Feeds:
Posts
Comments

මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු පාසලෙහි පුහුණුව ලබමින් සිටි යුද හමුදා සෙබලෙකු වන අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි

ඊයේ  (30) සවස් කාලයේ අරලගංවිල පොලිස් වසමේ වලමණ්ඩිය කැලෑ ප්‍රදේශයේ දී පුහුණු අභ්‍යාස වල නිරත වෙමින් සිටිය දී මෙම වන අලි ප්‍රහාරයට ලක් වී තිබෙයි

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු (19) ක් වන පහල දන්ගමුව ,අඹගස්දූව ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළෙකි

අරලගංවිල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

2007 ජූලි 11 වෙනිදා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් විසින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගෙන් තොප්පිගල මුදවාගෙන අදට වසර 14 යි!

දිගුකලෙක පටන් දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත්සිත් පැහැර ගන්නා උණුදිය පොකුණු සහිත බොරවැව පිහිටා තිබෙණුයේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් වැලිකන්දේ සෙවනපිටිය, බොරවැව ගම්මානයේයි.

දශක තුනකට පමණ ඉහතදී කොටි ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක‍්‍රියා දරුණුවට පැවැති ප‍්‍රදේශයක් ලෙසද වැලිකන්දේ බොරවැව ඉතා ප‍්‍රකටය. මිනිස් ලෙයින් බිම නහවා කොටි ත‍්‍රස්තවාදීහු බොරවැව ගමේ ජීවිත රැුසක් අමු අමුවේ බිළිගත් ශෝචනීය සිදුවීම කිසිදා මතකය හැර නොයන්නකි. ඒ බොරවැව ගම්මානයේ වෙසෙන්නී, ඇගේ නම සන්ධ්‍යා කාන්තිය. ඇය අපට මුණගැසෙන විට සිටියේ අබලන් වූ රෝද පුටුවකට බරදීගෙනය. දිවිමෙඟහි තිස් පස් වන විය ගෙවන ඈ මෙලෙස දෙපා අප‍්‍රාණිකව රෝද පුටුවක් මතට ජීවිතය තල්ලූවී සිටිනුයේ උපතින් ලද රෝගී තත්ත්වයක් නිසා නොව වසර තිහකට නොඅඩු කාලයක් තිස්සේ මේ රටේ ජනජීවිත අඳුරු අගාධයකට ඇද දැමූ රුදුරු කොටි ත‍්‍රස්තවාදයේ සැහැසිකම්වලට ශාප වන්නටය.

එක් මූසල රාත‍්‍රියක තම ගම්මානයට කඩා වැදුණු කොටි ත‍්‍රස්තවාදීහු කිරි දරුවන්, ගැබිණි මවුවරුන්, කුඩා ළමුන් වැඩිහිටියන් ඇතුළු නිරායුධ වැසියන් 58 දෙනකු කපා කොටා පොළොවේ ගසා අමු අමුවේ මරා දැමූ ම්ලේච්ඡ බියගුළු ක‍්‍රියාවට, සිවු හැවිරිදි දැරියකව සිටියදී ලද බියකරු අත්දැකීම් පිළිබඳව සිය මතකය සන්ධ්‍යා අප හමුවේ මෙලෙස අවදි කළාය. ඒ ඇගේ දෑස් කෙවෙනි අග නැවත අලූත්වී දෙකොපුල් දිගේ රූරා හැලෙන කඳුළු කැටද සමඟිනි.

‘‘මගේ අම්මයි, තාත්්තයි දෙන්නගෙම ගම මාවනැල්ල. මහවැලියෙන් ඉඩම් ලැබිල තමයි ඒ අය මෙහාට ඇවිල්ල තියෙන්නේ. තාත්තා ගොවිතැන් වැඩවලට අමතරව පොඩි කඩයකුත් දාගෙන හිටියේ මේ ගෙදර වත්තෙම. මම ඉපදිලා තියෙන්නේ 1985 පෙබරවාරි මාසේ දෙවැනිදා. මම පවුලේ දෙවැනියා. මට වැඩිමල් අයියා කෙනෙකුයි, බාල මල්ලි කෙනෙකුයි හිටියා.

මේ සිද්ධිය වෙනකොට මට වයස අවුරුදු හතරයි. අයියට වයස අවුරුදු අටයි. මල්ලි චූටියි. එයාට වයස මාස තුනයි. මට හොඳට මතකයි. 1989 අවුරුද්දේ අපේ ගමට කොටි ගහපු දවස. ඒ කාලේ අපේ ගමට ලයිට් තිබුණේ නෑ. භූමිතෙල් කුප්පි ලාම්පු තමයි පත්තු කළේ. එදා පෙබරවාරි මාසේ 27 වෙනිදා. කැළේට ලී කපන්න ගිය මාමල කට්ටියක් අපේ තාත්තට ඇවිල්ල කිව්වා, එක මාම කෙනෙක් කැළේදී කොටි අල්ලා ගත්ත කියලා. තාත්තා එවෙලේම ගියා වැලිකන්ද පොලිසියට මේ බව කියන්න. තාත්තා ගෙදර එන්න පරක්කු වුණා. ගමේ මාම කෙනෙක් දවල් කැළේදී අල්ල ගත්ත නිසා ගමට කොටි එයි කියලා අම්ම හරි බයෙන් හිටියේ. රෑ වෙනකොට කුප්පි ලාම්පුවේ එළිය අඩු කරලා ගෙදර දොර වහගෙන හිටියේ. එහෙම ඉඳලා තව ටිකක් රෑ වෙද්දී අපිව ඇඳ යට හැංගුවා. අයියා කලින් කෑම කාලා ඇඳ යටට රිංගුවා. මම බත් කකා හිටියේ.

අම්ම කිව්වා පුතේ ඔයා බත් කාලා ඉක්මනට ඇඳ යටට යන්න කියලා. ඊට පස්සේ මට බය හිතුණා. මම බත් එක කෑම නතර කරලා අත හෝදන්නෙත් නැතුව ඇඳ යටට රිංගුවා. බත් කාලා වතුරවත් බිව්වේ නෑ. වෙලාව මට මතක නෑ. අම්ම කුප්පි ලාම්පුවෙ එළිය අඩු කරලා තිබුණේ. මට නින්ද ගියෙත් නෑ. එතකොට දෙන්නෙක් අපේ ගේ ඇතුළට ආවා. ඒ අය හමුදාවේ වගේ ඇඳුම් ඇඳල හිටියේ. බූට් සපත්තු දාලා හිටියා. එවේලේ අම්ම මල්ලිට කිරි දිදී හිටියේ. එක්කෙනෙක් අම්ම අතේ හිටිය. මල්ලිව උදුර ගත්තා. එතකොට අම්මා කෑගැහුවා. මල්ලිව උදුරගත්තු කෙනා මල්ලිගේ කකුල් දෙකෙන් අල්ලලා බිත්තියේ ගැහුවා. ඒ එක්කම අතේ තිබුණු ආයුධයකින් ගහලා අම්මව කැපුවා. එතකොට අයියා මගේ අතින් අල්ලගෙන ඇඳ යටින් එළියට ආවා. අපේ ගේ බිත්ති බැඳලා බාගෙට හදලා තිබුණේ. අයියා මාවත් ඇදගෙන ගෙයි සාලේ පැත්තට දිව්වා.

මොකක් හරි ආයුධයකින් මගේ පපුවට පාරක් වැදුණා මට මතකයි. ඒත් එක්කම මම බිමට ඇදගෙන වැටුණා. මම ඔළුව ඉස්සුවා. එතකොට ඔළුවටත් පාරක් වැදුණා. එච්චරයි මට මතක. සිහිය එනකොට මම හිටියේ ඉස්පිරිතාලේ ඇඳක. මගේ අම්ම දැකලා තියෙනවා කොටි අපිට ගහනවා. අම්ම ඒ බව කියලා තියෙනවා. එදා ඒ කොටි ගහපු වෙලාවේ අපේ ගමේ 58 දෙනෙක් මැරුණා. අපේ අම්මයි, අල්ලපු ගෙදර නැන්දයි ඒ දෙන්නගේ තමයි එවෙලේ පණ තිබිලා තියෙන්නේ. ඉස්පිරිතාලෙට ගෙනිහිල්ලා තියෙනවා.

අම්මා මැරිලා තියෙන්නේ දවස් දෙකකට පස්සේ නුවර ඉස්පිරිතාලෙදී. අම්ම සිහිය නැතුව ඉඳලා, සිහිය එන වේලක් ගානේ අපි ගැන අහලා තියෙනවා. අපිට කොටි ගහපු හැටි අම්ම දැක්කා කියලා අම්මව බලන්න ඉස්පිරිතාලෙට ගිය අය එක්කලා අම්ම අඬ අඬා කියලා තියෙනවා. අපේ ගමට කොටි ගහපු වෙලේ පණ බේරුණේ අල්ලපු ගෙදර නැන්දගෙයි මගෙයි විතරයි. එදා ඒ වෙච්ච කැපුම් පාරවල්වලින් මගේ දකුණු ඇහැ පේන්නේ නෑ. අන්ධ වුණා. දකුණු කකුළ පණ නැතුව ගියා. මගේ තාත්තා පොලිසියට ගිහිල්ලා එනකොට ගමට කොටි ගහලා. තාත්තාගේ ජීවිතේ බේරුණා. නමුත් එයා පුදුම දුකකින් හිටියේ. ඒ හිත් වේදනාවෙන්ම තාත්තත් මැරුණා.

මම ළමා නිවාසවල තමා හැදුණේ, වැඩුණේ. මම දැන් මේ ගෙදරට ඇවිල්ල පදිංචි වෙලා ඉන්නවා. මම දැනට අවුරුදු දෙකකට විතර කලින් විවාහ වුණා. මගේ මහත්තයා වැඩ කරන්නේ යුද හමුදාවේ. මගේ අසරණකම ගැන අනුකම්පා කරල තමයි එයා මාව කසාද බැන්දේ. දැන් අපි සතුුටින් ජීවත් වෙනවා. නමුත් හැම මොහොතකම ඒ අමිහිරි සිද්ධිය මතකයට එනවා, කොහොමටවත්ම අමතක කරන්න බෑ ඒක. මගේ අම්මට අයියට, මල්ලිට කොටි කරපු අපරාදේ. ඒ වගේම මේ ගමේ එක පවුලක අය වගේ සමගියෙන් එකට ජීවත් වුණු අයට කරපු අපරාදේ. අවුරුදු 32 කට කලින් වෙච්ච දෙයක් වුණත් මට අද, ඊයේ වගේ හැම වෙලේම මැවිලා පේනවා. උදේ හවස බුදුන්ට පහන තියලා මම ප‍්‍රාර්ථනය කරන්නේ කිසිම දවසක කිසි කෙනකුට මේ වගේ විපතක් සිද්ධ නොවේවා කියලා. ඒ වගේ මම මගේ දෙමව්පියන්ට, අයියට, මල්ලිට වගේම මැරුණු හැමදෙනාටම පින් අනුමෝදන් කරනවා. එදා අපේ ගමට කොටි ගහලා මේ කරපු විනාශය ගොඩක් දෙනකුට දැන් අමතක වෙලා ඇති. නමුත් අද ඊයේ සිද්ධ වෙච්ච දෙයක් වගෙයි අපිට. මේ ගමේ අපි ගොඩක් දෙනෙක් තවමත් ඒ වෙනුවෙන් කඳුළු බොනවා.’’

එකළ කොටි ත‍්‍රස්තවාදීහු ගම්වලට කඩා පැන නිරායුධ වැසියන් බුරුතු පිටින් අමු අමුවේ මරා දමා සමූහ මිනිස් ඝාතන සිදුකළ පොලොන්නරුවේ මායිම් ගම්මාන අතුරින් වැලිකන්දේ බොරවැව මහවැලි ගම්මානයද ඉදිරියෙනි. මරබිය තුරුළු කරගෙන රැුය පහන් කරනා මිනිසුන් වෙසෙන නිවෙස්වලට මහ ? මැදිමේ හෝ ඊටත් පෙරාතුව කඩාපැන මිනිස් ජීවිත බිළිගත් අමිහිරි මූසල සිදුවීම් එකල අරුමැසි නොවුණි.

එදා ඒ බිහිසුණු රාති‍්‍රයේ බොරවැව ගම්මානයේ නිරායුධ වැසියන් කෙසෙල් කඳන් මෙන් එකාපිට එකා වැටෙනසේ කපා පෙති ගසා අඳුරේම පළාගිය කොටි ත‍්‍රස්තවාදීන් අතින් මරණය උරුම නොවී ජීවිතය රැුකුණු කුඩා දැරිය දැන් රෝද පුටුවකට ජීවිතය සින්නවී සිටින යුවතියකි. ඇගේ ජීවිතයේ මෙතෙක් පසුකර තිබෙන කඩඉම් දුකින්, කඳුළින් ගෙවුණු ඉතා කටුක ඒවා බව අමුතුවෙන් කිවයුතු නොවේ. තවත් හඬන්නට කඳුළු ඇයට ඇත්දැයි සැක සිතෙන තරම්ය. මරණයේ අබියසට ගොස් සිටියදී දෛවෝපගත ලෙස නැවත ජීවිතය ලද සන්ධ්‍යා මේ කතාව කියාගෙන ගියේ එක හුස්මට නොවේ. වරෙක ඇය සිය කතාව මදකට නවත්වයි. පසුව දිග සුසුමක් පිටකර යළිත් පටන් ගනී. එදා අවුරුදු හතරක් වයසැති කුඩා දැරියකව සිට එවන් බිහිසුණු අත්දැකීමක් ලබා ඇත්තේ තවත් කීයෙන් කී දෙනකුට දැයි සිතා ගන්නටවත් බැරි තරම්ය. තුන් මස් වියැති කිරිකැටි බිළිඳෙකුව සිටි තම මල්ලී අම්මාගේ තුරුලේ උණුසුම්වෙමින් ඇගේ තණපුඩුවෙන් කිරි උරාබොමින් සිටියදී කොටි උදුරාගෙන සිඟිති දෙපාවලින් අල්ලා බිත්තියේ ගැසූ අයුරු සිහිපත් කරන විට ඇගේ දෑස් කෙවෙනි අග කඳුළු යළි අලූත් වෙයි. දෙකොපුල් දිගේ රූරා හැලෙන ඒ කඳුළු පිසදමමින් ඇය නැවත කතාව පටන් ගනී. රුදුරු කොටි ත‍්‍රස්තයන් තම නිවෙසට කඩා වැදුණු මෙහොතේ ඇඳ යට සැඟවී සිට ඉන් පිටතට පැමිණ තමන්ගේද අතින් අල්ලාගෙන ජීවිත ආරක්‍ෂාව පතා දිවයමින් සිටි තම එකම අයියා කොටින් අතින් ඝාතනය වූ අයුරු ඇගේ දෑස් අබිමුව නිතර දිගහැරෙන බව ඇය කියා සිටී. එම ම්ලේච්ඡු කොටි ප‍්‍රහාරයෙන් බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටියදී දෙදිනකට පසුව මෙළොව හැරගිය තම මව දරුවන්ට අත්වූ ඉරණම දැක මොන තරම් දුකක් උහුලන්නට ඇත්දැයි ඇය කියන්නීය.

