Feeds:
Posts
Comments

Posts Tagged ‘කීර්ති වර්ණකුලසූරිය’

කොටින් දනගැස්‌සූ යුද කතාවේ හෙළි නොවූ කොටසක්‌..
5-1

ප්‍රභාකරන්ට එරෙහි යුද්ධය මුළුමනින්ම වෙනස්‌ කළේ 2000 වසරේදී ශ්‍රී ලංකා රජය රහසිගතව මෙරටට ගෙන්වූ මල්ටි බැරල් රොකට්‌ විදින යන්ත්‍ර සහ පොළව දෙදරන ග්‍රාඩ් රොකට්‌ය.

බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, නෝර්වේ, ඇමරිකාව, කැනඩාව සහ ඉන්දියාව පවා මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ශ්‍රී ලංකාවට ගෙන්වන බව දැන සිටියේ නැත. 40000 ක ශ්‍රී ලංකා හමුදාවට සුදු කොඩි ඔසවා යටත් වන ලෙස ප්‍රභාකරන් නියෝග කරද්දී මෙරට ආරක්‍ෂක බලධාරීන් දැඩි අසරණ තත්ත්වයට පත්වූහ. මේ අවස්‌ථාවේ හමුදාව බේරා ගැනීමට නම් මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ගෙන ආ යුතු යෑයි එදා අපි නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැතිව සිටි අනුරුද්ධ රත්වත්තේ වෙත කියා සිටියෙමු. ඒ වන විට ශ්‍රී ලංකා හමුදාව දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටියේය. යාපනයේ හමුදාව ඉවත් කර ගත යුතු බවට ඇතැම් හමුදා ප්‍රධානීන් රජයට යෝජනා පවා ඉදිරිපත් කර තිබුණේය. 2000 වසරේ ජංගම දුරකථන නොතිබූ නිසා ප්‍රභාකරන් විසින් යාපනය අල්ලා ගැනීමේ පුවත ලැබෙනතුරු විදේශ වාර්තාකරුවෝ කොළඹ තරු හෝටල්වලට පුන පුනා බලා සිටියහ.

එහෙත් අතිශයින්ම රහසිගත මෙහෙයුමක්‌ දියත් වී තිබුණි. මේ මෙහෙයුම මගින් බලගතු ආයුධයක්‌ මෙරටට ගෙන ඒමට ක්‍රියාත්මක විය. එකී මෙහෙයුමට පෙර ජෙනරාල් රත්වත්තේ එවකට පාකිස්‌තාන් ජනාධිපතිව සිටි පේවේස්‌ මුශාරප් අමතා මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ලබාදෙන ලෙස ඉල්ලීමක්‌ කළේය. ශ්‍රී ලංකාව මුහුණපා සිටි අසීරු තත්ත්වය තේරුම් ගත් මුශාරප් එදා පාකිස්‌තාන් හමුදාව භාවිත කළ පැරණි රොකට්‌ යන්ත්‍ර්‍රයක්‌ මෙරටට සැපයීය. යාපනය ටයර් හංදියේ ස්‌ථාන ගත කළ මෙම පැරණි රොකට්‌ යන්ත්‍ර ක්‍රියාත්මක වීම ෙ€දජනක සිද්ධියක්‌ විය. ඉදිරියට යා යුතු රොකට්‌ වෙනුවට පිටුපසින් රොකට්‌ ක්‍රියාත්මක වීමෙන් සෙබළු කීපදෙනෙක්‌ ජීවිතක්‍ෂයට පත්වූහ.

මේ සමයේ චෙක්‌ රාජ්‍යයේ මයිකල් ස්‌මර්ස්‌ නමැති නිලධාරියෙක්‌ ශ්‍රී ලංකාවට පැමිණ පලාලි වෙත ගොස්‌ උතුරේ තත්ත්වය විමර්ශනය කළේය. ශ්‍රී ලංකා හමුදාව දැඩි අනතුරුදායක තත්ත්වයකට මුහුණපා ඇති බව ඔහුට අවබෝධ විය.විගස චෙක්‌ රාජ්‍යයේ ප්‍රාග් නුවරට ගිය ඔහු අධි බලැති මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රයක්‌ මෙරටට එවීමට ක්‍රියා කළේය. මේ යන්ත්‍රය එවනු ලැබුවේ රුසියානු ඉලුෂින් නමැති දැවැන්ත කුලී ගුවන් යානාවකය. එහෙත් එම ගුවන් යානාව දින හතරක්‌ තිස්‌සේ අතුරුදන් වී තිබුණි.

5-2පසුව වාර්තා වූයේ යානාව අසර්බන්ජානයේ බාකු ගුවන්තොටුපළට ගොඩ බස්‌සා ඇති බවයි. ශ්‍රී ලංකා රජය හා චෙක්‌ රාජ්‍යය මැදිහත්වීමෙන් පසු යානාව නිදහස්‌ කෙරුණි. මෙම යානාව කටුනායක ගුවන්තොටුපළට පැමිණීමෙන් පසු මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රය එළියට ගනු ලැබීය. එහිදී හෙළි වූයේ එම යන්ත්‍රයේ වයර් කපා ඇති බවයි. මෙය විදේශ චරපුරුෂ සේවාවක ක්‍රියාදාමයක්‌ බවට පසුව වාර්තා විය.එහෙත් චෙක්‌ ඉංජිනේරුවන් හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉංජිනේරුවන් එක්‌ව පැය 24 ක්‌ තුළ යන්ත්‍රය ප්‍රකෘති තත්ත්වයට පත් කෙරුණි.

මේ අන්දමට බොයින් භාණ්‌ඩ ප්‍රවාහන යානාවක දමා මෙරටට එවූ තවත් මල්ටි බැරල් යන්ත්‍රයක්‌ එක්‌සත් එමීර් රාජ්‍යයේ පුජාරා ගුවන්තොටුපළට ගොඩ බස්‌සා තිබුණි.එම අවස්‌ථාවේදී ශ්‍රී ලංකා රජය මැදිහත්වී යානාව බේරා ගනු ලැබීය. මේ නිසා මයිකල් ස්‌මර්ස්‌ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර එවීමට තවත් උපක්‍රමයක්‌ භාවිත කළේය. මේ සමයේ ඉන්දියාවද චෙක්‌ රාජ්‍යයේ ටී 72 යුද ටැංකි ඇනවුම් කර තිබිණි.

ඒ අනුව ඒෂියා විෂන් නමැති නැවෙන් ඉන්දියාවට ටී 72 යුද ටැංකි ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා තිබිණි.
මෙම යුද්ධ ටැංකි නැවට ගොඩ බෑමට පෙර නැවේ යට තට්‌ටුවට මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර කීපයක්‌ ඇතුළත් කර තිබිණි.

ඒෂියා විෂන් නැවට මුහුදේදී ප්‍රශ්නවලට මුහුණපෑමට සිදුවූයේ නැත. කොළඹ වරායට පැමිණි ඒෂියා විෂන් නැව දැවැන්ත මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ගොඩබෑමත් සමඟම වරාය සේවකයෝ විස්‌මයට පත්වූහ.
එහෙත් බියකරු මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍ර මෙරටට ගෙනැවිත් ඇති බවට පොට්‌ටු අම්මාන්ගේ ටොසී චරපුරුෂ සේවාවට වාර්තා වූයේ නැත. ටොසී බුද්ධි සේවාව ලත් මුල්ම පරාජය එය බව ප්‍රභාකරන් පසුව පැවසීය.

5-3

සුදු කොඩි ඔසවා යටත් වීමේ කාල සීමාව දික්‌ කරන්නේ නැතැයි ප්‍රභාකරන් දැනුම් දෙන අවස්‌ථාවේ යෝධ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රයක්‌ සහ ග්‍රාඩ් රොකට්‌ හතළිහක්‌ යාපනයේ සූදානම්වී තිබුණි.මොහොතකින් එම යන්ත්‍රයෙන් ප්‍රභාකරන්ගේ කොටි හමුදාව සිටි ප්‍රදේශයට එකවර රොකට්‌ ප්‍රහාර 40 ක්‌ එල්ල විය. සිදුවූයේ කුමක්‌දැයි තේරුම් ගැනීමට ප්‍රභාකරන්ට හා කොටි හමුදා නායකයන්ට නොහැකි විය.

නොකඩවා එල්ල වූ ග්‍රාඩ් රොකට්‌ ප්‍රහාර හමුවේ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තයෝ වන්නියට පැන ගියහ.මේ නිසා යාපනය ඇද වැටෙනු ඇති බවට පුවත අපේක්‍ෂාවෙන් සිටි විදෙස්‌ වාර්තාකරුවෝ දුක්‌මුසු ලෙසින් මෙරටින් පිටව ගියහ.

වන්නියට පැනගිය ප්‍රභාකරන් ඒ වන විටත් ශ්‍රී ලංකා හමුදාවට මල්ටි බැරල් රොකට්‌ ලබාගෙන ඇති බව දැන සිටියේ නැත.ප්‍රභාකරන්ගේ ප්‍රකාශයක්‌ විකාශනය කළ ලන්ඩන් කොටි කාර්යාලය පැවසුවේ බලවත් රටවල් ශ්‍රී ලංකාවට බලගතු ආයුධ සපයා ඇති බවයි.

යාපන අර්ධද්වීපයේ සිටි 40,000 ක හමුදාව බේරා ගැනීම සඳහා මයික්‌ ස්‌මර්ස්‌ නමැති චෙක්‌ නිලධාරියා දියත් කළ රහසිගත මෙහෙයුම එදා හෙළි වූයේ නම් ප්‍රභාකරන් අනිවාර්යයෙන්ම යාපනයට කඩිනමින් ප්‍රහාර එල්ල කරනු නියතය.මයික්‌ ස්‌මර්ස්‌ ශ්‍රී ලංකා හමුදාවට මල්ටි බැරල් රොකට්‌ සපයන බව ඉන්දීය – රෝ බුද්ධි සේවාවට වාර්තා වූයේ නම් එම ක්‍රියාදාමය නතර කිරීමට ඉන්දීය රජයද ක්‍රියා කරනු ඇත.

එහෙත් ස්‌මර්ස්‌ගේa මෙහෙයුම මෙරට ආරක්‍ෂක විශ්ලේෂකයකු යෑයි හඳුන්වා ගන්නා තැනැත්තකුට පවා හෙළි වූයේ නැත. ශ්‍රී ලංකාවට මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර කඩිනමින් ලබාදීමේදී අපි ප්‍රශ්න රැසකට මුහුණ පෑවා. අපිට වරායක්‌ නෑ. පෝලන්තයේ වරායේ සිට මල්ටි බැරල් එවීමට ක්‍රියා කළහොත් රහස එළිවෙනවා. ඒ නිසා ප්‍රාග් අගනුවර සිට චෙක්‌ රාජ්‍යයේ ප්‍රාදේශීය ඔස්‌ට්‍රාවා ගුවන්තොටුපළට මල්ටි බැරල් හා ග්‍රාඩ් රොකට්‌ දුම්රියෙන් ප්‍රවාහනය කළා.

එම දුම්රියේ අධි බල පුපුරන ද්‍රව්‍ය ලේබල් ඇලවීමට ක්‍රියා කළා යෑයි ස්‌මර්ස්‌ හෙළි කළේය. ඒ වන විට අපි රුසියානු ඉලුෂින් යානාවක්‌ කුලියට ගෙන තිබුණා. මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රය හා ග්‍රාඩ් රොකට්‌ රැගත් ඉලුෂින් යානාව පැරණි සෝවියට්‌ ප්‍රාන්තයක්‌ වූ අසර්බයිජානයේ බාකු ගුවන්තොටුපළට ගොඩබස්‌සා එහි රඳවා තිබුණේ අසර්බයිජාන් ගුවන් හමුදාවයි.

ශ්‍රී ලංකාවේ හමුදාව බේරා ගැනීම සඳහා මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර අත්‍යවශ්‍ය වූ අවස්‌ථාවේ එවකට රුසියානු ජනාධිපතිව සිටි ප්‍රයිස්‌ අසර්බයිජාන් බලධාරීන් අමතා යානාව මුදා හැරීමට සහය විය. මයිකල් ස්‌මර්ස්‌ ඇතුළු කණ්‌ඩායම දෙවැනි වරටත් ඔස්‌ට්‍රාවා ගුවන්තොටුපළේ සිට එවූ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රය ද රැගත් බොයින් යානාවද අතුරුදන් වී තිබුණි.

මේ බොයින් යානාව එක්‌සත් එමීර් රාජ්‍යය අහසේ එන අවස්‌ථාවේ මිරා- ප්‍රහාරක යානා දෙකක්‌ විසින් වට කිරීම නිසා පුජාරා ගුවන් තොටුපළට ගොඩ බස්‌සා ඇත. එහෙත් එම යානාව ද මුදා හැරීමට එවකට සිටි ශ්‍රී ලංකා රජයට හැකි විය.චෙක්‌ රාජ්‍යය මෙරටට මල්ටි බැරල් සැපයූවේ අතිශයින්ම දුෂ්කර වූ තත්ත්වයක්‌ මතය. මේ බලගතු අවි ශ්‍රී ලංකාවට සැපයීම ව්‍යර්ථ කිරීමට චෙක්‌ ආරක්‍ෂක ඇමැති ඩේවිඩ් නියෝග කළත් චෙක්‌ පාර්ලිමේන්තුව ඊට ඉඩ දුන්නේය.

5-4

ඒ වන විට ශ්‍රී ලංකා හමුදාවට තිබුණේ මි. මී. 122 මි. මී. 152 වැනි කාලතුවක්‌කු බතරොයි පමණකි.
මල්ටි බැරල් රොකට්‌ මෙරටට ගත යුතු යෑයි හමුදා බලධාරීන් වෙත යෝජනා වූ අවස්‌ථාවේ එක්‌ බ්‍රිගේඩියර්වරයෙක්‌ ඊට මුළුමනින්ම එරෙහි විය. මල්ටි බැරල් වලින් හමුදාවට වැඩක්‌ නැහැ යෑයි හෙතෙම කියා සිටියේය.

එසේ වුවත් චෙක්‌ රාජ්‍යය සැපයූ මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍රය මගින් ග්‍රාඩ් රොකට්‌ ප්‍රහාර එල්ල වෙද්දී සෙබළු ප්‍රීති ඝෝෂා කළහ. මෙම ග්‍රාඩ් රොකට්‌ වුවත් කිලෝ මීටර් 21 දුරට යෑවීමට හැකිය. තත්පර 35 ක්‌ වැනි කාලසීමාවකදී ග්‍රාඩ් රොකට්‌ 40 ක්‌ යෑවීමෙන් සතුරු ආගමනය මුළුමනින්ම නතර කළ හැකිය.

2009 මැයි 19 දා කොටි යුද්ධය අවසන් වනතුරුම ප්‍රභාකරන්ට එකම මල්ටි බැරල් යන්ත්‍රයක්‌වත් පැහැර ගැනීමට හැකි වූයේ නැත. කොටි හමුදාව මුහුණපෑ බලවත්ම ප්‍රහාරක අවිය මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රයයි.

මේ බලගතු ප්‍රහාරක අවි ඉන්දියාවට පවා නොමැත. ශ්‍රී ලංකාවේ හමුදාව මෙන්ම ඉතියෝපියානු හමුදාවක්‌ එරිත්‍රියානු බෙදුම්වාදීන් හමුවේ පරාජය වන තත්ත්වයට පත්වුණා. එහෙත් අපි මල්ටි බැරල් ප්‍රහාර යන්ත්‍ර ඉතියෝපියාවට ලබාදීමෙන් දින 7 කදී යුද්ධය නිමාවුණා යෑයි මයික්‌ ස්‌මර්ස්‌ කියා සිටියේය.මේ පසුබිම මැද ශ්‍රී ලංකාවේ හමුදාවට මල්ටි බැරල් ගෙන්වා වසර 16 ක්‌ ගතවේ. එදා මල්ටි බැරල් මගින් යාපනය බේරා නොගත්තේ නම් වන්නි මෙහෙයුම දියත් කිරීම දුෂ්කර වනු නියතය.

