Feeds:
Posts
Comments

ඇය තරම් ජනප්‍රිය චරිතයක් තමිල්නාඩුවේ සිටියේ නැත. ඇය තරම් බලය හා ශක්තිය පෙන්වූ චරිතයක් මුළු ඉන්දියාවේම සිටියේ ද නැත. එසේම ඇය තරම් වංචනිකව මුදල් උපයාගත් මහ ඇමැතිනියක් ද ඉන්දියාවේ සිටියේ නැත. ඇය තම බලය ශක්තිය හා ජනප්‍රියතාවය නිසා බැබළුණාය. මධ්‍යම රජයේ පාලකයින්ට ද අභියෝග කළාය. වෙනෙකක් තබා ඉන්දියාවේ අගමැති තනතුර පිළිබඳව ඇය සිහින දැක්කාය.

මෙතෙක් ගුවනේ ඇය රැඳී සිටි ලෝකය දැන් කඩා වැටී ඇත. අත්තටු කැඩුණු උකුස්සෙකු සේ මහපොළොවට වැටී ඇත.

දැන් ඇය සතරැස් අඩි 12 x 8 විශාල සිර මැදිරියක තනිවී සිටින්නීය. ඒ කාමරයේ පුටු දෙකක්, මේසයක් හා හතර පැත්තෙන් වැසී ඇති ඇඳක් පමණක් ඇත. ඇයගේ සුව පහසුව සඳහා විදුලි පංකාවක් හා රූපවාහිනියක් එම මැදිරිය තුළ සවිකර ඇත්තේය.

එසේම ඇයගේ ආරක්ෂාවට කාන්තා ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු රඳවා ඇත. ඇය අතිවිශේෂ තත්ත්වයේ සිරකාරියකි. එහෙත් මෙම සිරගෙදරට එන සියලුම සිරකරුවන් සලකනුයේ එක හා සමාන ලෙසය. යම් සිරකරුවකුට පිටින් ආහාර ගැනීමට අවශ්‍ය නම්, එසේම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නම් හෝ හමුවීමට පැමිණෙන අය සමඟ තනිවම කථා කිරීමට අවශ්‍යනම් ඔහු හෝ ඇය උසාවියේ අවසරය ලබාගත යුතු වන බව කර්ණාටක සිරගෙවල් බාරව කටයුතු කරන එස්. ටි. රාමේෂ් ප්‍රකාශ කර ඇත.

මේ අයුරින් අසරණ තත්ත්වයක පත්ව සිටිනුයේ කවුද?

ඇය තමිල්නාඩුවේ මහ ඇමැතිනි ජයලලිතා ජයරාම්ය. පසුගිය ප්‍රාන්ත මැතිවරණයේදී අද්විතීය ජයග්‍රහණයක් ලැබු තමිල්නාඩුව පුරා මහත් සේ ජනප්‍රියත්වයට පත්වී තමිල්නාඩුවේ පමණක් නොව ඉන්දියාව පුරා පමණක් නොව ලංකාව ඇතුළු ආසියාව පුරා තම බලය ආරෝපණය කිරීමට මාන බැලු ජයලලිතා ජයරාම් ඉන්දීය අධිකරණය මඟින් සිරකරුවකු බව පත්කර ඇත.

වංචනික ලෙස ධනය රැස් කිරීම ඇයට එරෙහි පවතින ප්‍රධානතම චෝදනාවයි. මහ ඇමැති වීමට පෙර කෝටි 3 ක පමණ වත්කමක් සතුව පැවැති ජයලලිතා මහ ඇමැතිනිය වී වසර පහකට පසු එම වත්කම් කෝටි 66 ක් බවට පත්වූයේ කෙසේ ද?

ජයලලිතාගේ ජීවිතය කඳු හෙල් පල්ලම් නැඟීම් බැසීම් ආදියෙන් පිරුණු එකක් විය. ජයලලිතාට ඉගෙන ගැනීමට ආශාව තිබු නමුත් ආර්ථික හේතුන් මත ඇයට වයස 15 දී චිත්‍රපටි ලෝකයට පිවිසීමට ඇයගේ මව කටයුතු කළාය. පාසලේ සිටියදීම ජයලලිතා 1964 දී කන්නඩා බසින් නිපදවූ චින්නඩා ගොම්බේ නම් චිත්‍රපටිය තුළින් සිනමා ලොවට පිවිසියාය.

