Feeds:
Posts
Comments

Posts Tagged ‘මාදම්පේ නිර්මාල් ප්‍රසංග ජයසූරිය’

ත්‍රස්තවාදයෙන් රට රැක ගන්න එස්.ටී.එෆ්. හැදූ හැටි

1992 වසරේ අග භාගයේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් අක්කරෙයිපත්තුව නගරයේ ඇඟලුම් කම්හලක් විවෘත කිරීමේ උත්සවයකට එවකට ජනාධිපතිවරයාව සිටි ආර්. ප්‍රේමදාස මහතා ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවීමට නියමිතව සිටියේය. ඒ වකවානුව වන විට ඒ ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ප්‍රචණ්ඩ ක්‍රියා බහුල වශයෙන් සිදු කරමින් තිබිණි.   

මායිම් ගම්මානවලට හිටි හැටියේ කඩා වැදී අහිංසක මිනිසුන් බුරුතු පිටින් මරා දැමීමට හා ආරක්ෂක අංශවලට සැඟවී සිට ප්‍රහාර එල්ල කිරීම එල්.ටී.ටී.ඊ. ය විසින් සිදු කරගෙන ගිය නිසා ඒ පළාතේ තිබුණේ දැඩි අනාරක්ෂිත බවකි.

​ෙප්‍ර්මදාස මහතා මෙම උත්සව අවස්ථාවට පැමිණි පසු එල්.ටී.ටී.ඊ. ය ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරුවලින් ද සනාථ විය.

මෙවැනි තත්ත්වයක් යටතේ ඇඟලුම් කම්හල විවෘත කිරීමේ උත්සවයට ප්‍රේමදාස මහතාගේ පැමිණීම ඔහුගේ ජීවිතයට බලවත් තර්ජනයක් බව පැහැදිලිවම පෙනී ගිය නිසා ඒ ගමන වැළැක්වීමට බලධාරීන් උත්සාහ කර ඇත.

අක්කරෙයිපත්තුව නගරයේ ඉදිකළ ඇඟලුම් කම්හල විවෘත කිරීමේ උත්සවයට පැමිණීම නවතා දැමීමට කොතරම් උත්සාහ කර ඇතත් ප්‍රේමදාස මහතාගේ තීරණය වෙනස් කිරීමට බලධාරීන්ට හැකියාව ලැබී නොමැත.

ජනතාවාදී ජනනායකයෙකු වූ ආර්. ප්‍රේමදාස මහතා තමාගේ ජීවිතය ගැන නොතකා පොදු ජන මෙහෙවරේ නිරතව සිටි දේශපාලනඥයෙකු ලෙස ප්‍රසිද්ධිව සිටියේය.

එල්.ටී.ටී.ඊ. එකට මගේ පොදු ජන මෙහෙවර නවත්වන්න බැහැ. යැයි ප්‍රේමදාස මහතාගේ ගමන නැවැත්වීමට කතා කළ රජයේ බලධාරීන්ට පවසා ඇති බව කියති.
ආරක්ෂක අංශවල උසස් නිලධාරීන්ට ලැබී තිබුණු බුද්ධි තොරතුරුවලින් කිය වී තිබී ඇත්තේ කංචිකුඩිච්චිආරු මහ කැලෑවේ සිට ප්‍රේ‍මදාස මහතා සහභාගි වන උත්සවයට බර අවි යොදාගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සැලසුම් කර ඇති බවටය.

ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඇඟලුම් කම්හල විවෘත කිරීමේ උත්සවයට අනිවාර්​ෙ‌යන්ම සහභාගි වන නිසා මෙම එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාර සැලසුම් ව්‍යර්ථ කිරීමට උසස් ආරක්ෂක අංශ නිලධාරීන් තීරණය කළහ.

ඇඟලුම් කම්හල විවෘත කිරීමේ උත්සවයට ප්‍රේමදාස මහතා පැමිණී​ෙමන් පසු එල්ල විය හැකි එල්.ටී.ටී.ඊ. ප්‍රහාරය ව්‍යර්ථ කිරීමේ භාරදූර වගකීම පවරා ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකාය වෙතය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ එවකට අණ දෙන නිලධාරියාව සිටි නියෝජ්‍ය පොලිස්පති ලයනල් කරුණාසේකර මහතාගේ නියෝගයක් මත ලැබී තිබුණ බුද්ධි තොරතුරු මත එල්.ටී.ටී.ඊ. ප්‍රහාර සැලසුම් ව්‍යර්ථ කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරී ඇත.

එල්.ටී.ටී.ඊ. යේ මෙම සැලසුම ව්‍යර්ථ කිරීමට කංචිකුඩිච්චිආරු මහා කැලෑවේ මෙහෙයුමකට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 30 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් යොදවා ඇත.

