Feeds:
Posts
Comments

Posts Tagged ‘එස්‌.ටී.එෆ්.’

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් එරාවුර් නගරයේ සිsංහල පදිංචිකරුවන් අදට ඉතිරිව සිsටින්නේ දෙදෙනෙකු පමණි. ඒ එදා සිටි එක්‌දහස්‌ පන්සියයකට අධික සිංහල ජනයා අතරිනි. මොවුන් දෙපළ හැර අනෙක්‌ සියලුම සිංහල මිනිස්‌සු යුද්ධයේ කෲරත්වය හමුවේ සබ්බ සකලමනාව අත්හැර ජීවිතය පමණක්‌ රැගෙන එරාවුර්වලින් පලා ගියෝය. දැනට ඉතිරිව සිටින මේ දෙදෙනා ද පන්නා දමන්නට ජාතිවාදීන් මේ වන විට කළ හැකි උපරිම උත්සාහයන් සිදු කරමින් සිටිති.

n1-2මිනී මරාගන්නා යුදධය නිමාවට පත්ව ඇත. දැන් ඉඩම් අත්පත් කරගන්නා යුද්ධයක්‌ උතුරු නැගෙනහිර පළාත්හි ඇති වී තිබේ. දෙමළ ජනයාගේ ඉඩම් යෑයි පවසමින් සම්බන්ධන් ප්‍රමුඛ ටී.එන්.ඒ. දේශපාලකයන් යුද හමුදා ක`දවුරුවලටද බලෙන් ඇතුළු වෙමින් සිටිති. පෙඩරල් ගැන කථා කරති. දෙමළ ජනයා පිළිබ`ද ඔවුන් දිගින් දිගටම හ`ඩ නගති. නමුත් නැගෙනහිර අවත්න්වූ සිංහලයෝ හ`ඩක්‌ නොමැතිව විතැන්ව සිටිති.මේ රටේ ඔවුන් ගැන එක වචනයක්‌ කථා කිරීමට කිසිම මැති ඇමැත්තෙක්‌ නැත. ඔවුන්ට අනුව එසේ කතාකිරීම වාර්ගික සහජීවනයට බාධා පැමිණවීමකි.

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් එරාවුර් නගරයේ සිsංහල පදිංචිකරුවන් අදට ඉතිරිව සිsටින්නේ දෙදෙනෙකු පමණි. ඒ එදා සිටි එක්‌දහස්‌ පන්සියයකට අධික සිංහල ජනයා අතරිනි. මොවුන් දෙපළ හැර අනෙක්‌ සියලුම සිංහල මිනිස්‌සු යුද්ධයේ කෲරත්වය හමුවේ සබ්බ සකලමනාව අත්හැර ජීවිතය පමණක්‌ රැගෙන එරාවුර්වලින් පලා ගියෝය. දැනට ඉතිරිව සිටින මේ දෙදෙනා ද පන්නා දමන්නට ජාතිවාදීන් මේ වන විට කළ හැකි උපරිම උත්සාහයන් සිදු කරමින් සිටිති.

n1-1වර්ෂ 1948 වන විට වෙළෝදාමට පැමිණි සිංහලයින්ගෙන් එරාවුර් නගරය පිරී ගියේය. ඒරාවුර් නගර මධ්‍යයේ තිබුණු පොදු වෙළ`ද පොළ නැගෙනහිර පළාතේම ප්‍රමුඛ වෙළෝද මධ්‍යස්‌ථානය විය. එහි කඩවල් 72 ක්‌ තිබිණි. ඒ අතර සිංහල ජනයාට අයත් කඩවල් 52 ක්‌ විය. 19 ක්‌ මුස්‌ලිම් ජනයාටත් 01 දෙමළ අයෙකුටත් අයත් විය. යාපනය, මහනුවර, ත්‍රිකුණාමලය, කල්මුණ, කාත්තන්කුඩි, මඩකලපුව, වැලිකන්ද ආදි හතර දිග් භාගයෙන් මෙහි පැමිණි වෙළ`දුන් දෙහි දොඩම්, මා`ඵ, කෙසෙල් ආදී වෙළෝද ද්‍රව්‍ය රැගෙන ගියහ. මේ ආකාරයෙන් එකල සිටම ඒරාවුර් හි පදිංචිව සිටි සිංහල ජනයා සක්‍රීය ලෙස වෙළෝදාමෙහි යෙදෙන්ට වුහ. එරාවුර් තරුණ බෞද්ධ සංගමය වර්ෂ 1960 ආරම්භ විය. වර්ෂ 1963 දී නැගෙනහිර බුදුරැස්‌ නමින් වෙසක්‌ උත්සවයක්‌ද ඔවුහු සංවිධානය කළහ. සිංහල සිසු දරුවන්ට ඉගෙනීම ස`දහා දුම්රිය පොළ අසල සිංහල පාසලක්‌ද ආරම්භ විණි. මේ ආකාරයෙන් සිංහල දෙමළ මුස්‌ලිම් ජනයා ඉතා සාමකාමීව එරාවුර් නගරයේ කල්ගත කළහ.

එරාවුර් නගරයේ සිංහල පවුල් පන්සියයකට ආසන්න ගණනක්‌ උන්හ. එක්‌දහස්‌ පන්සියයට වැඩි සිංහල ජනකායක්‌ එකල්හි එරාවුර්හි වූහයි පැවසිනි. කොටි ත්‍රස්‌ත්‍රවාදීන්ට මෙම සිංහල මිනිසුන් වහ කදුරු විය. එරාවුර් සිංහලයන්ගෙන් තොර කාලපයක්‌ බවට පත්කිරීම එල්.ටී.ටී.ඊ. අභිලාෂය විය. එය වෙනුවෙන් කැපවුණු ජාතිවාදී ද්‍රවිඩ රාජ්‍ය නිලධාරි පිරිසක්‌ද වූහ.

වර්ෂ 1983 උදාවිය. එරාවුර්වලට නුදුරින් කෝපාවෙලි තිඹිරිගස්‌තැන්නේ සිංහල ගම්මානයක්‌ සහ කීර්ති ශ්‍රී මේඝවර්ණ විහාරස්‌ථානයද තිබුණි. එම ගම්මානයට යන මාර්ගය හරස්‌ කරමින් කෝපාවෙලි වැව සාදන්නට ජාතිවාදීහු කටයුතු කළහ. තිඹිරිගස්‌තැන්න ගම්මානයම ජලයෙන් යටව ගියේය. වර්ෂ 1984 වසරේදී තම ඔප්පු සහිත ඉඩ කඩම් අත්හැර ගිය මෙම ජනයා ඉන් පසුව තමන්ට අහිමිවු ඉඩකඩම් වෙනුවට විකල්ප ඉඩම් ඉල්ලා හ`ඩ නගන්නට වූහ. ඉඩම් අහිමිව අදට වසර 32 කි. කෝපාවෙලි අවතැන් සිංහල ජනතාවට අදටත් විකල්ප ඉඩම් ලැබී නොමැත.

එවකට මහවැලි ඇමතිවරයාව සිටි මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයාගෙන් මෙම ජනයා දිගිsන් දිගටම ඉල්ලීමක්‌ කර තිබිණි. එහෙත් විකල්ප ඉඩම් නොලැබුණි. එදා පටන් රාජපක්‌ෂ ආණ්‌ඩුවෙන්ද යහපාලනයේ මෛත්‍රිපාල සිරිසේනගේ ආණ්‌ඩුවෙන්ද මොවුන් කළ ඉල්ලීම් ඒ ආණ්‌ඩුවලට ඇසුනේ නැත. මේ අවතැන් මිනිසුන්ට මේ මොහොතේත් සිදුවන සාධාරණයක්‌ නැත.

එරාවුර් පුළිමතලාව විහරස්‌ථානයේ වැඩ සිටි හික්‌කඩුවේ සුමනසිරි හිමි වර්ෂ 1986 දී කොටින් විසින් ඝාතනය කරන ලදී. මහාබාගේ සුමනසිරි හිමි වැඩ වාසය කළ සිප්පිමඩුව විහරස්‌ථානයේ බෝධීන් වහන්සේ කපා විනාශ කරමින් එම පුජා භුමියද ගිනි තබා විනාශ කරන්නට ත්‍රස්‌තවාදීහු කටයුතු කළහ. කැළණියේ අනුරුද්ධ හිමි වැඩවාසය කළ කොස්‌ගොල්ල විහරස්‌ථානයද ගිනිතබා විනාශ කෙරි. අනතුරුව එම ගම්මානයම පා`ඵවට ගියේය. මේ අකාරයෙන් ටිකෙන් ටික මඩකලපුවේ සිංහල ජනයා පැන්නීමේ කොටි මෙහයුම ආරම්භ විය. එදත් ඔවුන් වෙනුවෙන් හ`ඩක්‌ නොවුණි. මේ මිනිස්‌සු අන්ත අසරණ වූහ.