එදා ඒ අඳුරු මූසල රැුයේ කොටින් ඝාතනයවූ බොරවැව ගම්මානයේ වැසියන් 58 දෙනා එකම මිනී වළක මිහිදන් වූ සුසාන භූමියේ අදටද ඔවුන් සිහිපත් කර එක පහනක් හෝ දැල්වෙන බව අපට දැනගන්නට ලැබිණි. බොරවැව ගමේ වැසියන්ට තම නෑසියන් හිතවතුන් පිළිබඳ මතකය එලෙසම බව ගම්මුන් අප සමඟ කීහ.

දිය බොර පැහැයෙන් යුක්ත වුවද නියඟයෙන් දාගිය වියළි බිමට තවමත් දිය නොසිඳුණු බොරවැව සුරබිදෙනක් බව අපට හැඟුණි. ඉමක් නොපෙනෙන යායේ නිල්වන් කෙත් යාය සරු කරන දියවර නොඅඩුව සැපයීම පමණක් නොව බොහෝ දෙනා සිය දිය පවස නිවා ගන්නේත්, දිය නෑම ඇතුළු අනෙකුත් ජල අවශ්‍යතා සඳහාත් පැමිණෙන්නේ මේ වැව් කොමළිය කරා බැව් දැකගත හැකිවිය. බොරවැවෙන් මත්ස්‍ය සම්පත නෙළාගන්නා ධීවර ප‍්‍රජාවක්ද එහි වෙති.

හෝරා කිහිපයක් එම පරිසරයේ සමාධිගතව සිට අපගේ මෙම සටහනෙහි කථානායිකාව වන සන්ධ්‍යා කාන්තිගෙන් සමුගන්නට සූදානම් වෙද්දී ඇය ඉතාමත් අවිහිංසක ඉල්ලීමක් අප හමුවේ තැබුවේ දිවි ඇති තුරාවට බොරවැව ගම හැරදා නොයන බවද පවසමිනි. තමන් දැනට වෙසෙන නිවහන බොහෝ සේ අබලන්ව තිබී පසුගිය කාලයේ පොලොන්නරුවේ ක‍්‍රියාත්මක වූ රජයේ සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ ඉදිකර දුන් බව ඇය මහත් කෘතවේදීව සිහිපත් කළාය. තවදුරටත් තම ආබාධ සහිත බව බාධකයක් කර නොගෙන ඉදිරි ජීවිතය ගොඩන`ගා ගැනීම සිය අරමුණ බව සන්ධ්‍යා කියා සිටියාය. ඒ සඳහා තමන් කුඩා කළ පටන් හැදුණු වැඩුණු ළමා නිවාසවලදී හැදෑරූ පාඨමාලා තුළින් ඉගෙන බොහෝ අත්කම් නිර්මාණ කිරීමේ හැකියාවක් තිබෙන බවත් එයට රජය හෝ පෞද්ගලික ආයතනයක් අතදී උදව් උපකාර කළහොත් එම හැකියාවන් ආදායම් ලබන මගක් බවට පත්කර ගන්නට හැකි බවත් ඇය පැවැසුවාය. දැනටත් තමන් විසින් නිපදවා තිබෙන අත්කම් නිර්මාණ රැුසක් ඇය සතුව තිබෙන බවත් ඒවාද අලෙවිකර

ගැනීමට අවැසි වටපිටාවක් සලසා දෙන ලෙසත් ඇය කළ ඉල්ලීමකි. අප ඉහතින්ද සඳහන් කළ පරිදි සන්ධ්‍යා සතුව දැනට ඇත්තේ අබලන් වූ රෝද පුටුවකි. තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යෑම සඳහා විදුලියෙන් ක‍්‍රියාත්මක කරන රෝද පුටුවක් තමන්ට ලබාදිය හැකිනම් එයද මහඟු උපකාරයක් බව ඇය කීවාය. කිසිවකුටත් බරක් නොවී තම අනාගත ජීවිතය සාර්ථක කරගැනීම සඳහා මේ දිරිය දියණිය ඉල්ලා සිටින උදව් උපකාර කළහැකි පරිත්‍යාගශීලීන් වෙතොත් මේ ඇයගේ ලිපිනය සහ දුරකථන අංකයයි. එම්. එස්. සන්ධ්‍යා කාන්ති, අංක 128, බොරවැව, සෙවනපිටිය. 0710653345.

බොරවැවදී අපට හමුවූ ඒ. එම්. කුසුමාවතී මාතාව එදා අළුගොසුවන් මෙන් හැසිරුණු කොටින්ගෙ දරුණු ප‍්‍රහාරවලින් පසුවද ජීවිතය බේරාගැනීමට වාසනාව ලද්දීය. තම ඇස් ඉදිරිපිට ඇගේ සැමියාද කිරිකැටි දරුවාද පෙති ගා ඝාතනය කරන දුටු ඇය නූතන පාටාචාරාව වැන්න. කොටින්ගේ කඩු කිනිසි පහර වලින් ලැබූ දරුණු තුවාල නිසා අදටත් විවිධ අතුරු ආබාධ වලින් පීඩා විඳින බව ඇය අපට කීවාය.
 
 අපේ ගමට කොටි ගහනකොට මට අවුරුදු විසිපහයි. මම විවාහ වෙලා මහත්තයත් එක්ක ජීවත් වුණේ. ඒ වෙනකොට අපිට අවුරුදු දෙකක පුතෙක් හිටියා. දැන් වගේ නෙවෙයි ඒ කාලේ හරිම දුෂ්කරයි. මේ වගේ පාරතොටවල් හැදිල තිබුණේ නෑ. ගමේ හැමෝම හරි දුෂ්කර ජීවිතයක් ගත කරේ. හැබැයි කුඹුරක් හේනක් කරගෙන කාටවත් බරක් නොවී මිනිස්සු පුළු පුළුවන් විදියට නැගිටින්න උස්සාහ කරමින් හිටිය කාලයක් ඒ. අපි නොදන්න යුද්ධයක කොටස් කාරයෝ නොවුණ නිසා මෙහෙම විපත්තියක් වෙයි කියල නම් හිතුවෙ නෑ. එදා රෑ බෝවිගෙන එද්දි ගමට කඩා පාත් වුණු කොටි ගෙවල්වලට පැනල මිනිස්සු කැති ගානකොට නැගුන විලාපය තාමත් මතක් වෙනවා. ඒත් අපිට හැංගෙන්න දුවන්න වෙලාවක් ආවෙ නෑ. උන් අපි තුන්දෙනාටම කඩු කැති වලින් කෙටුවා. දරුවව අරන් කැපුවේ අපි ඉස්සරහ. දරු දුක හැම දුකටම වඩා බර වුණත් කර කියාගන්න දෙයක් තිබුණේ නෑ කෑගහනව හැරෙන්න. මට කැති පහරක් ගහද්දි මම හිතුවේ එහෙන්ම මැරෙයි කියල. හැබැයි ඒ එක්කම මට සිහි නැතිවුණා. ඇඟ පුරාම ලේ. මට සිහිය එද්දි මගේ මහත්තයයි කිරි දරුවයි දෙන්නම භූමදානයත් කරල ඉවරයි.’’
 
 ඊළාම් යුද්ධය නාමයෙන් ලේ පිපාසිත කොටි ත‍්‍රස්තයන් කුසුමාවතීලාගේ ලෝකය කඩා සුණු විසුණු කළේ එහෙමය. මහගෙදර සුදු හකුරුලාගේ සන්ධ්‍යා කාන්ති බොරවැව ත‍්‍රස්ත ප‍්‍රහාරයේ නින්ධිත බව කියාපාන සංඛේතයක් වැනිය. මීට පෙරද සන්ධ්‍යාගේ කතාව අප ඔබට කියා ඇත. එවකට සිව් හැවිරිදි දැරියක වූ ඇයට තෙමසක බාල සොහොයුරෙක් සහ වයසක අවුරුදු අටක වැඩිමල් සහෝදරයෙක් සිටියෝය. සිදුවීම වූ දිනයේ සවස් කාලයේ කැලයට ගොස් පැමිණි පිරිසක් කොටි ත‍්‍රස්තයන් කැලයේ ගැවසෙනු දැක ඒ බව ඔවුන්ට දැනුම් දුන්නේය.
 
 ‘‘කැලෑවේ කොටි ඉන්නවා දැක්ක පණිවිඬේ ලැබුණු ගමන් තාත්තා අපිට පරිස්සමින් ඉන්න කියල ඒ තොරතුර දෙන්න වැලිකන්ද පොලිසියට ගියා. අම්මා මටයි අයියටයි කන්න දීල ඇඳ යට නිදි කරල, මල්ලිට කිරි දෙන්න පටන් ගත්තා. එහෙම ටික වෙලාවක් ගෙවෙද්දි මිදුලෙ කීප දෙනෙක් කථා කරනවා අපිට ඇහුණා. අම්මා චිමිණි ලාම්පුවේ එළිය අඩු කරලා මල්ලි තුරුළු කරගෙන දොරට හේත්තුවෙලා ඉඳ ගත්තා. ඒ එක්කම අපේ කටුමැටි පැලේ දොරකඩාගෙන කොටි ගෙට පැන්නා. අම්මා අතේ හිටිය මල්ලිව උදුරගෙන ඇද වියලේ ගහගෙන ගහගෙන ගියා. අම්මා සිහි නැතුව බිම වැටුණා. උන් අම්මටත් පිහි වලින් කෙටුවා. අම්මගේ මල්ලී ඒ වෙලාවේ අපේ ගෙදර හිටියේ එයත් මැරුවා. අම්මාට කොටනකොට අයියා ඇඳ යටින් එළියට ඇවිත් අම්මාට ගහන්න එපා කියලා කෑ ගැහුවා. මම හිතුවේ අම්මාට ගහනවා කියලා. කොටන බවක් දැනගෙන හිටියේ නැහැ. උන් අයියාටත් කෙටුවා.’’

යුද සමය තරම් මේ රටේ මිනිසුන් බියෙන් සැකයෙන් ජීවත් වූ යුගයක් නැති තරම්. මේ රටේ ආර්ථිකයද අහිංසක මිනිසුන්ගේ ජීවිතද එහෙම පිටින්ම වළදැමූ යුගයකි එය. හබරන කැලයෙන් එහාටද අනුරාධපුරයේ නම් මැදවචිචියෙන් එපිටටද, පොළොන්නරුව මනම්පිටිය පාලම පසුකර යන විටද එදා දැණුන යුද බිය ජීවිතයේ කෙදිනකවත් අමතක නොවන්නක්. බොරවැව ගමේදි මට හමුවූ පී. ඞී. සුගතපාල මාමා එම බිහිසුණු යුද්ධයට මැදිව ජීවත්වූවෙකි. ඒ නිසාම කොටින්ගේ ම්ලේච්ඡු වර්ගවාදී ප‍්‍රහාරයට ගොදුරු වූ වින්දිතයෙකි. මනම්පිටිය පාලමෙන් එහාට ගිය තවත් එක් ගමනකදී ඔහු මට හමුවන විට කොටි ත‍්‍රස්තයන් මේ බිමෙන් අතුගා ඒ ම්ලේච්ච ප‍්‍රහාර නවතා දමා දොළොස් වසක් ඉක්මගොස්ය. එහෙත් කාලයට සාපේක්ෂව හෝ දුක නිවී නොගිය දුක්මුසු විඩාබර දෙනෙත් බොරවැව එමටය. අසන වාරයක් පාසා කවුරුන් වුව යළිත් කම්පනයටම පත්කරන ඒ අමිහිරි මතක මුලින්ම අපට කීවේ සුගතපාල මාමාය.
 
 ‘‘කිසි කෙනෙකුට මේ සංසාරේ ඒ වගේ මූසල දවසක් එන්න එපා… අපි ජීවිතය යන්තම් පටන් ගන්න හැදුව විතරයි. ඒ වෙනකොට මනම්පිටියෙන් මෙහාට සිංහල මිනිස්සු එන්න බයයි. හිටපු ගමන්් සිංහල ගම් වලට කොටි පැනල අමු අමුවේ මිනිස්සු මරණවා. ඒත් නෙළුම්වැව හමුදා කඳවුරක් තිබ්බ නිසා අපි හිතුවේ නෑ උන් අපේ ගමට එයි කියල. ඒ වෙනකොට මම කුඹුරකුත් කරගෙන පොඩිවට සිල්ලර බඩු කඩයකුක් කරගෙන හිටියෙ. හරියටම ඒ අසූ නවයේ අවුරුද්දෙ පෙබරවාරි 27 වෙනිදා. හැන්දෑවේ කුඹුරට ගිහින් එද්දි කැලේ පැත්තෙන් පිරිසක් ගම දිහාවට එනවා මම ඈතදිම දැක්කා. ඒ කාලේ අපි ඉඩම් වලට ආව අලූත නිසා මම හිතුවේ ගෙවල් හදන්න ලී කපන්න කැලේට ගිය අය එනවා කියලා. ඒ ආපු අය මම පිටිපස්සෙන් ඇවිත් කඬේට ගොඩ වුණා. උන් ගොඩ වෙනකොට කඬේ ළඟ හිටිය ගමේ අය සී සීකඩ දිව්වා. එතකොට තමයි මම දැනගත්තේ කොටි ඇවිල්ලා කියලා. හිතන්න වෙලාවක් තිබුණේ නෑ. මගේ අතට අහුවුණේ පුතාල දෙන්නා. මම ඒ දෙන්නවත් අරගෙන එළියට පැනලා වත්තේ හංගුණා. ඒත් මගේ බිරිඳට සහ දියණිය ගෙදරින් පැනගන්න බැරි වුණා. කොටි ඒ දෙන්නම මරල දාල තිබුණේ කෑලිවලට කපල. ඒ වගේ දෙයක් දකින්න මමත් පව් කරල. අන්තිමේ මමයි පුතාල දෙන්නයි ඉතුරු වුණා. කඬේ තිබුණු බඩු සේරම එදා කොටි අරගෙන ගියා. අපේ ජීවිත බේරුණත් අපි උදේ හවස දකින ගමේ පනස් දෙනෙක් කපලා, වෙඩි තියලා මරලා. හරියට ගමම සොහොන් බිමක් වගේ…’’
 
 සුගතපාල මාමා දිගු කාලයක් පපුවේ හිරකරගෙන සිටි දුක සුසුමකට පෙරළා හරිමින් කීවේය. එදා කොටින්ගේ ප‍්‍රහාරයෙන් ජීවිත ගැලවුණු අහිංසක ගැමියන් බොහෝ දෙනෙක් ගම අතැහැර මනම්පිටිය පාලමෙන් මෙපිටට ඇවිත් පදිංචි විය. ඔවුන් යුද්ධය තිබෙන තාක් යළි බොරවැවට ආවේ නැත. ඒ රුදුරු ප‍්‍රහාරයෙන් පලවාහැරි මිනිසුන්ගෙන් තොර වූ පාළුට ගිය ඉඩම් සුගතපාල මාමාගේ නිවස අවට දැකිය හැකිය.

එය කියත්ම සන්ධ්‍යා ඉකිගසා හඬන්නට වූවාය. තිස් දෙවසරක පෙර වූ කටුක මතකය ඇය තවමත් හඬවන්නීය.
 
