Feeds:
Posts
Comments

Posts Tagged ‘මුලතිව්’

1465405_843486822383151_2379942156270810514_n2015 වර්ෂය සඳහා යුද හමුදා නිලධාරීන්ට බෙදා දී තිබු දිනපොතෙහි නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ රුව සහිත සුභාශිංසනයක් අඩංගුවී තිබීම හේතුවෙන් යුද හමුදා නිලධාරීන් එම දින පොත් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා විය .

මෙම ප්‍රවෘත්තිය දුටු හිටපු රොයිටර් ඡායාරූප වාර්තාකරුවෙක් වූ අනුරුද්ධ ලොකුහපුආරච්චි විසින් තබන ලද සටහනක් පහත දැක්වේ.

‘‘යුධ හමුදා 2015 දිනපොතට කරුණා අම්මාන්ගේ ඡායාරූපයක්ද ඇතුලත්ව ඇතැයි දැනගැනීම නිසා මේ සටහන තබමි. 2002 වසරේ සාම ගිවිසුම ආසන්න දිනෙක මට මුලතිව් ප්‍රදේශයේ ඡායාරූපගතකිරීමට අවස්ථාව ලැබිනි. ඒ සඳහා කිළිනොච්චියේ සිට යාමට වාහනයක් සහ පස්දෙනෙකුගෙන් යුක්ත එල් ටී ටී සන්නද්ධ භට පිරිසක් දයා මාස්ටර් විසින් සූදානම් කර තිබුනි. දවස පුරා මුලතිව් නගරයේ විවිධ ස්ථාන වල ඡායාරූප ගත් මා අවසානයේ මුලතිව් පල්ලියට ගියෙමි. ඒ අවට මිනිස් පුළුටක් දකින්න හිටියේ නැහැ. සුදු වැළිතලාව මත ඒ වන විටත් ඉතිරිව තිබූ බිත්ති කීපයකින් පල්ලියේ සුරුවමට හෙවනක් ලැබිල තිබුන.

33670289

පල්ලියෙ මිදුලෙ පැත්තක වැලිතළාව මත හමුදා යකඩ හිස්වැසුම් පන්සියයක් පමන ගොඩ ගසා තිබුන. ඒවා වසර කීපයක් පැරණි ඇතැයි පහසුවන් හඳුනාගන්නට තරම් මළකඩ සහිතය. මා එයින් එකක් අතට අරන් බැලුවෙමි. යකඩ හිස්වැස්මේ ඉදිරියෙන් ඇතුලට නෙරාගිය සිදුරකි. එම සිදුර සමීපයේ සිට තබන ලද වෙඩි පහරකින් ඇතිවූවක් බව හඳුනා ගන්න මගේ විසිපස් වසරක යුධ සහ පුවත් ඡායාරූප ශිල්පී අත්දැකීම් ප්‍රමාණවත්යයි විශ්වාස කරමි. මා තිහක් පමණ යකඩ හිස් වැසුම් පරීක්ෂා කෙරුවෙමි. ඒ සියල්ලේම එවන් සිදුරුවිය. ඒ පිලිබඳ මා සමග ගිය එල් ටී ටී කණ්ඩායමේ නායකයාගෙන් මා විමසුවෙමි. ඔහු කියා සිටියේ එවා මුලතිව් හමුදා කඳවුරේ සිටි රජයේ හමුදා භටයින්ගේ ඒවා බවය.

මා වැඩි දුරටත් ඔහුගෙන් තොරතුරු විමසූ විට ඔහු කියා සිටියේ . මුලතිව්හි රජයේ හමුදා කඳවුරට එල්ලකල ප්‍රහාරයෙන් යටත් වූ 207 ක් පමණ වූ හමුදා සෙබලුන් දණගස්වා මෙතැනදී හිසට වෙඩි තබා මරා දමා සටනේදි මිය ගිය 1000 ක් පමණ වූ අනෙක් හමුදා සොල්දාදුවන්ගේ සිරුරු සමග පල්ලිය ඉස්සරහා දමා ටයර් දමා ගිණිතැබූ බවත් මේ ඒ සොල්දදුවන්ගේ හිස්වැසුම් බවත්ය. සිහිවටනයක් ලෙස සිදුරු වූ හිවැස්මක් මා කොළඹට ගෙන යන්නදැයි ඇසූවිට ඔහු විරෝධයක් නොදැක්වීය.

