Feeds:
Posts
Comments

Posts Tagged ‘දිවයින’

ඉතිහාසයේ කිසිදාක සිදු නොවූ තරම් මේ මොහොතේ ශ්‍රී ලාංකික සිංහල ජනසමාජයත්, රටත් බරපතල ලෙස අර්බුදයකට මුහුණපාමින් සිටින බව නොරහසකි. ඇතැම් දෙස්‌ විදෙස්‌ බලවේග මේ රටේ උරුමයන් විකෘති කිරීමට, විනාශ කිරීමට මාන බලමින්, උපක්‍රම යොදමින් ක්‍රියා කරන අයුරු බියජනකය. විශේෂයෙන් රට තුළ නොයෙක්‌ වෙනස්‌කම් සිදු කිරීමට දරන උත්සාහයන් ගැන මේ වකවානුවේ විමසිලිමත් විය යුතුය. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සැකසීමට දරන ප්‍රයත්නය ලැබෙන ආරංචි අනුව දේශයේ උරුමකරුවන්ට හිතකර බවක්‌ නොපෙනෙයි. රාජ්‍ය නොවන සංවිධාන හා යටපත් වී ඇති ත්‍රස්‌ත සංවිධාන යළිත් හිස එසවීමට දරන ප්‍රයත්නයන් කෙරෙහි ආරක්‍ෂක පවුරක්‌ ලෙස වටකොට තොරතුරු සෙවීම යුගයේ ජනමාධ්‍යයේ වගකීමකි. පවතින ඇතැම් මාධ්‍යයන් මෙකී බලවේගයන්ට උඩගෙඩි දෙනවා විනා ඒවා නිවැරදි කිරීමට හෝ රටට හෙළි කිරීමට ප්‍රයත්න දරන බවක්‌ නොපෙනේ. එබැවින් සියලුම ජනමාධ්‍යයන් වගකීමකින් යුතුව ක්‍රියා කළ යුතුව ඇති කාලය එළඹ ඇතැයි පෙන්වා දීමට කැමැත්තෙමි.

මේ රටේ වසර 30 කට අධික කාලයක්‌ පැවති යුද මානසිකත්වයෙන් රට ගලවා ගත් රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු වන වැඩ දැන් සිදුවෙමින් පවතින බවක්‌ පෙනී යයි. කුරිරු ත්‍රස්‌තවාදී යුද සමයේදී දහස්‌ ගණන් ජීවිත පූජා කළේ රට කැබැලි කොට ජාතිවාදී පදනම මත ප්‍රාන්ත පිහිටුවීමට නම් එදා අපේ දරුවන්ගේ ජීවිත බිලි නොදී එක පෑන් පහරින් හිටපු නායකයන්ට ඒ දේ කළ හැකිව තිබිණි. එබැවින් මේ සඳහා පෙළ ගැසී සිටින දෙස්‌ විදෙස්‌ කුමන්ත්‍රණකරුවන්ගේ උත්සාහයන් පරාජය කළ යුතුව ඇත. අද ඇතැම් මැති ඇමැතිවරුන් බුදු දහමට හා ශාසනයට ඇඟිලි ගැසීමට දරන උත්සාහයන් පිළිබඳ අපට ඇත්තේ බරපතල ගැටලුවකි. පසුගිය කාලයේ ථෙරවාදී පනත මහා සංඝයා මැදිහත් වී බැහැර කළ අතර එය සංඝයාගේ කටයුත්තක්‌ බව පැහැදිලිව පෙන්වා දුන් විට පනත හකුළා ගත් ඔවුන් එය වෙනත් මුහුණුවරකින් ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ කවර යටි අරමුණක්‌ සඳහා දැයි විමසා බැලිය යුතුය. සංහිඳියාවේ මුවාවෙන් සිදු කෙරෙන වෙනස්‌කම් සිංහල බෞද්ධයාගේ අයිතීන් නොතකා කරන්නේ නම් මේ රටේ මහා සංඝයා ඒ වෙනුවෙන් නැඟී සිටිය යුතුය. පාලකයන්ගේ වගකීම විය යුත්තේ බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට කටයුතු කොට ජනතාවට පහසුවෙන් ජීවත් වීමට මඟ සැලසීම විනා නැති ප්‍රශ්න ඇතිකරගෙන රට අවුල් කිරීම නොවේ.

මේ රටට නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ කිසිසේත් අවශ්‍ය නොවේ. ඡේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා වැනි දුර දක්‌නා නුවණින් යුක්‌ත ප්‍රබල නායකයින් මෙය නිර්මාණය කොට ඇති බව සිහිපත් කරන අතර මෙකී ව්‍යවස්‌ථාව තුළ ඇති විධායක බලය හා සම්බන්ධ ඇතැම් වගන්ති සංශෝධනයට ලක්‌ කිරීම පමණක්‌ ප්‍රමාණවත් වේ. ජනතාවගේ ඉල්ලීම වූයේ ද එයයි. අවුල් සහගත පාලන ව්‍යqහයක්‌ සැකසී ඇති මේ මොහොතේ වගකීමකින් තොරව ව්‍යවස්‌ථා සැකසීම හානිකරය. ජාතික ආණ්‌ඩුවක්‌ යෑයි කීමට ජාතික ආණ්‌ඩුවක ආකෘතියක්‌ ප්‍රකට නොවන තැන විවිධ මැතිඇමතීන් තම තමන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව ක්‍රියා කරන හා කතාබහ කරන යුගයක ව්‍යවස්‌ථාවක්‌ වැනි රටට බලපාන බරපතල කටයුත්තක්‌ කිසිසේත් නොකළ යුතුමය.

රජය මේ රටේ අනාගතය ගැන සිතා තීන්දු ගන්නා බවක්‌ අපට නොපෙනේ. නුදුරේදීම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට යන එට්‌කා ගිවිසුම බැලු බැල්මට අයිසින් ගෑ කේක්‌ ගෙඩියක්‌ සේ පෙනුණ ද යට ඇති කේක්‌ ගෙඩිය විෂ යොදා ඇති බව රජයට නොතේරේ. මේ රටේ වියතුන් බුද්ධිමතුන් අනතුරු අඟවද්දී එට්‌කා ගෙන ඒමට දරන උත්සාහය නිසා අනාගතයේ ශ්‍රී ලංකාව ඉන්දියානු ප්‍රාන්තයක්‌ වීම නොවැළැක්‌විය හැකිය. මෙයටම ලැබෙන තවත් භයානක තීරණයකි, දෙරට යා කෙරෙන පාලමක්‌ ඉදිකිරීම. මේවා මේ රටේ ජනතාව ඉල්ලූ දේ නොවේ. ඉල්ලූ දේ පසෙක තබා ජනතාවට තිත්ත දේ දෙන්න උත්සාහ කරන්නේ ඇයි දැයි විමසිය යුතුය. මෙම ගිවිසුම මගින් සිදුවන්නේ දකුණු ඉන්දියානුවන්ට ලක්‍ෂ ගණනින් නිදහසේ රටට ඇතුළුවීමට හැකිවීමයි. යළි ත්‍රස්‌තවාදය හිස එසවීමට ද ඉඩකඩ ඇති අතර එවිට රජයට කිසිසේත් එය පරාජය කිරීමට ඉඩකඩ ලැබෙන්නේ නැත. මේ රටේ ඉඩකඩම් ඉන්දියානුවන් සතු වීම ද වැළැක්‌විය නොහැකිය. විරැකියාවෙන් පෙළෙන්නන් ලක්‍ෂ ගණනින් සිටින අපේ රටේ රැකියා අවස්‌ථා ද ඉන්දියානුවන්ට ලබාදී යටත්විජිතයක්‌ බවට පත් විය හැකිය. අධිරාජ්‍යවාදීන්ගේ යුගයේ කන්ද උඩරටට පැමිණි ශ්‍රමිකයන් අද වන විට වෙනම පාලනයක්‌ ඉල්ලා සිටීමට තරම් ප්‍රබල වී ඇති අයුරු මෙයට හොඳම නිදසුනකි. මෙවන් ප්‍රකට සරල සාධක පවා අවධානයට යොමු නොකර රජය මෙවන් අදූරදර්ශී තීරණ ගන්නට උත්සාහ දරන්නේ ඇයි දැයි ජනතාව ප්‍රශ්න කර සිටිති.

මේ මොහොත වන විට මේ රටේ දෙපයින් නැගී සිටීමට, හුස්‌ම ගැනීමට බියකරු හද ගැස්‌ම සනහාලීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුවන් රට වෙනුවෙන් ඔවුන් සිදුකළ යුද මෙහෙයුම් වලදී අතුරුදන් වූවා යෑයි සැලකෙන්නන් පිළිබඳ තොරතුරු සෙවීමට කාර්යාලයක්‌ පිහිටුවීමට මහජන නියෝජිතයන්ගේ ඡන්දයකින් තොරව පාර්ලිමේන්තුව තුළ ගාලගෝට්‌ටි මත සම්මත කර ගැනීම බරපතල ගැටලුවකි. බටහිර ජාතීන්ගේ ඕනෑඑපාකම් ඇමැතිවරුන් කීපදෙනෙකුගේ අවශ්‍යතා මත ඉටුකරදීමට කටයුතු කරන්නේ මේ රටේ උපන් රණවිරුවන්ගේ ජීවිත පිළිබඳ අවතක්‌සේරු කරමින් නොවේද? යුද පිටියේදී මිය ගිය ත්‍රස්‌තවාදීන් ද අතුරුදන් වූවෝ වෙති. ඔවුන්ගේ ඥාතීන් මෙම කාර්යාලයට ඔවුන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමේදී ත්‍රස්‌තවාදීන් අහිංසකයන් සේ සලකා කටයුතු කිරීමට ඇති ඉඩකඩක්‌ පවතී. මෙම පනත සම්මත කර ගැනීමෙන් ඇතැමුන් අපේක්‍ෂා කර ඇත්තේ ත්‍රස්‌තවාදය තුරන් කිරීම සඳහා අණ දුන් දේශපාලන නායකයන් දඩයම් කිරීමට විය හැක. එසේ නොවේ, නම් තමන්ට රටක්‌ ලබාදුන් රණවිරුවන් පිළිබඳ ලෝකයට තොරතුරු ලබාදීමට උත්සාහ දරනු ලබන්නේ වෙන කවර අවශ්‍යතාවක්‌ සඳහා දැයි ජනතාව ප්‍රශ්න කර සිටී. පිළිගත් සම්ප්‍රදායන් පවා නොතකමින් හදිසියේම මෙවන් පනතක්‌ සම්මත කිරීමම රටට ජාතියට සිදු කරන ෙද්‍රdaහිකමක්‌ යෑයි ඔවුහු පවසති. අගතියෙන් තොරව රට ගැන සිතා ක්‍රියා කිරීමට වගකීමක්‌ ඇති සුදුසු විරුද්ධ පක්‍ෂයක්‌ නොමැති වීම රටට විපතකි. මහජන නියෝජිතයන් ජනතාවට වගකිව නොහැකි වන සේ ක්‍රියා නොකරන අතර රූකඩයන් ලෙස කටයුතු කිරීම පිළිකුලට කරුණකි. එබැවින් මේ පිළිබඳව ජනාධිපතිතුමා මැදිහත්ව රණවිරුවන් හා රට ගලවා ගැනීමට ක්‍රියා කළ දේශපාලන නායකයන් ආරක්‍ෂා කිරීම උදෙසා ක්‍රියා කළ යුතුය. මේ රට භාර දී ඇත්තේ ජනාධිපතිතුමාට මිස හිතුවක්‌කාර ලෙස අත්තනෝමතිකව වෛරයෙන් තීරණ ගන්නා ඇතැම් මැතිඇමැතිවරුන්ට නොවන බවද දැඩිව අවධාරණය කර සිටිමි. එසේ නොවේ නම් මේ රටේ ඉරණම තීරණය කරන මේ මොහොතේ ජනතාව සිහි බුද්ධියෙන් ක්‍රියා කළ යුතු අතර මාධ්‍යයට ද මේ කරුණු පිළිබඳ බරපතල වගකීමක්‌ ඇති බව සඳහන් කළ යුතුය.