ඉන් පසුව ද්‍රවිඩ චිත්‍රපටි ගණනාවක එම්. ජි. රාමචන්ද්‍රන්, ශිවාජි ගනේෂන්, එස්. ටී. රාම් රාවෝ යනාදී විශිෂ්ට ගණයේ ද්‍රවිඩ චිත්‍රපටි නළුවන් සමඟ රඟපාමින් ඉන්දීය සිනමාව තුළ ජයකෙහෙළි නැංවීමට ඇය සමත් වූවාය. ඇය තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති හා ද්‍රවිඩ සුපිරි නළුවකු ලෙස සලකන එම්. ජි. රාමචන්ද්‍රන්ගේ ආධිපත්‍යයට යට වූවාය. ඇය ඔහුගේ සහායක නිළිය ලෙස චිත්‍රපටි ගණනාවක් රඟපෑ අතර එම චිත්‍රපටි සියල්ලම පාහේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළීමට සමත් විය. මේ අයුරින් සහායක නිළියක ලෙස එම්. ජි. ආර්. ට සමීප වූ ජයලලිතා දේශපාලන ලෝකයේ ඔහුගේ සුවච කීකරු ගෝලයා බවට ද පත් වූවාය.

චිත්‍රපටි ලොවින් ඉවත් වූ ඇය අනතුරුව දේශපාලන ලොවට පිවිසියාය. අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය තුළ අභ්‍යන්තර සංවිධානයක් සැලසුම් කළ ඇය ඉතාම නිශ්ශබ්ද දේශපාලන ගමන්මඟක් ඇරැඹීමට සමත් වූවාය. එම්. ජි. ආර්. ගේ මරණින් පසු ඒ අයි ඩී එම් කේ පක්ෂය දෙකඩ විය. එක් පක්ෂයක් එම්. ජි. ආර්. ගේ බිරිය ජානකී වටා රොක්වූ අතර සෙසු අය ජයලලිතා නායිකාව ලෙස පිළිගත්හ. ජයලලිතා ජයරාම්ගේ දේශපාලන ගමන පහසු එකක් නොවීය. දූෂිත කටයුතු හා වංචනික ලෙස ධනය රැස් කිරීම ඇයට එරෙහිව නැඟුණු චෝදනා විය. 1991 දී ඇය තමිල්නාඩුවේ මහ ඇමැතිනිය ලෙස පත්වූවාය. ඇය ජනතාවට නව සෞඛ්‍ය සේවා ඇති කරමින් අතිවිශාල සේවාවක් ඇරැඹු නමුත් දේශපාලන බලය අයුතු ලෙස ක්‍රියාත්මක කිරීම හා දූෂිත ක්‍රියා මෙන්ම සසිකලා නටරාජන්, ඇතුළු ඇයගේ නෑදැ හිතවතුන් ඇයගේ බලයෙන් ප්‍රයෝජන ගෙන දූෂිත ක්‍රියාවල නියැළීම ඇයගේ ප්‍රතිරූපය කෙලෙසීමට මහත් සේ බලපෑවේය.

මෙම චෝදනා විභාග කිරීම සඳහා ඇයගේ නිවාස ඇතුළු දේපළ පිළිබඳව පරීක්ෂණ පවත්වනු ලැබු අතර ඒවායේ ප්‍රතිඵලය වූයේ ඇය සතුව තිබු සාරි 12000 ක් අගනා සෙරෙප්පු කුට්ටම් 750 ක් හා කිලෝග්‍රෑම් 1.5 ක් බරැති දියමන්ති එබ්බවූ රන් බඳ පටියක්, කිලෝ 500 ක් බර රිදී ආභරණ, රන් වළලු 400 ක් පිළිබඳ තොරතුරු හෙළිවීමයි.

ඇයට නීති මඟින් කටයුතු කරනු ලැබු නමුත් මදුරාසි ඉහළ උසාවිය මඟින් ඇය නිදොස් කොට නිදහස් කරනු ලැබු අතර ඇය නැවත මහ ඇමැති තනතුරට ආවාය. එහෙත් 1996 පැවැත්වූ මැතිවරණයේදී ඇයගේ පක්ෂය දරුණු පරාජයකට මුහුණ දුන් අතර තමිල්නාඩුවේ පැවැති ආසන 168 න් ඇයට ජයගත හැකි වූයේ ආසන 4 ක් පමණි. ජයලලිතා ද පරාජයට පත්වූවාය.

2001 පැවැත්වූ මැතිවරණයට ඉදිරිපත් වීම ජයලලිතාට තහනම් වූ අතර එයට හේතු වූයේ රජය සතු ඉඩමක් පවරා ගැනීමේ චෝදනාවය. ඇයට පස් අවුරුදු සිර දඬුවමක් නියමව තිබු නමුත් මැතිවරණය පවත්වනු ලැබු අවස්ථාවේ එම නඩුව අවසන් වී නොතිබීම නිසා ඇයට තරග කිරීමේ අවස්ථාව සැලසිණි.