Karuna.jpg

මා ඔහුත් ඒ අවස්ථාවේ සිටියාදැයි ඇසූවිට ඔහුගේ නිහඬ බව මට පිලිතුරක් සැපයීය. එහෙත් මගේ දෙවැනි පැණයට ඔහු වාචිකව පිලිතුරුදුනි. එනම්… ‘කවුද ඔයාලට අණ දුන්නෙ යටත් වුන සොල්දාදුවන්ගෙ ඔලුවලට වෙඩි තියන්න ?‘

‘අපේ කමාන්ඩර් කරුණා අම්මාන් එයා ඒ වෙලාවෙ අපිත් එක්ක මෙතන හිටිය…..!“

 

 

(Lankaenews)

Advertisements

Read Full Post »

mullaitivu-war-640x335

ජයන්ත හදිස්සියක්. මුලතිව් කෑම්ප් එකට වටකරලා ගහනවා. සී.ඕ.ට (අණදෙන නිලධාරිට) කතාකරලා ඉක්මනට මුලතිව් රෙස්කිව් එකට යන්න ලෑස්ති වෙන්න කියන්න. සී.ඕ. ඉක්මනට ලයින් එකට ගන්න යැයි කර්නල් දවුලගල දැනුම් දුන්නේය.

මෙම කාලවල ජංගම දුරකථන නොවූයෙන් සියලු දුරකථන ඇමතුම් ස්ථාවර දුරකථන ඇති තැන් මගින් පමණක්ම විය.

අලුයම් කාලයේම හමුදා මූලස්ථානයෙන් ආ දුරකථන ඇමතුම ගැන වහාම ලුතිනන් කර්නල් ලෆීර්ගේ නවාතැනට දුවගිය මේජර් ජයන්ත රත්නායක සර් මුලතිව්වලට ගහනවලු. මුලතිව් රෙස්කිව් කරන්න යන්න ලෑස්ති වෙන්න කියලා හෙඩ්ක්වාටර්ස්වලින් දැනුම් දුන්නා. යැයි කියත්ම උණ වැලඳී සිටි ලුතිනන් කර්නල් ලෆීර් හීයක වේගයෙන් නැගීසිට වහාම දුරකථනය වෙත ගොස් හමුදා මූලස්ථානය ඇමතීය.

ඒ අනුව ලුතිනන් කර්නල් ලෆීර්ගෙන් විමසුවේ තොප්පිගල මෙහෙයුම අතැර මුලතිව් යෑමට සූදානම් විය හැකිද යන්නය. දුරකථන ඇමැතුම ගන්නට එනවිටත් අණදෙන නිලධාරියා මේජර් ජයන්ත රත්නායකට බළඇණිය සූදානම් පිට තබන්නැයි කියා ගොස් තිබිණ. අණදෙන නිලධාරියා එනතුරු මේජර් ජයන්ත කපිතාන් නාලක ද සිල්වා ද කැටුව සියලු භට පිරිස් ‍පෝලිම් කර මෙහෙයුමට සූදානම් වන්නැයි දැන්වීය.

වනබද සටනක් සඳහා යාමට සූදානම් කර තිබූ ආම්පන්න සහිත මලු ඉවත් කර නගරබද සටන්වලට අවශ්‍ය ලෙසට සියලු දෙනා වහා සූදානම් කෙරිණ. නගරබද සටන්වලට වැඩිපුර අවශ්‍ය පතුරම් හා වතුර සෙබළුන්ගේ මලුවලට එක්කර ගැනිණ. මේ අතරේ කර්නල් ලෆීර් තම බිරිඳ අනෝමාට කතාකර මුලතිව් බේරාගැනීමට යාමට සිදුව ඇතැයි දැන්වීය.

ජූලි 18 උදෑසන 6.15ට පමණ මාදුරුඔය කඳවුරේ නැගෙනහිර පැත්තෙන් හෙලිකොප්ටර් හයක් මතුවූයේ තොප්පිගල මෙහෙයුම සඳහා කලින් සැලසුම් කළ පරිදිය. හෙලිකොප්ටර් සියල්ල මාදුරුඔය වැව් බැම්මේ නැවැත්වූයේ සෙබළුන් රැගෙන යාම සඳහාය.

