මතට අහස කඩා පාත් කිරීමට සැරසීමය.

මගේ සිතට නැඟුණු ඒ සිතුවිලි අතරේ බන්දු මල්ලීත්,, කපිල හා චන්ද්‍රසෝම මහතාත් රථයේ පසුපස අසුනට වී බර දේශපාලන සංවාදයක පැටලී සිටිති. අප දැන් සිටින්නේ සේරුවිල නගරයද පසුකර පෙරදා පැමිණි මඟ ඔස්‌සේ යළි කන්තලේ දෙසට ගමන් කරමිනි. නැගෙනහිර බිමේ හතර අතට විහිදී යන අතුරු මාවත් පිළිබඳ අපේ ගමන් සගයාට ඇත්තේ වටිනා අවබෝධයකි. එය අගය කළ යුත්තේමය.

කන්තලේ සේරුනුවර මාර්ගය ඔස්‌සේ පැමිණි අප රථය ඔහු එක්‌ මංසන්ධියකදී පටු මාවතකට හරවනු ලැබුවේ ඒ දැනුම සමඟය. එකී හැරවුමෙන් පසු යළිත් ඔහු සිය හඬ අවදි කරමින් මා අමතන්නට වූවේය.

“අයියේ.. අපි දැන් යන්නේ දෙහිවත්ත කියන ගමට. ඇත්තටම දෙහිවත්ත ගම කියන්නෙත් එල්ටීටීඊ එක නිසා හොඳටම බැට කාපු ගමක්‌. ඒත් මේ ගමේ හිටිය මිනිස්‌සු දෙහිවත්ත අතඇරලා පැනලා ගියේ නැහැ. ඔවුන් ත්‍රස්‌තවාදීන් එක්‌ක ජීවිත පරදුවට තියලා ගැටුණා.. අපි යමු. ගමට ගියහම අයියට වැදගත් විස්‌තර ටිකක්‌ ගන්න පුළුවන් වෙයි. එදා කොටි ත්‍රස්‌තවාදයෙන් බැට කාපු ඒ මිනිස්‌සු අද මුස්‌ලිම් මූලධර්මවාදයේ වගේම තවමත් තැනින් තැන සිද්ධ වෙන දෙමළ බලහත්කාරයේ ගොදුරු වෙලා ඉන්න විදිහත් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි..”

මෙසේ මා සමඟ කතා කරන අතරේ තවත් කිලෝ මීටර් කිහිපයක්‌ ඉදිරියට අප රැගෙන ගිය හේ එක්‌ තැනකදී යළි රථය පටු ගුරු පාරකට හරවනු ලැබීය. එකී හැරවුමෙන් පසු ඒ ගුරුපාර ඇත්තේ කොටි ත්‍රස්‌තවාදයෙන් බැට කෑ මිනිසුන් වෙසෙනා දෙහිවත්ත ගමට යන්නට බව ඔහු මට කියන්නට වූයේ එන අතරමග දුටු අද නැගෙනහිර බිමේ මුස්‌ලිම් ගම්මාන පුරා විසිරී තිබෙන කාපට්‌ හා කොන්ක්‍රිට්‌ ඇතිරූ මාර්ග පිළිබඳවද සිහිපත් කරමිනි.

සැබැවින්ම මේ සිදුව ඇත්තේ කොතරම් දුෂ්ට කමක්‌ද? නැගෙනහිර බිමේ මුස්‌ලිම් ගම්මාන වෙත යන්නට ඇති මංමාවත් මනා ලෙස සැකසෙද්දී එහි ක්‍රියාත්මක මුස්‌ලිම් රාජ්‍ය නිලධාරි මාµsයාව දෙහිවත්ත ගමට දක්‌වා ඇත්තේ නින්දිත සැලකිල්ලක්‌මය. අපි තවත් ඉදිරියට ගියෙමු. අවසානයේ දෙහිවත්ත ගම මැද ඉදිකර තිබෙන ලස්‌සන පුංචි බුදු මැඳුරද පසු කරමින් දෙහිවත්තේ කතාව මුල සිට අගට දැන ගැනීමේ අදහස ඇතිව අප ළඟා වූයේ සිරි මණ්‌ඩලගිරි රජමහා විහාරස්‌ථානය වෙතටය.

වේලාව දැන් පස්‌වරු දෙකද පසුවී ගොසිනි. දැනෙන කුසගින්න ඇඟට ගෙන දෙන්නේ දැඩි විඩාවකි. මණ්‌ඩලගිරි රජමහා විහාරයේ විහාරාධිපති ශාස්‌ත්‍රවේදී පණ්‌ඩිත දෙහිවත්තේ ප්‍රේමරතන හිමියෝ අපේ පැමිණීම බලාපොරොත්තුවෙන් සංඝාවාසයේ ඉදිරිපසට වී සිටිති. උන්වහන්සේගේ ශිෂ්‍ය නීලපොළ ධම්මසේන හිමියන්ද පසෙක වේ.

