Feeds:
Posts
Comments

Posts Tagged ‘ඉරිදා දිවයින’

නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න…
ඒ රැය ගෙවී ගියේය. ගෙවුණු රැයේ සිරුරට ලබා දුන් සැපදායක නොවූ එහෙත් එතරම්ම ගැටලුවක්‌ නැති නින්දකින් පසු අවදි වූ අපි උදැසනම මුතූර් නගරයෙන් පිටව යැමට සැරසුනෙමු.

අපේ ගමන් සගයා මෝටර් රථයේ තත්ත්වය පිරික්‌සමින් සිටී. මුස්‌ලිම් මූලධර්මවාදයේ හොල්මන් සහිත සැඟවුණු භීෂණයකින් යුතු මුතූර් නගරයේදී කිසිදු අතුරු ආන්තරාවකින් තොරව මදුරුවකුටවත් නොදැනී රැයක්‌ ගෙවන්නට පරිසරය සකසා දුන් අපේ අලුත් මිතුරාද හිමිදිරියේම අවදිව අපට සහාය වන අතරේ අලුත් දිනයේ අප යන මඟ පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක්‌ කරමින් සිටී.

“අයියේ.. ඔයාලා වෙරුගල් යනවනේ.. ඒ පැත්තට යන්න.. යන ගමන් වෙරුගල් සීමාවේ තියෙන කාවන්තිස්‌සපුර මහින්දපුර ගම්මාන දිහා බලන්න. ඒ වගේම අද නැගෙනහිර ක්‍රියාත්මක මුස්‌ලිම් මූලධර්මවාදයේ පතුළටම කිමිඳී ඉන්න රාජ්‍ය නිලධාරී මෆියාව ඒ ගම්මාන මඟහැරලා ඊචලන්පත්තු මුස්‌ලිම් ගම්මානයේ සිට සංවර්ධනය ක්‍රියාත්මක කරලා තියෙන විදිහත් බලන්න..

දෙහිවත්ත, වාන්ඇළ සහ පන්සල්ගොඩැල්ල වගේ කොටි ත්‍රස්‌තවාදයෙන් හෙම්බත් වෙනකන් ගුටි කාපු සිංහල මිනිස්‌සු ඉන්න ගම්වලටත් යන්න.. ඒ මිනිස්‌සු අද ත්‍රස්‌තවාදය නැතත් මුස්‌ලිම් මූලධර්මවාදය නිසා කිසිම හව්හරණක්‌ නැතුව කොන්කෙරුණු අසරණයන් පිරිසක්‌ වගේ ජීවත් වෙන විදිහත් රටට පෙන්නන්න..

මම මේ කතා කරන්නේ ජාතිවාදයක්‌ නෙමේ අයියේ.. ඇස්‌ දෙකට පේන්න තියෙන ඇත්ත.. මේ රටේ සිංහල, මුස්‌ලිම් ජනතාව අතරේ කවදාවත් මේ වගේ බෙදීමක්‌ තිබුණේ නැහැ.. අපේ සාම්ප්‍රදායික මුස්‌ලිම්වරු, සිංහලයන් වගේම අනෙක්‌ සියලු ජාතීන් එක්‌ක සමගියෙන්, සහයෝගයෙන් ජීවත් වුණා.

පොඩි කෙළීට අතට වීදුරු වළල්ලක්‌, මාලයක්‌ ගන්න, කොලුවට බෝලයක්‌, විසිල් එකක්‌ ගන්න මොහිදින් නානගේ තොරොම්බල් කරත්තය එනකම් බලාගෙන හිටිය අෙන්‍යාන්‍ය වශයෙන් බැඳුණු සරල සමාජයක්‌ මේ රටේ තිබුණේ.. ඒත් දැන් ඒක නැහැ.. රටේ හිටිය සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුන් යට කරගෙන අද මූලධර්මවාදය ඉස්‌මතු වෙලා.. ඇතැම් සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුනුත් ඒ මූලධර්මවාදයේ ගොදුරු වෙලා..

මේ වෙනකොට ලෝක මුස්‌ලිම් කලාපයක්‌ බිහි කිරීම හෙවත් මුස්‌ලිම් අධිරාජ්‍යයක්‌ ගොඩනැගීමේ මෙහෙයුම අතට අරගෙන ඉන්නේ අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තවාදීන්.. ඔවුන් මොනතරම් බිහිසුණු ම්ලේච්ඡයන් පිරිසක්‌ද කියන එක පහුගිය දවස්‌වල වාර්තා වුණු සිදුවීම්වලින් තහවුරු වුණා. අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තවාදය බිහි වෙන්නේ සුන්නි මුස්‌ලිම්වරුන් අතරින්..

අයියේ.. ඔයා දන්නවද? අද නැගෙනහිර ඉන්න මුස්‌ලිම්වරුන්ගෙනුත් අති බහුතරය සුන්නි මුස්‌ලිම්වරුන්.. අපි කවුරුත් නොදැන හිටියට මේ වෙනකොට නැගෙනහිර මුස්‌ලිම්වරුන් අතරේ සමහර අවස්‌ථාවල ෂරියා නීතිය පවා ක්‍රියාත්මක වෙනවා.. ඒ වගේම තමයි පහුගිය කාලේ ඇතැම් ජාත්‍යන්තර ඔත්තු සේවා ප්‍රකාශ කළා ශ්‍රී ලංකාව තුළ ජිහාඩ් අන්තවාදීන් ස්‌ථානගත වෙලා ඉන්නවා කියලා.. ඒක ඇත්ත වෙන්න ඇති..

ඒත් අයියේ ඊටත් එහා තියෙන බරපතළම තත්ත්වය තමයි ඔය කියන ජිහාඩයට වඩා මුස්‌ලිම් මූලධර්මවාදී අධිරාජ්‍යයක සිහිනයක්‌ දකින අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තවාදය සුන්නි මුස්‌ලිම්වරුන් බහුතරයක්‌ සිටින නැගෙනහිර බිමෙන් ඉස්‌මතු වීමේ අවදානමක්‌ තිබීම.. ඒ ත්‍රස්‌තවාදයේ හොල්මන් අද නැගෙනහිර බිමේ තියෙනවා.. අපේ මිනිස්‌සුන්ට ඒක දැනෙන්නේ නැහැ අයියේ..

හැමෝම ඉන්නේ දේශපාලන පාට කණ්‌ණාඩි දාගෙන අන්ධ වෙලා.. හැබැයි එහෙම දෙයක්‌ ඇති වුණු දවසට අවුරුදු තිහක්‌ බැට කාලා ප්‍රභාකරන්ගෙන් ගැලවුණා වගේ අපට ලෙහෙසියෙන් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ.. අවුරුදු තිහක්‌ නෙමේ අවුරුදු සීයක්‌ ගිහිල්ලවත් ආපස්‌සට හැරිලා අපේ වැරදි නිවැරදි කරගන්න පුළුවන් වෙයිද කියන එකයි ප්‍රශ්නේ.. අද නැගෙනහිර ලියෑවෙමින් තිබෙන්නේ ඒ තරම්ම දරුණු සාතන්ලාගේ කතාවක්‌ අයියේ..”

වේලාව උදැසන හයද පසුවී තවත් අඩහෝරාවක්‌ පමණ ගෙවී ගොස්‌ තිබේ. මේ උදාවී ඇත්තේ අපේ අලුත් මිතුරාට සමුදී අප පිටත්ව යායුතු මොහොතය. තවත් පමා විය නොහැක. මුතූර් නගරයේ රජයේ කාර්යාලයක පුංචි කොනක්‌ රහසේ නවාතැන කර ගත් අප ඒ පිළිබඳ කිසිවකුටත් දැන ගැනීමට ඉඩක්‌ නොතබාම පිටව යා යුතුව ඇත. ඉතිං අපි ඒ කෙටි මතකය පමණක්‌ ඉතිරි කරගෙන යළි ගමන් ඇරඹුවෙමු.

අපේ ගමන් සගයා සුපුරුදු ලෙසම රථයේ සුක්‌කානම අතට ගෙන සිටී. පෙරදා රැයේ සැක මුසු දැස්‌ අතරින් මා ඇවිද ගිය මුතූර් නගරය ඔස්‌සේ ඇදුණු රථය පැය භාගයක්‌ පමණ ගෙවී යද්දී ඉද්ද ගැසුවාක්‌ මෙන් සේරුනුවර දෙසට විහිදී ඇති ඒ මාර්ගයට ගැනීමට ඔහු සමත් විය.

මූලධර්මවාදය සමග ක්‍රියාත්මක රාජ්‍ය නිලධාරි මෆියාවක්‌ හමුවේ කිලෝමීටර් තිහ හතළිහක පරතරයක්‌ තුළ දියුණුවේ සහ නොදියුණුකමේ වෙනස මැනවින් දකින්නට ඇති ඒ මඟේ ගමන් ඇරඹූ අප රථයේ වේගය දැන් ඇඟට පතට නොදැනීම පවනට බඳු වී තිබේ. හීනියට මරණය ගැන සිහිවන මේ රිය ධාවනය අපේ ගමන් සගයාගේ සංසාරගත පුරුද්දක්‌ වැනිය.

බන්දු මල්ලීත්, චන්ද්‍රසෝම මහතා සහ කපිලත් දෑස්‌ වසාගෙන පසු පස අසුනේ නිහඬවම සිටිති. ඒ බියකට නොව ගෙවුණු රැයේ ඉඳ හිට කැඩුණු නින්දේ පහස මඳකට හෝ විඳ ගනු පිණිසය. මේ සුපිරි මාර්ගයේ වේගයෙන් ඉදිරියට ඇදෙන රථයේ සිටම මම යළිත් ඇස්‌ මානයේ ඇති හාත්පස වෙත බැල්මක්‌ හෙළුවෙමි.

පෙරදා ගොම්මන් අඳුර සමග අප මුතූර් වෙත පැමිණෙද්දී දුටු දසුන් දැන් වඩාත් පැහැදිලිව පෙනෙන්නට තිබේ. තැනක උස්‌ වූ මහා ගොඩනැඟිලිය. තවත් තැනෙක කිසිදු අඩුපාඩුවක්‌ නොවන සේ එකම මොඩලයකට තැනූ ලස්‌සන නිවාසවලින් යුතු ගම්මානය. ඒ සමග ඉස්‌ලාමයේ අනන්‍ය ලක්‍ෂණ කිසිත් අඩු නොවන සේ ගමින් ගම ඉදිකෙරුණු පල්ලි ය. ඒ සෑම තැනකම ආරාබි අකුරින් යමක්‌ සටහන් කෙරුණු පුවරුද දක්‌නට ඇත. අඩුවකට ඇත්තේ ඉස්‌ලාමයේ ජන්ම කේන්ද්‍රය වූ මක්‌කම වැනි බිමක්‌ මෙහි දක්‌නට නොවීමය.

පෙනෙන්නට ඇති සියල්ලෙන් ගම්‍ය වන්නේ අද මෙරට ක්‍රියාත්මක මුස්‌ලිම් රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීම මත අරාබි සල්ලි තුළින් මේ සුරපුරය ඉදිකර තිබෙන බවකි. එහෙත් ගැටලුව වන්නේ නොදියුණුකම, දුප්පත්කම සහ අසරණ බව ශ්‍රී ලංකාවේ තැන් තැන්හි විසිර තිබියදී, දැනගැනීමට ඇති පරිදි නැගෙනහිර මුස්‌ලිම්වරුන් අරබයා පමණක්‌ මෙසේ සෘජු ආධාර සේ ආරාබි සල්ලි පොදි පොම්ප වීමය.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුස්‌ලිම් ප්‍රජාව ඉලක්‌ක කර මේ මුදල් විසි කෙරෙන්නේ කුමන අරමුණකින් විය හැකිද? නැගෙනහිර යනු මෙරට ඇති වෙනම රාජ්‍යයකැයි අද මුස්‌ලිම් මූලධර්මවාදයේ අන්තයට ගොස්‌ ෂරියා නීතියේ සිරවී මිනිස්‌ බෙලි කපමින් ලෙයට ලෙය සොයන ඇතැම් අරාබි රටවල් සිතා සිටින්නේද?

ප්‍රභාකරන්ගේ තිස්‌වසරක යුද්ධයේ මරණීය අත්දැකීම් බහුල ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස රට ඉදිරියේ මතුවෙමින් තිබෙන මේ නව අභියෝගය අප සිහි නුවණින් වටහාගත යුත්තකි. නමුත් අප කරමින් සිටින්නේ කුමක්‌ද? අවදානමට පෙර සූදානම වෙනුවට බලය සහ බලය වෙනුවෙන්ම බලය ලබා ගැනීම සඳහා කුලල් කා ගැනීමය.

එහිදී ඇතැමුන් රට ඉදිරියේ ඇති විවිධ අභියෝගයන්හි කොටස්‌කරුවන් වී සිටින බවක්‌ද පෙනෙන්නට ඇත. සැබවින්ම ජාතික මට්‌ටමින් මතුවෙමින් තිබෙන ව්‍යසනයක්‌ හමුවේ අප ජාතියක්‌ වශයෙන් මේ ඇද වැටී සිටිනුයේ කෙතරම් පහත් තැනකටද? එය අප උපන් මේ පිං බිමේත්, ජාතියේත් අවාසනාවක්‌ම නොවන්නේද?

රථයේ වේගය සමග නැගෙනහිර ඉදිවන අරාබි ලෝකයේ පෙනෙන්නට ඇති භෞතික සටහන් එකිනෙක පසුවී යද්දී නොදැනීම පැයක පමණ කාලයක්‌ ගෙවී ගියේය. හරියටම කිව හැකි මතකයක නොවූ එකී කාලය තුළ සේරුනුවර පසුකර කාවන්තිස්‌සපුර හා මහින්දපුර යන ගම්මාන සීමාවට අප ගෙන එන්නට අපේ මඟ පෙන්වන්නා සමත් වූවේය.

මම ඒ ගම්මාන දෙස බැලුවෙමි. ගෙවුණු පැයක පමණ කාලය තුළ දැන් යළිත් ඒ වෙනස පැහැදිලිවම පෙනෙන්නට ඇත. නැගෙනහිර ගොඩනැගෙන අරාබි ලෝකය පෙනෙන මානයේ ඇති කාවන්තිස්‌සපුර සහ මහින්දපුර යනු සැබැවින්ම නොදියුණු බවේ කේඬෑරිකම සමග එහි වෙසෙන මිනිසුන්ගේ අසරණ බව මනාව මතුවී තිබෙන ඉසව්වකි.

කතා දෙකක්‌ නැත. අද ඒ මිනිසුන්ට අත් වී තිබෙන දුක්‌ත ඉරණම දැස්‌ අඳ අයකු වුව එහි ඇවිද ගියහොත් මහ පොළොවේ ඇති කර්කශ බව මගින් දෙපතුල්වලට දැනුම් දෙන්නේය. එය එතරම් කටුක වූවකි. එහෙත් එගම් ඇත්තේද කිලෝමීටර් තිහ හතළිහකට එපිටින් අරාබි සුරපුරයක්‌ ගොඩනැඟී තිබෙන මුතූර් – සේරුනුවර – වෙරුගල් මහ මඟ අද්දරමය.

අද නැගෙනහිර පුරා ක්‍රියාත්මක මුස්‌ලිම් මූලධර්මවාදය සමග වන රාජ්‍ය නිලධාරි, ජාතිවාදී මෆියාවේ තරම දැන ගැනීමට කාවන්තිස්‌සපුර හා මහින්දපුර යන ගම්මාන දෙක දැකීමද ප්‍රමාණවත් වන්නකි. තවත් කියන්නට දෙයක්‌ නැත. ඒවා දැන් ඇටසැකිලිය. ඉතින් නාඩි වැටෙන්නේ ද නැත. හැබැයි මේ ගම්මානවල දැනුදු සිටින්නේ කොටි ත්‍රස්‌තවාදයට ජීවිත පූජා කළ අපේ මිනිසුන්මය.

එහි අළුයට සැඟවී තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි යම් ලෙසකින් අනාගතයේ දිනක ඇවිලී ගියහොත් මේ බිමේ ඒකීයභාවය වෙනුවෙන් මුල්ම ජීවිත පූජාව කරන්නට සිදු වන්නේද මේ මිනිසුන්ටය. නමුත් අද ඒ සඳහා ඔවුන් තුළ ශක්‌තියක්‌ නම් ඉතිරිව නැත. නැගෙනහිර පුරා ක්‍රියාත්මක මුස්‌ලිම් මූලධර්මවාදය සමග වන රාජ්‍ය නිලධාරි මෆියාව ඉතා උපක්‍රමශීලීව ඒ මිනිසුන් උපන් බිමේදීම කල්ලතෝනින් පිරිසක්‌ බවට පත් කර අවසන්ය.

අද දවසේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය, විධායකය සහ බඩගින්න වැනි දේ ගෙන වට්‌ටියක තබාගෙන නන් දොඩවන අතරේ බල ලෝබය සමඟ රට වටේ යමින් ජාතිකත්වය සහ දේශප්‍රේමය හිරිවට්‌ටන මිනිසුනේ දැනගනිල්ලා මේ බිහිවෙමින් තිබෙන්නේ මීට වසර අසූවකට පෙර ඉන්දීය මුස්‌ලිම් ලීගයේ නායකයාව සිටි රහමන් අලි චෞද්රිගේ සැලසුමේ තිබූ පරිදි ශ්‍රී ලංකාවේ නැගෙනහිර බිම පුරා ගොඩනැඟෙන නසිරිස්‌ථානයම ය.

මේ මොහොත වන විට ජනාධිපති මහින්ද සමග සිටි රිෂාඩ් බදියුදීන් ආදී ලෙසින් වූ මෙරට මුස්‌ලිම් දේශපාලනය මහින්දගෙන් ගැලවී පිටතට යන්නේද ඒ සිහිනය සමගය. වෙනම ම වූ පරිපාලනයක්‌ යන්න මෑත ඉතිහාසයේ සිට ශ්‍රී ලාංකීය මුස්‌ලිම් දේශපාලනයේ එක්‌ ප්‍රබල අරමුණක්‌ වූ බව රටට රහසක්‌ නොවන්නේය.

අපි කාවන්තිස්‌සපුර සහ මහින්දපුර ගම්මානද පසුකර ඉදිරියට ගියෙමු. අරුමයකි. කිලෝමීටර් දෙකක්‌වත් අපට එසේ ගමන් කරන්නට ඉඩක්‌ නොලැබිණි. මහින්දපුර ගම්මානයේ අවසන් කෙළවරින් ඇරඹෙන ඊචලන්පත්තු මුස්‌ලිම් ගමේ සිට යළිත් අරාබි සුරපුරය ගොඩනැගී තිබුණේ විශ්මිත ලෙසිනි.

ඒ සියල්ල දැසින් දකිමින් අපි වෙරුගල් දක්‌වාම ඉදිරියට ගියෙමු. මහමඟ මායිමේ සිට මුහුදු සීමාව දෙසට විහිදී ඇති විශාල ගල්වැටිය නිසාම වෙරුගල්වලට ඒ නම ලැබුණේද යන්න මම නොදනිමි. මේ ගල්වැටිය දුටු විගසම යළිත් ඒ අතීතය මගේ සිහියට නැඟෙන්නට වූයේ බොහෝ මතකයන්ද සමගිනි.

මාවිල්ආරුවෙන් ඇරඹුණු කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් නැගෙනහිර මුදා ගැනීමේ සටනේදී මේ වෙරුගල් භූමිය ජයගන්නට අපේ රණවිරුවෝ කළ කැපකිරීම් අසීමිත වූහ. වෙරුගල් මුදා ගැනීමේ ප්‍රහාරවලදී ගුවන් හමුදා සංග්‍රහයක්‌ නිසි ලෙස ත්‍රස්‌තවාදීන්ට ලබා දීමට මෙකී ගල්වැටිය බාධාවක්‌ වීම එයට හේතු විය.

අපි වෙරුගල් ගඟ හරහා අලුතින් ඉදිවී ඇති පාලම මත රථය නවතා මොහොතකට ඒ බිමට පා තැබුවෙමු. අපේ ගමන් සගයා තවත් අපූරු කතාවක්‌ මට කියන්නට වූයේ ඒ මොහොතේය.

“අයියේ.. දන්නවද වැඩක්‌. අද නැගෙනහිර ක්‍රියාත්මක මූලධර්මවාදී මුස්‌ලිම් රාජ්‍ය නිලධාරි මෆියාව සේරුනුවර වගේම ඒ අවට තියෙන මහින්දපුර, දෙහිවත්ත, නêලපොළ, කාවන්තිස්‌සපුර වගේ සිංහල ගම්මාන ගණනාවකට මේ වෙරුගල් ගඟෙන් පානීය ජලය දෙන්න ජල යෝජනා ක්‍රමයක්‌ සැලසුම් කරලා තියෙනවා. ඒක ජල යෝජනා ක්‍රමය ආරම්භ කරන්න සියල්ල සූදානම් වෙලා අවසන්.

ඒත් මේ වෙරුගල් ගඟේ තියෙන්නේ කලපු ජලය මිශ්‍ර වෙච්ච ලුණු වතුර. මේකට වෙරුගල් ගඟ කිව්වට මාවිල්ආරු සොරොව්ව ඇරියොත් විතරයි මේකේ වතුර ගලාගෙන යන්නේ. අනිත් හැම වෙලේම තියෙන්නේ කලපු වතුර. ඒ ලුණු වතුර තමයි, මෙහේ ඉන්න නිලධාරින් සිංහල ජනතාවට පොවන්න හදන්නේ. හැබැයි ඒක ක්‍රියාත්මක වුණොත් මේ වතුර බීලා ඒ ගම්මානවල ඉන්න මිනිස්‌සු වකුගඩු ලෙඩ්ඩු වෙන එක කාටවත් වළක්‌වන්න බැහැ.

සිංහල ගම්මානවලට එහෙම කළාට මේ නිලධාරින්ම එකතු වෙලා අද කිලෝමීටර් ගණනාවක්‌ දුර ඉඳන් මහවැලි ගඟෙන් වතුර අරගෙන මුතූර්වලට දෙන්න හදනවා. මුතූර් දක්‌වා මේ වෙනකොටත් දාල තියෙන ඒ ජලනළ මාර්ගය එන්නේ සිංහල ගම්මාන මැදින්. හැබැයි මහවැලි ගඟේ වතුර ඒ ගම්වලට ලැබෙන්නේ නැහැ.

මුතූර්වලට වතුර දෙන ඒ ජලයෝජනා ක්‍රමය ආරම්භ කරලා දැන් මැෂින් පවා හයිකරලා ඉවරයි. ඒක තියෙන්නේ නීලපොළ මහවැලි බන්ට්‌ එක ළඟ. අපි එහෙට යමු. මම අයියට පෙන්වන්නම්. මේ සිද්ධි වෙන්න යන්නෙත් උපක්‍රමශීලීව නැගෙනහිර ඉන්න සිංහල ජනතාව විනාශ කිරීමේ වැඩපිළිවෙළක්‌. මෙන්න මේවයි අයියේ ජාතිවාදී වැඩ කියන්නේ. ඒත් අපි මේ ජරා වැඩ ගැන කොතනක හරි කතා කළොත් ජාතිවාදී ලේබල් ඇලවෙන්නේ අපේ ඇඟේ..”

ඔහුගේ ඒ කතාව අසන අතරේම මම වෙරුගල් පාලමේ ඇන්දට බරවී ඒ ගඟ දෙස බැලුවෙමි. කියන්නට දෙයක්‌ නැත. ඒ ගඟේ තැනින් තැන යාන්තමින් දිය පිරී ඇත. එය මඩකරියන් ඇල්ලීමට නම් මරු තැනක්‌ බව කුඩා කල වෙල් ඉපනැලිවල දුව පැන හැදුණු මගේ සිහියට ආවේය. මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌ද යන්න සිතා ගැනීමට පවා නොහැකිය.

ඒ අවිනිශ්චිත බවද සමගින් වෙරුගල් පාලම අසලින් රථය හරවාගෙන අපි යළිත් සේරුනුවර දෙසට එන්නට ගමන් ඇරඹුවෙමු.

Read Full Post »

නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න…

ප්‍රභාකරන්ගේ අවසානය දැසින් දකින්නට උතුරු යුද බිමට ගිය ඉකුත් මානුෂීය මෙහෙයුම් සමයේ මම එය දැක තිබුණෙමි. මගේ මතකයේ හැටියට ඒ අපේ රණවිරුවන් එල්ටීටීඊය විසින් තනන ලද විශාලම පස්‌ බැම්ම වූ අක්‌කරායන්කුලම් පස්‌ බැම්ම බිඳ දමමින් පෙරට යමින් සිටි අවස්‌ථාව විය.

එවකට එකී වගකීමේ වැඩි බරක්‌ පැටවී තිබුණේ 57 වන සේනාංකය යටතේ වූ බ්‍රිගේඩියර් රවිප්‍රිය නායකත්වය ලබා දුන් 571 බලසේනාවටය. ඡායාරූප ශිල්පී දිමුතුත් මමත් ප්‍රභාකරන්ගේ ප්‍රහාරක මර්මස්‌ථාන ලෙස තිබී පසුව හමුදාව අත්පත් කරගත් තුනුක්‌කායි, මල්ලාවි පසුකර යමින් එදා යුද බිම වෙත ගිය ගමනේදී සතියක පමණ කාලයක්‌ බ්‍රිගේඩියර් රවිප්‍රිය ඇතුළු රණවිරුවන් සමග සටන් බිමේ රැඳී සිටියෙමු.

ඒ කෙටි නැවතීමේදී 571 බලසේනාවේ බොහෝ රණවිරුවන් අපේ මිතුරන් බවට පත් වූයේ දැඩි සමීප බවක්‌ද සමගිනි. එය කඳවුරු බිමේ සිටි විරුවන්ගේ පටන් ඊට මීටර් සියයක්‌ දෙසීයක්‌ එපිටින් වූ අවසන් යුද පෙරමුණේ සිටිමින් සතුරා සමග සටන් වදින රණවිරුවා දක්‌වාම විහිදී ගිය මිතුරු දමක්‌ විය.