මේ වනවිට මුලතිව් කඳවුරට කාලතුවක්කු සහාය ගැනීමට ද නොහැකි විය. වැලිඔය සිට කාලතුවක්කුවල උපරිම වෙඩි බලය ගත්ත ද මුලතිව්වලට සහායක් නොවීය. පණිවුඩ හුවමාරු ජාලය ද බිඳවැටී තිබිණ. මුහුදින් සහායක භට පිරිස් රැගෙන යාම ද අසීරු විය. මුලතිව් කඳවුරේ සිරවී සටන් කළ සෙබළුන්ගෙන් බොහොමයක් ඒ වන විටත් කොටින්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව තිබිණි. හතර වටින් කොටින්ට මැදිවී ජීවිතය යදින සහෝදර සෙබළුන් බේරාගැනීමට හමුදා මූලස්ථාන ප්‍රධානීන්ට නිසි සැලසුමක් නොවීය.

කෙසේ වුවද මුලතිව්වලට යාමට හැකිදැයි ඇසූ විගස ස්වේච්ඡාවෙන්ම එයට ඉදිරිපත් වූ ලුතිනන් කර්නල් ලෆීර්ගේ ඒකායන අරමුණ වූයේ තම සෙබළ සොහොයුරන් කොටින්ගේ ප්‍රාණ ඇපයෙන් බේරගැනීමටය. අනෙක් නිලධාරීන් පස්සට යද්දී තමන් විශාල අවදානමක් ගෙන එහි යාමට සූදානම් වන්නේ කිසිදු සහායක් නොමැති වටපිටාවකය. ඉහළ නිලධාරීන් සහායට භට කණ්ඩායම් හා කාලතුවක්කු සහාය සූදානම් කර අවසන් වනතුරු නොසිට පමා නොකර මුලතිව් බලා යාමට කර්නල් ලෆීර්ට අවශ්‍ය වූයේ තවත් ජීවිත කිහිපයක් හෝ රැකගන්නටය.

බ්‍රිගේඩියර් ජානක පෙරේරා හා එවකට කමාන්ඩෝ හා විශේෂ බළකා භාරව සිටි ස්වාධීන බළසේනාධිපති බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දු මුලතිව්වලට කාලතුවක්කු සහාය මෙන්ම ගුවනින් හා මුහුදින් භට පිරිස් යැවීමට සැලසුම් කළේය. එම සැලසුම් ක්‍රියාත්මක වන්නටත් පෙර ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් මුලතිව් යාමට තීරණය කළේ මුලතිව්වල ජීවිතයත්, මරණයත් අතර සටනක නිරත සහෝදර සෙබළුන්ට දිරිය දෙන්නටය. හෙලිකොප්ටර් හයක නැගුණු ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් ඇතුළු පළමුවැනි විශේෂ බළකා භට කණ්ඩායම් උදෑසන අට පමණ වනවිට ත්‍රිකුණාමල, චයිනා බේ ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන එනු ලැබූහ. ගුවන් පථයේ දී බළඇණිය යළි ‍පෝලිම් කර ඉදිරි මෙහෙයුම සඳහා දැනුවත් කරන්නට සෙසු නිලධාරීන්ට භාර දී ලුතිනන් කර්නල් ලෆීර් එම කඳවුරේ පැවැති හමුදා ප්‍රධානීන්ගේ සාකච්ඡාවට එක්විය.

ගුවන් හමුදා මෙහෙයුම් මැදිරියට එක් වූ හමුදා ප්‍රධානීන් ඉදිරි සැලසුම් ගැන උපදෙස් දෙමින් විශේෂ බළකාය සටන්බිමට යද්දී කාලතුවක්කු සහායත්, සහායට පාබළ සේනාංකත් එවන බවට ‍පොරොන්දු විය.

ඒ සියලු ‍පොරොන්දු ප්‍රායෝගිකව ඉටුකිරීම අසීරු බව දැනුණ ද මුලතිව් කඳවුරේ සිරවුණු සගයන් වෙනුවෙන් අභියෝගය භාරගත් කර්නල් ලෆීර් ජූලි 18 සවස 4.30ට සාකච්ඡාව අවසන් කර පැමිණියේ ජයන්ත යන්න ලෑස්ති වෙන්න කියාගෙනය.