මේ අතර ශ්‍රී ලංකා හමුදාව කොටි සංවිධානයට එරෙහිව මල්ටි බැරල් යන්ත්‍ර මගින් ප්‍රහාර එල්ල කර ඇති බවත් සිවිල් වැසියන් ද ඊට ගොදුරු වී ඇති බවට චෝදනා එල්ලවිය. මේ සාවද්‍ය ප්‍රකාශ නිසා චෙක්‌ රාජ්‍යයද ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඡන්දය පාවිච්චි කරනු ලැබීය.එහෙත් ශ්‍රී ලංකාවට මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ සැපයුවේ චෙක්‌ රාජ්‍ය බව චෙක්‌ බලධාරීන්ට අමතක විය.

එසේම ශ්‍රී ලංකා හමුදා බලධාරීන්ද පසුව චෙක්‌ මන්ටි බැරල් යන්ත්‍ර සඳහා ග්‍රාඩ් රොකට්‌ මිලයට ගත්තේ චෙක්‌ රාජ්‍යයට එරෙහි ස්‌ලොවැකියාවෙනි.මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍ර මෙරටට ගෙන්වා වසර 14 ක්‌ සපිරෙන අවස්‌ථාවේ කලකට පෙර තවත් සිද්ධියක්‌ වාර්තා විය. ඒ එක්‌තරා හමුදා නිලධාරියකු එම යන්ත්‍රවලට අවශ්‍ය හයිඩ්‍රෝලික්‌ තෙල් වෙනුවට පොල්තෙල් භාවිත කරන ලෙස උපදෙස්‌ දීමය.

කොටි යුද්ධය දිගින් දිගටම පවත්වාගෙන යැමේ ආශාවෙන් පෙළුණු ඇතැම් හමුදා බලධාරීහු මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර මෙරටට ගෙන ඒම ගැන සතුටු වූයේ නැත. ඔවුන් කිසිවෙක්‌ 40000 ක හමුදාව බේරා ගැනීමට මල්ටි බැරල් රොකට්‌ හා ග්‍රාඩ් රොකට්‌ ගෙන ආ යුතු බව ඉහළ පෙළේ ආරක්‍ෂක බලධාරීන්ට නිර්දේශ කළේ නැත. එහෙත් අපි අපේ යුතුකම ඉටු කළෙමු.

 

Read Full Post »

  • ද්‍රවිඩ ජනතාව මැතිවරණ වර්ජනය කළහොත් එය සතුරාට වාසියක්‌ වෙනවා – තමිල් අරසුකච්චි නායක මාවයි සේනාධිරාජා
  • උතුරේ ජනතාව රටේ පාලනය වෙනස්‌වීම ගැන දැඩි ඕනෑකමින් බලා සිටිනවා – පත්කළ මන්ත්‍රී රජීව් විඡේසිංහ
  • රජය පෙරලීමේ අවස්‌ථාව එන්.ජී.ඕ. ජාලයට ලැබී ඇතැයි ප්‍රකාශ වේ
  • ද්‍රවිඩයන්ගේ අරමුණු කෙරේ සානුකම්පිතව බලන ජනාධිපතිවරයකු අවශ්‍ය බව මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් නත්තල් දේව මෙහෙයේදී පවසයි
  • ඇමරිකාව ශ්‍රී ලංකාවේ පාලනය වෙනස්‌ වීමක්‌ අපේක්‍ෂා කරනවා – බ්‍රිතාන්‍ය පිනැන්ෂියල් ටයිම්ස්‌
  • කොටි හිතවාදී ජුඩ්ලාල් ප්‍රනාන්දු සහ මහාචාර්ය පෝල් නිව්මන් රජය පෙරලා දැමිය යුතුබව කියාසිටී
  • ප්‍රභාකරන් පැරදවූ රජය පරදවන බවට ප්‍රංශ කොටිජාලය නගන හඬට එරෙහිව ප්‍රංශයේ ජනහමුවක්‌ අද පැවැත්වේ.
  • රජය පරාජය කරනු- කැනඩා කොටි හිතවාදී මන්ත්‍රීනි රාධිකා සීතා සබේයිෂන්

    2009 නොවැම්බර් 6 දා මෙරට ඇමරිකානු තානාපතිනි පැට්‌රිෂියා බුටේනිස්‌ රහසිගතයි යනුවෙන් දක්‌වමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත සංදේශයක්‌ යවමින් මුස්‌ලිම් කොන්ග්‍රසයේ ක්‍රමෝපාය රාජපක්‍ෂ පාලනය පරාජය කිරීම යයි කියාසිටියාය.

    MUSLIM Congress strategy to defete Rajapaksa මුස්‌ලිම් කොන්ග්‍රසයේ සභාපති බෂිර් සේගු ඩාවුඩ් සමඟ සාකච්ඡාවක්‌ පැවැත්වූ බවත් ජනාධිපතිගේ යුද ජයග්‍රහණය නැමැති ප්‍රචාරක මෙහෙයුම කෙරෙහි ජනතාව දුෂ්කරතාවයකට පත්වී ඇති අතර වත්මන් රජය මුස්‌ලිම් සහ ද්‍රවිඩ ජනතාව අතර අප්‍රසාදයට පත්ව ඇති බව ඩාවුඩ් පැවසූ බවද ඇය එම රහස්‌ සංදේශයේ තවදුරටත් සඳහන් කළාය.

    එසේම මුස්‌ලිම් සහ ද්‍රවිඩ ජනතාව ඒකාබද්ධව ඡන්ද මිලියන 1.5 ක්‌ තිබෙන අතර එකී ඡන්ද මත විපක්‍ෂ සන්ධානය සාර්ථකවන බවද බෂිර් සේගු වාඩුඩ් ප්‍රකාශ කර ඇත.

    මඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙන් ඡන්ද 11676 ක්‌ ලබාගෙන මන්ත්‍රීවරයකු ලෙස පත්වූ බෂිර් සේගු ඩාවුඩ් සමඟ රහස්‌ සාකච්ඡාවක්‌ පැවැත්වීම සඳහා එවකට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්‌ඩල ප්‍රධානි වැලරි පවුලර්ද සහභාගිවී ඇත. එහෙත් රජයට ඩාවුඩ් සහ ඇමරිකානු තානාපති නිලධාරිනියන් අතර වූ රහස්‌ සාකච්ඡාවේ තොරතුරු හෙළිවූයේ නැත.

    එහෙත් 2013 මාර්තු 12 දා විකිලික්‌ස්‌ වෙබ් අඩවිය එකී රහස්‌ සාකච්ඡාව ආනාවරණය කළේය.

    මේ සාකච්ඡාවට අදාල සංදේශයේ මෙලෙස සඳහන් කර ඇත. “ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු නිලධාරිනී වැලරි පවුලර් සමඟ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රස්‌ සභාපති බෂිර් සේගු ඩාවුඩ් සාකච්ඡාවට ලක්‌කළේ ඉදිරි මැතිවරණයේදී ජනාධිපති රාජපක්‍ෂ පරාජය කිරීමේ පක්‍ෂයේ ක්‍රමවේදයයි. මේ ජයග්‍රහණය සඳහා ද්‍රවිඩ ඩයස්‌පෝරා නියෝජිතයන්ගේ සහයද අවශ්‍ය වේ. ද්‍රවිඩයන් සමඟ කටයුතු කරන දේශීය ඩයස්‌පෝරා නියෝජිතයන් මෙන්ම විදෙස්‌ගත ද්‍රවිඩ ඩයස්‌පෝරා ප්‍රජාව සමග කටයුතු කරන පාර්ශවවලද සහය අවශ්‍යයි.

    නොවැම්බර් 12 සහ 13 යන දිනවල ද්‍රවිඩ ඩයස්‌පෝරාව ලන්ඩනයේදී සමුළුවක්‌ පවත්වන අතර ඊට මුස්‌ලිම් කොන්ග්‍රස්‌ නායක රවුෆ් හකීම් ආර්. සම්බන්දන් සහ මනෝ ගනේෂන්ද සහභාගි වී ඇත.

    මැතිවරණ දිනීමට නම් ද්‍රවිඩ ඩයස්‌පෝරාවේ සහය අවශ්‍ය වනු නියතය.”

    මුස්‌ලිම් කොන්ග්‍රසය ඇමරිකානු තානාපති නිලධාරිනියත් සමඟ රහස්‌ සාකච්ඡා පවත්වමින් එදා සිදුකල ද්‍රෝහික්‍රියාව රජය අවබෝධකර ගත්තේ නැත.

    මේ පසුබිම මැද පසුගිය නොවැම්බර් මස මුස්‌ලිම් කොන්ග්‍රසයේ පත්කල මන්ත්‍රී හසන් අලි නැමැත්තා පැවසුවේ දිගාමඩුල්ල ප්‍රදේශයේ ආසන තුනක්‌ ඒකාබද්ධ කර වෙනම මුස්‌ලිම් පරිපාලන ඒකකයක්‌ ස්‌ථාපිත කළ යුතු බවයි. එහෙත් රජය එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. එසේ වුවත් ජනාධිපතිවරණය සමීපව තිබියදී මුස්‌ලිම් කොන්ග්‍රස්‌ නායක රවුෆ් හකීම් එකී ඉල්ලීම යළි ඉදිරිපත් කරමින් එකී වෙනම පරිපාලන දිස්‌ත්‍රික්‌කයට මුස්‌ලිම් දිසාපතිවරයකුද අවශ්‍ය බව කියාසිටියේය.

    ඉන් ඔහු කියන්නේ වර්ග කිලෝමීටර් 46436 කින් යුත් ශ්‍රී ලංකාවේ වර්ග කිලෝමීටර් 9996 ප්‍රදේශය මුස්‌ලිම් රාජ්‍යයක්‌ බවට පත්කළ යුතු බවයි.

    මෙම මුස්‌ලිම් පරිපාලන ඒකකය නැමැති යෝජනාවට සමගාමීව පසුගියදා මුස්‌ලිම් කොන්ග්‍රස්‌ මන්ත්‍රීවරයක්‌ “ෂරියා” නීතිය ඉගැන්වීමට පාසල් පිහිටුවිය යුතු බව දක්‌වමින් පුද්ගලික යෝජනාවක්‌ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබුණි.

    එසේම ජිනීවා මානව හිමිකම් කමිටුව වෙත ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක්‌ යෑවීමට ක්‍රියාකළේද මුස්‌ලිම් කොන්ග්‍රසයයි. එම වාර්තාව යවනු ලැබුවේ රවුෆ් හකීම් අධිකරණ ඇමැතිලෙස කටයුතු කරමින් සිටි සමයේයි.

    2002 වසරේ තායිලන්තයේ පැවැති සාම සාකච්ඡාවලට සහභාගිවූ රවුෆ් හකීම් පැවැසුවේ තමා මේ අවස්‌ථාවේ නැගෙනහිර ප්‍රදේශය සඳහා වෙනම පරිපාලන ඒකකයක්‌ ඉල්ලන්නේ නැතිබවයි. හකීම්ගේ මේ ප්‍රකාශය ගැන ශ්‍රී ලංකා මුස්‌ලිම් අයිතීන් සඳහා වූ සංවිධානයේ සභාපති එච්.අයි.එම්. මොහිදීන් නැමැත්තා ප්‍රතිචාර දක්‌වමින් ස්‌වයංපාලනය සඳහා අපට හිමිකමක්‌ ඇති බවත් නැගෙනහිර යනු මුස්‌ලිම් පාරම්පරික නිජබිම බවත් සඳහන් කරනු ලැබීය.

    මේ අයුරින්ම මුස්‌ලිම් කොංග්‍රසය පසුගිය ජනාධිපතිවරණයේදී මුස්‌ලිම් රූපවාහිනී සහ ගුවන් විදුලි සේවාවන් ආරම්භ කිරීම සඳහා කළ ඉල්ලීමද ජනාධිපතිවරයා ප්‍රතික්‍ෂේප කළේය. කොටි ධජය මත ප්‍රභාකරන් සමඟ ගිවිසුමක්‌ අත්සන් කළ රවුප් පසුගිය නොවැම්බර් 3 දා වෙනම පරිපාලන ඒකකයක්‌ ඉල්ලීමේ යෝජනාව ප්‍රකාශයට පත්කළත් රජයේ බලධාරීහු මේ අවස්‌ථාවාදීන්ගේ සැබෑ අරමුණ තේරුම් ගත්තේ නැත.

    2009 නොවැම්බර් 06 දා ඇමරිකානු තානාපතිනි පැට්‌රිෂියා බ්‍රටේනිස්‌ සහ දේශපාලන නිලධාරිනි වැලරි පවුලර් හමුවේ මුස්‌ලිම් කොංග්‍රස්‌ සභාපති බෂිර් සේගු වාවුඩ් රාජපක්‍ෂ පාලනය පරාජය කිරීමේ ක්‍රමවේදය හෙළිකරද්දී එම වසරේම නොවැම්බර් 19 සිට 22 දක්‌වා කාලය තුළ දෙමළ හා මුස්‌ලිම් පක්‍ෂ අතර ස්‌විට්‌සර්ලන්තයේ සුරිච් නුවරදී සාකච්ඡාවක්‌ පැවැත්වුණි. මෙම සාකච්ඡාවට මුස්‌ලිම් කොන්ග්‍රස්‌ නායක රවුෆ් හකීම්ද සහභාගි විය. මෙහිදී ජනාධිපතිවරයා මීළඟ මැතිවරණයෙන් පරාජය කිරීම ගැන සාකච්ඡාවට ලක්‌වූ බව ඉරිදා දිවයින ආරක්‍ෂක විශේෂාංගයෙන් හෙලිකළවිට කලබලයට පත්වූ මුස්‌ලිම් මාධ්‍ය පාර්ශවයන් එවැන්නක්‌ සාකච්ඡා නොවූ බව කියමින් සිද්ධිය යටපත් කිරීමට උත්සාහ කළේය.

    මේ පසුබිම යටතේ තමිල් අරසු කච්චි පක්‍ෂයේ නායක මාවයි සේනාධිරාජා සතුරා යයි අනියම් ලෙස හඳුන්වන්නේ කොටි පැරදවූ රජය හා ජනාධිපතිවරයායි.

    මාවයි සේනාධිරාජාගේ සහයට ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක පී. ආනන්ද සංගරීද එක්‌වී ඇත. කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් ආනන්ද සංගරීගේ දිවි බේරාගත්තේද මෙරට හමුදාව ආරක්‍ෂක ලේකම් සහ ජනාධිපතිවරයායි.

    මෙලෙස සතුරා පැරදවීමට ඡන්දය පාවිච්චි කරන්නැයි උතුරේ නිවසක්‌ පාසා යැමට සැලසුම් කර ඇති මාවයි සේනාධිරාජා ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධානයේ ඉලක්‌කය කුමක්‌ද?

    ඒ කිලෝමීටර් 8884 ක්‌වූ උතුරු ප්‍රදේශයේ වෙනම රටක්‌ ලබාගැනීමයි. මෙහිදී ද්‍රවිඩ සන්ධාන නායක ආර්සම්බන්ධන් පවසා ඇත්තේ උතුරේ අර්බුදයට දේශපාලනමය විසදුමක්‌ ලබාගැනීමට හැකිවන බවයි. මේ නිසා මෙවර ජනාධිපතිවරණය බෙදුම්වාදින්ගේ ඉලක්‌කයන් බවට පත්වී ඇත.

    මාවයි සේනාධිරාජාට කිලෝමීර් 6884 ක්‌ද රවුෆ් හකීම්ට කිලෝමීටර් 9996 ක්‌ දුන්නොත් ශ්‍රී ලංකාවෙන් කිලෝමීටර 17174 ක භූමි ප්‍රදේශය අහිමිවනු නියතය.

    මේ භයානක තත්ත්වය මෙරට ජනතාව අවබෝධකරගෙන තිබේද? මුස්‌ලිම් කොන්ග්‍රස්‌ නායක රවුෆ් හකීම් රජයට ඉදිරිපත් කළ සන්දේශයේ තවදුරටත් දක්‌වා ඇත්තේ තමාට විදේශ බලපෑම් එල්ලවී ඇති බවයි.

    එසේ නම් ජාත්‍යන්තර බලපෑම් ඉලක්‌කය සර්බියාවෙන් කොසවෝ ප්‍රාන්තය වෙන්කළ අයුරින් උතුරු නැගෙනහිර වෙන්කිරීමටද?

    මෙම තත්ත්වය මැද කොටි හිතවාදී ලන්ඩනයේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් දේවගැතියා කළ ප්‍රකාශයක්‌ යුරෝපා කොටි වෙබ් අඩවියේ සඳහන් වී ඇත.

