Feeds:
Posts
Comments

Archive for November, 2014

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුවේ කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසයෙන් නැගෙනහිර පළාත් සභාවට මඩකලපුව දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් පත්වී සිටි එස්‌. එම්. සුබයිර්, අමිර් අලි සහ සිබ්ලි ෆාරුක්‌ යන මන්ත්‍රීවරුන් පසුගිය 25 දා සන්ධාන පාලක පක්‍ෂයෙන් ඉවත්වී ස්‌වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීමත් සමග එම පළාත් සභාව තුළ අර්බුදයක්‌ පැනනැඟී තිබේ.

නැගෙනහිර පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට මන්ත්‍රීන් 22 ක්‌ ද වික්‍ෂයට මන්ත්‍රීන් 15 ක්‌ද සිටිති. එහි ආණ්‌ඩු පක්‍ෂය සකස්‌වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් 7 ක්‌ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසයෙන් 7 ක්‌ සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසයෙන් 3 ක්‌ සහ ඒ. එල්. එම්. අතාවුල්ලා ඇමැතිවරයාගේ ජාතික කොන්ග්‍රසයෙන් 3 ක්‌, පිල්ලෙයාන්ගේ තමිල් මක්‌කල් විධුතලෙයි පුලිගල් පක්‍ෂයෙන් 01 ක්‌ සහ ජාතික නිදහස්‌ පෙරමුණේ 01 මන්ත්‍රීවරයෙක්‌ වශයෙනි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 7 කින් හා එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී වරුන් 07 කින් විපක්‍ෂය සෑදී ඇත.

නැගෙනහිර පළාත් සභාව පිහිටුවනු ලැබූ අවස්‌ථාවේ ශ්‍රීලනිපයේ නජීබ් අබ්දුල් මජීඩ් මහතා ප්‍රධාන ඇමැති ධුරයට පත්වූයේ දෙවසරක කාලයක්‌ සඳහාය. ඉතිරි වසර 02 සඳහා ප්‍රධාන ඇමැති ධුරය මුස්‌ලිම් කොන්ග්‍රසයට ලබාදිය යුතු බවට සන්ධාන නායකයින් හා මුස්‌ලිම් කොන්ග්‍රසය අතර ගිවිසුමක්‌ ඇති කරගනු ලැබීය. ඒ අනුව 2015 මාර්තු මාසයේදී නජීඩ් අබ්දුල් මජීඩ් ප්‍රධාන ඇමැතිවරයා ඉවත්වී එම තනතුර මුස්‌ලිම් කොන්ග්‍රසයට ලබාදිය යුතුව තිබේ.

නැගෙනහිර පළාත් සභාවේ ඇමැති ධුර වලට පත්කිරීමේදී ශ්‍රී ලනිපයට එක්‌ ඇමැති ධුරයක්‌ද ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයට ඇමැති ධුර 02 ක්‌ද අතාවුල්ලා මහතාගේ ජාතික කොන්ග්‍රසයට එක්‌ ඇමැති ධුරයක්‌ද හිමිවිය.

එහෙත් මන්ත්‍රීවරුන් තිදෙනකු සිටින රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාගේ සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසයට ලැබුණේ පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ධුරය පමණි.

එම පක්‍ෂයෙන් තේරී පත්වූ පළාත් සභා මන්ත්‍රීන් තිදෙනා අතර 2005-2010 කාලයේ පාර්ලිමේන්තුවට තේරී පත්වී නැවත පදිංචි කිරීමේ හා ප්‍රති සංස්‌කරණ නියෝජ්‍ය ඇමැති ධුරය දැරූ අමීර් අලි මහතාද වෙයි. අමිර් අලි මහතාට පළාත් සභාවේ ඇමැති ධුරයක්‌ ලබාදීමට නොහැකි වූ බැවින් ඔහු ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කොට නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ ලබාදෙන බවට සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත සහ බැසිල් රාජපක්‍ෂ යන ඇමැතිවරු පොරොන්දු වූ බව සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසය කියයි.

අමිර් අලි මහතා ජාතික ලැයිස්‌තු මන්ත්‍රීවරයකු වශයෙන් පත් කිරීම සඳහා ජාතික ලැයිස්‌තු මන්ත්‍රීවරියක වන මාලිනී ෆොන්සේකා මහත්මිය සන්ධාන නායකයන්ගේ ඉල්ලීම අනුව ඉල්ලා අස්‌වූවාය. එහෙත් මෙම ගිවිසුම ගැන දැන නොසිටි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාලිනී ෆොන්සේකා මහත්මියගේ ඉල්ලා අස්‌වීම අස්‌කර ගන්නා ලෙස ඇයට දැනුම්දී තිබිණි.

නැගෙනහිර පළාත් සභාව පත්වී වසර 2 ක්‌ ගතවී ඇතත් අමිර් අලි මහතාට තනතුරක්‌ නොලැබීම ගැන සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසය පසුවන්නේ දැඩි කලකිරීමකිනි. එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව පසුගිය 25 දා රැස්‌වී ඔවුන්ගේ මන්ත්‍රීන් තිදෙනා නැගෙනහිර පළාත් සභාවේ පාලක පක්‍ෂයෙන් ඉවත්වී ස්‌වාධීනව කටයුතු කළ යුතු යෑයි තීරණය කළේ මේ නිසා බව එහි ප්‍රකාශකයෙක්‌ පැවසීය.

කෙසේ වුවද ජනාධිපතිවරණය ජනවාරි මාසයේ පැවැත්වෙන බැවින් නැගෙනහිර මුස්‌ලිම් ඡන්ද රැකගැනීමේ අරමුණින් ආණ්‌ඩුව දැන් අමිර් අලි මහතා පාර්ලිමේන්තුවට පත් කිරීම ගැන දැඩි අවධානය යොමුකොට ඇතැයි දැනගන්නට තිබේ. මේ අනුව ජාතික ලැයිස්‌තුවෙන් පත්වී සිටින ඒ. එච්. එම්. අස්‌වර් මන්ත්‍රීවරයාට ඉල්ලා අස්‌වන ලෙස දැනුම් දී එම පුරප්පාඩුවට අමිර් අලි මහතා පත් කිරීමට ආණ්‌ඩුව අදහස්‌ කොට ඇතැයි දැන ගන්නට තිබේ.

මේ අතර රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාගේ සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසයේ වන්නි දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී උවයිස්‌ µdරුක්‌ මහතා පසුගිය 26 දා එක්‌සත් ජාතික පක්‍ෂයට එක්‌වී පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළකරන බව කියා සිටියේය. එය පක්‍ෂයේ තීරණයක්‌ නොවන බැවින් උවයිස්‌ µdරුක්‌ මහතා පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරන බව සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසයේ මහ ලේකම් වයි. එල්. එස්‌. එස්‌. හමීඩ් මහතා පවසයි.

මෙයින් පෙනී යන්නේ සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසය නැගෙනහිර පළාත් සභාවේ තම මන්ත්‍රීන් තිදෙනා ස්‌වාධීන කිරීමෙන් ආණ්‌ඩුවට බලපෑමක්‌ කිරීම සඳහා මෙම පියවර ගත් බවයි. නැගෙනහිර පළාතේ මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ මුස්‌ලිම් ඡන්ද ආණ්‌ඩුවට ඉතා වැදගත් බැවින් ඔවුන්ගේ මෙම ක්‍රියාවට යහපත් ප්‍රතිචාර ආණ්‌ඩුවෙන් ලැබෙනු ඇත.

එසේ වුවද මුස්‌ලිම් ජනතාව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඉවත්වීමට පටන්ගැනීම නිසා සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසයට මෙන්ම ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසයටද තමන්ගේ ඡන්ද පදනම රැක ගැනීම සඳහා දැඩි උත්සාහයක්‌ ගැනීමට සිදුවී තිබේ. බොදු බලසේනා සංවිධානයේ මුස්‌ලිම් විරෝධී කටයුතු නිසාත් එම සංවිධානයට ආණ්‌ඩුවේ අනුග්‍රහය ලැබෙන බවට මුස්‌ලිම් ජනතාව තුළ විශ්වාසයක්‌ ගොඩනැඟී තිබීම නිසාත් මුස්‌ලිම් ජනතාව ඈත්වීමට පටන්ගෙන ඇතැයි මුස්‌ලිම් කොංග්‍රසයේ ප්‍රකාශකයෙක්‌ අප සමග කීය.

මේ තත්ත්වයන් යටතේ සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසයේ මධ්‍යම කාරක සභාව පසුගිය 25 දා රැස්‌වූ අවස්‌ථාවේ එහි සාමාජිකයන් 37 දෙනා ගෙන් 25 දෙනකුම පවසා ඇත්තේ පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් විය යුතු බවයි.

එහෙත් පක්‍ෂයේ නායක රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා පක්‍ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 68 දෙනා දෙසැම්බර් 3 දා කොළඹට කැඳවා තිබේ. ඒ අතරම පක්‍ෂයට හිතවත් බුද්ධිමතුන්, උගතුන්, නීතිඥයන්, උලමාවරුන් ඇතුළු විද්වතුන් පිරිසක්‌ද එදිනට කැඳවා ඇති රිෂාඩ් බදුර්දීන් මහතා තම පක්‍ෂය ආණ්‌ඩුවේ සිටිය යුතුද යා යුතුද යන්න පිළිබඳව තීරණයක්‌ ගැනීමට කටයුතු කරමින් සිටී.

එසේම ඒ මහතා වන්නි දිස්‌ත්‍රික්‌කයේ ඔහුගේ මෙහෙයවීමෙන් නිවාස තනාදී පදිංචි කළ ජනතාවගෙන් අදහස්‌ විමසීමට යන බවද එම පක්‍ෂයේ ප්‍රකාශකයා තවදුරටත් කීය.

මේ අතර මැලේසියාවේ පාලක පක්‍ෂය වන එක්‌සත් මැලේ ජාතික සංවිධානයේ (ඹඵභධ) ජාතික සම්මේලනයට සහභාගිවීම සඳහා ක්‌වාලාලම්පූර් බලා ගොස්‌ සිටි මුස්‌ලිම් කොන්ග්‍රස්‌ නායක ඇමැති රාවුµa හකීම් සහ මහලේකම් හසන් අලි යන මහත්වරු සිකුරාදා (28 දා) පෙරළා ශ්‍රී ලංකාවට පැමිණි අතර ඉදිරි ජනාධිපතිවරණයේදී මුස්‌ලිම් කොන්ග්‍රසය ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක්‌ ගැනීම සඳහා එම පක්‍ෂයේ උත්තරීතර මණ්‌ඩලය මේ සතියේ රැස්‌වීමට නියමිතය.

මුස්‌ලිම් කොන්ග්‍රසය සහ සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඉවත් වුවද නැගෙනහිර පළාත් සභාවේ සන්ධාන පාලනය පෙරළා දැමීමට කටයුතු නොකරනු ඇතැයි දැනගන්නට තිබේ.

එයට හේතුව එම පළාත් සභාව පෙරළා දැමූ විට නැගෙනහිර පළාතේ විශේෂයෙන්ම මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ මුස්‌ලිම් බලය යටපත්වී දෙමළ ජාතික සන්ධානය ඉස්‌මතු වීමට තිබෙන හැකියාවයි.

එසේම වන්නි දිස්‌ත්‍රික්‌කයෙන්ද සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසය හා මුස්‌ලිම් කොන්ග්‍රසය ආණ්‌ඩුවෙන් ඉවත් වුවහොත් වන්නියේ හා උතුරේ දෙමළ ජාතිකයන්ගේ සහ කතෝලික බලය ඉහළ යනු ඇති බවද මුස්‌ලිම් නායකයන් අතර බියක්‌ පවතී.

මේ තත්ත්වයන් යටතේ ආණ්‌ඩුවෙන් යැම හෝ ආණ්‌ඩුවේ තවදුරටත් රැඳී සිටීම පිළිබඳව තවදුරටත් ගැඹුරින් කල්පනා කොට තීරණ ගැනීමට මුස්‌ලිම් පක්‍ෂවලට සිදුවී තිබේ.

විශේෂයෙන්ම නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන ඇමැති ධුරය 2015 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසයට ලැබීමට නියමිතව තිබීම නිසාද ආණ්‌ඩුවෙන් යැම එම පක්‍ෂයට බලවත් ප්‍රශ්නයක්‌ වී ඇත.

එසේම මුස්‌ලිම් ඡන්ද දායකයන් මුස්‌ලිම් පක්‍ෂවලින් ඈත්වී යන අන්දම පසුගියදා පැවැති ඌව පළාත් සභා මැතිවරණයේදී පැහැදිලි විය.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසය හා ආතාවුල්ලා ඇමැතිවරයාගේ ජාතික කොන්ග්‍රසය ඌවේ මුස්‌ලිම් සංවිධානයක්‌ සමග එක්‌වී එම මැතිවරණයට තරග කළේය. බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ මුස්‌ලිම් ඡන්ද 25000 ක්‌ පමණ ඇත. එහෙත් ඔවුන්ගෙන් සන්ධානයට ලැබුණේ ඡන්ද 5000 කි. මුස්‌ලිම් ජනයා බහුතරයක්‌ වාසය කරන බදුල්ල, හාලිඇල හා වැලිමඩ ඡන්ද කොට්‌ඨාසවලින් ජයගෙන තිබුණේ එජාපයයි. බොදුබල සේනා සංවිධානයේ මූලිකත්වයෙන් සිදු කෙරෙන මුස්‌ලිම් විරෝධී කටයුතු මෙයට හේතු වූ බව මුස්‌ලිම් නායකයන්ගේ මතයයි. එසේම මුස්‌ලිම් ඡන්ද දායකයන් මෙහෙයවීමේ ශක්‌තිය මුස්‌ලිම් පක්‍ෂවලින් ගිලිහී යන බවක්‌ද මෙයින් පෙනෙන්නට ඇත.