අපි කොතනටද යන්නේ සර්? යැයි මේජර් ජයන්ත රත්නායක විමසද්දී කර්නල් ලෆීර් පෙන්නුවේ මුලතිව් සිතියමේ අලම්පීල්වල කොටසකි. 1990 දී කොටි ත්‍රස්තයන් මුලතිව් කඳවුර වටකරගෙන මෙවැනිම ප්‍රහාරයක් එල්ල දරද්දී බ්‍රිගේඩියර් ජානක පෙරේරාගේ නායකත්වයෙන් කෙරුණ සී බ්‍රිස් මෙහෙයුමෙන් ගුවනින් හා මුහුදෙන් සංග්‍රාම භූමියට ගොස් කඳවුර බේරාගන්නට කළ සටනේදීත් ලුතිනන් කර්නල් ලෆීර් එහි ඛණ්ඩ භාර නිලධාරියකු ලෙස ගිය අයෙකි. එහිදීත් පළමු විශේෂ බළකාය කළ මෙහෙවර නිසා කඳවුරේ සෙබළුන් බේරාගැනීමට හැකිවිය. නමුදු එල්.ටී.ටී.ඊය මෙවර කලින් අසාර්ථක වූ තැන් පවා මනාව අධ්‍යයනය කර මෙම ප්‍රහාරය එල්ල කර තිබිණි.

සර් අපිට කමියුනිකේෂන් කොහොමද? ආටිලරි (කාලතුවක්කු) ස‍පෝට් එක හම්බවෙනවද? මේජර් ජයන්ත ඇතුළු නිලධාරීහු හදිසි මෙහෙයුම ගැන අණදෙන නිලධාරීගෙන් විමසූහ.

අපි මුලතිව් යද්දි කමියුනිකේෂන් හරිගස්සලා තියෙයි. ජානකපුරින් ඉස්සරහට ආටිලරි ගන්ස් ගෙනල්ලා වන් ත්‍රී සීරෝ (130 මි.මී. කාලතුවක්කුව) ස‍පෝට් එක දෙනවා කියලා ‍පොරොන්දු වුණා. යැයි කියමින් කර්නල් ෆස්ලි තම කණ්ඩායම අස්වැසීය. එහෙත් ඒවා ඉටුවන තුරු තම ජීවිත අවදානම් බව සියලු දෙනා දැන සිටියහ. ඕනෑම අභියෝගයක් භාර ගන්නට කැමැති ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් මෙය මරාගෙන මැරෙන්නට යන සටනක් බවත් දැන දැනත් මුලතිව් යන්නට තීරණය කර සිටියේය.

ජූලි 18 දා සවස මුලතිව් කඳවුර බේරාගන්නට තමා පිටත්වන බව කර්නල් ලෆීර් තම බිරිඳ අනෝමාට දුරකථන ඇමතුමක් දී දැන්වීය. යුද්ධය ගැන මනා අත්දැකීමක් ඇති අනෝමා ලෆීර් මහත්මිය මේ ගමනේ අවදානම දැන සිටියත් ෆස්ලි ඕනෑම අභියෝගයක් භාරගෙන ජයගත් අයකු නිසාවෙන් ඔහුගේ ගමනට බාධා නොකළාය. යාපනය කොටුවට 1990 දී කොටි ත්‍රස්තයන් වටකර පහරදී කොටුව අත්පත් කරගන්නට සූදානම් වන මොහොතේ රාජාලියා මෙහෙයුම (ඔපරේෂන් ඊගල්) මගින් යාපනය කඳවුර බේරාගන්නට ගිය මේජර් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමට කෑම හා වෙඩි උණ්ඩ රැගෙන අභියෝගාත්මක ගමනක් ගියේ ද කර්නල් ලෆීර්ය.

මෙකී අභියෝග ජයගනිමින් යන නිර්භීත නිලධාරියකු වූ කර්නල් ලෆීර්ව “සුසයිඩ් එක්ස්ප්‍රස්” මෙහෙයුමෙන් පසුව හමුදා නිලධාරීන් හැඳින්වූවෙත් සුසයිඩ් එක්ස්ප්‍රස් නමිනි.

මුලතිව් බලා යන ගමනට තම කණ්ඩායම්වලට නායකත්වය දෙමින් තමන්ම මුලින්ම යන කණ්ඩායම සමග යාමට කර්නල් ලෆීර් ද එක්විය. බලඇණියේ අණදෙන නිලධාරියා සටන් පෙරමුණට යාම නිර්භීත නිලධාරින්ට පමණක් උරුම වූ දෙයක් නිසා මොහු ද එසේ එක්විය.

ගොල්ෆ් හා චාලි බලඝන දෙක සමග ඉර බැස යන මොහොතේ (Last Fight) උපක්‍රමික ලෙස අලම්පීල්වලට ගොඩබැසීමට සැලසුම විය. පියාසර ලුතිනන් ශිරාන් පෙරේරා ඇතුළු ගුවන් නියමුවෝ අභියෝගාත්මක ගුවන් මෙහෙයුමට දායක වූහ.