 කොටි ත‍්‍රස්තයන් පුංචි සන්ධ්‍යා ඇඳ යට සැඟවී සිටිනු දුටුවේ එවිටය. උන් සන්ධ්‍යා එහි සිටියදීම කඩු වලින් සාන්ධ්‍යාට ඇනගෙන ඇනගෙන ගියේය. ඒ එක් කඩු පහරකින් සන්ධ්‍යාගේ එක් ඇහැක් ගැලවී එළියට පැන්නේ චප්ප වූ තාක්කාලි ගෙඩියක් පරිද්දෙන්ය. මුළු ඇෙඟ්ම කඩු පහරවල් සහිතව සාන්ධ්‍යාට සිහිය එන විට ඇය සිටියේ මහනුවර මහ රෝහලේ ඇඳකය. ඇය තෙමසකට පසු ආබාධිතව ගෙදරට එන විට ඇගේ මුළු ලෝකයක අහිමි වී ගොසින්ය. යෝධයෙකු සේ සිටි තාත්තා සිටින්නේ හැඬූ කඳුළිනි. පෙර පාසල් යෑමට පෙරුම් පුරමින් සිටි සන්ධ්‍යාට යළි කිසිදිනක පාසල් යෑමට නොහැකි විය. පැවති ආබාධිත බව නිසාම ඇය ඉන්පසු තවත් වසර අටක් යන තෙක් හැදී වැඩුනේ මාවනැල්ලේ ලොකු අම්මාගේ රැකවරණය යටතේය.
 
 ‘‘ඊට පස්සෙ මාව ළමා නිවාසයකට භාර දුන්නා. ළමා නිවාසෙදි මට හොඳට අධ්‍යාපන කටයුතු සිදු කළා. හොඳට ලියන්න කියවන්න පුරුදු කළා. විෂය දැනුම ලබා දුන්නා. ඒ වගේම දෑතේ රැකියාවක් කරලා කාටවත් බරක් නොවී ජීවත් වෙන්න වෘත්තීය පුහුණු පාඨමාලා කීපයක් කළා. බිත්ති සැරසිලි, බෝනික්කෝ නිර්මාණය, කී ටැග්, පැබි‍්‍රක් පේනටින්, මැහුම් ගෙතුම්, උපන්දින සුබපැතුම් නිර්මාණය. ගෙවතු අලංකරණය හා මල්වගාව ආදී දේවල් මම ඉගෙන ගත්තා. ඒත් 2005 වසරෙදි තාත්තා නැති වෙනකොට මට අවුරුදු විස්සයි. මම ආයෙත් කඩාගෙන වැටුණා. කොටි මගේ මුළු පවුලම නැති කරත් මාව හෝ මගේ ආත්ම ශක්තිය නැති වුණේ නැහැ. මම වැලිකන්දෙන්ම නැගිටිනවා කියලා එදා හිතා ගත්තා. ඒ කාලේ මම ගැන පත්තරයක පළවණු ලිපියක් දැකලා යුද හමුදාවේ කෙනෙක් මට කථා කළා. එයා නිවාඩු ලැබුණම මාව බලන්න ආවා. අපිට කථා කරන්න නිවාසයෙන් අවසර දුන්නා.මම 2017 දී එවකට ජනාධිපති තුමන්ට මගේ දුක කියලා ලිපියක් දැම්මා. මට ඉඩමක් තිබෙනවා. ගෙයක් හදලා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ ලිපියට ප‍්‍රතිචාර දක්වලා නිවාස අධිකාරියෙන් ඇවිත් ගමේ අයගෙනුත් අහලා බලලා මට මේ ලස්සන පුංචි ගෙදර හදලා දුන්නා. 2018 ජනවාරි 18 වැනිදා ගෙට ගෙවදින දවසේ අවුරුදු පහක් ආදරය කරලා අපි විවාහ වුණා.’’
 
 කොටින් විසින් රුදුරු ලෙස සන්ධ්‍යාගේ ලෝකයම විනාශ කළද ඇය දෛවයටද අභියෝග කළ ගැහැනියකි. පසුගිය කාලය පුරාම රෝද පුටුවකට වී අත්කම් ශිල්ප ප‍්‍රගුණ කළ ඇය කිසිවෙකුට බරක් නොවී ජීවත්වීමට තරම් ආර්ථික ශක්තියක් හිමි ගැහැනියක් වූවාය. ඒ ආත්ම ශක්තිය ඇයව පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ දිරිය කාන්තාවන් අතරින් තෙවැන්නා බවට පත්කළාය. බොරවැවට මිණි කැටයක්ව සන්ධ්‍යා අද එහිම ජීවත් වන්නීය. තිස්දෙවසරකට පෙර වූ මහා ඛේදවාචකය ගත වෙන තත්පරයක් පාසා එම වින්දිතයන්ගෙ සිත් තුළ පමණක් තබා පරිසරයෙන්ද වියැකී යන්නේය. සිත් රිදුම් දෙන කෲර මතකයන් පමණක් ඉතිර කළ යුද්ධයෙන් මිහිපිට දිණු කෙනෙක් නැත. 
 

යුද්ධය හමාරවී රටට සාමය ලැබී වසර හතක් ගෙවී ගියද ඒ බිහිසුණු අමිහිරි මතකයන් යුද්ධයට මැදි වූ ජනතාවගේ හදවත් තුළින් බැහැරවී නැත. අදට ද හොල්මං කරති. කුරිරු ත්‍රස්තවාදීන්ගේ දරුණු ප්‍රහාරයන්ට බිලි වූ අහිංසක සිවිල් වැසියන්ගේ සිරුරුවලින් ගලාගිය රක්තවර්ණ රුධිරයෙන් ගම්බිම්වල මහපොළව පෙඟී ගිය යුගයක්ද අපි පසු කළෙමු.

පොළොන්නරුවේ මායිම් ගම්වලට කඩා වැදුණු කොටි ත්‍රස්ත්‍රයෝ වඩාගෙන සිටි කිරි දරුවන්ගේ පටන් අබල – දුබල වියපත් මව්පියවරුන් පවා ආයුධවලින් කපා කොටා කෲර අයුරින් ඝාතනය කළහ. මිනිස් ජීවිතයක වටිනාකම තුට්ටුවකටවත් මායිම් නොකෙරූ කොටින්ගේ මීළඟ මහා ඝාතනයක කුරුමානම් බිල්ල බවට පත් වූයේ වැලිකන්ද බොරවැව ගම්මානයයි.


ඒ 1989 පෙබරවාරි 27 වැනිදාය. බොරවැව ගම්වාසීන්ගේ බිහිසුණුම රාත්‍රිය එදිනය.

හිරු අවරට හැරී හෝරා කිහිපයක් ගතවෙන විට ලේ පිපාසයෙන් වියරු වැටී සිටි කොටි රැළ බොරවැව ගමට පැන අහිංසක වැසියන් 47 දෙනෙකු කපා කොටා ඝාතනය කළහ.ගමක්, පළාතක්, රටක් කම්පාවට පත් කළ වියරු කොටින්ගේ එකී ප්‍රහාරයට මුහුණදුන් බොරවැව ගම්මුන්ගේ ඛේදජනක සිද්ධිය අසනවිට අදට ද අපගේ සිත්සතන් කම්පාවේ.

කිසිවක් නොදන්නා අහිසංක කිරි කැටි දරුවන් පවා පොළවේ ගසා කඩු, පොරෝවලින් කපා කොටා ඝාතනය කර බොරවැවම ලේ විලක් බවට පත් කෙරූ මේ අමන කොටි රැළ මව් කුසකින් බිහිවූයේද යන්නත් සැකයකි. ගැබිනි මව්වරු පවා කපා කොටා ඝාතනය කළ කොටි එතරම්ම වියරු වී එදා අසරණ සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කළහ.
කොටින්ගේ ලේ පිපාසය කොතෙක්ද කියතොත් එදා බොරවැව මිනිසුන් නසන්නට පැමිණි ඒ අමනයින් ගම්මානයේ ගෙවතුවල වගා කර තිබූ කෙසෙල් පඳුරුවලට පවා කඩුවලින් කොටා තිබිණි. ඒ ගම්මානයේ මිනිසුන් කෙසෙල් පඳුරු අතරේ සැඟවී ඇත්ද යන සැකයෙනි.

නැගෙනහිර තොප්පිගල වනයෙන් කොටි රැළ පන්නා අවසන් ගමන් යන තුරුම බොරවැව ගම්මානයේ ගොවීහු වී ගොවිතැන වසර ගණන් අතහැර දැමූහ.වීරෝදාර ත්‍රිවිධ හමුදාව, පොලිසිය මෙන්ම සිවිල් ආරක්ෂකයින්ගේ ජීවිත පරිත්‍යාගයෙන් යුද ජයග්‍රහණය ලබීමත් සමඟ නැගෙනහිර ජන ජීවිත ක්‍රමයෙන් මන්දගාමී ස්වරූපයෙන් ගොඩ නැගෙමින් පවතී.

කොටි තර්ජන හමුවේ බොරවැව ගම්මානයේ පමණක් පවුල් 150ක් පමණ සිය ගේ දොර, ඉඩකඩම් අතහැර මුල් ගම්මාන බලා පිටව ගියහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් ඉඩම් අදට ද පාළුවට ගොස් වන අලි ලගින මට්ටමට පත්ව තිබේ. වසර තිහක් පුරාවට වැලිකන්ද බොරවැව ගම්වාසීන් රාත්‍රිය නොනිදා පහන් කළ දින අනන්තවත්ය. 

එදා විදුලිය නොමැතිව සිටි මේ ගම්වාසීන්ට සිය පැල්පත තුළ කුප්පි ලාම්පුව දල්වා ගැනීමට තරම් අවස්ථාවක් නොවීය. ඒ කොටින්ට තිබූ මර බිය නිසාය.

උයාගත් බත්පත කුසට දාගැනීමට සිදු වූයේ බොහෝ විට මහා වනාන්තර මැද අඳුරේමය.බොරවැව ගම්වාසී වැඩිහිටියන්ට මෙන්ම අත දරුවන්ගේ ලේ පවා මහවනයේ රැය පහන් කරමින් මදුරුවන්ට දන් දීමට සිදු වූයේ කොටින්ගේ මේ සාහසික ම්ලේච්ඡ ක්‍රියාවල ප්‍රතිඵලයන් හමුවේය. බොරවැව ගම්මානයේ දරුවන්ගේ අධ්‍යාපන අනාගතය පවා අඳුරු කිරීමට ත්‍රස්තවාදී ක්‍රියා බිහිසුණු විය. කොටි ප්‍රහාර හමුවේ බොරවැව වැසුණු පාසල අදට ද යුද හමුදා කඳවුරක් බවට පත්ව ඇත.

එදා තොප්පිගල කැලෑවෙන් පැන ආ කොටින්ගෙන් බැට කෑ බොරවැව ගම්වාසීහු මෙදා මාදුරුඔය වනෝද්‍යානයෙන් කඩාපනින වන අලින්ගෙන් ජීවිත බේරා ගැනීමේ යුද්ධයක නිරතව සිටිති.

කොටි තර්ජනවල මෙන්ම ප්‍රහාරවල ප්‍රතිඵල හමුවේ අදටත් මේ ගම්වාසීන්ගෙන් පිරිසකට ස්ථීර නිවසක් තුළ ජීවත්වීමේ වරම් ගිලිහීගොස් තිබේ.යුද්ධය නිසා වසර 30ක කාලයක් ආපස්සට ඇද වැටුණු බොරවැව ගම්වාසීන්ට එදා සිංහල අවුරුද්දට, නැකතට රතිඤ්ඤා කරලක්, පත්තු කිරීම පවා ආරක්ෂක අංශවලින් තහනම් කර තිබිණ.  ගෙවත්තට කුඹුරට කඩා පණින වල්අලි පලවා හැරීමට රතිඤ්ඤා කරලක් අලි වෙඩිල්ලක්ද පත්තු කිරීමට අවස්ථාව ගිලිහී තිබුණි. ඒ කොටින්ගේ වෙඩි, ගම්මුන්ටත් ආරක්ෂක අංශවලටත් හඳුනා ගැනීමේදී ඇතිවෙන බාධාවන් නිසාය.

කොටි එදා බොරවැව කුඹරුවල බිම් බෝම්බ, බට්ටෝ පවා වළලමින් ගොවීන් කිහිප දෙනකු ආබාධිත තත්ත්වයට පත් කළහ.
කුඹුරු රැකීමට ගිය ගොවියා කපා කොටා ඝාතනය කළහ. ධීවරයා රැගෙනගොස් කප්පම් ගත්හ. දර කෑල්ලක් සොයා ගැනීමට ගිය කම්කරුවා ද ලීයක් කපා ගැනීමට වනයට රිංගූ ගම්වැසියාද එල්ලා මැරූහ. කොටින්ගේ අපරාධයන් ඉන් නොනැවතුණි. අහල පහල වෙල් යායවල්වලට දිවා, රාත්‍රී යන එන ගොවීන් කොටින්ගේ මාරාන්තික ගොදුරු බවට පත්විය.

දිනෙන් දින ලේ පිපාසයෙන් ගොවියන්ගේ ජීවිතවලට කුරුමානම් ඇල්ලූ කොටි බොරවැව ගොවි බිම් රුධිරයෙන් තෙමා ලූයේ තවත් ජීවිත ගණනාවක්ම අන්ත අසරණ බවට පත්කරවමිණි. දරුවන්ට මව්පියන්ද මව්පියවරුන්ට දරුවන්ද බිරිඳට ස්වාමියාත්, ස්වාමියාට බිරිඳත්, බොහෝවිට මුළු පවුල පිටින් අහිමි කළ කොටින්ගේ බොරවැව සැහැසිකම් අදට ද සහගහන අපරාධයන්ය. හමුදාවට පිංසිද්ධ වෙන්නට කොටි නිහඬ කරවා සාමය ලබා දී වසර හතක් ගෙවී යන මොහොතේ එදා යුද්ධයට මුහුණ දුන් ගම්මුන් මෙදා කතා කරන්නේද දැඩි සංවේගයෙන් හා වේදනාවෙනි.

1989 පෙබරවාරි 27 වැනිදා බොරවැව ගම්මානයට එල්ල කළ කොටි ප්‍රහාරයෙන් වැඩියෙන්ම ඝාතනයට ලක්වූයේ බී.එම්. සමතපාල මහතාගේ පවුලේ අයයි.

එදා තම බිහිසුණු අත්දැකීමත් තමන්ගේ දිවි බේරා ගැනීම පිළිබඳවත් අද 65 වියැති බී.එම්. සමතපාල මහතා විස්තර කළේ මෙලෙස දැඩි වේදනාවකිනි.

‘එදා මගේ හාමිනේටයි පුතාලා තුන්දනාටයි දුවටයි කොටි වෙඩි තියලා මැරුවා. මමයි එක පුතෙකුයි බේරුණේ අනූනවයෙන්. බොරවැව ගමට කොටි ගහලා වැඩියෙන්ම මැරුණේ මගේ පවුලේ අය. රෑ හතට විතර අපේ ගෙදරට ඇවිත් අපි ආමි එකෙන් කියලා සිංහලෙන්ම කතා කළා. අපේ ගෙදරට දෙන්නෙක් ආවා. එකෙක් මගේ පපුවට තුවක්කුව තිබ්බා. ඒ වෙලේ මම හිටියේ මිදුලේ. ගෙදර අනිත් අය හිටියේ ගේ ඇතුළේ. ගම හැම තැනින්ම පට පට ගාලා වෙඩි ශබ්දය ඇහෙනවා. මගේ ඇඟත් ගැහෙන්න පටන් ගත්තා. මම දෙයියෝ බුදුන් සිහිකර ගත්තා. මගේ ඇඟට තුවක්කුව තිබ්බ එකාත්, අනිකාත් ගේ ඇතුළට එක පාරට රිංගා ගත්තා. මම ළඟ හිටිය පොඩි පුතා වඩාගෙන ගහක් යටට ගිහිං හැංගුණා. ගේ ඇතුළේ වෙඩි වරුසාවක් ඇහුණා. ගමේ තවත් පැතිවල වෙඩි ඇහෙනවා. මිනිස්සු මර ලතෝනි දෙනවා. මරණවා කපනවා කියලා කෑ ගහනවා. මම හිතා ගත්තා කොටි අපේ ගමම මරණවා කියලා. පැය දෙකකට විතර පස්සේ මමයි පොඩි දරුවයි ගෙදරට ආවා. ඒවෙලේ හඳ එළියත් වැටිලා තිබුණා. එතකොට ගේ ඇතුළේ මගේ හාමිනේයි, පුතාලා තුන්දෙනයි දුවයි ලේ විලක් මැද වැටිලා හිටියා. ඒ සේරගේම පපුවට අත තියලා බැලුවා පණ තියෙනවද කියලා. නෑ. ඔක්කොම මැරිලා හිටියේ.”