සැබැවින්ම අපි මිතුරන් වීමු. නමුත් පෙර දින එකට බත් කටක්‌ කා දවස නිමාවේ වෙන්ව රැය ගෙවා පසුදාට අවදි වන කල්හි එකී මිතුරන් අතරින් සැලකිය යුතු පිරිසක්‌, සිරුරු කැබලි වී ගොස්‌ පණ සුන් මළ මිනිසුන් සේ අපෙන් සමුගෙන යැමට සූදානමින් සිටින අයුරු ඒ යුද බිමේදී මම දැසින් දුටුවෙමි. එය මා ජීවිතයේ මුහුණ දුන් ඉතාම කටුක වූ වේදනාත්මක අත්දැකීමක්‌ම විය.

අද මමත්වය සඟවාගෙන යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ පවුල්වාදය ආදී ලෙසින් වූ නොයෙක්‌ අවලාද කියමින් රටේ ජනතාවට සුරංගනා ලෝක පෙන්වන අය මෙන්ම ඒ බහට රැවටී හුරේ දමන වුන් කිසිවකුත් ජීවිතයේ කිසි දිනෙක එවන් අත්දැකීමකට මුහුණ දී ඇත්දැයි මම නොදනිමි.

නමුත් එදා කොටින්ගේ අග නගරය යෑයි කී කිලිනොච්චිය ආසන්නයේ ඇවිලී ගිය අක්‌කරායකුලම් සටන එතරම්ම බිහිසුණු එකක්‌ වූවේය. එහිදී ඉතිහාසය විසින් ජාතියෙන් ඉල්ලා සිටි ජීවිත පරිත්‍යාගය අපේ රණවිරුවන් පොකුරු පිටින් කරනු මව්බිමේ නිදහස වෙනුවෙන්මය.

බ්‍රිගේඩියර් රවිප්‍රිය හා සෙසු විරුවන් සමග එසේ සතියක්‌ ගත කළ අපේ ඊළඟ නවාතැන වූයේ 571 බලසේනාවට තවත් කිලෝ මීටර් 15 ක්‌ පමණ නැගෙනහිරින් ඒ 9 මාර්ගයට සමාන්තරව පෙරට ඇදෙමින් සිටි එවකට කර්නල් ජයසුන්දර යටතේ වූ 572 බලසේනාව විය. ඒ වන විට බිහිසුණු වනගත සටනකට අවතීර්ණ වී සිටි 572 බලසේනාවේ රණවිරුවන් වූයේ එල්ටීටීඊයේ අගනගරය යෑයි කී කිලිනොච්චියේ යෝධ ජල කුලුන ඇස්‌ මානයට පෙනෙන දුර තෙක්‌ සමීපයටම ගොසිනි.

572 බල සේනාව සමග සිටි කාලය තුළ දිනක්‌a මහ වන මැදින් අපේ රණවිරුවන් රැඳී සිටි අවසන් සටන් පෙරමුණ බලා යන්නට මමත් දිමුතුත් පිටත් වූයෙමු. ත්‍රස්‌තයන් වළ දමා තිබූ ජොනී බට්‌ටන් මඟහැර ඒ දුෂ්කර මඟ ගෙවමින් අපි ගිය ගමනේ එක්‌ තැනකදී සතුරු අඩවියට රිංගා ත්‍රස්‌තවාදීන්ට අමතක නොවන ප්‍රහාරයක්‌ එල්ල කර යළි පැමිණෙමින් සිටි යුද හමුදා විශේෂ බළකායේ සෙබළුන් හයදෙනකු හෙවත් කුඩා කණ්‌ඩායමක්‌ අපට මුණ ගැසුණේ අහම්බයක්‌ ලෙසිනි.

ඔවුන් පැමිණෙමින් සිටියේ සතුරා සතුව තිබූ අවි රැසක්‌ද රැගෙනය. අපට හමුවූ ඒ වීරයන් අතර සිටි ප්‍රධානියා වූ කෝප්‍රල්වරයා සමග මහ වනයේ ගස්‌ සෙවනක හිඳිමින් මම එදා මොහොතක්‌ කතාබහ කළෙමි. ඒ වන විට එල්ටීටීඊයේ අවසානයට තිබුණේ හරියටම තවත් මාස හතරක පමණ කාලයකි.

“අයියේ.. කොටින්ට තව වැඩි දවසක්‌ මේ ගේම ගහන්න බැහැ.. අපි දැන් මේ එන්නේ උන්ගේ හොඳම තැනකට ඇටෑක්‌ කරලා..” වන මැද සිටිමින් එදා මට එසේ යුද්ධයේ තතු පැහැදිලි කරන්නට වූ හේ එක්‌ අවස්‌ථාවක තම බෑගයේ තිබූ යමක්‌ ගෙන මට පෙන්වන්නට වූයේ මේ ටිකද කියමිනි.

“අපි ඇටෑක්‌ කරපු තැන එල්ටීටීඊ ලීඩර් කෙනෙක්‌ ඉඳලා තියෙනවා අයියේ.. මේ පිස්‌ටල් එකෙන් ඒක ඔප්පු වෙනවා.. මේකට තමයි මයික්‍රෝ පිස්‌ටල් කියන්නේ.. කොටි නායකයන් ළඟ විතරයි මේව තියෙන්නේ..” මා මුල් වරට මයික්‍රෝa පිස්‌තෝලයක්‌ දුටුවේ එදාය. එය මගේ සදාකාලික මතකයේ රැඳුනකි.

මෙදා නැගෙනහිර බිමේ ශාපය සොයා අප ගිය ගමනේදී මගේ ඒ මතකය අලුත් කරමින් ෂා මොහොමඩ්ගේ ගෝලයා අපට දෙන්නට සොපිං බෑගයක ඔතා මුතූර් වෙරළට රැගෙන ආවේද එවැන්නකි. කතා දෙකක්‌ නැත. මෙයද එල්ටීටීඊයේ ප්‍රබලයකු සතුව තිබුණක්‌ විය යුතුය. එහෙත් දැන් එය තිබෙන්නේ ෂා මොහොමඩ් සතුවය.

මා සමග පැමිණි අපේ අලුත් මිත්‍රයා දැන් ෂා මොහොමඩ්ගේ සගයා හා දෙමළ බසින් කුමක්‌දොa කතා බහ කරමින් සිටිති. ඒ අතර වාරයේ මම ඒ ගිනි අවිය අතට ගෙන පරීක්‍ෂා කරන අයුරින් ඒ මේ අත හරවා බලන්නට වූයෙමි. කිසිදු ප්‍රශ්නයක්‌ නැත. මේ මා එදා කිලිනොච්චි කැලයේදී දුටු ආකාරයේම පිස්‌තෝලයක්‌ බව සහතිකය. තරමින් අල්ලක්‌ පමණ වන එහි තවමත් ඇත්තේ අලුත් පෙනුමකි.

අවසානයේ ඒ ගිනි අවිය නිකමට මෙන් ඇඟිලි අතරට සිර කර ගනිමින් මමද මගේ මිතුරා, ෂා මොහොමඩ්ගේ ගෝලයා සමග කරමින් සිටි කතාවට එකතු වූයෙමි. අප වෙත ආ මොහොමඩ්ගේ සගයා සිංහල බසද යම්තමින් හැසිරවිය හැක්‌කෙක්‌ බව මට වැටහී ගියේ එහිදීය. ඒ ඔහු අප මිත්‍රයා සමග කළ කතා බහ අතරේ මුවින් ගිලිහුණු කැඩුණු සිංහල වචන දෙක තුනක්‌ නිසාය.

ඒ වැටහීම සමග මූතූර් වෙරළට පමණක්‌ සීමා වන සේ තාවකාලික පාතාලයකු වී සිටි මම අවස්ථාවක්‌ බලා ඔහු ඇමතුවෙමි. “මචං අපිට තව ඕන වුණොත් ගන්න මෙහේ බඩු තියෙනවද? ඒ විමසීමත් සමග එකවර කිසිත් නොකියා මා දෙස මොහොතක්‌ බලා සිටි හේ අනතුරුව ඊට පිළිතුරු දෙන්නට වූයේ මෙසේය.

“යර්ස්‌.. යේකට අපේ සික්‍යQරිටි එක මූතූර්වලදී දෙන්ඩ පුළුවාං.. හෙබෙයි එතනින් එහෙට ඔයා බෙලාගන්නඩ ඕනේ.. තව ඕන තරම් බඩු තියානවා මොහොමඩ් නානා ළඟ.. ඒත් මයික්‍රෝ එකට අපි ළඟ දෙනට බුලට්‌ නේ.. ටී µsµaටි සික්‌ස්‌, ත්‍රීඑයිට්‌ ඇන්ඩ් නයින් එම්.එම්.වලට නම් බුලට්‌ හෑව්..”

ඔහුගේ ඒ කතාව නිමවන මොහොතේ මුලදීම අප සැලසුම් කරගෙන සිටි පරිදි මේ ගනුදෙනුවෙන් ගැලවී යැමේ උපක්‍රමය ක්‍රියාත්මක කිරීමට මා සමග පැමිණි මිත්‍රයා යුහුසුළු වූයේ ඇඟට පතට නොදැනෙන ලෙසිනි. දැන් වේලාව රාත්‍රි දහයටද ආසන්නව ඇත. මූතූර් වෙරළේ හමා යන ශීත සුළඟ ඇඟ හිරිවට්‌ටන තරමට දැඩි වී ගත දැවටෙන්නේය.

එසේ ගෙවී ගිය තවත් විනාඩි කිහිපයකදී මා මිත්‍රයා සමග දෙමළ බසින් යළිත්a මොන මොනවාදොa කතා කළ ෂා මොහොමඩ්ගේ සගයා අවසානයේ මා අත වූ ගිනි අවිය රැගෙන නැවතත් සොපිං බෑගයේ ඔතා ඉනේ ගසාගෙන අපෙන් සමුගෙන පිටව යන්නට වූයේ කිසිදු චකිතයකින් තොරවමය.

ඔහු එසේ පිටත්ව ගිය පසු අපි දෙදෙනාද යළි නවාතැන වෙත පැමිණීමේ ගමන ඇරඹුවෙමු. “මචං උඹට තේරුණාද වෙච්ච දේ.. පිස්‌ටල් එක ගන්න නම් මම උගෙන් ඇමෝ ඉල්ලුවා.. ඌ කියනවා කෑලි හයක්‌ හොයලා ආයුදේ ගෙනත් දෙන්නම්. බිස්‌නස්‌ එක කරමු හෙට රැට එන්න කියලා.. මම හා කිව්වා.. ඊට පස්‌සේ තමයි ඌ උඹේ අතින් පිස්‌ටල් එක අරගෙන ගියේ.. අප යළි එන අතරමගදී කරන්නට ගිය ඩීල් එක පිළිබඳ අවසන් කතා බහ සිදුවූ අයුරු මගේ මිත්‍රයා මට එසේ පැහැදිලි කරන්නට වූයේ මුවට නැගුණු සිනහවක්‌ද සමගිනි.

තවමත් මූතූර් නගරය නිදි නැත. ගිය මග යළි ගෙවා ඒ නගරයේ තැන තැන තිබූ සැක මුසු දැස්‌ අතරින් නැවතත් අපි අපේ නවාතැන වෙත ආවෙමු. ගතට දැනෙමින් තිබෙන්නේ දැඩි වෙහෙසකි. නවාතැනේ කොනක වූ වතුර කරාම යකින් ඇඟ පත දොවාගෙන ඉදිරිපස වූ අසුන් කිහිපයකට වී සිටින බන්දු මල්ලීත් කපිල හා චන්ද්‍රසෝම මහතාත් වෙහෙසට බෙහෙත ළඟට ගෙන අප දෙදෙනාද ඔවුනට එක්‌ වන තෙක්‌ ඇඟිලි ගනිමින් බලා සිටිති.

තවත් පමා විය යුතු නැත. වෙහෙස නිවාගෙන මේ රැය සැපසේ ගෙවා දැමිය යුතුය. එහෙයින් යුහුසුළු වූ මාත් මිතුරාත් වතුර පොදක්‌ ඇඟ දමාගෙන දවසේ මහන්සිය සෝදා හරිමින් ඔවුන් සමග එක්‌ වූයෙමු. කටගැස්‌ම නම් එතරම් සැර නැත. එහෙත් “චියර්ස්‌” හඬද සමගින් උගුරෙන් පහතට ඇදී යන මධු බිඳ නම් වෙලාවේ හැටියට අපූරුයෑයි සිත කියන්නේය.

අප මේ සිටින්නේ අද මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි, අලුයට සැඟවී තිබෙන නැගෙනහිර බිමේ මුතූර් නගරයේය. මෙහි ඇති මූලධර්මවාදයට අනුව නම් මධු පානය හරාම්ය. නමුත් ඒ මූලධර්ම වාද යට අදාළ නොවන, දවස පුරා ඇවිද වෙහෙසී සිටින අපට නම් දැන් උගුරෙන් පහළට ඇදී යන බිඳක්‌ පාසා සියල්ල හලාල් ය. ඒ හලාල් යන්න සමග වර්තමානයේ මෙරට ක්‍රියාත්මක සැබෑ “හලාල්” නාඩගමද මගේ සිහියට නැගෙන්නට විය.

අද ශ්‍රී ලංකාව පුරා මුස්‌ලිම් මූලධර්මවාදී වටපිටාවක්‌ සකසමින් සමස්‌ත ලංකා උලේමා සංවිධානය සමාජගත කරමින් සිටින හලාල් සංකල්පය පැහැදිලිවම ආර්ථික, ආගමික ආදී වශයෙන් පැති ගණනාවකින් සමාජ බෙදීමක්‌ ඇති කරන්නක්‌ බව ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක මහතා සිය “අල් ජිහාද් අල් කයිදා” කෘතියේ සඳහන් කර ඇත. එය නියත සත්‍යයකි. මන්ද ඉස්‌ලාමයට විනා මෙරට ඇති අන් කිසිදු ආගමක එසේ ආගමික වදනක්‌ මුල් කර ගනිමින් සියල්ල බෙදා වෙන් කිරීමේ සංකල්පයක්‌ නොමැත. ඇතැමුන් නින්දිත ලෙස ජාතිවාදී ලේබල ඇලවීමට උත්සාහ දැරුවද ඉකුත් කාලයේ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ප්‍රධාන බොදුබල සේනාව “හලාල්” යන්න ගෙන රට තුළ හඬක්‌ මතු කරනු ලැබුවේද උලේමාවරුන් සිදු කරන එකී බෙදා වෙන් කිරීමේ සමාජ ව්‍යසනයට එරෙහිවය.

එහෙත් ඇතැමුන් එය ජාතිවාදී පිළිලයක්‌ ලෙස දකින්නට වූයේ ජාතියේ අවාසනාවකටය. මෙරට තුළ ඉස්‌ලාම් මූලධර්මවාදය සමග මුස්‌ලිම් ජන ව්‍යාප්තියක්‌ සිදුවෙමින් තිබෙන බව ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි, පාඨලී චම්පික ඇතුළු පිරිස බොහෝ කලක පටන් දැන සිටින්නකි. ඔවුන් දුටු සියල්ල සත්‍යයක්‌ වෙමින් නැගෙනහිර බිම පුරා අද මුස්‌ලිම් මූලධර්මවාදය මතුවී ඇත්තේ පුපුරා යැමට ආසන්න ගිනි කන්දක්‌ ලෙසිනි.

නමුත් එසේ සත්‍ය දුටු පාඨලීලාට අද සිදුව තිබෙන්නේ කුමක්‌ද? රට ඉදිරියට එන මීළඟ අභියෝගය පිළිබඳ මැනවින් දැනගෙනත් පාඨලීලා අද කොටින්ගෙන් රට බේරා ගත් මහින්ද හරාම් යෑයි කියමින් කෙළවරක්‌ නැති එකමුතුවකට හලාල් සහතික දෙමින් සිටින්නේය. මේ සිදු වෙමින් තිබෙන්නේ කුමක්‌ද? එය වටහා ගත නොහැකිය.

වෙලාව රාත්‍රි එකොළහටද ආසන්න වෙමින් තිබේ. අප වටවී ආරම්භ කළ කාර්යය දැන් අවසානයටද ළඟා වී ඇත. ඒ අතරේ අද නැගෙනහිර බිමේ සිදුවෙමින් තිබෙන දේ පිළිබඳ තවත් තොරතුරු බිඳක්‌ දැන ගැනීමේ අදහස ඇතිව මම අපේ අලුත් මිතුරා ඇමතුවෙමි. “මල්ලි මේ අපි දකින දේවල්වලට වඩා තව මොනවද අද මෙහේ වෙන්නේ..”

“වෙන දේවල් නම් ගොඩයි අයියේ.. අපිට ප්‍රශ්නේ තියෙන්නේ අද මේවා දිහා බලන්න කවුරුත් නැති එකයි.. වේලුපිල්ලේ ප්‍රභාකරන් අවුරුදු තිහක්‌ අපිව වැනසුවේ එදා දොරේ අප්ප මරපු වෙලාවේ එයත් එක්‌ක හිටිය හය දෙනාගේ කල්ලිය සම්බන්ධයෙන් පැහැදිලි උත්තරයක්‌ හොයා ගන්න රට කරවපු අයට බැරි වුණ නිසා..

නමුත් අද නැගෙනහිර තියෙන්නේ ප්‍රභාකරන් හය දෙනෙක්‌ගෙන් ආරම්භ කළාට වඩා දුර දිග ගිය වැඩපිළිවෙළක්‌.. අද මේ පැත්තේ ගැවසෙනවා කොළපාට තලප්පා දාගෙන ඉන්න අමුතුම කණ්‌ඩායමක්‌. ඔවුන් ලංකාවේ මිනිස්‌සුද කියන එකත් ප්‍රශ්නයක්‌.. ඔවුන් කණ්‌ඩායම් වශයෙන් හැමදාම හැන්දැවට මෙහේ හැම ගේකටම ගිහින් නිවැසියන් එක්‌ක සාකච්ඡා කරනවා. ඒක එතනින් නතර වෙන්නේ නැහැ.

රෑ වෙනකොට පාසලකට ගමේ ඉන්න තරුණයෝ සියලු දෙනා රැස්‌ කරලා පූජකයන් වගේ ඉන්න ඒ පිරිස මුස්‌ලිම් මූලධර්මවාදය ප්‍රචාරය කරනවා. ඒ මූලධර්මවාදී රැස්‌වීම්වලට විශාල තරුණයන් පිරිසක්‌ සහභාගි වෙනවා. මොකද මේ ප්‍රදේශවල තරුණ ජනගහනය වැඩියි. ඒ කියන්නේ පූජකයන් වගේ ඉන්න ඒ පිරිස අද නැගෙනහිර බිමේදී රැස්‌වීම් තියලා මූලධර්මවාදය කාවද්දන්නේ ජව සම්පන්න කොටසේ හිස්‌ තුළට. එතනදී ඔවුන්ගේ අරමුණ මොකක්‌ද කියන්න කවුරුත්ම දන්නේ නැහැ..

මේ වෙනකොට නැගෙනහිර ක්‍රියාත්මක වෙන්නේ ඉතාම සැළසුම්සහගත වැඩ පිළිවෙළක්‌ කියන එක පැහැදිලිවම පේන්න තිබෙන දෙයක්‌. ඒකේ කෙළවර කොතනද කියන එකයි ප්‍රශ්නේ..” ඔහු ඒ අවදානමේ කතාව දිගින් දිගටම කියාගෙන යයි. නමුත් ගෙවෙන දවසේ විවේකය ගත යුතු කාලය එළැඹ ඇති බව අපේ ඇස්‌ අපට කියා දෙමින් සිටියි.

ඉතින් අපි එළැඹෙන දවසේ යළි මුතූර් සිට අපේ ගමන ඇරඹීමේ අදහස ඇතිව ඒ දිනයේ කටයුතු නිමා කළෙමු.

Read Full Post »


එදා කොටි අලිමංකඩ දැවැන්ත හමුදා කඳවුර අල්ලාගෙන කොටි ධජය එස වූ ආකාරයයි මේ

* යාපනය මුදාගැනීමේ රිවිරැස මෙහෙයුම නතර කිරීමට උත්සාහ කළේ කවුද?
* අලිමංකඩ සහ මුලතිව් දැවැන්ත හමුදා කඳවුරු අහිමිවූයේ හිටපු ජනාධිපතිනි සමයේ
* කොටි හිතවාදී වසන්ත රාජාට ද්විත්ව පුරවැසි වීම ලබාදීමට රුපියල් ලක්‍ෂ දෙකක්‌ දුන්නේ රූපවාහිනියෙන්
* ප්‍රභාකරන් සතු කැනඩා දේපළවල භාරකරු රාඡේන්ද්‍රන් මියයයි
* ජනාධිපතිවරණයට තරග කරන දඩයක්‌කාරයා ඉවත් කරනු ශිවාජිලිංගම් පවසයි
* “මිනිසුන් රැවටිය හැක්‌කේ එක්‌ වතාවක්‌ පමණි.” – හිටපු ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්

අතීතය වසන් කළ නොහැකිය. එහෙත් අතීතයේ සිදුවීම්වලට දැන් නව අර්ථකථන ලබාදීම සිදුවේ. ගම්පහ පැවැති මැතිවරණ රැස්‌වීමක්‌ අමතමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මෙලෙස කියා සිටියාය. “මා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිට රට භාර දෙන විට ප්‍රභාකරන් අල්ලා ගෙන සිටි භූමියෙන් සියයට 75 ක්‌ නිදහස්‌ කරගෙන තිබුණා. ජනාධිපතිට ඉතිරිව තිබුණේ ඉතිරි සියයට විසිපහ නිදහස්‌ කරගැනීම පමණයි. එහෙත් යුද ජයග්‍රහණයේ අයිතිය තමාගේ තනි ජයග්‍රහණයක්‌ බවට ඇඟවීමට දරන උත්සාහය බොල් එකක්‌”

හිටපු ජනාධිපතිනිය ජනතාව අමතමින් පෙන්නුම් කර ඇත්තේ ප්‍රභාකරන් පාලනය කළේ සියයට විසිපහක ප්‍රදේශයක්‌ බවයි. එහෙත් සත්‍යය වසන් කළ හැකිද?

1995 දී හිටපු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ යාපනය අර්ධද්වීපය කොටි පාලනයෙන් මුදාගැනීම සඳහා රිවිරැස මෙහෙයුම දියත් කිරීමට සැලසුම් කළේය.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා එදා අපි අනුරුද්ධ රත්වත්තේ මහතා හමු වූ අවස්‌ථාවේ ඔහුගේ දුරකථනයට ඇමතුමක්‌ ලැබුණි. එකී ඇමතුම පිළිබඳව රත්වත්තේ පසුව අපට හෙළි කළේය.

යාපනය මුදා ගැනීමේ රිවිරැස මෙහෙයුම දියත් කිරීමට සූදානම් කළ අවස්‌ථාවේ ලන්ඩන් නුවර සිට රත්වත්තේ මහතාට දුරකථන ඇමතුමක්‌ ලැබුණේ එදා සිටි ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග ගෙනි.

ඇය එහිදී කියා සිටියේ රිවිරැස මෙහෙයුම අත්හිටුවන ලෙසයි. ද්‍රවිඩ ජනතාව විශාල ලෙස මිය යැමට ඉඩ ඇති නිසා රිවිරැස මෙහෙයුම නතර කළ යුතු බව ඇය තරයේ ප්‍රකාශ කර ඇත. මෙම මෙහෙයුම සැලසුම් කරලා ඉවරයි. එය නතර කරන්න බැහැ යෑයි රත්වත්තේ මහතා වේගවත් ලෙස ඇයට ප්‍රතිචාර දක්‌වනු ලැබීය.

ජනාධිපතිනියගේ මේ ප්‍රකාශය ගැන සැකසිතූ අනුරුද්ධ රත්වත්තේ විගස ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ප්‍රධානියකු අමතා සත්‍ය තත්ත්වය දැන ගත්තේය.

චන්ද්‍රිකා කුමාරතුංග එදා අනුරුද්ධ රත්වත්තේව අමතා ඇත්තේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ සිටය. කොළඹ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ බලවත් කාන්තාවක්‌ හා ලන්ඩනයේ ද්‍රවිඩයන් රැසක්‌ ඇවිත් රිවිරැස මෙහෙයුම නතර කරන ලෙස හිටපු ජනාධිපතිනියට දැඩි බලපෑමක්‌ කර තිබේ.

ලන්ඩන් නුවර ඊළම් ද්‍රවිඩයන් හිටපු ජනාධිපතිනිය වෙත පවසා ඇත්තේ රිවිරැස මෙහෙයුම නිසා ලක්‍ෂ ගණනක්‌ ද්‍රවිඩයන් මෙන්ම ෙඓතිහාසික නල්ලූර් කෝවිලද විනාශ වන බවයි. එහෙත් හිටපු නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති රත්වත්තේ ඇගේ ඉල්ලීම නොතකා රිවිරැස මෙහෙයුමින් යාපන අර්ධද්වීපය අල්ලා ගත්තේය.

මෙයට සමාන ප්‍රකාශයක්‌ ප්ලොට්‌ ජාත්‍යන්තර ඒකකයේ සම්බන්ධීකාරක රාජසිංහම් සිවරාජන් හෙළි කළේය. නෝර්වේහි පදිංචි ඔහු මේ සතියේ දිනෙක මෙරටට සම්ප්‍රාප්ත විය. කොටි සංවිධානය පරාජය කිරීමට ක්‍රියා කරන ලෙස 1994 දී අපි එදා සිටි ජනාධිපතිනියගෙන් ඉල්ලා සිටියා. එහෙත් ඇය අපේ ඉල්ලීමට සවන්දුන්නේ නැහැ යෑයි ඔහු කියා සිටියේය.