    එහි මෙසේ දක්‌වා තිබේ.

    අවස්‌ථාව උදාවී ඇත. උතුරේ ද්‍රවිඩ ජනතාව පරීක්‍ෂාකාරී ලෙස ඡන්දය පාවිච්චි කළ යුතුයි. මේ අවස්‌ථාව දැනට පැමිණ තිබෙනවා. දැනට පවතින මාර්ගය මත යන්නේද නැත්නම් වෙනසක්‌ සිදුවිය යුතුද යන්න තේරුම් ගතයුතු කරුණක්‌ වනු ඇත.

    මේ අතර ප්‍රභාකරන්ගේ සමීපතම ඥතියකුවූ උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් ද්‍රවිඩ ස්‌වයංපාලනය ලබාදෙන ජනාධිපති අපේක්‍ෂයකුට උතුරේ ජනතාව ඡන්දය දියයුතු බව දක්‌වා තිබේ.

    මෙකී වාතාවරණය මැද නැගෙනහිර ද්‍රවිඩ දේශපාලකයකු වූ ශාන් රාස මානික්‌කම් මුස්‌ලිම් කොන්ග්‍රසයේ වෙනම මුස්‌ලිම් පරිපාලන ඒකකය ඉදිරි බෙදුම්වාදී ආකල්පය වර්ධනය කිරීමේ භයානක අනතුරක්‌ යයි කියා සිටියේය. 2003 ඔලුවිල් ප්‍රකාශනය අපි අමතක නොකල යුතුයි. ඉන් නැගෙනහිර මුස්‌ලිම් ජනතාවට වෙනම ප්‍රාන්තයක්‌ ඉල්ලා සිටියා. එසේම ඔලුවිල්හි නාවික කඳවුරක්‌ ස්‌ථාපිත කිරීමටද මුස්‌ලිම් කොන්ග්‍රසය එරෙහිවුණා. යයි ඔහු තවදුරටත් කියා සිටියේය.

    රවුෆ් හකීම් ප්‍රමුඛ මුස්‌ලිම් කොංග්‍රසයේ මෙම බෙදුම්වාදී ඉල්ලීම බියකරු පූර්වාදර්ශයක්‌? මේ අන්දමට කොළඹ මාලිගාවත්ත, සැලමුල්ල, ගොතටුව දර්ගානගරය, තිහාරිය, බේරුවල, ගාල්ල, මුතුර් සහ පුත්තලම නගරවලට මුස්‌ලිම් කලාප ඉල්ලුවොත් ඇතිවන තත්ත්වය කුමක්‌ද? මෙරට ජනතාවට පොදු නීතිය තිබියදි ෂරියා නීතිය ඉගැන්වීමට මොවුන් යෝජනා ගෙනඑන්නේ කුමකටද යයි ශාන් රාසමානික්‌කම් පලකළේය. මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකරන එස්‌ සිවදාසන් නැමැත්තා මෙවර ජනාධිපතිවරණය රාවණා සහ රාමා අතර යුද්ධයට සමකර ඇත. ඔහු පවසන්නේ රාවණාගේ පාර්ශවයේ සිටි විභීෂණ එකවරම රාමාට එකතුවීම නිසා යුද්ධය පරාජය වූ බවයි.

    මෙවන් පසුබිමක්‌ මැද මන්නාරම රදගුරු රායප්පු ජෝශප් නත්තල් දේව මෙහෙය අමතමින් බරපතල ප්‍රකාශයක්‌ කළේය.

    “ද්‍රවිඩයන්ගේ අරමුණු කෙරේ” සානුකම්පිත සහයක්‌ දක්‌වන ජනාධිපතිවරයකු රටට අවශ්‍යයි. මේ අවස්‌ථාවේ ද්‍රවිඩයන් ද්‍රවිඩ අරමුණු ලබාගැනීම සඳහා තෝරාගැනීමක්‌ කළයුතුයි එක්‌සත්ව කටයුතු කර ද්‍රවිඩ අරමුණු ඉටුකරන බවට ලිතව ප්‍රතිඥදෙන පක්‍ෂයට ඡන්දය දෙන්න.

    මන්නාරම රදගුරු රායප්පු ජෝශප් මෙලෙස පවසද්දී ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් බවට ජර්මනියේ මහජන විනිශ්චය සභාව නැමැති රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ලවා ක්‍රියාකල අයර්ලන්තයේ සිටින ජුඩ්ලාල් ප්‍රනාන්දු නැමැති හිටපු දේවගැතිවරයාද ජනාධිපති පැරදවීමට ක්‍රියාකළ යුතුයයි ප්‍රකාශ කර ඇත.

    මෙයට සමගාමීව ඉන්දියාවේ බැංගලෝරයේ සිටින කොටි හිතවාදී මහාචාර්ය පෝල් නිව්මන් ප්‍රකාශයක්‌ කරමින් කොටි පැරදවූ රාජපක්‍ෂ පාලනය අතුගා දැමීමේ අවස්‌ථාව පැමිණ ඇති බවට දක්‌වා ඇත. මේ තත්තවය මත කොළඹ කින්සිපාරේ පිහිටි වාර්ගික අධ්‍යයන ආයතනයේ පැවැති සමුළුවක්‌ අමතා හිටිහැටියේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍ෂේත්‍රයට පැමිණි උදාන් ප්‍රනාන්දු නැමැත්තා මෙලෙස පවසා තිබේ.

    “රෙජීමය වෙනස්‌ කිරීම සඳහා දැඩිලෙස කටයුතු කිරීමට සිවිල් සංවිධානවලට දැන් අවස්‌ථාව උදාවී ඇත.

This is an Opportune Moment for civil Society groups to work hard towards a Regime change

මොහු මේ ප්‍රකාශයෙන් කියන්නේ බටහිර රටවල අරමුදල් මත යෑපෙන එන්.ජී.ඕ. ප්‍රධානීන් ඉතා කාර්යක්‍ෂම ලෙස කටයුතු කර රජය පෙරළා දැමිය යුතු බවයි.

එම ප්‍රකාශයට සමගාමීව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලානාදන් පවසා ඇත්තේ ද්‍රවිඩයන්ගේ ඉල්ලීම් ගැන වසර 10 ක්‌ තිස්‌සේ රජයෙන් කළ ඉල්ලීම් නොලැබුණු නිසා ජනතාවට දැන් වෙනසක්‌ අවශ්‍යවී ඇති බවයි.

අඩෙයිකලානාදන් ඉල්ලීම් යයි පවසන්නේ උතුරු නැගෙනහිරට ස්‌වයං පාලනය ලබා ගැනීමයි. මේ නිසා ද්‍රවිඩ සන්ධානය පොදු අපේක්‍ෂකයාට සහය දක්‌වන්නේ කුමකටදැයි සනාථ නොවන්නේද?

මේ අතර බ්‍රිතාන්‍යයේ සුපිරි මූල්‍ය ජාලය මෙහෙයවන ෆිනෑන්සියල් ටයිම්ස්‌ පුවත්පත දෙසැම්බර් 22 දා පුවතක්‌ ප්‍රකාශයට පත් කරමින් බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ජනාධිපතිවරණය ගැන දැඩි අවධානයෙන් සිටින බව හෙළිකළේය.

Financial Times Points to us Regime change Intrigue in Sri Lanka

ෆිනෑන්සියල් ටයිම්ස්‌ පුවත්පත තවදුරටත් දක්‌වා ඇත්තේ ශ්‍රී ලංකාවේ පාලනය වෙනස්‌ කිරීමේ ඇමරිකානු ක්‍රියාදාමයක්‌ ඇති බවයි.

මෙය සනාථ වූයේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පසුගිය කාලය මුළුල්ලේ දියත් කල මෙහෙයුම්ය.

මේ ඊට නිදසුන්ය.

1. යාපනයේ ඇමරිකන් කෝනර් නමින් මධ්‍යස්‌ථානයක්‌ ස්‌ථාපිත කිරීම

2. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සමාජ වෙබ් අඩවි ක්‍රියාත්මක කිරීම පිණිස මෙරට විවිධ පාර්ශව වලට පුහුණුවක්‌ ලබාදීම

එදා අපි මේ ඇමරිකානු අබිරහස්‌ මෙහෙයුම් ගැන හෙළිකරද්දී රජයේ බලධාරීහු නිහඬ විය. අද එහි ප්‍රතිඵල දැකගැනීමට හැකිවී ඇත.

මේ අතර ප්‍රංශ කොටි ජාලය කොටින්ව පැරදවූ ජනාධිපති පරදවන බවට වහසිබස්‌ දොඩන බව හෙළිවිය. මේ නිසා ජනාධිපතිට සහය දැක්‌වීමේ ජනහමුවක්‌ අද (ජන.04) පැරිස්‌ නුවරදී පැවැත්වීමට ප්‍රංශ දේශප්‍රේමී කණ්‌ඩායම කටයුතු යොදා තිබේ.

Read Full Post »


එදා කොටි අලිමංකඩ දැවැන්ත හමුදා කඳවුර අල්ලාගෙන කොටි ධජය එස වූ ආකාරයයි මේ

* යාපනය මුදාගැනීමේ රිවිරැස මෙහෙයුම නතර කිරීමට උත්සාහ කළේ කවුද?
* අලිමංකඩ සහ මුලතිව් දැවැන්ත හමුදා කඳවුරු අහිමිවූයේ හිටපු ජනාධිපතිනි සමයේ
* කොටි හිතවාදී වසන්ත රාජාට ද්විත්ව පුරවැසි වීම ලබාදීමට රුපියල් ලක්‍ෂ දෙකක්‌ දුන්නේ රූපවාහිනියෙන්
* ප්‍රභාකරන් සතු කැනඩා දේපළවල භාරකරු රාඡේන්ද්‍රන් මියයයි
* ජනාධිපතිවරණයට තරග කරන දඩයක්‌කාරයා ඉවත් කරනු ශිවාජිලිංගම් පවසයි
* “මිනිසුන් රැවටිය හැක්‌කේ එක්‌ වතාවක්‌ පමණි.” – හිටපු ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්

අතීතය වසන් කළ නොහැකිය. එහෙත් අතීතයේ සිදුවීම්වලට දැන් නව අර්ථකථන ලබාදීම සිදුවේ. ගම්පහ පැවැති මැතිවරණ රැස්‌වීමක්‌ අමතමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මෙලෙස කියා සිටියාය. “මා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිට රට භාර දෙන විට ප්‍රභාකරන් අල්ලා ගෙන සිටි භූමියෙන් සියයට 75 ක්‌ නිදහස්‌ කරගෙන තිබුණා. ජනාධිපතිට ඉතිරිව තිබුණේ ඉතිරි සියයට විසිපහ නිදහස්‌ කරගැනීම පමණයි. එහෙත් යුද ජයග්‍රහණයේ අයිතිය තමාගේ තනි ජයග්‍රහණයක්‌ බවට ඇඟවීමට දරන උත්සාහය බොල් එකක්‌”

හිටපු ජනාධිපතිනිය ජනතාව අමතමින් පෙන්නුම් කර ඇත්තේ ප්‍රභාකරන් පාලනය කළේ සියයට විසිපහක ප්‍රදේශයක්‌ බවයි. එහෙත් සත්‍යය වසන් කළ හැකිද?

1995 දී හිටපු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ යාපනය අර්ධද්වීපය කොටි පාලනයෙන් මුදාගැනීම සඳහා රිවිරැස මෙහෙයුම දියත් කිරීමට සැලසුම් කළේය.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා එදා අපි අනුරුද්ධ රත්වත්තේ මහතා හමු වූ අවස්‌ථාවේ ඔහුගේ දුරකථනයට ඇමතුමක්‌ ලැබුණි. එකී ඇමතුම පිළිබඳව රත්වත්තේ පසුව අපට හෙළි කළේය.

යාපනය මුදා ගැනීමේ රිවිරැස මෙහෙයුම දියත් කිරීමට සූදානම් කළ අවස්‌ථාවේ ලන්ඩන් නුවර සිට රත්වත්තේ මහතාට දුරකථන ඇමතුමක්‌ ලැබුණේ එදා සිටි ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග ගෙනි.

ඇය එහිදී කියා සිටියේ රිවිරැස මෙහෙයුම අත්හිටුවන ලෙසයි. ද්‍රවිඩ ජනතාව විශාල ලෙස මිය යැමට ඉඩ ඇති නිසා රිවිරැස මෙහෙයුම නතර කළ යුතු බව ඇය තරයේ ප්‍රකාශ කර ඇත. මෙම මෙහෙයුම සැලසුම් කරලා ඉවරයි. එය නතර කරන්න බැහැ යෑයි රත්වත්තේ මහතා වේගවත් ලෙස ඇයට ප්‍රතිචාර දක්‌වනු ලැබීය.

ජනාධිපතිනියගේ මේ ප්‍රකාශය ගැන සැකසිතූ අනුරුද්ධ රත්වත්තේ විගස ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ප්‍රධානියකු අමතා සත්‍ය තත්ත්වය දැන ගත්තේය.

චන්ද්‍රිකා කුමාරතුංග එදා අනුරුද්ධ රත්වත්තේව අමතා ඇත්තේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ සිටය. කොළඹ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ බලවත් කාන්තාවක්‌ හා ලන්ඩනයේ ද්‍රවිඩයන් රැසක්‌ ඇවිත් රිවිරැස මෙහෙයුම නතර කරන ලෙස හිටපු ජනාධිපතිනියට දැඩි බලපෑමක්‌ කර තිබේ.

ලන්ඩන් නුවර ඊළම් ද්‍රවිඩයන් හිටපු ජනාධිපතිනිය වෙත පවසා ඇත්තේ රිවිරැස මෙහෙයුම නිසා ලක්‍ෂ ගණනක්‌ ද්‍රවිඩයන් මෙන්ම ෙඓතිහාසික නල්ලූර් කෝවිලද විනාශ වන බවයි. එහෙත් හිටපු නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති රත්වත්තේ ඇගේ ඉල්ලීම නොතකා රිවිරැස මෙහෙයුමින් යාපන අර්ධද්වීපය අල්ලා ගත්තේය.

මෙයට සමාන ප්‍රකාශයක්‌ ප්ලොට්‌ ජාත්‍යන්තර ඒකකයේ සම්බන්ධීකාරක රාජසිංහම් සිවරාජන් හෙළි කළේය. නෝර්වේහි පදිංචි ඔහු මේ සතියේ දිනෙක මෙරටට සම්ප්‍රාප්ත විය. කොටි සංවිධානය පරාජය කිරීමට ක්‍රියා කරන ලෙස 1994 දී අපි එදා සිටි ජනාධිපතිනියගෙන් ඉල්ලා සිටියා. එහෙත් ඇය අපේ ඉල්ලීමට සවන්දුන්නේ නැහැ යෑයි ඔහු කියා සිටියේය.

මේ පසුබිම මැද රටෙන් සියයට 75 ක්‌ මුදාගෙන තිබූ බවට හිටපු ජනාධිපතිනිය කියන්නේ කෙසේද? ඇය පාලනය කරන සමයේ කොටි ත්‍රස්‌තවාදීහු මුලතිව් ආරක්‍ෂක හමුදා කඳවුර මුළුමනින්ම විනාශ කළහ. 1996 ජුලි 18 දා මුලතිව් හමුදා කඳවුර විනාශ කිරීමේදී මියගිය භට පිරිස 1173 කි.

ඉන්පසු කිලිනොච්චි හමුදා කඳවුරට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල විය. 1998 සැප්තැම්බර් 27 දා එල්ල වූ කොටි ප්‍රහාරයේදී සෙබළු 857 ක්‌ දිවි පිදූහ.

2000 වසරේÊ අප්‍රේල් 23 වැනිදා අලිමංකඩ දැවැන්ත හමුදා කඳවුර සහමුලින්ම විනාශ විය. එහිදී හමුදා නිලධාරීන් සහ සෙබළු 708 ක්‌ මරුමුවට පත්වූහ.

එසේම හිටපු ජනාධිපතිනියගේ පාලන සමයේ ඩොලර් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන අතිශයින්ම බලවත්විය. ජාතික රූපවාහිනියේ ප්‍රධානියාව සිටි සුනිල් සරත් පෙරේරා ඉවත් කෙරුණි. ඒ වෙනුවට ලන්ඩනයේ සිටි කොටි හිතවාදියකු වූ වසන්ත රාජා පත් කෙරුණි. වසන්ත රාජාට ජාතික රූපවාහිනියේ අධ්‍යක්‍ෂක ජනරාල් තනතුර දෙන ලෙස නියෝග කළත් එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් කේ. එස්‌. ගුණසේකර පැවසුවේ වසන්ත රාජාට සුදුසු කම් නැති බවයි.