සිය බිහිසුණු අත්දැකීම සමතපාල මහතා එලෙසින් විස්තර කළේය.

“රෑ හතට විතර තමයි ඔය සිද්ධිය වුණේ. රෑ දහයට විතර ආමි එකෙන් ආවා. ගමේ හැංගිලා කොටින්ගෙන් ජීවිත බේරා ගන්න කැලේට පැන්න අය එළියට ගන්න පැරා ලයිට් දෙක තුනක් ගැහුවා. සමහරු කැලේ හැංගිලා උදේ තමා එළියට ආවේ. මමත් පිස්සෙක් වගේ එහාට මෙහාට ගියා. හැම ගෙදරකම එක්කෙනා දෙන්නා කපලා හිටියා. කොටි ගමේ ළමයි උඩදාලා කඩුව අල්ලලා මරලා තිබුණා. ළමයි හම්බවෙන්න හිටපු අයත් එදා කොටි මැරුවා. ගමේ තිබුණ කෙසෙල් පඳුරුවලටත් කොටි කොටලා තිබුණා. ඒ අපි හැංගිලා ඉන්නවද බලන්න. ඔහොමයි අපේ ජීවිත කොටින්ට බිලි වුණේ. උයා ගත්ත බත් ටික කෑවේ කැලේ මැද හැංගිලා මදුරුවෝ තල තලා. කන්න ගණනක් කුඹුරු වැඩ කරන්න බැරි වුණා.

සමහරු හමුදාවත් එක්ක කුඹුරට ගිහිං වී ගොවි තැන රැක ගන්න කාලයකුත් තිබුණා. අපිට කුඹුරු වැඩ කරන්න මානසික තත්ත්වයක් තිබුණේ නැහැ. ඔහොම අපි අවුරුදු ගණනක්ම කොටින් නිසා දහදුක් වින්දා. 2009 යුද්ධය ඉවර වුණා. හමුදාවට, පොලිසියට, ග්‍රාමාරක්ෂක මහත්වරුන්ට අපි අදටත් පිං දෙනවා. ඒ යුද්ධය ඉවර කළාට.

දැන් මහත්තයෝ යුද්ධය ඉවරවෙලා අවුරුදු 11ටත් ළඟයි. තවම අපේ ගෙවල් දොරවල් හදාගන්න පිහිටක් වුණේ නැහැ. කොටි නිසා අඩපණ වූ රජයේ සංවර්ධන වැඩසටහන් අපේ ගමට තවම නැහැ. අපි කියන්නේ මේ ගමට ඇවිත් අඩුපාඩු බලලා මේ පවුල්වල ආර්ථිකය නංවන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කියලා.

රජයෙන් අපි ඉල්ලන්නේ මේ ගම්මාන වගේම අපේ ජීවිතත් සංවර්ධනය කරන්න කියලා. එදා කොටි නිසා අපි බැට කෑවා. දැන් අලි නිසා දුක් විඳිනවා. ගමට පිරිසිදු වතුර ටිකක් නැහැ.” සමතපාල මහතා වැඩිදුරටත් එලෙස කීය.

රුදුරු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් තුවාලවී දිවි බේරා ගත්ත ද අදට ද ඒ වෙනුවෙන් වන්දි ගෙවන 50 වියැති දෙදරු මවක වන ඒ.එම්. කුසුමාවතී මහත්මිය අතීත ඒ බිහිසුණු මොහොත මෙලෙස ඉදිරිපත් කළාය.“මගේ මහත්තයා එච්.පී. අබේරත්නයි, අවුරුදු එකහමාරක් වයස පුතාටයි කොටි මා ඉදිරියේ වෙඩි තියලා මැරුවා. මගේ ඔළුවට කොටි කොටන කොට මම කැලේට දුවලා ගිහිං ජීවිතේ බේර ගත්තා. මම මාස තුනක් ඉස්පිරිතාලේ හිටියා. ඒ නිසා මට රජයෙන් දුන්න වන්දි මුදලත් ගන්න බැරිවුණා. “අපි හමුදාවෙන්. බය වෙන්න එපා දොර අරින්න” කියලා සිංහලෙන් කතා කළා. අපි දොර ඇරලා එළියට එනකොටම වෙඩි තිබ්බා. මට ඒ වෙලාවේ මොනවා වුණාද දන්නේ නැහැ. මගේ ඔලුවට කොටි කෙටුවා. මම දුවලා බේරුණා. අපි ජීවිත හා දේපළවලින් වන්දි ගෙවලත් තවම මේ ගමේ ජීවත් වෙනවා.

කොටින්ට බයේ අපි එදා මේවා දාලා ගියේ නැහැ. ඉස්සර මම දරුවෝ අඬනවාට කටට රෙදි පාංකඩත් ඔබලා තිබුණා. අපිට ලයිට් තිබුණෙත් නැහැ. ලාම්පු කුප්පිය පත්තු කරලා අපි හවස හය හත වෙද්දී කැලයට යනවා උයා ගත්තු බත් ටිකත් අරං
දැන් සාමය ලැබිලා අවුරුදු 11වෙනවා. වෙනස කොටින්ට අපේ බය නැතිවෙලා නිදහසේ ගමන්, බිමන් ගිහිල්ලා නිදියන එක විතරයි. ආයේ නම් කොටි කලබල එන්න එපා කියලා මම උදේ හවා දෙයියෝ බුදුන් සිහිපත් කරලා වඳිනවා. අපි ඒතරම්ම දුක් වින්දා.

දැන් අපිට තියෙන එකම කරදරය වල් අලි. ඒ වගේම අපේ ගමට බොන්න පිරිසිදු වතුර ටිකක් නැහැ. ගමේ ඉගෙන ගන්න දරුවන්ට රස්සාවල් නැහැ. අඩුම තරමේ රජයෙන් මේ පළාතට කියලා ගාමන්ට් එකක්වත් දාලා දෙනවානම් ලොකු දෙයක්. කොටි ගහපු පාර පාසල වැහිලා ගියා. ඒකේ හමුඳා කඳවුරක්. “අපේ ගැටලු විසඳන්න ගමට එන්න කියලා අපි ඉල්ලනවා”

ඒ වගේම මේ ගමේ හිස් ඉඩම් තියෙනවා වල් වැදිලා. මේවායේ වන අලි හැංගිලා අපේ ගමට ඇවිත් ජීවිත, දේපල වනසනවා. ඒ හිස් ඉඩම්වල මිනිස්සු පදිංචිකරවලා අවශ්‍ය පහසුකම් ලබාදෙන්න කියලා අපි ඉල්ලනවා. යුද්ධය ඉවර වුනාට අපිට දැනෙන සංවර්ධනයක් තවම නැහැ. දැන් ඉතිං බයක් සැකක් නැතුව රජයේ නිලධාරීන්ට මේ ගම්මානවලට එන්න යන්න පුළුවන්. අපිටත් නිදහස තියෙනවා. එදා කොටි කරදර නිසා මේ ගම්වලට කිසිම සංවර්ධනයක් කරන්න රජයේ නිලධාරීන් ආවේ නැහැ. දැන් ඉතිං අපිටත් නිදහසේ කුඹුරු වගා, ගෙවතු වගා කරන්න හැකියාව තියෙනවා. නමුත් අලි තර්ජනය තමා ලොකුවට තියෙන්නේ.

ඒ වගේම තවමත් මේ ගම්මානවල උප්පැන්න, හැඳුනුම්පත්, මරණ සහතික හදලා දෙන වැඩපිළිවෙළක් කරනවා නම් ලොකු දෙයක්. ඒ වගේම ස්වයං රැකියා මාර්ග හෝ රැකියා අවස්ථා ලබාදෙනවානම් ලොකු පිනක්” කුසුමාවතී මහත්මිය එලෙසින් කතාව අවසන් කළාය.

යුද්ධය ඉවර කරපු එකනම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට බුදු බව අත්වෙන්න ඕනෑ. ඒ යුද්ධය ඉවර නොවුනානම් අද අපිත් නැහැ මහත්තයෝ. අද සමහර මිනිසුන්ට යුද්ධයක් තිබුණාද කියලත් මතකයක් නැහැ. අද අපි නිදහසේ කුඹුර හරි කරගෙන ඉන්නේ රණවිරුවන්ට පිං සිද්ධ වෙන්න. කොටි ගහලා මගේ බිරිඳයි පුතයි මැරුවා. මම කොටින්ගෙන් ගොඩක් බැට කෑවා. මේ ගමට කොටි ගහන්න ආවෙත් කුඹුරු රැක්ක ගොවියෝ මරලා දාලා. මේ ගමෙන් කැලේ ලී ඉරන්න ගිය අය එල්ලලා මරලා තිබුණා.

කොටින්ගෙන් වැඩිම තර්ජන තිබ්බේ අපේ ගමට. ඒ වගේම කොටි ගමට පැනලා වැඩිම ගාණක් කපලා කොටලා වෙඩි තියලා මැරුවේ මේ ගමේ. එදා 47 දෙනෙක් මරලා දැම්මා. ඊට ඉස්සරත් ගොවියෝ, ධීවරයෝ මැරුවා. දැන් ඉතිං රජයෙන් මේ ගම්මාන සංවර්ධනය කරන්න කියලා තමා අපි ඉල්ලන්නේ. දැන් යුද්ධයට ගිය සල්ලිත් ඉතුරුයි. ඒවගෙන් ගම් සංවර්ධනය කරන්න තමා රජයට තියෙන්නේ.” ඩී.බී. සුගතපාල මහතා කියයි.

ඒ වගේම අපි දැනටත් ඉන්නේ ගමේ කෙළවරේ. කොටි කලබල කාලේ පදිංචි නොවුණ හිස් ඉඩම් කට්ටි 32ක් අපි ඉන්න එහායින් තියනවා. ඒවායේ වල් අලි ලගිනවා. මේ ඉඩම්වල මිනිසුන් පදිංචි කරවන්න කියලා අපි මහවැලි අධිකාරියෙන් ඉල්ලා සිටිනවා. එහෙම නැති වුනොත් අලි ඒවායේ හැංගිලා ඉඳලා ගමේ ගොවියෝ මරන්න පටන් ගනියි. යුද්ධය නිසා අපේ ගමේ ගොඩක් දෙනෙක් අදටත් මානසිකව පීඩා විඳිනවා. අද අපි මේ ගම සංවර්ධනය කරන්න කියලා රජයෙන් ඉල්ලන්නේ අවුරුදු 30ක් මේ ගමට කිසිම සංවර්ධනයක් නොවුණ නිසයි. ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් බොරවැව ගම්මානයේ සිව්දරු පියෙකුවන 67 හැවිරිදි පී.ඩී. සුගතපාල මහතා එලෙස පැවසීය.

සමස්ත එල්.ටී.ටී.ඊ යුද්ධයෙන් රටක් වශයෙන් අප ජයග්‍රහණය කළ ද කොටි ප්‍රහාරවලට සෘජුවම ගොදුරුවූ ගම්වාසීන්ගේ ජනජීවිත යුද්ධය නිසා පරාජයවී ඇති බව මේ කතාවලියෙන් කියවෙන බව අප සියල්ලන් තේරුම් ගත යුතුව ඇත.

බොරවැව ගම්මානයේ එදා සිට පදිංචිව සිටිමින් ජීවිත පරිත්‍යාගයෙන් තම ගම්මානයට ඉල්ලීම් දිනා ගැනීමට යුද්ධයකට මැදිව ක්‍රියා කරන ශ්‍රී සංඝබෝධි විහාරස්ථ දායක සභාවේ ලේකම් 67 වියැති ටී.බී. කරුණාරත්න මහතා කොටින්ගෙන් බැට කෑ තම ගම්මුන්ගේ පොදු අවශ්‍යතාවන් පිළිබඳව මෙලෙස අදහස් ඉදිරිපත් කළේය.

“මහත්තයෝ බොරවැව ගම්මානයේ අපි කොටි නිසා ගොඩක් දුක්වින්ද අය. ඒ වගේම කොටි හන්දා අපිට ගොඩක් දේවල් අහිමි වුණා. අපේ ජීවිත, දේපළ නැති වුණා වගේම ඒ කාලේ රජයෙන් අපේ ගමට ලැබිය යුතු දේවල් අහිමි වුණා. මේ ගම්මානයේ දැනට ගොවි පවුල් 300ක් විතර ජීවත් වෙනවා. අපේ ගමට තියෙන ලොකුම ගැටලුව තමා පානීය ජල ප්‍රශ්නය. දැනට වැවෙන් වතුර ගහලා අපිට දෙන වතුර බොන්න බැහැ. මේ ගමේ වකුගඩු රෝගීන් දැනට 18ක් විතර හඳුනාගෙන ඉන්නවා. තව කොච්චර ඉන්නවද කියන්න දන්නේ නැහැ. සායනයක් තිබ්බොත් තවත් රෝගීන් හඳුනා ගන්න ලැබෙයි. ඒ වගේම වකුගඩු රෝගය හැදිලා 2000 වර්ෂයෙන් මෙහා 10ක් විතර ගමේ මැරුණා. සමහර පවුල් ගමට එන ලොරියෙන් ලීටර් 01ක් රුපියල් තුන ගානේ බොන්න වතුර ටික ගන්නවා. සෙවනපිටිය නගරයට ගිහිං වතුර ලීටරයක් ගේනවානම් රුපියල් දෙකක් වෙනවා. ඉතිං සල්ලි නැති සමහර පවුල් බොන්නේ අපිරිසිදු වතුරමයි. අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ අපිට මොනවා නැතත් කමක් නැහැ බොන්න පිරිසිදු වතුර ටිකක් දෙන්න කියලා.

ඒ වගේම අපිට තියෙන තව ගැටලුවක් තමා වල් අලි ගැටලුව. අලි ගැටලුව නැත්තම් මේ ගමේ අපිට ගෙවත්තේ, කුඹුරේ එළවළු ටිකක් වවාගෙන කාලා ඉතිරි ටික විකුණා ගන්න හැකියාව තියෙනවා. දැනට තියෙන අලි වැට කඩාගෙන අලි ගමට පැනලා අපේ ජීවිත දේපල වනසනවා. ගොවිතැනක් හරියට කර ගන්න අලි ඉඩක් දෙන්නේ නැහැ.” “ඒ වගේම ගමේ තවත් පොඩි ගැටලු තියෙනවා. ඒවාට වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්වරයා මැදිහත්වෙලා විසඳුම් දෙනවා. ගමට ලොකු සම්පතක් තමා බොරවැව උණුවතුර ළිං. ඒවා සංවර්ධනය කරනවානම් බලන්න සංචාරකයෝ එනවා. එතකොට ගමේ අයට තේ කඩයක් හරි දාගෙන කීයක් හරි හොයා ගන්න පුළුවන්. 