සී. බ්‍රිස් මෙහෙයුමේ දී මුලතිව්වලට උතුරින් ගොඩබැස්ස ද මෙවර මුලතිව්වලට කිලෝමීටර් හතරක් දකුණින් අලම්පිල් වෙරළ තීරයට යාමට ගුවන් නියමුවන්ට පැවරිණි. සවස 4.30ට ත්‍රිකුණාමලයෙන් ඉහළට නැංවුණු හෙලිකොප්ටර් යානා පහක් අඳුර කපාගෙන විනාඩි හතළිහක් පමණ ඇතුළත අලම්පිල් බලා ළඟාවූහ. කර්නල් ලෆීර් හා මේජර් රත්නායක දෙවැනි හෙලිකොප්ටරයේ වූහ.

එම්.අයි. 17 හෙලිකොප්ටරයක සෙබළු තිස්පහක් රැගෙන ගිය අතර හෙලිකොප්ටරය ‍පොළොව ආසන්නයට ළං කරද්දී තප්පර විසිඑකකට කලින් සියලු දෙනා බැසගැනීමට පුරුදු කර තිබිණි.

අපිට ලෑන්ඩ් කරන්න විදියක් නැහැ. චොපර් පාත් කරපු ගමන් හැමෝම පරිස්සමට පැනගන්නයි කර්නල් ලෆීර් තම කණ්ඩායම් දැනුවත් කර තිබිණි.

මුලතිව් වෙත ළඟා වෙද්දී කඳවුරෙන් නැගෙන වෙඩි හඬත්, අහසට නැගෙන කළු දුමාරයත් හැර වෙන කිසිවක් ගුවන් නියමුවන්ට දැකගත නොහැකි විය. මුලතිව් මහ වනාන්තරයට ඉහළින් වට කිහිපයක් ගිය ශිරාන්ට කඳවුරේ දකුණින් වූ වැලි තලාවක් සහිත තැනක් නිරීක්ෂණය විය. වහාම හෙලිකොප්ටරය පහත් කරනවාත් සමග නියමුවාට වෙනසක් තේරිණි. මුහුදු වැල්‍ලේ වළවල් කපාගෙන සිටි කොටින්ගේ ෆයිව් සීරෝ (ගුවන් යානා නාශක අවි) අවි ඇටවූ තිප්‍පොළක් මතට යානය පහත්කර ඇතැයි පසක් වනවිටත් යානයට වෙඩි තබන්නට අර අඳින කොටි ත්‍රස්තයාගේ හිස මතට යානය පහත්කර යටකර මරාදමා යානයේ අවර පෙතිවලින් වැලි කුණාටුවක් මෙන් ඇවිස්සෙන තෙක් ළං කළේය. සිනිඳු වැලි තලාව වැලි කුණාටුවක් මෙන් කොටි ත්‍රස්තයන්ගේ දෑස් වැසෙන තරමට වැලි ඉහළට නගිද්දීත් ත්‍රස්තයන් හතර වටේට වෙඩි තබන්නට වූහ.

එහි දී යානයේ කෙළවරක සිටි කෝප්‍රල් ලන්දේකුඹුරගේ අත පසාරු කරගෙන යද්දී එයින් කුපිත වී ගොඩබිමට පැනගත් කෝප්‍රල් මංජුල සෝමසිරි ඇතුළු දෙදෙනකු කොටි ත්‍රස්තයන් එකිනෙකා මරා දමමින් කොටි සතු ෆයිව් සීරෝ අවියක් ද සටන්බිමට ගොඩබට වහාම අත්පත් කරගෙන එයින්ම සතුරාට පහරදුන්හ.

තත්පර ගණනක් ඇතුළත සියල්ලම සිදු වූ අතර හෙලිකොප්ටර් යානා දෙකක පැමිණ භට කණ්ඩායම් හා අණදෙන නිලධාරියාට පමණක් ගොඩබසින්නට හැකි විය. කොටි ත්‍රස්තයන් පවා නොසිතූ මොහොතක සටන් බිමට විශේෂ බළකා භට පිරිස් ගොඩබැසගත් අතර සෙසු හෙලිකොප්ටර් හතරේ සෙබළුන් ත්‍රස්ත ප්‍රහාර නිසා ගොඩබැස්සවීමට නොහැකි වූ නිසා යළිත් ත්‍රිකුණාමලයට පියාසර කළේය.

ඒ වන විටත් සටන්බිම තිබුණේ දරුණු තත්ත්වයකි. විශේෂ බළකාය මුලතිව්වලට ගොඩබසින විටත් පණිවුඩ හුවමාරු යන්ත්‍ර ක්‍රියාත්මක නොවිණි.