මේ කොටි හිතවාදියාව එම ධුරයට නිර්දේශ කළේ 1971 කැරැල්ලේ හිටපු කැරලි කරුවෙකි. වසන්ත රාජාට ජාතික රූපවාහිනියෙන් ලක්‍ෂ 2 ක්‌ ගෙවා ද්විත්ව පුරවැසි බවද ලොන්ඩන් පෙදෙසේ කුලියට සුපිරි නිවසක්‌ද ඇය ලබා දුන්නාය.

1994 වසරේ ඇය බස්‌නාහිර මහ ඇමැතිනිය ලෙස කටයුතු කරද්දී මෙරටට පැමිණි වසන්ත රාජා තමා යාපනයට යන බව පවසා තිබේ. මෙහිදී හිටපු ජනාධිපතිනිය වසන්ත රාජා වෙත මෙලෙස පවසා ඇත.

“ජාතික බුද්ධි සේවාව මට අනතුරු අඟවමින් මා කොටි ඉලක්‌කයක්‌ යෑයි කියා සිටියා. මෙය ඇත්තක්‌ දැයි ඔබ කොටින්ගෙන් අසනවාද?”

යාපනයට ගිය වසන්ත රාජා චන්ද්‍රිකා මතුකළ ප්‍රශ්නය කොටි න්‍යායාචාර්යව සිටි ඇන්ටන් බාලසිංහම්ගෙන් විමසා තිබේ.

“ජාතික බුද්ධි සේවාව ගැන විශ්වාස කරන්න එපා යෑයි ඔබ ඇයට කියන්න ඇගේ මියගිය සැමියා වූ විජය කුමාරතුංගට අපේ ගෞරවය තිබෙනවා. එම ගෞරවය ඇයටත් හිමියි. එක්‌සත් ජාතික පක්‍ෂයේ කෙරේ විශ්වාසය තබන්න එපා යෑයි ඇයට කියන්න යෑයි” ඇන්ටන් බාලසිංහම් විසින් වසන්ත රාජාට ප්‍රකාශ කර ඇත.

කොටින්ගෙන් මරණ තර්ජනයක්‌ එල්ල වී නැතැයි වසන්ත රාජා ඇයට දැනුම් දුන්නේය. එහෙත් වසර කීපයකට පසු ඇය කොළඹ පුරහල් භූමියේදී ඝාතන ප්‍රයත්නයකින් දිවි ගලවා ගත්තාය.

2003 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියව සිටියදී සිදු වූයේ කුමක්‌ද? එදා ඇයටත් හොරෙන් අති විශාල මුදලක්‌ ගෙවා බ්‍රිතාන්‍යයේ එස්‌. ඒ. එස්‌. බළකායේ හිටපු ප්‍රධානියකු වූ ජනරාල් මයිකල් රෝස්‌ට මෙරට ජාතික ආරක්‍ෂාව සම්බන්ධව වාර්තාවක්‌ සකස්‌ කිරීමට බාරදුන්නේ එවකට සිටි රජයයි. ජනරාල් මයිකල් රොස්‌ සිය වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පොලිස්‌ ඒකකයක්‌ ස්‌ථාපිත කිරීමට යෝජනා කළේය. මෙම ජාත්‍යන්තර පොලිස්‌ ඒකකයේ කාර්යභාරය ද්‍රවිඩ පොලිස්‌ බළකායක්‌ පිහිටුවීමයි.

මේ හැර ඇමරිකානු සී. අයි. ඒ. බුද්ධි සේවා නියෝජිතයකු ද ඇගේ සමයේ ජාතික ආරක්‍ෂක මණ්‌ඩල රැස්‌වීමට සහභාගි විය. රටේ ජාතික ආරක්‍ෂාවට සම්බන්ධව වැදගත් තොරතුරු සාකච්ඡාවට ලක්‌වන තොරතුරු නිරීක්‍ෂණයට ලක්‌වන ආරක්‍ෂක මණ්‌ඩල රැස්‌වීමට සී. අයි. ඒ. ඒජන්තවරයකු සහභාගි වෙද්දී ජනාධිපතිනිය ලෙස ඇය ගත් පියවරක්‌ නැත.

මේ පසුබිම යටතේ තමාගේ පාලනය යටතේ රටේ සියයට 75 ක්‌ මුදාගෙන තිබූ බව හිටපු ජනාධිපතිනිය පැවසීම ජනතාව මුලාකිරීමක්‌ නොවේද?

2006 ජුලි මස මාවිල්ආරු ප්‍රදේශයද සැප්තැම්බර් මසදී සාම්පූර් සහ වාකරේද 2007 ජුලි මස තොප්පිගලද 2007 සිලාවතුර ප්‍රදේශයද 2008 අප්‍රේල් මස මඩුපාර ප්‍රදේශයද මුදා ගනු ලැබීය. 2008 නොවැම්බර් මස මන්නාරම පුනරීන් ඒ 32 මාර්ගයද 2009 ජනවාරි මස මුලතිව් ප්‍රදේශයද අලිමංකඩ ප්‍රදේශයද කිලිනොච්චි කොටි කලාපයද වන්නි මෙහෙයුමෙන් මුදා ගෙන තිබුණි.

මේ පසුබිම යටතේ කොටි පරාජය වීමෙන් පසු කොටි සතුව ඩොලර් 34,426699 ක්‌ වටිනා අවි ආයුධ තිබී සොයා ගනු ලැබීය.

එසේම ඉදිරියටත් බිහිසුණු ඝාතන සිදුකිරීමට කොටි සතුව තිබූ මරාගෙන මැරෙන බෝම්බ පටි 29 ක්‌ සී. 4 පුපුරණ ද්‍රව්‍ය කිලෝ 6050 ක්‌ සහ වෙනත් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1012 ක්‌ ද බෝම්බ පැකට්‌ 293 ක්‌ද හමු විය.

මෙයට අමතරව ගුවන් යානා විනාශ කිරීම සඳහා සෑම් මිසයිල 16 ක්‌ද කොටි සතුව තිබී සොයාගනු ලැබීය.

මේ අතීතය වසන් කළ හැකිද?

එසේම 2003 මැයි මාසයේදී එදා පැවැති රජය උතුරේ ආරක්‍ෂක කේන්ද්‍රස්‌ථාන 152 න් 88 ක්‌ අඩු කිරීමට තීරණය කළේය.

උතුරේ අධි ආරක්‍ෂිත කලාප ඉවත් කිරීම සඳහා වාර්තාවක්‌ සකස්‌ කිරීමට විශ්‍රාමික ඉන්දීය ජනරාල් සතිෂ් නම්බියාර්ද උතුරු නැගෙනහිර කොටින්ගේ යාත්‍රාවලට මුහුදේ යැමට ඉඩ දීමේ ඉල්ලීම ගැන විමර්ශනය කිරීමට හිටපු ඉන්දීය අද්මිරාල් පී. ඡේ. ඡේ කබ්ද මෙරටට ගෙන්වීමට එදා රජය ක්‍රියාකරද්දී ජනාධිපතිනිය ලෙස චන්ද්‍රිකා කුමාරතුංග ගත් පියවරක්‌ නැත.

මේ අතර දෙසැම්බර් 16 දා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරා මෙහෙය වන යුරෝපා කොටි වෙබ් අඩවිය හිටපු ජනාධිපතිනිය සම්බන්ධව පුවතක්‌ විකාශනය කළේය. එහි මෙලෙස සඳහන් විය.

රටේ නායකත්වය වෙනස්‌ කිරීමට හිටපු ජනාධිපතිනිය මන්නාරම රදගුරු රායප්පු ජෝශප් සමග සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීය. මන්නාරමේ අරිප්පුවේ ශාන්ත මරියා දෙව්මැඳුරේ පැවැති දේව මෙහෙය අමතමින් රදගුරුවරයා මේ බව හෙළි කළේය. මට චන්ද්‍රිකාව හමුවුණා. රටේ නායකත්වය වෙනස්‌ කිරීමට අපි සියලු දෙනාම ඉදිරිපත් වී සිටිනවා.

කරුණා පාර්ලිමේන්තුවේ සිටිනවා ළමුන් දුක්‌විඳිනවා. නව පාලනයක්‌ සඳහා ඉදිරියට පා තැබීමට වේලාව පැමිණ තිබෙනවා. එහෙත් චන්ද්‍රිකා සහ රායප්පු ජෝශප් අතර පැවැති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු ගැන ජනතාවට හෙළි කර නැත. මන්නාරම් රදගුරුගේ අතීතය පිළිබඳව විමර්ශනය කරන විට උතුරු නැගෙනහිරට ස්‌වයංපාලනය දිය යුතු බවටත් වන්නි මෙහෙයුම ක්‍රියාත්මක වන විට 141000 ක ජනතාවක්‌ උතුරේ සිටි බවටත් පැවසූවේද ඔහුයි.

මන්නාරමේ රදගුරු එසේ මෙසේ තැනැත්තෙක්‌ නොවෙයි. සංඝමිත්තා මෙහෙනින් වහන්සේ ගොඩබැස්‌ස උතුරේ චුල්ලිපුරම් ප්‍රදේශයේ දේවස්‌ථාන තුනක්‌ ඔහු ඉදි කළා. මේ දෙව්මැඳුරු ඉදිකළේ වන්නි මෙහෙයුම අවසන් වීමෙන් පසුවයි. ඔහු චන්ද්‍රිකා සමග කතා කළ දේ මන්නාරමේ ද්‍රවිඩ ජනතාව දන්නවා. එහෙත් සිංහල ජනතාවට හෙළි කර නැහැ යෑයි ප්ලොට්‌ ජාත්‍යන්තර සම්බන්ධීකාරක රාජසිංහම් සිවරාජන් හෙළි කළේය.

මේ තත්ත්වය මත භූමියෙන් සියයට 75 ක්‌ මුදා ගත් බවට හඬ නගන හිටපු ජනාධිපතිනිය 2000 අප්‍රේල් මස සිට මැයි මස දක්‌වා ක්‍රියා කළ ආකාරය සිහිපත් කළ යුතුය. 2000 වසරේ අප්‍රේල් අවසාන සමයේ ප්‍රභාකරන් යාපනය දොරටුව නැමැති ස්‌ථානයට පැමිණ 40000 ක්‌ හමුදා භටයන්ට සුදුකොඩි ඔසවා යටත් වන ලෙස නියෝග කරද්දී හිටපු ජනාධිපතිනිය දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටියාය. ඉන්දියාව පවා උතුරෙන් හමුදා භටපිරිස්‌ ඉවත් කිරීමට සහයක්‌ දැක්‌ වූයේ නැත. මේ අසීරු අවස්‌ථාවේ උසස්‌ හමුදා නිලධාරීහු පවා ත්‍රස්‌තයන් පලවා හැරීමට කුමක්‌ කළ යුත්තේද යන්න ගැන හිටපු ජනාධිපතිනිය වෙත උපදෙස්‌ දීමට ඉදිරිපත් වූයේ නැත.

එවකට උතුරේ සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක්‌ චාවාකච්ෙච්රි ප්‍රදේශයේ සිට පලාලි වෙත හමුදා ඉවත් කර ගැනීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි කොළඹට වාර්තා විය.

කොටි ත්‍රස්‌තයන් විනාශ කරලීමට වහාම මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ ගෙන්වන ලෙස මා එදා නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති අනුරුද්ධ රත්වත්තේ වෙත කියා සිටියෙමි.

හිටපු නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැතිවරයා එදා පාකිස්‌තාන් ජනාධිපතිව සිටි පේවේස්‌ මුශාරප්ගෙන් මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව බී. එම්. 21 වර්ගයේ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රයක්‌ පාකිස්‌තාන් රජය මෙරටට එවනු ලැබීය. ඉන්පසු චෙක්‌ රාජ්‍යයේ මයිකල් ස්‌මර්ස්‌ නැමැති නිලධාරියා මැදිහත් වී ආර්. එම්. 70 මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ ශ්‍රී ලංකා හමුදාවට ලබා දුන්නේය.

මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍රවලින් එල්ල කළ ග්‍රාඩ් රොකට්‌ නිකුත් වූයේ පොළව කම්පනයට ලක්‌ කරමිනි. මේ නිසා බියට පත් ප්‍රභාකරන් සහ ත්‍රස්‌ත කල්ලිය යාපනය අත්හැර වන්නියට පැන ගියේය.

කොටින්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා ග්‍රාඩ් රොකට්‌ සහ මල්ටි බැරල් මෙරටට ගෙන් විය යුතු යෑයි යෝජනා කළේ කව්දැයි එදා බ්‍රිගේඩියර්වරයකු වූ සනත් කරුණාරත්න දනී. යුද්ධය ජයගන්න උදව් කළේ අපි යෑයි ජනතාව හමුවේ ප්‍රකාශ කරන අතුරලියේ රතන හිමි එදා සිටියේ කොහේද? මෙම පසුබිම මැද මෙරට දේශපාලනයට වඩා වැදගත්ම කරුණ වන්නේ ජාතික ආරක්‍ෂාවයි. හිටපු ජනාධිපතිනිය සමග දැන් එක්‌ව කටයුතු කරන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න 2003 මැයි 8 දා මෙලෙස ප්‍රකාශ කර තිබුණි.

එල්. ටී. ටී. ඊයේ යුද ශක්‌තිය අවතක්‌සේරු කිරීම කොතරම් මෝඩකමක්‌ද? එල්. ටී. ටී. ඊය මැර කල්ලියකට සමාන කිරීම වැරදියි. ඔවුන්ට සිදු වූ අසාධාරණකම් නිසයි අවි අතට ගත්තේ”

මේ අතර ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ රාඡේන්ද්‍රම් නැමැත්තා කැනඩාවේදී මියගොස්‌ ඇත. ඔහු ප්‍රභාකරන්ගේ සොහොයුරිය වූ විනෝදනීගේ සැමියායි. කැනඩා ආරංචි මාර්ග දක්‌වන අන්දමට ප්‍රභාකරන් සතු කැනඩාවේ ඇති දේපළවල භාරකාරයා ලෙස ක්‍රියා කළේද රාඡේන්ද්‍රන්ය. “බාබු” නැමැති දැවැන්ත අවන්හල් සංකීර්ණයද ප්‍රභාකරන්ගේ දේපළවලට අයත් යෑයි හෙළි වී තිබේ

මේ අතර ජර්මනියේ කොටි ක්‍රියාකාරීහු දස දෙනකුට බර්ලින් අධිකරණය දඬුවම් නියම කරන අවස්‌ථාවේ කොටි හමුවට ගොස්‌ සංවේගය පළ කිරීමට විරාඡ් මෙන්ඩිස්‌ නැමැත්තා ක්‍රියා කළේය. මේ අතර ප්‍රභාකරන්ගේ සමීපතම ඥාතියකු වූ උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් පසුගිය 15 දා යාපනයේ ද්‍රවිඩ මාධ්‍ය පාර්ශව අමතමින් දඩයක්‌කාරයා ජනාධිපතිධුරයට යළි තරග කරන බවත් අපට විශාල ලෙස පීඩාවක්‌ අත්කළ පුද්ගලයා ඉවත් කළ යුතු බවත් පවසා ඇත.

මේ ප්‍රකාශයෙන් ද්‍රවිඩ සන්ධානයේ අරමුණ පැහැදිලි වේ.

Read Full Post »

නොවැම්බර් කිලෝ යනුවෙන් හඳුන්වන්නේ විනයගමූර්ති කන්නන් හෙවත් කරුණායි.

වසර 22 ක්‌ තිස්‌සේ ප්‍රභාකරන් සමඟ එක්‌ව කටයුතු කළ කරුණාව ව හඳුන්වන්නේ ෙද්‍රdaහියකු ලෙසිනි.

එහෙත් කරුණා කියන්නේ ෙද්‍රdaහියා තමා නොව ප්‍රභාකරන් බවයි. 1990 ජුනි මස නැගෙනහිර ප්‍රදේශයේදී පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය කිරීමේ චෝදනාව කරුණාට එල්ල වෙද්දී ඔහු අතීතය හෙළිකරමින් මෙලෙස පළ කළේය.