රථයෙන් බැසගත් අපි උන්වහන්සේලා වෙත ගොස්‌ දෙපා නමැද ආශිර්වාද ලබා ගත්තෙමු. “මහත්තයලට දැන් හුඟක්‌ බඩගිනි ඇති. අපි බත් ටිකක්‌ කාලම කතා කරමු..” උන්වහන්සේලා වෙත ගිය මොහොතේම අපේ විඩාව සැණෙකින් වටහා ගත් විහාරාධිපති හිමියන් ඒ ආරාධනාව අපට කරනු ලැබුවේ ඉතා කාරුණික ලෙසිනි.

උන්වහන්සේගේ ඒ ආරාධනාවට අනුව අපි විහාරයේ දානය ගැනීමට වූ කුඩා ශාලාව වෙත ගියෙමු. සැබවින්ම රාජමහා විහාරයක්‌ වුව දෙහිවත්ත මණ්‌ඩලගිරි විහාරය යනු බොහෝ සැපපහසුකම් ඇති තැනක්‌ නොවේ. එහි වෙසෙන විහාරාධිපති හිමියන් ඇතුළු භික්‍ෂූන් ගෙවන්නා වූ අල්පේච්ඡ දිවිය වටහා ගැනීමට විහාරස්‌ථානයේ ඇති සංඝාවාසය හා කුඩා දානශාලාව දැකීම පමණක්‌ ප්‍රමාණවත් වන්නේ යෑයි මට සිතේ.

දාන ශාලාවේ වූ මේසයක්‌ මත අපේ දිවා ආහාරය පිළියෙළ වී තිබේ. ඒ විහාරාධිපති හිමියන්ගේ ඥති පුත්‍රයකු වූ සංජීව, බන්දු අයියා ප්‍රමුඛ පිරිසකගේ සහායෙනි. ඉතින් අපි රස පිරුණු ඒ අහරින් හොඳ හැටි කුස පුරවා ගතිමු. එය අවසන යළි සංඝාවාසය වෙත ගොස්‌ විහාරාධිපති හිමියන් හා උන් වහන්සේගේ ශිෂ්‍ය හිමියන් මුණ ගැසුණෙමු. අපේ පැමිණීමත් සමඟ නායක හිමියන් අද නැගෙනහිර බිමේ ඇති දෙහිවත්ත ගම්මානයට සිදුව තිබෙන වින්නැහියිය වචන කරන්නට විය.

“මහත්තයෝ මේ ගමේ ඉන්න අපි හැමෝම යුද්දෙන් බැට කාපු මිනිස්‌සු. එදා එල්ටීටීඊ එක අපිව හෙම්බත් කරලා මේ ගම්බිම් යටකරගෙන හිටියා. ඒත් මේ ගමේ මිනිස්‌සු ගම දාලා ගියේ නැහැ. දැන් එල්ටීටීඊ එක අහවරයි. ඒත් මුස්‌ලිම් ව්‍යාප්තවාදයයි, දෙමළ ජාතික සන්ධානයයි අද ගම ආක්‍රමණය කරන්න පටන් අරගෙන.

මේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අතීතයේ තිබුණ මායිම් අද නැහැ.. 1948 හිටපු උමා මහේෂ්වරන් කියලා දෙමළ රජයේ නිලධාරියෙක්‌ සකස්‌ කරපු මායිම් සිතියමක්‌ දිසාපති කාර්යාලයේ තිබුණා. ඒකත් අන්තරස්‌දාන වෙලා. මේ වෙනකොට කොටින්ගෙන් බැට කාපු මහෛa ඉන්න සිංහල ජනතාවට ඉතුරු වෙලා තියෙන්නේ වර්ග කිලෝමීටර් දහයක විතර භූමියක්‌.

අනිත් හැම බිම් අඟලක්‌ම මුස්‌ලිම්වරුනුයි, දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදය මගිනුයි අල්ලගෙන ඉන්නේ. එදා මුතූර,¨ තංගවේලි, පච්චනූර් ගම් සීමාවේ තිබුණ සිංහල ගම්මානවල සීමාව අද දෙහිවත්ත පන්සල ළඟටම අරගෙන ඇවිත්. මෙහේ ඉන්න ආසන සංවිධායක එන්.කේ.ඩී.එස්‌. ගුණවර්ධන උන්නැහැ දන්නේ නැහැ මේ සීමා මායිම්වල හතර කොනවත්. රජයේ නිලධාරින් දන්නෙත් නැහැ. සමහරු ජාතිවාදය නිසා දන්නේ නැහැ වගේ ඉන්නවා.