එසේම ආණ්‌ඩුව තුළ සිටීමෙන් මුස්‌ලිම් ජනතාවට ව්‍යාපාරික පැත්තෙන් ලැබෙන වාසි, හා රජයෙන් ලැබෙන වරප්‍රසාද සහ ආරක්‍ෂාව පිළිබඳ ගැටලු නිසා ආණ්‌ඩුවෙන් ඉවත්වීම ද මුස්‌ලිම් කොන්ග්‍රසය, සමස්‌ත ලංකා මහජන කොන්ග්‍රසය හා ජාතික කොන්ග්‍රසය ආදී මුස්‌ලිම් පක්‍ෂවලට ප්‍රශ්නයක්‌වී ඇත.

කෙසේ වුවද ඉදිරි ජනාධිපතිවරණයේදී එම පක්‍ෂවලට අවශ්‍ය තීරණයක්‌ ගැනීමට සිදුවීම නොවැළැක්‌විය හැකිය.

Read Full Post »

නොවැම්බර් කිලෝ යනුවෙන් හඳුන්වන්නේ විනයගමූර්ති කන්නන් හෙවත් කරුණායි.

වසර 22 ක්‌ තිස්‌සේ ප්‍රභාකරන් සමඟ එක්‌ව කටයුතු කළ කරුණාව ව හඳුන්වන්නේ ෙද්‍රdaහියකු ලෙසිනි.

එහෙත් කරුණා කියන්නේ ෙද්‍රdaහියා තමා නොව ප්‍රභාකරන් බවයි. 1990 ජුනි මස නැගෙනහිර ප්‍රදේශයේදී පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය කිරීමේ චෝදනාව කරුණාට එල්ල වෙද්දී ඔහු අතීතය හෙළිකරමින් මෙලෙස පළ කළේය.

රටේ ගිනි අවුළුවන්නේ ද්‍රවිඩ සන්ධානයයි. මම මඩකලපු විදුහලේ ඉගෙනුම ලබද්දී ද්‍රවිඩ සන්ධානයේ අය පැමිණ සිංහලයන් ද්‍රවිඩයන්ව මරනවා. අපේ ස්‌ත්‍රීන්ට අතවර කරනවා. උඹලා බලාසිටිනවා යයි කියා සිටීය.

මේ නිසා අපිට කොටි සන්ධානයට බැඳෙන්න සිදු වුණා. පොලිස්‌ භටයන් 600ක්‌ මගේ නියෝගය මත ඝාතනය වූ බවට චෝදනා එල්ල වුණා. එහෙත් පොලිස්‌ භටයන්ව ඝාතනය කිරීමට නියෝග කළේ ප්‍රභාකරන්, එම ඝාතනය මෙහෙයවූයේ පොට්‌ටු අම්මාන්. මා එම සමයේ යාපනයේ සිටියා. මා ඒ බව දැනගත්තා. නැගෙනහිර විශේෂ හමුදා නායකයාව සිටි රමේෂ් ඊට සම්බන්ධයි. ඔහුගේ බිරිය වත්සලා දේවි මේ බව දැන සිටියා. ඒ නිසා ඇය මෙරටින් පැන ගියා.

වත්සලා දේවි කොටි කාන්තා බළකායේ ක්‍රියාකාරිනියක්‌. ඇය දකුණු අප්‍රිකාවේ සිටින බව කීවත් ලන්ඩන් නුවර සිටින බවට මට තොරතුරු ලැබී තිබෙනවා.

නොවැම්බර් කිලෝ හෙවත් කරුණා මෙරට මෙන් විදේශ රටවල මහත් ආන්දොaලනයකට ලක්‌වී ඇති සුදුකොඩි කතාව සම්බන්ධව මෙලෙස කියා සිටියේය.

ප්‍රභාකරන් ගැන දන්නා එකම මිනිසා මමයි. අද විවිධ පිරිස්‌ ඇසින් දුටුවාක්‌ මෙන් සුදුකොඩි කතාව ප්‍රචාරය කරනවා. ප්‍රභාකරන් කිසිම මෙහෙයුමකදී කොටි සාමාජිකයන්ට යටත්වීමට ඉඩදුන්නේ නැහැ.

සටන් කර මිය යා යුතුයි යන දර්ශනය මිස සුදු කොඩි ඔසවාගෙන යටත් විය යුතු යෑයි කියන දර්ශනය ප්‍රභාකරන් ළඟ තිබුණේ නෑ. කොටි සංවිධානය සිදු කළ සියලු දේ ගැන තොරතුරු ඇත්තේ මා ළඟයි.

වෙන කිසිවෙක්‌ ළඟ එවන් තොරතුරු නැහැ.

ප්‍රභාකරන් ආණ්‌ඩු සහ විදේශ ප්‍රජාව මුළුමනින්ම රැවටුවා. මම තායිලන්තයේ සාම සාකච්ඡාවලට යන විට ප්‍රභාකරන් ආයුධ වර්ග 300 ක ලැයිස්‌තුවක්‌ දී කොටි ජාත්‍යන්තර ආයුධ ජාලයේ 2 වැනියා වූ අයිපන්ට දෙන්නැයි නියෝග කළා. එහෙත් එදා ශ්‍රී ලංකා ආණ්‌ඩුව මේ බව දැන සිටියේ නැහැ යෑයි කරුණා සිය අතීතය ආවර්ජනය කළේය.

කරුණා මුල්වරට ප්‍රභාකරන්ගේ යුද හැකියාව බොරුවක්‌ බවද සඳහන් කළේය.

ජනරාල් අනුරුද්ධ රත්වත්තේගේ ජයසිකුරු මෙහෙයුම නිසා ප්‍රභාකරන් වන්නියට කොටුවෙලා සිටියා. මට පණිවුඩයක්‌ එව්වා බේරගනින් කියලා.

මම නැගෙනහිර ජෙයනාදන් කණ්‌ඩායම සමඟ වන්නියට ගොස්‌ ප්‍රභාකරන්ව බේරාගත්තා. එදා ඉන්දීය සාම හමුදාව සමඟ සටන්වැදීම නිසා ප්‍රභාකරන් අසීරු තත්ත්වයට පත් වුණා. ඒ වන විට කොටි සංවිධානය කොටි 350 කට සීමා වුණා. මේ අතීතය වසන් කළ නොහැකියි යෑයි කරුණා තවදුරටත් කියා සිටියේය.

ප්‍රභාකරන් තමා සමඟ උරණ වූයේ නෝර්වේ හි ඔස්‌ලෝ නුවරදී පෙඩරල් විසඳුමකට අත්සන් කිරීම නිසා යෑයි කරුණා හෙළිකළේය.

පෙඩරල් විසඳුමකට එකඟ වන ලෙස එරික්‌ සෝල්හයිම් කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ට පැවසුවා. ඔහු බියෙන් වෙව්ලුවා. ලොක්‌කාගෙන් අහමු යෑයි බාලසිංහම් මට බැගෑපත් වුණා. අත්සන් කරපන් යෑයි මම සැරෙන් බාලසිංහම්ට කිව්වම ඔහු බිය වී අත්සන් කළා.

අපි ආපසු ලංකාවට එන විට රුද්රකුමාරන් මම කළ දේ ප්‍රභාකරන්ට වාර්තා කර තිබුණා.

මේ නිසා මඩකලපුවේ සිට වහාම වන්නියට එන්නැයි ප්‍රභාකරන් මට නියෝග කළා.

මා වන්නියට යන විට ප්‍රභාකරන් පොට්‌ටුඅම්මාන් ඇතුළු පිරිසක්‌ සිටියා.

උඹට කවුද මගෙන් අහන්නේ නැතිව පෙඩරල් ගිවිසුමකට අත්සන් කරන්න කිව්වේ කියා ප්‍රභාකරන් කෑගැසුවා. මහත්තයත් මට ෙද්‍රdaහි වුණා. උඹ ෙද්‍රdaහියෙක්‌ යෑයි ප්‍රභාකරන් යළිත් කෑ ගැහුවා.

මම ඔහුට තත්ත්වය පහදාදෙමින් සාමය අවශ්‍ය නිසා එම දේ කළ බවත් මහත්තයා මෙන් ඔහුට ෙද්‍රdaහි වූයේ නැති බවත් පළ කළා. මේ වෙලාවේ පොට්‌ටු අම්මාන් නැගිට ගියා. මා ඉන් දැනගත්තා මාව මරන්න සැලසුම් කරනවා කියලා. වන්නියේ සිට මඩකලපුවට යන පාරවල් මා දන්නා නිසා නැගෙනහිරට පැන එන්නට හැකි වුණා යෑයි කරුණා තවදුරටත් හෙළිකළේය.

ආණ්‌ඩු රවට්‌ටමින් සාම සාකච්ඡාවලට නියෝජිතයන් යෑවූ ප්‍රභාකරන් එකී සාම සාකච්ඡාවලට යැමට පෙර මෙලෙස උපදෙස්‌ දී ඇත.

රජය අපේ එක්‌ ඉල්ලීමකට එකඟ වුණාම තවත් එකක්‌ ඉල්ලපන්. ඊටත් එකඟ වුණාම තවත් ඉල්ලීමක්‌ ඉල්ලපන්. එවිට මට යුද්ධය දිගටම ගෙනයැමට හැකිවෙනවා යෑයි ප්‍රභාකරන් පැවසූ බව කරුණා පළ කළේය.

වසර 19 ක්‌ තිස්‌සේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සටන් වැදුණු කරුණා, බොහෝ දෙනා තමාව ෙද්‍රdaහියකු ලෙස හැඳින්වූවත් ළමුන් පාසල් යැම ගැන බොහෝ දෙනා තමාව ඇගයීමකට ලක්‌කරන බව කීවේය.

කොටි සංවිධානය විනාශ කළේ ප්‍රභාකරන් සහ ද්‍රවිඩ ඩයස්‌පෝරාවයි. මම කොටි සංවිධානයෙන් ඉවත්වීම ගැන ඇන්ටන් බාලසිංහම් පවා පැවසුවේ එය හොඳ ක්‍රියාවක්‌ බවයි. එහෙත් ඔහු ප්‍රභාකරන්ට බිය වුණා. අපි ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනගහනය සියයට 18 ක්‌ බව අවබෝධ කරගත යුතුයි. ඒ නිසා ද්‍රවිඩ ජනාධිපතිවරයකු පත්කර ගැනීමේ හැකියාවක්‌ නැහැ. ද්‍රවිඩ සන්ධානයට අවශ්‍ය වී ඇත්තේ තවත් ලේ වැගිරීමක්‌. කිසිම ද්‍රවිඩ මවක්‌ තම දරුවා යුද්ධයට ගොස්‌ මැරෙන අයුරු දැකීමට කැමැත්තක්‌ නැහැ. නමුත් දරුවන්ව යුද්ධයට බලහත්කාරයෙන් යෙදවූයේ ප්‍රභාකරන්.

කොටි, දරුවන්ව බලහත්කාරයෙන් ගෙනයන විට මවුවරු සෙරෙප්පුවලින් දමා ගැසුවා. මම එවැනි සිද්ධීන් සියෑසින් දුටුවා.

ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් නොවැම්බර් කිලෝ මෙලෙස සඳහන් කළේය.

මම 17 වතාවක්‌ තුවාල ලැබුවා. යුද්ධයකදී අනුකම්පාවක්‌ නැහැ. අනුකම්පාව මත යුද්ධ කරන්නේ මොන රටේද? යුද අපරාධ චෝදනා ගැන බ්‍රිතාන්‍යයටත් චෝදනා එල්ල වුණා. මේ නිසා අපේ රට යුද අපරාධ සිදු කළා යෑයි කියමින් ඇඟිල්ල දික්‌කරන්න බ්‍රිතාන්‍යයට බැහැ. මගේ සොහොයුරාවත් කොටි සංවිධානය මරා දැමුවා.

යුද අපරාධ චෝදනා ගැන විභාග කිරීම තුළින් වාර්ගික අර්බුද මතුවනවා. යුද අපරාධ ගැන විමර්ශනය කරන්නේ නම් බටහිර රටවල් කළ යුද අපරාධත් විමර්ශනය කළ යුතුයි. ඒ වගේම බහුතරයට එරෙහිව සුළු ජනතාවට ක්‍රියාකිරීමට බැහැ යෑයි කරුණා කියා සිටියේය.

තමාට ඇඟිල්ල දික්‌කරන ද්‍රවිඩ සන්ධානය ගැන කරුණා තවදුරටත් පැවසුවේ ඔවුන් කොටි සංවිධානය සමඟ එක්‌ව කටයුතු කළා. මට බොරුකරන්න බැහැ. මම ඔවුන් කරපු දේ සියල්ල දන්නවා යන්නයි.

ඩයස්‌පෝරාව ප්‍රභාකරන්ව වීරයකු කිරීමට තවමත් උත්සාහ කරනවා. ජය සිකුරුයි මෙහෙයුම නිසා ප්‍රභාකරන් හැංගුණා. මමයි එයාව බේරාගත්තේ. ප්‍රභාකරන් විනාශ වුණේ එයා විහින්මයි.