රටේ ගිනි අවුළුවන්නේ ද්‍රවිඩ සන්ධානයයි. මම මඩකලපු විදුහලේ ඉගෙනුම ලබද්දී ද්‍රවිඩ සන්ධානයේ අය පැමිණ සිංහලයන් ද්‍රවිඩයන්ව මරනවා. අපේ ස්‌ත්‍රීන්ට අතවර කරනවා. උඹලා බලාසිටිනවා යයි කියා සිටීය.

මේ නිසා අපිට කොටි සන්ධානයට බැඳෙන්න සිදු වුණා. පොලිස්‌ භටයන් 600ක්‌ මගේ නියෝගය මත ඝාතනය වූ බවට චෝදනා එල්ල වුණා. එහෙත් පොලිස්‌ භටයන්ව ඝාතනය කිරීමට නියෝග කළේ ප්‍රභාකරන්, එම ඝාතනය මෙහෙයවූයේ පොට්‌ටු අම්මාන්. මා එම සමයේ යාපනයේ සිටියා. මා ඒ බව දැනගත්තා. නැගෙනහිර විශේෂ හමුදා නායකයාව සිටි රමේෂ් ඊට සම්බන්ධයි. ඔහුගේ බිරිය වත්සලා දේවි මේ බව දැන සිටියා. ඒ නිසා ඇය මෙරටින් පැන ගියා.

වත්සලා දේවි කොටි කාන්තා බළකායේ ක්‍රියාකාරිනියක්‌. ඇය දකුණු අප්‍රිකාවේ සිටින බව කීවත් ලන්ඩන් නුවර සිටින බවට මට තොරතුරු ලැබී තිබෙනවා.

නොවැම්බර් කිලෝ හෙවත් කරුණා මෙරට මෙන් විදේශ රටවල මහත් ආන්දොaලනයකට ලක්‌වී ඇති සුදුකොඩි කතාව සම්බන්ධව මෙලෙස කියා සිටියේය.

ප්‍රභාකරන් ගැන දන්නා එකම මිනිසා මමයි. අද විවිධ පිරිස්‌ ඇසින් දුටුවාක්‌ මෙන් සුදුකොඩි කතාව ප්‍රචාරය කරනවා. ප්‍රභාකරන් කිසිම මෙහෙයුමකදී කොටි සාමාජිකයන්ට යටත්වීමට ඉඩදුන්නේ නැහැ.

සටන් කර මිය යා යුතුයි යන දර්ශනය මිස සුදු කොඩි ඔසවාගෙන යටත් විය යුතු යෑයි කියන දර්ශනය ප්‍රභාකරන් ළඟ තිබුණේ නෑ. කොටි සංවිධානය සිදු කළ සියලු දේ ගැන තොරතුරු ඇත්තේ මා ළඟයි.

වෙන කිසිවෙක්‌ ළඟ එවන් තොරතුරු නැහැ.

ප්‍රභාකරන් ආණ්‌ඩු සහ විදේශ ප්‍රජාව මුළුමනින්ම රැවටුවා. මම තායිලන්තයේ සාම සාකච්ඡාවලට යන විට ප්‍රභාකරන් ආයුධ වර්ග 300 ක ලැයිස්‌තුවක්‌ දී කොටි ජාත්‍යන්තර ආයුධ ජාලයේ 2 වැනියා වූ අයිපන්ට දෙන්නැයි නියෝග කළා. එහෙත් එදා ශ්‍රී ලංකා ආණ්‌ඩුව මේ බව දැන සිටියේ නැහැ යෑයි කරුණා සිය අතීතය ආවර්ජනය කළේය.

කරුණා මුල්වරට ප්‍රභාකරන්ගේ යුද හැකියාව බොරුවක්‌ බවද සඳහන් කළේය.

ජනරාල් අනුරුද්ධ රත්වත්තේගේ ජයසිකුරු මෙහෙයුම නිසා ප්‍රභාකරන් වන්නියට කොටුවෙලා සිටියා. මට පණිවුඩයක්‌ එව්වා බේරගනින් කියලා.

මම නැගෙනහිර ජෙයනාදන් කණ්‌ඩායම සමඟ වන්නියට ගොස්‌ ප්‍රභාකරන්ව බේරාගත්තා. එදා ඉන්දීය සාම හමුදාව සමඟ සටන්වැදීම නිසා ප්‍රභාකරන් අසීරු තත්ත්වයට පත් වුණා. ඒ වන විට කොටි සංවිධානය කොටි 350 කට සීමා වුණා. මේ අතීතය වසන් කළ නොහැකියි යෑයි කරුණා තවදුරටත් කියා සිටියේය.

ප්‍රභාකරන් තමා සමඟ උරණ වූයේ නෝර්වේ හි ඔස්‌ලෝ නුවරදී පෙඩරල් විසඳුමකට අත්සන් කිරීම නිසා යෑයි කරුණා හෙළිකළේය.

පෙඩරල් විසඳුමකට එකඟ වන ලෙස එරික්‌ සෝල්හයිම් කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ට පැවසුවා. ඔහු බියෙන් වෙව්ලුවා. ලොක්‌කාගෙන් අහමු යෑයි බාලසිංහම් මට බැගෑපත් වුණා. අත්සන් කරපන් යෑයි මම සැරෙන් බාලසිංහම්ට කිව්වම ඔහු බිය වී අත්සන් කළා.

අපි ආපසු ලංකාවට එන විට රුද්රකුමාරන් මම කළ දේ ප්‍රභාකරන්ට වාර්තා කර තිබුණා.

මේ නිසා මඩකලපුවේ සිට වහාම වන්නියට එන්නැයි ප්‍රභාකරන් මට නියෝග කළා.

මා වන්නියට යන විට ප්‍රභාකරන් පොට්‌ටුඅම්මාන් ඇතුළු පිරිසක්‌ සිටියා.

උඹට කවුද මගෙන් අහන්නේ නැතිව පෙඩරල් ගිවිසුමකට අත්සන් කරන්න කිව්වේ කියා ප්‍රභාකරන් කෑගැසුවා. මහත්තයත් මට ෙද්‍රdaහි වුණා. උඹ ෙද්‍රdaහියෙක්‌ යෑයි ප්‍රභාකරන් යළිත් කෑ ගැහුවා.

මම ඔහුට තත්ත්වය පහදාදෙමින් සාමය අවශ්‍ය නිසා එම දේ කළ බවත් මහත්තයා මෙන් ඔහුට ෙද්‍රdaහි වූයේ නැති බවත් පළ කළා. මේ වෙලාවේ පොට්‌ටු අම්මාන් නැගිට ගියා. මා ඉන් දැනගත්තා මාව මරන්න සැලසුම් කරනවා කියලා. වන්නියේ සිට මඩකලපුවට යන පාරවල් මා දන්නා නිසා නැගෙනහිරට පැන එන්නට හැකි වුණා යෑයි කරුණා තවදුරටත් හෙළිකළේය.

ආණ්‌ඩු රවට්‌ටමින් සාම සාකච්ඡාවලට නියෝජිතයන් යෑවූ ප්‍රභාකරන් එකී සාම සාකච්ඡාවලට යැමට පෙර මෙලෙස උපදෙස්‌ දී ඇත.

රජය අපේ එක්‌ ඉල්ලීමකට එකඟ වුණාම තවත් එකක්‌ ඉල්ලපන්. ඊටත් එකඟ වුණාම තවත් ඉල්ලීමක්‌ ඉල්ලපන්. එවිට මට යුද්ධය දිගටම ගෙනයැමට හැකිවෙනවා යෑයි ප්‍රභාකරන් පැවසූ බව කරුණා පළ කළේය.

වසර 19 ක්‌ තිස්‌සේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සටන් වැදුණු කරුණා, බොහෝ දෙනා තමාව ෙද්‍රdaහියකු ලෙස හැඳින්වූවත් ළමුන් පාසල් යැම ගැන බොහෝ දෙනා තමාව ඇගයීමකට ලක්‌කරන බව කීවේය.

කොටි සංවිධානය විනාශ කළේ ප්‍රභාකරන් සහ ද්‍රවිඩ ඩයස්‌පෝරාවයි. මම කොටි සංවිධානයෙන් ඉවත්වීම ගැන ඇන්ටන් බාලසිංහම් පවා පැවසුවේ එය හොඳ ක්‍රියාවක්‌ බවයි. එහෙත් ඔහු ප්‍රභාකරන්ට බිය වුණා. අපි ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනගහනය සියයට 18 ක්‌ බව අවබෝධ කරගත යුතුයි. ඒ නිසා ද්‍රවිඩ ජනාධිපතිවරයකු පත්කර ගැනීමේ හැකියාවක්‌ නැහැ. ද්‍රවිඩ සන්ධානයට අවශ්‍ය වී ඇත්තේ තවත් ලේ වැගිරීමක්‌. කිසිම ද්‍රවිඩ මවක්‌ තම දරුවා යුද්ධයට ගොස්‌ මැරෙන අයුරු දැකීමට කැමැත්තක්‌ නැහැ. නමුත් දරුවන්ව යුද්ධයට බලහත්කාරයෙන් යෙදවූයේ ප්‍රභාකරන්.

කොටි, දරුවන්ව බලහත්කාරයෙන් ගෙනයන විට මවුවරු සෙරෙප්පුවලින් දමා ගැසුවා. මම එවැනි සිද්ධීන් සියෑසින් දුටුවා.

ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් නොවැම්බර් කිලෝ මෙලෙස සඳහන් කළේය.

මම 17 වතාවක්‌ තුවාල ලැබුවා. යුද්ධයකදී අනුකම්පාවක්‌ නැහැ. අනුකම්පාව මත යුද්ධ කරන්නේ මොන රටේද? යුද අපරාධ චෝදනා ගැන බ්‍රිතාන්‍යයටත් චෝදනා එල්ල වුණා. මේ නිසා අපේ රට යුද අපරාධ සිදු කළා යෑයි කියමින් ඇඟිල්ල දික්‌කරන්න බ්‍රිතාන්‍යයට බැහැ. මගේ සොහොයුරාවත් කොටි සංවිධානය මරා දැමුවා.

යුද අපරාධ චෝදනා ගැන විභාග කිරීම තුළින් වාර්ගික අර්බුද මතුවනවා. යුද අපරාධ ගැන විමර්ශනය කරන්නේ නම් බටහිර රටවල් කළ යුද අපරාධත් විමර්ශනය කළ යුතුයි. ඒ වගේම බහුතරයට එරෙහිව සුළු ජනතාවට ක්‍රියාකිරීමට බැහැ යෑයි කරුණා කියා සිටියේය.

තමාට ඇඟිල්ල දික්‌කරන ද්‍රවිඩ සන්ධානය ගැන කරුණා තවදුරටත් පැවසුවේ ඔවුන් කොටි සංවිධානය සමඟ එක්‌ව කටයුතු කළා. මට බොරුකරන්න බැහැ. මම ඔවුන් කරපු දේ සියල්ල දන්නවා යන්නයි.

ඩයස්‌පෝරාව ප්‍රභාකරන්ව වීරයකු කිරීමට තවමත් උත්සාහ කරනවා. ජය සිකුරුයි මෙහෙයුම නිසා ප්‍රභාකරන් හැංගුණා. මමයි එයාව බේරාගත්තේ. ප්‍රභාකරන් විනාශ වුණේ එයා විහින්මයි.

Read Full Post »

* කොටි තහනම ඉවත් කිරීමට අල්ලස්‌ ගත්තාද?

* යුරෝපා සංගමයේ නීති මණ්‌ඩලයට අල්ලස්‌ චෝදනා එල්ල වෙයි

* වන්නියේදී යුද අපරාධ චෝදනා සාක්‍ෂි සටහන් කරන හිස්‌ පෝරම සමඟ අසුවූ ක්‍රිෂ්ණරාජා බේරාගැනීමට ද්‍රවිඩ සන්ධානය උත්සාහ ගනී

* 2002 සැප්තැම්බර් 4 දා මැදියම් රෑ කොටි තහනම ඉවත් කළ පාර්ශව කිඹුල් කඳුළු හෙලීම

* ඉන්දීය හමුදාවට එරෙහිව හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස සමයේ කොටින්ට අවි සැපයූ බව ලුතිනන් වැදිගේ හෙලිකිරීම

යුරෝපා අධිකරණය විසින් කොටි තහනම ඉවත් කිරීමට දායකවූ රහස්‌ තොරතුරු මේ වනවිට හෙලිවී ඇත. නෙදර්ලන්ත කොටි ක්‍රියාකාරීහු පිරිසක්‌ යුරෝපා සංගමයට එරෙහිව පැවැරූ නඩුවට නීතිවේදීහු නිසි සාක්‍ෂි ඉදිරිපත් නොකර කොටි ත්‍රස්‌තයන් ගැන අන්තර්ජාලයේ පලවූ තොරතුරු පමණක්‌ ඉදිරිපත් කළේ ඇයි? මේ එහි පසුබිමයි. එම තොරතුරු විශේෂයෙන් හෙලිකිරීමට අපට හැකිවී ඇත.

2011 මැයි මස අවසානයේ යුරෝපා පාර්ලිමේන්තුවට සම්බන්ධ ග්‍රීන් පක්‍ෂයේ හෙයිනි නසිපාලාගේ මෙහෙයවීමෙන් කොටි සමුළුවක්‌ යුරෝපා පාර්ලිමේන්තුව තුල පවත්වනු ලැබීය. මේ කොටි සමුළුවට තමිල් නාඩුවේ කොටි හිතවාදියකුවූ වයිකෝ – හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වරාජා කජෙන්ද්‍රන් සමස්‌ත ලංකා නිදහස්‌ වෙළෙඳ සේවක සංගමයේ ලේකම් මහපටබැදිගේ ශ්‍රීනාත් පෙරේරා නීතිවේදියකු යෑයි හඳුන්වන එස්‌. රත්නවේල් ද්‍රවිඩ ජාතික පෙරමුණේ එස්‌. ධර්මරාජාන් ප්‍රංශ ඊලම් කමිටුවේ ටී. තිරුකෝනි සහ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ නියෝජිත වී. මහේසන් ඇතුළු ඊලම් ක්‍රියාකාරීහු සම්බන්ධ වූහ.

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 12 ක්‌ මෙහිදී යෝජනාවක්‌ සම්මත කරමින් ශ්‍රී ලංකා රජය අත්අඩංගුවේ සිටින කොටින්ගේ නාමලේඛනය ප්‍රකාශයට පත්කල යුතු බව කියා සිටියේය.

මේ සමුළුවේදී ප්‍රකාශයට පත්වූයේ ස්‌වයං පාලනය මත ශ්‍රී ලංකාව බෙදාවෙන් කළ යුතු බවත් උතුරු නැගෙනහිර සියළුම හමුදා කඳවුරු වසා දැමිය යුතු බවයි. කොටි හිතවාදියකුවූ වයිකෝ මේ සමුළුව අමතමින් සියළුම කොටි මුදාහරිය යුතු බවත් ජනාධිපති ඇතුළු යුද අපරාධ වලට සම්බන්ධ සියළු පාර්ශවයන්ට එරෙහිව ක්‍රියාකිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ විනිශ්චය මණ්‌ඩලයක්‌ පත්කළ යුතු බවත් කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ඉදිරිපත්වූ යුද අපරාධ චෝදනා ගැන විමර්ශන කිරීමේ පරීක්‍ෂණ මණ්‌ඩලයට සහය දැක්‌වූයේද යුරෝපා සංගමයයි. මේ වසරේ පෙබරවාරි 11 වැනිදා බුසල්ස්‌ නුවර රැස්‌වූ යුරෝපා සංගමයේ විදේශ කටයුතු කමිටුව ශ්‍රී ලංකාවට එරෙහිව ස්‌වාධීන විමර්ශනයක්‌ පැවැත්විය යුතු බවට තීන්දුවක්‌ ප්‍රකාශයට පත්කරනු ලැබීය.

මෙම පසුබිම මැද පසුගිය මැයි 25 දා යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේදී ග්‍රීස්‌ පක්‍ෂයෙන් බාබරා ලොහ්බියර් නැමැත්තිය වසර පහක කාලයක්‌ සඳහා තේරී පත්වූවාය. ඇය මෙරට හිටපු කැරලිකරුවකුවූ රන්ජිත් හෙන්නායක ආරච්චි හෙවත් බඩල්ගම බර්ටිගේ බිරියයි.