විශේෂයෙන් මේ රටේ ජාතියේ මුරදේවතාවුන් සේ සැළකෙන මහා නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ කොට ඇති මහසඟරුවන අවදියෙන් සිටිය යුතු කාලය එළඹී ඇති බව ගෞරවයෙන් සිහිපත් කිරීමට කැමැත්තෙමි.

කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමි
පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති

Advertisements

Read Full Post »

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් එරාවුර් නගරයේ සිsංහල පදිංචිකරුවන් අදට ඉතිරිව සිsටින්නේ දෙදෙනෙකු පමණි. ඒ එදා සිටි එක්‌දහස්‌ පන්සියයකට අධික සිංහල ජනයා අතරිනි. මොවුන් දෙපළ හැර අනෙක්‌ සියලුම සිංහල මිනිස්‌සු යුද්ධයේ කෲරත්වය හමුවේ සබ්බ සකලමනාව අත්හැර ජීවිතය පමණක්‌ රැගෙන එරාවුර්වලින් පලා ගියෝය. දැනට ඉතිරිව සිටින මේ දෙදෙනා ද පන්නා දමන්නට ජාතිවාදීන් මේ වන විට කළ හැකි උපරිම උත්සාහයන් සිදු කරමින් සිටිති.

n1-2මිනී මරාගන්නා යුදධය නිමාවට පත්ව ඇත. දැන් ඉඩම් අත්පත් කරගන්නා යුද්ධයක්‌ උතුරු නැගෙනහිර පළාත්හි ඇති වී තිබේ. දෙමළ ජනයාගේ ඉඩම් යෑයි පවසමින් සම්බන්ධන් ප්‍රමුඛ ටී.එන්.ඒ. දේශපාලකයන් යුද හමුදා ක`දවුරුවලටද බලෙන් ඇතුළු වෙමින් සිටිති. පෙඩරල් ගැන කථා කරති. දෙමළ ජනයා පිළිබ`ද ඔවුන් දිගින් දිගටම හ`ඩ නගති. නමුත් නැගෙනහිර අවත්න්වූ සිංහලයෝ හ`ඩක්‌ නොමැතිව විතැන්ව සිටිති.මේ රටේ ඔවුන් ගැන එක වචනයක්‌ කථා කිරීමට කිසිම මැති ඇමැත්තෙක්‌ නැත. ඔවුන්ට අනුව එසේ කතාකිරීම වාර්ගික සහජීවනයට බාධා පැමිණවීමකි.

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් එරාවුර් නගරයේ සිsංහල පදිංචිකරුවන් අදට ඉතිරිව සිsටින්නේ දෙදෙනෙකු පමණි. ඒ එදා සිටි එක්‌දහස්‌ පන්සියයකට අධික සිංහල ජනයා අතරිනි. මොවුන් දෙපළ හැර අනෙක්‌ සියලුම සිංහල මිනිස්‌සු යුද්ධයේ කෲරත්වය හමුවේ සබ්බ සකලමනාව අත්හැර ජීවිතය පමණක්‌ රැගෙන එරාවුර්වලින් පලා ගියෝය. දැනට ඉතිරිව සිටින මේ දෙදෙනා ද පන්නා දමන්නට ජාතිවාදීන් මේ වන විට කළ හැකි උපරිම උත්සාහයන් සිදු කරමින් සිටිති.

n1-1වර්ෂ 1948 වන විට වෙළෝදාමට පැමිණි සිංහලයින්ගෙන් එරාවුර් නගරය පිරී ගියේය. ඒරාවුර් නගර මධ්‍යයේ තිබුණු පොදු වෙළ`ද පොළ නැගෙනහිර පළාතේම ප්‍රමුඛ වෙළෝද මධ්‍යස්‌ථානය විය. එහි කඩවල් 72 ක්‌ තිබිණි. ඒ අතර සිංහල ජනයාට අයත් කඩවල් 52 ක්‌ විය. 19 ක්‌ මුස්‌ලිම් ජනයාටත් 01 දෙමළ අයෙකුටත් අයත් විය. යාපනය, මහනුවර, ත්‍රිකුණාමලය, කල්මුණ, කාත්තන්කුඩි, මඩකලපුව, වැලිකන්ද ආදි හතර දිග් භාගයෙන් මෙහි පැමිණි වෙළ`දුන් දෙහි දොඩම්, මා`ඵ, කෙසෙල් ආදී වෙළෝද ද්‍රව්‍ය රැගෙන ගියහ. මේ ආකාරයෙන් එකල සිටම ඒරාවුර් හි පදිංචිව සිටි සිංහල ජනයා සක්‍රීය ලෙස වෙළෝදාමෙහි යෙදෙන්ට වුහ. එරාවුර් තරුණ බෞද්ධ සංගමය වර්ෂ 1960 ආරම්භ විය. වර්ෂ 1963 දී නැගෙනහිර බුදුරැස්‌ නමින් වෙසක්‌ උත්සවයක්‌ද ඔවුහු සංවිධානය කළහ. සිංහල සිසු දරුවන්ට ඉගෙනීම ස`දහා දුම්රිය පොළ අසල සිංහල පාසලක්‌ද ආරම්භ විණි. මේ ආකාරයෙන් සිංහල දෙමළ මුස්‌ලිම් ජනයා ඉතා සාමකාමීව එරාවුර් නගරයේ කල්ගත කළහ.

එරාවුර් නගරයේ සිංහල පවුල් පන්සියයකට ආසන්න ගණනක්‌ උන්හ. එක්‌දහස්‌ පන්සියයට වැඩි සිංහල ජනකායක්‌ එකල්හි එරාවුර්හි වූහයි පැවසිනි. කොටි ත්‍රස්‌ත්‍රවාදීන්ට මෙම සිංහල මිනිසුන් වහ කදුරු විය. එරාවුර් සිංහලයන්ගෙන් තොර කාලපයක්‌ බවට පත්කිරීම එල්.ටී.ටී.ඊ. අභිලාෂය විය. එය වෙනුවෙන් කැපවුණු ජාතිවාදී ද්‍රවිඩ රාජ්‍ය නිලධාරි පිරිසක්‌ද වූහ.

වර්ෂ 1983 උදාවිය. එරාවුර්වලට නුදුරින් කෝපාවෙලි තිඹිරිගස්‌තැන්නේ සිංහල ගම්මානයක්‌ සහ කීර්ති ශ්‍රී මේඝවර්ණ විහාරස්‌ථානයද තිබුණි. එම ගම්මානයට යන මාර්ගය හරස්‌ කරමින් කෝපාවෙලි වැව සාදන්නට ජාතිවාදීහු කටයුතු කළහ. තිඹිරිගස්‌තැන්න ගම්මානයම ජලයෙන් යටව ගියේය. වර්ෂ 1984 වසරේදී තම ඔප්පු සහිත ඉඩ කඩම් අත්හැර ගිය මෙම ජනයා ඉන් පසුව තමන්ට අහිමිවු ඉඩකඩම් වෙනුවට විකල්ප ඉඩම් ඉල්ලා හ`ඩ නගන්නට වූහ. ඉඩම් අහිමිව අදට වසර 32 කි. කෝපාවෙලි අවතැන් සිංහල ජනතාවට අදටත් විකල්ප ඉඩම් ලැබී නොමැත.

එවකට මහවැලි ඇමතිවරයාව සිටි මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයාගෙන් මෙම ජනයා දිගිsන් දිගටම ඉල්ලීමක්‌ කර තිබිණි. එහෙත් විකල්ප ඉඩම් නොලැබුණි. එදා පටන් රාජපක්‌ෂ ආණ්‌ඩුවෙන්ද යහපාලනයේ මෛත්‍රිපාල සිරිසේනගේ ආණ්‌ඩුවෙන්ද මොවුන් කළ ඉල්ලීම් ඒ ආණ්‌ඩුවලට ඇසුනේ නැත. මේ අවතැන් මිනිසුන්ට මේ මොහොතේත් සිදුවන සාධාරණයක්‌ නැත.

එරාවුර් පුළිමතලාව විහරස්‌ථානයේ වැඩ සිටි හික්‌කඩුවේ සුමනසිරි හිමි වර්ෂ 1986 දී කොටින් විසින් ඝාතනය කරන ලදී. මහාබාගේ සුමනසිරි හිමි වැඩ වාසය කළ සිප්පිමඩුව විහරස්‌ථානයේ බෝධීන් වහන්සේ කපා විනාශ කරමින් එම පුජා භුමියද ගිනි තබා විනාශ කරන්නට ත්‍රස්‌තවාදීහු කටයුතු කළහ. කැළණියේ අනුරුද්ධ හිමි වැඩවාසය කළ කොස්‌ගොල්ල විහරස්‌ථානයද ගිනිතබා විනාශ කෙරි. අනතුරුව එම ගම්මානයම පා`ඵවට ගියේය. මේ අකාරයෙන් ටිකෙන් ටික මඩකලපුවේ සිංහල ජනයා පැන්නීමේ කොටි මෙහයුම ආරම්භ විය. එදත් ඔවුන් වෙනුවෙන් හ`ඩක්‌ නොවුණි. මේ මිනිස්‌සු අන්ත අසරණ වූහ.

එරාවුර් සිංහල විදුහල කොටින් විසින් විනාශ කෙරිණි. අකුරක්‌ ඉගෙන ගැනීමට සිංහල දරුවන්ට තිබු අවස්‌ථාව ඉන් ඇහිරී ගයේය. පසු කාලයේ එම භුමියේ ජල ටැංකියක්‌ ඉදිකරන ලදී.

වර්ෂ 1987 දී කොටි එරාවුර් සිංහල ගම්මානයට මහා විපත්තියක්‌ ගෙනාවේය. කොටියන්ගේ මන්නා පිහි වලට වැදි පෙත්තෙන් පෙත්ත කැපි සිංහල මිනිස්‌සු එකා මත එකා වැටෙමින් මිය ගියහ. ගිනි අවියෙන් නිරායුද සිංහල මිනිස්‌සුන්ගේ සිරුරු පෙනෙර මෙන් සිදුරුව ගියේය. එරාවුර් මහා පොළොව ලෙයින් තෙත්ව ගියේය. එක්‌ නිවසක්‌ තුළ සිටි 09 දෙනෙකු මරා දැමිණි. තවත් නිවසක නව දෙනෙකු පෙත්තන් පෙත්ත කැපී මැරිනි. දකින දකින සිංහලයාව කැති ගෑවිනි. එරාවුර් වැලි පොළොවේ 50 කට අධික සිංහලයින් පිරිසකගේ මරණීය අෙ`දාaනා සහිත ලෙයින් තෙත්ව ගියේය. සෙසු සිංහල ජනයා මාස තුන හමාරක කාලයක්‌ එරාවුර් අනාථ ක`දවුරක සිටියහ.

ඒ අවධිය ආරක්‌ෂක අංශයට සහ පොලිසියටද විටින් විට ප්‍රහාර එල්ලවන කාලයකි. සිවිල් ජනතාවගේ ආරක්‌ෂාව තහවුරුවන බවට සහතිකයක්‌ නොතිබිණි. එකම විකල්පය ජීවිතය පමණක්‌ බේරාගෙන උපන් බිම හැර යැමය. මේ සිංහල මිනිස්‌සු අතට පත් දේ රැගෙන සිය ගම් බිම් හැර දකුණේ රක්‌ෂිත ස්‌ථාන සොයා ගියහ.

වර්ෂ 2009 දී යුද්ධය නිමා විය. එරාවුර් සිංහල මිනිස්‌සු නැවත තම ගම් බිම් සොයා පැමිණියේ බලාපොරොත්තු සහිතවය. පෙරදා මෙන් නිදහසේ වෙළහෙළඳාම් කර තම දිවි පෙවෙත සරු කරගැනීමේ බලාපොරොත්තුව වෙනුවෙන් ඔවුන් ඔවුන් දශක තුනක්‌ අනුන්ගේ අගුපිල්වල දුක්‌ වි`ද තිබිණි.