Read Full Post »

  • ජිනීවා පරීක්‍ෂක මණ්‌ඩලයට සාවද්‍ය යුධ අපරාධ සාක්‍ෂි ගොනුකළ මාධ්‍ය පාර්ශවය හෙළිවෙයි.
  • උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන් මැලේසියා ඊළාම් සමුළුවේ
  • කතෝලික සභාව දෙකඩ කිරීමට මන්නාරම රදගුරු උත්සාහ කරයි
  • පාලනයත්, හමුදා ඉවත් කිරීමත් සහ ත්‍රස්‌ත පනතද අහෝසි කළ යුතු යෑයි විග්නේශ්වරන් තමිල් නාඩුවේදී පවසයි
  • කොස්‌ලන්දේ විපතට පත්වූවන් ගලවා ගැනීමට හමුදාව යෙදවීම වැරැද්දක්‌ යයි කජෙන්ද්‍රන් පවසයි

    හිටපු කොටි ත්‍රස්‌ත කාන්තාවක්‌වූ උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන් පසුගිය සඳුදා කටුනායක ගුවන් තොටුපලට පැමිණියේ මැලේසියාවේ සිටය. ඇය ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර පිනෑන් ප්‍රාන්තයේ පැවැති ඊළාම් සමුළුව අමතා ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය චෝදනා නගනු ලැබීය. විදේශගතවීමට පෙර උතුරේ ආණ්‌ඩුකාරයාගෙන් අවසර ගතයුතුව ඇතත් ඇය එවැනි අවසරයක්‌ ගත්තේ නැත. වන්නි මෙහෙයුමින් පසු පුනරුත්ථාපනය වීමට ඇය හමුදාවට භාරවිය යුතුව තිබුණත් සැඟවී සිටියාය.

    මේ කොටි නායිකාව පසුගිය අඟහරුවාදා කොළඹ විදේශ තානාපති නිලධාරීන් කීපදෙනකු හමුවී රහස්‌ සාකච්ඡා පැවැත්වූවාය. මේ රහස්‌ සාකච්ඡාවල අරමුණ වූයේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන පරීක්‍ෂණ සාක්‍ෂි එකතුකිරීමේ මෙහෙයුම දියත්කළ සන් මාස්‌ටර් නැමැත්තා ගලවා ගැනීම හා පරීක්‍ෂණ මණ්‌ඩලයට අදාළ සාක්‍ෂි ලබාදීමයි.

    වව්නියාවේ පදිංචි සන්මාස්‌ටර් කවුද? සන් මාස්‌ටර් සහ ඇමරිකානු තානාපති කාර්යාලය අතර පවතින සබඳතාවය කුමක්‌ද?

    ඇමරිකානු තානාපති නිලධාරියකු වූ මයික්‌ අර්වින් නමැත්තා සන්මාස්‌ටර් හමුවී සාකච්ඡා පවත්වන අයුරු හමුදා බුද්ධි අංශවලට වාර්තා වී තිබුණි.

    පසුගිය ඔක්‌තෝබර් 22 දා සවස 3 ට සන් මාස්‌ටර් වව්නියා බස්‌ නැවතුම්පළේදී හිටපු කොටි ක්‍රියාකාරියකුවූ ක්‍රිෂ්ණරාජා හමුවී යුද අපරාධ සාක්‍ෂි සටහන් කරන හිස්‌පෝර්ම 25 ක්‌ ලබාදුන්නේය.

    වන්නි මෙහෙයුමේදී මියගිය අයගේ බිරියන් ගැන තොරතුරුද ඡායාරූපද ලබාගන්නා ලෙසත් හිස්‌පෝර්මවල අත්සන් පමණක්‌ සටහන් කළ යුතු බවත් සන් මාස්‌ටර් විසින් ක්‍රිෂ්ණරාජාට උපදෙස්‌ දී ඇත.

    ඒ වන විට විදේශිකයන් පිරිසක්‌ වව්නියාවට පැමිණ සිටියහ. වව්නියාවේ හෝටලයකදී විදේශිකයන් ඇතුළු පහළොවකගෙන් යුත් කණ්‌ඩායමක්‌ සමඟ සන් මාස්‌ටර් පැවැත්වූ සාකච්ඡාවට ක්‍රිෂ්ණරාජාද සම්බන්ධ විය.

    ක්‍රිෂ්ණරාජාගේ ජංගම දුරකථනය පරීක්‍ෂාවට ලක්‌කල ත්‍රස්‌ත මර්දන නිලධාරීන් ඔහු සමඟ සන් මාස්‌ටර් සබඳතා පැවැත්වූ බවට තහවුරුවිය.

    ත්‍රස්‌ත මර්දන නිලධාරීහු ක්‍රිෂ්ණරාජාගේ නිවස පරීක්‍ෂාවට ලක්‌කිරීමේදී වන්නියේ පිහිටි සියළුම හමුදා කඳවුරු සංඛ්‍යාව සහ එහි සිටින භට සංඛ්‍යාවට අදාළ තොරතුරුද තිබී හමුවිය.

    ක්‍රිෂ්ණරාජා නමැත්තාව මෙහෙයවූ සන්මාස්‌ටර් හෙවත් විඡේන්ද්‍ර කුමාර් දියත් කර තිබූ මෙහෙයුමට ආනන්දි සසිතරන් සහ ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණද සම්බන්ධ යයි අනාවරණය විය.

    මෙලෙස ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා පිළිබඳව ජිනීවාහිදී පරීක්‍ෂණ පැවැත්වෙන අතර ආනන්දි සහ උතුරු පළාත් සභා මන්ත්‍රී රවිහරන්ද ජිනීවා ගොස්‌ එකී පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවී ඇතැයි වාර්තා විය.

    රවිහරන් පවා ජිනීවා යැමට පෙර උතුරු ආණ්‌ඩුකාරයාගෙන් අවසර ගෙන නොතිබුණි. එසේ නම් යුද අපරාධ චෝදනා සටහන් කිරීමේ හිස්‌පෝරම ජිනීවා සිට මෙරටට ගෙන විත් ඇත්තේ ආනන්දි සසිකරන් යයි හෙළිවිය. මේ පසුබිම මැද ක්‍රිෂ්ණරාජා ත්‍රස්‌තමර්දන බලධාරීන් යටතේ අත්අඩංගුවේ සිටින බවත් සන්මාස්‌ටර් අල්ලා ගැනීම සඳහා විමර්ශන පැවැත්වෙන බවද ජිනීවාහි ඇමරිකානු තානාපති කෙයිත් හාපර්ට සහ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් හුසේන්ට සැලවුණි. ඇමරිකානු තානාපතිවරයා විගස රජයට අනතුරු අඟවමින් ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයේ කටයුතුවලට බාධා කිරීමෙන් වළකින ලෙස කියා සිටියේය.

    ඊට සමගාමීව සෙයිද් රාද් හුසේන් පැවසුවේ සාක්‍ෂි සටහන් කරන පිරිසට රජය බාධා නොකළ යුතු බවද රජය පරීක්‍ෂණ මණ්‌ඩලයේ කටයුතු වලට කඩා කප්පල් කිරීමට ක්‍රියාකරන බවත් චෝදනා නැගීය.

    එහෙත් රජය ඇමරිකානු තානාපතිට හා මානව හිමිකම් කොමසාරිස්‌ට අවනත වූයේ නැත. මේ අතර යුද අපරාධ චෝදනා ගැන සාක්‍ෂි සටහන් කරන හිස්‌පෝර්ම සන්මාස්‌ටර්ට ලැබුණේ කෙසේද යන ප්‍රශ්නයට මානව හිමිකම් කවුන්සිලය හෝ පරීක්‍ෂණ මණ්‌ඩලය ප්‍රතිචාර දැක්‌වූයේ නැත. එහෙත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සන්මාස්‌ටර් පසුබිමේ සිටින බව සනාථ වූයේ ඇමරිකානු තානාපති නිලධාරියකු හා සන්මාස්‌ටර් හමුවූ අයුරු දැක්‌වෙන ඡායාරූපයක්‌ ත්‍රස්‌ත මර්දන බලධාරීන්ට හමුවීමයි. එසේම යුද අපරාධ චෝදනා පරීක්‍ෂණ මණ්‌ඩලයේ අවසාන දිනය ඔක්‌තෝබර් 30 දා මැදියම් රාත්‍රියේ නිමාවුවත් එකවරම එකී පරීක්‍ෂක මණ්‌ඩලය පැවසුවේ ප්‍රමාදවී ලැබෙන සාක්‍ෂිද භාර ගන්නා බවයි.

    එහෙත් මෙම පරීක්‍ෂණ මණ්‌ඩලය කොටින්ට එරෙහි සාක්‍ෂි මෙන්ම සිංහල භාෂාවෙන් එවා තිබූ සාක්‍ෂිද භාරගත්තේ නැත. එහෙත් පරීක්‍ෂක මණ්‌ඩලය මුලින් පැවසුවේ සිංහලෙන් එවන සාක්‍ෂි භාර ගන්නා බවයි. මේ අතර සන් මාස්‌ටර්ව මෙතෙක්‌ අල්ලා ගැනීමට නොහැකිවී ඇත. මෙම තත්ත්වය මැද තමිල් නාඩුවේ චෙන්නායි නුවරදී දේශනයක්‌ පැවැත්වූ උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේශ්වරන් ශ්‍රී ලංකා රජයට බරපතළ චෝදනා නගමින් උත්තරීතර අධිකරණයටද අවමන් කරනු ලැබීය.

    ප්‍රභාකරන්ට එරෙහි නඩු විභාගය පුද්ගලික හේතුන් මත යෑයි කියමින් විභාග කිරීමෙන් වැළකී සිටි විග්නේශ්වරන් තමිල්නාඩුවේදී මෙලෙස ප්‍රකාශ කර ඇත. අධි ආරක්‍ෂක කලාප තුළ පිහිටි ගොඩනැඟිලි, නිවාස, ආගමික ස්‌ථාන සහ පාසල් සියල්ල දිගටම විනාශ කිරීමට හමුදාව ක්‍රියාකරනවා. පසුගිය සති කීපය තුළ යුද අපරාධ පරීක්‍ෂණයට සාක්‍ෂි එකතුකළ අය අත්අඩංගුවට ගනිමින් තර්ජනය කරනවා. ශ්‍රී ලංකාවෙන් සාක්‍ෂි විදේශ ගතවීම සඳහා ඉඩනොදීම රජයේ අරමුණයි.

    ඉන්දියාවේ ඉල්ලීම මත උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වුණා. ඒකීය ශ්‍රී ලංකාවක්‌ මත ද්‍රවිඩයන්ට ස්‌වයං තීරණ හිමිකම ලබාදීමට ක්‍රියාකළ යුතුයි. එසේම 13 වැනි සංශෝධනයට එහාගිය බලතලද ලබාදීමට සහතික විය යුතුයි”

    පසුගිය නොවැම්බර් 9 දා චෙන්නායිහි පැවැති කන්තාබිරන් අනුස්‌මරණ දේශනය අමතමින් විග්නේශ්වරන් තවදුරටත් පැවසූ ප්‍රධාන කරුණු කීපය මෙසේයි.

    1. උතුරේ සිටින සියලුම හමුදා සෙබළු ඉවත් කර ගනු.

    2. අත්අඩංගුවේ සිටින කොටි ක්‍රියාකාරීහු මුදාහරිනු

    3. ආරක්‍ෂක හමුදාව විසින් අත්පත් කරගෙන ඇති ඉඩම් ආපසු ලබාදෙනු.

    4. ස්‌වයං පාලනය ලබාදීමට ක්‍රියාකරනු.

    5. ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරනු

    මේ ඉල්ලීම් වලින් විග්නේශ්වරන් සෘජුව ශ්‍රී ලංකා රජයට කියන්නේ උතුරේ සිටින 12000 ක්‌වූ හමුදා භටයන් ඉවත්කර යුද අපරාධ සිදුකළ කොටි මිනීමරුවන් නිදහස්‌ කර උතුරට බෙදුම්වාදී ස්‌වයංපාලනය දෙන ලෙස නොවේද? විග්නේශ්වරන්ට ආවේශ වී ඇත්තේ මස්‌ රාත්තලම ඉල්ලු ෂයිලොක්‌ යුදෙව්වාගේ චරිතයයි.

    එහෙත් විධායක බලතල ඉවත්කළ යුතුයයි ඝෝෂාකරන කිසිදු දේශපාලන පක්‍ෂයක්‌ විග්නේෂ්වරන්ගේ මේ ඉල්ලීම් ගැන මේ දක්‌වා ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත.

    මෙලෙස විග්නේශ්වරන් ස්‌වයං පාලනයේ හඬ නගද්දී මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පසුගිය සඳුදා ස්‌විට්‌සර්ලන්තයේ සුරිච් නුවර සිට විකාශනය වන කොටි ගුවන් විදුලියේ මාදාමේයෑයි දේශපාලන වැඩසටහන අමතමින් ද්‍රවිඩ ජනතාව දකුණෙන් වෙන්වී වෙනම කටයුතු කිරීමට සූදානම් බව පවසා ඇත. රායප්පු ජෝශප් රදගුරු මෙලෙස ප්‍රකාශ කර ඇත.