එරාවුර් සිංහල විදුහල කොටින් විසින් විනාශ කෙරිණි. අකුරක්‌ ඉගෙන ගැනීමට සිංහල දරුවන්ට තිබු අවස්‌ථාව ඉන් ඇහිරී ගයේය. පසු කාලයේ එම භුමියේ ජල ටැංකියක්‌ ඉදිකරන ලදී.

වර්ෂ 1987 දී කොටි එරාවුර් සිංහල ගම්මානයට මහා විපත්තියක්‌ ගෙනාවේය. කොටියන්ගේ මන්නා පිහි වලට වැදි පෙත්තෙන් පෙත්ත කැපි සිංහල මිනිස්‌සු එකා මත එකා වැටෙමින් මිය ගියහ. ගිනි අවියෙන් නිරායුද සිංහල මිනිස්‌සුන්ගේ සිරුරු පෙනෙර මෙන් සිදුරුව ගියේය. එරාවුර් මහා පොළොව ලෙයින් තෙත්ව ගියේය. එක්‌ නිවසක්‌ තුළ සිටි 09 දෙනෙකු මරා දැමිණි. තවත් නිවසක නව දෙනෙකු පෙත්තන් පෙත්ත කැපී මැරිනි. දකින දකින සිංහලයාව කැති ගෑවිනි. එරාවුර් වැලි පොළොවේ 50 කට අධික සිංහලයින් පිරිසකගේ මරණීය අෙ`දාaනා සහිත ලෙයින් තෙත්ව ගියේය. සෙසු සිංහල ජනයා මාස තුන හමාරක කාලයක්‌ එරාවුර් අනාථ ක`දවුරක සිටියහ.

ඒ අවධිය ආරක්‌ෂක අංශයට සහ පොලිසියටද විටින් විට ප්‍රහාර එල්ලවන කාලයකි. සිවිල් ජනතාවගේ ආරක්‌ෂාව තහවුරුවන බවට සහතිකයක්‌ නොතිබිණි. එකම විකල්පය ජීවිතය පමණක්‌ බේරාගෙන උපන් බිම හැර යැමය. මේ සිංහල මිනිස්‌සු අතට පත් දේ රැගෙන සිය ගම් බිම් හැර දකුණේ රක්‌ෂිත ස්‌ථාන සොයා ගියහ.

වර්ෂ 2009 දී යුද්ධය නිමා විය. එරාවුර් සිංහල මිනිස්‌සු නැවත තම ගම් බිම් සොයා පැමිණියේ බලාපොරොත්තු සහිතවය. පෙරදා මෙන් නිදහසේ වෙළහෙළඳාම් කර තම දිවි පෙවෙත සරු කරගැනීමේ බලාපොරොත්තුව වෙනුවෙන් ඔවුන් ඔවුන් දශක තුනක්‌ අනුන්ගේ අගුපිල්වල දුක්‌ වි`ද තිබිණි.

මෙතැන් සිට අපට මේ කථාව කියන්නේ මේ වන විට තම දියණිය සමගින් දහසක්‌වූ බාධක මැද වි`දගෙන වෙළෝදාම් කරමින් එරාවුර් වල ජීවත්වන එකම සිංහලේ පවුලේ මව වන මැගිලින් වල්ගම මාතාවය.

zzමම 1964 තමයි ඒරාවුර් වලට ආවේ. අපේ ළමයි ගියේ එරාවුර් සිංහල මහා විද්‍යාලයට. ගුරුවරු ගොඩක්‌ ඒ කාලේ එහි වැඩ කළා. දිගින් දිගටම කොටි කරදර සිදුවුණා. ගමේ අයත් කපලා කොටලා වෙඩි තියලා මරලා දැම්මා. මගේ පුතෙකුත් වෙඩි තියලා කොටින් මැරුවා. අපේ කඩවල් 52 ක්‌ තිබ්බා. අපි ආයි එද්දී එතන කඩ කාමර 48 ක්‌ හදලා මුස්‌ලිම් අයට දීලා. අපේ තිබ්බ කඩ කාමර අපිට ලබුනේ නැහැ. අපි එරාවුර්වලට ආවම දැන් අපිට ඉන්න තැනක්‌ නැහැ. අපි ඉස්‌සර කඩ කුළි ගෙව්ව ශත පහේ රිසිට්‌ පවා අපේ ළ`ග තිබෙනවා.

ඉතිං අපිට යන්න තැනක්‌ නැති නිසා අපි 87 ඔක්‌තොම්බර් 05 වනදා පවුල් 43 ක්‌ බලෙන් පදිංචි වුණා. එදා පටන් අපිට මෙහි කිsසිම පහසුකමක්‌ තිබ්බේ නැහැ. අපි බලෙන් පදිංචි වුණා කියලා අපිට විරුද්ධව උසාවියේ නඩු දැම්මා. අපි දැන් අවුරුදු හතක ඉ`දන් අපේ අයිතිවාසිකම් වෙනුවෙන් නඩු කියනවා. කිසිම පහසුකමක්‌ හව් හරණක්‌ නැති නිසා අනෙක්‌ අය යන්න ගියා. මමයි දුවයි බොහොම අපහසුවෙන් මේ කඩ කාමරයට වෙලා යන්තමට වෙළ`දාමක්‌ කරලා ජිවිතයේ ගැට ගහගන්නවා.ZZ

ඒ කාලෙ මගේ ඉඩමක්‌ තිබුණා එරාවුර් වල. යුද්ධය නිසා එය අත් හැරලා ගියේ. මගේ නමටයි ඔප්පුව තියෙන්නේ. මගේ ඉඩම මේ වෙනවිට බලෙන් අල්ලගෙන හොර ඔප්පු හදාගෙන තියෙනවා. මෙහේ අපි වෙනුවෙන් කථා කරන්න සිංහල නිsතිඥයෝ නැති එක හරිම ගැට`ඵවක්‌ වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට සාධාරණයක්‌ ඉටු කරලා දෙන්න. අපේ කම වෙනුවෙන් අපි සටන් කරද්දි අපි වෙනුවෙන් කථා කරන්න යම්කිසි නිතිඥ සංගමයක්‌ හෝ මැදිහත් වෙනවා නම් එය අපිට විශාල සහනයක්‌.Z ඇය පවසා සිටියාය.

මැගිලින් වල්ගම මාතාවගේ දියණිය ඩබ්ලියු. එල්. අනෝමාය. ඇය පැවසු කතාව මෙසේය.

zzඅපි රෑට ඉන්නේ ලාම්පු එළියෙන්. නඩුවක්‌ තියෙනවා කියලා අපිට විදුලි බල මණ්‌ඩලයෙන් විදුලිය ලබා දෙන්නේ නැහැ. විදුලි බල මණ්‌ඩලයට ගියාම කියනවා නගර සභාවට යන්න කිsයලා. එහෙට ගියාමත් අපිට විදුලිය ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. මේ පැත්තේ ගොඩක්‌ අය කොකු ගහලා විදුලිය ගන්නවා. ඒවාට විදුලි බල මණ්‌ඩලය කිසි දෙයක්‌ කරන්නේ නැහැ. අපි බැරිම තැන තවත් අයෙකුයි අපියි කොක්‌කක්‌ ගහලා විදුලිය ගත්තා කියාලා අපිව උසාවි දාලා රුපියල් 18,000 ගානේ අපි දෙගොල්ලට රුපියල් 36,000 ක දඩයක්‌ ගැසුවා. අපි කළේ වැරද්දක්‌ නමුත් ඇයි අපිට විතරක්‌ නීනිය ක්‍රියාත්මක වන්නේ. කොකු ගහලා විදුලිය ගන්න මුස්‌ලිම් අයව අත් අඩංගුවට ගන්නේ නැහැ. සිංහල අපිට තමයි මේ හැම නීතියක්‌ම බලපාල තියෙන්නේ. පාඨලි චම්පික ඇමතිතුමා විදුලිබල ඇමති වෙලා ඉන්න කාලේ අපි දිගින් දිගටම ඉල්ලීම් කළා. එතුමා අපිට විදුලිය ලබා දෙන ලෙස නියෝග කළත් අපිට තාමත් විදුලිය නැහැ. මේ කඩ කාමර වල වහලය කැඩිලා නිකන් දිරල යනවා. අපිට බොහෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපිව මෙහෙන් පන්නන්න පුදුම උත්සාහයක්‌ ගන්නේ. අපි මෙහෙන් ගියොත් එරාවුර්වල සිංහල පදිංචිය නැත්තටම නැති වෙනවා.ZZ අනෝමා පවසන්නීය.