මෙතැන් සිට අපට මේ කථාව කියන්නේ මේ වන විට තම දියණිය සමගින් දහසක්‌වූ බාධක මැද වි`දගෙන වෙළෝදාම් කරමින් එරාවුර් වල ජීවත්වන එකම සිංහලේ පවුලේ මව වන මැගිලින් වල්ගම මාතාවය.

zzමම 1964 තමයි ඒරාවුර් වලට ආවේ. අපේ ළමයි ගියේ එරාවුර් සිංහල මහා විද්‍යාලයට. ගුරුවරු ගොඩක්‌ ඒ කාලේ එහි වැඩ කළා. දිගින් දිගටම කොටි කරදර සිදුවුණා. ගමේ අයත් කපලා කොටලා වෙඩි තියලා මරලා දැම්මා. මගේ පුතෙකුත් වෙඩි තියලා කොටින් මැරුවා. අපේ කඩවල් 52 ක්‌ තිබ්බා. අපි ආයි එද්දී එතන කඩ කාමර 48 ක්‌ හදලා මුස්‌ලිම් අයට දීලා. අපේ තිබ්බ කඩ කාමර අපිට ලබුනේ නැහැ. අපි එරාවුර්වලට ආවම දැන් අපිට ඉන්න තැනක්‌ නැහැ. අපි ඉස්‌සර කඩ කුළි ගෙව්ව ශත පහේ රිසිට්‌ පවා අපේ ළ`ග තිබෙනවා.

ඉතිං අපිට යන්න තැනක්‌ නැති නිසා අපි 87 ඔක්‌තොම්බර් 05 වනදා පවුල් 43 ක්‌ බලෙන් පදිංචි වුණා. එදා පටන් අපිට මෙහි කිsසිම පහසුකමක්‌ තිබ්බේ නැහැ. අපි බලෙන් පදිංචි වුණා කියලා අපිට විරුද්ධව උසාවියේ නඩු දැම්මා. අපි දැන් අවුරුදු හතක ඉ`දන් අපේ අයිතිවාසිකම් වෙනුවෙන් නඩු කියනවා. කිසිම පහසුකමක්‌ හව් හරණක්‌ නැති නිසා අනෙක්‌ අය යන්න ගියා. මමයි දුවයි බොහොම අපහසුවෙන් මේ කඩ කාමරයට වෙලා යන්තමට වෙළ`දාමක්‌ කරලා ජිවිතයේ ගැට ගහගන්නවා.ZZ

ඒ කාලෙ මගේ ඉඩමක්‌ තිබුණා එරාවුර් වල. යුද්ධය නිසා එය අත් හැරලා ගියේ. මගේ නමටයි ඔප්පුව තියෙන්නේ. මගේ ඉඩම මේ වෙනවිට බලෙන් අල්ලගෙන හොර ඔප්පු හදාගෙන තියෙනවා. මෙහේ අපි වෙනුවෙන් කථා කරන්න සිංහල නිsතිඥයෝ නැති එක හරිම ගැට`ඵවක්‌ වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට සාධාරණයක්‌ ඉටු කරලා දෙන්න. අපේ කම වෙනුවෙන් අපි සටන් කරද්දි අපි වෙනුවෙන් කථා කරන්න යම්කිසි නිතිඥ සංගමයක්‌ හෝ මැදිහත් වෙනවා නම් එය අපිට විශාල සහනයක්‌.Z ඇය පවසා සිටියාය.

මැගිලින් වල්ගම මාතාවගේ දියණිය ඩබ්ලියු. එල්. අනෝමාය. ඇය පැවසු කතාව මෙසේය.

zzඅපි රෑට ඉන්නේ ලාම්පු එළියෙන්. නඩුවක්‌ තියෙනවා කියලා අපිට විදුලි බල මණ්‌ඩලයෙන් විදුලිය ලබා දෙන්නේ නැහැ. විදුලි බල මණ්‌ඩලයට ගියාම කියනවා නගර සභාවට යන්න කිsයලා. එහෙට ගියාමත් අපිට විදුලිය ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. මේ පැත්තේ ගොඩක්‌ අය කොකු ගහලා විදුලිය ගන්නවා. ඒවාට විදුලි බල මණ්‌ඩලය කිසි දෙයක්‌ කරන්නේ නැහැ. අපි බැරිම තැන තවත් අයෙකුයි අපියි කොක්‌කක්‌ ගහලා විදුලිය ගත්තා කියාලා අපිව උසාවි දාලා රුපියල් 18,000 ගානේ අපි දෙගොල්ලට රුපියල් 36,000 ක දඩයක්‌ ගැසුවා. අපි කළේ වැරද්දක්‌ නමුත් ඇයි අපිට විතරක්‌ නීනිය ක්‍රියාත්මක වන්නේ. කොකු ගහලා විදුලිය ගන්න මුස්‌ලිම් අයව අත් අඩංගුවට ගන්නේ නැහැ. සිංහල අපිට තමයි මේ හැම නීතියක්‌ම බලපාල තියෙන්නේ. පාඨලි චම්පික ඇමතිතුමා විදුලිබල ඇමති වෙලා ඉන්න කාලේ අපි දිගින් දිගටම ඉල්ලීම් කළා. එතුමා අපිට විදුලිය ලබා දෙන ලෙස නියෝග කළත් අපිට තාමත් විදුලිය නැහැ. මේ කඩ කාමර වල වහලය කැඩිලා නිකන් දිරල යනවා. අපිට බොහෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපිව මෙහෙන් පන්නන්න පුදුම උත්සාහයක්‌ ගන්නේ. අපි මෙහෙන් ගියොත් එරාවුර්වල සිංහල පදිංචිය නැත්තටම නැති වෙනවා.ZZ අනෝමා පවසන්නීය.

බැලු බැලු අත සහනයක්‌ නොමැති කල අනෝමා තම මව සමගින් එdරාවුර්හි සිංහල අයිතිය වෙනුවෙන් හුදකලා සටනක නිරත වෙමින් සිsටින්නීය. නමුත් මේ රටේ නිවට පාලකයින්ට මේ දිරිය ගැහැණු දෙදෙනා වෙනුවෙන් සාධාරණයක්‌ කරන්නට කශේරුකාවක්‌ නැත.

අපි එරාවුර් මාර්ගයේ ගමන් කරමින් සිටියෙමු. දකින දකින අත ඇත්තේ අනවසර විදුලි රැහැන්ය. එරාවුර් විදුලිය බල කාර්යාලය නුදුරෙනි. එහි නිලධාරීහු නිරන්තරව මේ මග ඔස්‌සේ යති. එති. එහෙත් ඔවුන් වරද දකින්නේ වාර්ගික දෘෂ්ටියකිනි.

එරාවුර් සිංහල ජනයා වෙනුවෙන් සාධාරණයක්‌ ඉටු කරගන්නට අදටත් මහත් වෙහෙසක්‌ ගන්නා එරාවුර් සරණාගත සුභ සාධක සංගමයේ සභාපති ඇල්මිස්‌ වල්ගම අපට කතා කළේය.

මම අවුරුදු 50 ක්‌ පමණ ජිවත් වුණේ ඒරාවුර්වල. අපේ බාප්පා 1895 තමයි මඩකලපුවට ආවේ. බාප්පත් එක්‌ක ආපු අය එකතුවෙලා ගහක්‌ යට ඉ`දන් වෙළ`දාම් කරන් ගිහින් තියනවා. ඔය අතරෙ 1940 දශකයේදී මාර්කට්‌ එක හදලා දීලා තියනවා. 87 කලබලෙ කාලේ අපි මෙව්වා දාලා ගියා. කෝපාවෙලි වැව හදපු වෙලේ මගේ අස්‌වැන්වන නෙළන්න තිබ්බ කුඹුරු අක්‌කර 25 ක්‌ වැවට යට උණා. කොටි මගේ කෝපාවෙලි තිබ්බ කඩය ගිනි තිබ්බා. පස්‌සේ එරාවුර් කඩය ගිනිs තිබ්බා. මගේ ට්‍රැක්‌ටරය ගිනි තිබ්බා. මගේ ගෙදර ගිsනි තිබ්බා. මට කෝටි එකහමාරක අලාභයක්‌ සිදු වුනා. ඒවායේ අදාල තක්‌සේරු වාර්තා මගේ ළ`ග තියෙනවා. නමුත් මට 2006 දී ලැබුණෙ රුපියල් 99970 ක වන්දියක්‌. අපි ඉල්ලා සිටින්නේ මා ඇතුලු සියලු දෙනාට සාධාරණ වන්දියක්‌ ලබා දෙන්න කියලා. උතුරු නැගෙනහිර අවතැන්වු ජනයාට නිවාස 65000 ක්‌ හදනවා. එකෙන් ගෙවල් 70 ක්‌ වත් මේ එරාවුර් සිංහල ජනයාට ලබා දෙන්න බලධාරින් කටයුතු කරන්නේ නැහැ. යහපාලන ආණ්‌ඩුවටත් දිගින් දිගටම ලියුම් ලීවා. අවුරුද්දයි මාස කිහිපයක්‌ ගෙවිලා ගියා. තාමත් අපිට වෙච්ච සෙතක්‌ නැහැ. අපි පදිංචි වෙන්න කැමතියි අපේ කඩ නැවත්ත ලැබෙනවා නම්. එහෙම නැත්නම් අපි සියල්ලටම සිදුවු හානිය වෙනුවෙන් වන්දි ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපිට සිදු වු හානි පිsළිබ`ද තොරතුරු පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වෙලාත් තියෙනවා.” ඔහු පැවසුවේය.

මේ වන විට ආරවුලට ලක්‌ව ඇති වෙළෝද සංකීර්ණයේ එකේ කොටසක මුස්‌ලිම් අය වෙළෙඳාම් කරති. ඉතිරි ගොඩනැගිලි සියල්ලම මේ වන විට වහලය කැඩී විනාශව ගොස්‌ මහා කැලැවට යට වෙමින් තිබේ. මේ ආකාරයෙන් මහා සම්පතක්‌ නිකරුනේ විනාශ වීමට ඉඩදීම කවර ආකාරයකින් වත් යුක්‌ති යුක්‌ත නොවේ. මේ කඩ නැවත ඉදිවේ නම් එහි අයිතිය සිංහල හිමි කරුවන් වෙත යැමට ඉඩක්‌ තිබේ. කඩ කාමර මෙසේ දිරාපත්ව විනාශ වෙනන්ට හැරීමේ අරමුණ සිංහලයන් තුරන් කිරීමට ඇති අවශ්‍යතාවය බව පෙනේ.

අනතුරුව අපට සුපුරුදු පරිදිම මේ ගැටලුව ගැන අහන්නට සිදුවන්නේ මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන්ය. උන් වහන්සේ මෙසේ අදහස්‌ දැක්‌වූහ.

මේ රටේ පාලකයිනගේ කටයුතු ගැන කියන්නත් විළි ලැ-ජයි. උතුරු නැගෙනහිර සිංහල ජනයාගේ ගැටලුවලට විස`දුමක්‌ දෙන්න මේ රටේ පාලකයින්ට උවමනාවක්‌ නැහැ. ඒරාවුර් කියන්නේ සිංහලයින් අති විශාල පිරිසක්‌ ජීවත් වුණු වෙළහෙළදාම් කළ ඉතා සශ්‍රීක ප්‍රදේශයක්‌. නමුත් අද එරාවුර් සිංහල ජනයා අන්ත අසරණයි. අද ඉඩ කඩම් අත් හැර ගිය අයට ජීවත් වෙන්න විදිහක්‌ නැහැ. ඉන්න ඉඩකඩම් නැහැ. කොටින් විසින් විනාශ කළ දේපළ වලට නිසි වන්දි දීමක්‌ තවමත් නැහැ. අද උතුරු නැගෙනහිර සිංහලයා මෙවැනි ප්‍රදේශවල නඩු කියන්න ගියාම අන්ත අසරණ වෙනවා. නඩු අහන්නෙත් මුස්‌ලිම් දෙමළ අය. පෙරකදොරුවොත් මුස්‌ලිම් දෙමළ අය. ඒ නිසා භාෂාව දැඩිසේ හරස්‌වනවා. එම නිසා මෙම අසරණ ජනයා වෙනුවෙන් කථා කරන්න ලංකාවේ තිබෙන නීති සංවිධාන ඉදිරිපත් වෙනවා නම් ඉතා සහනයක්‌. නිසි ආකාරයෙන් එතකොට මෙම නඩු අධිකරණයේදී කථා කරන්න පුළුවන්. නැතිනම් වෙන්නේ නිකම් පෙරකදෝරුවන්ට මුදල් වියදම් කරලා නිකරුනේ නඩුව අව නඩුවක්‌ වනකම් වෙනකම් බලා ගෙන ඉන්න. අපේ මෙම ගැටලු විස`දන්න මේ පිළිබ`ද අවබෝධයක්‌ තියෙන නිළධාරීන් කිහිප දෙනෙක්‌ පත් කරන්න රජය කටයුතු කළ යුතුයි. නමුත් එවැනි දෙයක්‌ කරන්න කිසිම වුවමනාවක්‌ නැහැ.”