    “උතුරු නැගෙනහිර ස්‌වාධීන ලෙස ක්‍රියාකිරීම අපේ අරමුණයි. එය අපේ දිගු කාලීන ඉලක්‌කයක්‌. යාපනය රදගුරු තෝමස්‌ සවුන්ද්‍රනායගම් අපේ නායකයා ලෙස සේවය කිරීමට සුදුසු තැනැත්තායි. අපි පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දේශපාලනීකරණය කිරීමට ඉඩදෙන්නේ නැහැ”

    මන්නාරම් රදගුරු කළ මේ බරපතළ ප්‍රකාශයේ අරමුණ උතුරු නැගෙනහිරට වෙනම කතෝලික සභාවක්‌ ස්‌ථාපිත කර අගරදගුරු ලෙස යාපනය රදගුරු පත්කිරීම නොවේද?

    මේ අතර ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වරාජා කජෙන්ද්‍රන් කොස්‌ලන්දේ නාය යැමෙන් විපතට පත්වූවන් හමුවීමට ගොස්‌ ගිනි ඇවිළවීමට උත්සාහ කළේය.

Read Full Post »

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ කිසිදු ගැටළුවකට විසඳුම් ලබාදීමට සමත්වී නොමැති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

මේ හේතුවෙන් මුස්ලිම් ජනයා තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කොට ඡන්ද ලබාගැනීමේ සූදානමක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

 හකීම් මේ යන්නේ තවත් කළු ජූලියක් ඇති කරන්නද?
අද(10) කොළඹ පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

අපේ රටේ සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව ඉතා සමගියෙන් ජීවත් වෙනවා. මුස්ලිම් ජනතාවත් ශ‍්‍රී ලංකාව පුරා අනෙකුත් ජනතාව සමග සමගියෙන් ජීවත් වෙනවා. එසේ ජීවත් වන මුස්ලිම් ජනතාව තුළ ගැටළුකාරී තත්ත්වයක් ඇති කරන්න දැන් මුස්ලිම් කොංග‍්‍රසය සූදානම් වෙනවා. නැඟෙනහිර පළාත තුළ මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත‍්‍රික්කයක් ඉල්ලීම හසන් අලී මහතාගේ උවමනාවට කෙරෙන එකක් නොවෙයි. මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රාවුෆ් හකිම් මහතාගේ පූර්ණ අනුදැනුම මත සිදු කරන එකක්.

මුස්ලිම් කොංග‍්‍රසය අද නැඟෙනහිර මුස්ලිම් ජනතාවගේ සැබෑ ගැටළු කිසිවකට පිළිතුරු ලබා දීමට අසමත් වෙලා තිබෙනවා. ඉඩම්, ජීවනෝපාය මාර්ගයන් පිළිබඳ ගැටළු තිබෙනවා. නමුත් කවර ආණ්ඩුව බලයට ආවත් ඒ ආණ්ඩුවලට හේත්තු වෙලා ඇමතිධුර හා වරප‍්‍රසාද ලබා ගනිමින් කටයුතු කළ මුස්ලිම් කොංග‍්‍රසය නැඟෙනහිර මුස්ලිම් ජනතාවට ඉටු කළ සේවයක් නැහැ. මධ්‍යම රජයෙන් ඉටු කළ සේවාවන් හැර මුස්ලිම් කොංග‍්‍රස් මැති ඇමතිවරු මේ ජනතාවට ඉටු කළ සේවයක් නැහැ. ඒ නිසා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී නැඟෙනහිර මුස්ලිම් ජනතාවගේ ඡන්ද ටික යළිත් කොල්ල කන්න නම් ජාතිවාදය වැපිරීම හෝ සිදු කළ යුතුව තිබෙනවා. ඒ නිසයි අම්පාර දිස්ත‍්‍රික්කයේ මුස්ලිම් ජනතාව සඳහා වෙනම පරිපාලන දිස්ත‍්‍රික්කයක් ඉල්ලන යෝජනාවක් මෙසේ දේශපාලන කරළියට රැගෙන එන්නේ.

ජාතික නිදහස් පෙරමුණ පරිපාලනය ගම දක්වා රැගෙන යනවාට විරුද්ධ නැහැ. පරිපාලනය ගම දක්වා සක‍්‍රිය ලෙස ක‍්‍රියාත්මක වෙනවා දකින්නයි අපි කැමති. නමුත් ජාතිවාදී පදනමින් පරිපාලන බලය හෝ වෙනත් යම් බලයක් ඉල්ලනවා නම් එතැන තියෙන්නේ බෙදුම්වාදය. දෙමළ ජාතික සන්ධානය සමග දිවා – රාත‍්‍රී සාකච්ඡා කරන මුස්ලිම් කොංග‍්‍රසය අද මෙවැනි බෙදුම්වාදී අදහස් ප‍්‍රකාශ කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදී උවමනාවන් ඉටුකර දෙන්නයි. හඬ, රාවුෆ් හකීම් මහත්තයාගේ වුණාට මේ ඉල්ලීම, දෙමළ ඩයස්පෝරාවේ සහ දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමයි. නැඟෙනහිර වෙනම මුස්ලිම් කලාප ඇති කළාම, ජාතිවාදී පදනමින් මුස්ලිම් කලාප පිළිගන්න සිදු වුණාම කොළඹ, මාවනැල්ල, වැලිගම, බදුල්ල, මහනුවර ආදී රට පුරාම ජීවත් වන මුස්ලිම් ජනතාවගේ ඉරණම කුමක්ද? ඒ පිළිබඳව මුස්ලිම් නායකයකු වශයෙන් රාවුෆ් හකීම් මහත්තයාට වගකීමක් නැද්ද?

චෙල්වනායගම්ලාගේ, අමිර්තලිංගම්ලාගේ වැනි ජාතිවාදී ඉල්ලීම් ඉදිරිපත් කරමින් මේ හදන්නේ යළිත් මේ රටේ ‘කළු ජූලියක්’ නිර්මාණය කරන්නද? නැඟෙනහිර මුස්ලිම් දිස්ත‍්‍රික්කයක් නීත්‍යනුකූලව පිළිගතහොත් එය ජාතිවාදය නීතිගත කිරීමක් වෙනවා. ඒ විතරක් නොවෙයි, හෙට උතුරේ දෙමළ දිස්ත‍්‍රික්කයක් පිළිගන්න වෙනවා. උතුරු පළාත දෙමළ පළාත ලෙස පිළිගන්න වෙනවා. උතුරු නැඟෙනහිර ඒකාබද්ධ වීම පිළිගන්න වෙනවා. ජනවර්ග මත පදනම්ව ඊළමක් හැදුණාම ඒකත් පිළිගන්න වෙනවා. මේක ඉතාමත් බරපතළ ලෙස බෙදුම්වාදය නීතිගත කර ගන්න දරන උත්සාහයක්. ඒ නිසා අපි මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ සිදු වන දෙය ඉතාමත් බුද්ධිමත් ලෙස වටහා ගන්න කියා.’’

Read Full Post »

නැගෙනහිර පළාත තුළ මුස්‌ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්‌ත්‍රික්‌කයක්‌ ඉල්ලීම හසන් අලී මහතාගේ වුවමනාවට කෙරෙන එකක්‌ නොව, මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකිම් මහතාගේ පූර්ණ අනුදැනුම මත සිදු කරන එකක්‌ යෑයි ජාතික නිදහස්‌ පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.

අපේ රටේ සිංහල, මුස්‌ලිම්, දෙමළ ජනතාව ඉතා සමගියෙන් ජීවත් වෙනවා. මුස්‌ලිම් ජනතාවත් ශ්‍රී ලංකාව පුරා අනෙකුත් ජනතාව සමග සමගියෙන් ජීවත් වෙනවා. එසේ ජීවත් වන මුස්‌ලිම් ජනතාව තුළ ගැටලුකාරි තත්ත්වයක්‌ ඇති කරන්න දැන් මුස්‌ලිම් කොංග්‍රසය සූදානම් වෙනවා යෑයිද මුසම්මිල් මහතා පැවසීය.

ඊයේ (10 දා) පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මොහොමඩ් මුසම්මිල් මහතා එසේ ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා – මුස්‌ලිම් කොංග්‍රසය අද නැගෙනහිර මුස්‌ලිම් ජනතාවගේ සැබෑ ගැටලු කිසිවකට පිළිතුරු ලබා දීමට අසමත් වෙලා තිබෙනවා. ඉඩම්, ජීවනෝපාය මාර්ගයන් පිළිබඳ ගැටලු තිබෙනවා. නමුත් කවර ආණ්‌ඩුව බලයට ආවත් ඒ ආණ්‌ඩුවලට හේත්තු වෙලා ඇමතිධුර හා වරප්‍රසාද ලබා ගනිමින් කටයුතු කළ මුස්‌ලිම් කොංග්‍රසය නැගෙනහිර මුස්‌ලිම් ජනතාවට ඉටු කළ සේවයක්‌ නැහැ. ඒ නිසා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී නැගෙනහිර මුස්‌ලිම් ජනතාවගේ ඡන්ද ටික යළිත් කොල්ලකෑමට ජාතිවාදය වැපිරීම හෝ සිදු කළ යුතුව තිබෙනවා. ඒ නිසයි අම්පාර දිස්‌ත්‍රික්‌කයේ මුස්‌ලිම් ජනතාව සඳහා වෙනම පරිපාලන දිස්‌ත්‍රික්‌කයක්‌ ඉල්ලන යෝජනාවක්‌ මෙසේ දේශපාලන කරළියට රැගෙන එන්නේ.

ජාතික නිදහස්‌ පෙරමුණ පරිපාලනය ගම දක්‌වා රැගෙන යනවාට විරුද්ධ නැහැ. පරිපාලනය ගම දක්‌වා සක්‍රීය ලෙස ක්‍රියාත්මක වෙනවා දකින්නයි අපි කැමති. නමුත් ජාතිවාදී පදනමින් පරිපාලන බලය හෝ වෙනත් යම් බලයක්‌ ඉල්ලනවා නම් එතැන තියෙන්නේ බෙදුම්වාදයයි. දෙමළ ජාතික සන්ධානය සමග දිවා – රාත්‍රී සාකච්ඡා කරන මුස්‌ලිම් කොංග්‍රසය අද මෙවැනි බෙදුම්වාදී අදහස්‌ ප්‍රකාශ කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදී වුවමනාවන් ඉටුකර දෙන්නයි. හඬ, රාවුෆ්

හකීම් මහත්තයාගේ වුණාට මේ ඉල්ලීම, දෙමළ ඩයස්‌පෝරාවේ සහ දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමයි. නැගෙනහිර වෙනම මුස්‌ලිම් කලාප ඇති කළාම, ජාතිවාදී පදනමින් මුස්‌ලිම් කලාප පිළිගන්න සිදු වුණාම කොළඹ, මාවනැල්ල, වැලිගම, බදුල්ල, මහනුවර ආදී රට පුරාම ජීවත් වන මුස්‌ලිම් ජනතාවගේ ඉරණම කුමක්‌ද? ඒ පිළිබඳව මුස්‌ලිම් නායකයකු වශයෙන් රාවුෆ්

හකීම් මහත්තයාට වගකීමක්‌ නැද්ද?

චෙල්වනායගම්ලාගේ, අමිර්තලිංගම්ලාගේ වැනි ජාතිවාදී ඉල්ලීම් ඉදිරිපත් කරමින් මේ හදන්නේ යළිත් මේ රටේ zකළු ජූලියක්‌Z නිර්මාණය කරන්නද? නැගෙනහිර මුස්‌ලිම් දිස්‌ත්‍රික්‌කයක්‌ නීත්‍යනුකූලව පිළිගතහොත් එය ජාතිවාදය නීතිගත කිරීමක්‌ වෙනවා. ඒ විතරක්‌ නොවෙයි, හෙට උතුරේ දෙමළ දිස්‌ත්‍රික්‌කයක්‌ පිළිගන්න වෙනවා. උතුරු පළාත දෙමළ පළාත ලෙස පිළිගන්න වෙනවා.

Read Full Post »

* කොටි තහනම ඉවත් කිරීමට අල්ලස්‌ ගත්තාද?

* යුරෝපා සංගමයේ නීති මණ්‌ඩලයට අල්ලස්‌ චෝදනා එල්ල වෙයි

* වන්නියේදී යුද අපරාධ චෝදනා සාක්‍ෂි සටහන් කරන හිස්‌ පෝරම සමඟ අසුවූ ක්‍රිෂ්ණරාජා බේරාගැනීමට ද්‍රවිඩ සන්ධානය උත්සාහ ගනී

* 2002 සැප්තැම්බර් 4 දා මැදියම් රෑ කොටි තහනම ඉවත් කළ පාර්ශව කිඹුල් කඳුළු හෙලීම

* ඉන්දීය හමුදාවට එරෙහිව හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස සමයේ කොටින්ට අවි සැපයූ බව ලුතිනන් වැදිගේ හෙලිකිරීම

යුරෝපා අධිකරණය විසින් කොටි තහනම ඉවත් කිරීමට දායකවූ රහස්‌ තොරතුරු මේ වනවිට හෙලිවී ඇත. නෙදර්ලන්ත කොටි ක්‍රියාකාරීහු පිරිසක්‌ යුරෝපා සංගමයට එරෙහිව පැවැරූ නඩුවට නීතිවේදීහු නිසි සාක්‍ෂි ඉදිරිපත් නොකර කොටි ත්‍රස්‌තයන් ගැන අන්තර්ජාලයේ පලවූ තොරතුරු පමණක්‌ ඉදිරිපත් කළේ ඇයි? මේ එහි පසුබිමයි. එම තොරතුරු විශේෂයෙන් හෙලිකිරීමට අපට හැකිවී ඇත.