මේ පසුබිම මැද රටෙන් සියයට 75 ක්‌ මුදාගෙන තිබූ බවට හිටපු ජනාධිපතිනිය කියන්නේ කෙසේද? ඇය පාලනය කරන සමයේ කොටි ත්‍රස්‌තවාදීහු මුලතිව් ආරක්‍ෂක හමුදා කඳවුර මුළුමනින්ම විනාශ කළහ. 1996 ජුලි 18 දා මුලතිව් හමුදා කඳවුර විනාශ කිරීමේදී මියගිය භට පිරිස 1173 කි.

ඉන්පසු කිලිනොච්චි හමුදා කඳවුරට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල විය. 1998 සැප්තැම්බර් 27 දා එල්ල වූ කොටි ප්‍රහාරයේදී සෙබළු 857 ක්‌ දිවි පිදූහ.

2000 වසරේÊ අප්‍රේල් 23 වැනිදා අලිමංකඩ දැවැන්ත හමුදා කඳවුර සහමුලින්ම විනාශ විය. එහිදී හමුදා නිලධාරීන් සහ සෙබළු 708 ක්‌ මරුමුවට පත්වූහ.

එසේම හිටපු ජනාධිපතිනියගේ පාලන සමයේ ඩොලර් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන අතිශයින්ම බලවත්විය. ජාතික රූපවාහිනියේ ප්‍රධානියාව සිටි සුනිල් සරත් පෙරේරා ඉවත් කෙරුණි. ඒ වෙනුවට ලන්ඩනයේ සිටි කොටි හිතවාදියකු වූ වසන්ත රාජා පත් කෙරුණි. වසන්ත රාජාට ජාතික රූපවාහිනියේ අධ්‍යක්‍ෂක ජනරාල් තනතුර දෙන ලෙස නියෝග කළත් එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් කේ. එස්‌. ගුණසේකර පැවසුවේ වසන්ත රාජාට සුදුසු කම් නැති බවයි.

මේ කොටි හිතවාදියාව එම ධුරයට නිර්දේශ කළේ 1971 කැරැල්ලේ හිටපු කැරලි කරුවෙකි. වසන්ත රාජාට ජාතික රූපවාහිනියෙන් ලක්‍ෂ 2 ක්‌ ගෙවා ද්විත්ව පුරවැසි බවද ලොන්ඩන් පෙදෙසේ කුලියට සුපිරි නිවසක්‌ද ඇය ලබා දුන්නාය.

1994 වසරේ ඇය බස්‌නාහිර මහ ඇමැතිනිය ලෙස කටයුතු කරද්දී මෙරටට පැමිණි වසන්ත රාජා තමා යාපනයට යන බව පවසා තිබේ. මෙහිදී හිටපු ජනාධිපතිනිය වසන්ත රාජා වෙත මෙලෙස පවසා ඇත.

“ජාතික බුද්ධි සේවාව මට අනතුරු අඟවමින් මා කොටි ඉලක්‌කයක්‌ යෑයි කියා සිටියා. මෙය ඇත්තක්‌ දැයි ඔබ කොටින්ගෙන් අසනවාද?”

යාපනයට ගිය වසන්ත රාජා චන්ද්‍රිකා මතුකළ ප්‍රශ්නය කොටි න්‍යායාචාර්යව සිටි ඇන්ටන් බාලසිංහම්ගෙන් විමසා තිබේ.

“ජාතික බුද්ධි සේවාව ගැන විශ්වාස කරන්න එපා යෑයි ඔබ ඇයට කියන්න ඇගේ මියගිය සැමියා වූ විජය කුමාරතුංගට අපේ ගෞරවය තිබෙනවා. එම ගෞරවය ඇයටත් හිමියි. එක්‌සත් ජාතික පක්‍ෂයේ කෙරේ විශ්වාසය තබන්න එපා යෑයි ඇයට කියන්න යෑයි” ඇන්ටන් බාලසිංහම් විසින් වසන්ත රාජාට ප්‍රකාශ කර ඇත.

කොටින්ගෙන් මරණ තර්ජනයක්‌ එල්ල වී නැතැයි වසන්ත රාජා ඇයට දැනුම් දුන්නේය. එහෙත් වසර කීපයකට පසු ඇය කොළඹ පුරහල් භූමියේදී ඝාතන ප්‍රයත්නයකින් දිවි ගලවා ගත්තාය.

2003 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියව සිටියදී සිදු වූයේ කුමක්‌ද? එදා ඇයටත් හොරෙන් අති විශාල මුදලක්‌ ගෙවා බ්‍රිතාන්‍යයේ එස්‌. ඒ. එස්‌. බළකායේ හිටපු ප්‍රධානියකු වූ ජනරාල් මයිකල් රෝස්‌ට මෙරට ජාතික ආරක්‍ෂාව සම්බන්ධව වාර්තාවක්‌ සකස්‌ කිරීමට බාරදුන්නේ එවකට සිටි රජයයි. ජනරාල් මයිකල් රොස්‌ සිය වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පොලිස්‌ ඒකකයක්‌ ස්‌ථාපිත කිරීමට යෝජනා කළේය. මෙම ජාත්‍යන්තර පොලිස්‌ ඒකකයේ කාර්යභාරය ද්‍රවිඩ පොලිස්‌ බළකායක්‌ පිහිටුවීමයි.

මේ හැර ඇමරිකානු සී. අයි. ඒ. බුද්ධි සේවා නියෝජිතයකු ද ඇගේ සමයේ ජාතික ආරක්‍ෂක මණ්‌ඩල රැස්‌වීමට සහභාගි විය. රටේ ජාතික ආරක්‍ෂාවට සම්බන්ධව වැදගත් තොරතුරු සාකච්ඡාවට ලක්‌වන තොරතුරු නිරීක්‍ෂණයට ලක්‌වන ආරක්‍ෂක මණ්‌ඩල රැස්‌වීමට සී. අයි. ඒ. ඒජන්තවරයකු සහභාගි වෙද්දී ජනාධිපතිනිය ලෙස ඇය ගත් පියවරක්‌ නැත.

මේ පසුබිම යටතේ තමාගේ පාලනය යටතේ රටේ සියයට 75 ක්‌ මුදාගෙන තිබූ බව හිටපු ජනාධිපතිනිය පැවසීම ජනතාව මුලාකිරීමක්‌ නොවේද?

2006 ජුලි මස මාවිල්ආරු ප්‍රදේශයද සැප්තැම්බර් මසදී සාම්පූර් සහ වාකරේද 2007 ජුලි මස තොප්පිගලද 2007 සිලාවතුර ප්‍රදේශයද 2008 අප්‍රේල් මස මඩුපාර ප්‍රදේශයද මුදා ගනු ලැබීය. 2008 නොවැම්බර් මස මන්නාරම පුනරීන් ඒ 32 මාර්ගයද 2009 ජනවාරි මස මුලතිව් ප්‍රදේශයද අලිමංකඩ ප්‍රදේශයද කිලිනොච්චි කොටි කලාපයද වන්නි මෙහෙයුමෙන් මුදා ගෙන තිබුණි.

මේ පසුබිම යටතේ කොටි පරාජය වීමෙන් පසු කොටි සතුව ඩොලර් 34,426699 ක්‌ වටිනා අවි ආයුධ තිබී සොයා ගනු ලැබීය.

එසේම ඉදිරියටත් බිහිසුණු ඝාතන සිදුකිරීමට කොටි සතුව තිබූ මරාගෙන මැරෙන බෝම්බ පටි 29 ක්‌ සී. 4 පුපුරණ ද්‍රව්‍ය කිලෝ 6050 ක්‌ සහ වෙනත් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1012 ක්‌ ද බෝම්බ පැකට්‌ 293 ක්‌ද හමු විය.

මෙයට අමතරව ගුවන් යානා විනාශ කිරීම සඳහා සෑම් මිසයිල 16 ක්‌ද කොටි සතුව තිබී සොයාගනු ලැබීය.

මේ අතීතය වසන් කළ හැකිද?

එසේම 2003 මැයි මාසයේදී එදා පැවැති රජය උතුරේ ආරක්‍ෂක කේන්ද්‍රස්‌ථාන 152 න් 88 ක්‌ අඩු කිරීමට තීරණය කළේය.

උතුරේ අධි ආරක්‍ෂිත කලාප ඉවත් කිරීම සඳහා වාර්තාවක්‌ සකස්‌ කිරීමට විශ්‍රාමික ඉන්දීය ජනරාල් සතිෂ් නම්බියාර්ද උතුරු නැගෙනහිර කොටින්ගේ යාත්‍රාවලට මුහුදේ යැමට ඉඩ දීමේ ඉල්ලීම ගැන විමර්ශනය කිරීමට හිටපු ඉන්දීය අද්මිරාල් පී. ඡේ. ඡේ කබ්ද මෙරටට ගෙන්වීමට එදා රජය ක්‍රියාකරද්දී ජනාධිපතිනිය ලෙස චන්ද්‍රිකා කුමාරතුංග ගත් පියවරක්‌ නැත.

මේ අතර දෙසැම්බර් 16 දා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරා මෙහෙය වන යුරෝපා කොටි වෙබ් අඩවිය හිටපු ජනාධිපතිනිය සම්බන්ධව පුවතක්‌ විකාශනය කළේය. එහි මෙලෙස සඳහන් විය.

රටේ නායකත්වය වෙනස්‌ කිරීමට හිටපු ජනාධිපතිනිය මන්නාරම රදගුරු රායප්පු ජෝශප් සමග සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීය. මන්නාරමේ අරිප්පුවේ ශාන්ත මරියා දෙව්මැඳුරේ පැවැති දේව මෙහෙය අමතමින් රදගුරුවරයා මේ බව හෙළි කළේය. මට චන්ද්‍රිකාව හමුවුණා. රටේ නායකත්වය වෙනස්‌ කිරීමට අපි සියලු දෙනාම ඉදිරිපත් වී සිටිනවා.

කරුණා පාර්ලිමේන්තුවේ සිටිනවා ළමුන් දුක්‌විඳිනවා. නව පාලනයක්‌ සඳහා ඉදිරියට පා තැබීමට වේලාව පැමිණ තිබෙනවා. එහෙත් චන්ද්‍රිකා සහ රායප්පු ජෝශප් අතර පැවැති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු ගැන ජනතාවට හෙළි කර නැත. මන්නාරම් රදගුරුගේ අතීතය පිළිබඳව විමර්ශනය කරන විට උතුරු නැගෙනහිරට ස්‌වයංපාලනය දිය යුතු බවටත් වන්නි මෙහෙයුම ක්‍රියාත්මක වන විට 141000 ක ජනතාවක්‌ උතුරේ සිටි බවටත් පැවසූවේද ඔහුයි.

මන්නාරමේ රදගුරු එසේ මෙසේ තැනැත්තෙක්‌ නොවෙයි. සංඝමිත්තා මෙහෙනින් වහන්සේ ගොඩබැස්‌ස උතුරේ චුල්ලිපුරම් ප්‍රදේශයේ දේවස්‌ථාන තුනක්‌ ඔහු ඉදි කළා. මේ දෙව්මැඳුරු ඉදිකළේ වන්නි මෙහෙයුම අවසන් වීමෙන් පසුවයි. ඔහු චන්ද්‍රිකා සමග කතා කළ දේ මන්නාරමේ ද්‍රවිඩ ජනතාව දන්නවා. එහෙත් සිංහල ජනතාවට හෙළි කර නැහැ යෑයි ප්ලොට්‌ ජාත්‍යන්තර සම්බන්ධීකාරක රාජසිංහම් සිවරාජන් හෙළි කළේය.

මේ තත්ත්වය මත භූමියෙන් සියයට 75 ක්‌ මුදා ගත් බවට හඬ නගන හිටපු ජනාධිපතිනිය 2000 අප්‍රේල් මස සිට මැයි මස දක්‌වා ක්‍රියා කළ ආකාරය සිහිපත් කළ යුතුය. 2000 වසරේ අප්‍රේල් අවසාන සමයේ ප්‍රභාකරන් යාපනය දොරටුව නැමැති ස්‌ථානයට පැමිණ 40000 ක්‌ හමුදා භටයන්ට සුදුකොඩි ඔසවා යටත් වන ලෙස නියෝග කරද්දී හිටපු ජනාධිපතිනිය දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටියාය. ඉන්දියාව පවා උතුරෙන් හමුදා භටපිරිස්‌ ඉවත් කිරීමට සහයක්‌ දැක්‌ වූයේ නැත. මේ අසීරු අවස්‌ථාවේ උසස්‌ හමුදා නිලධාරීහු පවා ත්‍රස්‌තයන් පලවා හැරීමට කුමක්‌ කළ යුත්තේද යන්න ගැන හිටපු ජනාධිපතිනිය වෙත උපදෙස්‌ දීමට ඉදිරිපත් වූයේ නැත.

එවකට උතුරේ සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක්‌ චාවාකච්ෙච්රි ප්‍රදේශයේ සිට පලාලි වෙත හමුදා ඉවත් කර ගැනීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි කොළඹට වාර්තා විය.

කොටි ත්‍රස්‌තයන් විනාශ කරලීමට වහාම මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ ගෙන්වන ලෙස මා එදා නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති අනුරුද්ධ රත්වත්තේ වෙත කියා සිටියෙමි.

හිටපු නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැතිවරයා එදා පාකිස්‌තාන් ජනාධිපතිව සිටි පේවේස්‌ මුශාරප්ගෙන් මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව බී. එම්. 21 වර්ගයේ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රයක්‌ පාකිස්‌තාන් රජය මෙරටට එවනු ලැබීය. ඉන්පසු චෙක්‌ රාජ්‍යයේ මයිකල් ස්‌මර්ස්‌ නැමැති නිලධාරියා මැදිහත් වී ආර්. එම්. 70 මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ ශ්‍රී ලංකා හමුදාවට ලබා දුන්නේය.

මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍රවලින් එල්ල කළ ග්‍රාඩ් රොකට්‌ නිකුත් වූයේ පොළව කම්පනයට ලක්‌ කරමිනි. මේ නිසා බියට පත් ප්‍රභාකරන් සහ ත්‍රස්‌ත කල්ලිය යාපනය අත්හැර වන්නියට පැන ගියේය.

කොටින්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා ග්‍රාඩ් රොකට්‌ සහ මල්ටි බැරල් මෙරටට ගෙන් විය යුතු යෑයි යෝජනා කළේ කව්දැයි එදා බ්‍රිගේඩියර්වරයකු වූ සනත් කරුණාරත්න දනී. යුද්ධය ජයගන්න උදව් කළේ අපි යෑයි ජනතාව හමුවේ ප්‍රකාශ කරන අතුරලියේ රතන හිමි එදා සිටියේ කොහේද? මෙම පසුබිම මැද මෙරට දේශපාලනයට වඩා වැදගත්ම කරුණ වන්නේ ජාතික ආරක්‍ෂාවයි. හිටපු ජනාධිපතිනිය සමග දැන් එක්‌ව කටයුතු කරන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න 2003 මැයි 8 දා මෙලෙස ප්‍රකාශ කර තිබුණි.

එල්. ටී. ටී. ඊයේ යුද ශක්‌තිය අවතක්‌සේරු කිරීම කොතරම් මෝඩකමක්‌ද? එල්. ටී. ටී. ඊය මැර කල්ලියකට සමාන කිරීම වැරදියි. ඔවුන්ට සිදු වූ අසාධාරණකම් නිසයි අවි අතට ගත්තේ”

මේ අතර ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ රාඡේන්ද්‍රම් නැමැත්තා කැනඩාවේදී මියගොස්‌ ඇත. ඔහු ප්‍රභාකරන්ගේ සොහොයුරිය වූ විනෝදනීගේ සැමියායි. කැනඩා ආරංචි මාර්ග දක්‌වන අන්දමට ප්‍රභාකරන් සතු කැනඩාවේ ඇති දේපළවල භාරකාරයා ලෙස ක්‍රියා කළේද රාඡේන්ද්‍රන්ය. “බාබු” නැමැති දැවැන්ත අවන්හල් සංකීර්ණයද ප්‍රභාකරන්ගේ දේපළවලට අයත් යෑයි හෙළි වී තිබේ

මේ අතර ජර්මනියේ කොටි ක්‍රියාකාරීහු දස දෙනකුට බර්ලින් අධිකරණය දඬුවම් නියම කරන අවස්‌ථාවේ කොටි හමුවට ගොස්‌ සංවේගය පළ කිරීමට විරාඡ් මෙන්ඩිස්‌ නැමැත්තා ක්‍රියා කළේය. මේ අතර ප්‍රභාකරන්ගේ සමීපතම ඥාතියකු වූ උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් පසුගිය 15 දා යාපනයේ ද්‍රවිඩ මාධ්‍ය පාර්ශව අමතමින් දඩයක්‌කාරයා ජනාධිපතිධුරයට යළි තරග කරන බවත් අපට විශාල ලෙස පීඩාවක්‌ අත්කළ පුද්ගලයා ඉවත් කළ යුතු බවත් පවසා ඇත.

මේ ප්‍රකාශයෙන් ද්‍රවිඩ සන්ධානයේ අරමුණ පැහැදිලි වේ.

Read Full Post »

නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න
නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදයේ ගින්න ලෙසින් වූ මෙම ලිපි පෙළේ මුල් කොටස්‌ දෙක මීට ඉහත සතිවල “දිවයින ඉරිදා සංග්‍රයේ” පළ විය.

එහිදී අද දවසේ නැගෙනහිර සිංහල ජනතාවට අත්වෙමින් තිබෙන දුක්‌ත ඉරණමත්, එසේ වෙද්දී අපේ දේශපාලන උතුමන් බලයට ලෝබීව රටට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ ඉත්තන් වෙමින් කා කොටා ගන්නා අන්දම හා මුස්‌ලිම් රටවල අනුග්‍රහයෙන් මූලධර්මවාදයේ ව්‍යාප්තිය සිදුවන ආකාරයත් අපි හෙළි කළෙමු.

මේ පළ වන්නේ එම ලිපි පෙළේ තුන්වන කොටසය.

මුතුමැණිකේ මාතාව කියන්නට වූ ඒ කථාව අවසානයේ ඇයට සමු දුන් අපි යළි ගමන් ඇරඹුවෙමු. කන්තලේ – සේරුනුවර මාර්ගය ඔස්‌සේ ඇදෙන අපේ රථය කල්ලාර් ගම්මානයෙන්ද සමුගෙන යමින් තිබේ. දැන් අප සිටින්නේ එගම අවසන් මායිමේ වේ.

“අයියේ මේ තියෙන්නේ කල්ලාර් මහවැලි ක්‍රීඩාංගණය. කොහොමද? නියමයි නේද? අප ගමන් සගයා මට ක්‍රීඩාංගණයක්‌ ගැන කියමින් සිටී. මම හතර අත බලමින් ක්‍රීඩාංගණය සොයන්නට වීමි. ගරා වැටුණු කම්බි වැටක්‌ සහ මානා පඳුරු ගොන්නකින් වැසී ගිය බිමක ලැග සිටින හරකුන් දෙතුන් දෙනකු හැරෙන්නට ක්‍රීඩා පිටියක සලකුණකුදු පෙනෙන්නට නැත.

කෝ මල්ලි.. කොහෙද පිට්‌ටනිය..? මම යළිත් ඔහු විමසීමි. “ඔය තියෙන්නේ අයියේ.. හරක්‌ ලැගලා ඉන්නේ ග්‍රවුන්ඩ් එකේ තමා..” අපූරුය මේ හරකුන් ලැග සිටින්නේ මා සොයන ක්‍රීඩාංගණයේය. ත්‍රස්‌තවාදයෙන් බැට කා ජීවත් වන මිනිසුන් ගහණ කල්ලාර් ගමේ කොල්ලකුට බෝලයක්‌ ගහන්නට ඇති ක්‍රීඩා පිටියේ අයිතිය අද හිමිව ඇත්තේ හරකුන්ටය.

ඒ ක්‍රීඩා පිටියට මඳක්‌ එපිටින් කල්ලාර් ගමට වතුර දෙන්නට ඉදිකළ ජලයෝජනා ක්‍රමයකි. ඉන් ගමට ලැබෙන වතුරක්‌ නැත. එය ගරා වැටුණු සොහොන් ගෙයක්‌ පරිදිය. මේ තිබෙන්නේ අපේ දේශපාලනඥයකු කුටිටියක්‌ කඩා ගන්නට කළ විඡ්ජාවක්‌ බව පැහැදිලිවම පෙනී යන්නකි.

කල්ලාර් මහවැලි ක්‍රීඩාංගණය සහ ජලයෝජනා ක්‍රමය යනු නැගෙනහිර මායිමේ හතර කොන නොදැන ලැබෙන කුට්‌ටිය සමග දහදුරා දේශපාලනයක යෙදෙන්නවුන්ගේ මෙන්ම මුස්‌ලිම් අන්තවාදයේ ගිලී තිබෙන රාජ්‍ය නිලධාරි මාෆියාවේ ජාතිවාදයට ගොදුරු වූ මේ මිනිසුන්ගේ කතාව ලොවට කියන්නට ඇති කදිම සාක්‍ෂි වැනිය.

ක්‍රීඩාංගණය හා ජලයෝජනාක්‍රමය පමණක්‌ම නොව අද නැගෙනහිර සිංහල වැසියන් ජීවත් වන පැල්පත් නිවාස, ගරා වැටුණු ආර්ථිකයත් සමග මතුවී ඇති දුප්පත්කම ආදී වශයෙන් බැලු බැලූ හැම අතම පෙනෙන්නට ඇත්තේ ඒ ජාතිවාදයේ සෙවනැලිය.

අපේ සගයා රථය පදවමින් සිටී. වේගයෙන් ඇදෙන රථයේ පසුපස අසුනට වී සිටින බන්දු මල්ලීත්, චන්ද්‍රසෝම මහතා සහ කපිලත් බර දේශපාලන කතාබහකට වැටී සිටිති. ඔවුන්ගේ මාතෘකාව වී තිබෙන්නේ ජනපති මහින්ද හා චන්ද්‍රිකාගමනය සමග මතුවී ඇති මෛත්‍රී දේශපාලනය ය.

කල්ලාර් පසුකර පැමිණි අප දැන් ළඟා වෙමින් සිටින්නේ රටට විජයග්‍රහණය හිමි වූ අවසන් මානුෂීය මෙහෙයුමේ හෙවත් මිනීමරු ප්‍රභාකරන් අත පුච්චා ගැනීමේ කතාව ආරම්භ වූ මාවිල්ආරු සීමාවටය. තවත් කිලෝමීටර් දෙකතුනක්‌ රථය පැදවූ අපේ ගමන් සගයා ඒ අතීත බිහිසුණු මතකය සිහිවන මාවිල්ආරු සොරොව්ව දෙසට විහිදෙන පටු මඟ සහිත මන්සන්ධියේ රථය නැවතීය.

මම ඉන් බැස ගතිමි. එදා මේ මන්සන්ධිය පසු කර යමින් ප්‍රදේශයේ වූ කොටි බලය පරදා ත්‍රස්‌ත ග්‍රහණයේ තිබූ මාවිල්ආරු සොරොව්ව යළි විවර කරන්නට අපේ රණවිරුවන් කී දෙනෙක්‌ සතුරා ඉදිරියේ අභීතව සටන් වැද දිවි පිදුවේද? ඒ සිංහල, දෙමළ සහ මුස්‌ලිම් ලෙසින් වූ සියලු වැසියනගේ පවස නිවන්නටය.

මාවිල්ආරු සටන ඇවිලුණු මොහොතේ සිදුවූ තවත් දෙයක්‌ද මගේ මතකයට නැගෙමින් තිබේ. කොටි ත්‍රස්‌තයන් මාවිල්ආරු සොරොව්ව වසා දැමූ අවස්‌ථාවේ දේශප්‍රේමයෙන් රත්වූ අපේ අතුරලියේ රතන හාමුදුරුවෝ එය යළි විවෘත කරන්නට මේ මන්සන්ධිය ඔස්‌සේ මාවිල්ආරු යන්නට ආහ. අද ආණ්‌ඩුවෙන් පිටතට පා තබා සිටින ජාතික හෙළ උරුමයේ ඇතැමුන්ද ඒ ගමනේදී රතන හිමියන් පසුපස විය.

නමුත් රතන හිමියන් ඒ ගමන යන්නට පැමිණි මොහොතේ ත්‍රස්‌තයන් වනසා දැමීමේ සටන ඇරඹීමට සූදානමින් සිටි රණවිරුවන් “අනේ හිමියනේ ඔබ වහන්සේ ඔය ගමන නොගොස්‌ සටන අපට භාරදී යළි වඩින්න”යෑයි ආයාචනා කළේය. එහෙත් එය නෑසූ රතන හිමි ඇතුළු පිරිස මාවිල්ආරු යන්නට සැරසුණහ.

එහිදී හමුදාව කළේ සැළසුම්සහගත යුද්ධය ඇරඹීමට පෙර රතන හිමි ඇතුළු පිරිසේ ආරක්‍ෂාව වෙනුවෙන් අකමැත්තෙන් වුව දෙසීයක පමණ කොමාණ්‌ඩෝ බලඇණියක්‌ මාවිල්ආරු දෙසට යෑවීමය. නමුත් අවසානයට සිදු වූයේ කුමක්‌ද? රතන හිමි ඇතුළු කණ්‌ඩායමට මාවිල්ආරු සොරොව්ව වෙත යැම තබා ඒ දෙස සිට හමා ආ සුළඟවත් ඇඟ වදින්නට අවස්‌ථාවක්‌ නොලැබිණි.

එක්‌වරම එල්ටීටීඊ ත්‍රස්‌තයන් එල්ල කළ කාලතුවක්‌කු වර්ෂාවක්‌ මාවිල්ආරු සීමාවට පතිත විය. රතන හිමි නිසා පෙරට ගිය කොමාණ්‌ඩෝ සෙබළුන් සියයක පමණ පිරිසක්‌ මාවිල්ආරු බිමේදී සතුරාට ගොදුරු වී මරු වැළඳ ගත්හ.