මේ එරාවුර් සිංහල ජනයා වෙනුවෙන් සටන් වදින, දැන් ජීවිතයේ සැ`දෑ සමයේ සිටින ඇල්මිස්‌ වල්ගම ලියු කවියකි.

දරුවන් හය දෙනෙක්‌ ඇති දැඩි කළ තරුණ
මම දැන් නාකියෙකි ලෙඩ ගාණක්‌ තිබෙන
රජයෙන් ලැබෙන විට දේපොළ වල සහන
මිහිදන් කරපු තැන බ`දිනට හැක සොහොන

Read Full Post »

නැගෙනහිර පළාත තුළ මුස්‌ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්‌ත්‍රික්‌කයක්‌ ඉල්ලීම හසන් අලී මහතාගේ වුවමනාවට කෙරෙන එකක්‌ නොව, මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකිම් මහතාගේ පූර්ණ අනුදැනුම මත සිදු කරන එකක්‌ යෑයි ජාතික නිදහස්‌ පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.

අපේ රටේ සිංහල, මුස්‌ලිම්, දෙමළ ජනතාව ඉතා සමගියෙන් ජීවත් වෙනවා. මුස්‌ලිම් ජනතාවත් ශ්‍රී ලංකාව පුරා අනෙකුත් ජනතාව සමග සමගියෙන් ජීවත් වෙනවා. එසේ ජීවත් වන මුස්‌ලිම් ජනතාව තුළ ගැටලුකාරි තත්ත්වයක්‌ ඇති කරන්න දැන් මුස්‌ලිම් කොංග්‍රසය සූදානම් වෙනවා යෑයිද මුසම්මිල් මහතා පැවසීය.

ඊයේ (10 දා) පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මොහොමඩ් මුසම්මිල් මහතා එසේ ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා – මුස්‌ලිම් කොංග්‍රසය අද නැගෙනහිර මුස්‌ලිම් ජනතාවගේ සැබෑ ගැටලු කිසිවකට පිළිතුරු ලබා දීමට අසමත් වෙලා තිබෙනවා. ඉඩම්, ජීවනෝපාය මාර්ගයන් පිළිබඳ ගැටලු තිබෙනවා. නමුත් කවර ආණ්‌ඩුව බලයට ආවත් ඒ ආණ්‌ඩුවලට හේත්තු වෙලා ඇමතිධුර හා වරප්‍රසාද ලබා ගනිමින් කටයුතු කළ මුස්‌ලිම් කොංග්‍රසය නැගෙනහිර මුස්‌ලිම් ජනතාවට ඉටු කළ සේවයක්‌ නැහැ. ඒ නිසා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී නැගෙනහිර මුස්‌ලිම් ජනතාවගේ ඡන්ද ටික යළිත් කොල්ලකෑමට ජාතිවාදය වැපිරීම හෝ සිදු කළ යුතුව තිබෙනවා. ඒ නිසයි අම්පාර දිස්‌ත්‍රික්‌කයේ මුස්‌ලිම් ජනතාව සඳහා වෙනම පරිපාලන දිස්‌ත්‍රික්‌කයක්‌ ඉල්ලන යෝජනාවක්‌ මෙසේ දේශපාලන කරළියට රැගෙන එන්නේ.

ජාතික නිදහස්‌ පෙරමුණ පරිපාලනය ගම දක්‌වා රැගෙන යනවාට විරුද්ධ නැහැ. පරිපාලනය ගම දක්‌වා සක්‍රීය ලෙස ක්‍රියාත්මක වෙනවා දකින්නයි අපි කැමති. නමුත් ජාතිවාදී පදනමින් පරිපාලන බලය හෝ වෙනත් යම් බලයක්‌ ඉල්ලනවා නම් එතැන තියෙන්නේ බෙදුම්වාදයයි. දෙමළ ජාතික සන්ධානය සමග දිවා – රාත්‍රී සාකච්ඡා කරන මුස්‌ලිම් කොංග්‍රසය අද මෙවැනි බෙදුම්වාදී අදහස්‌ ප්‍රකාශ කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදී වුවමනාවන් ඉටුකර දෙන්නයි. හඬ, රාවුෆ්

හකීම් මහත්තයාගේ වුණාට මේ ඉල්ලීම, දෙමළ ඩයස්‌පෝරාවේ සහ දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමයි. නැගෙනහිර වෙනම මුස්‌ලිම් කලාප ඇති කළාම, ජාතිවාදී පදනමින් මුස්‌ලිම් කලාප පිළිගන්න සිදු වුණාම කොළඹ, මාවනැල්ල, වැලිගම, බදුල්ල, මහනුවර ආදී රට පුරාම ජීවත් වන මුස්‌ලිම් ජනතාවගේ ඉරණම කුමක්‌ද? ඒ පිළිබඳව මුස්‌ලිම් නායකයකු වශයෙන් රාවුෆ්

හකීම් මහත්තයාට වගකීමක්‌ නැද්ද?

චෙල්වනායගම්ලාගේ, අමිර්තලිංගම්ලාගේ වැනි ජාතිවාදී ඉල්ලීම් ඉදිරිපත් කරමින් මේ හදන්නේ යළිත් මේ රටේ zකළු ජූලියක්‌Z නිර්මාණය කරන්නද? නැගෙනහිර මුස්‌ලිම් දිස්‌ත්‍රික්‌කයක්‌ නීත්‍යනුකූලව පිළිගතහොත් එය ජාතිවාදය නීතිගත කිරීමක්‌ වෙනවා. ඒ විතරක්‌ නොවෙයි, හෙට උතුරේ දෙමළ දිස්‌ත්‍රික්‌කයක්‌ පිළිගන්න වෙනවා. උතුරු පළාත දෙමළ පළාත ලෙස පිළිගන්න වෙනවා.

Read Full Post »

වර්තමානයේ “අරුගම්බේ” නමින් හඳුන්වන ආරුගම් බොක්‌ක ප්‍රදේශය අතීතයේදී ජනප්‍රියව පැවතියේ ධීවර කර්මාන්තයට මිස සංචාරක කර්මාන්තයට නම් නොවේ. පූර්ව යුද සමයේ එය කරදිය හා කලපු දිය ධීවර සම්පතින් අනූන, සංචාරක ධීවරයන්ගෙන් පිරීගිය කලාපයක්‌ ලෙස පැවති බව අප අසා තිබේ.

මීට අවුරුදු පහළවකට විස්‌සකට පෙර අපි එහි යද්දීත් ආරුගම් බොක්‌කේ “උල්ල” නම් වූ සුවිශේෂී වෙරළ කලාපයේ සංචාරක හෝටල් පැවතියේ ඉතා සීමිත ගණනකි. ඒවාත් හෝටල් නොව, කුඩා නිවාස ප්‍රමාණයේ නවාතැන් හෝ ලැගුම් හල් බව කීවාට වරදක්‌ නැත. ඒ හැරුණ විට පොතුවිල් – පානම මහ පාරට විවෘත වෙරළ තීරයේ හැම තැනම දක්‌නට ලැබුණේ ධීවර වාඩිය. වසරේ එක්‌තරා කාලයකට පමණක්‌ පැමිණෙන සංචාරක ධීවරයන් වාඩි ගසාගෙන ඒ වෙරළ කලාපයේ ජීවත් වූහ. මාතර, ගන්දර, දෙවුන්දර, කුඩාවැල්ල හා තංගල්ල, මීගමුව ආදී ප්‍රදේශවලින් පවා පැමිණි ධීවරයෝ ඒ වාඩිවල ජීවත් වූවා මට මතකය.

එහෙත් අතීතයේ පටන් “මුහුදු දිය මත ලිස්‌සා යන” සරෆින් බෝට්‌ස්‌ ක්‍රීඩාව ගැන උනන්දු සංචාරකයෝ ඉතාම සීමිත පිරිසක්‌ අරුගම්බේ කලාපයේ “මුහුදු රැල්ලේ” විශේෂත්වය වටහාගෙන සිටියහ. මුහුදු රළෙහි මුදුන තියුණු තුඩක්‌ සහිතව මුහුදෙහි සිට රළ පෙළ වෙරළ දෙසට ඇදී ඒම මෙහි ඇති විශේෂත්වයයි. ලංකාවේ සීමිත මුහුදු කලාපවලට පමණක්‌ ආවේණික මේ මුහුදු රළ ලක්‍ෂණය සහිත පරිසරය සරෆින් බෝට්‌ස්‌ ක්‍රීඩාවට කදිමය. මේ නිසා සංචාරකයන් අප්‍රසිද්ධියේ පැමිණ අරුගම්බේ කලාපයේ එම ක්‍රීඩාව කරමින් විනෝද වීමට තරමක ඉතිහාසයක්‌ ද තිබුණ බව කිව යුතුය.

එහෙත් ඒ සංචාරකයන් හා ඔවුන්ට පහසුකම් සැලසූ ඉතා සීමිත කුඩා සංචාරක ලැගුම් හල් එදා මේ ප්‍රදේශයේ පැවතියේ ධීවරයන් සමග සහයෝගයෙනි. දෙගොල්ලෝ කලබලයක්‌ නොමැතිව දෙගොල්ලන්ගේ කර්මාන්ත කරගෙන ගිය සැහැල්ලුව අපට මතකය.

යුද්ධය පැමිණියේය. අරුගම්බේ ධීවර කර්මාන්තයටත් සංචාරක කර්මාන්තයටත් නරක කලදසාවක්‌ උදා කළේය. ඉන් පසුව තවත් වරක්‌ සුනාමිය පැමිණියේය. අරුගම්බේ කලාපයේ සංචාරක නවාතැන් මෙන්ම ධීවර කර්මාන්තයද අකා මකා දැම්මා අපට මතකය.

සියල්ලට පසු සාමය සමග සංවර්ධනය උදාවිය. අරුගම්බේ පාලම අලුතින් ඉදිවිය. මහා මාර්ග පද්ධතිය ඉදිවී ඒවා සක්‍රීය වනවාත් සමගම අරුගම්බේ පාලම ළඟ සිට උල්ලේ කෙළවර තුඩුව දක්‌වා පිහිටි වෙරළ කලාපය පාරට සංවෘත කලාපයක්‌ විය. ධීවරයන් නිතර නිතර ගැවසුන ඒ කලාපයම සංචාරක කර්මාන්තකරුවන් විසින් ආක්‍රමණය කළා යෑයි කීවොත් නිවැරැදි යෑයි මම සිතමි.

දැන් එහි ඇත්තේ සංචාරක ලැගුම් හල් හෝ නවාතැන් නොව, හෝටල්ය. ලොකු කුඩා සංචාරක හෝටල්ය. ඉතා සීමිත හෝටල් ගණනක්‌ සංචාරක කර්මාන්තය කරන ප්‍රකට ව්‍යාපාරිකයන්ගේය. අනෙක්‌ ඉඩකඩම් සියල්ල අයිති කරගෙන ලැගුම්හල් හා හෝටල් මෙන්ම දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට පහසුකම් සපයන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන්නේ ප්‍රදේශයේ මුස්‌ලිම්වරුන්ය.

ඒ අනුව එදා වාඩි තනාගෙන ධීවර කර්මාන්තය කරමින්, උල්ලට නාන්නට හෝ විනෝද වන්නට පැමිණෙන දේශීය සංචාරකයන්ට උදව් පදව් කරමින් ජීවත් වූ තංගල්ලෙන්, දික්‌වැල්ලෙන්, කුඩාවැල්ලෙන්, ගන්දරින්, දෙවුන්දරින්, මාතරින්, මීගමුවෙන් ගිය ධීවරයන් වෙනුවට අද සෑම තැනකම දක්‌නට ඇත්තේ මුස්‌ලිම් ව්‍යාපාරිකයන්ය.