2011 මැයි මස අවසානයේ යුරෝපා පාර්ලිමේන්තුවට සම්බන්ධ ග්‍රීන් පක්‍ෂයේ හෙයිනි නසිපාලාගේ මෙහෙයවීමෙන් කොටි සමුළුවක්‌ යුරෝපා පාර්ලිමේන්තුව තුල පවත්වනු ලැබීය. මේ කොටි සමුළුවට තමිල් නාඩුවේ කොටි හිතවාදියකුවූ වයිකෝ – හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වරාජා කජෙන්ද්‍රන් සමස්‌ත ලංකා නිදහස්‌ වෙළෙඳ සේවක සංගමයේ ලේකම් මහපටබැදිගේ ශ්‍රීනාත් පෙරේරා නීතිවේදියකු යෑයි හඳුන්වන එස්‌. රත්නවේල් ද්‍රවිඩ ජාතික පෙරමුණේ එස්‌. ධර්මරාජාන් ප්‍රංශ ඊලම් කමිටුවේ ටී. තිරුකෝනි සහ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ නියෝජිත වී. මහේසන් ඇතුළු ඊලම් ක්‍රියාකාරීහු සම්බන්ධ වූහ.

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 12 ක්‌ මෙහිදී යෝජනාවක්‌ සම්මත කරමින් ශ්‍රී ලංකා රජය අත්අඩංගුවේ සිටින කොටින්ගේ නාමලේඛනය ප්‍රකාශයට පත්කල යුතු බව කියා සිටියේය.

මේ සමුළුවේදී ප්‍රකාශයට පත්වූයේ ස්‌වයං පාලනය මත ශ්‍රී ලංකාව බෙදාවෙන් කළ යුතු බවත් උතුරු නැගෙනහිර සියළුම හමුදා කඳවුරු වසා දැමිය යුතු බවයි. කොටි හිතවාදියකුවූ වයිකෝ මේ සමුළුව අමතමින් සියළුම කොටි මුදාහරිය යුතු බවත් ජනාධිපති ඇතුළු යුද අපරාධ වලට සම්බන්ධ සියළු පාර්ශවයන්ට එරෙහිව ක්‍රියාකිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ විනිශ්චය මණ්‌ඩලයක්‌ පත්කළ යුතු බවත් කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ඉදිරිපත්වූ යුද අපරාධ චෝදනා ගැන විමර්ශන කිරීමේ පරීක්‍ෂණ මණ්‌ඩලයට සහය දැක්‌වූයේද යුරෝපා සංගමයයි. මේ වසරේ පෙබරවාරි 11 වැනිදා බුසල්ස්‌ නුවර රැස්‌වූ යුරෝපා සංගමයේ විදේශ කටයුතු කමිටුව ශ්‍රී ලංකාවට එරෙහිව ස්‌වාධීන විමර්ශනයක්‌ පැවැත්විය යුතු බවට තීන්දුවක්‌ ප්‍රකාශයට පත්කරනු ලැබීය.

මෙම පසුබිම මැද පසුගිය මැයි 25 දා යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේදී ග්‍රීස්‌ පක්‍ෂයෙන් බාබරා ලොහ්බියර් නැමැත්තිය වසර පහක කාලයක්‌ සඳහා තේරී පත්වූවාය. ඇය මෙරට හිටපු කැරලිකරුවකුවූ රන්ජිත් හෙන්නායක ආරච්චි හෙවත් බඩල්ගම බර්ටිගේ බිරියයි.

යුරෝපා පාර්ලිමේන්තුවේ මානව හිමිකම් අනුකමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නේද බාබරායි.

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකල බවට චෝදනා නගමින් ෙ-. ඩී. එස්‌. නැමැති සංවිධානයේ රෝහිත භාෂාණ අබේවර්ධන නැමැති කොටි හිතවාදියා ක්‍රියාත්මක වූයේ බාබරා සහ රංජිත් හෙන්නායකගේ බර්ලිනයේ ක්‍රෙම්මනර් වීදියේ පිහිටි නිවසේ සිට යෑයි හෙලිවිය.

චැනල් පෝ රූපවාහිනියේ කැලම් මැක්‌රේට ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකල බව දන්වමින් වීඩියෝ පට යවනු ලැබුවේ මෙකී ෙ-. ඩි. එස්‌. සංවිධානයයි.

මේ බව 2011 ජුලි 10 දා අපි විශේෂයෙන් හෙලි කළෙමු. චැනල් පෝ සහ බර්ලිනයේ ක්‍රෙම්මනර් වීදියේ කුමන්ත්‍රණය මැයෙන් අපි බාබරා සහ රංජිත් කල්ලියේ ක්‍රියාදාමයන් අනාවරණය කිරීමට හැකිවිය.

මේ තත්ත්වය මැද යුරෝපා අධිකරණය හමුවේ කොටි තහනමට එරෙහිව නීතිවේදීන් ක්‍රියාකර නැතැයි සනාථ වේ.

එසේම යුරෝපයේ තානාපති කාර්යාලවලට පත්කර යෑවූ පාර්ශව මුනිවත රැකි බව පැහැදිලිය.

ද්‍රවිඩ මාධ්‍යවල සේවය කල බව දක්‌වන ආර්. සිවරාසා නැමැත්තා මේ වසරේ ජුලි මස ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පත්කර යවනු ලැබීය.

කොටි සංවිධානය පරාජය කිරීම සඳහා ඔහු දැක්‌වූ සහයක්‌ නැත. ඔහු යුරෝපා අධිකරණය හමුවේ විභාගයට ගැනුනු මේ කොටි නඩුව ගැන රජයට දැනුම් දී නැතැයි තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එසේම නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ කොටි නඩුව ගැන පුරා අධ්‍යයනයක්‌ කර නැත.

නෙදර්ලන්ත කොටි ක්‍රියාකාරීහු යුරෝපා සංගමයට එරෙහිව මෙම නඩුව පැවරීමට පෙර යුරෝපා කොටි ජාලයට අදාලව ගිගාබයිට්‌ 6000 ක තොරතුරු සොයා ගැනීමට අපරාධ විමර්ශන නිලධාරීන්ට හැකිවිය. වික්‌ටර්කොනික්‌ නැමැති මෙහෙයුම යටතේ යුරෝපා කොටි ජාලයේ තොරතුරු ඒකරාශිකල නෙදර්ලන්ත පොලිසියට කොටින්ට එරෙහි සාක්‍ෂිකරුවන් 70 ක්‌ද සොයාගෙන තිබිණි.

ගිගාබයිට්‌ 6000 ක පරිගණක තොරතුරු විමර්ශනයට ලක්‌කල පොලිස්‌ විමර්ශකයන් යුරෝපා කොටි ජාලයේ නායක රාමචන්ද්‍රන් සහ ඇමරිකාවේ සිටින ටී. ප්‍රතිපන් එක්‌ව අවි ආයුධ මිලයට ගත්බව තහවුරු කර ගත්හ.

කොටින්ට අවිආයුධ සැපයීමේ ජාලයේ 13 ක්‌ ශ්‍රී ලංකාවේ සිටින බවත් ඔවුන් ශ්‍රී ලංකා රජයේ අත්අඩංගුවේ පසුවන බවත් වැඩිදුරටත් හෙලිවිය.

යුරෝපා කොටි ජාලයේ පරිගණක තොරතුරුවලින් අනාවරණය වූ තවත් කොටි ක්‍රියාකාරියකු වූයේ නෝර්වේහි කොටි නායක තෙදියවන්ය. මේ නිසා නෙදර්ලන්ත පොලිස්‌ කණ්‌ඩායම කොටි ක්‍රියාකාරින්ගේ නීතිවේදීන් සමඟ නෝර්වේ වෙත ගොස්‌ නෙදියවන්ගෙන්ද ප්‍රශ්න කර තිබේ.

නෙදර්ලන්ත පොලිසිය සොයාගත් වැදගත් කරුණු අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිදුකල ප්‍රහාරවලට අදාල තොරතුරුවිය.

මෙයට අමතරව ලිපිගොනු 120 කට අදාල කොටි ත්‍රස්‌ත ක්‍රියා තොරතුරු නෙදර්ලන්ත පොලිසියේ අපරාධ විමර්ශන බලධාරීන් සතුව තිබුණි. එසේම නෙදර්ලන්තයේ ද්‍රවිඩ පාසල් 21 ක්‌ කොටි සන්නද්ධ අරගලය හෙවත් ත්‍රස්‌තවාදයට සහය දක්‌වන බවද සොයාගෙන තිබූ බව හෙලිවිය.

මේ පසුබිම මැද නෙදර්ලන්ත පොලිසියේ විමර්ශන කණ්‌ඩායමේ ප්‍රධානි හර්ට්‌ වැන් ඩ්‍රන් එරට සිටින ද්‍රවිඩයන් වෙත ලිපියක්‌ යවමින් කොටින්ට අරමුදල් සපයන නාමාවලියේ ඔබලාගේ නම් තිබී සොයාගත් බව සිටියේය.

යුරෝපා කොටි ජලායට අරමුදල් සැපයූ ද්‍රවිඩයන්ට ඔහු අනතුරු ඇඟවීමක්‌ද කළේය. ඒ සමඟම නෙදර්ලන්තයේ සිට ක්‍රියාත්මකවූ කොටි වෙබ් අඩවි අන්තර්ජාලයෙන් අතුරුදන්විය. කොටින්ට එරෙහිව කට උත්තර දුන් ද්‍රවිඩයන් පොලිසිය වෙත ගොස්‌ තමන් දුන් කටඋත්තර ඉවත්කරගත් බවද වාර්තා විය.

නෙදර්ලන්තයේදී අසුවූ යුරෝපා කොටි නායකයා වූ රාමචන්ද්‍රන්ගේ පරිගණක උපාංගයේ යුරෝමිලියන 136 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 20200 ක අතිවිශාල මුදල් සම්බාරයක්‌ තිබූ බව හෙලිවිය.

ඔහුගේ පරිගණක උපාංගයේ රහස්‌ සංකේතය බිඳදැමූ නෙදර්ලන්ත පියොද් ආයතනය එකී අතිවිශාල මුදල් සම්බාරය ගැන තොරතුරු සොයාගනු ලැබීය. එහි තවදුරටත් සටහන් වී තිබුණේ එක්‌ ද්‍රවිඩයකුගෙන් මසකට යුරෝ 2000 බැගින් කප්පම් ගැනීමට ක්‍රියාකර ඇති බවයි.

මෙලෙස කප්පම් ගැනීම බාරව සිටියේ ආර්. ශ්‍රීරම්නම් නැමැත්තායි. නෙදර්ලන්ත කොටි ජලායට කප්පම් දුන් අයට ලබාදුන් විශේෂ අංකද එම පරිගණක උපාංගයේ සඳහන් වී තිබුණි. මෙම අංක රැගෙන ශ්‍රී ලංකාවට සහ ද්‍රවිඩයන්ට වන්නියට ඇතුළුවීමට ඉඩලැබෙන බවද එහි දන්වා තිබුණි.

නෙදර්ලන්ත අයිවද් නමින් හඳුන්වන බුද්ධි සේවාවේ සහය මත 2009 සිට නෙදර්ලන්ත කොටි ගැන සිදුකල විමර්ශනයේදී අසුවූ ගිගාබයිට්‌ 6000 ක තොරතුරු හා රහස්‌ ලිපිගොනු 170 ක සඳහන් කරුනු යුරෝපා අධිකරණය වෙත යොමු නොවුයේ මන්ද යන්න බරපතල ප්‍රශ්නයකි.

එහෙත් යුරෝපා අධිකරණය කොටි තහනම ඉවත් කිරීමෙන් පසු යුරෝපා සංගමය උතුරු නැගෙනහිර මහ ඇමැතිවරුන්ට යුරෝපයට පැමිණ සාකච්ඡා කිරීම සඳහා ඇරයුම් කිරීමට තීරණය කර ඇතිබව ආරංචි මාර්ග හෙලිකළේය.

කොටි තහනම ඉවත් කිරීම තුලින් දියත්වූ යුරෝපා කුමන්ත්‍රණයේ ඉන් සනාථ ගොඩන්නේද?

මේ අතර ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා හිටපු ජනාධිපතිනියටත් නොපෙන්වා ප්‍රභාකරන් සමඟ ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කල විපක්‍ෂය යුරෝපා අධිකරණය කොටි තහනම ඉවත් කිරීම ගැන කිඹුල් කඳුළු හෙලමින් අපි බලයට පැමිණියහොත් තහනම යලි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පවසා ඇත.

එහෙත් 2002 සැප්තැම්බර් 4 දා මැදියම් රැයේ කොටි තහනම ඉවත් කළේද විපක්‍ෂයයි. ත්‍රස්‌ත මර්දන පණත අත්හිටුවනු ලැබුවේද විපක්‍ෂයයි. කොටින්ට කටුනායක සිට කිලිනොච්චිය දක්‌වා අබිරහස්‌ පෙට්‌ටි 25 ක්‌ ගෙනයැමට ඉඩදුන්නේද එකී වසන්වීමයි.

තමිල් සෙල්වන් ඇතුළු කොටි කණ්‌ඩායම බර්ලින් සිට ගෙන ආ අබිරහස්‌ පෙට්‌ටි විසිපහ ගුවන් හමුදා ප්‍රවාහන හෙලිකොප්ටරයකින් කිලිනොච්චියට ගෙනයැමේ සිද්ධිය මාධ්‍යවල වාර්තා වීම නිසා එවකට සිය දේශපාලකයෙන් දැඩිලෙස තිබුණේය.