යුරෝපා පාර්ලිමේන්තුවේ මානව හිමිකම් අනුකමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නේද බාබරායි.

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකල බවට චෝදනා නගමින් ෙ-. ඩී. එස්‌. නැමැති සංවිධානයේ රෝහිත භාෂාණ අබේවර්ධන නැමැති කොටි හිතවාදියා ක්‍රියාත්මක වූයේ බාබරා සහ රංජිත් හෙන්නායකගේ බර්ලිනයේ ක්‍රෙම්මනර් වීදියේ පිහිටි නිවසේ සිට යෑයි හෙලිවිය.

චැනල් පෝ රූපවාහිනියේ කැලම් මැක්‌රේට ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකල බව දන්වමින් වීඩියෝ පට යවනු ලැබුවේ මෙකී ෙ-. ඩි. එස්‌. සංවිධානයයි.

මේ බව 2011 ජුලි 10 දා අපි විශේෂයෙන් හෙලි කළෙමු. චැනල් පෝ සහ බර්ලිනයේ ක්‍රෙම්මනර් වීදියේ කුමන්ත්‍රණය මැයෙන් අපි බාබරා සහ රංජිත් කල්ලියේ ක්‍රියාදාමයන් අනාවරණය කිරීමට හැකිවිය.

මේ තත්ත්වය මැද යුරෝපා අධිකරණය හමුවේ කොටි තහනමට එරෙහිව නීතිවේදීන් ක්‍රියාකර නැතැයි සනාථ වේ.

එසේම යුරෝපයේ තානාපති කාර්යාලවලට පත්කර යෑවූ පාර්ශව මුනිවත රැකි බව පැහැදිලිය.

ද්‍රවිඩ මාධ්‍යවල සේවය කල බව දක්‌වන ආර්. සිවරාසා නැමැත්තා මේ වසරේ ජුලි මස ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පත්කර යවනු ලැබීය.

කොටි සංවිධානය පරාජය කිරීම සඳහා ඔහු දැක්‌වූ සහයක්‌ නැත. ඔහු යුරෝපා අධිකරණය හමුවේ විභාගයට ගැනුනු මේ කොටි නඩුව ගැන රජයට දැනුම් දී නැතැයි තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එසේම නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ කොටි නඩුව ගැන පුරා අධ්‍යයනයක්‌ කර නැත.

නෙදර්ලන්ත කොටි ක්‍රියාකාරීහු යුරෝපා සංගමයට එරෙහිව මෙම නඩුව පැවරීමට පෙර යුරෝපා කොටි ජාලයට අදාලව ගිගාබයිට්‌ 6000 ක තොරතුරු සොයා ගැනීමට අපරාධ විමර්ශන නිලධාරීන්ට හැකිවිය. වික්‌ටර්කොනික්‌ නැමැති මෙහෙයුම යටතේ යුරෝපා කොටි ජාලයේ තොරතුරු ඒකරාශිකල නෙදර්ලන්ත පොලිසියට කොටින්ට එරෙහි සාක්‍ෂිකරුවන් 70 ක්‌ද සොයාගෙන තිබිණි.

ගිගාබයිට්‌ 6000 ක පරිගණක තොරතුරු විමර්ශනයට ලක්‌කල පොලිස්‌ විමර්ශකයන් යුරෝපා කොටි ජාලයේ නායක රාමචන්ද්‍රන් සහ ඇමරිකාවේ සිටින ටී. ප්‍රතිපන් එක්‌ව අවි ආයුධ මිලයට ගත්බව තහවුරු කර ගත්හ.

කොටින්ට අවිආයුධ සැපයීමේ ජාලයේ 13 ක්‌ ශ්‍රී ලංකාවේ සිටින බවත් ඔවුන් ශ්‍රී ලංකා රජයේ අත්අඩංගුවේ පසුවන බවත් වැඩිදුරටත් හෙලිවිය.

යුරෝපා කොටි ජාලයේ පරිගණක තොරතුරුවලින් අනාවරණය වූ තවත් කොටි ක්‍රියාකාරියකු වූයේ නෝර්වේහි කොටි නායක තෙදියවන්ය. මේ නිසා නෙදර්ලන්ත පොලිස්‌ කණ්‌ඩායම කොටි ක්‍රියාකාරින්ගේ නීතිවේදීන් සමඟ නෝර්වේ වෙත ගොස්‌ නෙදියවන්ගෙන්ද ප්‍රශ්න කර තිබේ.

නෙදර්ලන්ත පොලිසිය සොයාගත් වැදගත් කරුණු අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිදුකල ප්‍රහාරවලට අදාල තොරතුරුවිය.

මෙයට අමතරව ලිපිගොනු 120 කට අදාල කොටි ත්‍රස්‌ත ක්‍රියා තොරතුරු නෙදර්ලන්ත පොලිසියේ අපරාධ විමර්ශන බලධාරීන් සතුව තිබුණි. එසේම නෙදර්ලන්තයේ ද්‍රවිඩ පාසල් 21 ක්‌ කොටි සන්නද්ධ අරගලය හෙවත් ත්‍රස්‌තවාදයට සහය දක්‌වන බවද සොයාගෙන තිබූ බව හෙලිවිය.

මේ පසුබිම මැද නෙදර්ලන්ත පොලිසියේ විමර්ශන කණ්‌ඩායමේ ප්‍රධානි හර්ට්‌ වැන් ඩ්‍රන් එරට සිටින ද්‍රවිඩයන් වෙත ලිපියක්‌ යවමින් කොටින්ට අරමුදල් සපයන නාමාවලියේ ඔබලාගේ නම් තිබී සොයාගත් බව සිටියේය.

යුරෝපා කොටි ජලායට අරමුදල් සැපයූ ද්‍රවිඩයන්ට ඔහු අනතුරු ඇඟවීමක්‌ද කළේය. ඒ සමඟම නෙදර්ලන්තයේ සිට ක්‍රියාත්මකවූ කොටි වෙබ් අඩවි අන්තර්ජාලයෙන් අතුරුදන්විය. කොටින්ට එරෙහිව කට උත්තර දුන් ද්‍රවිඩයන් පොලිසිය වෙත ගොස්‌ තමන් දුන් කටඋත්තර ඉවත්කරගත් බවද වාර්තා විය.

නෙදර්ලන්තයේදී අසුවූ යුරෝපා කොටි නායකයා වූ රාමචන්ද්‍රන්ගේ පරිගණක උපාංගයේ යුරෝමිලියන 136 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 20200 ක අතිවිශාල මුදල් සම්බාරයක්‌ තිබූ බව හෙලිවිය.

ඔහුගේ පරිගණක උපාංගයේ රහස්‌ සංකේතය බිඳදැමූ නෙදර්ලන්ත පියොද් ආයතනය එකී අතිවිශාල මුදල් සම්බාරය ගැන තොරතුරු සොයාගනු ලැබීය. එහි තවදුරටත් සටහන් වී තිබුණේ එක්‌ ද්‍රවිඩයකුගෙන් මසකට යුරෝ 2000 බැගින් කප්පම් ගැනීමට ක්‍රියාකර ඇති බවයි.

මෙලෙස කප්පම් ගැනීම බාරව සිටියේ ආර්. ශ්‍රීරම්නම් නැමැත්තායි. නෙදර්ලන්ත කොටි ජලායට කප්පම් දුන් අයට ලබාදුන් විශේෂ අංකද එම පරිගණක උපාංගයේ සඳහන් වී තිබුණි. මෙම අංක රැගෙන ශ්‍රී ලංකාවට සහ ද්‍රවිඩයන්ට වන්නියට ඇතුළුවීමට ඉඩලැබෙන බවද එහි දන්වා තිබුණි.

නෙදර්ලන්ත අයිවද් නමින් හඳුන්වන බුද්ධි සේවාවේ සහය මත 2009 සිට නෙදර්ලන්ත කොටි ගැන සිදුකල විමර්ශනයේදී අසුවූ ගිගාබයිට්‌ 6000 ක තොරතුරු හා රහස්‌ ලිපිගොනු 170 ක සඳහන් කරුනු යුරෝපා අධිකරණය වෙත යොමු නොවුයේ මන්ද යන්න බරපතල ප්‍රශ්නයකි.

එහෙත් යුරෝපා අධිකරණය කොටි තහනම ඉවත් කිරීමෙන් පසු යුරෝපා සංගමය උතුරු නැගෙනහිර මහ ඇමැතිවරුන්ට යුරෝපයට පැමිණ සාකච්ඡා කිරීම සඳහා ඇරයුම් කිරීමට තීරණය කර ඇතිබව ආරංචි මාර්ග හෙලිකළේය.

කොටි තහනම ඉවත් කිරීම තුලින් දියත්වූ යුරෝපා කුමන්ත්‍රණයේ ඉන් සනාථ ගොඩන්නේද?

මේ අතර ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා හිටපු ජනාධිපතිනියටත් නොපෙන්වා ප්‍රභාකරන් සමඟ ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කල විපක්‍ෂය යුරෝපා අධිකරණය කොටි තහනම ඉවත් කිරීම ගැන කිඹුල් කඳුළු හෙලමින් අපි බලයට පැමිණියහොත් තහනම යලි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පවසා ඇත.

එහෙත් 2002 සැප්තැම්බර් 4 දා මැදියම් රැයේ කොටි තහනම ඉවත් කළේද විපක්‍ෂයයි. ත්‍රස්‌ත මර්දන පණත අත්හිටුවනු ලැබුවේද විපක්‍ෂයයි. කොටින්ට කටුනායක සිට කිලිනොච්චිය දක්‌වා අබිරහස්‌ පෙට්‌ටි 25 ක්‌ ගෙනයැමට ඉඩදුන්නේද එකී වසන්වීමයි.

තමිල් සෙල්වන් ඇතුළු කොටි කණ්‌ඩායම බර්ලින් සිට ගෙන ආ අබිරහස්‌ පෙට්‌ටි විසිපහ ගුවන් හමුදා ප්‍රවාහන හෙලිකොප්ටරයකින් කිලිනොච්චියට ගෙනයැමේ සිද්ධිය මාධ්‍යවල වාර්තා වීම නිසා එවකට සිය දේශපාලකයෙන් දැඩිලෙස තිබුණේය.

වහාම මගේ ගෙදරට ඇවිත් මාව හමුවෙනවා යෑයි ඔහු එදා හමුදා ප්‍රකාශකව සිටි බ්‍රිගේඩියර් සනත් කරුණාරත්නට නියෝග කළේය. දේශපාලකයාගේ නිවසට ගිය බ්‍රිගේඩියර්වරයාට යහපත් ප්‍රතිචාරයක්‌ ලැබුණේ නැත. අබිරහස්‌ පෙට්‌ටි යාපනයට ගෙනයැමේ පුවත බොරුවක්‌ කියලා දැක්‌වෙන මේ නිවේදනයට අත්සන් කරනවා යෑයි දේශපාලකයා ගුගුලේය.

එය මට කරන්න බැහැ යෑයි බ්‍රිගේඩියර්වරයා තරයේ කියා සිටියේය. එහි ප්‍රතිඵලය වූයේ පුවත සඳහන් පත්‍රය දේශපාලකයා විසින් බ්‍රිගේඩියර්වරයා සිටි මේසයට දමා ගැනීමයි.

මේ තත්ත්වය මත යුරෝපා සංගමය කොටි සංවිධානය තහනම් කලේ එවකට සිටි විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් කරුණු සනාථ කරමින් කළ ඉල්ලීම නිසාය. යුරෝපා අධිකරණය විසින් කොටි තහනම ඉවත් කිරීමට ගැන හඬනගා විපක්‍ෂයේ අතීතය මුළුමනින්ම අමතකර තිබේ.

ප්‍රභාකරන්ගේ උපන්දිනයට ඊශ්‍රායල් නිෂ්පාදිත ඩෙසර්ට්‌ ඊගල් පිස්‌තෝලයක්‌ පරිත්‍යාග කෙරුනේද විපක්‍ෂය ආණ්‌ඩු බලයේ සිටියදීයි.

එසේම ප්‍රභාකරන්ට අවි ආයුධ සැපයුනේ විපක්‍ෂය ආණ්‌ඩු කරන සමයේ බව අමතක නොවේ.

වසර 24 කට පෙර සිදුවූ මේ ක්‍රියාදාමය යුද හමුදාවේ ලුතිනන් වැදිගේ නිසා අනාවරණය විය. එදා ජනාධිපති ආර්. ප්‍රේමදාස සමයේ කොටින්ට ආයුධ සැපයුනේ ඉන්දීය සාම හමුදාවන්ට එරෙහිව මිස නියෝජ්‍ය කොටි නායක මහත්තයා හෙවත් මහෙන්ද්‍රරාජාට නොවේ.

අවිආයුධ පටවා ගත් හමුදා ට්‍රක්‌ රියක්‌ නෙදුන්කර්නි කැලෑවට ගියේ ලුතිනන් වැදිගේ සමගය. ඔහු ට්‍රක්‌ රියේ ආයුධ පෙට්‌ටියක තිබූ ආයුධයක්‌ රැගෙන සඟවා ඉතිරි ආයුධ කොටින්ට බාරදී ආපසු එන අවස්‌ථාවේ පැනගත්තේය.

ආයුධ බාරදී එන ලුතිනන්වරයා මරාදැමීමට හමුදාවේ පිරිසක්‌ මග සිටින බව ඔහුට අවබෝධවී තිබුණි. මෙරටින් පැනගත් ලුතිනන්වරයා යලි මතුවූයේ ඉන්දියාවෙනි. දිවි ගලවා ගැනීම සඳහා ඔහු ප්ලාස්‌ටික්‌ ශල්‍යකර්මයක්‌ද කර ගත්තේය.

1989 සහ 1990 අතර කොටින්ට අවිආයුධ සැපයීම සිදුවූ අතර ඉන්දීය රෝ ඔත්තු සේවාවට සම්බන්ධ යෑයි කියමින් මහත්තයා අත්අඩංගුවට ගැනුනේ 1992 වසරේයි.

මේ අතර ශ්‍රී ලංකාවේ වන්නියට පයනොතැබූ ඔස්‌ටේ්‍රලියානුවකුට ට්‍රෙවර් ග්‍රැන්ටි නැමැත්තා ශ්‍රී ලංකා රජය සමූල ඝාතන සිදුකල බව කියමින් ශ්‍රී ලංකා සීක්‍රටිස්‌ නමින් ග්‍රන්ථයක්‌ එළිදක්‌වා ඇත.

මේ ග්‍රන්ථයට තොරතුරු සපයා අත්තේ පසුගියදා සංචාරකයන් වේගයෙන් යාපනයට ගොස්‌ සිටියදී අසුවූ ඕස්‌ටේ්‍රලියානු ග්‍රීන් පක්‍ෂයේ උත්තර මන්ත්‍රිනි ලී රිකාකොන් නැමැත්තියයි.

මේ අතර ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළබවට සාක්‍ෂි ඉදිරිපත් කරන්නැයි දැක්‌වෙන එක්‌සත් ජාතීන්ගේ හිස්‌ පෝර්මවලට අත්සන් ගත් ක්‍රිෂ්ණරාජා සින්නතම්බි නැමැති හිටපු කොටි හිතවාදියා ත්‍රස්‌ත මර්දන බලධාරීන්ට අසුවිය.

මොහු කොටින්ගේ මක්‌කල් පඩයි සිවිල් සංවිධානයේ ක්‍රියාකාරියෙකි. වව්නියාවේ සන්මාස්‌ටර් නැමැති ද්‍රවිඩ සන්ධාන නියෝජිතයා විසින් මොහුට එම පෝර්ම බෙදීමට යොදවා තිබූ බව විමර්ශනවලදී හෙලිවිය.

ක්‍රිෂ්ණරාජා අත්අඩංගුවට ගැනීමනිසා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ද ද්‍රවිඩ ජනතා පෙරමුණේ කජෙන්ද්‍රන් හා බස්‌නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රි කුමර ගුරුබරන්ද කලබලයට පත්වී තිබේ.