අරුගම්බේ සංචාරක පුරවරයේ ජනප්‍රියම තැන “උල්ලය”. උල්ල යනු අරුගම්බේ මුහුදු වෙරලේ කෙළවරේම පිහිටි නොගැඹුරු හා ආරක්‍ෂිත යෝධ නාන තටාකයක්‌ බඳු තැනකි. විදේශීය සංචාරකයන්ට වඩා අද උල්ලට ලක්‍ෂ සංඛ්‍යාත ලෙස දේශීය සංචාරකයෝ ඇදී එන්නේ “උල්ල” මුහුදු වෙරළේ සුව විඳිමින් මුහුදට බැස හිත් පුරා මුහුදු දිය සනහමින් විනෝද වන්නටය.

රටට ම වසන්ත සමය උදාවෙන අප්‍රේල් මාසයේ අවුරුදු කාලය තුළ උල්ලට ඇදී එන ජනසන්නිපාතය දෙගුණ තෙගුණ වන්නේ ඒ කාලයේ එම මුහුදු කලාපයේ ඇති ආවේණික සුන්දරත්වය හා විශේෂත්වය නිසාය. මෙසේ ඇදී එන ජනසන්නිපාතයෙන් අති බහුතරය සිංහලයන් බව මා කියන්නේ ජාතිවාදයෙන් ප්‍රශ්න ඇති කරන්නට නම් නොවේ.

එහෙත් ඔවුන්ට සේවා සපයමින් ඔවුන්ට ආහාරපාන හා සේවාවන් විකුණමින් ඔවුන්ට පහසුකම් කියා “අපහසුකම්” සලසමින් හරිහම්බ කරගන්නා මුස්‌ලිම් ව්‍යාපාරිකයන් සංචාරකයන්ට සලසා ඇති පහසුකම කුමක්‌ද?

උල්ලට යන එන සංචාරකයන්ට සිය රථවාහන වෙරළට ආසන්න තැනක නතර කරන්නට අද තැනක්‌ නැත. ඒ සියලු ඉඩම් මුස්‌ලිම්වරු මොන ක්‍රමයකින් හෝ කොටුකරගෙනය. එසේ කොටුකරගත් තැනක්‌ (ඉඩමක්‌) අද වාහන නවාතැන් පලක්‌ ලෙස පවත්වාගෙන යන මේ මුසල්මානුවෝ සිතූ සිතූ පරිදි මුදල් හරිහම්බ කරන්නේ පොතුවිල ප්‍රාදේශීය සභාවේ ටිකට්‌ පතක්‌ද ඊට හිලව් කරමිනි.

උල්ල දෙසට හරවන සෑම වාහනයක්‌ම මේ ඉඩමට ගාල්කරන මේ මුස්‌ලිම්වරු වාහනය නතර කළ වහාම ටිකට්‌ පතක්‌ කඩා මුදල් ලබා ගනිති. මෝටර් සයිකලයකට රු. 30 කි. ත්‍රීවීලරයකට 50 කි. කාරයකට වෑනයකට ඩබල් කැබ්රියකට රු. 100 කි. බස්‌රියකට 150 කි. ටිකට්‌ පතේ මේ ගාස්‌තු සඳහා යටත් වන වෙලාවක්‌ සඳහන් නැත. එහෙත් වාහනයේ පැමිණි පිරිස දිය නාගෙන පැමිණි විගසම වාහනය රථගාලෙන් පිටත් විය යුතුය.

රථගාලේ ඇත්තේ සීමිත ඉඩකඩකි. ඉඩ මදිවූ විට මේ මුසල්මානුවන් කරන්නේ දිය නාගෙන පැමිණ රථයේ ගිමන් හරින දේශීය සංචාරකයන් පළවාහැරීමය. ඒ සඳහා බලහත්කාරය හා සිංහලයන්ට නොතේරෙන, දෙමළ භාෂාවේ ඇති රළු පරළු ගොරහැඩි වචන හා ගොරහැඩි ක්‍රියාකලාපයන් භාවිත කිරීම ඔවුන්ගේ පුරුද්දයි.

මුහුදු දිය නාගෙන ගොඩට එන සංචාරකයන්ට පිරිසිදු දිය නාන්නට ආවරණයක්‌ද මේ මුස්‌ලිම්වරු එතැනම ඉදිකර ඇත. එම වතුර නගර සභාවෙන් ලබාදෙන නල ජලය බව ඔවුහු කියති. ඒ සඳහා ගාස්‌තු අයකරන්නේ ඔලුගෙඩි ගණනටය.

කිරි බොන කුඩා දරුවෙක්‌, ළඳරුවෙක්‌ පුංචි කොල්ලෙක්‌ කෙල්ලෙක්‌ තරුණයෙක්‌ වැඩිහිටියෙක්‌ මහල්ලෙක්‌ කියා නැත. දිය නාන්නට ගේට්‌ටුවෙන් ඇතුළුවෙන සෑම ඔලුගෙඩියකින්ම රු. 30 ගණනේ අයකරන්නට ගේට්‌ටුවේ සිටින රැකවලා පුරුදුව සිටියි. ඇතුල්වන්නන්ට වැඩි වේලා දිය නාන්නට ඉඩක්‌ නැත. කෙනෙක්‌ දිය නාගෙන ෂවරය යටින් අයින්ව සබන් ගාන්නට යන විට තව 10 දෙනෙක්‌ ෂවරය යටට එන්නට බලා සිටිති. ඒ තදබදය තුළ කෙනකුට හිසේ තිබෙන මුහුදු වැලි සෝදා හැරීමත් ඉතා අසීරුය. දිය දහරාවද වේගවත් නැත.

පසුගිය අවුරුදු සතියේ උල්ලට ගිය මේ ලියුම්කරුටද මේ මුස්‌ලිම්වරු ප්‍රශ්නයක්‌ ඇති කළේ අපි ගිය වාහනය ඉවත් කරගන්නට බලකරමිනි.

ඔයාලා නාලා ඉවරයි. දැන් ඔයාලා යන්න. වාහනය ගන්න.

අපි නෑවට තවම ඇඳුම් මාරුකරන් ඉවර නෑ. පුංචි ළමයි තවම ඇඳුම් මාරු කරනවා.

තව වාහන තියනවා දාන්න. ඔය වාහනය එළියට ගන්න. මුස්‌ලිම් ජාතික ෂයිලොක්‌ මොරගායි.

අපි රු. 100 ගෙව්වා. තවම පැය 2 ක්‌ ඉඳල නෑ. අපිට තව වෙලාව ඕන. තමුසෙලා සල්ලි ගන්න ඕන අපි ඉන්න වෙලාව අනුව මිස පාක්‌ එකට ඇතුල් කරන ඇතුල් කරන එක අනුව නොවෙයි. සල්ලි ගන්න ඕන වාහනය එළියට යනකොටයි. මම නීතිය කියා දුන්නෙමි.

මුස්‌ලිම් ජාතික ෂයිලොක්‌ට ඒ නීති රීති නැත. ඔහුගේ ආගම මුදල්ය. ඔහුට අවශ්‍ය පැමිණි වාහනවලට පහසුකම් සපයන්නට නොව, ඔවුන් මකබෑවෙන්නට හැර හැකි තරම් වාහන පාක්‌ එකට ඇතුල් කර ගනිමින් සල්ලි ගරන්නටය. ඊට ඉඩකඩ ගන්නේ බලහත්කාරයෙන් ඇතුලේ තිබෙන වාහන එළියට පන්නමිනි.

අවසානයේ අපේ හබය විසඳුවේ නීතිගරුක පොලිස්‌ නිලධාරීන් තුන්දෙනෙක්‌ එතනට පැමිණ ප්‍රශ්නයට මැදිහත් වෙමිනි.

ඕවට අහුවෙන්න එපා. ඔයාලා රු. 100 ක්‌ දීල ටිකට්‌ එකක්‌ ගත්තා නම් දවසම වුණත් මෙතන ඉන්න ඔයාලට අයිතිය තියනවා. මෙයාලා ටිකට්‌ එකේ වෙලාව ගහලා නැහැ. නාන්න ඕන නම් එහා පැත්තේ නොමිලේ නාන්න නාන ලිං තියනවා. මෙවුන්ට මුදල් පූජා කරන්න එපා. ප්‍රශ්නයක්‌ තියනවා නම් අපට කියන්න. පොලිස්‌ නිලධාරීන් යුක්‌තිය ඉටු කළේ එසේය.

එහෙත් දිනපතාම මෙබඳු සිදුවීම් මෙතැනට හිඟ නැත. සෑම පැයකම මෙබඳු සිදුවීම් එකක්‌ දෙකක්‌ මෙතැන සිදුවන්නේ මේ මුස්‌ලිම්වරුන්ගේ තිබෙන බලහත්කාරය නිසාය. ඔවුන් අද උල්ලේ හැසිරෙන්නේ මේ මුළු භූමියේම අයිතිකාරයෝ ඔවුන්ම සේය.

උල්ලට අරුගම්බේට යන ඉහළ පෙළේ විදේශ සංචාරකයන්ට නතර වන්නට අද එහි ඕන තරම් හෝටල් තිබේ. මුදල් හදල් යහමින් ඇති දේශීය සංචාරකයන්ටද අද මේ බිමේ ප්‍රශ්න නැත. එහෙත් සාමාන්‍ය ජනතාවට මේ හැම තැනකම ප්‍රශ්නය. මුස්‌ලිම් ආධිපත්‍ය විසින් අදට වඩා හෙට දිනයේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් එබඳු ප්‍රශ්න දිනෙන් දින නිර්මාණය කරමින් සිටින බව පැහැදිලිය.

Read Full Post »

මේ රට ලේ විලක්‌ද? ලංකාව කිරි සයුරක්‌ නොවූවත් ලේ විලක්‌ නොවේ. 1983 දී ආරම්භ වූ ලේ ගංගා ගලායැම 2009 නන්දිකඩාල් කලපුවෙන් නිමා කරන ලදී. අද මේ රටේ මිනිස්‌ ලේ තිබිය යුත්තේ තැන් දෙකක පමණි. ඉන් පළමුවැන්න ලේ බැංකුවය. දෙවැන්න මනුස්‌ස ශරීර කූඩු සමූහයය. ඉන් එහා ලේ ගලතොත් ඒ හදිසි අනතුරකදී සිදුවන තුවාලයකිනි. සැත්කමකිනි. බරවා පරීක්‍ෂණය සඳහා ලේ ගැනීමද මෙයටම ඇතුළත් කරමු. එයින් එහා ලේ හෙල්ලීමට කිසිවකු තැත් කරතොත් ඒ සම්බන්ධයෙන් ඉතා දැඩි පියවර ගතයුතු බව මතක්‌ කරමින් අද මේ තීරුව අරඹනු ලැබේ.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි කල්මුණේ සහ අක්‌කරපත්තුව අතර මාර්ගයෙහි නින්දවුර් නමැති ගම්මානයක්‌ පිහිටා ඇත. සමුද්‍රdසන්න ගමක්‌ වන මෙහි අසල්වැසියන් වන්නේ දකුණින් පිහිටි අරසාද් සහ උතු=රින් පිහිටි කරතිවුය. කරතිවු ගමට අල්ලපු ගම සමන්තුරේය. අරසාදියට අල්ලපු ගම ඔලුවිල්ය. මේ සියල්ල අම්පාර දිස්‌ත්‍රික්‌කයට අයත්ය. නින්දවුර් ගම මෙයට තෙදිනකට පෙර යුද පිටියක්‌ බඳු විය. ප්‍රදේශවාසී ඉස්‌ලාමීය ප්‍රජාව දහස්‌ ගණනින් ප්‍රධාන මාර්ගයට රැස්‌ව පාර මැද ටයර් පුච්චමින් ගමනාගමනයට බාධා කර ප්‍රදේශය “සීල්” කළේය. හෙවත් ප්‍රදේශයට ඇතුළු වීමටත් ප්‍රදේශයෙන් පිටවීමටත් බැරිවන තත්ත්වයක්‌ ඇති කළේය. ප්‍රදේශයට ඇතුළු වීමට ඉඩ ලැබුණේ මාධ්‍යකරුවන්ට පමණි. එහි අර්ථය වූයේ රටට කීමට කතාවක්‌ නින්දවුර් ජනතාවට තිබෙන බවය. පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ අපට කියූ පරිදි ඒ කතාව මෙසේය, පසුගිය දිනවල නින්දවුර් ප්‍රදේශයේ නිවාස වලට රාත්‍රි කාලයේදී සොරු ඇතුළු වූහ. (මේ ප්‍රදේශයේ නිධන් හාරන කතන්දරයක්‌ද තිබේ. එය අප දන්නා කතාවය) මේ නිසා ප්‍රදේශයේ වැසියෝ මහත් කලබලයට පත්ව සිටියහ. මේ අතර මෙයට දින කිහිපයකට පෙර නිල ඇඳුම් ඇඳගත් විශේෂ කාර්ය බළකායේ සිවුදෙනෙක්‌ ප්‍රදේශයේ තත්ත්වය පිරික්‌සීමට නින්දවුර් වෙත ගියහ. ඔවුන් සමඟ නිල ඇඳුම් නොවන සිවිල් ඇඳුම් ඇඳගත් විශේෂ කාර්ය බළකායේ දෙදෙනෙක්‌ද වූහ. ගම තුළ කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරීම සඳහා සිවිල් නිලධාරීන් දෙදෙනා පැමිණියේය යන්න සැකකළ ප්‍රදේශවාසීහු පැය 36 ක විරෝධතාවක්‌ දියත් කර විශාල ජරමරයක්‌ කළහ. (පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකගේ කතාව මෙතැනින් නිමය)