මම මේ කියන්නේ අවුරුදු හතළිහක ඉතිහාසයක්‌. එල්ටීටීඊය කාලේ ලිංගපුරම්වල හිටපු කොටි නායක තවන් මාස්‌ටර් 1999 දී කල්ලාර් හමුදා කඳවුරේ මේජර් මීගහකුඹුර ඇතුළු පිරිසක්‌ එල්ල කරපු ප්‍රහාරයකින් වෙඩි කාල මැරුණේ දෙහිවත්ත සීමාවේ තිබෙන බමුණුවිල වෙල්යාය සමීපයේදී. ඒ ස්‌ථානය පුරාවිද්‍යාත්මක උරුමයක්‌ ඇති බිමක්‌.

නමුත් අද කාංගවේලි ගමේ දෙමළ මිනිස්‌සු ඇවිත් එතන කෝවිලක්‌ හදනවා. තවන් මාස්‌ටර් සිහිවෙන්නයි ඒ කෝවිල හදන්නේ. ඒක පුරාවිද්‍යා රක්‍ෂිතය. ඒත් නවත්තන්න කවුරුත් නැහැ. අද මෙහේ ඉන්න දිසාපතිත් ඒකට උදව් දෙනවා. දිසාපති මහ රෑට ට්‍රැක්‌ටර්වල නැගලා දෙමළ මිනිස්‌සු එක්‌ක ඇවිත් කෝවිලේ වැඩ හොයලා බලනවා. දිසාපති ඉන්නෙත් ටීඑන්ඒ එකයි මුස්‌ලිම් අන්තවාදය සමගයි. ඒකට හේතුව එයාගේ පෞද්ගලික සම්බන්ධකමක්‌..”

එක දිගට අපට ඒ කතාව කී විහාරාධිපති හිමියන් මඳ අස්‌වැසිල්ලක්‌ ලබද්දීම උන්වහන්සේගේ ශිෂ්‍ය නීලපොළ ධම්මසේන හිමියෝද සිය අදහස්‌ දක්‌වන්නට වූහ.

“මහත්තයෝ.. අද මේ ප්‍රදේශයේ ගමනාගමනය පවා මුස්‌ලිම්කරණය වෙලා. උදේට මුතූර් ඉඳන් දෙහිවත්ත හරහා කොළඹ යන බස්‌ එක හවසට මුතූර්වලට එන්නේ කින්නියා හරහා ගිහින්. කොළඹ ඉඳන් මේ ගම්වලට එන සිංහල මිනිස්‌සු කන්තලෙන් බැහැලා වෙන බස්‌ එකක එන්න ඕනේ. තනිකරම ජාතිවාදය සමඟ ඉන්න මුස්‌ලිම් රාජ්‍ය නිලධාරි මාµsයාවක්‌ මෙහේ ක්‍රියාත්මක වෙනවා.

ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ සිංහල පාසල් එකකටවත් වර්තමානයේ විද්‍යා, ගණිත ගුරුවරු නැහැ. ගුරුවරයෙක්‌ එන්න හැදුවොත් රාජ්‍ය නිලධාරි මාµsයාව ඒක වලක්‌වනවා. එල්ටීටීඊයේ ආරම්භයේ ඉඳන් වසර 30 ක්‌ පුරා මේ ප්‍රදේශවලින් එකම එක සිංහල වෛද්‍යවරයෙක්‌වත්, ඉංජිනේරුවෙක්‌වත් බිහි වෙලා නැහැ. හැබැයි මුස්‌ලිම් පාසල්වලට හැම පහසුකමක්‌ම තියෙනවා.

මේ ගමේ ඉන්නේ 1954 පදිංචි කෙරුණු මිනිස්‌සු. ඒත් අදටත් ගමට වතුර නැහැ. මංමාවත් නැහැ. ජනතාවට කුඹුරු ටික කර ගන්න විදිහක්‌ නැහැ. ඒවයේ සීමා මායිම් වෙනස්‌ කරලා මුස්‌ලිම් සහ දෙමළ අයට කුඹුරු පවරන්න හදනවා. අලුතින් සිංහල මිනිහෙක්‌ට පදිංචි වෙන්න බිම් අඟලක්‌ ලැබෙන්නේ නැහැ. නව ජනපදයක්‌ ඇති කරන්න අවස්‌ථාවක්‌ කොහෙත්ම නැහැ. හැබැයි මුස්‌ලිම් ව්‍යාප්තිය නම් දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ හැම එකක්‌ පිටිපස්‌සේම ඉන්නේ අද නැගෙනහිර ක්‍රියාත්මක මුස්‌ලිම් රාජ්‍ය නිලධාරි මාµsයාව.