අත්අඩංගුවට ගත් ක්‍රිෂ්ණරාජා මුදාහරින ලෙසද ඔවුන් රජයෙන් ඉල්ලා ඇත. ත්‍රස්‌ත මර්දන බලධාරීන් ක්‍රිෂ්ණරාජා පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලදී හෙලිවූයේ ඔහු ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයට සාවද්‍ය ප්‍රකාශ කිරීමට අමතරව වන්නියේ ද්‍රවිඩ වැසියන්ගෙන් හිස්‌ පෝර්ම රැසකට අත්සන් ගෙන තිබූ බවයි. ඔහු අත්අඩංගුවට ගනු ලැබූ අවස්‌ථාවේ අත්සන් හයක්‌ සහිත හිස්‌පෝර්ම තිබී සොයාගෙන තිබේ. ඉන් සනාථවන්නේ ද්‍රවිඩ සන්ධානය සහ ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය සාක්‍ෂි ජිනීවා වෙත යවන බවයි.

මේ පසුබිම මැද යුරෝපා අධිකරණය කොටි තහනම ඉවත් කිරීම ගැන බරපතල ඝාතනයන් මතුවන තොරතුරු පසුගිය බදාදා අනාවරණය විය. ඒ යුරෝපා සංගමයේ නීති මණ්‌ඩලයේ නිලධාරීන් කොසවෝ අපරාධ වසන් කිරීමට අල්ලස්‌ ගැනීමේ සිද්ධියකි.

Read Full Post »

අලිමංකඩ හමුදා කඳවුර ඇද වැටීම නිසා සතුටට පත්ව ප්‍රභාකරන්ට ඩොලර් මිලියනයක්‌ ප්‍රදානය කළේ මිස්‌ටර් “බී” නමැත්තායි. එහෙත් මිස්‌ටර් “බී” ගැන මෙරට බුද්ධි අංශවලට වාර්තා වූයේ නැත. ඔහු ගැන පමණක්‌ නොව කොටි ගැන සෙවීමද 2002 පෙබරවාරි 21 දා සිට තහනම් විය.

මේ මිස්‌ටර් ” බී” කවුද? 2002, 2003 අතර වික්‍රමසිංහ ආණ්‌ඩුව පැවැති සමයේ කොළඹ කොටස්‌ වෙළෙඳ පළේ අධ්‍යක්‍ෂවරයකු වූ සහ ඕඩිකොලොන් ඇතුළු සුවඳ විලවුන් නිපදවන සමාගම් හිමිකරුවකු විසින් ඇමරිකාවේ කෝටිපති ද්‍රවිඩ ව්‍යාපාරිකයකුව මෙරටට පැමිණ ආයෝජන කරන ලෙස ඉල්ලා තිබේ.

මොහු රාඡ් රාජරත්නම් නමැත්තායි. රාජරත්නම් මෙරට ප්‍රධාන පෙළේ සමාගමක රුපියල් බිලියන අටක කොටස්‌ මිලයට ගත්තේය. ඉන්පසු පුද්ගලික බැංකු තුනක රුපියල් බිලියන 4.5 ක කොටස්‌ මිලයට ගනු ලැබීය. එසේම බේරුවල හෝටලයක හා තවත් ප්‍රධාන පෙළේ සමාගම් කීපයක කොටස්‌ද මොහු එකවරම මිලයට ගෙන තිබිණි. එහෙත් මේ ඇමරිකානු පුරවැසියා මෙරට ආර්ථිකයට දායක වන ප්‍රධාන සමාගම්වල කොටස්‌ මිලයට ගැනීමේ අභිරහස සෙවීමට කිසිවකුටත් ඕනෑ වුණේ නැත.

ඒ වෙනුවට අපේ ආර්ථිකය නැංවීමට ඇමරිකාවේ සිට පැමිණි ” දෙවියා” යන නමින් රාඡ්රාජරත්නම්ට හඳුන්වනු ලැබීය. මේ දේවියා යනු අභිරහස්‌ යක්‍ෂයකු බව ශ්‍රී ලංකාවේ ජනතාවට හෙළි වූයේ නැත.

සුනාමි විපතින් අනාථ බූස්‌සේ ජන සමූහයකට ඔහු නිවාස සංකීර්ණයක්‌ද ඉදිකර දුන්නේය. නිවාසලාභීහු රාජරත්නම්ට ප්‍රසාදයද පළ කළහ.

එදා පැවැති රජයේ ඉහළ තැන්වල සිටි පිරිස්‌ සමග දැඩි සබඳකම් පැවැත් වූ රාඡ් රාජරත්නම් 2004 දී ශ්‍රී ලංකාවට පැමිණියේය.

2009 මැයි මස කොටි සංවිධානය පරාජය වීමත් සමගම එවකට අධිකරණ ඇමැති වූ මිලින්ද මොරගොඩගේ ළමා සෙබළුන් පුනරුත්ථාපනය කිරීමේ වැඩ සටහන සඳහා ඔහු ඩොලර් මිලියනයක්‌ද පරිත්‍යාග කළේය.

සටන් විරාම ගිවිසුමේ ක්‍රියාකාරියකු ලෙස මිලින්ද මොරගොඩ කටයුතු කර තිබුණි.

එහෙත් 2009 ඔක්‌තෝම්බර් 16 දා රාඡ්රාජරත්නම්ගේ වෙස්‌ මුහුණ ගැලවී බිම ඇද වැටිණි.

ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය රාඡ්රාජරත්නම් ටී. ආර්. ඕ. නමැති කොටි අරමුදල් එකතු කරන ආයතනය හරහා ප්‍රභාකරන්ට අරමුදල් සපයා ඇති අයුරු සොයාගෙන තිබිණි.

මේ අරමුදල් සපයනු ලැබුවේ මිස්‌ටර් ” බී” නැමැත්තායි. මිස්‌ටර් “බී” යනු වෙනින් කවුරුත් නොව රාඡ් රාජරත්නම් යෑයි එෆ්. බී. අයි. පොලිසිය සොයා ගනු ලැබීය.

මිස්‌ටර් බී. හෙවත් රාඡ් රාජරත්නම් සුනාමි නිවාස ඉදිකිරීමට යෑයි දක්‌වමින් ප්‍රධාන පෙළේ සමාගම් දෙකකට ඩොලර් ලක්‍ෂ පහක්‌ද සුනේත්‍රා බණ්‌ඩාරනායකගේ සුනෙර පදනමටද අරමුදල් සැපයීමට ක්‍රියා කළේය.

එසේම අම්පාරේ මුස්‌ලිම් ජනතාව වෙනුවෙන් නිවාස සංකීර්ණයක්‌ ඉදිකිරීමටද ඔහු කටයුතු කර ඇත. එසේ වුවත් මේ අභිරහස්‌ දානපතියා ගැන මෙරට බුද්ධි සේවා විමර්ශනය නොකළේ ඔහු දේශපාලන ලෙස බලවත්ව සිටි තැනැත්තකු නිසාය.

මේ පසුබිම මැද ඇමරිකාවේ ගැලියන් පන්ඩ් නමැති අරමුදලේ ප්‍රධානියා වූ රාඡ් රාජරත්නම් මෙරට ප්‍රධාන පෙළේ බැංකු තුනක සහ සමාගම් රැසක කොටස්‌ මිලයට ගත්තේ ඇයි?

අලිමංකඩ දැවැන්ත හමුදා කඳවුර ඇද වැටීමෙන් පසු ප්‍රභාකරන් ඊලම් රාජ්‍යය ස්‌ථාපිත කරනු ඇතැයි හෙතෙම තරයේ විශ්වාස කළේය.

ඒ අනුව කොළඹ ව්‍යාපාරික ක්‍ෂේත්‍රය, කොටස්‌ වෙළෙඳපළ ඇතුළු ආර්ථිකය තමා යටතට ගැනීම ඔහුගේ ඉලක්‌කය විය.

එසේම රුපියල් ලක්‍ෂ 3900 කට සමාන ඩොලර් 30,00000 ක මුදලක්‌ රාජරත්නම් විසින් විපක්‍ෂ මන්ත්‍රීවරයකු වූ රවි කරුණානායකගේ ගිණුමට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අතිරේක විදේශ විනිමය පාලකවරයාද අනාවරණය කරනු ලැබීය. මේ මුදල් එවා ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය පාලකවරයා විසින් කොටස්‌ වෙළෙඳපළ හා කොටස්‌ ආයෝජනය පිළිබඳව නිකුත් කර ඇති ගැසට්‌ නිවේදනයේ නීතිරීතිවලට පටහැනිව යෑයිද ඔහු කියා සිටියේය.

මේ අතර ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය රාඡ් රාජරත්නම් ඩොලර් මිලියන පහක්‌ 2000 සිට 2007 දක්‌වා කාලය තුළ කොටින්ට සපයා ඇති බවට තොරතුරු සොයා ගෙන තිබිණි.

මෙලෙස රාජරත්නම්ගේ කොටි සබඳතා හෙළිවීම නිසා කොටි බෝම්බවලින් විපතට පත්වූවන්ගේ ඥාතීහු 25 ක්‌ රාජරත්නම් සහ ඔහුගේ පියා වූ ඡේම්ස්‌ රාජරත්නම්ට එරෙහිව ඇමරිකානු නිව්ජර්සි අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

කොටුව දුම්රියපළ – නුගේගොඩ නෝලිමිට්‌, ගල්කිස්‌ස සහ පිළියන්දල බස්‌ බෝම්බ පිපිරීම, වැලිවේරිය බෝම්බ පිපිරීම යන ත්‍රස්‌ත ක්‍රියාවලින් මියගිය පාසල් සිසුන් ඇතුළු සිවිල් වැසියන් වෙනුවෙන් ඩොලර් මිලියන 75 බැගින් වන්දි ඉල්ලා එකී නඩුව පැවරීමට ක්‍රියා කෙරිණි.

මේ නිසා රාජරත්නම් කලබලයට පත් විය. ඔහු මෙරට නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකු ලවා එකී නඩුවට ප්‍රතිචාර දැක්‌වීමට ක්‍රියා කළේය. එසේම ත්‍රස්‌ත විමර්ශකයකු යෑයි හඳුන්වා ගන්නා තැනැත්තාද එම නඩුවේ සාක්‌කි ලිපිගොනුව ලබාගැනීමට ගත් උත්සාහය හිටපු ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ලයනල් මුණසිංහ ව්‍යර්ථ කළේය. රාඡ් රාජරත්නම්ට ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ ඔහුගේ මෙරට වත්කම රුපියල් බිලියන කෝටි පනහක්‌ යෑයි අනාවරණය විය. එහෙත් ඒ වත්කම් තහනම් වූයේ නැත.

දෙබිඩි චරිතයන් මවමින් රාඡ් රාජරත්නම් හෙවත් මිස්‌ටර් “බී” මෙරට දේශපාලනයටද මැදිහත් වී ඇතැයි දැන් සනාථ වී ඇත.

කොටස්‌ වෙළෙඳ පළේ සිදුකළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් වසර 11 ක සිරදඬුවමක්‌ විඳින රාඡ් රාජරත්නම් එසේ මෙසේ තක්‌කඩියකු නොවේ. ඔහු මෙරට දේශපාලනයද වෙනස්‌ කිරීමට උත්සාහ කළේය.

ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය රාඡ් රාජරත්නම් ගැන තොරතුරු සොයා නොගත්තේ නම් ඔහු තවදුරටත් මෙරට ආණ්‌ඩු වෙනස්‌ කිරීමටද මැදිහත් වනු නියතය. එහෙත් දිට්‌ට ධම්ම වේදනීය කර්මය ඔහුට පලිසන් දී ඇත.

ලබන ජනවාරි මස රාඡ් රාජරත්නම් සහ ඡේම්ස්‌ රාජරත්නම් පිය පුතු දෙදෙනාට එරෙහිව ඇමරිකානු අධිකරණය හමුවේ ශ්‍රී ලාංකිකයන් පැවරූ නඩුව විභාගයට ගැනීමට නියමිතය.

රාජරත්නම් ඇමරිකාවේ සිරදඬුවම් විඳින අවස්‌ථාවේ ඔහුගෙන් ඩොලර් මිලියන පහක අරමුදල් ලබාගත් ටී. ආර්. ඕ. නමැති කොටින්ට සම්බන්ධ සංවිධානයේ නායකයා රෙජි මෙරටින් පැනගොස්‌ බ්‍රිතාන්‍යයේ සැඟවී සිවී. එහෙත් වසර 12 කට පෙර සිදු වූ මේ අතීතය වසන් කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරති.

Read Full Post »

* එරික්‌ සෝල්හයිම් යළි මතුවෙයි

* නෝර්වේ සාම තානාපති හැන්සන් බවර්ගේ රාත්‍රි භෝජන සංග්‍රහයේදී සාම සාකච්ඡා යළි අරඹන්නයි කියා සිටී පාර්ශ්වයක්‌a හමුදා නිලධාරීන්ට මාධ්‍ය උගන්වයි

* කැනඩා කොටි ඩයස්‌පෝරාව පළාත් සභා ක්‍රමය ප්‍රතික්‍ෂේප කරති.

* ඊළම එනවා යෑයි දක්‌වමින් යාපනයේ හින්දු කෝවිල අසළ පෝස්‌ටර් ඇලවූ තැනැත්තෙකු අසුවේ.

* ද්‍රවිඩ සංධාන මැයි දින රැලියේ තේමාව ස්‌වයංපාලනය හෙවත් ඊළම් රාජ්‍ය ලබා ගැනීමයි.

* පාත් පයින්ඩර් මෙරට කටයුතුවලට මැදිහත්වෙයි.

* නෙදියවන් අල්ලා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිස්‌ වරෙන්තුව ගැන නෝර්වේ රජයේ අවධානය

සිංහල අවුරුද්ද උදාවීමට පස්‌දිනක්‌ තිබියදී ද්‍රවිඩ සංධානයේ නායක ආර්. සම්පන්දන්, එච්. ඒ. සුමන්තිරන් සෙල්වම් අඩෙයිතලානන්දන් හා සුරේශ් ප්‍රේමචන්ද්‍රන් දකුණු අප්‍රිකාවට ගොස්‌ ශ්‍රී ලංකාව සම්බන්ධ විශේෂ තානාපති සිරිල් රම්පෝසා, දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර සබඳතා අංශයේ අමාත්‍ය මෙයිවේ මශාබානේ සහ නියෝජ්‍ය අමාත්‍ය ඊබ්‍රාහිම් ඊබ්‍රාහිම් හමුවී රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීය. එහෙත් මෙරට ජනතාව මේ සාකච්ඡාව පසුබිමේ සිදුවන ක්‍රියාවලිය දැන සිටියේ නැත.

එහිදී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් ශ්‍රී ලංකා රජයට චෝදනා නගමින් උතුරු ප්‍රදේශය හමුදාකරණයට ලක්‌වී ඇති බවත් සිංහල ජනවාස ඇති කරන බවත් දේශපාලන සිරකරුවන් මුදාහැර නැති බවත් (කොටි ත්‍රස්‌තයන්) කියා සිටියේය.

ශ්‍රී ලංකා රජය සමග සංවාදයක යෙදීමට නම් යහපත් වාතාවරණයක්‌ ඇති විය යුතු බවත් හෙතෙම තවදුරටත් පළ කළේය. අනතුරුව සෙල්වම් අඩෙයිකලානන්දන් නමැත්තා දකුණු අප්‍රිකානු බලධාරීන් හමුවේ කරුණු දක්‌වමින් ආරක්‍ෂක හමුදා උතුරේ සෝදිසි කිරීම් සිදු කරන අතර වන්නියේදී අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවත් සඳහන් කළේය. ද්‍රවිඩ සංධානයේ දකුණු අප්‍රිකානු සංචාරයට කොටි ඩයස්‌පෝරා සංවිධාන හයක්‌ සහභාගි වීමට නියමිත වුවත් අවසාන මොහොතේ අවලංගු කර ඇත.

මේ පසුබිම මැද දකණු අප්‍රිකානු විපක්‍ෂ තානාපති සිරිල් රම්පෝසා ලබන මැයි මස අගදී ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එහිදී ඔහු උතුරු නැගෙනහිර ජනතාව හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය. රම්පෝසා මෙරටට එන්නේ ද්‍රවිඩ සංධානය හා රජය අතර සාකච්ඡා සඳහා මැදිහත්කරුවකු ලෙසිනි.