ගම ඉදිරියෙන් සෙවනපිටියේ ඉඳලා අරලගංවිල මැද ගමට යන පාර නම් තාර දාලා හදනවා. නමුත් ගමේ මිනිසුන්ගේ ආර්ථිකය නංවන වැඩසටහනක් ක්‍රියාත්මක නැහැ. බොරවැව ගමේ අපි රජයෙන් ඉල්ලන්නේ බොන්න පිරිසිදු වතුර ටිකක් ආර්ථිකය ගොඩනගන්න වැඩසටහනක් වගේම ගමේ ස්ථිර ගෙවල් නැති බාගෙට ගෙවල් හදාගෙන ඉන්න අයට නිවාස ණයක්වත් දෙන්න කියලා.

නැගෙනහිර සංවර්ධනයේ අරුණලු තවමත් නොදකින වැලිකන්ද බොරවැව අසරණ මිනිසුන්ගේ හදවත්වල තැන්පත්වී තිබෙන සංවර්ධන සිහිනයක් මල්ඵල ගැන්වෙන්නේ කෙදිනකද?උදාවූ සාමය හරි හැටි භුක්ති විඳීමට මරණයේ දොරකඩ සිටි බොරවැව ගම්වාසීන්ට තවමත් නොහැකිවී ඇත්තේ තම ජීවිත ජීවත් කරවීමට ඔවුහු ආර්ථික යුද්ධයකට මැදිවී සිටින බැවිනි.

අම්පාර බරපතළ අන්දමින් අනාරක්ෂිත කිරීම කොටි ත්‍රස්තවාදීන්ගේ මූලික ඉලක්කය විය. නැගෙනහිර කොටි සන්නද්ධ අංශය ඒ වෙනුවෙන් පුළුල් ලෙස ම අවතීර්ණ වී සිටියේය. අම්පාර අනාරක්ෂිත කරන තරමට වාසිය තමන්ට බව ඔවුහු සිතූහ. ඒ වෙනුවෙන් ඔවුන් දිගට හරහට අම්පාර හරහා අරන්තලාව, පුළුකුණාව දිගේ මහඔය දක්වා භීතිය නිර්මාණය කළහ. ඒ සඳහා පහසු වටපිටාවක් එල්ටීටීඊයට තිබිණි. එකක් අම්පාරේ සිටගත් විට පියංගල, පුළුකුණාව, නුගේලන්ද, බදුලු‍ හන්දිය, රජගල, මංගලගම, නවගිරියාව, බක්කිඇල්ල, අරන්තලාව ආදී ප්‍රදේශ බොහොමයක් ජනශූන්‍ය වීමය.   

කුඹුරට යන ගොවියා පැහැරගෙන යාම හෝ මරා දැමීම, සෝදිසි මෙහෙයුම් කරන ආරක්ෂකයන් කපා කොටා, වෙඩි තබා මැරීම වගේම ප්‍රධාන මාර්ගයේ යන භාණ්ඩ ප්‍රවාහන ලොරි කැලයට හරවා මංකොල්ලකෑම නැගෙනහිර සන්නද්ධ ත්‍රස්තවාදීන් ට ආස්වාදජනක විය. මේ හැම සිදුවීමක් ඔස්සේ ම සිදුවූයේ මිනිස්සු ගම්බිම් අතහැර මර බියෙන් පළා යාමය. හමුදාව, පොලිසිය කොයිතරම් ආරක්ෂාව පිණිස හිටියත් යන්නට හිතුණු හැම මිනිහාම අම්පාරෙන් ඈත්වූහ.

“පියංගල ආරණ්‍යයේ ඉඳන් පුළුකුණාව ට කිලෝමීටර් දෙකක් ඇති. පියංගල අම්පාර දිස්ත්‍රික්කයට අයිතියි. පුළුකුණාව අයිති මඩකළපු දිස්ත්‍රික්කයට. නමුත් එක ළඟ. මේ අතරින් කැලෑ මැදින් කොක්අඩිචෝලේ එල්ටීටීඊ සන්නද්ධ කඳවුරට කිලෝමීටර දහයක් විතර ඇති. එතැන ඉඳන් ඔවුන්ට පහසුවෙන් මෙහෙයුම් කරන්න පුළුවන් වුණා. ගණ කැලේ සහ ජනශූන්‍ය පළාත් වීම පුළුකුණාව රණවිරු ගම්මානය හදන්න හේතු වුණේ මේ නිසයි. මම කොළඹ ඇවිත් එදා ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි මහත්තයා හමුවුණාම ගෙවල් සීයක් අනුමත කළත් හැදුනේ ගෙවල් 50යි. ඒ ගැනත් මට බොහොම කණගාටුයි. ඊළඟට ගෙවල් පනහක් හදලා විවෘත කරන්න ලලිත් ඇතුලත්මුදලි ඇමතිතුමාට එන්න බැරි වුණා. ගෙවල් හදාගෙන යද්දි එතුමා මිය ගියා. ඔන්න ඔහොමයි සිද්ධ වුණේ.” පියංගල ආරණ්‍ය සේනාසනාධිපති තල්ගමුවේ සුභූති නා හිමියෝ අපට පැවසූහ.

හැබෑවටම 1977 වසරේ සිට අදත් නාහිමියෝ අම්පාර පියංගලමය. යුද්ධය එක්ක භාවනා කමටහන් වඩන්නට උන්වහන්සේට ඉඩක් නොලැබෙන්නට ඇත. ඒත් අම්පාරේ සිංහල උන්ට පණක් දෙන්නට නාහිමියන් පියංගල වැඩසිටීම හයියක් විය.

“මහත්තයෝ එල්ටීටීඊය වැඩියෙන් ගහපු නුගේලන්ද, රජගල, පියංගල, පුළුකුණාව. මංගලගම, බදුලු‍ හන්දිය, අරන්තලාව මේ වටේම හිටියේ අපට දාන වේල දීපු දායකයෝ. ඒ ජනතාව අපමණ භීතියෙන් හිටියේ. ඒ මිනිස්සු දාල යන්න මම ඉක්මන් වුණේ නෑ. පුළුකුණාව රණවිරු ගම්මානය හදලා ඒ ගම්මානේ පන්සලකුත් හැදුවා.

“අම්පාර – අරන්තලාව – මහඔය පාරේ එක පැත්තක පුළුකුණාව අපේ පන්සල. පාරෙන් අනිත් පැත්තේ පුළුකුණාව කඳවුර. අනෙක් කාරණය තමයි එදා මේ අවට කිලෝමීටර් දෙකෙන් තුනෙන් කුමක් හෝ ආරක්ෂක ස්ථානයක් පිහිටුවුණා. එහෙම නැතිව මේ පැත්තෙ මිනිස්සුන්ට ඉන්න බැරි වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් බක්කිඇල්ල පොලිසිය, බදුලු‍ හන්දිය යුද හමුදා කඳවුර, නුගේලන්ද යුද හමුදා කඳවුර, 11 ඇළ පොලිස් මුරපොළ, පුළුකුණාව කඳවුර, පියංගල 17 කඳවුර, වෙල්ලාවෙල්ලි හංදිය පොලිස් හා යුද හමුදා මුරපොළ ඉන් කීපයක්. ඊට අමතරව සිවිල් ආරක්ෂක භට පිරිස් අටසීයක් පමණ ගම්බිම් රකින්න යොදවා හිටියා. එහෙම නොවෙන්න එල්ටීටීඊය අම්පාර අල්ලා ගන්න තිබුණා.

මට මතකයි එල්ටීටීඊය පුළුකුණාව කඳවුරට පහර දුන් සිද්ධිය. ඒක හරිම අඳුරු භයංකර දවසක්.” නාහිමියෝ සිහිපත් කළහ.

“අහසේ කළුවර වළා පිරී තිබුණු රාත්‍රියකි. පළාතම වෙනදාටත් වඩා අඳුරේ ගිලී තිබිණි. තරුවක් නැති, සඳ මඬල නැති කළුවර අහස කියා පෑවේ මහා මූසලකමකි. පාළුව පිරී ඉතිරී ගොසිනි. සීතල ගතිය ගත වෙළමින් තිබිණි.

රෑ මැදියම පමණ වන විට හෙමින් වැටුණු වැහිපොද අනෝරා වැස්සක් බවට පෙරළෙමින් තිබිණි. වැස්ස එක දිගටම පැවැතුණු නිසා හුදෙකලාව හා පාළුව පමණක් හැම තැනම රජයමින් පැවතිණි. කොටි ත්‍රස්තවාදීන්ට මේ හෝරා කීපය බලාපොරොත්තු සහගත වූ බව කාටත් දැනුණේ නැත. ඔවුන් බලාපොරොත්තුවෙන් හිටියේ එවැනි දවසකි. ඔත්තු බැලු‍වේ එහෙම දවසක් උදා වනතුරු දැයි ආපසු බලද්දී හැ‌‌ඟෙයි.

“ඒ කාලේ පුළුකුණාව කඳවුරේ විශේෂ කාර්ය බළකාය (STF) එක කොටසක හිටියා. අනික් කොටසේ හිටියේ යුද හමුදා කාලතුවක්කු භට පිරිසක්. කාලතුවක්කුව තිබුණාට අමතරව එස්ටීඑෆ් සන්නද්ධ රථ තිබුණා. කාලයක් තිස්සේ කොක්අඩිචෝලේ කඳවුර මූලික කරගෙන ඔත්තු බලලා ඔවුන් අම්පාරේ සාර්ථක කරගත්ත ප්‍රබලම ප්‍රහාරයක් තමයි, පුළුකුණාව කඳවුරට පහරදුන් මෙහෙයුම.

ඒකෙන් ත්‍රස්තවාදීන්ගේ මූලික ඉලක්කය වෙලා තිබුණේ කඳවුරට පහර දීමම නෙමෙයි. එහෙම කඳවුරුවලට ගහනවා නම් ඔවුන්ට පහර දෙන්න මීට වඩා පහසු තැන් නොතිබුණා කියලා හිතන්න බෑ. එල්.ටී.ටී.ඊ.ය පුළුකුණාව කඳවුරට ගැහුවෙම එහි තිබුණු කාලතුවක්කුව පැහැරගෙන යන්නයි. ඒක කැලේට දා ගත්තම එතනින් කොක්අඩිචෝලේ බලා යන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.

කොහොමහරි වැහි කාලේ නිසා ඔවුන්ගේ බලාපොරොත්තු කිහිපයක් ඉටු වුණා. එකක් කඳවුරට ගැහුවොත් වැසි වැඩි නිසා අවට කඳවුරුවලට දැනුම්වත් කිරීම අපහසු වෙනවා. ඊළඟට වැසි වැඩි නිසා ඉක්මන් ගමන් අපහසුයි.” නාහිමියෝ පැවසූහ.

රාත්‍රියේ කොටි ත්‍රස්තවාදීන් පුළුකුණාව කඳවුරට ඇතුළු වූයේ එකා දෙන්නා බැගිනි. සීතලට ලාවට නමුත් නින්ද ද දැනෙන රැයකි. එකා දෙන්නා බැගින් ත්‍රස්තවාදීන් විශාල පිරිසක් කඳවුරට හෙමින් සීරුවේ ඇතුළු වූහ. ඒ ඇතුළු වූයේ ද පෙර ලබාගත් ඔත්තුවලට අනුව කාලතුවක්කු භට කණ්ඩායම සිටි පැත්තෙනි. STF සිටි පැත්තෙන් කඳවුරට ඇතුළුවී නම් එය තවත් දුෂ්කර වනු ඇති බව ඔවුන් සිතන්නට ඇත. කාලතුවක්කු භට පිරිස අතරින් කොටි ත්‍රස්තවාදීන් ඉක්මන් වූහ. දෙපිරිසම ප්‍රතිප්‍රහාර එල්ල කර ගත්හ.

දරුණු ප්‍රහාර කාලතුවක්කු භට පිරිස හා එස්ටීඑෆ් භට කණ්ඩායම් එල්ල කරද්දී ත්‍රස්තවාදීන්ගේ තවත් කණ්ඩායමක් කාලතුවක්කුව පැහැරගැනීම ඉක්මන් කළහ. ඔවුන් කොයිතරම් සංවිධානාත්මකව පැමිණියා දැයි කියනවා නම් කැලේ අතරින් කාලතුවක්කුව ඇද ගෙන යාමට සුදුසු වාහන ද රැගෙන විත් තිබිණි. අනෙක් අතට අම්පාරේ සිටත්, මහඔය පැත්තේ සිටත් හමුදාවලට හා ආරක්ෂක භට පිරිසට පුළුකුණාවට ළඟා විය නොහැකි පරිදි මාර්ගය අවහිර කොට තිබිණි.

කෙසේ වෙතත් මේ මූසල රාත්‍රියේ පුළුකුණාව ප්‍රහාරය ත්‍රස්තවාදීන්ට වාසිදායක විය. ඔවුන් කඳවුරේ පැවති කාලතුවක්කුව වහාම එතැනින් ඉවත් කරගෙන පලාගියහ. ඔවුන් නියත වශයෙන්ම හමුදාව සතු කාලතුවක්කුව ඇදගෙන යන්නට ඇත්තේ කොක්අඩිචෝලේ නැගෙනහිර සන්නද්ධ කොටි කඳවුරට හෝ ඒ ආසන්නයට විය හැකිය. එපමණක් නොව හමුදාව සතු වාහන ද ගණනාවක් ඔවුන් පැහැරගෙන ගියහ. මේ ප්‍රහාරයෙන් යුද හමුදා සහ පොලිස් නිලධාරීන් පනහකට පමණ ආසන්න පිරිසක් මිය යන්නට ඇත. මෙය ලංකා ඉතිහාසයේ අඳුරු රාත්‍රියක් වෙන්නේ මේ සිදුවීම් පෙළ නිසාය. පසු කාලයේ නැගෙනහිර තොප්පිගල මුදා ගැනීමේ මෙහෙයුමේ දී භාරදූර වගකීමක් පුළුකුණාව හමුදා කඳවුර මුල්කරගෙන සිදුවිය. මෙහිලා අවට තවත් හමුදා කඳවුරක් වන්නේ කොහොඹගස්තලාව කඳවුරයි.

මේ දෙකේ සිටම තොප්පිගල දෙසට මල්ටිබැරල් ප්‍රහාර එල්ල විය. “නැගෙනහිර මුදා ගැනීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ වෙද්දී මේ පුළුකුණාව කඳවුරට එදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාත් පැමිණියා. මමත් ඒ අවස්ථාවට ආරාධනාව පිළිගෙන වැඩම කළා.” යි නාහිමියෝ සිහිපත් කළහ.

එල්.ටී.ටී.ඊ. ය සිදු කළ තවත් බිහිසුණු ඛේදවාචකයක් වෙන්නේ අරන්තලාව භික්ෂු ඝාතනයයි. ලේ පිපාසිත ත්‍රස්තයෝ මෙවැනි භික්ෂු ඝාතනයකට ඉව අල්ලා ගත්තේ පෙර සිදුවීමක් අත්හදා බලමිනි. අරන්තලාව අවට සිදු වූ පළමු භික්ෂු ඝාතනය තවත් අඳුරු මතකයක් බව පියංගල නාහිමියෝ සිහිපත් කළහ.