ඔවුන්ට අවශ්‍ය නැගෙනහිර සිංහල ගම්මාන සියල්ල අකර්මන්‍ය කරලා ජනව්‍යාප්තිය තුළින් ඔවුන්ගේම කියන කලාපයක සිහිනය දකින්න. කොටි ත්‍රස්‌තවාදීන් මාවිල්ආරු සොරොව්ව වහලා අවසන් සටන ආරම්භ කළෙත් දෙහිවත්තෙන්. ඒත් අදටත් දෙහිවත්ත ගම එතනමයි. යුද්ධය නිසා බැටට කාපු සිංහල පවුල් අදටත් අසරණයි. ඔවුන් මුස්‌ලිම් දෙමළ කියන ආක්‍රමණ දෙකක ගොදුරු බවට අද පත් වෙලා.

උන්වහන්සේලා සමග කෙරුණු කතාබහෙන් අනතුරුව අපි අද දෙහිවත්ත ඇතුළු අවට සිංහල ගම්මානවලට සිදු වී තිබෙන අසාධාරණය මෙන්ම එහි සිදුවන මුස්‌ලිම් ව්‍යාප්තිය සහ දෙමළ බලහත්කාර පිළිබඳව සොයා බැලීමේ අරමුණින් ඒ ප්‍රදේශය පුරා ඇවිද ගියෙමු. කතා කරන්නට දෙයක්‌ නැත සියල්ල ඉතාම සැලසුම් සහගතය.

නායක හිමියන් කී ලෙසම ඓතිහාසික බෞද්ධ උරුමයකට නෑකම් කියන බමුණුවිල පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ ත්‍රස්‌තවාදියකු සිහි කිරීම සඳහා කෝවිලක්‌ ඉදිකෙරෙමින් තිබෙනුයේ විශ්මිත ලෙසිනි. එසේම මූලධර්මවාදී මුස්‌ලිම්කරණයට අනුව සීමා මායිම් වෙනස්‌ කෙරෙද්දී දෙහිවත්ත හා නීලපොළ ආදී සිංහල ගම්මානවල ජීවත් වන ගොවියන්ට අයත් බමුණුවිල වෙල් යාය දෙමළ ආක්‍රමණයකට ගොදුරු වී ඇත්තේද එගම් වැසියන් අසරණ කරමිනි.

මේ සියල්ල දැසින් දැක ගැනීමෙන් පසු අපි දෙහිවත්ත ගම්මානයෙන් සමු ගෙන යළි පිටත්ව ආවෙමු. අපේ ගමන් සගයා සිය වේග රිද්මයේ රිය ධාවනය ආරම්භ කර තිබේ. ඒ ඔහුගේ හැටිය. ඔහුට හයියෙන් යන්නට අධීවේගී මාර්ග අවශ්‍ය නැති සේය.

ඒ එන අතරමඟදීද හේ තවත් විශ්මිත කතාවක්‌ මට කියන්නට වූයේ අද නැගෙනහිර බිම පුරා පැතිර ඇති මුස්‌ලිම් මූලධර්මවාදය සන්නද්ධ අරගලයකට සැරසෙන අතරේ උපක්‍රමශීලී ලෙස ගමන යමින් සිටින ආකාරය පිළිබඳවද පැහැදිලි කරමිනි.

“අයියේ.. ඔයා දන්නවද මේ සියලු දේ එක්‌ක අද නැගෙනහිර ක්‍රියාත්මක මුස්‌ලිම් මූලධර්මවාදය මගින් කරන්න යන තවත් වැඩක්‌. මේ වෙනකොට මුතූර්, වෙරුගල් සහ කින්නියා සීමාවේ තියෙන ඉන්ධන පිරවුම්හල් රැසක අයිතිය තමන් සතු කර ගන්න මුස්‌ලිම් මූලධර්මවාදීන් ක්‍රියාත්මක වෙනවා.. එහිදී ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ අරාබියෙන් Rජු ආධාර ලෙස ලැබෙන ඉන්ධන නැගෙනහිරට ගෙනල්ලා මුස්‌ලිම් ජනතාවට ඉතා අඩු මුදලකට ඉන්ධන දෙන අතරේ අනෙකුත් ජාතීන්ට වෙළෙඳ පොළ වටිනාකමට අලෙවි කරන්න.

පල්ලිය මූලික වෙලා තමයි මේ ඉන්ධන හල් ගන්න යන්නේ. ඒ වගේම අද නැගෙනහිර ක්‍රියාත්මක ආරාබි බැංකු මුස්‌ලිම් ජනතාවට පොලී රහිතව ණය දීම, අධාර දීම වගේ දේවලුත් කරගෙන යනවා. මේ සියලු දෙයින්ම ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මූලධර්මවාදය තුළින් තමන්ගේ කලාපයක්‌ බිහි කිරීමේදී මුස්‌ලිම් ජනතාව ශක්‌තිමත්ව තබා ගැනීම..”

ඔහු ඒ කතාවද කියා නිම කළේය. සැබවින්ම අද නැගෙනහිර පැතිරෙමින් තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි පුළිඟු පිළිබඳ කියන්නට තවත් දේ අවශ්‍ය නැත. සියල්ල ඉතාම සූක්‍ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ එසේය.