දැන් අපේ කතාවට බසිමු. මෙය යකාගේ වැඩකි. සිවිල් ඇඳුම් වලින් සැරසී ගමන් කිරීමට පොලිසියට හා විශේෂ කාර්ය බළකායට අයිතියක්‌ නැද්ද? ඔවුන් පැය 24 ම නිල ඇඳුම ඇඳ සිටිය යුතුද? නිවාඩුවට ගෙදර යන ඔවුන් සිය බිරිය ඉදිරිපිට පෙනී සිටිය යුත්තේ නිල ඇඳුමෙන්ද? ඔහුගේ දරුවන්ට තාත්තා සිවිල් ඇඳුමින් දැකීමේ අයිතියක්‌ නැද්ද? ඔවුන් නිල ඇඳුම් ගැලවිය යුතු සහ සරමට බැසිය යුතු වෙලාව තීන්දු කරන්නේ නින්දවුර් ගමේ ජීවත්වන අපගේ සහෝදර මුස්‌ලිම් ප්‍රජාවද?

ඊළඟ යකාගේ කතාව මෙසේය. නින්දවුර් අවට කැරකෙන මුස්‌ලිම් මන්ත්‍රී කෙනෙක්‌ සිටියි. ඔහු කියා ඇත්තේ මින්පසු නින්දවුර් ගමට එන පිටස්‌තරයන් ප්‍රදේශයේ පිහිටි මුස්‌ලිම් පල්ලියට දැනුම් දිය යුතු බවය. මේකා පාර්ලිමේන්තුවට පත් කර යෑවූ ඡන්ද දායකයන්ගේ පස්‌ස පැත්තට මඩු වලිගවලින් පහර දිය යුතු බව අපගේ නිර්දේශයයි. මුස්‌ලිම් මන්ත්‍රීගේ නීතිය මැදපෙරදිගවත් නැති නීතියකි. පල්ලි පන්සල් හෝ පොලිසිවලට දන්වා ප්‍රදේශයකට ඇතුළු වීමේ සිරිතක්‌ ලංකාවේ නැත. මේ රටට අයත් වර්ග සැතපුම් 25332 ක ප්‍රමාණය තුළ ඕනෑම වැසියකුට ඕනෑම ආකාරයකට (නිරුවතින් සහ අවි ආයුධ ලෙලවමින් හැර ඇතුළු විය හැකිය.) අපගේ දෙමළ සහෝදරයන් තුළ අප ගැන ඇති කළ අවිශ්වාසය හා ක්‍රෝධය වැනි යමක්‌ අපගේ මුස්‌ලිම් සහෝදරයන් තුළද ඇති කිරීමේ අවශ්‍යතාවක්‌ කාලකණ්‌ණි – අලුගුත්තේරු නීච දේශපාලනඥයන් තුළ හටගෙන ඇති බව පෙනෙයි. මතක තබාගන්න මිත්‍රවරුනිá මේ රට යළිත් ලේ ගංගාවක්‌ වීමට කිසිදු ඉඩක්‌ නැත.

Read Full Post »

මඩකලපුවේ සිංහල ජනතාව අනාථයි

එදා පුරපසළොස්‌වක පෝය දිනයකි. එනිසා අවට පරිසරය සඳ එළියෙන් නැහැවී තිබිණි. ත්‍රස්‌තවාදී කලබල අවට තැනින් තැන තිබුණද ජනතාව සුපුරුදු වූ තම තමන්ගේ වැඩකටයුතුවල නිරතවී සිටින්නට වූහ. රාත්‍රි අඳුරු වැටෙත්ම නගරය දෙසින් දිගින් දිගටම රතිඤ්Æ එකපිට එක පත්තු වෙන්නට වුවද එය ඇසූ ජනයා ඒ ගැන වැඩි තැකීමක්‌ද නොකළහ.

ඒ වෙනකොටද කන් බිහිරි කරනා රතිඤ්Æ හඬ මැද සිත් පිත් නැති කොටි රකුසන්ගේ දරුණු ගිනි අවියෙන් නිකුත් වූ වෙඩි උණ්‌ඩකට මිනිස්‌ ජීවිත රැසක්‌ම ඉලක්‌ක වී තිබිණි. මඩකලපුව නගරයේ සිටි ස්‌වර්ණාභරණ ව්‍යාපාරිකයකු වූ සිරිපාල මහතා ඇතුළු පිරිසගේ සිරුරු කි¹ බසිමින් ඇදීගිය මූනිස්‌සම් අනෙක්‌ පසින් මතු වූයේ දසතම රතුවන් ලේ ගංගා ඇති කරලමිනි. ගතවූයේ මොහොතකි. මඩකලපුව නගරයේ හුන් සිංහල ජනයා වෙඩි උණ්‌ඩවලට ගොදුරු වන්නට වූහ. ඇතැමුන්ගේ සිරුරු මුවහත් නැති මන්නා පහරින් පෙත්තෙන් පෙත්ත කැපී, වියළි මඩකලපුව වැලි පොළොව රුහිරු දහරාවෙන් නැහැවෙන්නට විය.

තවත් මොහොතක්‌ ගතවිණි. මඩකලපුව නගරයට මඳක්‌ ඈතින් වූ ජයන්තිපුර සහ විජයපුර ගම්මානවල සිංහල ජනයා වෙනදා මෙන් කල්ගෙවුමට සිතාගෙන සිටියද එක්‌වරම එම ගම්මානවලට පැමිණි තිරිසන් කොටි රකුසන් නිවාස පීරමින් සිංහල ජනයා සොයන්නට වූහ. ඉහළට එසවෙන කැති පිහි පහරින් අත දරුවෝ පෙත්තෙන් පෙත්ත කැපී දෙපළු වන්නට විය. අහිංසක මුව පොව්වන් සේ අසරණ දරු පවුල් ත්‍රස්‌තයන්ගෙන් ජීවිතය යදින්නට වූහ. ලේ පිපාසයෙන් සිටි ත්‍රස්‌තවාදීන්ගේ සිත් එයින් මොළොක්‌ නොවිණි. තප්පර කිහිපයකින් ඔවුන්ගේ හිස දෙපළු වී වේදනාත්මක කෙඳිරි හඬවල් නංවමින් අඳුරේම අවසන් හුස්‌ම වා තලයට එකතුවන්නට විණි. වියරුවෙන් මත්ව සිටි මිනීමරුවෝ ඇතැම් තරුණියන් දූෂණය කොට මරා දමන්නට වූහ.

ජයන්තිපුර දෙමළ ගෙවල් රැසකට මැදිව සිටි සන්ධ්‍යා රංජනීලාගේ නිවසට අසල්වාසී ද්‍රවිඩ හිතවතුන් කිහිපදෙනකු දිවවිත් තතු පවසන්නට විය. ඉක්‌මණට හැංගෙන්න. අපේ ගෙවල්වල හරි හැංගිලා පණ බේරාගන්න. කොටි මුළු ගමම කපනවා. මොහොතක්‌ ගතවිණි. සන්ධ්‍යාලාගේ වත්තට ද කැති පොරෝ අමෝරාගත් මිනිමරුවෝ යක්‍ෂාවේශයෙන් පැමිණෙන්නට වූහ. ගේ ඇතුළට හිස ඔබා කවුරුත් නැහැ වගේ. කෝ… මේ ගෙදරවුන්. අවට දෙමළ ජනයාගෙන් විමසන්නට වූහ. එයාල ගෙදර නැහැ. සන්ධ්‍යාගේ අසල්වාසීන් බියෙන් වෙව්ලමින් පැවසුවේ නිවස ඇතුලේ සිටි ඔවුන්ද මරා දමාවි යෑයි බියෙනි. සන්ධ්‍යා සැමියා හා දරු තිදෙනා බියෙන් වෙව්ලමින් ඒ වන විටත් නිවස පිටුපස වතුර ටැංකියේ දියෙන් ගොඩගත් මාළුන්සේ බයෙන් ගැහෙමින් සිටින්නට වූහ.

දැන් දැන් ඇසෙන්නේ ජයන්තිපුර සහ විජයබාපුර දෙසින් විලාප හඬ හා වෙඩි හඬකි. අඳුරට තිත තබමින් අරුණාලෝකය උදාවුවද දුටු දසුනින් මුළු මඩකලපුවම කම්පාවට පත්විණි. තැන් තැන්හි මංමාවත් මිදුල් නිවෙස්‌ තුළ මැරී වැටී සිටි හිතවතුන්ය. රතු ලේ දහරාව ඝන වී කළුවී වැලි පසේ කැටි ගැසී ගොස්‌ය. මොළකැටි සිනහ පෑ සිඟිත්තෝ හිස දෙපළු වී මරු තුරුලේ සැතපෙන්නට වූහ. ක්‍රිස්‌තියානි පියතුමකු පැමිණ බේරිලා ඉන්න ජනතාවට පැමිණෙන්නැයි පවසන්නට වූවේය.

මේ අයුරින් 1987 වසරේදී මඩකලපුව නගරයේ සිටි ව්‍යාපාරිකයන් ඇතුළු විජයපුර සහ ජයන්තිපුර යන ගම්මාන වල අහිංසක නිරායුධ සිංහල ජනයා 105 දෙනකු ඒ වන විටත් ඉතා ෙ€දනීය ආකාරයෙන් කොටි ත්‍රස්‌තවාදීන් ඝාතනය කර තිබිණි.

මඩකලපුව නගරයේ, ජයන්තිපුර, විජයපුර, කල්කුඩා, වාලච්ෙච්න, එරාවුර්, පුන්නකුඩා, කෝපවේලි, පෙරියපුල්ලුමලේ, කොස්‌ගොල්ල, ටැම්පිටිය, මංගලගම, සිප්පිමඩුව, කෙවිලියාමඩුව, සින්නවත්ත ඇතුළු මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ රැසක සිංහල ජනයා 22,000 ක්‌ පමණ ත්‍රස්‌තවාදීන් සමගම පෙර ජීවත්ව සිට ඇත. එවකට 1976 වසරේදී මඩකලපුව මධ්‍ය මහා විද්‍යාලයේ සිංහල සිසුන් 2600 කට අධික ප්‍රමාණයක්‌ සහ සිංහල ගුරුවරුන් 77 ක්‌ පමණ සේවය කර තිබුණු අතර ව්‍යාපාරික ක්‍ෂේත්‍රය ද 30% ක්‌ පමණ සිංහල ජාතික ව්‍යාපාරිකයන් සතුව තිබී ඇතැයි පැවැසේ.