මේ අයුරින් දේශපාලන මංපෙත් ඔස්සේ කඳු හෙල් පල්ලම් පසු කරමින් ජයග්‍රහණයත් පරාජයත් සමසේ භුක්ති විඳිමින් ගමන් ගත් ජයලලිතා ජයරාම් ඇයගේ ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයකට ප්‍රවිෂ්ට වී ඇත. ඒ සතර වසරක සිර දඬුවමකට භාජන වීමයි. ඇය එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ ද ඇය මුහුණ දුන් ඉතාම අප්‍රියජනක අත්දැකීම ඇයගේ අනාගත දේශපාලන ගමන්මඟට බෙහෙවින් බලපානු ඇත. රැජනක ලෙස අතිවිශාල ජනකායකගේ ගෞරවයත් ආදරයත් ලබාගෙන අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා තමිල්නාඩුවේ මහ ඇමැතිනිය බවට පත්වූ ඇය අද කුඩා සිර මැදිරියක තනිවූ ජීවිතයක් ගත කිරීමට ලැබීම ඇයගේ දේශපාලන අනාගතයට වැදුණු කළු පැල්ලමකි. සිර ගෙදරට තුළ දී ඇය වෙත පිරිනමනු ලැබු ඉතාම දුප්පත් ආහාර වේල ද ඇයගේ දේශපාලන මහන්තත්වයට වැදුණු අතුල් පහරක් ලෙස සැලැකේ.

බැංගලෝරයේ පරප්පන අග්‍රහාරහි පිහිටි මධ්‍යම සිරගෙදර 4202 නමැති අංකයෙන් හඳුන්වනු ලබන ජයලලිතා ජයරාම් නමැති සිරකරුවාගේ ප්‍රථම දිනය පාන්දර 5.30 ට ඇරැඹුණේ දෙහි මිශ්‍ර පානයක් ගෙන උදේ ඇවිදීමට යෑමෙනි. ඉන් පසුව ඉංග්‍රිසි හා දෙමළ පුවත්පතක් කියවූ ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගියාය. අනතුරුව ඇය ඇයගේ සේවක වීර පෙරුමාල් විසින් ගෙන එන ලැබු ඉඩ්ලි, වඩේ හා සම්බාර් සහිත උදේ කෑම වේල ආහාරයට ගත්තාය.

ජයලලිතා සහ ඇය සමඟ සිරගත කරනු ලැබු ඇයගේ සහායක සසිකලා හා සහෝදරයාගේ දියණිය වන ඉලවරාසි එදින සන්ධ්‍යාවේ සිරගෙදර වූ රෝහලට ගෙන යනු ලැබුවේ ඔවුන් අසනීප තත්ත්වයක් ගැන කියා සිටි නිසාය. සසිකලා ආමාශයේ පැවැති ආබාධයක් නිසා 23 වාට්ටුවට ඇතුළු කරනු ලැබීය.

දියවැඩියා රෝගියකු වන ජයලලිතා ඒ සඳහා පැවැති වෙනම වාට්ටුවකට ගෙන යනු ලැබුවේ දෙනෙත්වලින් අපැහැදිලි දර්ශනයක් ඇතිවීම නිසාය. තිදෙනාම ආහාර විස වීම ගැන පැමිණිලි කිරීම නිසා කෙසෙල්, දෙහි හා ගස්ලබු ආහාර ලෙස දී ඇත. සෑම සිරකරුවකුටම විශේෂිත ඇඳුමක් තිබුණ ද ජයලලිතා එවැන්නක් ඇඳ නොසිටියාය.

මේ අතර සිරගෙදර ගතකරන කාලය තුළ දී එක්කෝ ඇඳුම් මහන අංශයේ හෝ එළවළු පිළියෙල කරන අංශයේ හෝ එසේ නැත්නම් හඳුන්කූරු නිපදවන අංශයේ සේවය කිරීම තෝරා ගැනීමට ජයලලිතාට අවස්ථාව දුන් බව සිරගෙදර නිලධාරියෙක් පැවැසීය.

4200 ක් පමණ සිරකරුවන් සිටින මෙම සිපිරි ගෙය තුළ හිටපු මහ ඇමැතිනියට වෙනම සිර මැදිරියක් දීමට ද නිලධාරීහු කටයුතු කළහ.