“මහඔය නගරයට විදුලිය ලබා දීමේ උත්සවය 1984 අවුරුද්දේ තිබුණා. ඒ කාලෙ මේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණේ ආණ්ඩුවේ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමතිව සිටි පී. දයාරත්න මහත්තයා. ඒ උත්සවයට ආරාධනාව මටත් ලැබුණා. මේ උත්සවයට යන්න සූදානම් වුණේ මමයි, මංගලගම මංගලාරාමාධිපති ව වැඩ විසූ ඇකිරියන්කුඹුරේ ඉන්දසාර හාමුදුරුවොයි. පියන්ගලයි – මංගලගමයි එක ළඟ ගම්මාන නිසා අපි තමයි මහා සංඝරත්නය හැටියට ඒකරාශී වෙලා ප්‍රදේශයේ ආගමික ආදී වැඩ කටයුතු කළේ.”

“මහඔය විදුලිය ලබා දෙන උත්සවයට නායක හාමුදුරුවන්ටත් මාත් එක්ක කාර් එකේ වඩින්න පුළුවන්. නායක හාමුදුරුවෝ ගන්න මම පියංගලට එන්නම්”.

පෙර දිනෙක මංගලගම නායක හාමුදුරුවෝ පියංගල නාහිමියන්ට මතක් කළහ.
“මට එදාට භාරගත්ත වැඩක් තියෙනවා. ඔබවහන්සේ වඩින්න. ඇමතිතුමාටත් කියන්න, මට එන්න බැරි වීම ගැන.”යි ඉන්දසාර හාමුදුරුවන්ට මතක් කළහ.

පසුවදා ඉන්දසාර හාමුදුරුවෝ රියදුරු ද සමඟ මහඔයට වැඩම කළහ. උත්සවයේ වැඩ ඉවර වී ආපසු එන අතරමග දී කැලෑබදව කොටි ත්‍රස්තවාදීන් කාර් රථය නැවත් වූහ. වහා එය කැලේට රිංගවා ගත්හ. ත්‍රස්තවාදීන් කීපදෙනෙකි. රියදුරු අල්ලා අත් පා කැඩෙනතුරු පහර දුන්හ. වාහනයට එක් ත්‍රස්තවාදියෙකු නැගගත්​තේය. කාර් රථය හරවාගෙන වේගයෙන් මහඔය දෙසට ගමන් කළේය.

“මේ හාමුදුරුවෝ අරන් වාහනය එළවාගෙන ගිහින් තිබුණේ ත්‍රස්තවාදීන්. වාහනය මහඔය පැත්තෙන් මඩකළපුව චෙන්කලඩි පැත්තට ගිහින් තිබුණා. ඒ කාලේ මහඔය 69 පොලිස්, හමුදා මුරපොළක් තිබුණේ නෑ. එදා ගිය ඇකිරියන්කුඹුරේ ඉන්දසාර හාමුදුරුවෝ අදටත් නෑ. එදා මොකක් හෝ වාසනාවකට මගේ ජීවිතය බේරුණා. යම් විදිහකට මමත් එදා මහඔයට වැඩියා නම් ඒ අනතුරට මටත් මුහුණ දෙන්න සිදුවෙනවා.

තවත් විශේෂ කාරණයක් තමයි, ඒ ආසන්න වෙලාවක අම්පාර මහ දිසාපතිත් උත්සවයට ඉඳලා ඇවිත් තියෙනවා. නමුත් ත්‍රස්තවාදීන් ඔහු දිසාපති කියලා හඳුනා ගෙන නෑ. එන හැම වාහනයකටම ත්‍රස්තවාදීන් පහර දුන්නේ නෑ. යම් විදිහකට අම්පාර දිසාපති බව ඔවුන් දන්නවා නම් නියත වශයෙන්ම ඔහු පැහැර ගන්න ඉඩ තිබුණා.

“ඊළඟට අම්පාර අවට මුල්ම ගම්වාසී ඝාතනය මට මතකයි. අසූ ගණන්වල මේක වුණේ. ගමක්ම එකතැන කපා කොටා මරා දාපු සිද්ධිය.” ඒ බියකරු සිදුවීම නාහිමියෝ සිහියට නැංවූහ.
“අරන්තලාව භික්ෂු ඝාතනයට පෙර තමයි මේක වුණේ. අරන්තලාව ගමේ හිටියේ ඉතාම අසරණ, දුප්පත්, අහිංසක ගම්වැසියෝ. ඉන්න තැනක් නෑ. පැල්පත්වල ජීවත් වුණේ. මේ ගමේ අහිංසක මිනිස්සු 28ක් කපා කොටා මරල දාල තිබුණා. මේ සිදුවීම දවසේ රෑ මහඔය පොලිසියෙන් පණිවිඩයක් අරන් පොලිස් මහත්තුරු කීපදෙනෙක් මාව හමුවුණා.

“හාමුදුරුවනේ, අරන්තලාව ගමට කොටි පැනලා ගමේ මිනිස්සු මරණවා. ගමට ළං වෙන්නත් අමාරුයි. පුළුවන් තරම් ඉක්මනට පියංගල වටේ ඉන්න මිනිස්සු ටික ආරණ්‍යයට අරන් ආරක්ෂාව දෙන්න.”
“එවෙලේම අපි ගමේ මිනිස්සු සේරම ආරණ්‍යයට කැඳවල, ආරක්ෂක නිලධාරීන් දාලා ආරක්ෂාව දුන්නා. ඒ කාලයේ අරන්තලාවේ හමුදා හෝ පොලිස් කඳවුරු නෑ. ළඟම තිබුණෙ මහඔය පොලිසිය. ඒත් සෑහෙන දුරින්. නැති බැරි කමින්, දුප්පත්කමෙන් විතරක් නෙමෙයි, ආරක්ෂාව අතිනුත් මේ මිනිස්සු අවම පිළිසරණක් ඇති විදිහටයි හිටියේ.

සිද්ධිය දවසට පසුවදා උදේම මමයි, එදා අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ සිටි කළුතර ධම්මානන්ද හාමුදුරුවොයි ඒ අපි දෙන්න එතැනට වැඩම කළා. ගම පුරා ඇවිද්දා. කිරි දරුවෝ, පුංචි දරුවෝ, තරුණයෝ, අම්මලා, තාත්තලා සේරම කපල කොටල මරලා. දරාගන්න බෑ. මිනිස්සු හිටපු පැල් කොටන් ඇතුළේ හැරෙන්න ඉඩ නෑ. ඒ තරම් අසරණ මිනිස්සු. සමහර ගෙවල්වල වේලක් රත්කරන් කාපු බවක් පේන්න නෑ. ඒ තරම් අහේනිකම”

කළුතර ධම්මානන්ද හාමුදුරුවන්ගෙයි, මගෙයි උපදෙස් ඇතිව ගම පුරා සී සීකඩ තිබුණු සිරුරු විසි අටක් එකතු කළා. ඒ සේරම අරන්තලාව ප්‍රාථමික විද්‍යාලයට ගෙනාවා. ඒ පාසලේ තිබුණෙ එකම එක ගොඩනැගිල්ලයි.

එදා දවල් 12.30 – 1.00 විතර වෙද්දි පාංශුකූල දීලා ආගමික වතාවත් කරලා අපි ඒ කටයුතු අවසන් කළා. ගම්වැසියෝ විසිඅට දෙනාම එකම වළක් කපලා එහි මිහිදන් කළා.”

 

 

යුද සමයේ සැඟවුණු කතාතිස් අවුරුදු යුද්ධයේ බිහිසුණුකම බොහෝ අයගේ මතකයෙන් ගිලිහෙමින් පවතී. මතකය වැළළෙමින් පැවතියද ඒ සිදුවීම් හැමදාටම බියකරුය. හැමදාටම මිලේච්ඡය. ලේ වගුරුවමින්, මළමිනී මතින්, ගන කැලේ දිවි ගෙවීමෙන් ලැබූ නිදහස කොයිතරම් වටිනවද? ඒ වටිනාකම වඩා හොඳින් දැනෙන්නේ එකී කටුකත්වයෙන් වැඩියෙන් බැට කෑ අයට ය. ඒ කෘරත්වයට මුහුණ දුන් අයටය. උතුර වගේම නැගෙනහිර ද සමහර ප්‍රදේශ කොටි ත්‍රස්තවාදීන්ගේ කේන්ද්‍රස්ථාන විය. මේ කේන්ද්‍රස්ථාන තමන්ගේ යටතේ ම පවත්වා ගැනීමට ත්‍රස්තවාදීහු නොගත් උත්සාහයක් නැත.

“නැගෙනහිර හිටපු ත්‍රස්තවාදීන් මුලින්ම බැලුවේ මිනිස්සු මරන්න නෙවෙයි. ඔවුන් උත්සාහ කළේ අම්පාර දිස්ත්‍රික්කය අනාරක්ෂිත කරලා සිංහල මිනිස්සු සේරම එළවලා දාන්න. අම්පාර තමන්ගේ යටතට ගන්න. ඒක මූලික කරගෙන ඔවුන් අම්පාර – මහනුවර මාර්ගයේ මහඔය දක්වා පුදුම භීතියක් ඇති කළා. අම්පාරට බඩු ගේන වාහන කොල්ල කාලා භාණ්ඩ එන එක නතර කරන්න බැලුවා. මේකයි මුලින්ම සිද්ධ වුණේ”. මේ හඬ අම්පාරේ මඟ සලකුණ පියංගල ආරණ්‍ය සේනාසනාධිපති තල්ගමුව සුභූති නාහිමියන් ගේ ය.

උන්වහන්සේ නැගෙනහිර බිහිසුණු ත්‍රස්තවාදය ගැන සෑහෙන යමක් දන්නා තෙරනමකි. උන්වහන්සේ පියංගල, මහඔය, රජගල. පුළුකුණාව, නුගේලන්ද, බක්කිඇල්ල, මහඔය දක්වා සියලු ත්‍රස්ත සිදුවීම් ඉදිරියේ සිංහල ගම්මාන වෙනුවෙන් පෙනී උන්හ. හාමුදුරුවෝ යුද්ධයේ දුෂ්කර බව ගැන අපමණ දනී. ඒ ගොනුකළ කරුණු යමක් ඔබ හමුවේ තබන්නට  අදහස් කරමු.

තල්ගමුවේ සුභූති නාහිමියන් පැවිදි වූයේ 1971 ඔක්තෝබර් 23 දා කෑගල්ල මැල්ලගල ආරණ්‍ය සේනාසනයේදී ය. සුභූති නාහිමියන් අම්පාර ඓතිහාසික පියංගල ආරණ්‍යද සේනාසනයට වැඩම කර ඇත්තේ 1977 ජූලි මස 29 ඇසළ පොහෝ දිනකය. අද දක්වා ම උන්වහන්සේ අම්පාරේ සිදු වූ සියලු වෙනස්කම්, විපර්යාසයන්, ත්‍රස්තවාදයන් ආදී සියල්ල හොඳින් දනී.

අපේ කතා බහේ ආරම්භය මෙහෙම ගනිමු. පියංගල ආරණ්‍යය පිහිටියේ අම්පාර අරන්තලාව හරහා මහඔය ප්‍රධාන මාර්ගයේය. දිනය 1983 දෙසැම්බර් මාසයේ 25 වැනිදාය. එදා පියංගල ආරණ්‍යයේ හාමුදුරුවරු හත් නමක් සහ ගිහියන් හය දෙනෙක් නේවාසිකව සිටියහ. ත්‍රස්තවාදය ක්‍රමයෙන් හිස ඔසවමින් පැවැති කාලසීමාවයි. වෙනදා වගේ රාත්‍රී අඳුර ගලා ආහ. බියකරු සතුන්ගේ හඬ දසතින් ඇසෙන කළුවර රාත්රිලයකි. රෑ බෝවීගෙන එද්දී සියලු හිමිවරු කුටිවලට වන්හ. මැදියම් රැයට කිට්ටු වී තිබිණි. දෙමළෙන් කතා කරන හඬක් ළඟ ළඟ ම ඇසේ. සුභූති හිමියන් වැඩ සිටියේ හුදෙකලා කැලේ මැද හුදෙකලා ගල් කුටියකය. වැඩි වෙලා ගියේ නැත. කුටියේ දොරට තට්ටු කරමින් දෙමළෙන් හඬ නගයි. කුටියේ දොර විවෘත කරන ලෙස අණ කරයි. නාහිමියෝ හිමින් සීරුවේ පැමිණ කුටියේ දොර අගුලු විවෘත කළහ. අඳුර අතරින් තුවක්කු ගත් හතරදෙනෙක් නාහිමියන් ඉදිරියේ පෙනී සිටී.

“සාමි, හෙටින් පස්සේ මෙහෙ කාටවත් ඉන්ඩ බෑ. හෙට උදේ වෙද්දි සේරම මෙහෙන් යන්ඩ ඕනෙ. එහෙම යන්ඩ බැරි උනොත් (තුවක්කු ලෙලදවමින්) වෙඩි තියනවා.” බාගෙට සිංහල කලවම් කරමින් කීවේ එපමණකි. උන් යන්ට ගියහ.

මේ සිද්ධිය දෙගොඩ හරියේ කියන්නටද කෙනෙක් නැත. දුරකථන මාර්ග ද නැත. උහනට හෝ අම්පාරට යාම මරණය තවත් ළං කර ගැනීමකි. එළිවනතුරු කළ යුත්තේ කුමක් දැයි උන්වහන්සේ කල්පනා කළහ. පසුවදා උදේ පියංගල නාහිමියෝ අම්පාර කොණ්ඩුවටුවන කඳවුර ට වැඩමකර පෙර දින රාත්‍රියේ වූ සිදුවීම කියා හුන්හ.

“හාමුදුරුවෝ ආරණ්‍යය දාලා යන්ට එපා. අපි අද ඉඳන් ආරණ්‍යයට ආරක්ෂාව දෙනවා.”

එදා සිට හමුදාවේ කීපදෙනෙක් පියන්ගල සෙනසුනට යෙදවූහ. මාස කීපයක් ගියේ නැත.
“1984 පෙබරවාරි 5 වැනිදා රෑ 7.30 ට වගේ කැලේ හැංගිල හිටපු කොටි ආරණ්‍ය ය ඇතුළේ වෙඩි කීපයක් ළඟ ළඟ තිබ්බා. හමුදාවත් ඉද්දි තමයි ඔවුන් මේක කළේ. ජීවිත හානි නොවෙන විදිහටයි මේකත් කළේ. එදා හාමුදුරුනමක් කැලේ ගහක වැදිලා අනතුරට පත් වුණා. එපමණයි. මෙවැනි සිදුවීම් නිසා හාමුදුරුවරු සේනාසනය දාලා වෙනත් ප්‍රදේශ වලට වැඩියා. අවසානයේ මං විතරයි ඉතුරු වුණේ.

“ගමේ මිනිස්සු කුඹුරට ගියාම ගහලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, අම්පාර නගරයට මහනුවර පැත්තෙ ඉඳන් බඩු භාණ්ඩ ගෙනාපු ප්‍රධාන මාර්ගය මහඔය ,අරන්තලාව, රජගල, පියංගල මේ සේරම හුදෙකලා ප්‍රදේශ විදිහට තිබුනේ. මඩකලපුව පැත්තේ ඉදන්, අම්පාර – නුවර ප්‍රධාන මාර්ගයට වැටෙන පාරක් පියංගලයි පුලුකුණාව අතර තිබුණා. මඩකලපුව ඉඳන් කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන සන්නද්ධ කඳවුරක් වුණු කොක්අඩිචෝලේ කඳවුරේ ඉදන් ඔවුන් වැඩිපුරම අම්පාරට ආවේ මේ පාරෙන්. කොටි මේ පාරේ ඇවිත් මග රකිනවා, මග රැකලා අම්පාරට යන රෙදි ලොරි, තෙල්, ආහාර ද්‍රව්‍ය  ලොරි කැලේට හරවා ගෙන ගිහින් ඒවා කොල්ල කන්න පුරුදු වෙලා හිටිය. මිනිස්සු මැරුවට වඩා මුලින් මුලින් කළේ බය කිරීම සහ මංකොල්ලකෑමයි. ඇත්තටම කොටි ත්රුස්තවාදීන්ට අසූව දශකයේ මුල් කාලයේ වුවමනා වුණේ අම්පාර ම බය කරල, අනාරක්ෂිත කරලා, මිනිස්සු පන්නල ඔවුන් යටතට ගැනීම. එය බැරිවුණ තැන තමයි ගහන්න, මරන්න ගත්තේ.” නාහිමියෝ මතකය දිග හරිති.