බැලු බැලු අත සහනයක්‌ නොමැති කල අනෝමා තම මව සමගින් එdරාවුර්හි සිංහල අයිතිය වෙනුවෙන් හුදකලා සටනක නිරත වෙමින් සිsටින්නීය. නමුත් මේ රටේ නිවට පාලකයින්ට මේ දිරිය ගැහැණු දෙදෙනා වෙනුවෙන් සාධාරණයක්‌ කරන්නට කශේරුකාවක්‌ නැත.

අපි එරාවුර් මාර්ගයේ ගමන් කරමින් සිටියෙමු. දකින දකින අත ඇත්තේ අනවසර විදුලි රැහැන්ය. එරාවුර් විදුලිය බල කාර්යාලය නුදුරෙනි. එහි නිලධාරීහු නිරන්තරව මේ මග ඔස්‌සේ යති. එති. එහෙත් ඔවුන් වරද දකින්නේ වාර්ගික දෘෂ්ටියකිනි.

එරාවුර් සිංහල ජනයා වෙනුවෙන් සාධාරණයක්‌ ඉටු කරගන්නට අදටත් මහත් වෙහෙසක්‌ ගන්නා එරාවුර් සරණාගත සුභ සාධක සංගමයේ සභාපති ඇල්මිස්‌ වල්ගම අපට කතා කළේය.

මම අවුරුදු 50 ක්‌ පමණ ජිවත් වුණේ ඒරාවුර්වල. අපේ බාප්පා 1895 තමයි මඩකලපුවට ආවේ. බාප්පත් එක්‌ක ආපු අය එකතුවෙලා ගහක්‌ යට ඉ`දන් වෙළ`දාම් කරන් ගිහින් තියනවා. ඔය අතරෙ 1940 දශකයේදී මාර්කට්‌ එක හදලා දීලා තියනවා. 87 කලබලෙ කාලේ අපි මෙව්වා දාලා ගියා. කෝපාවෙලි වැව හදපු වෙලේ මගේ අස්‌වැන්වන නෙළන්න තිබ්බ කුඹුරු අක්‌කර 25 ක්‌ වැවට යට උණා. කොටි මගේ කෝපාවෙලි තිබ්බ කඩය ගිනි තිබ්බා. පස්‌සේ එරාවුර් කඩය ගිනිs තිබ්බා. මගේ ට්‍රැක්‌ටරය ගිනි තිබ්බා. මගේ ගෙදර ගිsනි තිබ්බා. මට කෝටි එකහමාරක අලාභයක්‌ සිදු වුනා. ඒවායේ අදාල තක්‌සේරු වාර්තා මගේ ළ`ග තියෙනවා. නමුත් මට 2006 දී ලැබුණෙ රුපියල් 99970 ක වන්දියක්‌. අපි ඉල්ලා සිටින්නේ මා ඇතුලු සියලු දෙනාට සාධාරණ වන්දියක්‌ ලබා දෙන්න කියලා. උතුරු නැගෙනහිර අවතැන්වු ජනයාට නිවාස 65000 ක්‌ හදනවා. එකෙන් ගෙවල් 70 ක්‌ වත් මේ එරාවුර් සිංහල ජනයාට ලබා දෙන්න බලධාරින් කටයුතු කරන්නේ නැහැ. යහපාලන ආණ්‌ඩුවටත් දිගින් දිගටම ලියුම් ලීවා. අවුරුද්දයි මාස කිහිපයක්‌ ගෙවිලා ගියා. තාමත් අපිට වෙච්ච සෙතක්‌ නැහැ. අපි පදිංචි වෙන්න කැමතියි අපේ කඩ නැවත්ත ලැබෙනවා නම්. එහෙම නැත්නම් අපි සියල්ලටම සිදුවු හානිය වෙනුවෙන් වන්දි ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපිට සිදු වු හානි පිsළිබ`ද තොරතුරු පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වෙලාත් තියෙනවා.” ඔහු පැවසුවේය.

මේ වන විට ආරවුලට ලක්‌ව ඇති වෙළෝද සංකීර්ණයේ එකේ කොටසක මුස්‌ලිම් අය වෙළෙඳාම් කරති. ඉතිරි ගොඩනැගිලි සියල්ලම මේ වන විට වහලය කැඩී විනාශව ගොස්‌ මහා කැලැවට යට වෙමින් තිබේ. මේ ආකාරයෙන් මහා සම්පතක්‌ නිකරුනේ විනාශ වීමට ඉඩදීම කවර ආකාරයකින් වත් යුක්‌ති යුක්‌ත නොවේ. මේ කඩ නැවත ඉදිවේ නම් එහි අයිතිය සිංහල හිමි කරුවන් වෙත යැමට ඉඩක්‌ තිබේ. කඩ කාමර මෙසේ දිරාපත්ව විනාශ වෙනන්ට හැරීමේ අරමුණ සිංහලයන් තුරන් කිරීමට ඇති අවශ්‍යතාවය බව පෙනේ.

අනතුරුව අපට සුපුරුදු පරිදිම මේ ගැටලුව ගැන අහන්නට සිදුවන්නේ මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන්ය. උන් වහන්සේ මෙසේ අදහස්‌ දැක්‌වූහ.

මේ රටේ පාලකයිනගේ කටයුතු ගැන කියන්නත් විළි ලැ-ජයි. උතුරු නැගෙනහිර සිංහල ජනයාගේ ගැටලුවලට විස`දුමක්‌ දෙන්න මේ රටේ පාලකයින්ට උවමනාවක්‌ නැහැ. ඒරාවුර් කියන්නේ සිංහලයින් අති විශාල පිරිසක්‌ ජීවත් වුණු වෙළහෙළදාම් කළ ඉතා සශ්‍රීක ප්‍රදේශයක්‌. නමුත් අද එරාවුර් සිංහල ජනයා අන්ත අසරණයි. අද ඉඩ කඩම් අත් හැර ගිය අයට ජීවත් වෙන්න විදිහක්‌ නැහැ. ඉන්න ඉඩකඩම් නැහැ. කොටින් විසින් විනාශ කළ දේපළ වලට නිසි වන්දි දීමක්‌ තවමත් නැහැ. අද උතුරු නැගෙනහිර සිංහලයා මෙවැනි ප්‍රදේශවල නඩු කියන්න ගියාම අන්ත අසරණ වෙනවා. නඩු අහන්නෙත් මුස්‌ලිම් දෙමළ අය. පෙරකදොරුවොත් මුස්‌ලිම් දෙමළ අය. ඒ නිසා භාෂාව දැඩිසේ හරස්‌වනවා. එම නිසා මෙම අසරණ ජනයා වෙනුවෙන් කථා කරන්න ලංකාවේ තිබෙන නීති සංවිධාන ඉදිරිපත් වෙනවා නම් ඉතා සහනයක්‌. නිසි ආකාරයෙන් එතකොට මෙම නඩු අධිකරණයේදී කථා කරන්න පුළුවන්. නැතිනම් වෙන්නේ නිකම් පෙරකදෝරුවන්ට මුදල් වියදම් කරලා නිකරුනේ නඩුව අව නඩුවක්‌ වනකම් වෙනකම් බලා ගෙන ඉන්න. අපේ මෙම ගැටලු විස`දන්න මේ පිළිබ`ද අවබෝධයක්‌ තියෙන නිළධාරීන් කිහිප දෙනෙක්‌ පත් කරන්න රජය කටයුතු කළ යුතුයි. නමුත් එවැනි දෙයක්‌ කරන්න කිසිම වුවමනාවක්‌ නැහැ.”

මේ එරාවුර් සිංහල ජනයා වෙනුවෙන් සටන් වදින, දැන් ජීවිතයේ සැ`දෑ සමයේ සිටින ඇල්මිස්‌ වල්ගම ලියු කවියකි.