මම මාවිල්ආරු සොරොව්ව දෙසට විහිදී ඇති ඒ පටු මාවත දෙස මොහොතක්‌ බලා සිටියෙමි. එදා කොටි ත්‍රස්‌තයන්ගේ කාලතුවක්‌කු උණ්‌ඩ ඇද වැටුණු ඒ මඟ මේ මොහොතේ නැගෙනහිර බිම පුරා අලුයට පැතිරී තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්නෙන් නැඟෙන දුමාරයෙන් වැසී ගොස්‌ ඇති සේය.

එහෙත් දේශප්‍රේමයෙන් ඔදවැඩී කොටි ත්‍රස්‌තවාදය හමුවේ වීරයකු වන්නට දඩබ්බර ලෙස මාවිල්ආරු ගිය රතන හිමි අද සිටින්නේ නැගෙනහිර යථාර්ථය දැක, දැනත් කොටි ත්‍රස්‌තවාදය නැසූ මහින්ද ද හැර දමා හෙළ උරුමයේ කණ්‌ඩායමක්‌ සමඟ වෙනතක ගොසිනි.

එල්ටීටීඊය ඉදිරියේ වීරයන් වන්නට ගිය රතන හිමි, චම්පික ඇතුළු සිංහල බෞද්ධ හෙළ උරුමයේ ඇතැමුන් මේ යන ගමන කුමක්‌දැයි සිතාගත නොහැකිව තිබෙන්නකි. “යන්නේ කොහෙද මල්ලේ පොල්” යනුවෙන් වූ කතාවක්‌ අපේ ජනවහරේ එයි. අපට සිතෙන්නේ ඒ කතාව දැන් “යන්නේ කොහෙද මල්ලේ ඩොලර්” ලෙසින් වෙනස්‌ කළහොත් හොඳ යෑයි යන්න පමණි.

“කිරිල්ලවල ටවුර්ස්‌” යෑයි සඳහන් කුඩා බස්‌ රථයක්‌ විනෝද ගමනක යන පිරිසක්‌ ද රැගෙන මාවිල්ආරු මන්සන්ධියේ කටෝර පොළවේ වූ දූවිලි අවුස්‌සා අප පසුකර පිම්මේ ඉගිල යයි. එහි සිටින්නෝ කා, බී ගී ගයමින් ප්‍රීති වෙති.

බස්‌ රථය සේරු නුවර දෙසට ගියේය. මඳක්‌ ඒ දෙස බලා සිටි අපි රට දැය වෙනුවෙන් මාවිල්ආරු බිමේදී දිවි දුන් අපේ විරුවනට හදවතින් පිං දී යළි ගමන ඇරඹීමු. ඉදිරියෙන් ඇත්තේ සේරුනුවර නගරය ය. අපේ මඟ පෙන්වන්නා රථයේ වේගය සුපුරුදු රිද්මයට ගනිමින් සිටී.

ඒ රිද්මය සමඟ විනාඩි කිහිපයක්‌ තුළ තවත් කිලෝමීටරයක්‌ පමණ ගෙවා දමමින් සේරුවිල නගරයට සේන්දු වන්නට අපට හැකි විය. සේරුවිල නගරයේ යම් කලඑළියක්‌ තිබේ. එහෙත් එයද ඇඟට දැනෙන එකක්‌ නම් නොවේ. අපේ ගමන් සගයා සේරුවිල නගරය මැදින් එහි අන්තයට පැමිණ ඉදිරියේ වූ තුන්මන් හන්දියේදී රථය වමට හැරවීය.

අපි දැන් ගෙවෙන දවසේ යන ගමනින් සැලකියයුතු කොටසක්‌ අවසන් කර සිටිමු. එහෙත් යායුතු මඟ තව බොහෝ දුරය. ඒ මඟ කඩිනමින් ගෙවන්නට රථයේ වේගය ඇඟට නොදැනී වැඩි කරන අපේ සගයා සේරුවිලින් කෙරුණු වමට හැරවුමත් සමඟ මට කතා කරන්නට විය.

අයියේ. ඔයා දැන් කන්තලේ ඉඳන් සේරුවිලට එනකන් හැම දේම ඇස්‌ දෙකට දැක්‌කනේ. දැන් මම ඔයාව ගෙනියන්නේ වෙනම ලෝකයකට. මම ඔයාට කිව්වා හැම දෙයක්‌ම ඇස්‌ දෙකට පෙන්වන්නම් කියලා. මෙතැනින් එහාට බලන්න. හුඟක්‌ දේවල් ඔයාටම තේරෙයි.

සේරුවිල නගරයෙන් වමට හැරවුණු අපේ රථය දැන් මුතූර් දෙසට ඇදෙමින් තිබේ. දෙවියනේ මෙය පුදුමයක්‌ද? මෙතෙක්‌ මා දුටුවේ නොදියුණු බවේ අන්තයටම ගිය කටෝර වූද කර්කශ වූද දුගී මිනිසුන් වෙසෙන ඉසව්වකි. එහෙත් දැන් අපායයි තව්තිසාවයි එකළඟ පිහිටියේදැයි වටහා ගත නොහැකි තත්ත්වයකට මම පත්ව සිටිමි.

“සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුර මඟ පියකරු වූ.. සුසුදු වළා කැරළි පලසකි මේ මඟ දි ඇතිරූ.. අහස සූරන මැඳුරූ…” අපේ සොඳුරු කලා මිතුරා රොඩ්නි වර්ණකුල අද වේදිකාවකට ගොඩවූ කල ගයන ඒ පැරණි නාට්‍ය ගීතය මගේ සිහියට නැඟෙමින් තිබේ. කතා දෙකක්‌ නැත සේරුවිලින් හැරුණු කල අප ඇතුළු වූ සහ මගේ නෙත ගැටුණු ඒ පුරවරය විසිතුරුමය. මඟ පියකරුය. අහස සූරන මැඳුරුද ඇත.

පෙරවරුව අවරට හැරෙමින් තිබෙන අප යන මේ දිනයේ අපේ ගමනේ අවසානය ලෙස තෝරාගෙන සිටිනුයේ අද නැගෙනහිර පැතීරී ඇති මුස්‌ලිම් මූලධර්මවාදයේ යථාර්ථය සියෑසින් දකිමින් මුතූර් නගර සීමාවේ රැයක්‌ ගත කිරීමය. අපේ ගමන් සගයා සැඟවුණු භීෂණයක්‌ තිබුණද බියසැක නොමැතිව ඒ රැය ගෙවන්නට අවැසි පරිසරය සහ නියම තැනක්‌ සකස්‌ කර අවසන්ය.

“අයියේ.. මම ඔයාට කිව්වා මුස්‌ලිම් මූලධර්මවාදය සමඟ අද නැගෙනහිර පළාතේ සන්නද්ධ ව්‍යාපාරයක්‌ ගොඩනැගෙමින් තිබෙනවා කියලා. ඒකට තියෙන හොඳම උදාහරණය තමයි මුතූර්වලදී ඔයාට ඕනෙ නම් ආයුධයක්‌ සල්ලි දීලා ගන්න පුළුවන්කම තියෙන එක.

ටී 56 ක්‌ රුපියල් තිස්‌පන්දාහයි.. මිලිමීටර් 9 පිස්‌තෝලයක්‌ රුපියල් 20,000 යි. මිලිමීටර් 3.8 පිස්‌තෝලයක්‌ රුපියල් 15,000 යි. එල්ටීටීඊය පාවිච්චි කරපු මයික්‍රෝ පිස්‌තෝලයක්‌ රුපියල් දහදාහකට ගන්න පුළුවන්..” අපට මඟ පෙන්වන මිතුරු තොමෝ ඒ ඇත්ත මට පහදමින් සිටිති.

මොකද කියන්නේ මල්ලී.. මට ඩීල් එකක්‌ දාන්න පුළුවන්ද..? ඒ කතාව ඔහු කියන විට මම ඔහුගෙන් පෙරලා එසේ ඇසුවෙමි. “මම දැනගෙන හිටියා ඔයා මගෙන් ඒ ප්‍රශ්නය අහනවා කියලා අයියේ.. ඔව් පුළුවන්.. මම ඒකට කෙනෙක්‌ සෙට්‌ කරලා තියෙන්නේ.. අපි මුතූර්වලට ගිහින් ඒ වැඩේ කරමු.

සෙරුවිලින් හැරී ඒ සුපිරි ලෝකයට පා තැබූ අපි අල්ලෙයි, කිලිවෙඩ්ඩි, තෝපූර්, කට්‌ටපරිච්චාන් සහ සාම්පූර් දක්‌වා විහිදී ඇති නෙක මාර්ග ඔස්‌සේ යමින් හොඳ වටයක්‌ කැරකී අඳුර හාත්පස වෙලා ගනිද්දී මුතූර් නගරයට ළඟා වුනෙමු.

කියන්නට දෙයක්‌ නැත. අද දවසේ මෙරට ක්‍රියාත්මක කින්නියා විෂන්, මුස්‌ලිම් එයිඩ් ආදී ලෙසින් වූ මුස්‌ලිම් රාජ්‍ය නොවන සංවිධාන 22 ක්‌ මගින් අරාබි සල්ලි විසි කරමින් ගොඩනඟා ඇති ඒ ලෝකය අති සුන්දරය.

ආරාබි පාසල්, පල්ලි, ජනතා ආයතන, සියලු යටිතල පහසුකම් සමග ගොඩ නැඟුණු ගම්මාන, කාපට්‌ හා කොන්ක්‍රීට්‌ යොදා සකස්‌ කළ මාවත්, කුමකට හැදුවේදැයි සිතා ගන්නට බැරි උස්‌ ගොඩනැඟිලි සමග මූලධර්මවාදී මුස්‌ලිම් ඇඳුමින් සැරසී එහි වෙසෙන මිනිසුන් දකින කල එක්‌වරම හැඟෙන්නේ සෞදි අරාබිය දැන් තිබෙන්නේ නැගෙනහිර ශ්‍රී ලංකාවේද යන්නය.

ඉන්දීය මුස්‌ලිම් ලීගයේ ප්‍රධානියාව සිටි රහමන් අලි චෞද්රි මීට වසර අසූ දෙකකට පෙර 1932 දී අඩ සඳක්‌ සහ තරු දහයක්‌ සහිත ධජයක්‌ සමඟ අප කලාපය පුරා විහිදී ගිය රාජ්‍යයන් දහයකින් සමන්විත මුස්‌ලිම් ලෝකයක සිහිනයක්‌ දුටුවේය.

චෞද්රි දුටු ඒ සිහිනයේ රාජ්‍යයන් අටක්‌ම දිනා ගන්නට අද මුස්‌ලිම් මූලධර්මවාදීහු සමත්ව සිටිති. ඔහුගේ සිහිනයට අනුව ඉතිරි රාජයයන් දෙක සලකුණු කෙරුණේ ශ්‍රී ලංකාව ඉලක්‌ක කර ගිනිමිනි. ඉන් එකක්‌ නම් කරනු ලැබුවේ නැගෙනහිර ශ්‍රී ලංකාවේ බිහි වන නසිරිස්‌ථානය ලෙසිනි.

කතා දෙකක්‌ නැත. ඒ නසිරිස්‌ථානය දැන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර බිම පුරා බිහිවී අවසන්ය. මුතූර්වලට පැමිණි අප රාජ්‍ය ගොඩනැඟිල්ලක කොනක වූ අප සගයා සූදානම් කරන ලද ඒ නවාතැනට ආවෙමු. එය අප වෙනුවෙන් සොයාගෙන තිබුණේ මුතූර් ප්‍රදේශය ගැන හොඳින් දන්නා අප ගමන් සගයා හඳුනන මිතුරෙකි.

“අයියේ.. මම ඔයාට කිව්වනේ සන්නද්ධ ව්‍යාපාරයකට අද මුස්‌ලිම් මූලධර්මවාදය ගමන් කරමින් ඉන්නවා කියලා.. ඔවුන්ගේ ඒ ගිනි අවි සංස්‌කෘතිය ගැන මේ මගේ යාලුවා හොඳට කරුණු දන්නවා..” නම මෙහි සටහන් කරන්නට නොහැකි කලක්‌ මෙරට ආරක්‍ෂක අංශයක සාමාජිකයකු වූ ඒ මිතුරාව අපේ මිතුරා මට හඳුන්වා දුන්නේය.

මම ඔහු සමග කෙටි පිළිසඳරකට වැටුනෙමි. “මොකද මල්ලි වෙන්නේ මෙහේ..” මේකයි අයියේ.. අද මෙහේ ගොඩ ගැහිලා තියෙන ආයුධ හංගගෙන ඉන්නේ එදා එල්ටීටීඊ එකට සෙට්‌ වෙලා හිටපු මුස්‌ලිම් පොරවල්.. ඒක ලීඩ් කරන්නේ ෂා මොහොමඩ් කියලා එකෙක්‌.. කාලෙකට ඉස්‌සර වෙලා ඔය මොහොමඩ්ගේ ආයුධ වගයක්‌ සීඅයිඩී එකෙනුත් ඇල්ලුවා..

ඒත් ඒ සිද්ධියට ඇතුළට ගියේ වෙන එකෙක්‌.. මොහොමඩ් තාමත් එළියේ ඉන්නවා.. මොහොමඩ් අද නැගෙනහිර ධීවර බෝට්‌ටුවලින් ආයුධ ගෙන්වන එකත් කරනවා.. ඒ විතරක්‌ නෙමේ කුඩු ලංකාවට ගෙන්නන ඒජන්ට්‌ කෙනෙක්‌ විදිහටත් මොහොමඩ් වැඩේ කරගෙන යනවා..

හැබැයි ඒ කුඩු බිඳක්‌වත් නැගෙනහිර බෙදන්නේ නැහැ.. මෙහේ ඉන්න මුස්‌ලිම් කොල්ලන්ට කුඩු විකුණලා මොහොමඩ්ට යහතින් ඉන්න ලැබෙන්නෙත් නැහැ.. ඒ දේවල් පල්ලියෙන් තහනම් කරලා තියෙන්නේ.. මොහොමඩ් ගේන කුඩු යන්නේ රටේ වෙන පළාත්වලට.. අද මුතූර්වලින් රට ඇතුළට එන කුඩු තොග කොළඹට පවා යනවා..

ආයුධ ජාවාරමත් ඒ වගේ දරුණුවට යන වැඩක්‌ අද දකුණේ සමහර පාතාල පොරවල් අයුධ ගන්නත් මුතූර්වලට එනවා.. ගන්නේ ෂා මොහොමඩ්ගෙන්.. මොහොමඩ්ට තියෙනවා කොළඹ මාලිගාවත්ත, පුත්තලම, බේරුවල වගේ මුස්‌ලිම් ප්‍රදේශවලට විහිදිලා ගිය සංවිධානාත්මක ජාලයක්‌.. එයත් එක්‌ක ආයුධ සහ කුඩු ජාවාරම මෙහෙයවන තව තුන් හතර දෙනෙක්‌ම නැගෙනහිර මුස්‌ලිම් ප්‍රදේශවල ස්‌ථානගත වෙලා ඉන්නවා.. සියලු දේ අද තියෙන්නේ මහා භයානක තැනක..”

මේ කතා බහ අවසානයේ මම අපේ අලුත් මිතුරා සමඟ අපේ ගමන් සගයා හා එන අතරමඟ දී කතා කළ ඒ ඩීල් එක සඳහා යැමට සූදානම් වූයෙමි. අලුත් මිතුරාට මුතූර්හි මුස්‌ලිම් මිනිසුන් කතා කරන බස හොඳින් හැසිරවිය හැකිය. ඉතින් ගැටලුවක්‌ද නැත. මා ඔහු සමග ඒ ගමන යායුතුව ඇත්තේ ගිනි අවියක්‌ මිලදී ගැනීම සඳහා කොළඹින් පැමිණි පාතාලයකු ලෙසිනි.

“අයියේ.. අපි ඉල්ලන්නේ මයික්‍රෝ පිස්‌ටල් එකක්‌. මොකද මුන් ළඟ ඒකට දාන බුලට්‌ හිඟයි. ඒ නිසා බඩු ළඟට ගෙන්නගෙන බුලට්‌ එක්‌ක දෙන්න කියලා අපිට මාරු වෙලා එන්න පුළුවන්..” අලුත් මිතුරා මට මූලික උපදෙස්‌ ලබා දෙමින් සිටී.

දවස පුරා පැමි දිගු ගමන හමුවේ ඇඟට දැනෙන වෙහෙස හේතුවෙන් සෙසු පිරිස විවේකයක්‌ ගන්නට සැරසෙද්දී මමත් අලුත් මිතුරාත් නවාතැනින් පිටවී ඒ ගමන ගියෙමු.. ඔහු ජංගම දුරකථනය ගෙන දෙමළ බසින් කාටදොa ඇමතුමක්‌ දෙමින් සිටී.. ඒ අප ගනුදෙනුව සඳහා පැමිණෙන බව දැනුම් දීමටය. අපේ ගමනාන්තය වී තිබෙන්නේ මුතූර් වෙරළ තීරයය.

දැන් වේලාව රාත්‍රී නවයද පසුවී විනාඩි කිහිපයක්‌ ගෙවී ගොසිනි. අඳුර රජයමින් තිබෙන මේ රැයේ මූතූර් නගරය ඔස්‌සේ පයින්ම වෙරළ තීරය දෙසට ඇවිද යන අප දෙදෙනා දෙස වීදිවල සිටින මුස්‌ලිම් මිනිසුන් අමුතු ඇහැකින් බලන අයුරුද මම දුටිමි. එහෙත් අලුත් මිතුරාගේ දැනුම සමඟ කිසිදු වෙනසක්‌ නොමැතිව මුතූර්වල ඉපදුන උන් සේ නගරය ඔස්‌සේ ගිය අපි වෙරළ තීරයට ළඟා වුනෙමු.

මුහුද සිප එන සීත සුළඟ ඇඟට දැනෙමින් තිබෙන වෙහෙස මට අමතක කරමින් සිටී. හාත්පස විපරම් කරන අතරේ රහසේ මෙන් සිංහලෙන් කතා බහ කරමින් අපි මුතූර් වෙරළේ එක්‌ තැනක නතර වූයෙමු. තවත් අඩ හෝරාවක පමණ කාලයක්‌ ගෙවී ගියේය. ෂා මොහොමඩ්ගේ ගෝලයෙක්‌ සොපිං බෑගයක දැමූ මයික්‍රෝ පිස්‌තොලයක්‌ ඉන රුවාගෙන අප වෙත ළඟා වූයේ අපටද නොදැනෙන ලෙසිනි.

Read Full Post »

නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න.

නගරයේ කොන්ක්‍රීට්‌ වනාන්තරයෙන් ඈත්ව ඈත එපිට ගම්මානයකට ගිය කල්හි ලතාවකට ගලා යන ඇළ, දොළ, ගංගා සහ නිල්ල පිරුණු කෙත්වතු සමග වන ගහකොළවලින් සපිරි ඒ නිවුණු පරිසරය දෙනෙත්වලට පමණක්‌ නොව හදවතටද ගෙන දෙන්නේ මහා සැනසීමකි. එකී සැනසීම සමග සූරියපුර ගම්මානයේ තැනක වූ පොල්අතු සෙවිලි කළ පුංචි තේ කඩයට ගොඩ වූ අපි එහි ෂෝකේසයක තිබූ හැලපයක්‌ සපන අතරේ තේ කෝප්ප කිහිපයක්‌ ඇනවුම් කළෙමු.

කඩයේ කොනක මැටියෙන් තැනුණු උස්‌ තැනක ගල් තුනක්‌ තබා බැඳ තිබූ දර ලිපෙහි රස්‌නයෙන් ගොජ දමමින් නටන හැලියේ තිබූ උණු වතුරෙන් කඩයේ හිමිකාරිය යෑයි සිතිය හැකි මැදි වියේ කාන්තාව අපේ ඇනවුම සකස්‌ කරමින් සිටී. මම ඇය දෙස බලා සිටියෙමි. නගරයේදී අප දකින කෝප්ප දෙකක්‌ අතරේ දිගට ඇදෙන “යාර” තේ මෙහි නැත. අපේ ඉල්ලුම අනුව අඬු කෝප්ප පහක්‌ බන්දේසියක තැබූ ඇය ඒ එකින් එකට කහට ස්‌වල්පයක්‌ බැගින් එක්‌කරමින් කිසිදු කලබලයක්‌ නොමැතිව අපේ ඇනවුම සකස්‌ කරමින් සිටින්නීය.

ගැමි සමාජයේ ඇති සරල බවට මෙය කදිම උදාහරණයක්‌ නොවේදැයි මට සිතිණි. ඇය අපට තේ ගෙන ආවාය. ගත වෙහෙස නිවමින් උගුරෙන් පහළට ගිය තේ කහට රස සමග මම ඇය විමසන්නට වීමි. “කොහොමද අක්‌කේ ජීවිතේ.. පහුගිය කාලේ ඔයාලත් කොටි කරදරවලට අහුවුණාද?

මගේ පැනයට පිළිතුරු දීම වෙනුවට ඇය මොහොතක්‌ කල්පනා කරන්නට වූවාය. “ඇයි මොකක්‌ හරි ප්‍රශ්නයක්‌ද? මම නැවතත් ඇය විමසීමි.

“ඔව්. මේවා කියන්න ගිහින් ප්‍රශ්නයක්‌ වෙයිද දන්නේ නැහැ..” ඇගේ සිත යදමකින් බැඳ ඇති සේය. නමුත් අවසානයේ ඇය මුව විවර කළාය. ඒ ඇගේ අනන්‍යතාව පිළිබඳ කිසිවක්‌ හෙළි නොකරන බවට මා ලබා දුන් පොරොන්දුවකින් අනතුරුවය.

1985 දී අපිට කොටි ගැහුවා. මගේ මහත්තයවත් අරගෙන ගිහින් මරා දැමුවා. එතකොට මම හිටියේ පළමුවැනි දරුවා ලැබෙන්නෙ කන්තලේට ගිහින්. ඒ 1985-07-17 වැනිදා.. එදායින් පස්‌සේ ගමේ හැමෝම ගම දාලා ගියා.. අපි ආයෙත් ගමට ආවේ කාලෙකට පස්‌සේ.. කොටි ගහන කාලේ මේ ගමේ මිනිස්‌සු මහවැලි ඉඩම්වල කුඹුරු කළා.. ඒත් ආයේ ගමට එනකොට ඒ කුඹුරු නැහැ.. ඒවා ලොකු සල්ලිකාර කොම්පැනියක කුකුල් µdම් වෙලා.. මේ අසාධාරණය කියන්න කෙනෙක්‌ අද අපිට නැහැ..

අපේ කුඹුරු වෙනුවට වෙනත් තැන්වලින් කුඹුරු ඉඩම් ලැබුණා.. ලැබුණට ඒ ඉඩම්වල කුඹුරු කරනවා තියා මඤ්ෙÆක්‌කා හිටවන්නවත් බැහැ.. වතුර නැහැ.. වැස්‌සොත් විතරයි වගාවක්‌ කරන්න පුළුවන්.. ඉතින් එක යායට කුඹුරු අස්‌වද්දපු මේ ගමේ මිනිස්‌සු අද ජීවත් වෙන්නේ කුලී වැඩ කරලා.. ගොවියෝ කුලී කාරයෝ වෙලා..”

ඇය තවත් බොහෝ දේ කීවාය. නමුත් ඒ හැම වදනකම වූයේ දුකම පමණි. එදා ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයෙන් පහර කා ජීවිත පවා අහිමි කරගත් ඔවුහු දැනුදු බැට කමින් සිටින්නාහ. ඇය කී කතාවේ සරල අරුත ඇත්තේ එතැනය. මේ මිනිස්‌සුන්ට එසේ සිදු වූයේ කෙසේදැයි යන්න සිතීම පවා ගැටලුවකි. ඒ ගැටලුව සමගම ඇයට සමුදුන් අපි යළි අපේ ගමන ඇරඹීමු.

එසේ යළි පිටත් වූ ගමන අතරතුර අපේ මඟ පෙන්වන්නා සූරියපුර ගම කෙළවර වූ එක්‌ නිවසක්‌ අද්දර රථය නැවතීය. අපි ඒ නිවසටද ගොඩ වූයෙමු. එහි ගෘහනිය හෙවත් දරුවන්ගේ අම්මා විශ්මයෙන් යුතුව අපව පිළිගන්නට මෙන් ඉදිරියට පැමිණ සිටී. අප කවුරුන්දැයි කීමෙන් පසු මම ඇයගෙන්ද ඔවුන්ගේ කතාව විමසුවෙමි.

“කොහොමද? මේ පැත්තේ විස්‌තර. ජීවිතේ දුෂ්කරද..? “කියලා වැඩක්‌ නැහැ මහත්තයෝ. ඉස්‌සර මේ ගමේ ගොඩක්‌ ජනතාව හිටියා. ඒත් දැන් ඉන්නේ පවුල් හැත්තෑවක්‌ විතර. යුද්දෙන් පස්‌සේ පවුල් 300 කට ඉඩම් දුන්නා. වැඩි පිරිසක්‌ ආවේ නැහැ. අපි මේ පදිංචි වෙලා ඉන්න අක්‌කර භාගයයි. සූරියපුර පොලිසිය ආසන්නයෙන් කුඹුරු අක්‌කර එකහමාරකුයි පදිංචි වෙන අයට ලැබුණා.

එත් ඒ කුඹුරු කරන්න පුළුවන් වහින කාලෙට විතරයි. ඒක කරන්නත් මෙතන ඉඳන් කිලෝමීටර් දෙකක්‌ විතර පයින් යන්න ඕනේ. මේ ගමට වතුර නැහැ. මහවැලියෙන් සුමානයකට දෙසැරයක්‌ වතුර බවසරයක්‌ එනවා. ඒ ඇවිත් බෙදන වතුර ඉවර වුණාම ගමේ අය බොන්න වතුර ටිකක්‌ ගන්නේ කන්තලේ ප්‍රාදේශීය සභාවෙන් එන වතුර බවුසරයෙන් එක කෑන් එකකට රුපියල් විස්‌සක්‌ ගෙවලා.