ඒ කාලේ රජගල, පියංගල, පුළුකුණාව අපට තිබුණ ළඟම පොලිස් ස්ථානය වුණේ උහන පොලිසිය. ඒකත් කිලෝමීටර් ගාණක් අනාරක්ෂිත පාරෙ යන්න ඕන. ඊට පස්සේ මම ජේ. ආර් ජයවර්ධන ජනාධිපති තුමාට පුද්ගලිකව කතා කරලා මේ අනාරක්ෂිත බව කිව්වා. එයට ප්‍රතිචාර වශයෙන් තමයි බක්කිඇල්ල පොලිසිය 1985 දී පටන් ගත්තේ. මේ බක්කි ඇල්ල පොලිසිය යුද්දෙ ඉවර වෙනකල්ම නිදහසක් තිබුන පොලිසියක් නෙවෙයි. ඒ තරම් කොටි ගැහුවා. මේ පොලිසියේ හිටපු ස්ථානාධිපති රංජිත් රූපසිරි මහත්තයාව එල්ටීටීඊයෙන් මැරුවා. ගම්මාන රකින්න, මාර්ග සෝදිසියට ගිය බක්කිඇල්ල පොලිසියේ නිලධාරීන් විශාල පිරිසක් ඔවුන් මරලා දැම්මා. ඔන්න ඔහොමයි වුනේ.

කොටි ප්‍රහාර එන්න එන්නම වැඩි වෙද්දී ඒ කාලයේ අම්පාර හිටපු පී. දයාරත්න ඇමතිතුමාව මම ගිහින් හමුවුණා.

“ඇමතිතුමා දිගටම කොටි ගහනවා. රජගල, පුළුකුණාව දිගටම එහෙමයි. මිනිස්සු ගෙවල් දාලා යනවා. මේක නතර කරන්න ඕනේ.” නාහිමියන් දයාරත්න ඇමතිතුමාට ගැඹුරින් කියාගෙන ගියහ.

“එහෙමයි හාමුදුරුවනේ, මොකද වෙන්න ඕනේ”

“අන්න පුළුකුණාව දිවුලාන ඉස්කෝලෙ වැහිලා තියෙනවා. මිනිස්සු ගමේ නෑ. ඉස්කෝලෙ එක ගොඩනැගිල්ලක් තියෙනවා. ජනාධිපතිතුමාව දැනුවත් කරලා එකක් මේකෙ හමුදා කඳවුරක් දාන්න. නැත්නම් මේ පළාතම ඉවරයි.”

වැඩි දවසක් ගියේ නැත. සෙබළුන් තිස් දෙනෙකුගෙන් සමන්විත කඳවුරක් පුළුකුණාවේ වැටිණි. මේ කදවුර තුළ ඉතිහාසයේ වරින් වර පොලීසිය, විශේෂ කාර්ය බළකාය (STF), ගුවන් හමුදාව, යුධ හමුදා විවිධ රෙජිමේන්තු අනුඛණ්ඩ ආරක්ෂාව සැලසූහ.

පුළුකුණාව කඳවුරට ක්‍රමයෙන් යුද ටැංකි (ආමඩ් කාර්) තුනක් ලැබිණි. විශේෂ කාර්ය බළකා යටතේ සන්නද්ධ රථ කීපයක් ලැබිණි. මෙය කාලතුවක්කුවක් ලබාගන්නා තත්ත්වය දක්වා කඳවුර අත්‍යාවශ්‍ය  තැනට ක්‍රමිකව පත් විය. එදා පියංගල සිට මහඔය දක්වා පාර සම්පූර්ණයෙන්ම සෝදිසි මෙහෙයුම් කරමින් මාර්ග නිරීක්ෂණය කළේ පුළුකුණාව කඳවුරෙණි.

“මහත්තයෝ, කාලයක් ගුවන් හමුදාව මේ කඳවුරේ හිටියා. සාමාන්‍යයෙන් පාර සෝදිසි කිරීම දිනපතා උදේ කාලයේ පාගමනින් ගිහින් කරනවා. එහෙම ගිය ගුවන් හමුදා භටපිරිස් විසි තුන් දෙනෙකුට ත්‍රස්තවාදීන් දරුණු ප්‍රහාරයක් එල්ල කළා. මේ ප්‍රහාරය උනේ අරන්තලාව ට එහා බොරපොල කියන හරියෙදි. එදායින් පසු ගුවන් හමුදාව පාර සෝදිසි කිරීමේ දී හෙලිකොප්ටරයක් නිරීක්ෂණ කටයුතු වලට ගමන් කළා.

තවත් අමතක නොවන සිද්ධියක් නාහිමියෝ සිහි නඟති.

ඒ දවස 1998 ජුලි මාසයේ 8 වැනි දා ය. පියංගල සිට මහඔය දක්වා මාර්ග නිරීක්ෂණයට විශේෂ කාර්ය බළකාය, පොලීසිය හා සිවිල් ආරක්ෂක නිලධාරීන් 60 දෙනෙක් පමණ ඒකරාශී වූහ. ඒ අය කොටස් වශයෙන් බෙදී යාම සිරිත විය. උදේ කාලයේ මේ පිරිස පියංගල ගමේ කෙළවරට යන්නට ඇත. එක දිගට වෙඩි වරුසාවක් ඇසෙන්නට විය. නා හිමියෝද රියැදුරා සමඟ වෑන් රථයක නැගී ඒ ආසන්නයට වැඩම කළහ. උන්වහන්සේ වැඩියේ තුවාලකරුවකු හෝ ගලවා ගෙන රෝහල් ගත කිරීම අරමුණු කොටගෙනය.
ත්‍රස්තවාදීන් 400ක් පමණ කඳවුර බලාපොරොත්තුවෙන් පැමිණ ඇති සෙයකි. දරුණු සටනක් විශේෂ කාර්ය බළකාය සමඟ ඇවිලී ඇති බව පෙනෙයි. ඔවුන් අතරින් හඬක් නැගෙයි.

“ගහන්න ආයුධ නෑ, ඉවර වෙන්න ලඟයි”

හාමුදුරුවන්ගේ වාහනය ළඟම තිබුණු නුගේලන්ද එස්.ටී.එෆ් කඳවුර වෙත පියඹා මෙන් ඇදී ගියේය. එහි යනවිට නුගේලන්ද කඳවුරට ද කොටි දරුණු ප්‍රහාරයක් දියත් කර ඇත. කඳවුරේ නිලධාරීන්,
“මේ ටික ඉක්මනට පියංගල අපේ කට්ටියට දෙන්න. එතන ආයුධ ඉවර වේගෙන යන්නේ. තව ටිකකින් අපේ සේරම එතන මැරෙයි.” නැවත පියංගල STF සෙබළු සමීපයට වාහනය පැමිනිණි. සෙබළුන් වහාම තමන්ට අලුතෙන් ලැබුණු මෝටාර් සීය සහ ටී 56 උණ්ඩ පෙට්ටි 8 බා ගත්හ. සෙබළුන් නොසිතූ ආකාරයෙන් ප්‍රහාරයක් ත්‍රස්තවාදීන් පසු බසින තුරුම එල්ල කළහ.

එසේ නොවන්නට එදා මේ සියලු සෙබළුන් එතැනම මරාදමන්නට ඉඩ තිබිණි. මේ ප්‍රහාරයෙන් විශේෂ කාර්ය බළකායේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් 13 දෙනෙකු මිය ගියහ.  තවත් තිස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මෙහිදී හාමුදුරුවන්ගේ රියැදුරා වූ සිවිල් ආරක්ෂක නිලධාරියාගේ පිට කොන්දට වෙඩි වැදී තිබිණි.

“පුළුකුණාව ගම අදටත් අයිති මඩකළපු දිස්ත්‍රික්කයට. එතැනින් එහා තියෙන්නෙ සේරම දෙමළ ගම්මාන. කොක්අඩිචෝ‌ලෙ කියන්නෙ එල්ටීටීඊයේ සන්නද්ධ ප්‍රධාන කඳවුරක්. මේ දෙමළ ගම්වල ඉඳන් ත්‍රස්තවාදීන් ඔත්තු බලන පසුබිමක් ඇතැම්හු හඳුනාගෙන හිටියා.

අපිට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි සිංහල මිනිස්සු ටිකක් කොහොමද පුළුකුණාව මේ අවට පදිංචි කර ගන්නේ කියන එක. එහෙම වුනොත් ටිකක් හරි ආරක්ෂාව තහවුරු වන බව අපි තදින් විශ්වාස කළා. ඉඩම් දෙනවානම්, ඒ ප්‍රදේශ ආරක්ෂා කරගෙන පදිංචි වෙන්න තරුණයන් විශාල පිරිසක් කැමති වුණා.
“මම මේ ආරංචිය අරන් එදා ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි මහත්තයා හමුවෙන්න කොළඹ ආවා. මම ලලිත් ඇතුලත්මුදලි මහත්තයාට කිව්වා,

“මහත්තයෝ පියන්ගල ඉඳන් මහඔය දක්වා එල්ටීටීඊය දරුණු විදිහට ගහනවා. මිනිස්සු මරනවා. හමුදාව මරනවා. පොලිසිය මරනවා. මේ දිගටම ආරක්ෂිත ගම්මාන හදමු. පදිංචි වෙන්න තරුණ පිරිස් ඉන්නවා කියලා. අහපු ගමන් එතුමා බොහොම සතුටු වුණා. එතුමා ගෙවල් සීයක් මුලින් ම අනුමත කළා.
වැඩේ සිද්ධ වුනේ එදා අම්පාර කච්චේරිය හරහා. ගෙවල් සීයට 50යි හැදුනේ. තරුණයන් පනස් දෙනෙක් පුළුකුණාව රණවිරු ගම්මානය හදලා මුලින් පදිංචි කළා. අදටත් ඒ රණවිරුගම එහෙමම තියනවා. එදා මේ ප්‍රදේශය තනිකරම මුඩුබිමක්. ඒ භූමිය පෙන්වන්න, ගෙවල් හදන්න සේරම වැඩ කළේ මගේ අධීක්ෂණය යටතේ. එක ගෙදරක් හදන්න රුපියල් දහ දහස් පන්සියයක් රජයෙන් පාස් වුණා. ඒ ගාණට ගේ හදලා වහලෙත් ගහගන්න ඕනේ. මේ වැඩසටහන සම්බන්ධීකරණය කළේ එදා අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී හපුදෙනිය මහත්තයා. ගේ හදන එක තරුණයන්ට බාර දීලා ඒ අයට ගෙවල් හදලා පදිංචි කළා. මේක හමුදාව පැත්තෙන් අධීක්ෂණය කළේ මේජර් ජෙනරල් නීල් ඩයස් මහත්තයා.

මේ තරුණයන් පනස් දෙනාම ජාතික සහායක හමුදාවට බඳවාගෙන, නිවස හා ඉඩමත් දුන්නා. කොහොමහරි මේ ගම් රැකගන්න අපේ මිනිස්සු අපමණ දුකක් වින්දා. ඒ අය තනි කරල යන්න මම කොහෙත්ම කැමැති වුණේ නෑ. ආරණ්‍ය යේ අවසානයේ ඉතුරු වුණේ මම විතරයි. රෑට අම්පාර කොණ්ඩුවටුවන කඳවුරට යනවා. දවල් සෙනසුනේ ගතකරනවා. නුගේලන්ද, රජගලතැන්න, පුළුකුණාව, පියංගල මිනිස්සු එක්ක මම හිටියා.

මේ ගම් වල මිනිස්සු අපමණ පීඩා වින්දා. දවසක් නුගේලන්ද ගමේ මිනිසුන්ට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල උනා. ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා ඇවිත් එදා ආරණ්යනයේ සාකච්ඡාවක හිටියේ. එතුමා එවලේම නුගේලන්ද බදුලු හන්දියට ගියා. එතැනින් පසු ගම්වාසීන්ට වන පීඩා හමුවේ බක්කි ඇල්ලෙන් එහාට ත්‍රස්තවාදීන්ට එරෙහි ප්‍රබල යුද මෙහෙයුමක් දියත් කළා. ඒ ප්‍රහාරය දියත් කළේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා. 1990 මේ සටන් අම්පාර අවට කොටි බලය සම්පූර්ණයෙන් බිඳී ගියා. නමුත් පසුකාලීනව වෙද්දි ආයෙත් එල්.ටී.ටී.ඊය නැගිට්ටා.

වරක් මේ ආරණ්‍ය බිමට මෝටාර් වරුසාවක් එල්ල වුණා. පොලිසියේ, හමුදාවේ දහනම දෙනෙක් ඉහළ නිලධාරීන් ඇතුළුව මේ ආරණ්‍ය  බිමේ එකතැන මිය ගියා. ඊට පෙරත් අවස්ථා ගණනාවක් ආරණ්‍යය ඇතුළට ත්‍රස්තවාදීන් ඇවිත් හමුදාවේ, පොලිසියේ තුන් හතර දෙනා  මරල ගිය අවස්ථා එමටයි.

මට මතකයි, පුළුකුණාව කඳවුරට එල්.ටී.ටී.ඊ ය ගහපු සිද්ධිය. ඒක හරිම භයංකාරයි. නැගෙනහිර ත්‍රස්තවාදීන්ගේ සන්නද්ධ ශක්තිය පෙන්නපු ප්‍රහාරයක්.

ස්තුතිය-පියංගල ආරණ්ය්ය සේනාසනාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නැගෙනහිර පළාතේ මහෝපාධ්‍යාය, කර්මස්ථානාචාර්ය තල්ගමුවේ සුභූති නාහිමියන්ට, සේනාසන වාසී පියංගල පියසුමන හිමිට.

Rules for a Gunfight

1. Bring a gun. Preferably, bring at least two guns. Bring all of your friends who have guns.

2. Anything worth shooting is worth shooting twice. Ammo is cheap – life is expensive.

3. Only hits count. The only thing worse than a miss is a slow miss.

4. If your shooting stance is good, you’re probably not moving fast enough or using cover correctly.

5. Move away from your attacker. Distance is your friend. (Lateral and diagonal movement are preferred.)

6. If you can choose what to bring to a gunfight, bring a long gun and a friend with a long gun.

7. In ten years nobody will remember the details of caliber, stance, or tactics. They will only remember who lived.

8. If you are not shooting, you should be communicating, reloading, and running.

9. Accuracy is relative: most combat shooting standards will be more dependent on “pucker factor” than the inherent accuracy of the gun. Use a gun that works EVERY TIME. “All skill is in vain when an Angel blows the powder from the flintlock of your musket.”

10. Someday someone may kill you with your own gun, but they should have to beat you to death with it because it is empty.