ත්‍රස්‌තවාදී කලබල සමය ඇරඹෙත්ම සිංහල ජනතාවට ටිකෙන් ටික නරක කල දසාවක්‌ උදාවුණි. විටෙක තැන් තැන්හි සිංහල ජනයා මරා දමන්නට ගත් අතර ඇතැමුන් බස්‌රථ වලින් බස්‌සවා පැහරගෙන යන ලදී. මේ අයුරින් කරදර ඇතිවීම නිසා පණ බේරා ගැනීම සඳහා සිංහල ජනයා පිටගම් කරා ඇදෙන්නට වූහ. 87 වසරේදී මුළුමනින්ම වාගේ මඩකලපුවේ සිදුවූ සිංහල ජනසංහාරය නිසා ඇතැමුන් ඉඩකඩම් අතහැර තම නෑදැ ජනයාගේ නිවෙස්‌වලට පලා යන ලදී. ඇතැමුන් තුට්‌ටුවට දෙකට නීත්‍යනුකූල නොවන අයුරින් එම ඉඩකඩම්ද විකුණා දමා මඩකලපුව හැර දමා යන්නට වූහ. මෙලෙස ටිකෙන් ටික මඩකලපුව සියලු ගම්බිම් පාලුවෙද්දී තවත් ඇතැමෙක්‌ එම ගම්මානවලම ජීවත් වන්නට වූයේ කොටි තර්ජන මැදය.

හමුදාවයි පොලිසියයි අපිව ආරක්‍ෂා කරන සමයේ මේ ආකාරයට ගම්බිම් කපලා දැම්මේ නැහැ. නමුත් ඉන්දියන් හමුදාව ආවට පස්‌සේ අපේ හමුදාව සහ පොලිසිය කඳවුරු ඇතුළට පමණක්‌ සීමා කළා. එම නිසා කොටි ත්‍රස්‌තවාදීන් 105 ක්‌ පමණ මරා මිනිකඳු ගොඩ ගැසුවා. පස්‌සේ එන්න එන්නම කලබල වැඩිවීම නිසා මඩකලපුව පොලිසියේ අනාථ කඳවුරක්‌ සකසා ඉතිරිව සිටි අයට රැකවරණය දුන්නා. ඊට පස්‌සේ මඩකලපුව විහාරස්‌ථානයේ දවල් කාලයේ සිට රාත්‍රියට නැවතත් මඩකලපුව පොලිසියට ඇවිල්ලා නිදාගත්තා. 90 වසරේදී නැගෙනහිර පළාතේ පොලිස්‌ ස්‌ථාන යටත් කරලා පොලිසියේ 600 ක්‌ මරපු කාලේ මඩකලපුව පොලිසියත් යටත් වුණා. පොලිසියයි හමුදාවයි අපියි ඔක්‌කොම ත්‍රස්‌තවාදීන්ට කොටු වුණා. ගොඩබිමෙන් එන්න බැරි වුණා. ගුවන් යානා බස්‌සන්න බැරි වුණා. එම නිසා උඩින් ගෙනත් කෑම දැම්මා. ඒවත් දාන තැන්වලට නෙවෙයි වැටෙන්නේ. එහෙම තියෙද්දි පියතුමෙක්‌ මැදිහත්වෙලා ත්‍රස්‌තවාදීන්ට දැනුම් දීලා විශේෂ ගුවන් යානයක්‌ ගෙන්වා මඩකලපුවෙන් යැමට අපට අවස්‌ථාව ලබා දුන්නා. එහෙමයි මඩකලපුවෙ සිටි අපට ජීවිත බේරාගන්නට හැකි වුණේ. පස්‌සේ ජනාධිපති ප්‍රේමදාස මහතා අපව මාදිවෙල කෝට්‌ටේ පාසලකට රැගෙන ගිහින් සහන සැලසුවා. මම ඉපදුණේ මඩකලපුවේ. පාසල් ගියේ මඩකලපුවේ. ඒක නිසා නැවතත් අපි අපේ උපන් ගම්බිම්වලට ආවා. අපි විතරයි ජයන්තිපුර දැනට ඉන්න එකම සිංහල පවුල. අපිටත් නොසෑහෙන්න බාධක ආවා. වැසිකිළියක්‌වත් හදාගන්න ඉඩ දුන්නේ නැහැ. සිංහල ජනයා ඉඩම් කොල්ල කන්න එනවා කීවා. දෙමළ සාමාන්‍ය ජනතාව අපි නැවත උපන් ගම්වලට එනවට කැමතියි. නමුත් එල්. ටී. ටී. ඊ. හිතවාදීන් සහ සමහර ජන කොටස්‌ සියලු ජනයා නැවත ගම්බිම්වලට එනවාට අකමැතියි. නැවතත් සිංහල ජනතාව විශාල පිරිසක්‌ මඩකලපුවට පැමිණ පදිංචි වීමට කැමැත්තෙන් සිටිනවා යෑයි ද මඩකලපුව ජයන්තිපුර පදිංචි වී සිටින සන්ධ්‍යා රංජනි මහත්මිය “දිවයින”ට අදහස්‌ දක්‌වමින් පැවසුවාය.

මඩකලපුව නගරයේ පිහිටා තිබුණු මංගලාරාමය ද කොටි ත්‍රස්‌තයෝ වෙඩිතබා බෝම්බ ගසා මුළුමනින්ම විනාශ කර තිබිණි. එම නිසා එම විහාරස්‌ථානයද පාළුවට ගිය අතර එරාවුර් පුලිමතලා විහාරස්‌ථානයේ වැඩවාසය කළ හිමිනමද කොටින් විසින් සිත්පිත් නැති අයුරින් ඝාතනය කර තිබිණි. වාලච්ෙච්න හා පෙරියපිල්ලුමලේ ආදී විහාරස්‌ථාන රැසක වැඩවාසය කරමින් මඩකලපුවෙහි බෞද්ධ උරුමයට නායකත්වය දුන් භික්‌ෂූන් වහන්සේලා පන්නා දමමින් එම විහාරස්‌ථාන ද විනාශ කර දමන්නට වූහ.

මේ අයුරින් මඩකලපුව සිංහල ජනයාගෙන් තොරවෙද්දී 98 වසරේදී අම්පිටියේ සුමනරතන හිමි මඩකලපුව මංගලාරාමයට වැඩම කරද්දී එම විහාරස්‌ථානය එකම සුන්බුන් ගොඩක්‌ම විය. පන්සල ආසන්නයේ කාමරයක නැවතී සැප වෙනුවට දුකම වළඳමින් දානය වෙනුවට කුසගින්දර කුසෙහි පුරෝගෙන සෙමින් සෙමින් විහාරස්‌ථානය ගොඩනගන්නට වූහ.

මම මංගලාරාම විහාරස්‌ථානයට ආවයින් පසුව කොටි ත්‍රස්‌තයන් දිගින් දිගටම කරදර කළා. මට විහාරස්‌ථානය අත්හැරලා යන්න කීවා. වෙඩි උණ්‌ඩ හිසට උඩින් යද්දි මම යාන්තම් දිවි බේරාගත්තා. මාව වාකරේ එල්. ටී. ටී. ඊ. කාර්යාලයට රැගෙන ගිහින් රඳවාගෙන දස වධ දුන්නා. මට පන්සල අත්හැරලා යන්න කියා දිගින් දිගටම තර්ජනය කළා. තුනුරුවන්ගේ බලෙන් මට බේරෙන්න හැකි වුණා. කොටින්ගේ වෙඩි උණ්‌ඩයට බිලිවූ රණවිරුවෝ මගේ අත් දෙකේ අවසන් හුස්‌ම හෙළුEහ. වෙඩි වැදිලා ලේ පෙරි පෙරී හිටිය අපේ රණවිරු දරුවෝ මම දැතින් ඔසවගෙන ඉස්‌පිරිතාලෙට අරගෙන ගොස්‌ ඇතැම් අවස්‌ථාවල බේරාගත්තා. ඒකේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ඒ ජීවිතවලට වන්දි ගෙවන්න විවිධ දුක්‌ගැහැට හා තර්ජන බාධක මැද මම තවමත් මඩකලපුව මංගලාරාමයේ වැඩවසනවා. මම කිසිම රාජ්‍ය නොවන ආයතනයක ඉත්තෙක්‌ නොවෙයි. දේශපාලනය බලය ගන්න අදහසක්‌ නැහැ. නමුත් අපිට අවශ්‍ය මඩකලපුවේ සිටින සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනයා සමගියෙන් සහයෝගයෙන් ජීවත් වීමටයි. අපට ඕනවෙලා

තියෙන්නේ ගම්බිම් අත්හැරලා ගිය මඩකලපුව සියලු ජනතාව නැවත මඩකලපුවට ගෙන්වා ඔවුන්ගේ ඉඩකඩම් යළි ඔවුන්ටම ලබා දෙන්න. අද නැවතත් තමන්ගේ පැරණි ගම්බිම් සොයා එන සිංහල ජනතාව දැඩි කරදරවලට මුහුණ පානවා. රාජ්‍ය ආයතනකට ගියාට කිසිම නිලධාරියෙක්‌ ඔවුන්ව ගණන් ගන්නේ නැහැ. ඔවුන්ගේ කාර්ය කරලා දෙන්නේ නැහැ. දේශපාලන අධිකාරිය මඩකලපුවේ සිංහල ජනතාව ගැන කිසිම තැකීමක්‌ කරන්නේ නැහැ. අද ඔවුන් උපන් බිමේම පිට දේසක්‌කාරයෝ වෙලයි තියෙන්නේ. ප්‍රශ්න ගොඩකට මැදි වෙලයි අද මඩකලපුව සිංහල ජනතාව ජීවත් වෙන්නේ. කෙවිලියගමුවේ ජනතාවට අද උපන් බිම්වල පදිංචි වෙන්න දෙන්නේ නැහැ. සින්නවත්ත ජනතාවටත් ගැටලු. සිප්පිමඩුව ජනතාවටත් ගැටලු තියෙනවා. කෙවිලියාමඩුව අයත් පට්‌ටිපොල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට, නමුත් අනවසරව පදිංචි උනා කියලා පවුල් 19 කට වව්නතිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නඩු දැම්මා. මංගලගම අයිති චෙංකලඩිවයේ, තමුන් නඩු දැම්මේ වව්නතිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. අපි අහන්නේ මඩකලපුව සිංහල ජනතාවට විතරක්‌ තියෙන මේ නීතිය මොකක්‌ද කියලා. අපි මේ ගැන සාකච්ඡා කරන්න ජනාධිපතිතුමාගෙන් අවස්‌ථාවක්‌ ඉල්ලුවා. නමුත් එයට අවස්‌ථාවක්‌ ලැබුණේ නැහැ. යනුවෙන් මඩකලපුව සිංහල උරුමය රකින්නට තනිව සටනක්‌ කරමින් මඩකලපුව සිංහල ජනතාවගේ එකම ගැලවුම්කරුවා වූ මංගලාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති පූජ්‍ය අංපිටියේ සුමනරතන හිමි පැවැසීය.

සුමනරතන හිමියන්ගේ එම ප්‍රකාශයත් සමගින් අපි මඩකලපුවේ වත්මන් සිංහල ජනතාව පිළිබඳ තොරතුරු සොයන්නට වෙහෙසුණි. මේ වනවිටත් වසර ගණනක්‌ ත්‍රස්‌තවාදීන්ගෙන් බැටකෑ මඩකලපුව සිංහල ජනතාව නැවතත් තමන් උපන් ගම්බිම් කරා සෙමින් ඇදෙමින් සිටිති. නමුත් අද ඔවුනට සටන් කරන්නට වී තිබෙන්නේ “රාජ්‍ය ත්‍රස්‌තවාදය”Êසමගය. මේ වනවිටත් අතීතයේ සිංහල පවුල් 22000 ක්‌ සිටි මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ මේ වන විට මංගලගම පවුල් 375, කෙවිලියාමඩුව පවුල් 65, කොස්‌ගොල්ල පවුල් 15, සින්නවත්තේ පවුල් 45 සහ සිප්පිමඩුවේ පවුල් 35 ක්‌ පමණි. ඊට අමතර ගෝනගල ඇතුළු ප්‍රදේශවලින්ද මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට තවත් පවුල් රැසක්‌ අයත් වේ. ඒ අනුව මේ වනවිට මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ පවුල් 750 කට ආසන්න ප්‍රමාණයක්‌ උපන් බිමේ අසරණ වී සිටිති.