ගමට බස්‌ රථයක්‌ දාලා තිබුණා. ඒක අද යන්නේ කන්තලේ නගරයට විතරයි. උදේට පාසල් යන්න ඒ බස්‌ එකේ යන අපේ දරුවෝ කන්තලේ මධ්‍ය මහ විද්‍යාලයට යන්න තවත් කිලෝමීටර් දෙකක්‌ විතර පයින් යන්න ඕනේ. අපේ දරුවෝ විඳින ඒ දුක අපි හැමෝටම කිව්වා. ඒත් පිහිටක්‌ වුණ කෙනෙක්‌ නැහැ..

පදිංචි කරපු සමහරුන්ට ඉඩම් ලැබුණේ අලිමංකඩ ළඟින්. අලි ගහලා ඒ මිනිස්‌සු එලවලා දැම්මා. ඉඩම් දීලා ගෙවල් හදා ගන්න කියලා එක මාසයක්‌ කැලෙන් ලීයක්‌ කපා ගන්න අපිට අවසර දුන්නා. ඒත් අද දර කෑල්ලක්‌ කපා ගන්නවත් කැලේට යැම තහනම්. අහුවුණොත් වන ජීවියෙන් අල්ලගෙන යනවා. ගමේ හැමෝම වගේ ජීවත් වෙන්නේ කුලී වැඩ කරලා හොයා ගන්න සොච්චමකින්..”

ඇය අද ඔවුන් ජීවිතය ගෙන යැමට විඳින ගැහැට එසේ වචන කරන්නට වූවාය. කිසිදු විවාදයක්‌ නැත. ඔවුන්ගේ ජීවිත තවමත් දුෂ්කරය. අපි ඇයටද සමුදී යළි ගමන් ඇරඹුවෙමු. සූරියපුර යනු 1986 දී එල්ලටීටීයේ දැඩි ප්‍රහාරයකට ලක්‌ වූ ගම්මානයකි. අවස්‌ථා කිහිපයකදීම මේ මිනිසුන් ඉලක්‌ක කර කොටි ත්‍රස්‌තයන් ගම් වැදී එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයන් නිසාම එකී වකවානුවේ එහි සිටි ජනතාව ජීවිත රැක ගැනීම සඳහා ගම හැරදා ගියේය.

අද එහි පැමිණ සිටින්නේ එසේ පලා ගිය මිනිසුන්ගෙන් කොටසකි. එහෙත් යළි පැමිණි ඔවුන්ගේ ජීවිතය අපායක්‌ බවට පත්ව තිබෙනුයේ ශෝචනීය අයුරිනි. එල්ටීටීයෙන් ගුටි කා පලා ගිය ඔවුහු තවමත් බැට කමින් සිටිති. මේ මිනිසුන් අද සූරියපුරට යළි පැමිණ සිටිනුයේ නැවත පදිංචි කිරීමේ ලේබලය යටතේය.

“ඇයි මල්ලි.. නැවත පදිංචි කිරීම් යටතේ ගමට ඇවිත් ඉන්න මේ මිනිස්‌සුන්ට කිසිම පහසුකමක්‌ ලැබිලා නැත්තේ මොන හේතුවක්‌ නිසාද? මේ ඉම පිළිබඳ බොහෝ දේ දැන සිටින අපේ මඟ පෙන්වන්නාගෙන් මා ඒ පැනය විමසුවේ අද සූරියපුර මිනිසුන් විඳින දුක දැසින් දුටු නිසාමය.

මේකයි අයියේ. අද වෙනකොට මුළු නැගෙනහිර පළාතෙම තියෙන බහුතරයක්‌ රාජ්‍ය ආයතනවල මුල් පුටු අයිති වෙලා තියෙන්නේ මුස්‌ලිම් ජාතිකයන්ට. සමහර තැන්වල විතරක්‌ දෙමළ ජාතිකයන් ඉන්නවා. මේ කතාව අපි කොතනක කිව්වත් හැමෝම කියන්නේ ජාතිවාදය කතා කරනවා කියලා. නමුත් ජාතිවාදය තියෙන්නේ ඔය මම කිව්ව නැගෙනහිර ඉන්න රජයේ නිලධාරින් ළඟ. ඔවුන් කැමැති නැහැ මේ පළාත්වල සිංහල ජනතාවට සහනයක්‌ ලැබෙනවට. ඔවුන්ට අවශ්‍ය තමන්ගේ ජාතියේ මිනිස්‌සුන්ගේ ජීවිත සැපවත් කරන්න විතරයි.

ඒ නිසයි අද නැගෙනහිර පළාතේ සිටින සිංහල ජාතිකයන් දුක්‌ විඳින්නේ. ඔවුන්ට යමක්‌ ලැබෙන්න යනවා නම් රජයේ නිලධාරින් ඒක වළක්‌වනවා. මේ මිනිස්‌සු කැලේට ගිහින් දර කෑල්ලක්‌ කැපුවත් අල්ලන රජයේ නිලධාරින් මුස්‌ලිම් ජාතිකයෙක්‌ කැලේ කපල ගෙයක්‌ හැදුවත් ඇහැක්‌ ඇරලා බලන්නේ නැහැ. එතනදී වෙන්නේ කැලේ කපපු කෙනා හදන නිවසට ඉක්‌මනින්ම ඔප්පුවක්‌ දීලා. ඒක නීත්‍යනුකූල කිරීමට කටයුතු කරන එක.

මේ විදිහට තමයි අද මුස්‌ලිම් මූලධර්මවාදී ව්‍යාප්තිය නැගෙනහිර බිමේ සිදු වෙන්නේ. එකපාරටම කැලේ කපලා අක්‌කර ගණනාවක්‌ එළි කරනවා.. ඊට පස්‌සේ ඔවුන්ගේම එන්ජීඕ එකක්‌ එළි කරපු කැලෑ ප්‍රදේශයේ වැසිකිළි හදනවා.. මිනිස්‌ වාසයක්‌ අහලකවත් නැතුව ඒ වැසිකිළි හදන්නේ.. ඊට පස්‌සේ ඔවුන් කියනවා එතන තිබුණේ කොටි ගහපු මුස්‌ලිම් ගම්මානයක්‌ කියලා.. ටික දවසකින් පැල්පත් අටවගෙන පිරිසක්‌ පදිංචි වෙනවා.. මිනිස්‌සු පදිංචි වුණහම ප්‍රදේශීය ලේකම් ඒ ඉඩම්වලට ඔප්පු දෙනවා.. ඔන්න ඕකයි සිද්ධ වෙන්නේ..

මේ කතා බහ අතරේ අප සූරියපුර පොලිස්‌ මායිමද පසුකර ගියෙමු. තවත් කිලෝමීටර් කිහිපයක්‌ නුදුරේදී අපට හමු වන්නේ කොටි ත්‍රස්‌තයන් එදා වැඩිම බෝම්බ ප්‍රමාණයක්‌ පුපුරුවා දැමූ ගම්මානය වන සිත්තාරුය. මෙතෙක්‌ පහසුවෙන් ආ සෝමපුර හරහා සේරුනුවර දක්‌වා විහිදෙන අප යන මඟෙහි දැන් දැන් පුංචි කටුක බවක්‌ මතුව තිබේ.

ඉදිරියෙන් කොටි ත්‍රස්‌තවාදීන් විසින් පුපුරුවා හරිනු ලැබූ නැවත ඉදිකෙරෙමින් තිබෙන පාලමකි. පාලමේ වැඩ නිම කෙරෙනතුරු මාර්ගයේ ඒ කෙටි දුර සකස්‌ කරන්නට නොහැකිව තිබීම අපට දැනෙන දුෂ්කර බවට හේතු වී ඇත. ඉදිවෙමින් තිබෙන පාලමට එපිටින් තනා තිබූ තාවකාලික හමුදා පාලමක්‌ තරණය කරමින් අපි ඒ ඉම පසුකර ගියෙමු.

දැන් අප යමින් සිටින්නේ සිත්තාරු ගම්මානය මැදිනි. මට යළිත් ඒ අතීතය සිහියට නැගිනි. කොටි ත්‍රස්‌තවාදය පැවැති සමයේ මේ ප්‍රදේශයේ පැවතියේ කොතරම් බිහිසුණු වටපිටාවක්‌ද? අද සිත්තාරු පසුකර මේ මඟ ඔස්‌සේ නිදහසේ යන අපේ ගමන වෙනුවෙන් එදා වීරෝදාර රණවිරුවන් කී දෙනකු සතුරා සමග සටනට වැද සිත්තාරු බිමේදී ජීවිත පුදන්නට ඇතිද? ඔවුන් ඒ උතුම් ජීවිත පරිත්‍යාගය නොකරන්නට අදටත් අපට මේ ඉමේ ඇවිද යැම තහනම්ය..

සිත්තාරු සීමාව නිමාවේ නැගෙනහිර බිමේ තවත් එක්‌ සිංහල ගම්මානයක්‌ ලෙස ප්‍රකට මීගස්‌ගොඩැල්ලට අපි සේන්දු වුණෙමු. මීගස්‌ගොඩැල්ලද එදා එල්ටීටීයේ ම්ලේච්ඡ ප්‍රහාර ගණනාවකට ගොදුරු වූ ගම්මානයකි. එනිසාම එකල ජනමාධ්‍යයෙහි මීගස්‌ගොඩැල්ල යන නම නිතර කියෑවුණු අයුරු මගේ මතකයට නැඟේ. එහෙත් අද එහි ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡත්වයේ කිසිදු සටහනක්‌ දකින්නට නොවේ. ත්‍රස්‌තවාදයෙන් බැට කෑ මේ මිනිසුන්ගේ ජීවිත අද ඔහේ දුෂ්කරව ගලා යන බවට අවට පරිසරයේ ඇති ගහකොළ අපට සාක්‍ෂි සපයමින් සිටී.

අපි ඒ ගම්මානයද පසු කර ඉදිරියටම ගියෙමු. අපේ ගමන් සගයා වේගයෙන් රථය පදවමින් සිටී. තව දුරක්‌ ගිය තැන ඉදිරියෙන් අපට හමු වන්නේ කල්ලාර් ගම්මානය ය. කල්ලාර්ද අතීතයේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදයෙන් හොඳහැටි බැට කෑ මිනිසුන් වෙසෙන ගම්මානයකි.

කල්ලාර් දක්‌වා වූ ඒ දුර ගෙවෙන අතරේ මම අපේ ගමන් සගයා විමසුවෙමි. “මල්ලි.. අලුත් දේශපාලන සන්ධානයක්‌ මතුවෙලා තියෙනවා.. පොදු අපේක්‍ෂකයකුත් සමාජගත වෙලා.. මොකද හිතෙන්නේ..”

“මෙහෙමයි අයියේ.. අද නැගෙනහිර මුස්‌ලිම් මූලධර්මවාදය තියෙන්නේ පුපුරා යන්න ආසන්න තැනක.. ඒත් අපි කරන්නේ පාට කණ්‌ණාඩි දාගෙන බෙදිලා වෙන්වෙලා බලයට පොරකන එක.. මේ කාටවත් වැටහීමක්‌ නැහැ රට ඉදිරියේ තවත් අභියෝගයක්‌ මතුවෙලා තියෙනවා කියන එක ගැන..

“ඔය සන්ධානයේ කතාවත් එක්‌ක අයියට මම තවත් හොඳ කතාවක්‌ කියන්නම්.. පහුගිය දවස්‌වල ආණ්‌ඩුවෙන් පිට වුණා එක කණ්‌ඩායමක්‌.. නැගෙනහිර අද සිදුවන සියලු දේවල් ඒ පිරිස හොඳටම දන්නවා.. මීට ටික කාලෙකට ඉස්‌සර ඔවුන් නැගෙනහිර සිද්ධ වෙන දේවල් ගැන විශාල හඬකුත් නැගුවා.. ඒත් අද ඔවුන් ආණ්‌ඩුවෙන් ඉවත් වෙලා යන්නේ වෙන පාරක.. මේ පිරිස ආණ්‌ඩුවෙන් ඉවත් වුණාට ඔවුන්ගේ එක්‌ ක්‍රියාකාරී පුද්ගලයෙක්‌ මේ මොහොතේත් ආණ්‌ඩුව ඇතුළෙ ඉන්නවා..

ඒ ඉහළම අයට සමීප තැනක.. මේ පුද්ගලයා එල්ටීටීඊ කාලේ නැගෙනහිර තරුණයෝ පිරිසකුත් එකතු කරගෙන කොටින්ට එරෙහිව දැවැන්ත ව්‍යාපාරයක්‌ ගෙන ගියා.. ඒ ව්‍යාපාරය සමහර වෙලාවට සන්නද්ධ එකක්‌ බවටත් පත් වුණා.. මොහු තමයි කරුණා අම්මාන් ලන්ඩනයට ගිහින් ඉන්න කාලේදී නැගෙනහිර මහ ඇමැති අපේක්‍ෂකයා විදිහට ඡන්දේ ඉල්ලපු පිල්ලෙයාන්ගේ මුළු ඡන්ද ව්‍යාපාරයම මෙහෙයුවේ..

අද ආණ්‌ඩුවෙන් ගිහින් ඉන්න පිරිස ඒ දවස්‌වල මොහුගේ නමින් පිල්ලෙයාන්ට වෑන් රථයක්‌ පවා දීලා තිබුණා. මේ වෑන් එක පස්‌සේ කාලෙක පිල්ලෙයාන්ට විරුද්ධ කිසියම් කණ්‌ඩායමක්‌ මඩකලපුවෙදී ගිනි තියලා විනාශ කළා. ඒ දවස්‌වල මේ චරිතය සම්බන්ධ කණ්‌ඩායමේ ප්‍රධානියා නැගෙනහිරට එනකොට පිල්ලෙයාන් ලොකු බී්‍රµa කේස්‌ එකක්‌ ළඟටම ගෙනත් දීලා යනවා. ඒකෙ තිබුණේ සල්ලි අයුධද කියන්න දන්නේ ඔවුන්ම පමණයි.

මොහු ඉතාම සූක්‍ෂම චරිතයක්‌.. ඔහු සහ ත්‍රස්‌තවාදය සමයේ ඔහු සමග සිටි තරුණයන් පිරිස අද කොහේ ඉන්නවද කියන්න දන්නේ නැහැ. නමුත් මොවුන් සතුව අවි ආයුධ පවා තිබෙනවා. ඒක මම පැහැදිලිවම දන්න සත්‍යයක්‌. ඒ එකක්‌වත් නෙමෙයි මෙතන තියෙන ගැටලුව..

අද තමන්ගේ ප්‍රධානින් ආණ්‌ඩුවෙන් ඉවත් වෙලා ඉන්දැද්දි මොහු මොකටද ආණ්‌ඩුව ඇතුළේ ඉන්නේ කියන එක.. බොහෝ දුරට තමන්ගේ කණ්‌ඩායමට ආණ්‌ඩුව අභ්‍යන්තරයේ තිබෙන තොරතුරු ලබා දීම එහෙම ඉන්න එකේ අරමුණ වෙන්න පුළුවන්.. මේක කවුරුත් නොදන්න කතාවක්‌..

හැබැයි මේ හැම දේකින්ම වෙන්නේ අපි අපිටම ගහ ගන්න එක මිසක්‌ වෙන දෙයක්‌ නෙමෙයි.. එදා ඔවුන් සිංහල බෞද්ධ කියාගෙන ත්‍රස්‌තවාදයට විරුද්ධ වෙලා සංවිධානාත්මකව වැඩ කළා.. නමුත් අද මුස්‌ලිම් මූලධර්මවාදී සන්නද්ධ ව්‍යාපාරයක බිහිසුණු මතුවීමක්‌ රට තුළ තියෙද්දී පාවා දීම්ද සමග මොවුන් වෙන මාවතක යමින් සිටිනවා.. මේ හැම දේකින්ම වෙන්නේ රට වැනසෙන එක කියලා කාටවත් වැටහීමක්‌ නැහැ..”

අපි ජීවිත පරිත්‍යාගයෙන් මේ බිම ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයෙන් මුදා ගත්තේ.. ඒ මතකය අපට තිබෙනවා නම් ජනතාවක්‌ විදිහට අප කළ යුත්තේ නැවත එවන් තත්ත්වයක්‌ ඇති නොවන තැනට කටයුතු කරන එක.. නව සන්ධානය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ කියන එක බැලූ බැල්මට පෙනෙන දෙයක්‌.. එහෙම පෙනෙන්නට තිබෙද්දීත් එදා සිංහල බෞද්ධ කියූ මේ පිරිස අද ආණ්‌ඩුවෙන් එළියට ඇවිත් ඒ විජාතික කුමන්ත්‍රණයේම කොටස්‌ කාරයෝ වෙලා..

මෙරට දේශපාලන හැසිරීම් රටාව පිළිබඳවද පැහැදිලි දැනීමක්‌ ඇති ඔහු ඉතා හැඟීම්බරව ඒ කතාව පෙළගැස්‌සවූයේ එසේය.. අපි දැන් කල්ලාර් ගමටද ළඟා වී සිටිමු.. එකම ආකෘතියක නිවාස රැසක්‌ එක පෙළට පෙනෙන්නට තිබේ. ඒ එක්‌ නිවසක ඉදිරිපස සිටින වයෝවෘද මාතාවක්‌ අප දෙස බලා සිනහවක්‌ පෑවාය. අපේ ගමන් සගයා ඒ නිවස ඉදිරිපිට රථය නතර කෙරුවේ ඇගේ ඒ සිනහවට කෘතගුණ දක්‌වන්නාක්‌ මෙනි.

ඒ නැවතීමත් සමග ඇය වෙත ගිය මම “කොහොමද අම්මේ තොරතුරු” යෑයි පවසමින් ඇය සමග පිළිසඳරකට මුල පිරුවෙමි. ඇය නමින් ඩබ්. ජී. මුතුමැණිකේය. කල්ලාර් ගම පිළිබඳ බොහෝ දේ දන්නියකැයි දුටු පමණින් වැටහී යන ඇය මගේ විමසීමත් සමග සිය දැනුම වචන කරන්නට වූවාය.

“පුතේ ඒ දවස්‌වල මේ ගමට කොටි නොගහපු දවසක්‌ තිබුණේ නැහැ.. උන් වෙන කොහෙට හරි ගහන මෝටාර් බෝම්බයක්‌ හරි ගමට පහත් වුණා.. මුලින්ම කොටි ගමට ගැහුවේ 1985 අවුරුද්දේ.. පස්‌සේ කොටින්ගේ පහරදීම් නිසාම මිනිස්‌සු ගම දාලා ගියා. පවුල් තුන්සියයක්‌ විතර හිටිය ගමෙන් අන්තිමට ඉතුරු වුණේ පවුල් 50 ක්‌ විතර.

ඒ පිරිසත් අන්තිම යුද්දේ දවස්‌වල ගමෙන් පිටවෙලා කන්තලේට ගිහින් හිටියේ. මාවිල්ආරු සොරොව්ව හමුදාවෙන් බේරගත්තට පස්‌සේ තමයි ආයෙත් අපි ගමට ආවේ.. කොටින්ගෙන් ගුටි කාපු අපේ ජීවිත අදත් දුෂ්කරවම තමයි ගෙවෙන්නේ.. ඒ කරුමේ මොකක්‌ද කියන්න අපි දන්නේ නැහැ.. අද මේ ගමේ මිනිස්‌සු ජීවත් වෙන්නේ හේන් ගොවිතැන් කරලා..

ඇගේ කතාවෙන්ද පැහැදිලි වෙන එක්‌ කරුණක්‌ ඇත. ඒ ත්‍රස්‌තවාදයෙන් බැට කෑ නැගෙනහිර වැසියන් තවමත් ජීවිත විඳවන බවය.. අප දුටු පරිදි ඔවුනට තවමත් නොලැබී ඇති දේ බොහෝය. ඒ නොලැබීමට ප්‍ර්‍රබලම සාධකය වී ඇත්තේ අද නැගෙනහිර පුරා පැතිරෙමින් තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදය සමග වන ජාතිවාදී නිලධාරි ක්‍රියාකාරිත්වය බව පැහැදිලි කරුණකි. නමුත් එවැන්නක්‌ යළිත් මේ බිමේ ඉස්‌මතුවීමට ඉඩ දිය යුතුද? නැත කිසිසේත්ම ඊට ඉඩ නොතැබිය යුතුය.

එහෙත් මේ මොහොතේ අප සිදු කරමින් සිටින්නේ බෙදී වෙන්වී රටට එරෙහි සියලු කුමන්ත්‍රණවල ගොදුරු බවට පත්ව යක්‍ෂයාට විමාන තැනීම නොවේද?..

ලබන සතියෙන් මුස්‌ලිම් මූලධර්මාවාදීන් සන්නද්ධව සිටින බවට සාක්‍ෂි සපයමින් මුතූර් වෙරළේදී අපේ අතට පිස්‌තෝලයක්‌..

Read Full Post »

මේ හිමිදිරි උදයේ අපට මඟ පෙන්වන්නා විසින් ධාවනය කරනු ලබන කුඩා මෝටර් රථයේ ඉදිරි අසුනට බර දී සිටින මම ඉද්ද ගැසුවාක්‌ මෙන් එක එල්ලේ පෙනෙන කන්තලේ -සේරුනුවර – මුතූර් මාර්ගය දෙසත් අවට හාත්පස වෙතත් ඇස්‌ පුරා බැල්මක්‌ හෙළුවෙමි.

රථයේ ආරක්‍ෂිත බඳ පටිය මගින් ගතට ගෙන දෙමින් ඇත්තේ අමිහිරි තෙරපීමකි. එහෙත් මේ පරිසරය දකින දෙනෙතට දැනෙන්නේ මිහිරකි. එකී මිහිර සමග ගෙවී ගිය අතීතයේ දුර ඈතින් ඇසුණු ශාපලත් යුද්ධයේ පිපිරුම් හඬ සමග කන්තලේ සිට මේ මග ඔස්‌සේ නැගෙනහිර යුද පෙරමුණක්‌ වෙත ගිය ගමනක්‌ මගේ සිහියට නැඟුණේ නිරායාශයෙනි.


සිරිපුර ගම්මානයේ නිවාස

ඒ අතීතයේ අද මෙන් මෝටර් රථයක ඉදිරි අසුනට වී ගමනේ යෙදෙන්නට මට අවසර නොවීය. අතිශය රළු වූ එහෙත් පැහැදිලි ආරක්‍ෂාවක්‌ සහිත යුද හමුදාවට අයත් යුනිකොන් රථයක නැඟී එදා මම මේ මග ගියෙමි. යුනිකොන් රථයේ වහළයට සවි කෙරුණු අධිබල ගිනි අවියකට තුරුලුව හිස පමණක්‌ පිටතට දමාගෙන සිටි හමුදා සෙබළෙක්‌ රථයේ උන් සියල්ලන්ගේ ආරක්‍ෂාවට කැප වෙමින් උකුසු දෙනෙතකින් යුතුව නිරන්තර හාත්පස නිරීක්‍ෂණය කළේය.

නමුත් වේගයෙන් ඇදී යන එම රථයේදී මා මේ මඟ දෙපස බැලුවේ එහි දෙපැත්තේ වූ ඝනකම් දැලකින් ආවරණය කෙරුණු පුංචි කවුළු තුළිනි. සැබැවින්ම ඒ ගමනේදී වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට එරෙහි සටනේ සලකුණු විනා අන් යමක්‌ දකින්නට මට නොහැකි විය. තැනක සටනේ නිරත රණවිරුවෝ උපන් බිම සතුරාගෙන් රැක ගැනීම උදෙසා පෙරදා රැයේ සතුරා ඇටවූ ක්‌ලේමෝ සහ බිම් බෝම්බ සොයමින් මග දෙපස පෙළ ගැසී සෝදිසි මෙහෙයුම්හි නිරතව සිටියහ.

තවත් තැනක වෙඩි පිපිරීමෙන් සුණුවිසුණුව ගිය ගස කොළ මෙන්ම ගොඩනැඟිලි හා කොටි ත්‍රස්‌තයන් විසින් කැති ගා කපා කොටා මරා පන්නා දැමූ මිනිසුන් සිටි ගම්මානවල මතක සටහන්ය. ඉන් එහා දකින්නට කිසිත් නොවීය. එහෙත් එදා එසේ වුවද අද මෙහි මහා වෙනසක්‌ සිදුව ඇත.

දෙනෙතට දැනෙන ඒ වෙනස සමග මම අපේ ගමන් සගයා විමසුවෙමි. “මල්ලි යුද්දේ කාලෙට වඩා ගොඩක්‌ දේවල් වෙනස්‌ වෙලා නේද? පාරවල් හැදිලා.. මිනිස්‌සුන්ගේ බිය සැක නැති වෙලා.. මෙහෙම වෙච්ච එක කොයිතරම් දෙයක්‌ද? මට මතකයි මීට අවුරුදු පහකට විතර ඉස්‌සර මම මේ පාරේ ගියේ හමුදාවේ යුනිකොන් එකක නැඟලා.. ඒත් අද මොනතරම් වෙනසක්‌ද වෙලා තියෙන්නේ..”

“හ්ම්..ම්…

මගේ විමසීමට ඔහුගෙන් බකමූණු පිළිතුරක්‌ ලැබෙමින් තිබේ. “ඇයි මල්ලි එහෙම වෙලා නැද්ද? එදා යුනිකොන් එකක මේ පාරේ ගිය මම අද කාර් එකක මේ ගමන යන්නේ ඒ නිසානේ. ඇයි ඔයා ඔහොම උත්තර දෙන්නේ..? ලැබුණු පිළිතුර සමග ඇති වූ කුතුහලය නිසාම මම ඔහුට යළි ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කළෙමි.