අලම්පිල් වෙරළේ සිට මීටර් හාරසියයක් පමණ ඇතුළට වන්නට වූ ආරක්ෂිත තැනක වට ආරක්ෂාව දමාගත් විශේෂ බළකා විරුවන් අඳුරේම උපක්‍රමශීලීව සැඟවී යාම නිසා කොටින්ටත් සොයාගත නොහැකි විය. වට ආරක්ෂාව යොදාගෙන විඩාව නිවාගත් කර්නල් ලෆීර්, මේජර් රත්නායක ඇතුළු කණ්ඩායම සෙසු කණ්ඩායම් පැමිණි පසුව ඉදිරි මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට තීරණය කළහ.

හැටක පමණ පිරිසක් එහි වූ අතර ගොඩබිමට සේන්දු වෙද්දී තුවාල ලද සෙබළුන්ට ද එහි දී ප්‍රථමාධාර දී ප්‍රතිකාර කරන්නට යුහුසුලු විය. කොටින්ට ඉව නොදැනෙන්නට සියලු දෙනා ස්ථානගත වූ අතර කුගර් පණිවුඩ හුවමාරු යන්ත්‍ර මධ්‍යම රාත්‍රිය වනවිටත් ක්‍රියාත්මක නොවීය.

මෙදින රාත්‍රියේ කර්නල් ලෆීර් ජීප් රථයෙන් එන ශබ්ද ඇතුළුව විවිධ සිතුවිලි ගලා එන්නට වූයෙන් අනෝමා ලෆීර් ද නිදිවර්ජිතව සිටියාය. මාස ගණනක් තිබූ පෑවිල්ල නිසා ඉඩෝරයට විදුලිය පවා කපන කාලයක් වුව ද එදා රාත්‍රියේ ඉඩෝරය නිමා කරමින් මහ වැසි ඇද හැළෙන්නට වූයේ පරිසරයද වෙනස් කරමිනි.

ෆස්ලි මුලතිව්වලට ගිය පසු කිසිදු ඇමතුමක්වත් තොරතුරක්වත් නොවුව ද ඇය ෆස්ලි ජීවිතයේ බය නොහඳුනන නිලධාරියකු බවට දැන සිටියාය.

ජීප් රථවල ශබ්ද කන ඇතුළේ දෝංකාර දෙද්දී ෆස්ලි තමන් බැලීමට ආවාද යන්න දොරකඩට ගොස් බලන්නට ද අමතක නොකළාය.

විශේෂ බළකාය සතුව එවකට තිබූ කූගර් වර්ගයේ පණිවුඩ හුවමාරු යන්ත්‍ර සතුරාටවත් අසන්නට නොහැකි ආරක්ෂිත පණිවුඩ හුමවාරු යන්ත්‍ර වූ අතර ඒවා අතර සම්බන්ධතාව ගොඩනැංවීමට ලුතිනන් රාජපක්ෂ මාදුරුඔය සිට වව්නියාවට පිටත්කර තිබිණ.

ත්‍රිකුණාමලය බලා ගිය හෙලිකොප්ටර් යළිත් විශේෂ බළකායේ ඉතිරි භට කණ්ඩායම් රැගෙන යළිත් ගුවනට නැගුණේ ඝන අඳුරේය. එම පිරිසට කපිතාන් නාලක ද සිල්වා, කපිතාන් ස්ටැන්ලි සිරිමාන්න ඇතුළු කණ්ඩායම ද අයත් වූහ. එම හෙලිකොප්ටර් මුලතිව් කැලෑවේ ගස්වල ගැටෙන නොගැටෙන මට්ටමට ගොස් වෙරළ තීරයට ළං වූයේ රෑ 1.00ට පමණය.

මුලතිව් කඳවුරට කිලෝමීටර් තුනක් පමණ දකුණට වන්නට මෙම පිරිස ගොඩබැස්සවීමට සූදානම් වෙද්දී යළිත් කොටින්ගේ ෆයිව් සීරෝ වෙඩි උණ්ඩ හතර වටේට නිකුත් වන්නට වූයේය.