ඉස්‌ලාම් දහමට අනුව එය අදහන ජන කණ්‌ඩායම හැඳින්වෙන්නේ “උම්මා” යන නාමයෙනි. මක්‌කම ඉපදී ඊට සැතපුම් ගණනාවක්‌ දුරින් පිහිටි මදීනාවේදී ඉස්‌ලාමය ඇරඹූ මහම්මත්තුමා උම්මාව තමන්ගේ ආරක්‍ෂාව අරබයා රුධිරයෙන් වගකිවයුතු බවද කියා සිටියේය.

ඇසට ඇසක්‌, දතට දතක්‌, ලෙයට ලෙය සහ ජීවිතයට ජීවිතයක්‌ යන්න එහිදී මහම්මත්තුමන්ගේ දේශනය විය. එපමණකින් නොනැවතුනු එතුමන් උම්මාවේ රැකවරණය සඳහා යුද්ධය හෝ තෝරා ගතයුතු බවද කියා සිටි අතර ඉස්‌ලාමය නොඅදහන්නන්ද ඊට එක්‌ කර ගනිමින් හැකිතාක්‌ එය ව්‍යාප්ත කළ යුතු යෑයිද කියා සිටියේය.

මහම්මත්තුමන්ගේ එකී දේශනයේ පරිදිම අද නැගෙනහිර බිමේද සිදු වෙමින් තිබෙන්නේ එකී ඉස්‌ලාම් මූලධර්මවාදයේ ව්‍යාප්තවාදයම ය. ඇසට ඇසක්‌, දතට දතක්‌, ජීවිතයට ජීවිතයක්‌ යන්න මත සිට ගැනීමට දැන් නැගෙනහිර උම්මාව සූදානම්ය. ඉතින් මේ හමුවේ අපි කළ යුත්තේ කුමක්‌ද? නැගෙනහිර මුස්‌ලිම් ව්‍යාප්තවාදයේ කොටස්‌කරුවන් වෙමින් මහම්මත් දේශනයේ පරිදි “අල්ලාහු අබුබකර්” කියා හඬ නැගීමද?

මේ මොහොතේ බලය හමුවේ තෙල බෙදන එකමුතුවේ සියලු පාර්ශ්ව වෙතින් අවසන් වශයෙන් අපට අසන්නට ඇත්තේ ඒ ටිකය.

Read Full Post »

කන් බිහිරි කරන වෙඩි හ`ඩ දසත පැතිරෙමින් තිබිණිs. පිපිරෙන බෝම්බ හ`ඩින් පොළවත් දෙදරුවේය. රාත්‍රියම ගිනියම් වී තිබිණි. කොටි ත්‍රස්‌තවාදීන් විසින් පු`ඵකුනාව යුද හමුදා කඳවුරට රෑ පුරා දරුණු ප්‍රහාරයක්‌ එල්ල කරමින් සිටියේය. එදා කෙවිලියාමඩුව ගම්මානයේ ජනතාව පණ බේරා ගැනීම ස`දහා ජීවිතය පමණක්‌ රැගෙන සැ`ගව ගියහ. උපයා ගත් සබ්බ සකලමණාවම දමා පලා ගියහ.

කෙවිලියාමඩුව ගම පිහිටියේ මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේය. කොටි ත්‍රස්‌තයින් පරදා රටට නිදහස ලැබුණු පසු නැවතත් කෙවිලියාමඩුවේ ජනතාව තම උපන් ගම සොයා පැමිණියහ. ජාතිකාභිමානය රෙදි පල්ලෙන් බේරෙන ඇත්තන්ගේ ආණ්‌ඩුවක්‌ රට කරන මොහොතක මේ මිනිස්‌සුන්ගේ උපන් බිමේ අයිතිය තහවුරු වූයේ නැත. එහෙත් මේ මිනිස්‌සු පුංචි පැල් කොට අටවාගෙන අන්ත දුක්‌ වි`ඳිමින් මේ ගම්මානයේ ජීවත් වූහ.

උපන්බිමේ කල්ලතෝනියන් බවට පත්ව ඇති මේ අහිංසකයින් ගැන අපි දිගින් දිගටම ලියා තැබුවෙමු. නමුත් එකෙක්‌වත් එක වචනයක්‌ කතා කළේ නැත. ආශ්චර්යය නොඉල්ලූ මේ මිනිස්‌සු ඉල්ලුවේ තම ජාතික හැ`දුනුම් පතය. ඉල්ලුවේ තම පාරම්පරික උරුම බිමේ තම ලේ අයිතියය. යුද්ධය දිනූ රටක මඩකලපුවේ සිංහල මිනිස්‌සුන්ගේ ශෝකාන්තය යළිත් අපට ලියා තබන්නට සිද්ධවෙන්නේය. මේ ඒ තිරිසන් කතාවය.