මේ කණ්ඩායමට අම්පාර සංගමන්කන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණ දෙන නිලධාරියා වශයෙන් රාජකාරි කළ පොලිස් පරීක්ෂක ලාසිලාන් අසන් මහතා ද ඇතුළත්ව සිටියේය.

අසන් මහතා පසුකාලීනව පොලිස් අධිකාරි නිලයට උසස් වීම් ලබා මේ වන විට විශ්‍රාම ලබා සිටී.

මීට වසර 27 කට පමණ පෙර සිදු කළ එ් මෙහෙයුම ගැන විශ්‍රාමික පොලිස් අධිකාරි ලාසිලාන් අසන් මහතා මතකය අවදි කළේ මේ අන්දමිනි.

ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ ඇඟලුම් කම්හල් පිහිටුවීමේ හා ඔරලෝසු කණු සෑදීමේ දීපව්‍යාප්ත සංක්ලපය යටතේ අක්කරෙයිපත්තුව නගරයේ ඉදිකර තිබුණු ඇඟලුම් කම්හලක් හා ඔරලෝසු කණුවක් විවෘත කිරීමේ උත්සවයකට ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වීමට නියමිතව තිබුණ ඒ 1992 වසරේ අගභාගයේ දවසක කංචිකුඩිච්චිආරු මහ කැලෑවේ සිට බර අවි යොදාගෙන එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ද බුද්ධි තොරතුරු ලැබී තිබුණි.

එල්.ටී.ටී.ඊ.යේ මෙම ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට බාර දී තිබුණේ එවකට පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරියාව සිටි නියෝජ්‍ය පොලිස්පති ලයනල් කරුණාසේකර මහත්තයාට. කරුණාසේකර මහතා ලබා දුන් නියෝගයක් අනුව එල්ල විය හැකි ​ෙමම ත්‍රස්ත ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට සැලසුම් සකස් කළා. ප්‍රේමදාස මහත්තයා එන්න කලින් දවස් පහක් පුරා කංචිකුඩිච්චිආරු කැලෑවේ මෙහෙයුමක් සිදුකිරීමට තමා සැලසුම් කළේ.

ඒ වෙන කොට මම අම්පාර සංගමන්කන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණ දෙන නිලධාරියා ලෙස රාජකාරි කරමින් සිටියා. මා ඇතුළු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 30 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් දින පහකට විතර සෑහෙන්න කෑම බීමත් අරගෙන කංචිකුඩිච්චි ආරු කැලෑවට ඇතුළු වුණා. කිලෝ මීටර් 15 ක් පමණ දුර කැලෑව ඇතුළට ගියා.

කණ්ඩායමේ නායකයාව සිටියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස රත්නායක මහත්තයායි.

ඊට පස්සේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 30 දෙනා කුඩා කණ්ඩායම් වශයෙන් බෙදුවා. මේ කුඩා කණ්ඩායම් කැලෑව ඇතුළේ ත්‍රස්තවාදීන් සොයා මෙහෙයුම් ආරම්භ කළා. මෙම කුඩා කණ්ඩායම් කැලෑව තුළට වරින් වර මෝටාර් හා ග්‍රෙනේඩ් ලෝන්චර් අවිවලින් ත්‍රස්තවාදී ගැවසෙන මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කළා. දින තුනක් විදිහට කංචිකුඩිච්චි ආරු මහ කැලෑවේ මෙහෙයුම් සිදු කළා. ත්‍රස්තවාදීන්ගෙන් අපට ඒ දින තුනක පමණ කාලය තුළ කිසිම ප්‍රතිප්‍රහාරයක් එල්ල වුණේ නැහැ.

අපේ කණ්ඩායමේ නායකයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස රත්නායක මහත්තයා කිව්වා තවදුරටත් මහ කැලෑවේ රැඳී සිටීමෙන් පළක් නොවන නිසා අක්කරෙයිපත්තු පොතුවිල් මාර්ගයේ කිලෝ මීටර් දෙකක් පමණ වන්නට ඇති තංගවේලායුදපුරම් ගමට යමු කියා. ඒ අනුව අපි කණ්ඩායමම ඒ ගමට ගියා තංගවේලායුද පුරම් ගමට යමු කිය​ා. ගමේ අත හැර දමා තිබූ පාසල් ගොඩනැගිල්ලක් තිබුණා. අපි ඒ පාසල් ගොඩනැගිල්ලේ කඳවුරු බැඳ ගත්තා.

තංගවේලායුද පුරම් ගමේ පසල් ගොඩනැගිල්ලේ කඳවුරු බැඳ ගෙන සිටියදී ත්‍රස්තවාදීන් පාසල් ගොඩනැගිල්ල වට කර ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් අන්දමන්ද කරමිනි.

ඒ බිහිසුණු එල්.ටී.ටී.ඊ. ප්‍රහාරය ගැන විශ්‍රාමික පොලිස් අධිකාරි අසන් මහතා කිව්වේ මෙවැනි කතාවකි.