11. Always cheat, always win. The only unfair fight is the one you lose.

12. Have a plan.

13. Have a back-up plan, because the first one won’t work.

14. Use cover or concealment as much as possible.

15. Flank your adversary when possible. Protect yours.

16. Don’t drop your guard.

17. Always tactical load and threat scan 360 degrees.

18. Watch their hands. Hands kill. (In God we trust. Everyone else, keep your hands where I can see them.)

19. Decide to be aggressive ENOUGH, quickly ENOUGH.

20. The faster you finish the fight, the less shot you will get.

21. Be polite. Be professional. But, have a plan to kill everyone you meet.

22. Be courteous to everyone, friendly to no one.

23. Your number one option for personal security is a lifelong commitment to avoidance, deterrence, and de-escalation.

24. Do not attend a gun fight with a handgun, the caliber of which does not start with anything smaller than “4”.

25. You can’t miss fast enough to win.

ඒ දෙදාස් නවයෙ වර්ශයේ මාර්තු මාසය.යුධ හමුදාව දරුණු සටන් මැද පෙරමුණු කිහිපයකින් ඉදිරියට යමින් එල් ටී ටී ඊ හදවත වන් පුදුකුඩිරිප්පු ප්‍රදේශයට සමීප වී සිටි මොහොතක්.

53,58 හා 8වන කාර්ය සේනාංකයේ භට පිරිස් ත්‍රස්තවාදීන් වෙත දැඩි පීඩනයක් එල්ලකරමින් තිබුණා.
ඒ වනවිටත් එල් ටී ටී ය තම යුධ ශක්තිය සැලකියයුතු මට්ටමකින් රඳවාගනිමින් සිටියා.

විශේශ ප්‍රහාරක මෙහෙයුම් සඳහා යෙදවුනු එල් ටී ටීයේ චාල්ස් ඇන්තනි,ජයන්තන් හා රාධා රෙජිමේන්තුවලට අයත් ත්‍රස්ත්වාදීන් සැලකියයුතු පිරිසක් අදාල ප්‍රදේශයේ ස්ථානගතවී සිටියේ ප්‍රධාන පෙලේ එල් ටී ටී ඊ අණදෙන්නන්ගේ නායකත්වය යටතේ.

ඒ මි මි 122,130,152 කාලතුවක්කු අවි කිහිපයක්ද සහිතව.
කොටි පාලන ප්‍රදේශය පරන්තන් මුලතිව් මාර්ගයටත්,චලෙයි හා නදිකඩල් කලපුවලටත් ඉන්දියන් සයුරටත් මායිම් වූ පටු බිම් තීරයක සීමාවෙලා.

මාර්තු 30වෙනිද හිමිදිරියෙ එල් ටී ටී ය පුදුකුඩිරිප්පු වලින් පහලට දැවැන්ත ප්‍රහාරයක් එල්ලකරනව.ඒ ස්වර්ණම් හා ලෝරන්ස් යන මහ කොටින්ගෙ අණදීමෙන්.අරමුණ හමුදා වැටලීමෙන් මිදිලා හමුදාවට පසු පසින් පහර දීම.ඒ මින් පෙර 3වන ඊලාම් යුද්ධයෙදි කොටි බහුලව භාවිත කල උපක්‍රමයක්.
ප්‍රහාරයෙ තීවෘතාවය නිසා ආරක්ශක වලල්ල මීටර් 800ක් පමන ප්සු පසට තල්ලු වෙනව.
කිලෝමීටර් 8ක් පමණ ඇතුලතට ත්‍රස්තවාදීන් කඩා වදිනව.

කෙසේ නමුත් විශේෂ බලකා හා කොමාන්ඩෝ රෙජිමේන්තු සෙබලුන්ගෙ සහය සහිතව හමුදාව ප්‍රති ප්‍රහාර එල්ල කරනව.දරුණු සටනකින් පසු එල් ටී ටී ය පසු බසිනව.සටනට අණදුන් ස්වර්ණම් ,ලෝරන්ස් හා චාල්ස් ඇන්තනී සටනෙන් තුවාල ලබනව.අසාර්ථක පලවෙනි සටනේ අඩුපාඩු නිවැරදි කරගෙන තවත් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්න කොටි නායකත්වය යකි සැලසුම් කරනව.

ඉතිරිව සිටින ප්‍රධාන පෙලේ එල් ටී ටී ඊ සටන් නායකන් සියල්ලන්ම පාහේ පුදුකුඩිරිප්පු පුදුමාතලන් ඉරණපලෙයි මාර්ගයෙ ආනන්ද්පුරම් ප්‍රදේශයෙ එක් රැස් වෙනව. ඒ දහසකට ආසන්න එල් ටී ටී ඊ සාමාජිකයන් පිරිසක් සමගින්. අරමුණ සිව්වන ඊලාම් යුද්ධයේ හැරවුම් ලක්ශයක් වියහැකි තීරණාත්මක ප්‍රහාරයක් එල්ල කිරීම. පුදුකුඩිරිප්පු අවට ආරක්ශක වලලුත් ඉරනපලෙයි පුදුකුඩිරිප්පු පුදුමාතලන් මාර්ගයෙ ආරක්ශාව චාල්ස් ඇන්තනි බ්‍රිගේඩයට භාරවෙනව.

කෙසේනමුත් එල්ලකිරීමට නියමිත ප්‍රහාරය ගැනත් එහි සූදානම ගැනත් ආරක්ශක අංශ වලට ඉව වැටෙනව.
53,58 සේනාංක හා 8වන කාර්ය සේනාංකය එක්ව විශ්මිත මෙහෙයුමක් දියත් කෙරෙන්නෙ ඒ අනුව.
58 වෙනි සේනාංකය පුදුකුඩිරිප්පු උතුරේ සිට පහලටත් 53 හා 8වන කාර්ය සේනාංකය පුදුකුඩිරිප්පු දකුනේ සිට උතුරටත් ගමන්කොට පච්ච පිල්ලුමොටෙයි හන්දියෙදි එකට එක් වෙනව.
ඒ එල් ටී ටී ඊ සටන් පෙරමුණට පිටුපසින්.

අනපේක්ශිත වැටලීමෙන් මෙදෙන්න එල් ටී ටී ය පච්චපිල්ලුමොටෙයි ප්‍රදේශයෙදි ලොකු සටනක් දෙන්නෙ චාල්ස් ඇන්තනි බලකායෙ ගෝපිත් හා අමුතාබ් නම් නායකයන්ගෙ මෙහෙයවීමෙන්.කෙසේ නමුත් ගෝපිත් හා අමුතාබ් හමුදා ප්‍රහාර වකින් මිය යාමත් සමගම ඉරණපලේ කොටි ප්‍රතිරෝධය අවසන් වෙනව.

ආනන්දපුරම් ඓතිහාසික එල් ටී ටී ඊ පරාජය ආරම්භ වෙන්නෙ ඒත් සමගයි. ඉදිරිපෙල සටන් නායකයින් වූ ගෝපිත් හා අමුතාබ් මරණයට පත්වීම කොටි සාමාජිකයන්ගෙ චිත්ත ධෛර්යය බිඳ දමන්නක් බවට පත්වෙනව.

එම මානසික කඩාවැටීමේ ප්‍රතිපලයක් ලෙස ඉදිරි ආරක්ශක වලලු බිඳවැටීමත් හමුදාවැටලීමත් සිදුවන්නෙ එල් ටී ටී යට සිතාගැනීමටවත් නොහැකි වේගයකින්.ප්‍රහාරයකට අර අඳිමින් එල් ටී ටී ඊ සාමාජිකයන් එක් රැස්වූ භූමිය ක්ශණිකව ඔවුන්ගේ සුසාන භූමිය බවට හැරෙනව.

ප්‍රධාන පෙලේ එල් ටී ටී ඊ නායකයන් ප්‍රදේශයේ කොටුව ඇති නිසා ප්‍රභාකරන් වුවද ඒ අතර වීමට ඉඩ ඇති බව දැනගත් හමුදාව වැටලීම තවත් දැඩි කරනව.නමුත් 26 වෙනිදයින් පසු ප්‍රභාකරන් ප්‍රදේශයේ රැඳී නොසිටියද ප්‍රධාන පෙලේ කොටි නායකයින් රැසක් ප්‍රදේශයේ කොටු වෙනව.

4,6,8,12,14 හා 20 වන ගජබා රෙජිමේන්තු භටයිනුත්,5වන විජයබාහු,9වන ගාමුණු,11,20 පාබල හමුදා සෙබලුත් පලවන විශේෂ බලකා හා දෙවන කමාන්ඩෝ රෙජිමේන්තු සෙබලුන්ගේ සහයෙන් එල් ටී ටී සමජ්කයන් සොයමින් ප්‍රදේශය පීරණව.

මේ අතර අමපලාවන්නයිපොක්කනෙයි සිට පච්චපිල්ලුමොටෙයි දක්වා හදිසි සැපයුම් මාර්ගයක් ලෙස භාවිත වූ පටු පාරකුත් හමුදාව විසින් අවහිර කෙරෙනව.

මේ වෙනවිට දහසකට අධික කොටි සාමාජික පිරිසක් තල් පොල් වෘක්ශවලින් ගහන වර්ග කිලෝමීටර් 2කට ආසන්න ප්‍රදේශයක් තුලට කොටුවෙලා.

හමුදා වැටලීම බිඳ දැමීමට මුහුදු කොටි නායක සූසෙයි විසින් එවනලද මුහුදු කොටි කන්ඩායමක් පට්ටිඅඩි ප්‍රදේශයෙන් ගොඩ බැස පහරදීමට උත්සාහ කලද නාවික හමුදා ප්‍රහාර හමුවේ පරාජය වි පසු බැස යනව.
මේ අතර එල් ටී ටී ඊය ස්ථානගතව සිටි ප්‍රදේශයට පසු පසින් රැකවලෙහි යෙදෙන විශේෂ බලකා කණ්ඩායමක් ,කොටි නායක ලෝරන්ස්ගේ අණදීම යටතේ වාහන 5කින් පැමිනෙන 120ක් පමණ සහායක කොටි කණ්ඩායමක් නිරීකණය කර පහර දෙනව.ඒ ක්ලේමෝ බෝම්බ ආර්පීජී හා සුලු අවි ආධාරයෙන්.බස් රථ දෙකක් හා ට්‍රක් රතයක් ප්‍රහාරයෙන් කුඩු පට්ටම් වී යනව.
ලෝරන්ස් ඇතුලු සෙසු කොටි පිරිස පණ රාකගෙන පලායනව.

කෙසේ නමුත් අප්‍රේල් 3 වෙනිදා භානුගේ නායකත්වයෙන් සැලකිය යුතු කොටි කණඩායමක් වැටලීම බිඳ දමා කොටි පාලන ප්‍රදේශයට රිංග ගන්නට සමත් වෙනව.ඒ උත්සාහයෙදි භානු තුවාල ලබනව.
නමුත් එල් ටී ටී ඊය සතුව සිටි දක්ශතම යුධ අණදෙන්නෙකු ලෙස සැලකුණු තීපන් පසු නොබැස සටන් කරනව.

කොටි කාන්තා බලකායෙ නායිකා විදූශා ආධාර ඉල්ලා පොට්ටු අම්මාන්ට ආයාචනා කරන ආකාරය හමුදා පණිවිඩ හුවමාරු වලට ග්‍රහනය වෙන්නෙ

මේ අතර.තම අවසාන උත්සාහයත් වතුරේ ගිය බව පොට්ටු අම්මාන් පිලිතුරු දෙනව.

දින තුනක වටලේමකින් පසු යටත් වෙන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර හරහා එල් ටී ටී යට දැනුම් දීමට හමුදාව ක්‍රියා කරනව.

කුඩා කණ්ඩායම් වශයෙන් විටින් විට 116 දෙනෙක් හමුදාවට යටත් වුවත් බහුතරය සටනේ නිරත වෙනව.

අප්‍රේල් 3 මධ්‍යම රාත්‍රියෙ ප්‍රහාරක යානා,හෙලිකොප්ටර් යොදාගනිමින් දැවැන්ත ගුවන් ප්‍රහාරයක් ත්‍රස්තවාදීන් වෙත එල්ල කෙරෙනව.ඉන් අනතුරුව කාලතුවක්කු හා මල්ටි බැරල් ප්‍රහාරද එල්ල කෙරෙනව.
සටන් කාලය පුරාවට ශෙල් ප්‍රහාර 30000ක් පමණ එල්ල කල බව කියැවෙනව.

අප්‍රේල් 5 දා කොටි ප්‍රතිරෝධය වියැකීයාමත් සමගම මියගිය ත්‍රස්ත සිරුරු ගණනය කිරීම ඇරඹෙනව.
සඳුදා වනවිට එල් ටී ටී ඊ මලසිරුරු 525ක් සොයා ගැනෙනව.අඟහරුවාදා වනවිට තවත් මල සිරුරු 100ක් පමණ හමුවෙනව.ඒවායින් 40ක් පමණ හමුවන්නේ කුඩා ගොඩනැගිලි 2ක් තුල සිරවී අලුව ගොස් තිබියදී.

මීට අමතරව තුවාල ලැබූ ත්‍රස්තයන් 20කට ආසන්න පිරිසක් සටන් බිමේ වැටී සිටියදී සොයා ගැනෙනව.
තවත් කොටි කතුන් තිදෙනෙකු තල් ගස් අතර වූ බංකරයක සැඟ සිටියදී අල්ලාගැනෙනව.
සටන අවසානයේ ප්‍රධාන පෙලේ එල් ටී ටී ඊ නායකයන් වන තීපන්,ජෙයන්තන් බ්‍රිගේඩයේ නායක කීර්ති,විශේෂ නායක නාගේශ්,ඉම්‍රාන් පාන්ඩියන් බලකා නායක ගඩාෆි,චාල්ස් ඇන්තනි බ්‍රිගේඩයේ විශේෂ නායක ගෝපිත්,මාලතී රෙජිමේන්තු නායිකා විදූශා,උපනායිකා කමලිනි,සෝදියා රෙජිමේන්තු නායිකා දුර්ගා,උඔඅ නායිකා මොහානා,කුට්ටි ශ්‍රී මෝටාර් බ්‍රිගේඩයේ නායක ගෝපාල් ඇතුලු විශාල පිරිසක් මැරුම් කනව.මීට අමතරව රාධා රෙජිමේන්තු උපනායක අන්බු හා පොන්නම්මාන් බෝම්බ අංශයේ නායක අස්මි අල්ලා ගැනෙනව.

මුලති අලිමංකඩ සටන්වලදි සමූල ඝාතනය කෙරුණු දහස් ගනන් විරෝඅදාර සෙබලුන්ගෙ මරණ වල වාඩුව ගැනෙන්නෙ එහෙන. වාඩිම එල් ටී ටී ඊ සාමාජිකයන් පිරිසක් එකම ස්තානයක මැරුම් කන්නෙ ආනන්දපුරම් සටනෙදි.මේක කොටි සංවිධානයෙ අවසානය සනිටුහන් කල සටන කිවොතින් හරියටම හරි

Sri Lanka Army Special Force -Long Range Reconnaissance Patrol (LRRP) has been ranked the third most dangerous Special Forces in the world by the militaryranks.info.

United States Navy SEALs has been ranked as the most dangerous Special Forces Units in the World.

Top 10 list

United States Navy SEALs

Special Operations Forces of the Armed Forces of the Russian Federation

Sri Lanka Army Special Force LRRP

United States Army Special Forces

British Special Air Service (SAS)

Sayeret Matkal

France’s National Gendarmerie Intervention Group

Unidad de Operaciones Especiales

MARCOS

Pakistan Army Special Service Group