දරුවන් හය දෙනෙක්‌ ඇති දැඩි කළ තරුණ
මම දැන් නාකියෙකි ලෙඩ ගාණක්‌ තිබෙන
රජයෙන් ලැබෙන විට දේපොළ වල සහන
මිහිදන් කරපු තැන බ`දිනට හැක සොහොන

Read Full Post »

මේ රට ලේ විලක්‌ද? ලංකාව කිරි සයුරක්‌ නොවූවත් ලේ විලක්‌ නොවේ. 1983 දී ආරම්භ වූ ලේ ගංගා ගලායැම 2009 නන්දිකඩාල් කලපුවෙන් නිමා කරන ලදී. අද මේ රටේ මිනිස්‌ ලේ තිබිය යුත්තේ තැන් දෙකක පමණි. ඉන් පළමුවැන්න ලේ බැංකුවය. දෙවැන්න මනුස්‌ස ශරීර කූඩු සමූහයය. ඉන් එහා ලේ ගලතොත් ඒ හදිසි අනතුරකදී සිදුවන තුවාලයකිනි. සැත්කමකිනි. බරවා පරීක්‍ෂණය සඳහා ලේ ගැනීමද මෙයටම ඇතුළත් කරමු. එයින් එහා ලේ හෙල්ලීමට කිසිවකු තැත් කරතොත් ඒ සම්බන්ධයෙන් ඉතා දැඩි පියවර ගතයුතු බව මතක්‌ කරමින් අද මේ තීරුව අරඹනු ලැබේ.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි කල්මුණේ සහ අක්‌කරපත්තුව අතර මාර්ගයෙහි නින්දවුර් නමැති ගම්මානයක්‌ පිහිටා ඇත. සමුද්‍රdසන්න ගමක්‌ වන මෙහි අසල්වැසියන් වන්නේ දකුණින් පිහිටි අරසාද් සහ උතු=රින් පිහිටි කරතිවුය. කරතිවු ගමට අල්ලපු ගම සමන්තුරේය. අරසාදියට අල්ලපු ගම ඔලුවිල්ය. මේ සියල්ල අම්පාර දිස්‌ත්‍රික්‌කයට අයත්ය. නින්දවුර් ගම මෙයට තෙදිනකට පෙර යුද පිටියක්‌ බඳු විය. ප්‍රදේශවාසී ඉස්‌ලාමීය ප්‍රජාව දහස්‌ ගණනින් ප්‍රධාන මාර්ගයට රැස්‌ව පාර මැද ටයර් පුච්චමින් ගමනාගමනයට බාධා කර ප්‍රදේශය “සීල්” කළේය. හෙවත් ප්‍රදේශයට ඇතුළු වීමටත් ප්‍රදේශයෙන් පිටවීමටත් බැරිවන තත්ත්වයක්‌ ඇති කළේය. ප්‍රදේශයට ඇතුළු වීමට ඉඩ ලැබුණේ මාධ්‍යකරුවන්ට පමණි. එහි අර්ථය වූයේ රටට කීමට කතාවක්‌ නින්දවුර් ජනතාවට තිබෙන බවය. පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ අපට කියූ පරිදි ඒ කතාව මෙසේය, පසුගිය දිනවල නින්දවුර් ප්‍රදේශයේ නිවාස වලට රාත්‍රි කාලයේදී සොරු ඇතුළු වූහ. (මේ ප්‍රදේශයේ නිධන් හාරන කතන්දරයක්‌ද තිබේ. එය අප දන්නා කතාවය) මේ නිසා ප්‍රදේශයේ වැසියෝ මහත් කලබලයට පත්ව සිටියහ. මේ අතර මෙයට දින කිහිපයකට පෙර නිල ඇඳුම් ඇඳගත් විශේෂ කාර්ය බළකායේ සිවුදෙනෙක්‌ ප්‍රදේශයේ තත්ත්වය පිරික්‌සීමට නින්දවුර් වෙත ගියහ. ඔවුන් සමඟ නිල ඇඳුම් නොවන සිවිල් ඇඳුම් ඇඳගත් විශේෂ කාර්ය බළකායේ දෙදෙනෙක්‌ද වූහ. ගම තුළ කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරීම සඳහා සිවිල් නිලධාරීන් දෙදෙනා පැමිණියේය යන්න සැකකළ ප්‍රදේශවාසීහු පැය 36 ක විරෝධතාවක්‌ දියත් කර විශාල ජරමරයක්‌ කළහ. (පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකගේ කතාව මෙතැනින් නිමය)

දැන් අපේ කතාවට බසිමු. මෙය යකාගේ වැඩකි. සිවිල් ඇඳුම් වලින් සැරසී ගමන් කිරීමට පොලිසියට හා විශේෂ කාර්ය බළකායට අයිතියක්‌ නැද්ද? ඔවුන් පැය 24 ම නිල ඇඳුම ඇඳ සිටිය යුතුද? නිවාඩුවට ගෙදර යන ඔවුන් සිය බිරිය ඉදිරිපිට පෙනී සිටිය යුත්තේ නිල ඇඳුමෙන්ද? ඔහුගේ දරුවන්ට තාත්තා සිවිල් ඇඳුමින් දැකීමේ අයිතියක්‌ නැද්ද? ඔවුන් නිල ඇඳුම් ගැලවිය යුතු සහ සරමට බැසිය යුතු වෙලාව තීන්දු කරන්නේ නින්දවුර් ගමේ ජීවත්වන අපගේ සහෝදර මුස්‌ලිම් ප්‍රජාවද?

ඊළඟ යකාගේ කතාව මෙසේය. නින්දවුර් අවට කැරකෙන මුස්‌ලිම් මන්ත්‍රී කෙනෙක්‌ සිටියි. ඔහු කියා ඇත්තේ මින්පසු නින්දවුර් ගමට එන පිටස්‌තරයන් ප්‍රදේශයේ පිහිටි මුස්‌ලිම් පල්ලියට දැනුම් දිය යුතු බවය. මේකා පාර්ලිමේන්තුවට පත් කර යෑවූ ඡන්ද දායකයන්ගේ පස්‌ස පැත්තට මඩු වලිගවලින් පහර දිය යුතු බව අපගේ නිර්දේශයයි. මුස්‌ලිම් මන්ත්‍රීගේ නීතිය මැදපෙරදිගවත් නැති නීතියකි. පල්ලි පන්සල් හෝ පොලිසිවලට දන්වා ප්‍රදේශයකට ඇතුළු වීමේ සිරිතක්‌ ලංකාවේ නැත. මේ රටට අයත් වර්ග සැතපුම් 25332 ක ප්‍රමාණය තුළ ඕනෑම වැසියකුට ඕනෑම ආකාරයකට (නිරුවතින් සහ අවි ආයුධ ලෙලවමින් හැර ඇතුළු විය හැකිය.) අපගේ දෙමළ සහෝදරයන් තුළ අප ගැන ඇති කළ අවිශ්වාසය හා ක්‍රෝධය වැනි යමක්‌ අපගේ මුස්‌ලිම් සහෝදරයන් තුළද ඇති කිරීමේ අවශ්‍යතාවක්‌ කාලකණ්‌ණි – අලුගුත්තේරු නීච දේශපාලනඥයන් තුළ හටගෙන ඇති බව පෙනෙයි. මතක තබාගන්න මිත්‍රවරුනිá මේ රට යළිත් ලේ ගංගාවක්‌ වීමට කිසිදු ඉඩක්‌ නැත.

Read Full Post »

හාත්පසින් එක සීරුවට වෙඩි හ`ඩ ඇසේ. රාත්‍රී අ`දුරේ රීදී පැහැති සිත්තම් මවන අතර හාත් පස කම්පනය කරවන මෝටාර් උණ්‌ඩ ගුවන පුරා විසිරෙමින් ඇත. පුලුකුණාව යුධ හමුදා කදවුරට රෑ පුරා මහා ප්‍රහාරයක්‌ එල්ලවෙමින් තිබේ. ප්‍රහාරයෙන් බියට පත්වු කෙවිලියාමඩුව ගම්වාසීහු පසුදාම ගම් බිම් හැර යති. ඒ ස්‌වකීය පණ කෙන්ද පමණක්‌ රක්‌ෂා කරගැනීමේ පරමාර්ථයෙනි.