දවස් තුනක් තිස්සේ එක දිගටම පැලැඳ සිටි බූට් සපත්තු යකඩ හිස් වැසුම් ගලවා දමා අපි පාසල් ගොඩනැගිල්ලේ බිම දිගා වී විඩා නිවමින් සිටියා. ගොඩනැගිල්ල අවට තෝරා ගත් ස්ථාන කිහිපයක නිලධාරීන් කිහිප දෙනෙක් යොදවා ආරක්ෂාවක් ද සපයා ගෙන තිබුණා.

අපට වැඩි වේලාවක් විඩා නිවන්නට ලැබුණෙ නැහැ. පාසල් ගොඩනැගිල්ල පිටුපසින් එක දිගටම වෙඩි හඬ ඇ​ෙසන්න පටන් ගත්තා. එය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් බව තේරුම් ගන්න අපට වැඩි වේලාවක් ගත වූයේ නැහැ. අයට යකඩ හෙල්මට් හෝ බූට් සපත්තු දා ගන්නවත් වේලාවක් තිබුණේ නැහැ. වෙපන් අතර අරගෙන වෙඩි ප්‍රහාරය එල්ල වූ දෙසට දිවගොස් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තා. කොටි ත්‍රස්තවාදීන්ද එක දිගටම ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තා. කොටි ත්‍රස්තවාදීන්ද එක දිගට ප්‍රහාර එල්ල කරනවා. අපි හිටියේ එළිමහනේ භූමියක. අප බිම දිගා වී ප්‍රති ප්‍රහාර එල්ල කළා. අපේ ගිය ළඟින්ම වෙඩි උණ්ඩ ඇදී යනවා. පොඩ්ඩක් හෝ ඔළුව ඉස්සුවොත් එයින්ම ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වෙනවා.

පස් කාගෙනම අපිත් එක දිගට ප්‍රතිප්‍රහාර එල්ල කළා. විවෘත භූමියක සිටි නිසා අපි… එල්.ටී.ටී.ඊ.යේ ඉලක්ක වී තිබුණා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ස්වයංක්‍රීය ගිනි අවිවලින් විතරක් නෙවේ කාර්ල් ගුස්ටා වර්ගයේ බර අවිවලින් ද ඔවුන් අපට ප්‍රහාර එල්ල කළා. ඒ නිසා තත්ත්වය තවත් බැරෑරුම් වුණා. අපිත් ඇරියේ නැහැ. පස් කාගෙනම ප්‍රතිප්‍රහාර එල්ල කළා.
අපේ කණ්ඩායම සංවිධානාත්මකව එල්ල කළ ප්‍රහාර හමු​වේ ත්‍රස්තවාදීන් පලා ගියා. සටන පැය 1/2 ක විතර කාලයක් පැවැත්වුණා. අපේ කිසිම නිලධාරියෙකුට හෝ භටයකුට තුවාල සිදු නොවීම ගැන අපට ලොකු සැනසීමකට හේතු වුණා. අපි කංචිකුඩිච්චිආරු කැලෑවෙන් පිටතට පැමිණ තිබුණේ කලින් අපේ උසස් නිලධාරීන් ලබා දී තිබූ නියෝගවලට පටහැනිවයි.

ඉහළ නිලධාරීන් ලබා දී තිබූ නියෝග කඩකර ඇති බව එම නිලධාරීන් යම් හෙයකින් දැනගත්තොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බව අපි හොඳාකාරවම දැන සිටියා. මෙය රහසක් වශයෙන් තබා ගැනීමට සියලු දෙනා කතිකා කර ගත්තා. මේ ගැන ආරංචි වේවි යැයි කියා අප තුළ ලොකු බියක්ද පැවතුණා.

ඇඟලුම් කම්හල හා ​ඔරලෝසු කණුව විවෘත කිරීමේ උත්සවයට ආර්. ප්‍රේමදාස මහත්තයා එක්ක අක්කරෙපත්තුවට පැමිණ සිටි නියෝජ්‍ය පොලිස්පති කරුණාසේන මහත්තයා අපිට වහාම සංගමන්කන්ද විශේෂ කාර්ය බළකා කඳවුරට රපෝත්තු කරන්න කියා පණිවිඩ හුවමාරු යන්ත්‍ර මගින් නියෝගයක් කළා. ඒ වෙන කොටත් අපි හිටියේ කැලෑවේ මෙහෙයුම්වල නිරතවෙමින්. අපි කළ වැඩේ ගැන කෙසේ හෝ ආරංචි වෙලා නියෝග කඩකිරීමේ වරදට දඬුවම් දෙන්න තමා කැඳවීම කළේ කියා අපි සිතුවා. ලැබෙන ඕනෑම දඬුවමකට යටත් වෙනවා කියා හිත හදාගෙන සංගමන් කන්ද කඳවුරට අපි 30 දෙනාම ආවා.

