Feeds:
Posts
Comments

Posts Tagged ‘චමින්ද සිල්වා’

මෙයට වසර දහ හතරකට පෙර එනම් 1998 සැප්තැම්බර් 29 වැනි දින කොටි ත්‍රස්‌තවාදී ප්‍රහාරයකින් මුහුදුබත්වූ ලයන් එයාර් ගුවන් යානයේ සුන්බුන් ගොඩගැනීමේ කටයුතු අද (13 වැනිදා) සිට ආරම්භ කෙරේ.

මෙම යානය සිවිල් වැසියන් රැගෙන යාපනය පලාලි සිට රත්මලාන බලා ගමන් කරමින් තිබියදී මන්නාරමට ඉහළ අහසේදී අතුරුදන් විය. එවකට උතුර නැගෙනහිර බොහෝ ප්‍රදේශ කොටි සංවිධානයේ පාලනයට නතුව පැවැති අතර කොටි ත්‍රස්‌තවාදීන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ලයන් එයාර් යානය ඉහළ අහසේදී ගිනිගෙන පුපුරා සුන්බුන් බවට පත්වී මුහුදට ඇද වැටුණු බව ධීවරයන් විසින් පවසා තිබුණි. එහෙත් මළ සිරුරු හෝ සුන්බුන් ගැන කිsසිදු හෝඩුවාවක්‌ වාර්තා වී නොතිබුණි.

 

 

 
ගුවන් යානය අනතුරට ලක්‌වන විට කාන්තාවෝ 17 ක්‌ සමග මගීහු 48 ක්‌ද කාර්යමණ්‌ඩලය 7 ක්‌ද එහි වූහ. යානයේ නියමුවා ලෙස යුක්‌රේන් ජාතිකයකු කටයුතු කර තිබූ අතර ප්‍රධාන ස්‌ටුවට්‌ නිලධාරියා ලෙස දර්ශනී ගුණසේකර මෙනවිය කටයුතු කර තිබුණි. දර්ශනී ගුණසේකර මෙනවිය හිටපු පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී රංජිත් ගුණසේකර මහතාගේ දියණියක්‌ වූවාය.

 

 

 

දර්ශනී ගුණසේකර මෙනවිය

Read Full Post »