තප්පර ගණනක් ඇතුළත යළි හෙලිකොප්ටර් පහෙන් ආ සෙබළුන් හා නිලධාරීන් තැන් කිහිපයකට ආරක්ෂිතව ගොඩබැස්සවූ අතර එක් හෙලිකොප්ටරයකින් මීටර් දහයක් පමණ උඩ දී කොටසක් පැනගත් අතර කපිතාන් නාලක ද සිල්වා ඇතුළු පහළොවක් හෙලිකොප්ටරයේ තබාගෙන යළිත් හෙලිකොප්ටරය ඉහළට නැංවිණ.

එසැණින් වහාම අපිවත් බස්සන්න අපේ කොල්ලන්ට තනියෙන් මැරෙන්න දෙන්න බැහැ. කරුණාකරලා අපිව බස්සලා යන්නැයි නාලක සිල්වා ගුවන් නියමුවාට කී දෑ ක්‍රියාත්මක නොවෙද්දී ගුවන් නියමුවාට ගිනි අවිය දික්කර තමන්ව මුලතිව් සටන්බිමට බස්සවා ගන්නට තරම් මෙම නිලධාරීහු නිර්භීත චරිත විය.

ඉන් පසුව ආරක්ෂිතව යළිත් මෙම පිරිස් ගොඩබැස්සවූ අතර එතැන් පටන් සියලු දෙනාට කොටින්ගේ මෝටාර් හා වෙඩි වරුසාවලින් ආවරණය වී ඉන්නට සිදුවිණි. කපිතාන් සිරිමාන්න සමග ගොඩබට විශේෂ බළකා සෙබළුන් ද කොටින්ගේ ෆයිව් සීරෝ අවියක් ද අත්පත් කරගෙන තිබුණි.

කර්නල් ලෆීර් ඇතුළු කණ්ඩායම රැඳී සිටි තැනට කිලෝමීටර් හතරක් පමණ ඈතට වන්නට විශේෂ බළකා ඉතිරි කණ්ඩායම් ගොඩ බැසගෙන ආරක්ෂිත තැන් කරා ඇදී ආහ.

ඒ අතරේ තම කුගර් යන්ත්‍රයෙන් කතා කර තමන් මුලතිව්වලට ගොඩ බැසගත් බව කපිතාන් උපුල් අබේරත්න හා කපිතාන් නාලක සිල්වා අණදෙන නිලධාරි අමතා දැන්වීය.

මෙම කණ්ඩායම් සමග මුලතිව් බලසේනාධිපති කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමද මුලතිව් බලා පැමිණ තිබිණි. ලුතිනන් කර්නල් සේනාධීර ගුණරත්න ද එම පිරිස අතර විය.

කොටි ත්‍රස්තයන් නොසිතූ මොහොතක ගස්වල ගෑවෙන නොගෑවෙන මට්ටමින් හෙලිකොප්ටර් පැමිණ භට පිරිස් ගොඩ බැස්සවීමත් සමග යළිත් කඩි ගුලක් මෙන් කොටි ප්‍රහාරකයන් ඇවිස්සිණි.

හරි තැනක් සොයාගත නොහැකි වුවත් දිගට හරහට මෝටර් හා වෙඩි උණ්ඩ සතුරන් දෙසින් නිකුත්වන්නට වූයේ මල් වැසි මෙන්ය. ආරක්ෂිත තැන්වලට යමින් පරණ ගොඩනැගිලි නටබුන් සහිත තැන්වලට ආවරණය වෙමින් එම ප්‍රහාරවලින් බේරෙන්නට සෙබළුන් අපමණ උත්සාහයක් ගත්හ. මුහුදු කොටින්ගේ ප්‍රහාරක බෝට්ටු යොදවා මුලතිව් වෙරළටද දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ.

විශේෂ බළකා භට කණ්ඩායම් සතුරාට නොදැනෙන්නට විස්මය තබා ගනිමින් ඉදිරියට ගොස් අණදෙන නිලධාරියා ඇතුළු කණ්ඩායම සමග එක්වන්නට සමත් වූහ. ඒ වන විට ජූලි 19දා අලුයම 4.00ට පමණය.

කොටි ත්‍රස්තයන් කොතරම් ප්‍රහාර එල්ල කළද විශේෂ බළකා සෙබළුන්ට එක් උණ්ඩයක්වත් පිට නොකර නිශ්ශබ්දව සිටින්නැයි උපදෙස් දී තිබිණි. ඒ පසුදින (19) එළිවනතුරුම හමුදා විශේෂ කණ්ඩායම් සිටින්නේ කොතැනදැයි විස්මය තබා ගැනීමටය.