ඊට පස්සේ මොකද වුණේ කියන ප්‍රශ්නයට ද පිළිතුරු දුන්නේ විශ්‍රාමික පොලිස් අධිකාරි අසන් මහතාය.

සංගමන්කන්ද කඳවුරේ ඉදිරිපිට ජ්‍යෙෂ්‍ඨත්වයට අනුව අපේ කණ්ඩායම අණ දෙන නිලධාරි කරුණාසේන මහත්තයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පෙළ ගැසී සිටියා. ජීප් රථ කිහිපයක් පිරිවරාගෙන ආ කරුණාසේන මහත්තයා ඔහු පැමිණි ජීප් රථයෙන් බැහැලා ඇවිත් අපිට අතට අත දෙමින් සුබ පතන්න පටන් ගත්තා. මේ වෙන්නේ මොකක්ද කියා අපිට හිතා ගන්නා බැරිව ගියා.

දඬුවම් විඳින්න වෙයි කියා හිතාගෙන හිටිය අපිට අත අත දී දීලා සුබ පැතුවේ ඇයිද කියන එක ලොකු ප්‍රශ්නයක් වුණා.

​ෙපර දිනයේ අපේ කණ්ඩායම එල්ල කළ ප්‍රහාරයෙන් කංචිකුඩිච්චි ආරු ප්‍ර​දේශය බාරව සිටි කොටි සංවිධානයේ අණ දෙන නිලධාරියාව සිටි ශෂී සහ ඔහුගේ දෙවැනියා ඇතුළු කොටි ත්‍රස්තයන් කිහිප දෙනෙක් මැරුම්කා තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඒ බව කොටින්ගේ පණිවිඩ හුවමාරු ජාලයට සවන් දී​ෙමන් අපේ ලොකු නිලධාරින් තහවුරු කරගෙන තිබෙනවා. ඒ විතරක් නෙමේ කොටි හඬ ගුවන් විදුලියෙන් මේ නායකයන් දෙදෙනා මියගිය නිසා ශෝක ගී පවා ප්‍රචාරය කරලා.

මේ නිසා තමා එදා අපට කරුණාසේන මහත්තයා අතට අත දීලා සුබ පතා තියෙන්නේ. නමුත් අපි කළ විනය විරෝධි ක්‍රියාව ගැන ආරංචි වෙලා නැහැ. අපි එදා විනය විරෝධී ක්‍රියාවක් සිදු කළත් එයින් යහපතක් ද සිදු වුණා යැයි විශ්‍රාමික පොලිස් අධිකාරි අසන් මහතා කිව්වේ සිනා සෙමින්ය.

ආර්. ප්‍රේමදාස මහත්තයා ඇඟලුම් කම්හල විවෘත කිරීමේ උත්සවයට පැමිණි පසු එයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇත්තේ ද එදා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ ප්‍රහාරයකින් මැරුම් කෑ කංචිකුඩිච්චිආරු ප්‍රදේශය භාරව සිටි එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශයේ නායක ශෂී නමැත්තාය.

සටහන
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප
මාදම්පේ නිර්මාල් ප්‍රසංග ජයසූරිය.   

 

Advertisements

Read Full Post »

හිටපු පොලිස් අධිකාරි ලාසිරාන් අසන් කියන කතාව

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය ලෙස එදා සැලකුනේ එල්.ටී.ටී.ඊ. සංවිධානයයි. 

මරාගෙන මැරෙන මිනිස් බෝම්බ සංස්කෘතිය ලෝක ත්‍රස්තවාදී සංවිධානවලට පවා හඳුන්වා දෙනු ලැබුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය බව අමුතුවෙන් කිව යුතු ද නොවේ. 

එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙරට ක්‍රියාත්මක වූ වකවානුවේ නැගෙනහිර පළාතේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් මැඩපවත්වා නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේ පොලිස් විශේෂ කාර්ය බළකායයි. එහෙමත් නැත්නම් කවුරුත් දන්නා භාෂාවෙන් කියනවා නම් එස්.ටී.එෆ්. එකයි. 

ගස්වල කොළ පොතු ගඩා ගෙඩි කමින් සතුන් දඩයම් කර ඒ මස් පුලුස්සා කමින් මඩ වතුර පොදකින් සා පිපාසාව යාන්තම් නිවා ගනිමින් මහ කැලෑවල දින ගණන් රැක සිට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කර ඔවුන් බුරුතු පිටින් මරා දැමීමටත්, නැගෙනහිර පළාතේ මහ කොටි කඳවුරු විනාශ කර දැමීමටත් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා භටයන් දිවි පරදුවට තබා කළ යුග මෙහෙවර ජාතියේ ප්‍රණාමය නිතැතින්ම හිමි වනවා නොඅනුමානය. එල්.ටී.ටී.ඊ. සමග නිර්භීතව සටන් වැදීමට ගොස් දිවි දුන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ හා භටයන්ගේ සංඛ්‍යාව 672කි. තවත් 1374 දෙනක් ආබාධිත තත්ත්වයට පත්වූහ. සැලකිය යුතු රණවිරු පිරිසක් තුවාල ලැබ ආබාධිත වූහ. එසේ වූයේ රටට වඩාත් හොඳ හෙට දවසක් උදාකරදීමට ගොස්ය.