ගම් පියසට මදක්‌ දුරකින් පිහිටා තිබුණු මංගලගම ගම්මානයටද තිරිසන් කොටි ත්‍රස්‌තයන්ගෙන් මාරාන්තික ප්‍රහාරයක්‌ එල්ලවූ හැටි පුළුකුණාව ගම් වාසීන්ට මතකය. ඒ අමානුෂික ප්‍රහාරයෙන් කිරි දරුවන් පෙති ගැසුනි. පොළොවේ ගසා මරා දැමිනි. නිරායුධ ගම්වාසින් දෙපලු කොට කැපී මැරිනි. මේ අත්දැකීම පුනරුච්චාරණය වනු දැකීමට නොරිසි පුලුකුණාව ගම් වාසීහු උපන් බිම් අතැර ඇ`දි වත පමණක්‌ ගෙන සිය උපන් බිමෙන් පිටවූහ.

යුද ගිණිදැල් නිමී ගියේය. පණ කෙන්ද බේරාගෙනය යුද අනාථයන් සේ අන්ත අසරණ දිවියක්‌ ගත කරමින් ජීවත් වු කෙවිලියාමඩුව ගම්මානයේ මිනිස්‌සු අවුරුදු දොලහකට පෙර, එනම් 1996 වසරේදී අත්හැර දමා ගිය තමුන්ගේ ගම්මාන වලට පැමිණියහ.

කෙවිලියාමඩුව ගම්මානය පිහිටියේ අම්පාර දිස්‌ත්‍රිකය මායිමේය. අම්පාරට ලංවය. අම්පාර මහඔය මාර්ගයේ පුලුකුනාව ආසන්නයේය. එහෙත් කෙවිලියාමඩුව අයත් වන්නේ මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කොට්‌ටාශයටය. අප නොදන්නවා සේ සිටියාට කෙවිලියාමඩුව, මංගලගම, වැනි නැගෙනහිර පලාතේ සිංහල ගම්මානවලට දෙමළ පරිපාලන බලයක්‌ සහිත නිලධාරීන්ගෙන් සිදුවන්නේ නොසලකා හැරීම්ය. ගර්හාවට ලක්‌කිරීම්ය. කෙවිලියාමඩුව මිනිස්‌සු මේ නින්දිත යථාර්ථය අත් වි`දිමින් උන්හ.

තමන්ගේ උපන් ගම්බිම් වල හිමිකම් භුක්‌ති වි`දීම තීන්දු කළ යුත්තේ එම දේපල අයිති මිනිස්‌සුන්ය. ඒ අයිතිය කිසිවෙකුට ප්‍රශ්න කළ හැකි නොවේ. එහෙත් කෙවිලියාමඩුව ගම්මානයට නැවත පදිංචියට පැමිණි සිංහල මිනිස්‌සුන්ට අහන්නට ලැබුනේ පුදුමාකාර අලුගුත්තේරු කතාවකි. ගම්වැසියන් හමුවන්නට ග්‍රාමසේවක නිලධාරීවරයා පැමිණියේය. පැමිණ පැවසුවේ කෙවිලියාමඩුව ගමේ පදිංචි වීමට අවශ්‍යනම් අවතැන්ව සිටි කාලයේ හරිහම්බරකරගත් දේපල අත්හැර දමා පදිංචියට පැමිණෙන ලෙසය. මේ අතාර්කික නොසන්නාඩාල නොපනත් බලපෑම් හමුවේ කෙවිලියාමඩුවේ මිනිස්‌සු අන්ත අසරණ වූහ. අප ඔබට මේ කියන්නේ ඒ මිනිසුන්ගේ වේදනාත්මක කතාවය.

කෙවිලියාමඩුවේ මිනිස්‌සු තමන්ගේ ගමට පදිංචියට ආවේ අදින් අවුරුදු පහකට පෙරය. එහෙත් ඔවුන්ගෙන් බහුතරයකට එම කාළ සීමාව තුළදි පැවති මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ද මඩකලපුවේ නිළධාරින් විසින් උදුරා ගෙන තිබුණි. වසරේ එක්‌ කලකදි පමනක්‌ ලැබෙනා වැසි දියෙන් වගා කරන ලද හේන් වගාවෙන් දිවි සරි කර ගන්නා මේ මිනිස්‌සුන්ගේ ජීවිතය මහා කටුක එකක්‌ විය. මෙවැනි අතිශය දුක්‌ත ජීවිතයක්‌ ගතකරන කෙවිලියාමඩුවේ සිංහල මිනිස්‌සුන්ට සමෘද්ධි සහනාධාරයද ලබා නොදීමට පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි නිලධාරීහු කටයුතු කළහ. ඒ මේ රටේ එක්‌ කොණක මිනිසුන් පිරිසක්‌ තමන් සිංහල වීම නිසාම දුක්‌ වි`දින ආකාරයය. මේ දෙමළ ජාතිවාදී ගෝත්‍රික ලක්‌ෂණ මේ රටේ උතුරු නැගෙනහිර දී සිංහල මිනිස්‌සුන්ට එරෙහිව ක්‍රියාත්මක වන ආකාරය ගැන ගතවන මොහොතේ දැක්‌විය හැකි නිදසුනය.

කෙවිලියාමඩුවේ සිංහල මිනිස්‌සු මෙතැන්සිට කතා කරන්නෝය. මේ ඒ කතාවය.

“අනේ මහත්තයෝ… අපි කෙවිලියා මඩුව ගමට වෙලා අන්ත අසරණ වෙලයි ඉන්නේ. අපි මේ ගෙවල් අත්හැරලා යද්දි කාමර දෙකක්‌ සාලෙයි එක්‌ක උළු වහපු ගේත් අත්හැරලා තමයි අපි පණ බේරගෙන ගියේ. යුද්දේ කාලේ අපේ ගෙවල් ඩෝසර් කරලා. යුද්දේ ඉවර වුනාට පස්‌සේ තමයි අපි නැවතත් මෙහෙට ඇවිල්ලා පදිංචි උනේ. ජීවත්වෙන්න ඉඩමක්‌ නැති හරිහමන් රැකියාවක්‌ නැති අය තමයි මේ ගමේ වැඩි හරියක්‌ ඉන්නේ. කටුමැටි ගහගෙන හදා ගත්ත පුංචි ගේ පොඩ්ඩක පුලු පුලුවන් විදිහට වේලක්‌ ඇර වේලක්‌ කාලා හරි නොමැරි ඉන්නේ බොහොම අමාරුවෙන්. එහෙම හිටිය අපේ ගම්මානේ 31 දෙනකුට මෙ මාසේ 29 වෙනදා ඉඩම් වලින් අයින් වෙලා යන්න කියලා පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලියුම් දීලා. සමහර ගෙවල්වල දොරවල්වල ලියුම් අලවලා ගිහින් තියෙනවා. අපි මේවා දාලා කොහේ ජීවත් වෙන්නද?. අපෙන් මෙසේ අසන්නේ කෙවිලියා මඩුව පන්සල්ගල පදිංචි කේ. එම් . කුසුමලතා ය.

කුසුමලතාලා ජාතිය රජ කරවන්නට හදන ආඩම්බරකාර නායකයින්ගේ අතපල්ලෙන් වැටුණු මිනිස්‌සුය. සිංහල වීම නිසා දෙමළ නිලධාරී වාදයේ දුර්දාන්ත පීඩනයෙන් හෙම්බත්ව උන්හිට තැනින්ද පලවා හරින්නට නියමවූ මේ ගම් වැසියෝ මෙතෙක්‌ සිය ගමේ ජීවත් නොවී ජීවත් වූහ. අත්හැර දමා සිටි මේ මිනිසුන් වෙනුවෙන් කිසිම පොදු පහසුකමක්‌ නිර්මාණය වූයේ නැත. බොන්නට දිය පොදක්‌ ගෙනෙන්නටත් සැතපුම් 3 ක්‌ දුර යන්නට ඔවුන්ට සිදුවූයේය. කෙවිලියාමඩුව ගමේ ඩබ්ලියු. එම ජයතිලක කියන්නේ ඒ කතාවය.