කෙවිලියාමඩුවේ ධම්මිකා කුමාරි කතා කළාය.

අපි කෙවිලියාමඩුව ගම්මානයේ පදිංචියට විත් වසර ගණනාවක්‌ වෙනවා. තවම අපිට ජන්ද අයිතිය නැහැ. කලින් පදිංචි වෙලා ඉන්න තැන් වලින් අස්‌ වෙලා එන්න කීවා. අප එහෙම ආවට පස්‌සේ ග්‍රාමසේවක මහත්තයයි ප්‍රාදේශීය ලේකම්වරියයි අපිව ගණන් ගන්නේ නැහැ. අපිට වසර 08 කින් ජන්දය දාන්න බැරි වුනා. අපිට සමෘද්ධි සහනාධාරය නැහැ. රැකියාවකට යන්න ග්‍රාම සේවා සහතිකයක්‌ ලබා දෙන්නේ නැහැ. ආදායම් වාර්තාවක්‌ ලබා දෙන්නේ නැහැ. 2008 වසරේ ශිෂ්‍යත්වය සමත් අපේ ගමේ ළමයෙකුට ආදායම් වාර්තාව ලැබුණෙ 2014 දීයි. මඩකලපුව දිසාපති කාර්යාලයට ගිහින් උද්ඝෝෂණය කරලා තමයි ඒක ලබා ගත්තේ. මේ ආකාරයට අපි පදිංචි වුණ දා සිට තවමත් රජයෙන් ලැබෙන කිසිම දෙයක්‌ අපිට ලැබුණෙ නැහැ. අපි යුද්ධ කාලේ කොටින්ගෙන් බැට කෑවා . දැන් අපි මඩකලපුවේ සිංහලයින් වීම නිසා රජයේ නිලධාරින්ගෙන් පුදුම විදිsහට බැට කනවා.

මේ කෙවිලියාමඩුවේ වසන්ත ධර්මසිsරි කතා කළේය.

අපි පසුගිය 16 වෙනිදා මඩකලපුව දිසාපති කාර්යාලයට ගොස්‌ දිසාපතිතුමිය මුණ ගැසුණා. පස්‌සේ මඩකලපුව සහකාර මැතිවරණ කොමසාරිස්‌ මුණ ගැසිලා බලද්දි පවුල් 106 කින් මෙවර ජන්දය හිමිවෙලා තියෙන්නේ පවුල් 38ට පමණයි. අවුරුදු ගාණක සිට අපි කොච්චර මහන්සි උනත් කෑ ගැසුවත් අපේ ජන්ද අයිතිය පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරිය උදුරාගෙන තිබෙනවා. මඩකලපුව දේශපාලන අධිකාරිය අපි ගැන කිසිම සොයා බැලිල්ලක්‌ කරන්නේ නැහැ. එම නිසා අපි අන්ත අසරණ වුණා. යුද්ධය දිනා දුන්න ජනාධිපතිතුමාට ජන්දය දෙන්නත් අපිට ජන්ද අයිතියක්‌ නැහැ. මඩකලපුව හාමුදුරුවෝ නැතිනම් අපිට මෙහමවත් ජීවත්වෙන්න විදිහක්‌ නැහැ.

ධර්මසිරිලාත් ධම්මිකා කුමාරිලාත් යුද්ධය දිනපු ජනාධිපති හමුවී මේ අපරාධය කියන්නට තීරණ කළේ ඒ නිසාය. පසුගිය 19 දා ජනාධිපතිවරයා මඩකලපුව ජන රැලියකට සහභාගි වීම සඳහා මඩකලපුවට පැමිණීමට නියමිතව තිබුණි. එම අවස්‌ථාවේ කෙවිලියාමඩුවේ ගම්වැසියෝද අත දරුවෝ වඩා ගෙන මඩකලපුව නගරයට ගියේ ජනාධිපතිට සිය දුක්‌ ගැනවිල්ල ඉදිරිපත් කරන්නටය.

යුද්ධය දිනා දුන් ජනාධිපතිතුමනි, ඔබට ඡන්දය දෙන්න අපිට ඉඩ දෙන්න, අපේ ඉඩම් අයිතිය අපිට ලබා දෙන්න, කෙවිලියාමඩුවේ අපි කල්ලතෝනිද?… කෙවිලියාමඩුවේ මිනිස්‌සු මඩකලපුව නගර මධ්‍යයේ සිට සිය වේදනාව පෝස්‌ටර් බැනර් වල ලියා ප්‍රදර්ශනය කළෝය. ඒ යුද්ධ දිනූ ජනාධිපතිට පෙනෙන්නටය.

මඩකලපුවේ විහාරස්‌ථානයේ අම්පිටියේ සුමනරතන හිමි ඇතු`ඵ භික්‌ෂූන් වහන්සේලා 25කට අධික ප්‍රමාණයක්‌ මෙම අසරණ දුප්පත් ජනතාවගේ වෙනුවෙන් විරෝධතාවයට එක්‌ව සිටියහ.