“ඔව් අයියේ.. ඔයා කියන දේ හරි. ඒත් ඔයා දකින දේට වඩා දෙයක්‌ අද නැගෙනහිර පළාතේ සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම සිද්ධ වෙලා කිව්වොත් වැරදියි. තවමත් සිද්ධ වෙමින් තිබෙනවා. හැම දෙයක්‌ම තවත් මේ විදිහට වුණොත් තව අවුරුද්දකින් නැත්තන් මාස හයකින් විතර ඔයාට මේ පාරේ ආයෙත් යන්න වෙන්නේ යුනිකොන් එකකම තමා.. මම කටින් කිව්වට වැඩක්‌ නැහැ. යමු ඔයාගේ ඇස්‌ දෙකටම ඒ ඇත්ත පෙන්වන්නම්..”

ඔහු මට දුන් ඒ පිළිතුරත් සමග මම නිරුත්තර වූයෙමි. කුමක්‌ සිදු වෙමින් තිබේද? කුමන හේතුවක්‌ නිසා ඔහු එසේ කියන්නේද? අනාගතයේ දිනක යළිත් යුනිකොන් රථයක නැඟී මේ බිමේ ගමන් කරන්නට සිදු වෙතැයි ලෙසින් හෙතෙම අනතුරු අඟවනුයේ නැවතත් කොටි ත්‍රස්‌තවාදයේ පිබිදීමක්‌ සිදු වෙමින් තිබෙන නිසාද? සිතට ප්‍රශ්න වැලක්‌ නැඟෙමින් තිබේ. එනිසාම මම යළිත් හේ විමසුවෙමි.

“ඒ කියන්නේ මල්ලි ආයෙමත් එල්ටීටීඊ එක ක්‍රියාත්මක වෙනවද..?

මගේ ඒ ප්‍රශ්නයට උපහාසය මුසු සිනහවක්‌ නැඟූ ඔහු මුව විවර කරන්නට විය.

“එල්ටීටීඊ එක නැගිටියිද නැද්ද කියන්න දන්නේ නැහැ අයියේ.. නමුත් අද මුස්‌ලිම්වරුන්ගේ මූලධර්මවාදය නම් නැගෙනහිර පළාත පුරාම පැතිරිලා.. මේ රටේ හිටපු සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුන් කියන කොටස දැන් නැගෙනහිර නැහැ.. සියලුම මුස්‌ලිම්වරුන් මූලධර්මවාදීන් වෙලා.. හැම දෙයක්‌ම සිද්ධ වෙන්නේ ඉතාම සූක්‍ෂ්ම ආකාරයට..

මුස්‌ලිම් දේශපාලනය නැගෙනහිරට විෂ ගෙනාවේ වසර ගණනාවකට ඉස්‌සර. හැබැයි ඒ වෙනකොට එල්ටීටීඊය බලවත් වෙලා හිටපු නිසා හැම දේම තිබුණේ යට ගිහින්. හැබැයි ඒ කුමන්ත්‍රණකරුවන් ඔය කාලේ තමන්ගේ ඉලක්‌කය වෙත යැමට අවශ්‍ය කරන අනිත් දේවල් රැස්‌ කරමින් සිටියා. පහුගිය කාලේ “හලාල්” වගේ කතා සමාජගත වුණේ ඒ නිසයි. කොටි ත්‍රස්‌තවාදය නැගෙනහිරින් පරාජය වුණ මොහොතේ පටන් ඔවුන් තමන්ගේ අරමුණු වෙනුවෙන් යන ගමන ආරම්භ කළා.

එල්ටීටීඊයේ අවසානයත් සමග මුලින්ම සිදු වුණේ නැගෙනහිර පළාත පුරා මූලධර්මවාදයේ අභිමතය සහ බලහත්කාරය තුළින් ජනාවාස ඇති කරමින් මුස්‌ලිම් ව්‍යාප්තියක්‌ සිදු කර තමන්ගේම කියන කලාපයක්‌ ගොඩ නැඟීම.. අද ඒක සිදු කර හමාරයි.. පුල්මුඩේ කුච්චවේලි සිට පානම දක්‌වා වූ මුහුදු තීරය ආශ්‍රිතව තමන්ගේ කියා ගන්නා භූමියක්‌ ඔවුන් මේ වෙනකොට ස්‌ථාපිත කර තිබෙනවා.. එදා සිට අද දක්‌වාම මේ රටේ ක්‍රියාත්මක මුස්‌ලිම් දේශපාලනය ඒ සියලු කුමන්ත්‍රණ පසුපස සිටියා..

මුහුදු තීරය ආශ්‍රිතව පමණක්‌ නෙවෙයි, ඇතැම් ප්‍රදේශවලදී ඔවුන් පැරිණි සීමා මායිම් පවා වෙනස්‌ කර රට අභ්‍යන්තරයට එමින් තමන්ගේය කියන කලාපය පුළුල් කරගෙන තිබෙනවා.. ඔය කලාපය තුළ සිටින මූලධර්මවාදය වැළඳ ගත් මුස්‌ලිම් ප්‍රජාවට අද ලෝකයේ සමහර මුස්‌ලිම් රටවලින් Rජු විදේශ ආධාර පවා ලැබෙනවා.. ඔවුන් ඒ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනවා.. ඒ ප්‍රකාශ තුළ තිබෙන්නේ අතිශයෝක්‌තියක්‌ නෙවෙයි. ඇස්‌පනාපිට පෙනෙන්නට තිබෙන සත්‍යයක්‌..

එය ඔවුන්ගේ රාජ්‍යයක්‌ වෙලා. එහි මංමාවත් ගොඩනැඟෙන්නේ අරාබි රටවල අධාර තුළින්.. පාසල් පද්ධති සහ කර්මාන්ත ආදියත් එහෙමයි. මූලධර්මවාදය අදහන මුස්‌ලිම් රටවල අධාර මතින්a ඒ ප්‍රජාව වෙනුවෙන් සියලු පහසුකම් සහිත නිවාස ව්‍යාපෘති ගොඩනැඟී තිබෙනවා.. පාරිසරික සංරක්‍ෂණයකින් තොරව ඔවුන්ගේ භූමිය තුළ ඇති කැලෑ හෙළි කරමින් වගා බිම් බිහි වෙමින් තිබෙනවා. රටේ පොදු නීතිය අද එහි නැහැ. සියලු ගැටලු විසඳෙන්නේ පල්ලියේ අභිමතය පරිදි..

මේ සියල්ලටම වඩා බරපතළ තත්ත්වය වෙන්නේ අද ඔවුන් ඔවුන්ගේ යෑයි කියා ගන්නා භූමිය තුළ සිටිමින් මුස්‌ලිම් මූලධර්මවාදය සමග සන්නද්ධ ව්‍යාපාරයක්‌ වෙත ගමන් කරමින් සිටීම. එල්ටීටීඊය නැගෙනහිරින් පරදින අවස්‌ථාවේ සඟවපු අවි ආයුධ දැන් තියෙන්නේ ඔවුන් සතුව. ඒ විතරක්‌ නෙවෙයි. එල්ටීටීඊය ක්‍රියාත්මක කාලයේ ඊට සම්බන්ධව සිටි මුස්‌ලිම් කාඩරයන් රැසක්‌ මේ කලාපය තුළ සිටිනවා. අද මූලධර්මවාදය තුළින් මතුවන සන්නද්ධ ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඔවුන්.

පැහැදිලිවම කිව්වොත් නැගෙනහිර කියන්නේ මේ වන විට පුපුරා යැමට ආසන්න පරමාණු බෝම්බයක්‌. ඒ පිපිරීම කොයි මොහොතේ කොතැනකින් සිදු වෙයිද කියන එක වටහා ගැනීමට පවා නොහැකි අයුරින් සියල්ල සංවිධානය වෙමින් තිබෙන්නේ.. යමු. මම අයියට මේ හැමදෙයක්‌ම පෙන්වන්නම්..”

මා කළ විමසීමට අනුව හේ මට අද නැගෙනහිර බිමේ ඇති යථාර්ථය පැහැදිලි කරන්නට වූයේ එසේය. මම කල්පනා කළෙමි. නැවතත් මේ රට හමුවට පැමිණ ඇත්තේ කොතරම් බරපතළ අන්දමේ අභියෝගයක්‌ද? සියල්ල දැනට නිද්‍රdශීලීය. ඒ අතරේ ජනාධිපතිවරණයක්‌ අභිමුවේ රට ඇත්තේය.

ඉකුත් 2005 වසරේ ප්‍රකාශයට පත් ජනාධිපතිවරණයට අනුව මහින්ද රාජපක්‍ෂ මහතා තරගයට පිවිසෙද්දී එජාපයේ සාම ගිවිසුම හේතුවෙන් කොටි ත්‍රස්‌තවාදය තිබුණේද මෙවන් වූ මවාගත් නිද්‍රdශීලී බවක ගිලීය. ප්‍රභාකරන් නිදා සිටින බවක්‌ මවා පාමින් එරික්‌ සෝල්හයිම්ලාගේ පිහිටෙන් ලැබෙන්නට ගිය “මස්‌ රාත්තල” දෙස බලාගෙන නිදි වර්ජිතව සිටියේය. නැතහොත් හොරට නිදාගෙන සිටියේය.

2005 ජනපතිවරණයෙන් මහින්ද බලයට එන්නේ එල්ටීටීඊයේ මෙකී හොර නින්දත් සමගිනි. මහින්ද එසේ බලයට පැමිණියේය. ඒ අතරේ කොටි ත්‍රස්‌තයන් මාවිල්ආරු සොරොව්වට අත තැබීය. ඒ සමගම ප්‍රභාකරන් සිටිනුයේ නිදි වර්ජිතව බව වටහා ගත් මහින්ද හොර නින්දක සිටි කොටි ත්‍රස්‌තවාදය සමාදානයේ සතපවනු ලැබුවේ මවුබිමට විමුක්‌තිය උදා කර දෙමිනි.

එසේ නිදි නැති කොටි නිදි කරවූ මහින්ද දැන් යළිත් කරළියට පැමිණ ඇත. ඒ ප්‍රකාශිත ජනාධිපතිවරණය සමග තුන්වැනි වරටද ජනතාව අතරට යමිනි. මහින්ද එසේ යළි පැමිණෙන අතරේ රට හමුවේ අලුත් අභියෝගයක්‌ නිර්මාණය වී ඇත්තේ දීර්ඝ කාලීන කුමන්ත්‍රණයකට අනුව බව අද නැගෙනහිර දෙස බැලීමේදී පැහැදිලි වන්නකි. වර්තමානයේ කියෑවෙන අතීත කතා ඊට සාක්‍ෂි වශයෙන්ද ඇත. නමුත් සියල්ල එසේ වෙද්දී මේ මොහොතේ අපි කුමක්‌ කරමින් සිටිමුද?

ඇතැම්හු මහින්දට තුනක්‌ බැහැ යෑයි කියමින් නෛතික තර්ක ඉදිරිපත් කරමින් සිටිති. තවත් සමහරු මහින්දගේ විධායක ධුරය පිළිබඳ කතා කරති. ඒ අතරේ “අල් ජිහාද් අල් කයිදා” ලෙසින් ඉස්‌ලාම් මූලධර්මවාදයේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳ පොත් පවා ලියා පළ කළ සිංහල බෞද්ධ පාඨලී චම්පිකලා අවධානම සහ අභියෝගය හඳුනාගෙනත් විවිධ දේ කියමින් තවත් නැටුමකට වෙස්‌ බඳිමින් සිටිති. හෙළ උරුමයේ කතාව එසේ වෙද්දී රටේ ජනතාව සියල්ල අමතකව සැඟවුණු අමුත්තා සොයන්නාක්‌ සේ පොදු අපේක්‍ෂකයා කවරෙක්‌දැයි විපරම් කරති.

එසේ තිබියදී ආණ්‌ඩුවේම සිටි ඇතැමුන් නොලැබුණු යමකට කිපී මහින්දත් ආණ්‌ඩුවත් හැර දේශපාලන පෙරළියක්‌ කිරීමට සැරසෙමින් සිටී. දේශයේ අභියෝග සහ දේශප්‍රේමය ඇත්තේ ඉවතය. සියල්ලන් කරමින් සිටින්නේ බලය හෝ ධනය හමුවේ එකම ගොහොරුවකට බැස මැටි තැලීමය. බෙදීම්, වෙන්වීම් සහ ඉරිතැලීම් අපමණය. වැද්දා හෙවත් යක්‍ෂයා පෙනි පෙනීත් දැල ඔසවාගෙන පියාඹනු වෙනුවට වටු කුරුල්ලෝ තටු සිඳ ගනිමින් සිටිති. සිදු වෙමින් තිබෙන්නේ ඒ ටිකය.

මෙහිදී දැන් ඇතැමෙකු නැගෙනහිරින් මතුවී තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදය පිළිබඳ වගකීම භාරගත යුත්තේ මහින්ද සහ රජය බවට තර්ක නඟනු ඇත. එල්ටීටීඊය වනසා දැමූ ආණ්‌ඩුව මීළඟ අවදානම නොදුටුවේ මන්දැයි ප්‍රශ්න කරන්නට ද බැරි නැත. එසේ තර්ක සහ ප්‍රශ්න නඟන්නවුන්ට සේම රාජපක්‍ෂ ආණ්‌ඩුව පිළිබඳ අපට ද විවේචන ඇත. එහෙත් කුමකින් කුමක්‌ වුවද මේ මොහොත වන විට නැගෙනහිරින් එබිකම් කරන යක්‍ෂයා සිටිනුයේ සටනට සැරසී ලේ රසට ඉව කරමින් බව නැගෙනහිර දෙස විමසීමෙන් බැලීමේදී පැහැදිලි වන්නේය.

මෙහිදී මහින්දගේ නැවතාගමනය ඉදිරියට ගෙන අප මේ සටහන තබනුයේද හේතු සහිතවය. එල්ටීටීඊ ත්‍රස්‌තවාදයේ තිස්‌ වසරක ශාපය ඉදිරියේ මෙරට දේශපාලනඥයන් හැසිරුණු නපුංසක විලාසය කණපිට හැරවූයේ මහින්දය. පැහැදිලිවම කිවහොත් ප්‍රභාකරන්ගේ භීෂණය මේ බිමෙන් අතුගා දැමූ විජයග්‍රහණයේ සින්නක්‌කර උරුමය ඇත්තේ මහින්දටය. ඉතින් අප නැගෙනහිර යක්‍ෂයාගේ හැඩරුව දැසට පෙනෙද්දී සහ දෙසවනට ඇසෙද්දී මහින්ද ගැන කතා කරනු විනා අන් කුමක්‌ කරන්නද?

කිලෝමීටර් දෙකක්‌ පමණ දුර එක එල්ලේ පැහැදිලිව පෙනෙන ඇස්‌ මානය දක්‌වාම විහිද ඇති වනාන්තරයක්‌ මැදින් වැටී ඇති ඒ මගේ ඇදෙන අප රථයේ වේගය පවනට බඳුව තිබේ. පසුපස අසුනේ සිටින බන්දු මල්ලීත්, කපිල සහ චන්ද්‍රසෝම මහතාත් බර කතාබහකට වැටී සිටිති.

අප දැන් පසුකර යමින් සිටිනුයේ සිරිපුර ගම් සීමාවය. මඟ දෙපස තැනින් තැන කටුමැටි ගසා ඉදි කෙරුණු නිවාස රැසකි. සිරිපුර නවය කණුව ප්‍රදේශයේ අලි මංකඩක්‌ අවහිර වන සේ ඉදිකර තිබෙන එවැනි පැල්පත් නිවාස ගණනාවකට තම අයිතිය ඉල්ලා සටන් වදින වන අලින් හොඳ හැටි පහර දී තිබෙන අයුරුද පෙනෙන්නට තිබේ. ඒවායේ උන් මිනිසුනට කුමක්‌ සිදුව තිබේදැයි යන්න සිතීම පවා බිය ගෙන දෙන්නකි.

ගතට දැඩි වෙහෙසක්‌ දැනෙමින් තිබේ. මම අපේ මඟ පෙන්වන්නාට එය ඇඟවූයෙමි. හේ ඉදිරියේ තිබූ කුඩා තේ කඩයක්‌ අසල රථය නැවතීය.

Read Full Post »

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුවේ කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසයෙන් නැගෙනහිර පළාත් සභාවට මඩකලපුව දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් පත්වී සිටි එස්‌. එම්. සුබයිර්, අමිර් අලි සහ සිබ්ලි ෆාරුක්‌ යන මන්ත්‍රීවරුන් පසුගිය 25 දා සන්ධාන පාලක පක්‍ෂයෙන් ඉවත්වී ස්‌වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීමත් සමග එම පළාත් සභාව තුළ අර්බුදයක්‌ පැනනැඟී තිබේ.

නැගෙනහිර පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට මන්ත්‍රීන් 22 ක්‌ ද වික්‍ෂයට මන්ත්‍රීන් 15 ක්‌ද සිටිති. එහි ආණ්‌ඩු පක්‍ෂය සකස්‌වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් 7 ක්‌ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසයෙන් 7 ක්‌ සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසයෙන් 3 ක්‌ සහ ඒ. එල්. එම්. අතාවුල්ලා ඇමැතිවරයාගේ ජාතික කොන්ග්‍රසයෙන් 3 ක්‌, පිල්ලෙයාන්ගේ තමිල් මක්‌කල් විධුතලෙයි පුලිගල් පක්‍ෂයෙන් 01 ක්‌ සහ ජාතික නිදහස්‌ පෙරමුණේ 01 මන්ත්‍රීවරයෙක්‌ වශයෙනි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 7 කින් හා එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී වරුන් 07 කින් විපක්‍ෂය සෑදී ඇත.

නැගෙනහිර පළාත් සභාව පිහිටුවනු ලැබූ අවස්‌ථාවේ ශ්‍රීලනිපයේ නජීබ් අබ්දුල් මජීඩ් මහතා ප්‍රධාන ඇමැති ධුරයට පත්වූයේ දෙවසරක කාලයක්‌ සඳහාය. ඉතිරි වසර 02 සඳහා ප්‍රධාන ඇමැති ධුරය මුස්‌ලිම් කොන්ග්‍රසයට ලබාදිය යුතු බවට සන්ධාන නායකයින් හා මුස්‌ලිම් කොන්ග්‍රසය අතර ගිවිසුමක්‌ ඇති කරගනු ලැබීය. ඒ අනුව 2015 මාර්තු මාසයේදී නජීඩ් අබ්දුල් මජීඩ් ප්‍රධාන ඇමැතිවරයා ඉවත්වී එම තනතුර මුස්‌ලිම් කොන්ග්‍රසයට ලබාදිය යුතුව තිබේ.

නැගෙනහිර පළාත් සභාවේ ඇමැති ධුර වලට පත්කිරීමේදී ශ්‍රී ලනිපයට එක්‌ ඇමැති ධුරයක්‌ද ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයට ඇමැති ධුර 02 ක්‌ද අතාවුල්ලා මහතාගේ ජාතික කොන්ග්‍රසයට එක්‌ ඇමැති ධුරයක්‌ද හිමිවිය.

එහෙත් මන්ත්‍රීවරුන් තිදෙනකු සිටින රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාගේ සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසයට ලැබුණේ පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ධුරය පමණි.

එම පක්‍ෂයෙන් තේරී පත්වූ පළාත් සභා මන්ත්‍රීන් තිදෙනා අතර 2005-2010 කාලයේ පාර්ලිමේන්තුවට තේරී පත්වී නැවත පදිංචි කිරීමේ හා ප්‍රති සංස්‌කරණ නියෝජ්‍ය ඇමැති ධුරය දැරූ අමීර් අලි මහතාද වෙයි. අමිර් අලි මහතාට පළාත් සභාවේ ඇමැති ධුරයක්‌ ලබාදීමට නොහැකි වූ බැවින් ඔහු ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කොට නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ ලබාදෙන බවට සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත සහ බැසිල් රාජපක්‍ෂ යන ඇමැතිවරු පොරොන්දු වූ බව සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසය කියයි.

අමිර් අලි මහතා ජාතික ලැයිස්‌තු මන්ත්‍රීවරයකු වශයෙන් පත් කිරීම සඳහා ජාතික ලැයිස්‌තු මන්ත්‍රීවරියක වන මාලිනී ෆොන්සේකා මහත්මිය සන්ධාන නායකයන්ගේ ඉල්ලීම අනුව ඉල්ලා අස්‌වූවාය. එහෙත් මෙම ගිවිසුම ගැන දැන නොසිටි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාලිනී ෆොන්සේකා මහත්මියගේ ඉල්ලා අස්‌වීම අස්‌කර ගන්නා ලෙස ඇයට දැනුම්දී තිබිණි.

නැගෙනහිර පළාත් සභාව පත්වී වසර 2 ක්‌ ගතවී ඇතත් අමිර් අලි මහතාට තනතුරක්‌ නොලැබීම ගැන සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසය පසුවන්නේ දැඩි කලකිරීමකිනි. එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව පසුගිය 25 දා රැස්‌වී ඔවුන්ගේ මන්ත්‍රීන් තිදෙනා නැගෙනහිර පළාත් සභාවේ පාලක පක්‍ෂයෙන් ඉවත්වී ස්‌වාධීනව කටයුතු කළ යුතු යෑයි තීරණය කළේ මේ නිසා බව එහි ප්‍රකාශකයෙක්‌ පැවසීය.

කෙසේ වුවද ජනාධිපතිවරණය ජනවාරි මාසයේ පැවැත්වෙන බැවින් නැගෙනහිර මුස්‌ලිම් ඡන්ද රැකගැනීමේ අරමුණින් ආණ්‌ඩුව දැන් අමිර් අලි මහතා පාර්ලිමේන්තුවට පත් කිරීම ගැන දැඩි අවධානය යොමුකොට ඇතැයි දැනගන්නට තිබේ. මේ අනුව ජාතික ලැයිස්‌තුවෙන් පත්වී සිටින ඒ. එච්. එම්. අස්‌වර් මන්ත්‍රීවරයාට ඉල්ලා අස්‌වන ලෙස දැනුම් දී එම පුරප්පාඩුවට අමිර් අලි මහතා පත් කිරීමට ආණ්‌ඩුව අදහස්‌ කොට ඇතැයි දැන ගන්නට තිබේ.

මේ අතර රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාගේ සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසයේ වන්නි දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී උවයිස්‌ µdරුක්‌ මහතා පසුගිය 26 දා එක්‌සත් ජාතික පක්‍ෂයට එක්‌වී පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළකරන බව කියා සිටියේය. එය පක්‍ෂයේ තීරණයක්‌ නොවන බැවින් උවයිස්‌ µdරුක්‌ මහතා පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරන බව සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසයේ මහ ලේකම් වයි. එල්. එස්‌. එස්‌. හමීඩ් මහතා පවසයි.

මෙයින් පෙනී යන්නේ සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසය නැගෙනහිර පළාත් සභාවේ තම මන්ත්‍රීන් තිදෙනා ස්‌වාධීන කිරීමෙන් ආණ්‌ඩුවට බලපෑමක්‌ කිරීම සඳහා මෙම පියවර ගත් බවයි. නැගෙනහිර පළාතේ මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ මුස්‌ලිම් ඡන්ද ආණ්‌ඩුවට ඉතා වැදගත් බැවින් ඔවුන්ගේ මෙම ක්‍රියාවට යහපත් ප්‍රතිචාර ආණ්‌ඩුවෙන් ලැබෙනු ඇත.

එසේ වුවද මුස්‌ලිම් ජනතාව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඉවත්වීමට පටන්ගැනීම නිසා සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසයට මෙන්ම ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසයටද තමන්ගේ ඡන්ද පදනම රැක ගැනීම සඳහා දැඩි උත්සාහයක්‌ ගැනීමට සිදුවී තිබේ. බොදු බලසේනා සංවිධානයේ මුස්‌ලිම් විරෝධී කටයුතු නිසාත් එම සංවිධානයට ආණ්‌ඩුවේ අනුග්‍රහය ලැබෙන බවට මුස්‌ලිම් ජනතාව තුළ විශ්වාසයක්‌ ගොඩනැඟී තිබීම නිසාත් මුස්‌ලිම් ජනතාව ඈත්වීමට පටන්ගෙන ඇතැයි මුස්‌ලිම් කොංග්‍රසයේ ප්‍රකාශකයෙක්‌ අප සමග කීය.

මේ තත්ත්වයන් යටතේ සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසයේ මධ්‍යම කාරක සභාව පසුගිය 25 දා රැස්‌වූ අවස්‌ථාවේ එහි සාමාජිකයන් 37 දෙනා ගෙන් 25 දෙනකුම පවසා ඇත්තේ පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් විය යුතු බවයි.

එහෙත් පක්‍ෂයේ නායක රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා පක්‍ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 68 දෙනා දෙසැම්බර් 3 දා කොළඹට කැඳවා තිබේ. ඒ අතරම පක්‍ෂයට හිතවත් බුද්ධිමතුන්, උගතුන්, නීතිඥයන්, උලමාවරුන් ඇතුළු විද්වතුන් පිරිසක්‌ද එදිනට කැඳවා ඇති රිෂාඩ් බදුර්දීන් මහතා තම පක්‍ෂය ආණ්‌ඩුවේ සිටිය යුතුද යා යුතුද යන්න පිළිබඳව තීරණයක්‌ ගැනීමට කටයුතු කරමින් සිටී.

එසේම ඒ මහතා වන්නි දිස්‌ත්‍රික්‌කයේ ඔහුගේ මෙහෙයවීමෙන් නිවාස තනාදී පදිංචි කළ ජනතාවගෙන් අදහස්‌ විමසීමට යන බවද එම පක්‍ෂයේ ප්‍රකාශකයා තවදුරටත් කීය.

මේ අතර මැලේසියාවේ පාලක පක්‍ෂය වන එක්‌සත් මැලේ ජාතික සංවිධානයේ (ඹඵභධ) ජාතික සම්මේලනයට සහභාගිවීම සඳහා ක්‌වාලාලම්පූර් බලා ගොස්‌ සිටි මුස්‌ලිම් කොන්ග්‍රස්‌ නායක ඇමැති රාවුµa හකීම් සහ මහලේකම් හසන් අලි යන මහත්වරු සිකුරාදා (28 දා) පෙරළා ශ්‍රී ලංකාවට පැමිණි අතර ඉදිරි ජනාධිපතිවරණයේදී මුස්‌ලිම් කොන්ග්‍රසය ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක්‌ ගැනීම සඳහා එම පක්‍ෂයේ උත්තරීතර මණ්‌ඩලය මේ සතියේ රැස්‌වීමට නියමිතය.