“ගමේ කුලියකA කරගන්නවත් වැඩක්‌ නැහැ. ගල්කොරියේ ගල් තලලා තමයි සමහරු ජීවත්වෙන්නේ. හේන් ගොවි තැන තමයි අපේ ප්‍රධානම ජීවිකාව. නමුත් හැමදාම අලි කරදර නිසා වගාව කඩලා ගෙට ගන්නකම් විශ්වාසයක්‌ නැහැ. පොදු ප්‍රවාහන පහසුකම් මේ පැත්තට නෑ. අපේ ප්‍රශ්නයක්‌ ගැන කතාරනන් අපි පට්‌ටිපොළට හරි මඩකලපුවට හරි යන්නේ රුපිලයල් පන් හය දාහක්‌ වාහන වලට වියදම් කරගෙන. පාන් කෑල්ලක්‌ ගන්න බැරිව ඉන්න අපිට අපේ ඉඩකඩම් බේර ගන්න මෙහෙම වාහන හයර් කරගෙන යන්න වත්කමක්‌ නැහැ. කිසිම පහසුකමක්‌ නැතිව අපා දුක්‌ වි`දිමින් මෙහෙම ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අපිට යන්න එන්න තැනක්‌ නැති නිසයි. බඩගින්දර නිවා ගන්න බැරිව අසරණ වෙලා ඉන්න අපි මේ ගෙවල් වලින් පන්නලා තවතA අසරණ කරන්න එපා”. මේ වේදනාව මේ රටේ වගකිවයුතු මහත්වරුන්ට ඇසෙනු ඇත්දැයි අපට වැටහෙන්නේ නැත.

කෙවිලියාමඩුවේ දරුවොද ඉගන ගන්නට මහත් වෙහසක්‌ ගනිති. දිවුලාන විදුහල ඇත්තේ කෙවිලියාමඩුවට කිලෝ මීටර හයක්‌ දුරිනි. මංගලගම ගොනාගොල්ල විදුහලට ඇති දුර කිලෝමීටර 10 කි. මේ පුංචිදරු පැටව් කැළ අවපැහැ ගැනුණු පාසල් නිළ ඇ`දුමද ඇදගෙන සිටියදි ඇතැම් බස්‌රථ රිදුරෝ උන්ව අතරමග දමා යතිs. හැම තැනම නොසලකා හැරීම්ය. මෙවන් පරිසරයක වේල සොයාගැනීමට නොහැකිව අසරණව සිටින අහිංසක ගම්වැස්‌සන්ට ඉඩම්වලින්ද එලවා දමන්නට යැම නින්දා සහගත අපරාධයකි. කෙවිලියාමඩුවේ කේ. ඩී. තිලකරත්න ඒ කතාව අපට කියන්නේය.

“අපිව තාමත් ගමේ ලියාපදිංචි කරලා නැහැ. එක නිසා ඡන්දය දාන්න බැරිවෙලා තියෙනවා. නැති බැරි කමට ගාමන්ට්‌ එකකටවත් ගිහින් රස්‌සාවක්‌ කරන්න කරන්න අද බොහෝ දෙනකුට සහතිකයක්‌ ගන්න විදිහක්‌ නැහැ. හැඳුනුම්පතක්‌ අලුත් කරන්න විදිහක්‌ නැහැ. චරිත සහතිකයක්‌වත් ගන්න බැරිවෙලා තියෙනවා. සමහර වෙලාවට ළමයි ඉස්‌කෝලෙට ඇතුලත් කරගන්න බැරිව අප අසරණ වුන අවස්‌ථා තියෙනවා.

මහ ලොකුවට දැයට කිරුළ අම්පාරෙදි කළා. අපට මොන සෙතක්‌වත් නෑ. ජන්ද නාම ලේඛණ පුරවන්න දුන්නත් තවමත් භාර ගත්තේ නැහැ. ග්‍රාම සේවකට දුන්නම පස්‌සේ කෙවිලියාමඩුවෙන්ද කියලා අහලා එAවා ගන්නැතිව යනවා. වැඩක්‌ කර ගන්න ගියාම දෙමළ භාෂවෙන් වැඩ කරන නිසා අපිට කිසිම දෙයක්‌ තෙරෙන්නේ නැහැ. අපේ ගමේ කිහිප දෙනකුට විරුද්ධව කළවංචිකුඩි උසාවියේ නඩු පැවරුවා අනවසරයෙන් පදිංචිව සිටින බව කියලා. නමුත් උසාවියට යන්නට සල්ලි නැති නිසා ඒ අයට උසාවි යන්න බැරි වුනා. එක නිසා මේ වන විටත් ඒ අයට හිටපු ඉඩම් වලින් අයින් වෙන්න සිදුවෙලා තියෙනවා. අපි කියන්නේ වේලක්‌ හැර වේලක්‌ කාලා ජීවත් වෙන්න අපිට අපි ජීවත්වන ඉඩම් ලබාදෙන්න කියලයි.”

කෙවිලියාමඩුවේ එම්.කේ විමලාවතී කියන කතාව අෙ`දාaනාවක්‌ බ`දුය. මේ ඇයගේ කතාවය.

අපි කල්ලෝතෝනියෝ වෙලයි ඉන්නේ. යන්න එන්න තැනක්‌ නැති කරන්න සියලු සැලසුම් හැදිලා ඉවරයි. පොඩි දරුවෝ බස්‌ එකෙන් පාසලට රුගෙන ගොස්‌ නැවත එක්‌කරගෙන එන්න දෙවතාවක්‌ යන්න ඕන. එකට දවසට රු. 100 ක්‌ යනවා. නා ගන්න රුපියල් 20 දුර බස්‌ එකේ යන්න ඕන. පස්‌ දෙනෙක්‌ ඉන්න ගෙදරකට දවසකට නාගෙන එන්න රුපියල් සීයක්‌ යනවා. සල්ලි නැති නිසා අපේ සමහර පොඩි දරුවෝ බස්‌ වල නොමිළේ යන්න උත්සාහ කරනවා. ඒක නිසා ඇතැම් රියදුරන් අපේ ළමයින්ට පාසල් යන්න බස්‌ එක නතර කරන්නේ නැහැ. මෙහම අපාදුක විදගෙන ජීවත්වෙන්නේ වෙන යන්න තැනක්‌ නැති නිසා. අපිට අපේ පාඩුවෙ ජීවත්වෙන් ඉඩ දෙන්න.

නදීකා රාජපක්‌ෂ මේ ජීවිතයෙන් හෙම්බත් වූ කාන්තාවකි. ඇය අපට මෙවැනි කතාවක්‌ කියන්නීය.

“අපිට කන්න නැති වුනාම මඩකලපුවෙ හාමුදුරුවෝ තමයි සැරෙන් සැරේ ඇවිත් අපිට කන්න බඩු මුට්‌ටු ටිකක්‌ දිලා යන්නේ. මඩකලපුවෙ හාමුදුරුවෝ හිටියේ නැත්නම් අපිව මෙලහකටත් මේ ඉඩම් වලින් පන්නලා.”

“අපේ පුංචි ගෙවල් වැහි දාට පෙරලිලා යනවා. හාමුදුරුවෝ එක්‌සත් අරාබි එමිර් රාජ්‍යයේ සිටින සිංහල අයගේ සංවිධානයක්‌ වන හෙළ බිම සංවිධානය මගින් අපිට නිවාස 16 ක්‌ හදලා දුන්නා. තවත් නිවාස 05 ක්‌ හදන්න අත්aතිවාරම දාලා තියෙනවා. මේ අය කියන විදිහට ඒ ගෙවල් 16 ම අත්හැරල යන්න වෙනවා.”

මේ වේදනාත්මක කතාව කියන්නට පසුගියදා කෙවිලියාමඩුqව ගම්වාසීහු මඩකලපුව දිසාපතිවරිය මුනගැසීමට ගියහ. එහිදී කමිටුවක්‌ හරහා දැනට පදිංචිව සිටින අය පිලිබ`ද සොයා බලා පෙර පදිංචිය සනාථ කිරීමට හැකි අයට ඉඩම් ලබාදෙන ලෙස පවසා තිබේ. එහෙත් කෙවිලියාමඩුවේ පදිංචි කරුවන්ට දැන් අතීත පදිංචිය සනාථ කිරීමට නොහැකිය. ඇතැමුන්ගේ අතීත පදංචිය පිළිබ`දව වන ලේඛණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සොයා ගැනීමට භාෂාව හරස්‌ වී තිබේ. ඒ ස`දහා නිලධාරීන්ගේ සහායද නැත. සමහර ලේඛණ අතුරුදන්ය. මේ සියලු දේ සිදුවෙද්දී මෙවැනි අසරණයින්ට මුවාවෙමින් ආරක්‌ෂක අංශවල සහ රජයේ රුකියාවන් වල යෙදන පිරිසක්‌ද අනවසර හා නීති විරෝධී ලෙස ඉඩම් අත්පත් කරගෙන සිටිති. ඔවුන් නිසා මේ වන විට සැබෑ ලෙස ඉඩම් අහිමිව යමින් සිටින ජනතාවද බරපතල ගැටලුවකට මුහුණ දි සිටියිs.