වහාම මගේ ගෙදරට ඇවිත් මාව හමුවෙනවා යෑයි ඔහු එදා හමුදා ප්‍රකාශකව සිටි බ්‍රිගේඩියර් සනත් කරුණාරත්නට නියෝග කළේය. දේශපාලකයාගේ නිවසට ගිය බ්‍රිගේඩියර්වරයාට යහපත් ප්‍රතිචාරයක්‌ ලැබුණේ නැත. අබිරහස්‌ පෙට්‌ටි යාපනයට ගෙනයැමේ පුවත බොරුවක්‌ කියලා දැක්‌වෙන මේ නිවේදනයට අත්සන් කරනවා යෑයි දේශපාලකයා ගුගුලේය.

එය මට කරන්න බැහැ යෑයි බ්‍රිගේඩියර්වරයා තරයේ කියා සිටියේය. එහි ප්‍රතිඵලය වූයේ පුවත සඳහන් පත්‍රය දේශපාලකයා විසින් බ්‍රිගේඩියර්වරයා සිටි මේසයට දමා ගැනීමයි.

මේ තත්ත්වය මත යුරෝපා සංගමය කොටි සංවිධානය තහනම් කලේ එවකට සිටි විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් කරුණු සනාථ කරමින් කළ ඉල්ලීම නිසාය. යුරෝපා අධිකරණය විසින් කොටි තහනම ඉවත් කිරීමට ගැන හඬනගා විපක්‍ෂයේ අතීතය මුළුමනින්ම අමතකර තිබේ.

ප්‍රභාකරන්ගේ උපන්දිනයට ඊශ්‍රායල් නිෂ්පාදිත ඩෙසර්ට්‌ ඊගල් පිස්‌තෝලයක්‌ පරිත්‍යාග කෙරුනේද විපක්‍ෂය ආණ්‌ඩු බලයේ සිටියදීයි.

එසේම ප්‍රභාකරන්ට අවි ආයුධ සැපයුනේ විපක්‍ෂය ආණ්‌ඩු කරන සමයේ බව අමතක නොවේ.

වසර 24 කට පෙර සිදුවූ මේ ක්‍රියාදාමය යුද හමුදාවේ ලුතිනන් වැදිගේ නිසා අනාවරණය විය. එදා ජනාධිපති ආර්. ප්‍රේමදාස සමයේ කොටින්ට ආයුධ සැපයුනේ ඉන්දීය සාම හමුදාවන්ට එරෙහිව මිස නියෝජ්‍ය කොටි නායක මහත්තයා හෙවත් මහෙන්ද්‍රරාජාට නොවේ.

අවිආයුධ පටවා ගත් හමුදා ට්‍රක්‌ රියක්‌ නෙදුන්කර්නි කැලෑවට ගියේ ලුතිනන් වැදිගේ සමගය. ඔහු ට්‍රක්‌ රියේ ආයුධ පෙට්‌ටියක තිබූ ආයුධයක්‌ රැගෙන සඟවා ඉතිරි ආයුධ කොටින්ට බාරදී ආපසු එන අවස්‌ථාවේ පැනගත්තේය.

ආයුධ බාරදී එන ලුතිනන්වරයා මරාදැමීමට හමුදාවේ පිරිසක්‌ මග සිටින බව ඔහුට අවබෝධවී තිබුණි. මෙරටින් පැනගත් ලුතිනන්වරයා යලි මතුවූයේ ඉන්දියාවෙනි. දිවි ගලවා ගැනීම සඳහා ඔහු ප්ලාස්‌ටික්‌ ශල්‍යකර්මයක්‌ද කර ගත්තේය.

1989 සහ 1990 අතර කොටින්ට අවිආයුධ සැපයීම සිදුවූ අතර ඉන්දීය රෝ ඔත්තු සේවාවට සම්බන්ධ යෑයි කියමින් මහත්තයා අත්අඩංගුවට ගැනුනේ 1992 වසරේයි.

මේ අතර ශ්‍රී ලංකාවේ වන්නියට පයනොතැබූ ඔස්‌ටේ්‍රලියානුවකුට ට්‍රෙවර් ග්‍රැන්ටි නැමැත්තා ශ්‍රී ලංකා රජය සමූල ඝාතන සිදුකල බව කියමින් ශ්‍රී ලංකා සීක්‍රටිස්‌ නමින් ග්‍රන්ථයක්‌ එළිදක්‌වා ඇත.

මේ ග්‍රන්ථයට තොරතුරු සපයා අත්තේ පසුගියදා සංචාරකයන් වේගයෙන් යාපනයට ගොස්‌ සිටියදී අසුවූ ඕස්‌ටේ්‍රලියානු ග්‍රීන් පක්‍ෂයේ උත්තර මන්ත්‍රිනි ලී රිකාකොන් නැමැත්තියයි.

මේ අතර ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළබවට සාක්‍ෂි ඉදිරිපත් කරන්නැයි දැක්‌වෙන එක්‌සත් ජාතීන්ගේ හිස්‌ පෝර්මවලට අත්සන් ගත් ක්‍රිෂ්ණරාජා සින්නතම්බි නැමැති හිටපු කොටි හිතවාදියා ත්‍රස්‌ත මර්දන බලධාරීන්ට අසුවිය.

මොහු කොටින්ගේ මක්‌කල් පඩයි සිවිල් සංවිධානයේ ක්‍රියාකාරියෙකි. වව්නියාවේ සන්මාස්‌ටර් නැමැති ද්‍රවිඩ සන්ධාන නියෝජිතයා විසින් මොහුට එම පෝර්ම බෙදීමට යොදවා තිබූ බව විමර්ශනවලදී හෙලිවිය.

ක්‍රිෂ්ණරාජා අත්අඩංගුවට ගැනීමනිසා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ද ද්‍රවිඩ ජනතා පෙරමුණේ කජෙන්ද්‍රන් හා බස්‌නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රි කුමර ගුරුබරන්ද කලබලයට පත්වී තිබේ.

අත්අඩංගුවට ගත් ක්‍රිෂ්ණරාජා මුදාහරින ලෙසද ඔවුන් රජයෙන් ඉල්ලා ඇත. ත්‍රස්‌ත මර්දන බලධාරීන් ක්‍රිෂ්ණරාජා පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලදී හෙලිවූයේ ඔහු ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයට සාවද්‍ය ප්‍රකාශ කිරීමට අමතරව වන්නියේ ද්‍රවිඩ වැසියන්ගෙන් හිස්‌ පෝර්ම රැසකට අත්සන් ගෙන තිබූ බවයි. ඔහු අත්අඩංගුවට ගනු ලැබූ අවස්‌ථාවේ අත්සන් හයක්‌ සහිත හිස්‌පෝර්ම තිබී සොයාගෙන තිබේ. ඉන් සනාථවන්නේ ද්‍රවිඩ සන්ධානය සහ ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය සාක්‍ෂි ජිනීවා වෙත යවන බවයි.

මේ පසුබිම මැද යුරෝපා අධිකරණය කොටි තහනම ඉවත් කිරීම ගැන බරපතල ඝාතනයන් මතුවන තොරතුරු පසුගිය බදාදා අනාවරණය විය. ඒ යුරෝපා සංගමයේ නීති මණ්‌ඩලයේ නිලධාරීන් කොසවෝ අපරාධ වසන් කිරීමට අල්ලස්‌ ගැනීමේ සිද්ධියකි.

Read Full Post »

අලිමංකඩ හමුදා කඳවුර ඇද වැටීම නිසා සතුටට පත්ව ප්‍රභාකරන්ට ඩොලර් මිලියනයක්‌ ප්‍රදානය කළේ මිස්‌ටර් “බී” නමැත්තායි. එහෙත් මිස්‌ටර් “බී” ගැන මෙරට බුද්ධි අංශවලට වාර්තා වූයේ නැත. ඔහු ගැන පමණක්‌ නොව කොටි ගැන සෙවීමද 2002 පෙබරවාරි 21 දා සිට තහනම් විය.

මේ මිස්‌ටර් ” බී” කවුද? 2002, 2003 අතර වික්‍රමසිංහ ආණ්‌ඩුව පැවැති සමයේ කොළඹ කොටස්‌ වෙළෙඳ පළේ අධ්‍යක්‍ෂවරයකු වූ සහ ඕඩිකොලොන් ඇතුළු සුවඳ විලවුන් නිපදවන සමාගම් හිමිකරුවකු විසින් ඇමරිකාවේ කෝටිපති ද්‍රවිඩ ව්‍යාපාරිකයකුව මෙරටට පැමිණ ආයෝජන කරන ලෙස ඉල්ලා තිබේ.

මොහු රාඡ් රාජරත්නම් නමැත්තායි. රාජරත්නම් මෙරට ප්‍රධාන පෙළේ සමාගමක රුපියල් බිලියන අටක කොටස්‌ මිලයට ගත්තේය. ඉන්පසු පුද්ගලික බැංකු තුනක රුපියල් බිලියන 4.5 ක කොටස්‌ මිලයට ගනු ලැබීය. එසේම බේරුවල හෝටලයක හා තවත් ප්‍රධාන පෙළේ සමාගම් කීපයක කොටස්‌ද මොහු එකවරම මිලයට ගෙන තිබිණි. එහෙත් මේ ඇමරිකානු පුරවැසියා මෙරට ආර්ථිකයට දායක වන ප්‍රධාන සමාගම්වල කොටස්‌ මිලයට ගැනීමේ අභිරහස සෙවීමට කිසිවකුටත් ඕනෑ වුණේ නැත.

ඒ වෙනුවට අපේ ආර්ථිකය නැංවීමට ඇමරිකාවේ සිට පැමිණි ” දෙවියා” යන නමින් රාඡ්රාජරත්නම්ට හඳුන්වනු ලැබීය. මේ දේවියා යනු අභිරහස්‌ යක්‍ෂයකු බව ශ්‍රී ලංකාවේ ජනතාවට හෙළි වූයේ නැත.

සුනාමි විපතින් අනාථ බූස්‌සේ ජන සමූහයකට ඔහු නිවාස සංකීර්ණයක්‌ද ඉදිකර දුන්නේය. නිවාසලාභීහු රාජරත්නම්ට ප්‍රසාදයද පළ කළහ.

එදා පැවැති රජයේ ඉහළ තැන්වල සිටි පිරිස්‌ සමග දැඩි සබඳකම් පැවැත් වූ රාඡ් රාජරත්නම් 2004 දී ශ්‍රී ලංකාවට පැමිණියේය.

2009 මැයි මස කොටි සංවිධානය පරාජය වීමත් සමගම එවකට අධිකරණ ඇමැති වූ මිලින්ද මොරගොඩගේ ළමා සෙබළුන් පුනරුත්ථාපනය කිරීමේ වැඩ සටහන සඳහා ඔහු ඩොලර් මිලියනයක්‌ද පරිත්‍යාග කළේය.

සටන් විරාම ගිවිසුමේ ක්‍රියාකාරියකු ලෙස මිලින්ද මොරගොඩ කටයුතු කර තිබුණි.

එහෙත් 2009 ඔක්‌තෝම්බර් 16 දා රාඡ්රාජරත්නම්ගේ වෙස්‌ මුහුණ ගැලවී බිම ඇද වැටිණි.

ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය රාඡ්රාජරත්නම් ටී. ආර්. ඕ. නමැති කොටි අරමුදල් එකතු කරන ආයතනය හරහා ප්‍රභාකරන්ට අරමුදල් සපයා ඇති අයුරු සොයාගෙන තිබිණි.

මේ අරමුදල් සපයනු ලැබුවේ මිස්‌ටර් ” බී” නැමැත්තායි. මිස්‌ටර් “බී” යනු වෙනින් කවුරුත් නොව රාඡ් රාජරත්නම් යෑයි එෆ්. බී. අයි. පොලිසිය සොයා ගනු ලැබීය.

මිස්‌ටර් බී. හෙවත් රාඡ් රාජරත්නම් සුනාමි නිවාස ඉදිකිරීමට යෑයි දක්‌වමින් ප්‍රධාන පෙළේ සමාගම් දෙකකට ඩොලර් ලක්‍ෂ පහක්‌ද සුනේත්‍රා බණ්‌ඩාරනායකගේ සුනෙර පදනමටද අරමුදල් සැපයීමට ක්‍රියා කළේය.

එසේම අම්පාරේ මුස්‌ලිම් ජනතාව වෙනුවෙන් නිවාස සංකීර්ණයක්‌ ඉදිකිරීමටද ඔහු කටයුතු කර ඇත. එසේ වුවත් මේ අභිරහස්‌ දානපතියා ගැන මෙරට බුද්ධි සේවා විමර්ශනය නොකළේ ඔහු දේශපාලන ලෙස බලවත්ව සිටි තැනැත්තකු නිසාය.

මේ පසුබිම මැද ඇමරිකාවේ ගැලියන් පන්ඩ් නමැති අරමුදලේ ප්‍රධානියා වූ රාඡ් රාජරත්නම් මෙරට ප්‍රධාන පෙළේ බැංකු තුනක සහ සමාගම් රැසක කොටස්‌ මිලයට ගත්තේ ඇයි?

අලිමංකඩ දැවැන්ත හමුදා කඳවුර ඇද වැටීමෙන් පසු ප්‍රභාකරන් ඊලම් රාජ්‍යය ස්‌ථාපිත කරනු ඇතැයි හෙතෙම තරයේ විශ්වාස කළේය.

ඒ අනුව කොළඹ ව්‍යාපාරික ක්‍ෂේත්‍රය, කොටස්‌ වෙළෙඳපළ ඇතුළු ආර්ථිකය තමා යටතට ගැනීම ඔහුගේ ඉලක්‌කය විය.