යුද්ධය නිමා කිරීමට නායකත්වය දුන් පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරින්වත්, හිටපු උසස් පොලිස් නිලධාරින්වත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඔවුන්ට කරන උපහාරයක් වශයෙනි.

ත්‍රස්තවාදය තුරන් කිරීමේ සටනට තම ඇස්, ඉස්, මස් හා ලේ දන්දෙමින් සක්‍රීයව දායකවීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෝ හා භටයෝ එතැන් පටන් තවත් ජාතික මෙහෙවරක අඛණ්ඩව නිරතව සිටිති.

ඒ පාතාල කල්ලි පසුපස හඹා යමින් ඔවුන් මර්දනය කිරීමට හා මත්ද්‍රව්‍ය ඇල්ලීමේ මහා ජාතික මෙහෙවරක් ඉටු කරමිනි.
පසුගිය කාලය පුරාවට වරින් වර මත්ද්‍රව්‍ය තොග, පාතාලයේ අවි ආයුධ තොග පිටින් අල්ලා ගත්තේ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරමුන් හා පාතාල නායකයන් හා ඔවුන්ගේ ගෝලබාලයන්ද සමගය.

වර්තමානයේ මේ කාර්යභාරයේ නියමුවා වී සිටින්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය ද භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාය.

පාතාලයන් අල්ලා ඔවුන්ගේ අවි ආයුධ ගබඩා හා මත්ද්‍රව්‍ය ගබඩා කර ඇති රහසිගත ස්ථාන ​ෙසායා කරන මෙම මෙහෙයුම්වලට එම බළකායේ සියලුම තරාතිරම්වල නිලධාරීන් හා භටයන්ගෙන් ලැබෙනුයේ කියා නිම කළ නොහැකි මෙහෙයකි.

මෙම කාර්යයට නායකත්වය ලබාදී පොලිස් විශේෂ කාර්ය බළකායෙන් ඉවත්ව ගොස් සාමාන්‍ය පොලිස් සේවයට එක්වූ සෑම තරාතිරමක නිලධාරීන්ද මෙහිදී සිහිපත් කළ යුත්තේ ඔවුන්ගෙන්ද සිදුවූ මෙහෙවර වෙනුවෙනි.

පොලිස් විශේෂ කාර්ය බළකාය නමින් බළකායක් මීට වසර 36කට පෙර ආරම්භ නොකරන්නට ජාතිය වෙනුවෙන් මෙතරම් සුවිශේෂී මෙහෙයක් කරන්නට කිසිසේත් ඉඩ ප්‍රස්ථා ලැබෙන්නේ නම් නැත.

පොලිස් විශේෂ කාර්ය බළකාය මෙරට ස්ථාපිත කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් එයට නායකත්වය ලබාදී ඇත්තේ රවින්ද්‍ර විමල් ජයවර්ධන මහතාය. කා අතරත් ඔහු ප්‍රසිද්ධව සිටියේ “රවි ජයවර්ධන” කියන නමින්ය. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එකම පුත්‍රයා වූ රවි ජයවර්ධන මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිර්මාතෘවරයාය. විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පුත් රවි ජයවර්ධන ඒ වන විට සිටියේ සිය පියාගේ ප්‍රධාන ආරක්ෂක උපදේශකවරයා වශයෙනි. රවි ජයවර්ධන මහතා දක්ෂ ගුවන් නියමුවකු මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතාන්වරයකු ලෙස ද කටයුතු කර ඇත්තේය.

 

1983 සහ 1989 වසරවල පැවැති දරුණු භීෂණ ක්‍රියාවන්ට හා වර්ධනය වෙමින් තිබූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාවලට වඩාත් හොඳින් මුහුණදීමේ අරමුණින් පොලිසියේම අතුරු හමුදාවක් ලෙස පොලිස් විශේෂ කාර්ය බළකාය ස්ථාපිත කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය පිහිටුවා ඇත්තේ 1984 වසරේදීය. ඒ විශේෂ පරීක්ෂණයකින් පසු තෝරා ගත් උපපොලිස් පරීක්ෂකවරුන් 60 දෙනකුගෙනි. එම පළමු කණ්ඩායමේ වර්තමානයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා ලෙස විශිෂ්ට සේවයක් කරන එම්.ආර්. ලතීෆ් මහතා ද සිටියේය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පළමුවැනි අණදෙන නිලධාරියා එවකට සහකාර පොලිස් අධිකාරි නිලයේ සිට පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස්වීම් ලැබූ බෝධි ලියනගේ මහතාය.