මේ මිනිස්‌සුන්ට හැමදාම පිහිටට හිටියේ අම්පාරේ මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ය. අදහස්‌ දක්‌වමින් මෙසේ පැවසීය. උන්වහන්සේ මේ ගැටළුව දකින්නේ මෙසේය.

“මඩලපුව දිස්‌ත්‍රික්‌කයේ සිංහල ජනතාවට අද යන එන මං නෑ. කෙවිලියා මඩුව ගම්මානයේ මිනිස්‌සු මේ වන විට දැඩි ගැටළුවකට මුහුණ දී සිටිනවා. මෙම අසරණ මිනිසුන්ට සහනයක්‌ දී ජීවිතය ගොඩනගන්න උදව් කරනවා වෙනුවට ජීවිතයම විනාශ කර දැමීමට කටයුතු කිරීම ඉතා ශෝචනීයයි.”

“සිප්පිමඩුවෙ මේ වන විට සිංහල පවුල් 18 ක්‌ පදිංචිව සිටිනවා. තවත් පවුල් 72 ක්‌ පදිංචි කරන්න ගියත් එයත් නැවති තියෙනවා. පරණ බලපත්‍ර මේ මිනිස්‌සුන්ට සොයා ගන්න අමාරුයි. සින්නවත්ත සිංහල ජනයා සිටින ගම්මානයේ කොටසක්‌ද අත්හැරදා යුද්දයෙන් අනාථව පැමිණි මිනිසුන්ට දැන ඒ ඉඩම් වලට යන්න බෑ. එම ප්‍රදේශයේ තිබෙන බිම් බෝම්බ දින 30 කින ඉවත් කරන බවට නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස්‌වරයා කිව්වා. ඒත් මේ වන විටත් එම කාර්යය වචනයට පමණක්‌ සීමාවෙලා තියෙනවා.”

“මේ වනවිට බොහෝ සිංහල මිනිස්‌සුන්ගෙ ඉඩම් ව්‍යාජ ඔප්පු හදාගෙන මුස්‌ලිම් සහ දමිළ පිරිස්‌ විසින් අත්පත් කරගෙන අහවරයි. මේකයි ඇත්ත. අපි දමිළ නම් කථා කරන්න ඉන්දියාව සිටිනවා. අප මුස්‌ලිම් නම් කථා කරන්නෙ ඉරානය, ඉරාකය සිටිනවා. නමුත් අපි සිංහලවීම නිසා අපට වෙන අසාධාරනයකදි කථා කතා කරන්න අපේ මිනිස්‌සුත් අපට නැහැ.” අම්පිටියේ සුමනරතන හිමියෝ කියති.

අප දකිනා යථාර්ථයක්‌ තිබේ. මේ වන විටත් නැගෙනහිර පළාතේ පානම ඇතුළු බොහෝ ප්‍රදේශවල ඉඩම් ඇතැම් දේශපාලන හෙංචයියලා ඇතුළු බලවත්හු රිසිසේ අල්ලා ගනිමින් සිටිති. එම ඉඩම් පිළිබ`ද නෛතික සාධක සහිත ලේඛණ ගිනි තබා පුළුස්‌සමින් අතුරුදන් කරමින් සිටිති. නින්දා සහගත ලෙස හොර ඔප්පු තිරප්පු හදමින් සිටිති. ඒ අතර කෙවිලියාමඩුව වැනි සිංහල ගම්මාන වල දුගී අසරණයෝ යන එන මං රහිතව අවතැන් කරමින් සිටිති. මේ රට ගැන අපට දුක හිතෙන්නේ මෙවැනි සිදුවීම් දකින විටය. රටට නීතියක්‌ නොතිබේද, මේ රට අරාජිකදැයි අපට සිතෙන්නේ මෙවැනි අනීතික ෙ€දවාචක විලි ල-ජාවකින් තොරව එළපිටම සිදුවනව විටය.

බලාසිටින්නේ මේ සිදුවන දේවල කෙළවර කොතැනද කියාය.

Read Full Post »

කොස්ගම ප්‍රදේශයේ සිදුවූ ඇතැම් අපරාධ හිටපු ‍පොලිස් නිලධාරීන් විසින් විමර්ශය නොකිරීම නිසා එම පැමිණිලි සහ ‍පොලිසියට මතෛක් නොපැමිණි පැමිණිලි මේ වනවිට කොස්ගම ‍පොලිසියට ගලා ගෙන එමින් පවතින බව උසස් ‍පොලිස් නිලධාරියෙක් රිවිරට පැවසීය.

කොස්ගම ‍පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයකු යටතේ මේ වන විට මෙම පැමිණිලි පිළිබඳව ක්‍රියාත්මක වන අතර ඊයේ (08දා) වන විට පැමිණිලි 30කට අධික ප්‍රමාණයක් ලැබි ඇති බවද එම උසස් ‍පොලිස් නිලධාරියා සඳහන් කළේය.

නව ‍පොලිස් නිලධාරීන් පිරිසකගෙන් සැදුම් ලත් කොස්ගම ‍පොලිසිය පිළිබඳ මේ වන විට ප්‍රදේශය භාර උසස් ‍පොලිස් නිලධාරින්ගේ දැඩි අවධානය යොමු වී ඇති නිසා ජනතා පැමිණිලි විමර්ශන වෙමින් පවතින බවද එම උසස් ‍පොලිස් නිලධාරියා පැවසීය.

එසේම කොස්ගම ‍පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ නීති විරෝධී ක්‍රියා මාධ්‍යයෙන් හෙළි වීමත් සමග ඔහු ගමේ විවිධ ස්ථානවලට ගොස් තමන් ගැන හොඳ මාධ්‍යට ප්‍රකාශ කරන ලෙසට ගම් වැසියන්ගෙන් ඉල්ලා සිට ඇති බවද වාර්තා වේ.

ගොඩයාගේ නීති විරෝධී ක්‍රියා හා වෙනත් චෝදනා මුල් කර ගනිමින් මේ වනවිට කොස්ගම ‍පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු ‍පොලිස් නිලධාරීන් වෙනත් ‍පොලිස් ස්ථානවලට මාරු කොට යැවීමට ප්‍රදේශය භාර උසස් ‍පොලිස් නිලධාරීන් විසින් කටයුතු කරන ලදී.

කොස්ගම ප්‍රදේශයම බිය වැද්දවූ ගොඩයා තවමත් නිදැල්‍ලේ සිටින නිසා තවමත් එහි ජනතාව භීතියෙන් සිටින බවද ගම්වාසීහු පවසති.
ගොඩයා සෙවීම සඳහා සීතාවක කොට්ඨාසයේ විශේෂ ‍පොලිස් කණ්ඩායම් දෙකක් හා අමතර ‍පොලිස් කණ්ඩායම් කිහිපයක්ද මේ වන විට යොදවා ඇති බව සීතාවක කොට්ඨාසයේ උසස් ‍පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read Full Post »

කොස්ගම ප්‍රදේශයේ ජනතාව බිය කර ගනිමින් ගොඩයා ප්‍රමුඛ කල්ලියේ නීති විරෝධී ක්‍රියා හෙළි කළ එහි ගම්වැසියන්ට ගොඩයාගේ කල්ලියේ පිරිස් මරණීය තර්ජන එල්ල කරමින් සිටින බව ‘රිවිර’ට වාර්තා වේ.

ගොඩයා ප්‍රදේශයෙන් පලා ගොස් සිටියද ඔහුගේ ගෝලබාලයින් වන බෝම්බ රොෂාන්, හේෂාන්, දමිත, කසුන්, සුජාන්, කරුණේ හෙවත් අන්වෙයා ඇතුළු කළුතර හා වාද්දුවෙන් මෙම කල්ලියට සහයෝගය දෙන පිරිස් විසින් දුරකථන ඇමතුම් ඔස්සේ ගම්වාසීන්ට මෙලෙස මරණීය තර්ජන එල්ල කොට තිබේ.