මුස්‌ලිම් කොන්ග්‍රසය සහ සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඉවත් වුවද නැගෙනහිර පළාත් සභාවේ සන්ධාන පාලනය පෙරළා දැමීමට කටයුතු නොකරනු ඇතැයි දැනගන්නට තිබේ.

එයට හේතුව එම පළාත් සභාව පෙරළා දැමූ විට නැගෙනහිර පළාතේ විශේෂයෙන්ම මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ මුස්‌ලිම් බලය යටපත්වී දෙමළ ජාතික සන්ධානය ඉස්‌මතු වීමට තිබෙන හැකියාවයි.

එසේම වන්නි දිස්‌ත්‍රික්‌කයෙන්ද සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසය හා මුස්‌ලිම් කොන්ග්‍රසය ආණ්‌ඩුවෙන් ඉවත් වුවහොත් වන්නියේ හා උතුරේ දෙමළ ජාතිකයන්ගේ සහ කතෝලික බලය ඉහළ යනු ඇති බවද මුස්‌ලිම් නායකයන් අතර බියක්‌ පවතී.

මේ තත්ත්වයන් යටතේ ආණ්‌ඩුවෙන් යැම හෝ ආණ්‌ඩුවේ තවදුරටත් රැඳී සිටීම පිළිබඳව තවදුරටත් ගැඹුරින් කල්පනා කොට තීරණ ගැනීමට මුස්‌ලිම් පක්‍ෂවලට සිදුවී තිබේ.

විශේෂයෙන්ම නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන ඇමැති ධුරය 2015 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසයට ලැබීමට නියමිතව තිබීම නිසාද ආණ්‌ඩුවෙන් යැම එම පක්‍ෂයට බලවත් ප්‍රශ්නයක්‌ වී ඇත.

එසේම මුස්‌ලිම් ඡන්ද දායකයන් මුස්‌ලිම් පක්‍ෂවලින් ඈත්වී යන අන්දම පසුගියදා පැවැති ඌව පළාත් සභා මැතිවරණයේදී පැහැදිලි විය.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසය හා ආතාවුල්ලා ඇමැතිවරයාගේ ජාතික කොන්ග්‍රසය ඌවේ මුස්‌ලිම් සංවිධානයක්‌ සමග එක්‌වී එම මැතිවරණයට තරග කළේය. බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ මුස්‌ලිම් ඡන්ද 25000 ක්‌ පමණ ඇත. එහෙත් ඔවුන්ගෙන් සන්ධානයට ලැබුණේ ඡන්ද 5000 කි. මුස්‌ලිම් ජනයා බහුතරයක්‌ වාසය කරන බදුල්ල, හාලිඇල හා වැලිමඩ ඡන්ද කොට්‌ඨාසවලින් ජයගෙන තිබුණේ එජාපයයි. බොදුබල සේනා සංවිධානයේ මූලිකත්වයෙන් සිදු කෙරෙන මුස්‌ලිම් විරෝධී කටයුතු මෙයට හේතු වූ බව මුස්‌ලිම් නායකයන්ගේ මතයයි. එසේම මුස්‌ලිම් ඡන්ද දායකයන් මෙහෙයවීමේ ශක්‌තිය මුස්‌ලිම් පක්‍ෂවලින් ගිලිහී යන බවක්‌ද මෙයින් පෙනෙන්නට ඇත.

එසේම ආණ්‌ඩුව තුළ සිටීමෙන් මුස්‌ලිම් ජනතාවට ව්‍යාපාරික පැත්තෙන් ලැබෙන වාසි, හා රජයෙන් ලැබෙන වරප්‍රසාද සහ ආරක්‍ෂාව පිළිබඳ ගැටලු නිසා ආණ්‌ඩුවෙන් ඉවත්වීම ද මුස්‌ලිම් කොන්ග්‍රසය, සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසය හා ජාතික කොන්ග්‍රසය ආදී මුස්‌ලිම් පක්‍ෂවලට ප්‍රශ්නයක්‌වී ඇත.

කෙසේ වුවද ඉදිරි ජනාධිපතිවරණයේදී එම පක්‍ෂවලට අවශ්‍ය තීරණයක්‌ ගැනීමට සිදුවීම නොවැළැක්‌විය හැකිය.

Read Full Post »

  • ජිනීවා පරීක්‍ෂක මණ්‌ඩලයට සාවද්‍ය යුධ අපරාධ සාක්‍ෂි ගොනුකළ මාධ්‍ය පාර්ශවය හෙළිවෙයි.
  • උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන් මැලේසියා ඊළාම් සමුළුවේ
  • කතෝලික සභාව දෙකඩ කිරීමට මන්නාරම රදගුරු උත්සාහ කරයි
  • පාලනයත්, හමුදා ඉවත් කිරීමත් සහ ත්‍රස්‌ත පනතද අහෝසි කළ යුතු යෑයි විග්නේශ්වරන් තමිල් නාඩුවේදී පවසයි
  • කොස්‌ලන්දේ විපතට පත්වූවන් ගලවා ගැනීමට හමුදාව යෙදවීම වැරැද්දක්‌ යයි කජෙන්ද්‍රන් පවසයි

    හිටපු කොටි ත්‍රස්‌ත කාන්තාවක්‌වූ උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන් පසුගිය සඳුදා කටුනායක ගුවන් තොටුපලට පැමිණියේ මැලේසියාවේ සිටය. ඇය ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර පිනෑන් ප්‍රාන්තයේ පැවැති ඊළාම් සමුළුව අමතා ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය චෝදනා නගනු ලැබීය. විදේශගතවීමට පෙර උතුරේ ආණ්‌ඩුකාරයාගෙන් අවසර ගතයුතුව ඇතත් ඇය එවැනි අවසරයක්‌ ගත්තේ නැත. වන්නි මෙහෙයුමින් පසු පුනරුත්ථාපනය වීමට ඇය හමුදාවට භාරවිය යුතුව තිබුණත් සැඟවී සිටියාය.

    මේ කොටි නායිකාව පසුගිය අඟහරුවාදා කොළඹ විදේශ තානාපති නිලධාරීන් කීපදෙනකු හමුවී රහස්‌ සාකච්ඡා පැවැත්වූවාය. මේ රහස්‌ සාකච්ඡාවල අරමුණ වූයේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන පරීක්‍ෂණ සාක්‍ෂි එකතුකිරීමේ මෙහෙයුම දියත්කළ සන් මාස්‌ටර් නැමැත්තා ගලවා ගැනීම හා පරීක්‍ෂණ මණ්‌ඩලයට අදාළ සාක්‍ෂි ලබාදීමයි.

    වව්නියාවේ පදිංචි සන්මාස්‌ටර් කවුද? සන් මාස්‌ටර් සහ ඇමරිකානු තානාපති කාර්යාලය අතර පවතින සබඳතාවය කුමක්‌ද?

    ඇමරිකානු තානාපති නිලධාරියකු වූ මයික්‌ අර්වින් නමැත්තා සන්මාස්‌ටර් හමුවී සාකච්ඡා පවත්වන අයුරු හමුදා බුද්ධි අංශවලට වාර්තා වී තිබුණි.

    පසුගිය ඔක්‌තෝබර් 22 දා සවස 3 ට සන් මාස්‌ටර් වව්නියා බස්‌ නැවතුම්පළේදී හිටපු කොටි ක්‍රියාකාරියකුවූ ක්‍රිෂ්ණරාජා හමුවී යුද අපරාධ සාක්‍ෂි සටහන් කරන හිස්‌පෝර්ම 25 ක්‌ ලබාදුන්නේය.

    වන්නි මෙහෙයුමේදී මියගිය අයගේ බිරියන් ගැන තොරතුරුද ඡායාරූපද ලබාගන්නා ලෙසත් හිස්‌පෝර්මවල අත්සන් පමණක්‌ සටහන් කළ යුතු බවත් සන් මාස්‌ටර් විසින් ක්‍රිෂ්ණරාජාට උපදෙස්‌ දී ඇත.

    ඒ වන විට විදේශිකයන් පිරිසක්‌ වව්නියාවට පැමිණ සිටියහ. වව්නියාවේ හෝටලයකදී විදේශිකයන් ඇතුළු පහළොවකගෙන් යුත් කණ්‌ඩායමක්‌ සමඟ සන් මාස්‌ටර් පැවැත්වූ සාකච්ඡාවට ක්‍රිෂ්ණරාජාද සම්බන්ධ විය.

    ක්‍රිෂ්ණරාජාගේ ජංගම දුරකථනය පරීක්‍ෂාවට ලක්‌කල ත්‍රස්‌ත මර්දන නිලධාරීන් ඔහු සමඟ සන් මාස්‌ටර් සබඳතා පැවැත්වූ බවට තහවුරුවිය.

    ත්‍රස්‌ත මර්දන නිලධාරීහු ක්‍රිෂ්ණරාජාගේ නිවස පරීක්‍ෂාවට ලක්‌කිරීමේදී වන්නියේ පිහිටි සියළුම හමුදා කඳවුරු සංඛ්‍යාව සහ එහි සිටින භට සංඛ්‍යාවට අදාළ තොරතුරුද තිබී හමුවිය.

    ක්‍රිෂ්ණරාජා නමැත්තාව මෙහෙයවූ සන්මාස්‌ටර් හෙවත් විඡේන්ද්‍ර කුමාර් දියත් කර තිබූ මෙහෙයුමට ආනන්දි සසිතරන් සහ ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණද සම්බන්ධ යයි අනාවරණය විය.

    මෙලෙස ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා පිළිබඳව ජිනීවාහිදී පරීක්‍ෂණ පැවැත්වෙන අතර ආනන්දි සහ උතුරු පළාත් සභා මන්ත්‍රී රවිහරන්ද ජිනීවා ගොස්‌ එකී පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවී ඇතැයි වාර්තා විය.

    රවිහරන් පවා ජිනීවා යැමට පෙර උතුරු ආණ්‌ඩුකාරයාගෙන් අවසර ගෙන නොතිබුණි. එසේ නම් යුද අපරාධ චෝදනා සටහන් කිරීමේ හිස්‌පෝරම ජිනීවා සිට මෙරටට ගෙන විත් ඇත්තේ ආනන්දි සසිකරන් යයි හෙළිවිය. මේ පසුබිම මැද ක්‍රිෂ්ණරාජා ත්‍රස්‌තමර්දන බලධාරීන් යටතේ අත්අඩංගුවේ සිටින බවත් සන්මාස්‌ටර් අල්ලා ගැනීම සඳහා විමර්ශන පැවැත්වෙන බවද ජිනීවාහි ඇමරිකානු තානාපති කෙයිත් හාපර්ට සහ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් හුසේන්ට සැලවුණි. ඇමරිකානු තානාපතිවරයා විගස රජයට අනතුරු අඟවමින් ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයේ කටයුතුවලට බාධා කිරීමෙන් වළකින ලෙස කියා සිටියේය.

    ඊට සමගාමීව සෙයිද් රාද් හුසේන් පැවසුවේ සාක්‍ෂි සටහන් කරන පිරිසට රජය බාධා නොකළ යුතු බවද රජය පරීක්‍ෂණ මණ්‌ඩලයේ කටයුතු වලට කඩා කප්පල් කිරීමට ක්‍රියාකරන බවත් චෝදනා නැගීය.

    එහෙත් රජය ඇමරිකානු තානාපතිට හා මානව හිමිකම් කොමසාරිස්‌ට අවනත වූයේ නැත. මේ අතර යුද අපරාධ චෝදනා ගැන සාක්‍ෂි සටහන් කරන හිස්‌පෝර්ම සන්මාස්‌ටර්ට ලැබුණේ කෙසේද යන ප්‍රශ්නයට මානව හිමිකම් කවුන්සිලය හෝ පරීක්‍ෂණ මණ්‌ඩලය ප්‍රතිචාර දැක්‌වූයේ නැත. එහෙත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සන්මාස්‌ටර් පසුබිමේ සිටින බව සනාථ වූයේ ඇමරිකානු තානාපති නිලධාරියකු හා සන්මාස්‌ටර් හමුවූ අයුරු දැක්‌වෙන ඡායාරූපයක්‌ ත්‍රස්‌ත මර්දන බලධාරීන්ට හමුවීමයි. එසේම යුද අපරාධ චෝදනා පරීක්‍ෂණ මණ්‌ඩලයේ අවසාන දිනය ඔක්‌තෝබර් 30 දා මැදියම් රාත්‍රියේ නිමාවුවත් එකවරම එකී පරීක්‍ෂක මණ්‌ඩලය පැවසුවේ ප්‍රමාදවී ලැබෙන සාක්‍ෂිද භාර ගන්නා බවයි.

    එහෙත් මෙම පරීක්‍ෂණ මණ්‌ඩලය කොටින්ට එරෙහි සාක්‍ෂි මෙන්ම සිංහල භාෂාවෙන් එවා තිබූ සාක්‍ෂිද භාරගත්තේ නැත. එහෙත් පරීක්‍ෂක මණ්‌ඩලය මුලින් පැවසුවේ සිංහලෙන් එවන සාක්‍ෂි භාර ගන්නා බවයි. මේ අතර සන් මාස්‌ටර්ව මෙතෙක්‌ අල්ලා ගැනීමට නොහැකිවී ඇත. මෙම තත්ත්වය මැද තමිල් නාඩුවේ චෙන්නායි නුවරදී දේශනයක්‌ පැවැත්වූ උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේශ්වරන් ශ්‍රී ලංකා රජයට බරපතළ චෝදනා නගමින් උත්තරීතර අධිකරණයටද අවමන් කරනු ලැබීය.

    ප්‍රභාකරන්ට එරෙහි නඩු විභාගය පුද්ගලික හේතුන් මත යෑයි කියමින් විභාග කිරීමෙන් වැළකී සිටි විග්නේශ්වරන් තමිල්නාඩුවේදී මෙලෙස ප්‍රකාශ කර ඇත. අධි ආරක්‍ෂක කලාප තුළ පිහිටි ගොඩනැඟිලි, නිවාස, ආගමික ස්‌ථාන සහ පාසල් සියල්ල දිගටම විනාශ කිරීමට හමුදාව ක්‍රියාකරනවා. පසුගිය සති කීපය තුළ යුද අපරාධ පරීක්‍ෂණයට සාක්‍ෂි එකතුකළ අය අත්අඩංගුවට ගනිමින් තර්ජනය කරනවා. ශ්‍රී ලංකාවෙන් සාක්‍ෂි විදේශ ගතවීම සඳහා ඉඩනොදීම රජයේ අරමුණයි.

    ඉන්දියාවේ ඉල්ලීම මත උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වුණා. ඒකීය ශ්‍රී ලංකාවක්‌ මත ද්‍රවිඩයන්ට ස්‌වයං තීරණ හිමිකම ලබාදීමට ක්‍රියාකළ යුතුයි. එසේම 13 වැනි සංශෝධනයට එහාගිය බලතලද ලබාදීමට සහතික විය යුතුයි”

    පසුගිය නොවැම්බර් 9 දා චෙන්නායිහි පැවැති කන්තාබිරන් අනුස්‌මරණ දේශනය අමතමින් විග්නේශ්වරන් තවදුරටත් පැවසූ ප්‍රධාන කරුණු කීපය මෙසේයි.

    1. උතුරේ සිටින සියලුම හමුදා සෙබළු ඉවත් කර ගනු.

    2. අත්අඩංගුවේ සිටින කොටි ක්‍රියාකාරීහු මුදාහරිනු

    3. ආරක්‍ෂක හමුදාව විසින් අත්පත් කරගෙන ඇති ඉඩම් ආපසු ලබාදෙනු.

    4. ස්‌වයං පාලනය ලබාදීමට ක්‍රියාකරනු.

    5. ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරනු

    මේ ඉල්ලීම් වලින් විග්නේශ්වරන් සෘජුව ශ්‍රී ලංකා රජයට කියන්නේ උතුරේ සිටින 12000 ක්‌වූ හමුදා භටයන් ඉවත්කර යුද අපරාධ සිදුකළ කොටි මිනීමරුවන් නිදහස්‌ කර උතුරට බෙදුම්වාදී ස්‌වයංපාලනය දෙන ලෙස නොවේද? විග්නේශ්වරන්ට ආවේශ වී ඇත්තේ මස්‌ රාත්තලම ඉල්ලු ෂයිලොක්‌ යුදෙව්වාගේ චරිතයයි.

    එහෙත් විධායක බලතල ඉවත්කළ යුතුයයි ඝෝෂාකරන කිසිදු දේශපාලන පක්‍ෂයක්‌ විග්නේෂ්වරන්ගේ මේ ඉල්ලීම් ගැන මේ දක්‌වා ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත.

    මෙලෙස විග්නේශ්වරන් ස්‌වයං පාලනයේ හඬ නගද්දී මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පසුගිය සඳුදා ස්‌විට්‌සර්ලන්තයේ සුරිච් නුවර සිට විකාශනය වන කොටි ගුවන් විදුලියේ මාදාමේයෑයි දේශපාලන වැඩසටහන අමතමින් ද්‍රවිඩ ජනතාව දකුණෙන් වෙන්වී වෙනම කටයුතු කිරීමට සූදානම් බව පවසා ඇත. රායප්පු ජෝශප් රදගුරු මෙලෙස ප්‍රකාශ කර ඇත.

    “උතුරු නැගෙනහිර ස්‌වාධීන ලෙස ක්‍රියාකිරීම අපේ අරමුණයි. එය අපේ දිගු කාලීන ඉලක්‌කයක්‌. යාපනය රදගුරු තෝමස්‌ සවුන්ද්‍රනායගම් අපේ නායකයා ලෙස සේවය කිරීමට සුදුසු තැනැත්තායි. අපි පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දේශපාලනීකරණය කිරීමට ඉඩදෙන්නේ නැහැ”

    මන්නාරම් රදගුරු කළ මේ බරපතළ ප්‍රකාශයේ අරමුණ උතුරු නැගෙනහිරට වෙනම කතෝලික සභාවක්‌ ස්‌ථාපිත කර අගරදගුරු ලෙස යාපනය රදගුරු පත්කිරීම නොවේද?

    මේ අතර ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වරාජා කජෙන්ද්‍රන් කොස්‌ලන්දේ නාය යැමෙන් විපතට පත්වූවන් හමුවීමට ගොස්‌ ගිනි ඇවිළවීමට උත්සාහ කළේය.

Read Full Post »

* කොටි තහනම ඉවත් කිරීමට අල්ලස්‌ ගත්තාද?

* යුරෝපා සංගමයේ නීති මණ්‌ඩලයට අල්ලස්‌ චෝදනා එල්ල වෙයි

* වන්නියේදී යුද අපරාධ චෝදනා සාක්‍ෂි සටහන් කරන හිස්‌ පෝරම සමඟ අසුවූ ක්‍රිෂ්ණරාජා බේරාගැනීමට ද්‍රවිඩ සන්ධානය උත්සාහ ගනී

* 2002 සැප්තැම්බර් 4 දා මැදියම් රෑ කොටි තහනම ඉවත් කළ පාර්ශව කිඹුල් කඳුළු හෙලීම

* ඉන්දීය හමුදාවට එරෙහිව හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස සමයේ කොටින්ට අවි සැපයූ බව ලුතිනන් වැදිගේ හෙලිකිරීම

යුරෝපා අධිකරණය විසින් කොටි තහනම ඉවත් කිරීමට දායකවූ රහස්‌ තොරතුරු මේ වනවිට හෙලිවී ඇත. නෙදර්ලන්ත කොටි ක්‍රියාකාරීහු පිරිසක්‌ යුරෝපා සංගමයට එරෙහිව පැවැරූ නඩුවට නීතිවේදීහු නිසි සාක්‍ෂි ඉදිරිපත් නොකර කොටි ත්‍රස්‌තයන් ගැන අන්තර්ජාලයේ පලවූ තොරතුරු පමණක්‌ ඉදිරිපත් කළේ ඇයි? මේ එහි පසුබිමයි. එම තොරතුරු විශේෂයෙන් හෙලිකිරීමට අපට හැකිවී ඇත.

2011 මැයි මස අවසානයේ යුරෝපා පාර්ලිමේන්තුවට සම්බන්ධ ග්‍රීන් පක්‍ෂයේ හෙයිනි නසිපාලාගේ මෙහෙයවීමෙන් කොටි සමුළුවක්‌ යුරෝපා පාර්ලිමේන්තුව තුල පවත්වනු ලැබීය. මේ කොටි සමුළුවට තමිල් නාඩුවේ කොටි හිතවාදියකුවූ වයිකෝ – හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වරාජා කජෙන්ද්‍රන් සමස්‌ත ලංකා නිදහස්‌ වෙළෙඳ සේවක සංගමයේ ලේකම් මහපටබැදිගේ ශ්‍රීනාත් පෙරේරා නීතිවේදියකු යෑයි හඳුන්වන එස්‌. රත්නවේල් ද්‍රවිඩ ජාතික පෙරමුණේ එස්‌. ධර්මරාජාන් ප්‍රංශ ඊලම් කමිටුවේ ටී. තිරුකෝනි සහ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ නියෝජිත වී. මහේසන් ඇතුළු ඊලම් ක්‍රියාකාරීහු සම්බන්ධ වූහ.

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 12 ක්‌ මෙහිදී යෝජනාවක්‌ සම්මත කරමින් ශ්‍රී ලංකා රජය අත්අඩංගුවේ සිටින කොටින්ගේ නාමලේඛනය ප්‍රකාශයට පත්කල යුතු බව කියා සිටියේය.

මේ සමුළුවේදී ප්‍රකාශයට පත්වූයේ ස්‌වයං පාලනය මත ශ්‍රී ලංකාව බෙදාවෙන් කළ යුතු බවත් උතුරු නැගෙනහිර සියළුම හමුදා කඳවුරු වසා දැමිය යුතු බවයි. කොටි හිතවාදියකුවූ වයිකෝ මේ සමුළුව අමතමින් සියළුම කොටි මුදාහරිය යුතු බවත් ජනාධිපති ඇතුළු යුද අපරාධ වලට සම්බන්ධ සියළු පාර්ශවයන්ට එරෙහිව ක්‍රියාකිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ විනිශ්චය මණ්‌ඩලයක්‌ පත්කළ යුතු බවත් කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ඉදිරිපත්වූ යුද අපරාධ චෝදනා ගැන විමර්ශන කිරීමේ පරීක්‍ෂණ මණ්‌ඩලයට සහය දැක්‌වූයේද යුරෝපා සංගමයයි. මේ වසරේ පෙබරවාරි 11 වැනිදා බුසල්ස්‌ නුවර රැස්‌වූ යුරෝපා සංගමයේ විදේශ කටයුතු කමිටුව ශ්‍රී ලංකාවට එරෙහිව ස්‌වාධීන විමර්ශනයක්‌ පැවැත්විය යුතු බවට තීන්දුවක්‌ ප්‍රකාශයට පත්කරනු ලැබීය.

මෙම පසුබිම මැද පසුගිය මැයි 25 දා යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේදී ග්‍රීස්‌ පක්‍ෂයෙන් බාබරා ලොහ්බියර් නැමැත්තිය වසර පහක කාලයක්‌ සඳහා තේරී පත්වූවාය. ඇය මෙරට හිටපු කැරලිකරුවකුවූ රන්ජිත් හෙන්නායක ආරච්චි හෙවත් බඩල්ගම බර්ටිගේ බිරියයි.

යුරෝපා පාර්ලිමේන්තුවේ මානව හිමිකම් අනුකමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නේද බාබරායි.

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකල බවට චෝදනා නගමින් ෙ-. ඩී. එස්‌. නැමැති සංවිධානයේ රෝහිත භාෂාණ අබේවර්ධන නැමැති කොටි හිතවාදියා ක්‍රියාත්මක වූයේ බාබරා සහ රංජිත් හෙන්නායකගේ බර්ලිනයේ ක්‍රෙම්මනර් වීදියේ පිහිටි නිවසේ සිට යෑයි හෙලිවිය.

චැනල් පෝ රූපවාහිනියේ කැලම් මැක්‌රේට ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකල බව දන්වමින් වීඩියෝ පට යවනු ලැබුවේ මෙකී ෙ-. ඩි. එස්‌. සංවිධානයයි.

මේ බව 2011 ජුලි 10 දා අපි විශේෂයෙන් හෙලි කළෙමු. චැනල් පෝ සහ බර්ලිනයේ ක්‍රෙම්මනර් වීදියේ කුමන්ත්‍රණය මැයෙන් අපි බාබරා සහ රංජිත් කල්ලියේ ක්‍රියාදාමයන් අනාවරණය කිරීමට හැකිවිය.

මේ තත්ත්වය මැද යුරෝපා අධිකරණය හමුවේ කොටි තහනමට එරෙහිව නීතිවේදීන් ක්‍රියාකර නැතැයි සනාථ වේ.

එසේම යුරෝපයේ තානාපති කාර්යාලවලට පත්කර යෑවූ පාර්ශව මුනිවත රැකි බව පැහැදිලිය.

ද්‍රවිඩ මාධ්‍යවල සේවය කල බව දක්‌වන ආර්. සිවරාසා නැමැත්තා මේ වසරේ ජුලි මස ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පත්කර යවනු ලැබීය.

කොටි සංවිධානය පරාජය කිරීම සඳහා ඔහු දැක්‌වූ සහයක්‌ නැත. ඔහු යුරෝපා අධිකරණය හමුවේ විභාගයට ගැනුනු මේ කොටි නඩුව ගැන රජයට දැනුම් දී නැතැයි තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එසේම නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ කොටි නඩුව ගැන පුරා අධ්‍යයනයක්‌ කර නැත.