ඊට පසු පිළිවෙළින් නියෝජ්‍ය පොලිස්පති ධර්මසිරි වීරකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෂර්නි විජේසූරිය, නියෝජ්‍ය පොලිස්පති ලයනල් කරුණාසේන, නියෝජ්‍ය පොලිස්පති ධර්මසිරි වීරකෝන් (දෙවැනි වරට යළිත් පත්විය) නියෝජ්‍ය පොලිස්පති නිමල් ගුණතිලක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ, නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල්. සරත් බන්දුල, නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්. රණවක, නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා යන මහත්වරුන් විශේෂ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරීන් ලෙස පත්වී විශිෂ්ට සේවයක් රට ජාතිය වෙනුවෙන් සිදුකර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ 11 වැනි වත්මන් අණදෙන නිලධාරිවරයාය.

පොලිස් විශේෂ කාර්ය බළකායට පළමුවෙන් එක්වූ උපපොලිස් පරීක්ෂකවරුන් 60 ගේ කණ්ඩායමේ සිටි ලාසිරාන් අසන් මහතා පොලිස් අධිකාරිවරයෙක් ලෙස පසුකාලීනව උසස්වීම් ලබා මේ වන විට විශ්‍රාම ගොස් සිටී.

උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස 1982 වසරේ පොලිස් සේවයට බැඳී ඇති ලාසිරාන් අසන් මහතාගෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරම්භය හා ඒ හා බැඳුණු තොරතුරු දැනගැනීමට ඔහු හමුවූයේ නාරාහේන්පිටදීය.

විශ්‍රාමික පොලිස් අධිකාරි ලාසිරාන් අසන් මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරම්භය හා එහි විකාශනය ගැන කරුණු කාරණා එකිනෙක ගෙනහැර දක්වමින් කතා බහ ආරම්භ කළේ මෙසේය.

ජේ.ආර්. ජයවර්ධන මහතා පළමු විධායක ජනාධිපතිවරයා ලෙස රට පාලනය කරන කාලයේ තමා එස්.ටී.එෆ්. එක මුලින්ම ආරම්භ කළේ. ජනාධිපතිවරයාගේ පුත් රවි ජයවර්ධන මහතාගේ අදහසකට අනුව ඒ මහතාගේ මගපෙන්වීම යටතේ 1984 වසරේ පෙබරවාරි මාසයේ 06 වැනිදා. ඒ වෙනකොට රවි ජයවර්ධන මහතා ජේ.ආර්. ජනාධිපතිතුමාගේ ප්‍රධාන ආරක්ෂක උපදේශකවරයා ලෙස තමා කටයුතු කරමින් සිටියේ. පොලිස් විශේෂ කාර්ය බළකාය ආරම්භ කරන්න කලින් තෝරා ගත් තරුණ පොලිස් නිලධාරින් කණ්ඩායම් කිහිපයක් යුද හමුදා පුහුණුව ලබාදී ප්ලැටුන් නමින් යාපනයේ සේවයේ යොදවා තිබුණා. විදේශීය යුද විශේෂඥයන්ගේ පුහුණුවීම් යටතේ පොලිස් නිලධාරීන් කණ්ඩායමකට විශේෂ පුහුණුවීම් ලබාදී විශේෂ කාර්ය බළකායක් පිහිටුවීමට අවශ්‍යතාවය පෙන්වාදී එය එයාකාරයෙන්ම ක්‍රියාවට යෙදෙව්වේ රවි ජයවර්ධන මහත්තයා.

ඒ වෙනකොට මම පොලිසියට බැඳිලා අවුරුදු දෙකක් විතර වෙනවා. මට අද වගේ මතකයි විශේෂ පොලිස් පණිවිඩයක් ලංකාවේ තියන සෑම පොලිස් ස්ථානයකටම එවා තිබුණා. ඒ විශේෂ පොලිස් පණිවිඩයෙන් සඳහන්ව තිබුණේ අවුරුදු 25ට අඩු අවිවාහක හොඳ තරුණ ජවයක් තියෙන උපපොලිස් නිලයේ සිටින සියලු නිලධාරීන්ට කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවට එන්න කියන නියෝගයයි.

මේ රැස්වීම් ශාලාව මඟුල් මඩුව කියා තමා හඳුන්වන්නේ. ඒ විශේෂ පොලිස් පණිවිඩය අනුව මමත් එහි ගියා. අවිවාහක තරුණ උපපොලිස් පරීක්ෂකවරුන් 100කට වැඩි පිරිසක් ප්‍රධාන රැස්වීම් ශාලාවට පැමිණ සිටියා. මේ කිසිම කෙනෙක් තමන්ව මෙතැනට කැඳෙව්වේ මොකද කියලා දැනගෙන හිටියේ නැහැ.