එසේම රුපියල් ලක්‍ෂ 3900 කට සමාන ඩොලර් 30,00000 ක මුදලක්‌ රාජරත්නම් විසින් විපක්‍ෂ මන්ත්‍රීවරයකු වූ රවි කරුණානායකගේ ගිණුමට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අතිරේක විදේශ විනිමය පාලකවරයාද අනාවරණය කරනු ලැබීය. මේ මුදල් එවා ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය පාලකවරයා විසින් කොටස්‌ වෙළෙඳපළ හා කොටස්‌ ආයෝජනය පිළිබඳව නිකුත් කර ඇති ගැසට්‌ නිවේදනයේ නීතිරීතිවලට පටහැනිව යෑයිද ඔහු කියා සිටියේය.

මේ අතර ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය රාඡ් රාජරත්නම් ඩොලර් මිලියන පහක්‌ 2000 සිට 2007 දක්‌වා කාලය තුළ කොටින්ට සපයා ඇති බවට තොරතුරු සොයා ගෙන තිබිණි.

මෙලෙස රාජරත්නම්ගේ කොටි සබඳතා හෙළිවීම නිසා කොටි බෝම්බවලින් විපතට පත්වූවන්ගේ ඥාතීහු 25 ක්‌ රාජරත්නම් සහ ඔහුගේ පියා වූ ඡේම්ස්‌ රාජරත්නම්ට එරෙහිව ඇමරිකානු නිව්ජර්සි අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

කොටුව දුම්රියපළ – නුගේගොඩ නෝලිමිට්‌, ගල්කිස්‌ස සහ පිළියන්දල බස්‌ බෝම්බ පිපිරීම, වැලිවේරිය බෝම්බ පිපිරීම යන ත්‍රස්‌ත ක්‍රියාවලින් මියගිය පාසල් සිසුන් ඇතුළු සිවිල් වැසියන් වෙනුවෙන් ඩොලර් මිලියන 75 බැගින් වන්දි ඉල්ලා එකී නඩුව පැවරීමට ක්‍රියා කෙරිණි.

මේ නිසා රාජරත්නම් කලබලයට පත් විය. ඔහු මෙරට නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකු ලවා එකී නඩුවට ප්‍රතිචාර දැක්‌වීමට ක්‍රියා කළේය. එසේම ත්‍රස්‌ත විමර්ශකයකු යෑයි හඳුන්වා ගන්නා තැනැත්තාද එම නඩුවේ සාක්‌කි ලිපිගොනුව ලබාගැනීමට ගත් උත්සාහය හිටපු ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ලයනල් මුණසිංහ ව්‍යර්ථ කළේය. රාඡ් රාජරත්නම්ට ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ ඔහුගේ මෙරට වත්කම රුපියල් බිලියන කෝටි පනහක්‌ යෑයි අනාවරණය විය. එහෙත් ඒ වත්කම් තහනම් වූයේ නැත.

දෙබිඩි චරිතයන් මවමින් රාඡ් රාජරත්නම් හෙවත් මිස්‌ටර් “බී” මෙරට දේශපාලනයටද මැදිහත් වී ඇතැයි දැන් සනාථ වී ඇත.

කොටස්‌ වෙළෙඳ පළේ සිදුකළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් වසර 11 ක සිරදඬුවමක්‌ විඳින රාඡ් රාජරත්නම් එසේ මෙසේ තක්‌කඩියකු නොවේ. ඔහු මෙරට දේශපාලනයද වෙනස්‌ කිරීමට උත්සාහ කළේය.

ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය රාඡ් රාජරත්නම් ගැන තොරතුරු සොයා නොගත්තේ නම් ඔහු තවදුරටත් මෙරට ආණ්‌ඩු වෙනස්‌ කිරීමටද මැදිහත් වනු නියතය. එහෙත් දිට්‌ට ධම්ම වේදනීය කර්මය ඔහුට පලිසන් දී ඇත.

ලබන ජනවාරි මස රාඡ් රාජරත්නම් සහ ඡේම්ස්‌ රාජරත්නම් පිය පුතු දෙදෙනාට එරෙහිව ඇමරිකානු අධිකරණය හමුවේ ශ්‍රී ලාංකිකයන් පැවරූ නඩුව විභාගයට ගැනීමට නියමිතය.

රාජරත්නම් ඇමරිකාවේ සිරදඬුවම් විඳින අවස්‌ථාවේ ඔහුගෙන් ඩොලර් මිලියන පහක අරමුදල් ලබාගත් ටී. ආර්. ඕ. නමැති කොටින්ට සම්බන්ධ සංවිධානයේ නායකයා රෙජි මෙරටින් පැනගොස්‌ බ්‍රිතාන්‍යයේ සැඟවී සිවී. එහෙත් වසර 12 කට පෙර සිදු වූ මේ අතීතය වසන් කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරති.

Read Full Post »

ලෝක යුද්ධ බොහොමයක්‌ ආරම්භ කළේ යම් කිසි රාජ්‍යයක්‌ හෝ රාජ්‍යයන් සමූහයක්‌ විසිනි. එහෙත් යම් කණ්‌ඩායමක්‌ විසින් තම ලබ්ධිය වෙනුවෙන් ලෝකයට අභියෝග කිරීම ආරම්භ වන්නේ අල් කයෙඩා සංවිධානයේ ආරම්භයත් සමගය. මෙම තත්ත්වයේ වඩාත් බියකරු ස්‌වභාවය ඉස්‌මතු කරමින් වර්තමානයේ අබුබකර් අල් බග්ඩාඩ් නමැත්තාගේ නායකත්වයෙන් ඉස්‌ලාම් රාජ්‍ය නමැති ඉස්‌ලාම් මූලධර්මවාදී කණ්‌ඩායම ලෝකයට අභියෝග කරමින් සිරියාවේ සහ ඉරාකයේ කොටස්‌ තමන්ගේ අණසකට නතු කරගෙන ඉස්‌ලාම් ෂරියා නීතියට අනුව පාලනය කෙරෙන කාලිපේත් නමින් ඉස්‌ලාම් රාජ්‍යයක්‌ බිහි කරලීමේ සටනක යෙදී සිටියි. ලෝකයේ බොහෝ රටවල වෙසෙන ඉස්‌ලාම් මූලධර්මවාදීහු ඉස්‌ලාම් රාජ්‍ය සංවිධානයට සහාය දැක්‌වීමට දහස්‌ ගණනින් රොද බැඳගනිමින් සිටිති.

අද පවතින තත්ත්වය දවසකින් දෙකකින් ආරම්භ වූවක්‌ නොවේ. ඒ සඳහා දිගු ඉතිහාසයක්‌ ඇත. ඉස්‌ලාම් රාජ්‍ය කණ්‌ඩායම සටනට පිවිසෙන්නේ සිරියානු යුද්ධය හරහායි. 2011 මාර්තුවේදී සිරියානු රජයට විරුද්ධව ආරම්භ වූ ජනතා නැගිටීමට දායක වීමට විවිධ සටන්කාමී කණ්‌ඩායම් සිරියාවට එකතු වූ අතර ඉස්‌ලාම් රාජ්‍ය ද මින් එකකි. මෙය අල්කයෙඩා සංවිධානයට නෑකම් කියන කණ්‌ඩායමක්‌ වන අතර සංග්‍රාමික උපක්‍රම අනුව ඔවුන් අල්කයෙඩා සංවිධානයට වඩා වෙනස්‌ වන්නේ මහා සංග්‍රාමයක්‌ තුළින් භූමිය අත්පත් කර ගැනීමට කටයුතු කරන හෙයිනි. අල්කයෙඩා සංවිධානයේ උපක්‍රමය වන්නේ කුඩා කණ්‌ඩායම් හෝ තනි තනිව බටහිර රටවල තෝරාගත් ඉලක්‌කවලට පහරදී එම රටවල් දුර්වල කිරීමය. විශේෂයෙන්ම 1979 – 1989 අතර සෝවියට්‌ දේශයට විරුද්ධව ඇෆ්ගනිස්‌ථාන් යුද්ධයට සමාන කමක්‌ දක්‌වමින් තමන්ගේ පොදු හතුරා හෙවත් සිරියානු ජනාධිපතිවරයාට විරුද්ධ සටනට ලොව පුරා ජිහාඩ් කණ්‌ඩායම් සිරියාවේදී එකතු වේ. එදා ඇෆ්ගනිස්‌ථානයේදී සෝවියට්‌ දේශයට විරුද්ධ සටනට ලොව හතර වටින් එකතු වූ සටන්කාමීන් පසුව විවිධ අන්තවාදී කණ්‌ඩායම් ගොඩනංවාගෙන තම සටන දිගටම කරගෙන ගියහ. අල්කයෙඩා සංවිධානය බිහිවන්නේද ඇෆ්ගනිස්‌ථාන් යුද්ධයේ අතුරු ඵලයක්‌ ලෙසය. සිරියානු යුද්ධයද එවැනිම වටාපිටාවක්‌ සකස්‌ කර දී තිබේ.

මැදපෙරදිග රටවල් හරහා හමාගිය අරාබි වසන්තයේ කුණාටුව ආරම්භ වන්නේ ටියුනීසියාවෙනි. එරට සිඩ් බව්සිට්‌ නගරයේ පදික වෙළෙන්දෙක්‌ වූ මොහොමඩ් බව්අසීසීගේ වෙළෙඳ බඩු නගරයේ නිලධාරීන් විසින් රාජසන්තක කිරීමට විරෝධය පෑම පිණිස හෙතෙම තම සිරුරට ගිනිතබාගෙන සිය දිවි හානිකර ගත්තේය. මෙම මරණයත් සමග කුපිතවූ ජනතාව දරිද්‍රතාවය, ආර්ථික අපහසුකම්, විරැකියාව, රාජ්‍ය මර්දනය සහ ඒකාධිපති පාලන ක්‍රමය මෙම මරණයට මූලික හේතු ලෙස දක්‌වමින් ආරම්භ කරන ලද විරෝධතා ව්‍යාපාරය ලැව් ගින්නක්‌ මෙන් ටියුනීසියාව පුරා පැතිර ගියේය. මෙම නැගිටීමෙන් පන්නරය ලැබූ සෙසු අරාබි සහ උතුරු අප්‍රිකානු රටවල ජනතාවද දශක කීපයක්‌ තිස්‌සේ තම රටවල් පාලනය කළ පිරිස්‌ පන්නා දැමීම උදෙසා වීථි බැස්‌සහ.

මැදපෙරදිග සහ සමහර උතුරු අප්‍රිකානු රටවල ජනතාව පාරට බැස්‌සේ ඒකාධිපති පාලන ක්‍රමයන් වෙනස්‌ කිරීම අවශ්‍ය බව ප්‍රකාශ කරමිනි. සැබෑවට මෙම සටන ආරම්භ වන්නේ මින් දශක ගණනාවකට පෙර මෙම රටවල් යටත් විජිත පාලනයෙන් මිදීමත් සමගයි. එක්‌ පැත්තකින් මෙම පාලකයන් ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන් ඇති කිරීම වෙනුවෙන් එක්‌ පිරිසක්‌ සටන් කරන විට තවත් පිරිසක්‌ සටන් කළේ මෙම රටවල ඉස්‌ලාම් ෂරියා නීති රීතිවලට අනුව පාලන ක්‍රමයක්‌ ඇති කිරීමටයි. මෙම දෙපිරිසම දුටු එක්‌ සත්‍යතාවක්‌ වන්නේ මෙම රටවල පාලකයන්ට ඇමරිකානු සහ බටහිර රටවල ආධාර සහ ආරක්‍ෂාව ලැබෙන බවයි. එසේම මෙම පාලන ක්‍රමයන් වෙනස්‌ කිරීමට එක්‌ පිරිසක්‌ පවතින දේශපාලන ක්‍රමය තෝරා ගන්නා විට තවත් පිරිසක්‌ තෝරා ගත්තේ සන්නද්ධ ව්‍යාපාරයන්ය.

මුස්‌ලිම් රටවලට සිදු වූයේ කුමක්‌ද?

20 වැනි ශතවර්ෂයේ ආරම්භයේ සිටම මුස්‌ලිම් ලෝකයට තම කැමැත්තට පටහැනිව දැඩි ලෙස වෙනස්‌ වීම සඳහා අවැසි පරිසරයක්‌ බිහිවෙමින් පැවතිණි. ලෝක යුද්ධ, යටත් විජිත බිඳවැටීම, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය බිහිවීම, ආර්ථික, සමාජීය, දේශපාලනික වෙනස්‌වීම්, නිරවි යුද්ධය, තොරතුරු තාක්‍ෂණයේ දියුණුව සහ ඇමරිකාව ලෝක බලවතා වීම යන කරුණු මෙම වෙනස්‌වීම්වලට පාදක විය. එහෙත් මුස්‌ලිම් රටවල සාම්ප්‍රදායික සමාජයන් කෙරෙහි නව ලෝක ප්‍රවණතාවන් තර්ජනාත්මක ලෙස බලපෑම නුරුස්‌සන බලවේගයන් හට මෙම තත්ත්වයන්ගෙන් මිදුණු සමාජයක්‌ කරා නැවතත් අවතීර්ණය වීමේ අවශ්‍යතාවක්‌ද ඇති විය.