නෙදර්ලන්ත කොටි ක්‍රියාකාරීහු යුරෝපා සංගමයට එරෙහිව මෙම නඩුව පැවරීමට පෙර යුරෝපා කොටි ජාලයට අදාලව ගිගාබයිට්‌ 6000 ක තොරතුරු සොයා ගැනීමට අපරාධ විමර්ශන නිලධාරීන්ට හැකිවිය. වික්‌ටර්කොනික්‌ නැමැති මෙහෙයුම යටතේ යුරෝපා කොටි ජාලයේ තොරතුරු ඒකරාශිකල නෙදර්ලන්ත පොලිසියට කොටින්ට එරෙහි සාක්‍ෂිකරුවන් 70 ක්‌ද සොයාගෙන තිබිණි.

ගිගාබයිට්‌ 6000 ක පරිගණක තොරතුරු විමර්ශනයට ලක්‌කල පොලිස්‌ විමර්ශකයන් යුරෝපා කොටි ජාලයේ නායක රාමචන්ද්‍රන් සහ ඇමරිකාවේ සිටින ටී. ප්‍රතිපන් එක්‌ව අවි ආයුධ මිලයට ගත්බව තහවුරු කර ගත්හ.

කොටින්ට අවිආයුධ සැපයීමේ ජාලයේ 13 ක්‌ ශ්‍රී ලංකාවේ සිටින බවත් ඔවුන් ශ්‍රී ලංකා රජයේ අත්අඩංගුවේ පසුවන බවත් වැඩිදුරටත් හෙලිවිය.

යුරෝපා කොටි ජාලයේ පරිගණක තොරතුරුවලින් අනාවරණය වූ තවත් කොටි ක්‍රියාකාරියකු වූයේ නෝර්වේහි කොටි නායක තෙදියවන්ය. මේ නිසා නෙදර්ලන්ත පොලිස්‌ කණ්‌ඩායම කොටි ක්‍රියාකාරින්ගේ නීතිවේදීන් සමඟ නෝර්වේ වෙත ගොස්‌ නෙදියවන්ගෙන්ද ප්‍රශ්න කර තිබේ.

නෙදර්ලන්ත පොලිසිය සොයාගත් වැදගත් කරුණු අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිදුකල ප්‍රහාරවලට අදාල තොරතුරුවිය.

මෙයට අමතරව ලිපිගොනු 120 කට අදාල කොටි ත්‍රස්‌ත ක්‍රියා තොරතුරු නෙදර්ලන්ත පොලිසියේ අපරාධ විමර්ශන බලධාරීන් සතුව තිබුණි. එසේම නෙදර්ලන්තයේ ද්‍රවිඩ පාසල් 21 ක්‌ කොටි සන්නද්ධ අරගලය හෙවත් ත්‍රස්‌තවාදයට සහය දක්‌වන බවද සොයාගෙන තිබූ බව හෙලිවිය.

මේ පසුබිම මැද නෙදර්ලන්ත පොලිසියේ විමර්ශන කණ්‌ඩායමේ ප්‍රධානි හර්ට්‌ වැන් ඩ්‍රන් එරට සිටින ද්‍රවිඩයන් වෙත ලිපියක්‌ යවමින් කොටින්ට අරමුදල් සපයන නාමාවලියේ ඔබලාගේ නම් තිබී සොයාගත් බව සිටියේය.

යුරෝපා කොටි ජලායට අරමුදල් සැපයූ ද්‍රවිඩයන්ට ඔහු අනතුරු ඇඟවීමක්‌ද කළේය. ඒ සමඟම නෙදර්ලන්තයේ සිට ක්‍රියාත්මකවූ කොටි වෙබ් අඩවි අන්තර්ජාලයෙන් අතුරුදන්විය. කොටින්ට එරෙහිව කට උත්තර දුන් ද්‍රවිඩයන් පොලිසිය වෙත ගොස්‌ තමන් දුන් කටඋත්තර ඉවත්කරගත් බවද වාර්තා විය.

නෙදර්ලන්තයේදී අසුවූ යුරෝපා කොටි නායකයා වූ රාමචන්ද්‍රන්ගේ පරිගණක උපාංගයේ යුරෝමිලියන 136 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 20200 ක අතිවිශාල මුදල් සම්බාරයක්‌ තිබූ බව හෙලිවිය.

ඔහුගේ පරිගණක උපාංගයේ රහස්‌ සංකේතය බිඳදැමූ නෙදර්ලන්ත පියොද් ආයතනය එකී අතිවිශාල මුදල් සම්බාරය ගැන තොරතුරු සොයාගනු ලැබීය. එහි තවදුරටත් සටහන් වී තිබුණේ එක්‌ ද්‍රවිඩයකුගෙන් මසකට යුරෝ 2000 බැගින් කප්පම් ගැනීමට ක්‍රියාකර ඇති බවයි.

මෙලෙස කප්පම් ගැනීම බාරව සිටියේ ආර්. ශ්‍රීරම්නම් නැමැත්තායි. නෙදර්ලන්ත කොටි ජලායට කප්පම් දුන් අයට ලබාදුන් විශේෂ අංකද එම පරිගණක උපාංගයේ සඳහන් වී තිබුණි. මෙම අංක රැගෙන ශ්‍රී ලංකාවට සහ ද්‍රවිඩයන්ට වන්නියට ඇතුළුවීමට ඉඩලැබෙන බවද එහි දන්වා තිබුණි.

නෙදර්ලන්ත අයිවද් නමින් හඳුන්වන බුද්ධි සේවාවේ සහය මත 2009 සිට නෙදර්ලන්ත කොටි ගැන සිදුකල විමර්ශනයේදී අසුවූ ගිගාබයිට්‌ 6000 ක තොරතුරු හා රහස්‌ ලිපිගොනු 170 ක සඳහන් කරුනු යුරෝපා අධිකරණය වෙත යොමු නොවුයේ මන්ද යන්න බරපතල ප්‍රශ්නයකි.

එහෙත් යුරෝපා අධිකරණය කොටි තහනම ඉවත් කිරීමෙන් පසු යුරෝපා සංගමය උතුරු නැගෙනහිර මහ ඇමැතිවරුන්ට යුරෝපයට පැමිණ සාකච්ඡා කිරීම සඳහා ඇරයුම් කිරීමට තීරණය කර ඇතිබව ආරංචි මාර්ග හෙලිකළේය.

කොටි තහනම ඉවත් කිරීම තුලින් දියත්වූ යුරෝපා කුමන්ත්‍රණයේ ඉන් සනාථ ගොඩන්නේද?

මේ අතර ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා හිටපු ජනාධිපතිනියටත් නොපෙන්වා ප්‍රභාකරන් සමඟ ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කල විපක්‍ෂය යුරෝපා අධිකරණය කොටි තහනම ඉවත් කිරීම ගැන කිඹුල් කඳුළු හෙලමින් අපි බලයට පැමිණියහොත් තහනම යලි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පවසා ඇත.

එහෙත් 2002 සැප්තැම්බර් 4 දා මැදියම් රැයේ කොටි තහනම ඉවත් කළේද විපක්‍ෂයයි. ත්‍රස්‌ත මර්දන පණත අත්හිටුවනු ලැබුවේද විපක්‍ෂයයි. කොටින්ට කටුනායක සිට කිලිනොච්චිය දක්‌වා අබිරහස්‌ පෙට්‌ටි 25 ක්‌ ගෙනයැමට ඉඩදුන්නේද එකී වසන්වීමයි.

තමිල් සෙල්වන් ඇතුළු කොටි කණ්‌ඩායම බර්ලින් සිට ගෙන ආ අබිරහස්‌ පෙට්‌ටි විසිපහ ගුවන් හමුදා ප්‍රවාහන හෙලිකොප්ටරයකින් කිලිනොච්චියට ගෙනයැමේ සිද්ධිය මාධ්‍යවල වාර්තා වීම නිසා එවකට සිය දේශපාලකයෙන් දැඩිලෙස තිබුණේය.

වහාම මගේ ගෙදරට ඇවිත් මාව හමුවෙනවා යෑයි ඔහු එදා හමුදා ප්‍රකාශකව සිටි බ්‍රිගේඩියර් සනත් කරුණාරත්නට නියෝග කළේය. දේශපාලකයාගේ නිවසට ගිය බ්‍රිගේඩියර්වරයාට යහපත් ප්‍රතිචාරයක්‌ ලැබුණේ නැත. අබිරහස්‌ පෙට්‌ටි යාපනයට ගෙනයැමේ පුවත බොරුවක්‌ කියලා දැක්‌වෙන මේ නිවේදනයට අත්සන් කරනවා යෑයි දේශපාලකයා ගුගුලේය.

එය මට කරන්න බැහැ යෑයි බ්‍රිගේඩියර්වරයා තරයේ කියා සිටියේය. එහි ප්‍රතිඵලය වූයේ පුවත සඳහන් පත්‍රය දේශපාලකයා විසින් බ්‍රිගේඩියර්වරයා සිටි මේසයට දමා ගැනීමයි.

මේ තත්ත්වය මත යුරෝපා සංගමය කොටි සංවිධානය තහනම් කලේ එවකට සිටි විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් කරුණු සනාථ කරමින් කළ ඉල්ලීම නිසාය. යුරෝපා අධිකරණය විසින් කොටි තහනම ඉවත් කිරීමට ගැන හඬනගා විපක්‍ෂයේ අතීතය මුළුමනින්ම අමතකර තිබේ.

ප්‍රභාකරන්ගේ උපන්දිනයට ඊශ්‍රායල් නිෂ්පාදිත ඩෙසර්ට්‌ ඊගල් පිස්‌තෝලයක්‌ පරිත්‍යාග කෙරුනේද විපක්‍ෂය ආණ්‌ඩු බලයේ සිටියදීයි.

එසේම ප්‍රභාකරන්ට අවි ආයුධ සැපයුනේ විපක්‍ෂය ආණ්‌ඩු කරන සමයේ බව අමතක නොවේ.

වසර 24 කට පෙර සිදුවූ මේ ක්‍රියාදාමය යුද හමුදාවේ ලුතිනන් වැදිගේ නිසා අනාවරණය විය. එදා ජනාධිපති ආර්. ප්‍රේමදාස සමයේ කොටින්ට ආයුධ සැපයුනේ ඉන්දීය සාම හමුදාවන්ට එරෙහිව මිස නියෝජ්‍ය කොටි නායක මහත්තයා හෙවත් මහෙන්ද්‍රරාජාට නොවේ.

අවිආයුධ පටවා ගත් හමුදා ට්‍රක්‌ රියක්‌ නෙදුන්කර්නි කැලෑවට ගියේ ලුතිනන් වැදිගේ සමගය. ඔහු ට්‍රක්‌ රියේ ආයුධ පෙට්‌ටියක තිබූ ආයුධයක්‌ රැගෙන සඟවා ඉතිරි ආයුධ කොටින්ට බාරදී ආපසු එන අවස්‌ථාවේ පැනගත්තේය.

ආයුධ බාරදී එන ලුතිනන්වරයා මරාදැමීමට හමුදාවේ පිරිසක්‌ මග සිටින බව ඔහුට අවබෝධවී තිබුණි. මෙරටින් පැනගත් ලුතිනන්වරයා යලි මතුවූයේ ඉන්දියාවෙනි. දිවි ගලවා ගැනීම සඳහා ඔහු ප්ලාස්‌ටික්‌ ශල්‍යකර්මයක්‌ද කර ගත්තේය.

1989 සහ 1990 අතර කොටින්ට අවිආයුධ සැපයීම සිදුවූ අතර ඉන්දීය රෝ ඔත්තු සේවාවට සම්බන්ධ යෑයි කියමින් මහත්තයා අත්අඩංගුවට ගැනුනේ 1992 වසරේයි.

මේ අතර ශ්‍රී ලංකාවේ වන්නියට පයනොතැබූ ඔස්‌ටේ්‍රලියානුවකුට ට්‍රෙවර් ග්‍රැන්ටි නැමැත්තා ශ්‍රී ලංකා රජය සමූල ඝාතන සිදුකල බව කියමින් ශ්‍රී ලංකා සීක්‍රටිස්‌ නමින් ග්‍රන්ථයක්‌ එළිදක්‌වා ඇත.

මේ ග්‍රන්ථයට තොරතුරු සපයා අත්තේ පසුගියදා සංචාරකයන් වේගයෙන් යාපනයට ගොස්‌ සිටියදී අසුවූ ඕස්‌ටේ්‍රලියානු ග්‍රීන් පක්‍ෂයේ උත්තර මන්ත්‍රිනි ලී රිකාකොන් නැමැත්තියයි.

මේ අතර ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළබවට සාක්‍ෂි ඉදිරිපත් කරන්නැයි දැක්‌වෙන එක්‌සත් ජාතීන්ගේ හිස්‌ පෝර්මවලට අත්සන් ගත් ක්‍රිෂ්ණරාජා සින්නතම්බි නැමැති හිටපු කොටි හිතවාදියා ත්‍රස්‌ත මර්දන බලධාරීන්ට අසුවිය.

මොහු කොටින්ගේ මක්‌කල් පඩයි සිවිල් සංවිධානයේ ක්‍රියාකාරියෙකි. වව්නියාවේ සන්මාස්‌ටර් නැමැති ද්‍රවිඩ සන්ධාන නියෝජිතයා විසින් මොහුට එම පෝර්ම බෙදීමට යොදවා තිබූ බව විමර්ශනවලදී හෙලිවිය.

ක්‍රිෂ්ණරාජා අත්අඩංගුවට ගැනීමනිසා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ද ද්‍රවිඩ ජනතා පෙරමුණේ කජෙන්ද්‍රන් හා බස්‌නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රි කුමර ගුරුබරන්ද කලබලයට පත්වී තිබේ.

අත්අඩංගුවට ගත් ක්‍රිෂ්ණරාජා මුදාහරින ලෙසද ඔවුන් රජයෙන් ඉල්ලා ඇත. ත්‍රස්‌ත මර්දන බලධාරීන් ක්‍රිෂ්ණරාජා පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලදී හෙලිවූයේ ඔහු ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයට සාවද්‍ය ප්‍රකාශ කිරීමට අමතරව වන්නියේ ද්‍රවිඩ වැසියන්ගෙන් හිස්‌ පෝර්ම රැසකට අත්සන් ගෙන තිබූ බවයි. ඔහු අත්අඩංගුවට ගනු ලැබූ අවස්‌ථාවේ අත්සන් හයක්‌ සහිත හිස්‌පෝර්ම තිබී සොයාගෙන තිබේ. ඉන් සනාථවන්නේ ද්‍රවිඩ සන්ධානය සහ ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය සාක්‍ෂි ජිනීවා වෙත යවන බවයි.

මේ පසුබිම මැද යුරෝපා අධිකරණය කොටි තහනම ඉවත් කිරීම ගැන බරපතල ඝාතනයන් මතුවන තොරතුරු පසුගිය බදාදා අනාවරණය විය. ඒ යුරෝපා සංගමයේ නීති මණ්‌ඩලයේ නිලධාරීන් කොසවෝ අපරාධ වසන් කිරීමට අල්ලස්‌ ගැනීමේ සිද්ධියකි.

Read Full Post »

අලිමංකඩ හමුදා කඳවුර ඇද වැටීම නිසා සතුටට පත්ව ප්‍රභාකරන්ට ඩොලර් මිලියනයක්‌ ප්‍රදානය කළේ මිස්‌ටර් “බී” නමැත්තායි. එහෙත් මිස්‌ටර් “බී” ගැන මෙරට බුද්ධි අංශවලට වාර්තා වූයේ නැත. ඔහු ගැන පමණක්‌ නොව කොටි ගැන සෙවීමද 2002 පෙබරවාරි 21 දා සිට තහනම් විය.

මේ මිස්‌ටර් ” බී” කවුද? 2002, 2003 අතර වික්‍රමසිංහ ආණ්‌ඩුව පැවැති සමයේ කොළඹ කොටස්‌ වෙළෙඳ පළේ අධ්‍යක්‍ෂවරයකු වූ සහ ඕඩිකොලොන් ඇතුළු සුවඳ විලවුන් නිපදවන සමාගම් හිමිකරුවකු විසින් ඇමරිකාවේ කෝටිපති ද්‍රවිඩ ව්‍යාපාරිකයකුව මෙරටට පැමිණ ආයෝජන කරන ලෙස ඉල්ලා තිබේ.

මොහු රාඡ් රාජරත්නම් නමැත්තායි. රාජරත්නම් මෙරට ප්‍රධාන පෙළේ සමාගමක රුපියල් බිලියන අටක කොටස්‌ මිලයට ගත්තේය. ඉන්පසු පුද්ගලික බැංකු තුනක රුපියල් බිලියන 4.5 ක කොටස්‌ මිලයට ගනු ලැබීය. එසේම බේරුවල හෝටලයක හා තවත් ප්‍රධාන පෙළේ සමාගම් කීපයක කොටස්‌ද මොහු එකවරම මිලයට ගෙන තිබිණි. එහෙත් මේ ඇමරිකානු පුරවැසියා මෙරට ආර්ථිකයට දායක වන ප්‍රධාන සමාගම්වල කොටස්‌ මිලයට ගැනීමේ අභිරහස සෙවීමට කිසිවකුටත් ඕනෑ වුණේ නැත.

ඒ වෙනුවට අපේ ආර්ථිකය නැංවීමට ඇමරිකාවේ සිට පැමිණි ” දෙවියා” යන නමින් රාඡ්රාජරත්නම්ට හඳුන්වනු ලැබීය. මේ දේවියා යනු අභිරහස්‌ යක්‍ෂයකු බව ශ්‍රී ලංකාවේ ජනතාවට හෙළි වූයේ නැත.

සුනාමි විපතින් අනාථ බූස්‌සේ ජන සමූහයකට ඔහු නිවාස සංකීර්ණයක්‌ද ඉදිකර දුන්නේය. නිවාසලාභීහු රාජරත්නම්ට ප්‍රසාදයද පළ කළහ.

එදා පැවැති රජයේ ඉහළ තැන්වල සිටි පිරිස්‌ සමග දැඩි සබඳකම් පැවැත් වූ රාඡ් රාජරත්නම් 2004 දී ශ්‍රී ලංකාවට පැමිණියේය.

2009 මැයි මස කොටි සංවිධානය පරාජය වීමත් සමගම එවකට අධිකරණ ඇමැති වූ මිලින්ද මොරගොඩගේ ළමා සෙබළුන් පුනරුත්ථාපනය කිරීමේ වැඩ සටහන සඳහා ඔහු ඩොලර් මිලියනයක්‌ද පරිත්‍යාග කළේය.

සටන් විරාම ගිවිසුමේ ක්‍රියාකාරියකු ලෙස මිලින්ද මොරගොඩ කටයුතු කර තිබුණි.

එහෙත් 2009 ඔක්‌තෝම්බර් 16 දා රාඡ්රාජරත්නම්ගේ වෙස්‌ මුහුණ ගැලවී බිම ඇද වැටිණි.

ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය රාඡ්රාජරත්නම් ටී. ආර්. ඕ. නමැති කොටි අරමුදල් එකතු කරන ආයතනය හරහා ප්‍රභාකරන්ට අරමුදල් සපයා ඇති අයුරු සොයාගෙන තිබිණි.

මේ අරමුදල් සපයනු ලැබුවේ මිස්‌ටර් ” බී” නැමැත්තායි. මිස්‌ටර් “බී” යනු වෙනින් කවුරුත් නොව රාඡ් රාජරත්නම් යෑයි එෆ්. බී. අයි. පොලිසිය සොයා ගනු ලැබීය.

මිස්‌ටර් බී. හෙවත් රාඡ් රාජරත්නම් සුනාමි නිවාස ඉදිකිරීමට යෑයි දක්‌වමින් ප්‍රධාන පෙළේ සමාගම් දෙකකට ඩොලර් ලක්‍ෂ පහක්‌ද සුනේත්‍රා බණ්‌ඩාරනායකගේ සුනෙර පදනමටද අරමුදල් සැපයීමට ක්‍රියා කළේය.

එසේම අම්පාරේ මුස්‌ලිම් ජනතාව වෙනුවෙන් නිවාස සංකීර්ණයක්‌ ඉදිකිරීමටද ඔහු කටයුතු කර ඇත. එසේ වුවත් මේ අභිරහස්‌ දානපතියා ගැන මෙරට බුද්ධි සේවා විමර්ශනය නොකළේ ඔහු දේශපාලන ලෙස බලවත්ව සිටි තැනැත්තකු නිසාය.

මේ පසුබිම මැද ඇමරිකාවේ ගැලියන් පන්ඩ් නමැති අරමුදලේ ප්‍රධානියා වූ රාඡ් රාජරත්නම් මෙරට ප්‍රධාන පෙළේ බැංකු තුනක සහ සමාගම් රැසක කොටස්‌ මිලයට ගත්තේ ඇයි?

අලිමංකඩ දැවැන්ත හමුදා කඳවුර ඇද වැටීමෙන් පසු ප්‍රභාකරන් ඊලම් රාජ්‍යය ස්‌ථාපිත කරනු ඇතැයි හෙතෙම තරයේ විශ්වාස කළේය.

ඒ අනුව කොළඹ ව්‍යාපාරික ක්‍ෂේත්‍රය, කොටස්‌ වෙළෙඳපළ ඇතුළු ආර්ථිකය තමා යටතට ගැනීම ඔහුගේ ඉලක්‌කය විය.

එසේම රුපියල් ලක්‍ෂ 3900 කට සමාන ඩොලර් 30,00000 ක මුදලක්‌ රාජරත්නම් විසින් විපක්‍ෂ මන්ත්‍රීවරයකු වූ රවි කරුණානායකගේ ගිණුමට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අතිරේක විදේශ විනිමය පාලකවරයාද අනාවරණය කරනු ලැබීය. මේ මුදල් එවා ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය පාලකවරයා විසින් කොටස්‌ වෙළෙඳපළ හා කොටස්‌ ආයෝජනය පිළිබඳව නිකුත් කර ඇති ගැසට්‌ නිවේදනයේ නීතිරීතිවලට පටහැනිව යෑයිද ඔහු කියා සිටියේය.

මේ අතර ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය රාඡ් රාජරත්නම් ඩොලර් මිලියන පහක්‌ 2000 සිට 2007 දක්‌වා කාලය තුළ කොටින්ට සපයා ඇති බවට තොරතුරු සොයා ගෙන තිබිණි.

මෙලෙස රාජරත්නම්ගේ කොටි සබඳතා හෙළිවීම නිසා කොටි බෝම්බවලින් විපතට පත්වූවන්ගේ ඥාතීහු 25 ක්‌ රාජරත්නම් සහ ඔහුගේ පියා වූ ඡේම්ස්‌ රාජරත්නම්ට එරෙහිව ඇමරිකානු නිව්ජර්සි අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

කොටුව දුම්රියපළ – නුගේගොඩ නෝලිමිට්‌, ගල්කිස්‌ස සහ පිළියන්දල බස්‌ බෝම්බ පිපිරීම, වැලිවේරිය බෝම්බ පිපිරීම යන ත්‍රස්‌ත ක්‍රියාවලින් මියගිය පාසල් සිසුන් ඇතුළු සිවිල් වැසියන් වෙනුවෙන් ඩොලර් මිලියන 75 බැගින් වන්දි ඉල්ලා එකී නඩුව පැවරීමට ක්‍රියා කෙරිණි.

මේ නිසා රාජරත්නම් කලබලයට පත් විය. ඔහු මෙරට නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකු ලවා එකී නඩුවට ප්‍රතිචාර දැක්‌වීමට ක්‍රියා කළේය. එසේම ත්‍රස්‌ත විමර්ශකයකු යෑයි හඳුන්වා ගන්නා තැනැත්තාද එම නඩුවේ සාක්‌කි ලිපිගොනුව ලබාගැනීමට ගත් උත්සාහය හිටපු ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ලයනල් මුණසිංහ ව්‍යර්ථ කළේය. රාඡ් රාජරත්නම්ට ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ ඔහුගේ මෙරට වත්කම රුපියල් බිලියන කෝටි පනහක්‌ යෑයි අනාවරණය විය. එහෙත් ඒ වත්කම් තහනම් වූයේ නැත.

දෙබිඩි චරිතයන් මවමින් රාඡ් රාජරත්නම් හෙවත් මිස්‌ටර් “බී” මෙරට දේශපාලනයටද මැදිහත් වී ඇතැයි දැන් සනාථ වී ඇත.

කොටස්‌ වෙළෙඳ පළේ සිදුකළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් වසර 11 ක සිරදඬුවමක්‌ විඳින රාඡ් රාජරත්නම් එසේ මෙසේ තක්‌කඩියකු නොවේ. ඔහු මෙරට දේශපාලනයද වෙනස්‌ කිරීමට උත්සාහ කළේය.

ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය රාඡ් රාජරත්නම් ගැන තොරතුරු සොයා නොගත්තේ නම් ඔහු තවදුරටත් මෙරට ආණ්‌ඩු වෙනස්‌ කිරීමටද මැදිහත් වනු නියතය. එහෙත් දිට්‌ට ධම්ම වේදනීය කර්මය ඔහුට පලිසන් දී ඇත.

ලබන ජනවාරි මස රාඡ් රාජරත්නම් සහ ඡේම්ස්‌ රාජරත්නම් පිය පුතු දෙදෙනාට එරෙහිව ඇමරිකානු අධිකරණය හමුවේ ශ්‍රී ලාංකිකයන් පැවරූ නඩුව විභාගයට ගැනීමට නියමිතය.

රාජරත්නම් ඇමරිකාවේ සිරදඬුවම් විඳින අවස්‌ථාවේ ඔහුගෙන් ඩොලර් මිලියන පහක අරමුදල් ලබාගත් ටී. ආර්. ඕ. නමැති කොටින්ට සම්බන්ධ සංවිධානයේ නායකයා රෙජි මෙරටින් පැනගොස්‌ බ්‍රිතාන්‍යයේ සැඟවී සිවී. එහෙත් වසර 12 කට පෙර සිදු වූ මේ අතීතය වසන් කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරති.

Read Full Post »

« Newer Posts - Older Posts »