මෙලෙස ද්‍රවිඩ සංධානය හා දකුණු අප්‍රිකානු බලධාරීන් අතර පැවැති සාකච්ඡා ගැන රජය දැඩි නිහඬතාවය පළ කරනු ලැබීය. එහෙත් සිරිල් රම්පෝසා මෙරටට එන්නේ එරික්‌ සෝල්හයිම් නමැති නෝවීජියානුවා රඟදැක්‌වූ සාම මැදිහත්කරු ක්‍රියාදාමය සමග මෙහෙයුමක්‌ දියත් කිරීමට බව සනාථ වී ඇත. ද්‍රවිඩ සංධාන කණ්‌ඩායම අප්‍රේල් 11 වැනිදා රම්පෝසා සමග පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවට මුල් වූ කරුණු මෙතෙක්‌ වසන් වී තිබේ.

එහෙත් ශ්‍රී ලංකා රජය සහ ද්‍රවිඩ සංධානය අතර සංවාදයක්‌ ඇති කිරීම සඳහා ට්‍රාන්ස්‌පෝමේෂන් ඉනිෂියේටිව් (IT) නමැති කණ්‌ඩායම මුල්වී ඇත.

මෙම කණ්‌ඩායමට රොල්ප් මේජර්, අප්‍රිකානු කොන්ග්‍රසයේ බාහාබ්, ඊබ්‍රාහිම් ඊබ්‍රාහිම් සහ අයිවර් ජෙන්කිsන් නමැත්තෙකු අයත් වේ.

අයිවර් ජෙන්කින් මේ සම්බන්ධව පවසන්නේ ජනාධිපති සුමාගේ ඇරයුම වන ද්‍රවිඩ සංධාන කණ්‌ඩායම පැමිණි බවත් ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට විසඳුමක්‌ ලෙස ද්‍රවිඩ සංධානය යෝජනා ඉදිරිපත් කරන අතර ඒ සඳහා සහය වන්නේ කෙසේද යන්න ගැන සමාලෝචනයට භාජනය කිරීමට දකුණු අප්‍රිකාව ක්‍රියා කරන බවයි.

එසේ වුවත් ද්‍රවිඩ සංධානයේ දකුණු අප්‍රිකානු සංචාරය ගැන උතුරේ රාජ්‍යනොවන සංවිධාන ක්‍රියාකාරීන් නොසතුටට පත්වී ඇත. ද්‍රවිඩ සංධාන පළාත් සභා මන්ත්‍රිsනී ආනන්දි සසිකරන් හා සිවාජිලිංගම්ද එකී සංචාරයට එරෙහිවී තිබේ.

යාපනයේ සිවිල් සංවිධාන ක්‍රියාකාරියකු යෑයි හඳුන්වා ගන්නා කුමාර වඩිවේල් ගුරුපරන්a නමැත්තා උතුරේ සෝදිසි මෙහෙයුම් දියත් වන බවට චෝදනා නඟා ඇත.

පසුගියදා ජිනීවා නුවර පැවැති මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා විරෝධී ක්‍රියාමාර්ගයක්‌ අනුගමනය කළේද මොහුයි. මේ පසුබිම මැද පස්‌ වසරකට පසු හිටපු නෝර්වේ මැදිහත්කරු එරික්‌ සෝල්හයිම් ප්‍රකාශයක්‌ කරමින් හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිර්ගාමර් සහ ද්‍රවිඩ සංධාන මන්ත්‍රි නීලන් තිරුචෙල්වම් මැරුවේ කොටි සංවිධානය යෑයි අනාවරණය කර ඇත.

එහෙත් එකී ඝාතන සිදුවූ සමයේ සෝල්හයිම් දැඩි ලෙස නිහඬව සිටියේය. එසේම තවත් දෙදෙනකු ඝාතනය කළේ රජය බවට චෝදනා කරන ශ්‍රී ලංකාව කොටින්ට පාවාදීම සඳහා එදා ක්‍රියා කල අයුරු වසන්කරලීම සඳහා ග්‍රන්ථයක්‌ එළිදැක්‌වීමටද ක්‍රියා කර ඇත.

මේ අතර පසුගිය 22 දා රජයේ ප්‍රවෘත්ති ආයතනයේදී හමුදා ලාන්ස්‌කෝප්‍රල්වරු සඳහා මාධ්‍ය පාඨමාලාවක්‌ ආරම්භ විය. එහිදී හමුදා නිලධාරීන් ඇමතීම සඳහා ඇරයුම් කර තිබූවන් අතර වසර කීපයකට පෙර නෝර්වේ ගොස්‌ සාම තානාපති තැන්පත් බවර්ගේ රාත්‍රි භෝජන සංග්‍රහයට සහභාගි වී සාම ක්‍රියාදාමය යළි අරඹන ලෙස ඉල්ලා සිටි තැනැත්තකු ද විය. නෝර්වීජියානු නෝරාඩ් සංවිධානයේ අරමුදල් ලබන එන්. ජී. ඕ. කම්පැණියක ක්‍රියාකාරියකු වූ මොහුගෙන් හමුදා නිලධාරීන්ට ලබාගත හැකි මාධ්‍ය උපදෙස්‌ කුමක්‌ද?

හමුදා නිලධාරීන්ට මාධ්‍ය ක්‍ෂේත්‍රය ගැන දැනීමක්‌ ලබාදීමට හමුදාපතිවරයා ක්‍රියාකිරීම වැදගත් පියවරක්‌ වුවත් එදා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ට සහය වූ පාර්ශ්වයන් ද හමුදා නිලධාරීන්ට උපදෙස්‌ දීමට ඉදිරිපත් වීම විහිළුවක්‌ නොවේද?

එදා කොටි ත්‍රස්‌තයන්ට සටන්කාමීන් හා මිනීමරු ප්‍රභාකරන්ට ප්‍රභාකරන් මහත්මයා යෑයි පැවසූ පාර්ශ්ව දැන් වෙස්‌ මුහුණු දමා ගනිමින් මාධ්‍ය හා හමුදා කරලිය වෙත යොමුවී ඇත. ප්‍රභාකරන් විනාශ කළ යුතු යෑයි ප්‍රභාකරන් ජීවත්aව සිටියදී පැවසුවේ දිවයින හා දිවයින ඉරිදා සංග්‍රහය පමණකි. හමුදාවට ළංව සිටි මාධ්‍ය පාර්ශ්වයන් නිසා සමස්‌ත හමුදාවටම යුද අපරාධකරු ලේබලය හංවඩු ගැසී ඇත. එම මාධ්‍ය පාර්ශ්වය පවුලේ අය සමග ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා තිබේ. මේ සිදුවීම් වසන් කළ යුතුද?

සතුරන් හඳුනා ගත යුතු යෑයි කීවේ ඊශ්‍රායලයේ මොෂේ දයාන් සෙනෙවියායි. මේ අතර පසුගිය ඉරිදා කැනඩාවේ ටොරොන්ටෝ නුවර නගර සභා ශාලාවේ කොටි හිතවාදී සංවිධාන 80 ක ක්‍රියාකාරීහු සමුළුවක්‌ පවත්වා ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා රැසක්‌ සම්මත කරගත් බව හෙළි විය.

කැනඩාවේ පුරවැසියන් වූ මේ කොටි ක්‍රියාකාරීහු උතුරු නැගෙනහිර අන්තර් පාලනයක්‌ ආරම්භ කළ යුතු බවත් උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කළ යුතු බව ද පවසමින් 2002 දී ශ්‍රී ලංකා රජය හා කොටි සංවිධානය අත්සන් කළ සටන් විරාම ගිවිසුමෙන් ඊළාම් රාජ්‍යය සහ එකී රාජ්‍යයේ ස්‌වෛරීභාවය පිළිගත් බවද කියා සිටී.

එසේම ඊළම් ද්‍රවිඩයන්ගේ දේශපාලන අරමුණට විසඳුම පළාත් සභා ක්‍රමය නොවන බවත් ද්‍රවිඩ රාජ්‍යයට ද්‍රවිඩ ඩයස්‌පෝරාව සහ තමිල්නාඩුවේ ද්‍රවිඩ අනාථයන් ද අයත් බවද කැනඩා කොටි ක්‍රියාකාරීහු තවදුරටත් සඳහන් කර ඇත. මේ තත්ත්වය මැද 2009 අප්‍රේල් මස සිට මෙරට රැඳී සිටි බී. බී. සී. වාර්තාකරු චාල්ස්‌ හැවිලන්ඩ් නැමැත්තාට තවත් වසරක්‌ සඳහා වීසා බලපත් ලබාදීම රජය ප්‍රතික්‍ෂේප කිරීම ගැන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු හා ඇතැම් විදේශ වාර්තාකරුවන්ගේ කම්පනයට හේතු වී ඇත.

අද ශ්‍රී ලංකාවෙ එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා ලොව පුරා ප්‍රචාරය කරන්නේ මෙරට හිටපු බී. බී. සී. වාර්තාකාරියකු වූ ප්‍රාන්සස්‌ හැරිසන්ය.

14,8000 ක්‌ ද්‍රවිඩයන් ඝාතනය වූ බවට සාවද්‍ය චෝදනා නැඟුවේ ඇයයි. වන්නි මෙහෙයුම සමයේ ඇය මෙරට සිටියේ නැත.

එවැනි විටෙක චාල්ස්‌ හැවිලන්ඩ් යුද්ධය පැවැති සමයේ උතුරට සාමයද උත්සාහ කළේය.

ඔහු සැපයූ වාර්තා විමර්ශනය කරන විට සේවය කළේ කවුරුන් වෙනුවෙන්දැයි සනාථ විය. හැවිලන්ඩ් ද ප්‍රැන්සිස්‌ හැරිසන් මෙන් ශ්‍රී ලංකාවට එරෙහිව සාවධ්‍ය යුද අපරාධ චෝදනා නගන දිනය එතරම් ඈත නැත.

මේ පසුබිම මැද 2012 සිට නෝර්වේ රාජ්‍ය උතුරු නැගෙනහිර දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන සඳහා ඩොලර් මිලියන පහකට අධික මුදලක්‌ සපයා තිබේ.

2009 සිට 2012 දක්‌වා කාලය තුළ නෝර්වේ රාජ්‍යය ඩොලර් මිලියන 116 ක්‌ මුදලක්‌ මෙරටට සපයා ඇති අතර කොටි ක්‍රියාකාරීහු පුනරුත්ථාපනය කිරීමද මීට අයත් වී ඇත.

එසේම මානව හිමිකම් සම්බන්ධව උතුරු නැගෙනහිර රාජ්‍ය නොවන සංවිධානවලටද නෝර්වේ රජය ආධාර කර තිබේ.

මෙයට අමතරව ඇමරිකාවේ තෙඩ් හෙවත් නැෂනල් එන්ඩවුමන්ට්‌ පෝ ඩිමෝක්‍රසී නමැති සංවිධානය ශ්‍රී ලංකාවේ රයිට්‌ස්‌ නව් නම් වූ රාජ්‍ය නොවන සංවිධානයට ඩොලර් 31000 ක මුදලක්‌ ලබාදී තිබේ. විශ්වවිද්‍යාල සීමාවාසිsක කණ්‌ඩායම් යෑයි දක්‌වමින් විවිධ තොරතුරු ප්‍රකාශ කරන රයිට්‌ස්‌ නව් සංවිධානයට ඩොලර් ලැබුණේ විශ්වවිද්‍යාල සිසුන්ගේ කුසලතා නැංවීමටද?

මේ අතර මානව හිමිකම් ගැන හඬනගන ස්‌විට්‌සර්ලන්තයේ කොටි ක්‍රියාකාරීහු 12 ක්‌ ප්‍රභාකරන්ට අවි ආයුධ සැපයීම සඳහා ස්‌විස්‌ ප්‍රධාන බැංකු 2 කින් ඩොලර් 104000 ක්‌ දක්‌වා ණය මුදල් ලබාගෙන ඇතැයි ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය සොයාගෙන ඇත.

එකී කොටි ක්‍රියාකාරීහු බැංකුවලට ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාජ වැටුප් ලේඛන යෑයි විමර්ශනවලදී හෙළි වී තිබේ.

නෙදර්ලන්තයේ සිටින කොටි ක්‍රියාකාරීන් පිරිසක්‌ ද කොටි සංවිධානයට අවි සපයා ඇතැයි අනාවරණය වී ඇත. මෙවන් පසුබිමක්‌ මැද නෝර්වේ සටන්විරාම ගිවිසුමට දායක වූ මිලින්ද මොරගොඩ මෙහෙයවන පාත් පයින්ඩර් නමැති රාජ්‍ය නොවන සංවිධානය මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී තිබේ. පාත් පයින්ඩර් සංවිධානය මෙවර මැදිහත් වී ඇත්තේ ඉන්දු ලංකා සබඳතාවය නංවාලීමේ අරමුණෙන් යෑයි හෙළි වී ඇත.

මේ අතර උතුරේ කොටි ත්‍රස්‌තවාදය යලි නගාසිටුවීමේ රෙඩ් ෆයර් (Red fire) මෙහෙයුම ස්‌විට්‌සර්ලන්තයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස්‌වී තිබුණි. එකී ප්‍රධානියා සන්තෝෂම් මාස්‌ටර් හෙවත් යාදවන්ය. ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන සමයේ ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ ශ්‍රී ලංකාවට එරෙහි විරෝධතාවලට අරමුදල් වැය කරන්නේ ඔහුයි. සන්තෝෂම් මාස්‌ටර්ගේ ස්‌විස්‌ජාලය සූරිච්, බර්න් මවුද්, ලුසර්න්, තුරාගාව්, සැන්ට්‌ ගැලන්, බාසල් චූර්, සෝල්තර්න්, ආර්ගාවුq, සොප්හොසන් , ග්ලාරුස්‌, ටිසිනෝ, ෂුවයිස්‌, සුග්a, නියුචාතල් ප්‍රිබර්ක්‌ මැලයිස්‌a, ජුරා සහ ජිනීවා නගරවල සිටින කොටි ක්‍රියාකාරීන් සම්බන්ධ වී ඇති අතර ඊට ජංගම දුරකථන 42 ක්‌ ඒකාබද්ධව තිබේ.

යාදවන් පරමනාදන් නමින් හඳුන්වන සන්තෝෂම් මාස්‌ටර් වන්නි මෙහෙයුමේදී හමුදාවට බාරවූ අතර 2010 වනතෙක්‌ පුනරුත්ථාපනය වූ බවට වාර්තා විය. පසුව ස්‌විට්‌සර්ලන්තයට ගිය ඔහුට දේශපාලන රැකවරණ ලැබී ඇත.

මෙහිදී නැගෙන බරපතල ප්‍රශ්නය කියපු ප්‍රධාන කොටි ක්‍රියාකාරීන්ට මෙරටින් විදේශ ගතවීමට ඉඩ ලැබීමයි. මේ පසුබිම මැද ද්‍රවිඩ සංධානයේ ඉලක්‌කය තවදුරටත් සනාථ විය.

ද්‍රවිඩ සංධාන මන්ත්‍රී මාවයි සේනාධිරාජා යාපනයේදී ප්‍රකාශයක්‌ කරමින් චාවාකච්ෙච්රියේදී පවත්වන මැයි දිනයේ තේමාව ස්‌වයංපාලන යෑයි කියා සිටියේය.

එහි අරමුණ ඊළම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීමයි.

බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ සිටි තවත් කොටි ත්‍රස්‌තයකු වන ජෙයබාලන් රමේශ් නමැත්තා පැනගියේද මේ සතියේයි. ඊට පෙර තවත් කොටි ත්‍රස්‌තයෙක්‌ ගාල්ලේදී පැන ගියේය.

මේ අතර මෙරට ත්‍රස්‌තවාදය යළි නගාසිටුවීම සඳහා රෙඩ් µයර් සැලසුම් දියත්කිරීමට අදාළ කොටි කණ්‌ඩායමේ නෝර්වේ ක්‍රියාකාරිකයකු වූ නෙදියවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රකාශයට පත් කළ ඉන්ටර්පෝල් වරෙන්තුව ගැන නෝර්වේ රජයේ අවදානය යොමු විය.

නෙදර්ලන්ත පොලිසිය දියත් කර තිබූ ඔපරේෂන් කොනික්‌ මෙහෙයුමින් නෙදර්ලන්තයේ සිට විශාල මුදලක්‌ නෙදියවන් හරහා ශ්‍රී ලංකාවේ කොටින්ට යවා තිබූ බව හෙළි වී තිබිණි.

නෙදියවන් සම්බන්ධව ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කරන බව නෝර්වේ රාජ්‍ය ලේකම් මෝරන් හොග්ලන්ඩ් ප්‍රකාශ කර ඇත.

Read Full Post »

Older Posts »