කෙවිලියාමඩුව ගම්මානයේ හිටි අය 91 අවුරුද්දේ ගම අත්හැරලා කොටින්ට බයේ යන්නට ගියා. නෑදැ ගෙවල්වලට ගොස්‌ ඔවුන්ගේ ඉඩම්වල තාවකාලිකව නිවාස හදාගෙන පදිංචි වී සිටියා. යුද්ධය ඉවර උනායින් පසුව අපිට නැවතත් හිටපු තැන්වලටම යන්න කියලා ඒ අය කීවා. ඒක නිසා අපි නැවතත් පුංචි ගෙවල් හදාගෙන පවුල් 35 ක්‌ කෙවිලියාමඩුවට 2009 වසරේ ආවා. නමුත් එදා පටන් අපි අන්ත අසරණ වෙලා. ඉස්‌සර අපි වගා කරලා තිබ්බ ගස්‌ කොළන් මොනවත් නැහැ. ඔක්‌කොම ඩෝසර් කරලා. පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපිට නඩු දැම්මා කලවංචිකුඩි උසාවිය අනවසරයෙන් පදිංචිව ඉන්නවා කියලා. අපිව හාමුදුරුවෝ කලවංචිකුඩි උසාවියට එක්‌කරන් ගිහින් අපිට උදව් කළා. උසාවි යන්න සල්ලි නැහැ. නීතිඥ මහත්තුරුන්ට දෙන්නත් සල්ලි නැහැ. එදාවේල කුලියක්‌ කරලා අමාරුවෙන් ජීවත් වන අපි කොහොමද උසාවි යන්නේ. රජයේ නිලධාරීන් කියනවා ඔයාලා අනවසරයෙන් ඉන්නේ. ඒක නිසා මොනවත්ම දෙන්නේ නැහැ කියලා. අපිට මොනවත් රජයෙන් ලැබෙන්නේ නැහැ. යනුවෙන් කෙවිලියාමඩුවේ පදිංචි එච්. පී. ධම්මිකා කුමාරි මහත්මිය පැවසුවාය.

කෙවිලියාමඩුව පදිංචි ජී. ටී. සිරිල් (68) මහතා මෙසේ අදහස්‌ දැක්‌වීය.

1978 මම කෙවිලියාමඩුවේ පදිංචිවෙලා හිටියේ. ඒ කාලේ තණබිමක පදිංචි වෙලා ඉන්නවා කියලා මාව උසාවි අරන් ගිහින් මාස 05 දවස්‌ 10 ක්‌ රිමාන්ඩ් කළා. පස්‌සේ උසාවියට අදාළ සිතියම ගේන්න කියලා බලද්දි තණබිමකට වෙන් කරලා නැහැ. ඊට පස්‌සෙ මාව නිදහස්‌ කරලා මට අක්‌කර 02 කට බලපත්‍රයක්‌ ලබා දුන්නා. අපි ගියේ පණ බේරගන්න. අලින්ගෙන් කරදර මැද වතුර ටිකක්‌ විදුලිය ටිකක්‌ නැතිව අපි මෙතෙන්ට දුක්‌ විඳගෙන හරි ජීවත් වෙන්න එන්නේ අපිට ඉන්න වෙන තැනක්‌ නැති නිසා. අපිට ජීවත් වෙන්න තැනක්‌ තියෙනවා නම් අපි මෙතෙන්ට ඇවිල්ලා නිලධාරීන්ගෙන් දොස්‌ අහන්නේ නැහැ. අපි ඉල්ලා සිටින්නේ අපේ අයිතිය. යනුවෙන් ජී. ටී. සිරිල් මහතා අදහස්‌ දක්‌වමින් පැවැසීය.

අපි ඇවිල්ලා මඩකලපුව ටවුමේ උපවාසයක්‌ කළා. එතකොට කරුණා අම්මාන් හෙවත් විනායාගමූර්ති මුරලිදරන් ඇමැතිතුමා ඇවිත් කීවා ඉක්‌මනින් පදිංචිය දෙන්නම් ඉන්න තැනින් පදිංචිය අත්හැරලා එන්න කීවා. අපි හිටපු තැනින් ග්‍රාමසේවා මහත්තයට කියලා පදිංචිය අත්හැරලා ආවා. අපි ග්‍රාමසේවක මහත්තයත්, ප්‍රාදේශීය ලේකම්තුමිය සහ මඩකලපුව දිසාපතිතුමත් මුණගැසුණා. නමුත් තවම අපිව ලියාපදිංචි කළේ නැහැ. අපි අනවසරයෙන් පදිංචි වෙලා ඉන්නේ කියලා අපිව ලියාපදිංචි කරන්න බැහැ කීවා. අපිට දැන් මෙතනට ආවට පස්‌සේ ඡන්දය දාන්න බැරි උනා. සමෘද්ධි දීමනාව තබා භූමිතෙල් කාඩ් එකක්‌වත් නැහැ. රජයේ රැකියාවක්‌ කරන කව්රුත්ම නැහැ. ගෙවල් හදාගන්න රජයෙන් ආධාර නැහැ. ළමයෙක්‌ පිට පාසලකට දාගන්න

Read Full Post »

යුද්ධය නිමවී ඇතත්, යුද අනාථයන් තවදුරටත් නැති බව අප කල්පනා කළත් එය එසේ නොවන බව පෙනෙන්ට තිබේ. යුද්ධයේදී දෙමළ, මුස්‌ලිම් මෙන්ම සිංහලයෝ ද යුද අනාථයන් බවට පත්වූහ. අම්පාරේ කෙවිලියාමඩුqව ගම්මානයේ සිංහල මිනිස්‌සු අදටත් ඉන්නට – හිටින්නට තැනක්‌ නැති යුද අනාථයෝ ය. මේ රටේ අන්තිම යුද අනාථයන් බලා ගැනීමට නම් නවනීදන් පිල්ලේ මහත්මිය යා යුත්තේ කෙවිලියාමඩුවට ය. එහෙත් එහිදී ඇයට දකින්නට ලැබෙන්නේ ඇය දැකීමට අපේක්‍ෂා කරන දෙමළ යුද අනාථයන් නොවන නිසා ඇයගේ හිත නරක්‌ වනවා ඇත.

බෙදුම්වාදී යුද්ධය පැවති කාලයේදී කෙවිලියාමඩුqව ගමට විශාල වශයෙන් තර්ජන එල්ල විය. සිංහල ගම්මානවලට පැන මන්න පිහිවලින් කොටා ජනයා සංහාරය කිරීම ඒ කාලයේදී කොටි ත්‍රස්‌තවාදීන් සතුව තිබූ ඉතා ජනප්‍රිය ක්‍රමවේදයකි. ජන සංහාරය සඳහා පතරොම් යොදා ගැනීමට වඩා මන්න පිහි යොදාගැනීම එල්. ටී. ටී. ඊ. යට ලොකු ලාභයක්‌ විය. කොටි ත්‍රස්‌තවාදීන් විසින් කපා කොටා මරන ලද අසරණ සිංහල දරුවන්ගේත් ගැමියන්ගේත් මළ මිනී පෝලිම් ගසා තිබෙන අයුරු මේ රටේ ජනයා පින්තූරවලින් දැක ඇත. කෙවිලියාමඩුව ගමේ ජනයා තම වාසභූමිය වූ පාරම්පරික ගම්බිම් අත්හරින්නේ මෙබඳු කැති ගා දමනු ලැබීමේ තර්ජනයක්‌ වුව විටදී ය. යුද්ධය නිම වූ විට ආපසු විත් පදිංචි වීමේ අපේක්‍ෂාව මත ඔවුහු තාවකාලිකව තම ගම් බිම් අත්හරිති. එහෙත් යුද්ධය නිම වී, ආපසු ගමට එන ගැමියන්ට තම ගේදොර සහ වගා ඉඩම් ආපසු ලැබෙන්නේ නැත. මේ ප්‍රශ්නය දැන් වසර කිහිපයක්‌ම පරණ ය. කෙවිලියාමඩුවේ පාරම්පරික ජනයා එදත් යුද අනාථයන් යá අදත් යුද අනාථයන් ය. ඉතාම නරක තත්ත්වය වන්නේ ඔවුන් අද අනාථභාවයට පත්ව සිටින්නේ තම පාරම්පරික වාස භූමියෙහි වීම ය.

යුද්ධයක්‌ නිසා කිසියම් ගමක්‌ ජනයාගෙන් හිස්‌ වූ විට එම ගමට ඡන්ද ලැයිස්‌තු හැදුවත් එම ලැයිස්‌තුවල ලියාපදිංචි වීමේ හැකියාවක්‌ ජනයාට ලැබෙන්නේ නැත. කෙවිලියාමඩුව වැසියන්ට ද අවුරුදු ගණනාවක්‌ තිස්‌සේ ලියාපදිංචියක්‌ නැත. එය, ඔවුන් හොර වැසියන් බවට පත්වීමට හේතුවක්‌ ද නැත. මේ මිනිසුන් වැඩි දෙනාට සමෘද්ධි හිමිකම නැත. එයද, ඔවුන් හොර වැසියන් වීමට හේතුවක්‌ වන්නේ නැත. තමන් උපන් හැදුණු වැඩුණු ගමට යළි පැමිණි ඔවුන් එහි පදිංචි වීම නීතිය විසින් වළක්‌වාලන කල්හි කෙවිලියාමඩුව වැසියෝ පොලිසියට ගියහ. ඔවුන්ට අදාළ පොලිසිය මංගලගම පොලිසියයි. එහෙත් ඔවුන්ට පිළිසරණක්‌ ලැබුණේ නැත. ඒ වෙනුවට ඔවුන්ගේ ඉඩම් අල්ලා ගැනීමට පොලිසියේ එස්‌. අයි. ලා සූදානම් වූහ. මෙය වූ කලී පොලිසිය කලිසමට උඩින් ජංගිය අඳින ලද අවස්‌ථාවකි. මේ කාලකණ්‌ණි එස්‌. අයි. ලාට නියමානුකූලව ජංගි හැඳ ගැනීමට බල කරන ලෙස අපි පොලිස්‌පතිතුමාගෙන් ඉල්ලමු.

තමන් උපන් බිමේ හිමිකාරිත්වය නීතිය සහ පොලිසිය එක්‌ව වළක්‌වන විට එල්. ටී. ටී. ඊ. ය තිබුණා නම් වඩා හොඳ බව කෙවිලියාමඩුව අසරණයන්ට හිතුණොත් එයට විරුද්ධව ක්‍රියා කිරීමට කාටවත් බැරිය. වඩාත් භයානක තත්ත්වය වන්නේ මේ අසරණයන් නීතයේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරවන රාජ්‍ය සේවයට සහ පොලිසියට එරෙහිව මන්න පිහි අතට ගතහොත් ය.

කෙවිලියාමඩුව ගම්මානය භාර පට්‌ටිපොල ප්‍රාදේශීය ලේකම්වරිය කියන්නේ ගම්වැසියන් බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගන්නා බව ය. ගැමියන් දීර්ඝ කාලයක සිට එම ඉඩම් වගා කරන ලද්දේ නම් සහ එම ඉඩම්වලින් ජීවත් වූයේ නම් සින්නක්‌කර පැවැරුම් හෝ ඔප්පු තිරප්පු නැතත් ඒවායෙහි යළි වගා කිරීමට ඔවුන්ට අයිතියක්‌ තිබේ. එසේ වගා කිරීමට ඉඩ දීමට ආණ්‌ඩුවට බැරි නම් ඒ මිනිසුන්ට විකල්ප ආදායම් මාර්ගයක්‌ සලසා දිය යුතු ය. කෙවිලියාමඩුවේ පාරම්පරික ගොවීන්ට සහ එම ගොවි ඉඩම්වල අත්තමට වැඩ කරන කම්කරුවන්ට පට්‌ටිපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියන්නන් ලෙස වැඩ කළ නොහැකි ය. මේ නිසා ඔවුන්ට ඔවුන්ගේ පාරම්පරික ඉඩම් දීම හැර වෙන විසඳුමක්‌ නැත.

Read Full Post »

Older Posts »