විරෝධතාවයේ වැඩි වශයෙන් සිටියේ වියපත් වූ මව්වරුය. ගැබිනි මාතාවෝ සහ අත දරුවන් වඩාගත් මව්වරුය. තරුණ පිරිස සිටියේ සිමිත පිරිසකි. මහ වැස්‌සේ තෙමෙමින් සීතලේ ගැහෙමින් තම අයිතිය වෙනුවෙන් මෙම ජනතාව මඩකලපුවෙ නගර මධ්‍යයේ සිට විරෝධතාවයේ නියලෙන්නට වුහ.

සවස 6ට ආසන්න වෙද්දි ජනාධිපතිවරයා එම රැස්‌වීම් භූමියට පැමිණෙන්නට විය. භික්‌ෂූන් වහන්සේලා පෙරටුකොටගත් කෙවිලියාමඩුවේ මිනිස්‌සු රැස්‌වීම් භුමිය වෙත ගියහ. වහා ක්‍රියාත්මක වුණ පොලිසිය සැනෙකින් මග හරස්‌ කළේය. එහිදීs ගම්වැසියන් කිහිප දෙනෙකුට සුමනරතන හිමියන්ට ජනාධිපතිතුමන් හමුවට යැමට ඉඩ ලබා දෙන ලදී.

මේ අතර මේ කණ්‌ඩායමේ පිටුපසින් පැමිණි අහිංසක මිනිසුන් පිරිසකට කාලකණ්‌ණි පොලිස්‌ කාරයින් පිරිසක්‌ නින්දිත ලෙස පහර දෙන්නට වූහ. නිල ඇ`දුම් සහිතව සිටි උන් මෙන්ම සිවිල් ඇඳුමෙන් සිටි පොලිසියේ බව පවසන පිරිසක්‌ද මැරයන්සේ පනිමින් මේ නිරායුධ මිනිසුන්ට පහර දුන්හ. බලපෑම් කළ හැකි වාර්ගික කොටස්‌ උද්ඝෝෂණය කරනවිට බැටන් පොල්ල දෙපැරන්දේ ගහගෙන සිටින නිවට පොලිසියේ චංඩිකම හවුහරණක්‌ නැති අසරණයන් පිටින් යන ආකාරය බලා සිටියේ වේදනාවෙනි.

මේ කාලකණ්‌ණි පොලිස්‌ මැරයන් අප ඇස්‌ ඉදිරිපිටම එක්‌ තරුණයෙකුට වට කොට පහර දෙන්නට වූහ. අනතුරුව අප දුටුවේ මේ ගෝත්‍රික ම්ලේච්ඡයන් ලංකා පොලිසියේ සම ගලවා දමන ආකාරයය. පොලිසිය දෙනෝදාහක්‌ ඉදිරි§පිට කෙවිලියාමඩුවේ අහිංසක මිනිසෙකුට නින්දිත ලෙස පහර දුන්නේය. අනතුරුව ඔහුගේ කලිසම සහ යට ඇඳුම ගලවා නිරුවත් කළේය. නිරුවතින් මහමග දිගේ ඇදගෙන ගියේය. මම ඒ තිරිසන් ජවනිකාව කැමරාවේ සටහන් කරගතිමි. මේ තිරිසන් පාදඩයන්ගේ මුහුණු මේ ඡායාරූපවල වේ. අපරාධකරුවෙකුට මිනී මරුවෙකුට වුවද මෙවැනි නින්දිත පහරදීමක්‌ කරන්නට පොලිසියට පුළුවන්කමක්‌ නැත. අප දකිමින් සිටියේ නිරුවත්කර විටෙක බිම දිගේ ඇදගෙන යන අසරණයෙකි. විටෙක දෑතින් දෙපයින් ඔසවා බිම හොවන නිරුවත් අසරණයෙකි. මේ අසරණයා මඩකලපු පොලිසිය වෙත දෙනෝදාහක්‌ ඉදිරියේ රැගෙන ගියේ නිරුවත් කරමිනි. මේ නින්දිත ම්ලේච්ඡකම වලක්‌වා පොලිස්‌ වැහි කබායකින් හා බැනරයකින් සෙළුව වසාගන්නට ඉඩ සලසා දුන්නේ එතැනට පැමිණි හිමිනමකි. උන්වහන්සේ ඒ ස`දහා අප්‍රමාණ පරිශ්‍රමයක යෙදුණහ. දෛවෝපගත සිදුවීම වූයේ ඒ අසරණයාට සෙළුව වසාගන්නට දී තිබුණේ ජනාධිපතිවරයාගේ බැනරයක්‌ වීමය.