මේ අතරේ කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දු මුලතිව් කඳවුර සමග පණිවුඩ හුවමාරු සබඳතා ගොඩනගාගන්නට දැඩි උත්සාහයක් ගත්තේය. කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දු සමග ඔහුගේ බළසේනාවට අයත් විසිදෙනකු පමණ රැඳී සිටියහ. යුද හමුදා කඳවුරුවල ඇති පී.අර්.ජී. 77 පණිවුඩ හුවමාරු යන්ත්‍ර හරහා මොවුන් පණිවුඩ හුවමාරු කර ගන්නට උත්සාහ කළහ. මෙම පණිවුඩ හුවමාරු යන්ත්‍රයෙන් කතා කරන දේ එල්.ටී.ටී.ඊ.යට සවන් දීමට හැකි පණිවුඩ යන්ත්‍ර තිබුණොත් එම පණිවුඩ හුවමාරු යන්ත්‍රවලින් කතා කිරීම අනාරක්ෂිත වූයේය.

විශේෂ බළකාය සතු කුගර් යන්ත්‍ර අනෙක් ඒකකවලට අසන්නට නොහැකි ආරක්ෂිත ඒවා වුවද මුලතිව් කඳවුරේ එවැනි යන්ත්‍රයක් නොතිබුණෙන් එම යන්ත්‍රවලින් සබඳතා පවත්වා ගැනීම අසීරු විය. ජූලි 19දා අලුයම හිරු නැග එත්ම උදෑසන 6.00 පමණ සියලු දෙනාම එකිනෙකා රැඳී සිටින තැන්වලින් ආරක්ෂිතව ඉදිරියට යාමට සූදානම් කෙරුණේය.

“ජයන්ත අපි දැන් මුලතිව්වලට යමු” යැයි ලුතිනන් කර්නල් ෆස්ලී ලෆීර් මේජර් ජයන්ත රත්නායකට දැන්වීය. මෙම විශේෂ බළකා භට කණ්ඩායම් ඒ වන විට මුලතිව් කඳවුරට කිලෝමීටර් තුනක් ආසන්නයේ රැඳී සිටියහ. ඒ වනවිටත් කොටි ත්‍රස්තයන් මුලතිව් කඳවුර වට කරගෙන පහර දෙමින් සිටියහ. ඉදිරි මෙහෙයුමට පෙර කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දු හට තමන්ට ඉදිරියට යාමට ඇති අභියෝගය ගැන කතා කරන්නට කර්නල් ලෆීර් අමතක නොකළේය.

“සර් අපිට කමියුනිකේෂන් ප්‍රශ්න තියෙනවා. අපේ සෙට් තාම වැඩ කරන්නේ නැහැ. අපිට ආටිලරි ස‍පෝට් එක ගන්න ප්‍රශ්න තියෙනවා” යැයි ලුතිනන් කර්නල් ලෆීර් පෙන්වා දුන්නේය. තම කණ්ඩායම ඉදිරියට ගමන් කරද්දී හෝ කාලතුවක්කු සහාය ලැබේයැයි විශ්වාසයක් මත කර්නල් ලෆීර් මෙහෙයුමට සූදානම් විය. මේ අතරේ මුලතිව් කඳවුරේ දැවැන්ත කොටි ප්‍රහාරයකට මැදිව සිටි මේජර් අලීබා පණිවුඩ හුවමාරු යන්ත්‍රය හරහා කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දු සමග ඒ මොහොතේ සම්බන්ධ වූයේය.

“අලී උඹ අල්ලගෙන හිටපන්. අපි එස්.එෆ්. එකත් එක්ක අලම්පීල්වල ඉන්නවා. උදේ නවය, දහය වෙනකොට අපි කෑම්ප් එකට එන්නම්.” කියා කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දු මේජර් අලීබාට දැන්වීය. මෙම පණිවුඩ හුවමාරුවෙන් රැඳී සිටින ප්‍රදේශය දැනුම් දීමත් එම පණිවුඩ හුවාමරු වන තැන සොයා ගැනීමටත් හැකි වීමත් සතුරාට වාසිදායක වූවා විය හැකිය.

කෙසේ වුවද භූමියට අනුව හැඩගැසීමට ඇති හැකියාව උපයෝගී කරගෙන විශේෂ බළකා භට කණ්ඩායම් තම අණදෙන නිලධාරියා සටන් බිමේ සිටම දුන් නිර්භීත නායකත්වය නිසා ඇති වූ චිත්ත ධෛර්යයෙන් සහෝදර සෙබළුන් බේරාගැනීමට ඉදිරියට ඇදෙන්නට වූහ.

Read Full Post »