මේ හේතුව නිසා තමන් රාත්‍රී කාලයට නිදිවර්ජිතව බියෙන් කාලය ගත කරන බවද එම ගම්වාසීහු පවසති. මේ හේතු නිසා ඔවුන්ගේ ෙදෙනික කටයුතුද අඩාළ වී ඇති බව ඔවුහු සඳහන් කරති.අපිට දැන් වැඩිපුර ඉන්න වෙලා තියෙන්නේ ගෙදර. කඩයකට පාරට වුණත් යන්නෙත් තුන් හතර දෙනෙක් එක්ක. එස්.ටී.එෆ්. දාලා තියෙන නිසා ටිකක් හරි මෙය අඩුයි යැයිද ගම්වැසියෙක් පවසයි.

ගොඩයා සිරිනිවාස වත්ත නම් වූ දෙමළ ගම්මානයේ ජනතාව දීර්ඝ කාලයක් තම අණසක යටතේ තබාගෙන සිට තිබේ. එහි දෙමළ ජනතාවට බලෙන් කසිප්පු විකිණීමද මොහු සිදුකොට තිබේ. ගොඩයාගේ කසිප්පු නොබොන මිනිස්සුන්ටද ගොඩයා ඇතැම් අවස්ථාවලදී පහරදී ඇති බවද ගම්වාසීහු පවසති.

ගොඩයා හා ඔහුගේ කල්ලියට ආහාරයට ගැනීම සඳහා කුකුළන්, එළුවන් බලහත්කාරයෙන් ලබාගෙන ඇත්තේද එම දෙමළ ගම්මානයෙනි.මේ පිළිබඳ ‘රිවිර’ කළ විමසුමකදී ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා කියා සිටියේ එහි ජනතාවට මෙවැනි සිද්ධීන් සම්බන්ධව කොස්ගම ‍පොලිසියට වහාම පැමිණිලි කරන ලෙසටය.

කොස්ගම ‍පොලිසියේ කලින් සිටි සියලු නිලධාරින් මේ වන විට මාරු කරලා තියෙන්නේ. ඒ නිසා දැන් කොස්ගම ‍පොලිසිය අලුත් ‍පොලිසියක් වෙලා තියෙන්නේ. ඒ නිසා කිසිදු සැකයකින් තොරව එහි ජනතාවට එම ‍පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන් යැයිද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කොස්ගම ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාවට ‍පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ද යොදවා ඇති නිසා ගම්වාසීන්ට කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසටද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.එම ගමෙහි ඕනෑම ප්‍රශ්නයක් ගම්වැසියකුට සීතාවක කොට්ඨාසයේ ‍පොලිස් අධිකාරිවරයාට හා සහකාර ‍පොලිස් අධිකාරිවරයාට සෘජුව දැන්විය හැකි බවද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Read Full Post »

අමානුෂික ලෙස පුද්ගලයන් ගණනාවකට පහරදී නීති විරෝධී ක්‍රියා රැසක් සිදු කළ කොස්ගම ගොඩයාගේ විවිධ ජාවාරම් වැටලීමට පිටස්තර ‍පොලිස් විශේෂ ඒකක එම ගම්මානයට ගොස් විමර්ශන කිරීමේදී කොස්ගම ‍පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා එම ‍පොලිස් ඒකකවල නිලධාරින්ට බැණවැදෙමින් ඔවුන්ගේ රාජකාරි කටයුතුවලට බාධා කොට ඇති බව ‍පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අනාවරණය වෙයි.

ගොඩයාගේ නිවස පාතාල ක්‍රියාකාරකම්වලට උපයෝගි කොටගෙන ඇති බවට විමර්ශන නිලධාරින් හෙළි කරගෙන ඇත. එම නිවස පරීක්ෂා කිරීමට යාමේදී පිටස්තර ‍පොලිස් කණ්ඩායම්වලට ගොඩයාගේ බිරිඳ වූ සජානි නමැත්තිය කොස්ගම ‍පොලිසියේ බලය පෙන්වමින් බැණ වැදී ඇති බවද වාර්තා වේ.

තමුසෙලා කොහොමද අපේ ගෙදර පරීක්ෂා කරන්නේ? කොස්ගම ‍පොලිසියට මම කතා කරලා කියනවා යනුවෙන් එම ‍පොලිස් නිලධාරින්ගේ රාජකාරිවලට ගොඩයාගේ බිරිඳ බාධා කොට ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ ප්‍රදේශයේ සිට පිටත්ව ගිය විශේෂ විමර්ශන අංශ නිලධාරින් පිරිසක් මීට ඉහතදී කසිප්පු සම්බන්ධව එම ප්‍රදේශයේ පදිංචි චාන්දනී නමැති කාන්තාවක් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය කලහකාරී ලෙස හැසිරෙමින් ඇඳ තිබූ ඇඳුම්ද ඉවත් කර හැසිරුණු  බවත් වාර්තා වේ.
පසුව ‍පොලිස් කණ්ඩායම් චාන්දනීව ඇඳ ඇතිරිලිවලින් වසා කොළඹට රැගෙන ගොස් තිබේ.

මේ ආකාරයට එම ප්‍රදේශයේ කාන්තාවන්ද ‍පොලිස් රාජකාරිවලටද බාධා කොට තිබේ.
කොස්ගම ‍පොලිසියෙන් මේ ජාවාරම් සම්බන්ධව හරි හැටි නීතිය ක්‍රියාත්මක නොවුණද 2011-06-12, 2011-06-13, 2013-07-27 යන දිනවල ගොඩයාගේ කසිප්පු ජාවාරම් වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන නඩු දමා ඇති බවද ‍පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ගොඩයාගේ පාතාල ක්‍රියාකාරකම් මාධ්‍යවලින් හෙළි වීමත් සමග කොස්ගම ‍පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක එච්.එම්.එස්. හේරත් මහතා ඇතුළු කොස්ගම ‍පොලිසියේ සියලුම නිලධාරින් මේ වන විට වෙනත් ‍පොලිස් ස්ථාන සඳහා මාරු කොට යවා තිබේ.

ගොඩයා තවමත් ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී සිටින බවද ‍පොලිසිය සඳහන් කරයි.
එසේම ගොඩයාගේ පාතාල ක්‍රියාකාරකම් හා සැඟවුණු අපරාධ සෙවීමට මේ වන විට එම ප්‍රදේශයේ ‍පොලිස් විශේෂ කාර්ය බළකා බළඇණියක්ද ස්ථාපනය කොට තිබේ.

Read Full Post »

කොස්ගම ප්‍රදේශයේ සිදුවූ අපරාධ සහ සැඟවුණු අපරාධ සම්බන්ධව සෙවීම සඳහා  ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ බලඇණියක් එම ප්‍රදේශයේ කඳවුරු බැඳ ස්ථාපිත කර ඇති බව විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි නියෝජ්‍ය ‍පොලිස්පති චන්ද්‍රසිරි රණවන මහතා ‘රිවිර’ට පැවසීය.

කොස්ගම සුමේධ විදුහ‍ලේ මෙම කඳවුර පිහිටා ඇත. ඒ සඳහා ‍පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු කණ්ඩායමක් පත්කර ඇතැයි රණවන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දැනටමත් සිද්ධීන් ගැන පැමිණිලි කිහිපයක් ලැබි ඇති බවද ‍පොලිසිය සඳහන් කරයි.
කොස්ගම ‍පොලිස් ස්ථානයේ පැමිණිලි විභාග කිරීම සම්බන්ධයෙන් ඇති අඩුපාඩු නිසා නියෝජ්‍ය ‍පොලිස්පති මහේෂ් පෙරේරා මහතාද මේ වන විට පැමිණිලි ලබා ගැනීම ආරම්භ කර තිබේ.

මේ අතර කොස්ගම ‍පොලිස් නිලධාරින් විසින් සිදුකර ඇති වැරැදි ක්‍රියාවන් රැසක් මේ වන විට හෙළිවී තිබේ.
ඇතැම් අවස්ථාවල එම ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවන් කසිප්පු රැගෙන ගොස් ඇත්තේ ‍පොලිස් ජිප් රථවලින් බවද මේ වන විට හෙළි වී තිබේ. මේ සම්බන්ධව හිටපු ස්ථානාධිපතිවරයා මුනිවත රැක ඇති බවද මේ වන විට අනාවරණය වී තිබේ.

‘ගොඩයා’ නමැති පාතාල නායකයා නිසා ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණපෑවත් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ‍පොලිසිය විසින් ගෙන නැති බව ‍පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

Read Full Post »

Older Posts »