මොහොතක්‌ ගතවෙද්දී පොලිසියේ තරු පැළදූ ලොක්‌කන්ගේ ඉහ මොළ රත් විය. යමු… අපි බෙහෙත් දාන්නම් යෑයි පවසමින් මෙම අය රැගෙන යැමට පොලිසිය උත්සාහ ගත්තේය. මිනිස්‌සු පොලිසියට දැඩි විරෝධයක්‌ පාමින් ඊට එරෙහි වූහ.

අනේ මහත්තයෝ මට ගහන්න එපා මට බබෙක්‌ ලැබෙන්නේ ඉන්නේ. මං කිව්වා. එහෙම කිව්වේ මාව පෙරළගෙන ගහද්දි. එතකොට එකෙක්‌ තොට බබෙක්‌ නෙවි ලැබෙන්නේ ඉන්නේ. තෝ බඩේ බෝම්බයක්‌ බැ`දගෙන තමයි ජනාධිපතිතුමා ළගට යන්න හදන්නේ කියලා මගේ බඩට ගැහුවා. අපි ආවේ ආණ්‌ඩුව පෙරළන්න නොවෙයි. ජනාධිපතිතුමාට ජන්දේ දෙන්න ජන්ද අයිතිය ලබාගන්න. කෙවිළියාමඩුවේ ගැබිනිs මාතාවක්‌ පවසා සිටියේ මව් කුසකින් බිහිවූයේ දැයි සැක සිතෙන තිරිසන් කාකි සුට්‌කාරයෙක්‌ගේ පහර කෑමක්‌ පිළිබඳවය.

මෙම පහර කෑමෙන් පස්‌මසැති ගැබිණි මාතාවක්‌ වන ප්‍රියදර්ශනී උදයමාලි, දොළොස්‌ හැවිරිදි සදීෂ දිදුලංග, සහ අසංක දිල්රුක්‌ කුමාර, ලලිත් ගුණවර්ධන මඩකලපුව ශික්‌ෂණ රෝහලට ඇතු`ඵ කර තිබුණි. නමුත් තමන්ගේ අපහසුතාවන් පවසා සිටිද්දී ඔයාලට දැන් අසනීපයක්‌ නැහැයි පවසමින් රෝහලේ උන් බලෙන් ටිකට්‌ කපා තිබුණි.

අපිට හරියට මඩකලපුව රෝහලෙන් ප්‍රතිකාර කළේ නැහැ. අපිට අමාරුයි කියද්දි අපේ එක්‌ස්‌රේ එකක්‌වත් ගත්තේ නැහැ. අපේ අතපය මු`ඵ ඇ`ගම රිදෙද්දි අපේ ටිකට්‌ කැපුවා. නමුත් අපි ගැහුවා කියලා පොලිසියෙ දෙන්නෙක්‌ නතර වුණා. ඒ දෙන්නාට හොඳට සැලකිලි දක්‌වල ප්‍රතිකාර කළා. අපිව බලෙන්ම ටිකට්‌ කැපුවේ අපි මඩකලපුවේ සිංහලයෝ නිසයි. අපිට දුක මේ සිංහල රටේ අපිට මෙහෙම වෙන එකයි යනුවෙන් ඔවුහු පවසා සිටියහ.

මඩකලපුව සිංහල ජනයා රැක ගැනීමට සැමදා අරගල කරන ඒ වෙනුවෙන් මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ අධිකරණ වල නඩු 44ක්‌ වැටී තිබෙන මංගලාරාමවාසී අම්පිටියේ සුමනරතන හිමියන් මෙසේ සිය අදහස්‌ දක්‌වා සිටියහ.

පට්‌ටිපොල ප්‍රාදේශීය ලේකම් අද මඩකලපුව මහා දිසාපතිතුමිය කියන දේත් අහන්නේ නැහැ. රජයෙන් මෙම ජනතාවට අබ ඇටයක තරම් දෙයක්‌වත් දීsලා නැහැ. සමෘද්ධි සහනාධාරය තියා ග්‍රාම සේවා සහතිකයවත් අඩුම තරමේ ලංකාවේ පුරවැසියන්ට ලැබෙන ජාතික හැඳුනුම්පතවත් ලබා ගන්න මෙම පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් ඇතු`ඵ අදාළ ග්‍රාම සේවා නිලධාරිsන් කටයුතු කරන්නේ නැහැ. මෙහෙම අසරණ වන්නේ යුද්ධය දිනාපු රටේ සිංහලයෝ නේද?

මේ නඩු නැති රටකි. ඒ රටේ පොලිසියට මීට වඩා යහපත් විදිහට හැසිරෙන්නට බැරිය. ජනාධිපතිවරයාට ඡන්දය දෙන්න හදනවිටත් මුන් මිනිස්‌සුන්ට නිරුවත් කර ගහන්නේය. ගහන්නේ මොකටද කියාවත් නිනවුවක්‌ නැත. අප ජීවත්වන්නේ මෙවැනි රටකය.

Read Full Post »

Older Posts »