අරාබි රටවල් පාලනය කළ ඔටොමාන් අධිරාජ්‍යය පළමු ලෝක යුද්ධයත් සමග අවසන් විය. මෙය මුස්‌ලිම් ලෝකය ලද විශාලතම පරාජය සහ අවමානය ලෙස සලකන ලදී. තුර්කිය ප්‍රධාන කරගෙන පැවැති කාලිප් රාජ පරම්පරාව 1924 දී අවසන් විය. මෙම කාලිපෙත් ක්‍රමය හරහා මුස්‌ලිම් ලෝකය ඉස්‌ලාම් ධර්මයට අනුව පාලනය කරන ලදී.

තම පාලන කාලයේදී බටහිර ජාතීන් ඔටොමාන් අධිරාජ්‍යය කැබැලිවලට කඩා ලෙබනනය. ඊශ්‍රායලය, පලස්‌තීනය, ජෝර්දානය සහ සිරියාව වැනි රාජ්‍යයන් බිහි කළහ. බටහිර සංස්‌කෘතියේ අංගයන් වන පුවත්පත්, නාට්‍ය, චිත්‍රපට, නවකතා සහ මත්පැන් වැනි දේ අරාබි රටවලට ඇතුළු වී ඉක්‌මනින්ම ප්‍රචලිත වන්නට පටන් ගත්තේය. බටහිර ජීවන රටාව මෙම රටවල ජනතාව වැළඳ ගත් අතර මේ නිසා ඉස්‌ලාම් ධර්මයට අනුකූලව පවත්වාගෙන පැමිණි ජීවන රටාවේ වෙනසක්‌ ඇති වේය යන බිය ආගමික නායකයන්ගේ සිත් තුළ ජනිත විය. මේ අතර බටහිර අධ්‍යාපන ක්‍රමය සහ විද්‍යාවන් ප්‍රචලිත වීම පිරිසිදු ඉස්‌ලාම් ධර්මයක පැවැත්මට තර්ජනයක්‌ විය හැකි බවද සමහරු කල්පනා කළහ.

මෙම නව තත්ත්වයන් හමුවේ බොහෝ මුස්‌ලිම්වරුන් කල්පනා කළේ ඉස්‌ලාම් ෂරියා නීතිය අනුව පාලනය කරන මුස්‌ලිම් රාජ්‍යයක්‌ ගොඩනැඟීම මෙයට ඇති එකම විසඳුම බවයි. මේ සඳහා වූ පළමු ව්‍යාපාරය වූ මුස්‌ලිම් සහෝදරත්ව සංවිධානය 1928 දී ඊජිප්තු ජාතික ගුරුවරයකු වූ හසන් අල්-ඛන්නා විසින් ආරම්භ කරන ලදී. කෙටි කලකින් මොහුගේ ඉගැන්වීම් වෙනත් රටවලටද ව්‍යාප්ත විය. 1942 දී පකිස්‌තානු ජාතික මව්ඩුඩී විසින් ජමාඅයි ඉස්‌ලාම් නමැති ව්‍යාපාරය පකිස්‌තානය මුල්කරගෙන බිහි කළේය. මෙම ව්‍යාපාරයද ඉන්දියානු උප මහාද්වීපයෙන් ඔබ්බට විහිදිණි. එය ඔසාමා බින්ලාදන් සම්බන්ධ සුන්නි අන්තවාදී ආගමික ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වන සහිද් කුටුබ්ගේ කටයුතු කෙරෙහි බෙහෙවින්ම බලපෑවේය.

මේ කාලයේ දී සෙසු අරාබි රටවල් වැඩි වැඩියෙන් බටහිරට නැඹුරු වන විට ඊජිප්තුව සමාජවාදී ක්‍රමයක්‌ යටතේ ඉදිරියට යැමට උත්සාහ කරන ලදී. 1948 දී ඊශ්‍රායලය පිහිටුවීම අරාබි ජාතීන් අතර අසහනයක්‌ ඇති කිරීමට විශේෂයෙන්ම හේතු විය. මේ අතර 1967 සත්දින යුද්ධයෙන් අරාබිය, ඊශ්‍රායලයට පරාජය වීම නිසා මහජනතාව තුළ තිබූ කලකිරීම තීව්‍ර වී අරාබි ජනතාව තුළ තම නායකයන් කෙරෙහි පැවති විශ්වාසය පළුදු විය. මුස්‌ලිම් සහෝදරත්ව සංවිධානයේ නායකයන් හැම විටම ප්‍රකාශ කළේ අධිරාජ්‍යවාදීන් නික්‌ම ගියද ඔවුනගේ ශක්‌තිය හා බලපෑම ඊශ්‍රායලය හරහා ක්‍රියාත්මක වන බවයි. මේ නිසා ගාසා තීරයේ මෙන්ම මැදපෙරදිග අනෙකුත් කොටස්‌වල විවිධ අන්තවාදී සංවිධාන බිහිවූ අතර පසු කාලයේදී මොවුන්ගේ ප්‍රධාන වෙළෙඳ සලකුණ වූයේ මරාගෙන මැරෙන ත්‍රස්‌තවාදයයි. දරිද්‍රතාවය, අන්තවාදී අදහස්‌ තුළින් මොළය සෝදා හැරීම, පළිගැනීම, රාජ්‍ය මර්දනය සහ මරණින් මතු සැප සම්පත් පිළිබඳ අදහස්‌ හිස තුළට කැවීම නිසා බොහෝ සාමකාමී තරුණයන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පරිවර්තනය විය.

1979 දී ෂා රජු පන්නා දමා ඉරානය තුළ ඉස්‌ලාමීය රජයක්‌ පිහිටුවන ලදී. 1989 දී ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානයේ සහ අරාබි රටවල සහයෝගය ලත් ඇµaගනිස්‌තාන් ඉස්‌ලාම් මූලධර්මවාදීන් සෝවියට්‌ හමුදාව පන්නා දමන ලදී. 1983 න් පසුව හිස්‌බුල්ලා, හමාස්‌ සහ පලස්‌තීන ඉස්‌ලාම්, ජිහාඩ් සංවිධානය ඇතුළු කණ්‌ඩායම් බටහිර ලෝකයට විරුද්ධව ශුද්ධ වූ යුද්ධයක්‌ ප්‍රකාශ කරන ලදී.

මෙයට සමගාමීව ඊජිප්තුවේ ඉස්‌ලාම් ජිහාඩ් සංවිධාන තම මූලික ක්‍රියාදාමය වූ ඊජිප්තුවේ රජයට විරුද්ධව කරගෙන ආ සටන වෙනතකට යොමු කරමින් තම ළඟම සතුරා හෙවත් පවතින රජය කෙරෙහි පැවති විරෝධය දුරස්‌ථ සතුරා හෙවත් ඇමරිකාව ඇතුළු බටහිර වෙතට යොමු කරන ලදී. තම රටවල නායකයන්ට බලයේ රැඳී ජනතාව පෙළන්නට හැකිව ඇත්තේ ඔවුනට බටහිර රැකවරණය සහ උදව් උපකාර ලැබෙන නිසා බව මෙම කණ්‌ඩායම් ප්‍රකාශ කළහ. මේ නිසා මෙතෙක්‌ කල් වෙන වෙනම සටන් කළ කණ්‌ඩායම්වලට තම සටන පොදු අරමුණක්‌ හෙවත් බටහිර විරෝධී සටනක්‌ වෙත පරිවර්තනය කිරීමට අවස්‌ථාවක්‌ ලැබිණි. මෙම එකතුවීම නිසා වෘත්තීයමය ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් බිහිවිය. මේ තුළින් ඔවුහු නැති වුණු ඔටෝමාන් අධිරාජ්‍යය ගොඩනැඟීමේ සටන ආරම්භ කරන ලදී. මෙම දුරස්‌ථ සතුරාට පහර දීම පිළිබඳව හොඳම නිදසුන වන්නේ සැප්තැම්බර් 11 වැනි දින ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට කරන ලද පහරදීමයි.

සමහර විචාරකයන්ගේ තර්කය වන්නේ ඉස්‌ලාම් මූලධර්මවාදීන්ගේ නැගිටීමට ඇමරිකාව සෘජුව හෝ වක්‍රව හේතු කාරකවී ඇති බවයි. මෙය දෙආකාරයකින් සිදුවූ බව ප්‍රචලිත මතයකි.

1. ඇµaගන් යුද්ධය සඳහා මැදිහත්වී සෝවියට්‌ හමුදාව සහ සටනට එක්‌වූ ඉස්‌ලාම් මූලධර්මවාදීන්ට සහාය දීම තුළින් මූලධර්මවාදීන් ශක්‌තිමත් වීම.

2. මුස්‌ලිම් ලෝකයේ දූෂිත යෑයි පිළිගත් පාලකයන්ට බලයේ සිටීමට උපකාර කිරීම මෙන්ම ඊශ්‍රායලයට සහාය දැක්‌වීම තුළින් හටගත් ජනතා විරෝධයක්‌ ගොඩනැඟීමට පාර කැපීම.

ඉස්‌ලාම් ත්‍රස්‌තවාදීන්ගේ ජනප්‍රිය සටන් පාඨය වූයේ ඇමරිකාව ඔවුන් අත්හරින තෙක්‌ දූෂිත පාලකයන් කිසි විටකත් ඇද නොවැටෙන බවයි. මේ ගැන ඔසාමා බින්ලාදින් ප්‍රකාශ කළේ “ඇමරිකාව නාගයෙකි. අපි ඌ නතර කළ යුතුයි. අපි නාගයාගේ හිස කපා දැමිය යුතුයි. අපේ භූමියේ ඇමරිකානු හමුදාවට කටයුතු කරන්නට ඉඩ නොදිය යුතුයි. අපි ඔවුන් පලවා හැරිය යුතුයි” යන්නයි.”

නව දේශපාලන රටාවක ආරම්භය?

මෙම පරිසරය තුළ 2010 දී ටියුනීසියාවේදී ඇතිවූ ජනතා නැඟිටීම හරහා ආරම්භ වූ අරාබි වසන්තය තුළින් පොදු ජනතාව නිදහස පිළිබඳව තම නිම්වළලු පුළුල් කර ගැන්මට ප්‍රයත්න දරන විට ඉස්‌ලාම් අන්තවාදී කණ්‌ඩායම් තම ශක්‌තිය ප්‍රදර්ශනය කරමින් සිටීම දක්‌නට ලැබේ. පොදු ජනතාව විසින් ඉදිරියට ගෙන ගිය මෙම නිදහස්‌ සටන අද ඉස්‌ලාම් මූලධර්මවාදීන් අතට පත්වී ඇත. මෙහිදී ඉස්‌ලාම් රාජ්‍ය සංවිධානය වඩාත් ආකර්ෂණීය සංවිධානයක්‌ ලෙස ඉදිරියට යමින් තමනට නැතිවූ ඉස්‌ලාම් කාලිපේතය ගොඩනැංවීමට අඩිතාලම දමා තිබේ. මෙය එක්‌ අතකින් වසර 100 ක්‌ තිස්‌සේ අරාබි ජනතාව ලැබූ විවිධ ජයග්‍රහණයන් ආපස්‌සට හරවමින් දැඩි මූලධර්මවාදී පාලන ක්‍රමයක්‌ කරා යැමකි. මොවුන් විසින් දැනටමත් කුඩා රාජ්‍යයක්‌ වූ ලෙබනනය පවා ආක්‍රමණය කරන බවට තර්ජනය කර තිබේ. මේ නිසාම මෙම තත්ත්වය නතර කිරීමට අද ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරිපත්ව ඉස්‌ලාම් රාජ්‍ය සංවිධානයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කර තිබේ. ගැටලුව වන්නේ ඉස්‌ලාම් රාජ්‍ය සංවිධානය අඩපණ කිරීමෙන් පමණක්‌ මෙම තත්ත්වය මඟහැරිය හැකිද යන්නය. ඉතිහාසය දෙස බලන විට එක්‌ සංවිධානයක්‌ යටපත් වන විට වෙනත් සංවිධානයක්‌ මතු වීම සුලබ සංසිද්ධියකි. සිරියානු යුද්ධයේ අතුරුඵලයක්‌ ලෙස දැනටමත් මිලියන 05 ක පමණ පිරිසක්‌ අසල්වැසි රටවල සරණාගතයන් බවට පත්ව තිබෙන අතර ලෙබනනයේ මුළු ජනගහනයෙන් අඩක්‌ හෙවත් මිලියන දෙකක සිරියානු සරණාගතයන් පිsරිසක්‌ සිටිති. සිරියාව තුළ තවත් මිලියන 10 ක්‌ පමණ අවතැන් වී සිටින අතර දැනටමත් ලක්‍ෂ දෙකක පමණ පිරිසක්‌ ජීවිතක්‍ෂයට පත්ව ඇත. ඉරාකයේ ඉස්‌ලාම් රාජ්‍ය කණ්‌ඩායමේ ඉදිරි ගමන හමුවේ ජනතාව තම ගම්බිම් අතහැර පලා යමින් සිටිති. කබානා නමැති තුර්කියට ආසන්න ප්‍රදේශයක්‌ ඉස්‌ලාම් රාජ්‍ය කණ්‌ඩායම විසින් අත්පත් කරගැනීමෙන් තුර්කිය කැළඹීමට පත්ව තිබේ.

රංජිත් ගුණරත්න

(මෙය ලේඛකයාගේ පෞද්ගලික අදහස්‌ දැක්‌වීමකි. ලේඛකයා ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියකු වන අතර ත්‍රස්‌තවාදය සහ ගැටුම් අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් පර්යේෂණාත්මක ලිපි ගණනාවක්‌ ඉදිරිපත් කර තිබේ.)

Read Full Post »