බ්‍රිතාන්‍ය විශේෂ ගුවන් ප්‍රහාරක සේවාවේ සේවය කර බොහෝ අත්දැකීම් ඇති විශ්‍රාම ලබා සිටි හා හිටපු කමාන්ඩෝ බළකායේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් පෞද්ගලික ආරක්ෂක සෙබළුන් ඒ රටේ පිහිටුවාගෙන තිබුණ මේ ආරක්ෂක සමාගම කේ.එච්.එස්. ලෙස හඳුන්වනු ලැබුවා. මේ ආරක්ෂක සමාගමේ ඉන්න කමාන්ඩෝ භටයන් වෙනත් රටවල යුද්ධ තිබෙන රටවල කුලී හේවායන් ලෙස සේවය කරනවා. ඒ නිසා ඔවුන්ට යුද උපක්‍රම ගැන විශේෂඥ දැනුමක් තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ කේ.එම්.එස්. ආරක්ෂක සමාගමේ සිටින විශේෂඥ දැනුම ඇති නිලධාරීන් පස් දෙනකුත් එහි පැමිණ සිටියා. රවි ජයවර්ධන මහතා​ෙග් තිබුණ ජාත්‍යන්තර සම්බන්ධතා මත ඔහුගේ ඉල්ලීමකට අනුව තමා මේ බ්‍රිතාන්‍ය යුද විශේෂඥයන් කණ්ඩායම පැමිණ තිබුණේ. ඒ බව පසුකාලයක අපට දැනගන්නට ලැබුණා.

විශ්‍රාමික පොලිස් අධිකාරි අසන් මහතා ඊට පස්සේ වෙච්ච කෙරිච්ච දේවල් ගැන ද මතකය අවදි කරමින් තොරතුරු හෙළිකරන්නට පටන් ගත්තේය.

බ්‍රිතාන්‍ය ජාතික යුද විශේෂඥයන්ගේ හා අපේ රටේ උසස් පොලිස් නිලධාරීන්ගෙන්ද සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් ඉදිරියේ එහි පැමිණ සිටි උපපොලිස් පරීක්ෂකවරුන් සියලු දෙනාම පරීක්ෂණවලට වෙන වෙනම ලක් කළා. හොඳ ජවසම්පන්න නිරෝගී තරුණ උපපොලිස් පරීක්ෂකයින් 60 දෙනෙක් පරීක්ෂණ මණ්ඩලය විසින් අවසානයේ තෝරා ගත්තා. බ්‍රිතාන්‍ය යුද විශේෂඥයන් අපේ අතපයවල මස් ගොබ පවා මිරිකමින් පරීක්ෂා කර බැලූ ආකාරය මට අද වගේ මතකයි. අපේ අත්පාවල ශක්තිය හොඳට තියෙනවාද කියා පරීක්ෂා කර බලන්න තමා එහෙම කළේ.

විධිමත් පරීක්ෂණයකින් තෝරා ගත්ත උපපොලිස් පරීක්ෂකවරුන් 60 දෙනා ඒ හා බී වශයෙන් කණ්ඩායම් දෙකකට බෙදා ඒ කණ්ඩායම් දෙකට වෙන වෙනම නායකයන් දෙදෙනෙක් එම කණ්ඩායම් දෙකෙන් තෝරා ගත්තා. ඒ කියන කණ්ඩායමේ නායකයා වුණේ උපපොලිස් පරීක්ෂක එච්.ආර්. ලතීෆ් මහත්තයි. මාව ඇතුළු වුණේ බී කණ්ඩායමට. එහි නායකයා උපපොලිස් පරීක්ෂක තිස්ස රත්නායක මහත්තයා. ඔහු සහකාර පොලිස් අධිකාරි නිලයට පත්වීම් ලබා සිටියදී අරගන්විල ප්‍රදේශයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වී පසුකාලයක මියගියා.

පුහුණුවට තෝරා ගත්තාට පස්සේ මුලින්ම කළේ හැමදාම අලුයම් කාලයේ කළුතර කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට දොඩංගොඩ හා පයාගල ප්‍රදේශ දක්වා දුවවන එකයි. ඒ විදිහට දුවලා ශාරීරික අභ්‍යාස කරලා අපිව ඉදිරි පුහුණුවීම් සඳහා ඉහළ යෝග්‍ය මට්ටමකට ගෙනාවා.

ඊට පස්සේ අපිට අවි ආයුධ පරිහරණය, වනාන්තරවල සති ගණන් ගත කරමින් ගරිල්ලා සටන්, සැඟවී පහරදීම්, හෙලිකොප්ටර්වලින් යමින් ගුවනේ සිට බිමට පැනලා ත්‍රස්තවාදීන්ට ක්ෂණිකව ප්‍රහාර එල්ල කිරීම, වාහන හා යතුරුපැදිවලින් අධික වේගයෙන් ගමන් කර ඉලක්කයට වෙඩි තැබීමට මනා ලෙස පුරුදු පුහුණු කළා. මේ පුහුණුවීම් ඉතාම කටුක හා ඉතාම බැරෑරුම් පුහුණුවීම් බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.

සති ගණන් කැලෑවල ගස්වල කොල පොතු ගෙඩි වර්ග ආහාරයට ගනිමින් කැලෑවේ තිබෙන වතුරවලින් පිපාසය නිවා ගනිමින් පුහුණුවීම් තමා ලබාගත්තේ. කැලෑවේ ඉන්න සත්තු දඩයම් කරලා ඒ මස් පුලුස්සාගෙන කෑවා. අපි කුසගින්න නිවාගත්තේ එහෙමයි. සටන් ක්‍රම ගැන පුහුණුවීම් මගින් ඕනෑම බැරෑරුම් තත්ත්වයකට ඕනෑම අභියෝගයකට මුහුණදීමට අවශ්‍ය ශාරීරික හා මානසික ශක්තිය ලබාගෙන මෙසේ මාස 4 1/2ක පමණ කාලයක් අංගසම්පූර්ණ පුහුණුවීම් සම්පූර්ණ කළා.

මේ පුහුණුවීම් කාලයේ සියලුම පහසුකම් ලබාදීමට රවි ජයවර්ධන මහතා සෑම විටම වගබලා ගෙන ඇත.

පුහුණුවීම් ලබා දෙන ආකාරය ගැන ද සොයා බැලීමට නිරන්තරයෙන් ද රවි ජයවර්ධන මහතා පොලිස් අභ්‍යාස විද්‍යාලයට පැමිණ තිබේ.

මූලික පුහුණුවීම්වලින් පසු මෙම උපපොලිස් පරීක්ෂකවරුන් 60 දෙනා කැඳවාගෙන ගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයටය.

 

විශ්‍රාමික පොලිස් අධිකාරි ලාසිරාන් අසන් මහතා ඒ ගැන කිව්වේ මේවගේ කතාවකි.  අපි දිග කතාවකට සවන් දෙමු.

මූලික පුහුණුවීම්වලින් පස්සේ අම්පාරට රැගෙන ගොස් ඒ ප්‍රදේශයේ තිබෙන පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථාන ගත කළා. අපි අම්පාරේ ඉඳලා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් වැඩි වශයෙන් සිදුවන ප්‍රදේශවලට කුඩා කණ්ඩායම් වශයෙන් රැගෙන ගොස් සැඟවී සිටට ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කිරිම් සිදු කළා.

එක දිගට දින ගණන් කැලෑවල සැඟවී සිටිමින් අසීරු රහසිගත මෙහෙයුම් සිදු කර කොටි ත්‍රස්තවාදීන් මරා දමා ඔවුන් සතු අවි ආයුධ තොග පිටින් අපි අරගෙන ආපු අවස්ථා ඕනෑ තරම් තිබුණා.

අම්පාරේ ටික කාලයක් ඉඳලා අපිව ත්‍රිකුණාමලයට රැගෙන ගියා. එහිදී අප නවාතැන් ගත්තේ ත්‍රිකුණාමලය බෞද්ධ මධ්‍යස්ථානයේ. එහි සිටද කුඩා කණ්ඩායම් වශයෙන් එල්.ටී.ටී.ඊ. ක්‍රියා බහුල වශයෙන් සිදුවන මුතූර් ප්‍රදේශයට ගොස් රහසිගත මෙහෙයුම් බොහොම සාර්ථක ආකාරයට කළා. එම මෙහෙයුම්වලදී ත්‍රස්තවාදී නායකයන් ඇතුළු සාමාජිකයන් මරා දැම්මා. අවි ආයුධ පවා අල්ලා ගත්තා. මාස දෙක තුනක කාලයක් මේ විදිහට එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් වැඩපැවැත්වීමේ රහසිගත මෙහෙයුම්වල නිරතව සිටියදී අපිව ආයෙත් කළුතර කටුකුරුන්ද කඳවුරට රැගෙන ආවා. එසේ අපිව මාස දෙක තුනක කාලයක් අම්පාර හා ත්‍රිකුණාමලය ප්‍රදේශවලට ගොස් මෙහෙයුම්වලට යවා ඇත්තේ ප්‍රායෝගික පුහුණුවීම් ලබාදීමට බව දැන ගැනීමට ලැබුණා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පුහුණු නවක කණ්ඩායම වූ අප සාර්ථක ලෙස ඒ කටයුතු සිදු කර තිබෙන බව කියා රවි ජයවර්ධන මහත්තයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ගේ විශේෂ ඇගයීම්වලට ලක්කළා.

 

Read Full Post »

Advertisements