පසුගිය සෙනසුරාදා බැංගලෝරයේ පවත්වනු ලැබු විශේෂිත උසාවියක් මඟින් එහි ප්‍රධාන විනිශ්චයකාර ජෝන් මිෂෙල් ද කුන්හා විසින් දඬුවම ප්‍රකාශ කිරීමත් සමඟම ජයලලිතාට වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවිය. ඒ සඳහා රජයේ රෝහලක් වෙත ඇය ගෙන යන ලදී. එසේ ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව මේ සිපිරි ගෙට ගෙන යනු ලැබීය.

ඉන්දීය දේශපාලන ක්ෂේත්‍රයේ ඉතාම මතභේදකාරී දේශපාලනඥයකු ලෙස ප්‍රසිද්ධ ජයලලිතා අවිශ්වාසය, හා බිය මිශ්‍ර ගෞරවයක් හිමිකර ගනු ලැබු චරිතයකි. කිසිවකු කෙරේ තඹ දොයිතුවක විශ්වාසයක් නොතැබු ඇය වෙනෙකක් තබා තමාගේ පුරෝහිත ඇමැතිවරුන්ගේ අදහස් පවා පිළිගැනීමට සූදානම් නොවූවාය. ජයලලිතා නොහොත් ඇයගේ පාක්ෂිකයින්ගේ “අම්මා” අද සිහිනෙන් පවා නොසිතූ ඉරණමකට පත්ව තිබීම දෛවයේ සරදමකි.

අධිකරණය මඟින් නිර්දේශ කරනු ලැබු අන්දමට සතර වසරක සිට දඬුවම හා කෝටි 100 ක දඩයට අමතරව ඇය මහ ඇමැති ධුරයෙන් හා මන්ත්‍රී පදවියෙන් ඉවත්විය යුතුය. එසේම වසර 10 ක කාලයකට නැවත මැතිවරණයක තරග කිරීම ද ඇයට තමනම් ය.

ඇය විසින් නීති විරෝධි ලෙස උපයා ගනු ලැබු වත්කම් පිළිබඳව චෝදනා මත 1996 දෙසැම්බර් 7 වැනිදා භාරතීය ජනතා පක්ෂයේ සුබ්‍රමනියම් ස්වාමි විසින් පවරනු ලැබු මෙම නඩුව 2003 නොවැම්බර් 18 වැනිදා බැංගලෝරයේ විශේෂ උසාවියකට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මාරු කරනු ලැබීමෙන් අනතුරුව 2014 සැප්තැම්බර් 27 වැනිදා නඩු විභාගය නිම කරමින් ඉහත දැක්වූ දඬුවම ජයලලිතා, සසිකලා හා ඉලවරාසිට ලබා දෙනු ලැබීය.

සුබ්‍රමනියම් ස්වාමි විසින් පවරනු ලැබු නඩුව ජයලලිතාගේ අග්‍රගණයේ සතුරන් වූ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය විසින් දිගටම ගෙන යනු ලැබීය.

ඒ කෙසේ වෙතත් පසුගිය ප්‍රාන්ත මැතිවරණයේදී අතිවිශිෂ්ට ජයක් හිමිකර ගත් ජයලලිතා ජයරාම් පිටුපස අතිවිශාල ජනතාවක් පෙළගැසී සිටි. නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමඟ තමිල්නාඩුව උණුසුම් විය. තැන තැන පැන නැඟුණු විරෝධතා ගැටුම් හා ගිනි තැබීම වැනි දාමරික තත්ත්වයකට පත්විය. තවමත් එම උණුසුම එසේම පවතින බව පැවැසේ. මේ හැර 15 දෙනකු හෘදයාබාධවලින් මරුමුවට පත්වීමත් පාසල් සිසුවියක් ඇතුළු කිහිප දෙනකු සිය දිවි හානිකර ගැනීමට තැත් කිරීමත් සමඟම ජයලලිතා තමිල්නාඩුව තුළ ගොඩනඟාගෙන තිබු ප්‍රතිරූපයේ තරම පැහැදිලි වන්නේය.

ජයලලිතා වෙනුවට මහඇමැති ධුරයට මුදල් ඇමැති ඕ. පනීර් සෙල්වම් පත්විය. ඔහුට එම තනතුර හිමි වූයේ ජයලලිතාගේ සුවච කීකරු ගෝලයකු වූ නිසාය. පක්ෂයේ උසස් නිලධාරීන් සිරගෙදරට කැඳවූ ජයලලිතා පනීර්සෙල්වම් එම ධුරයට පත්කිරීම අවශ්‍ය බව ප්‍රකාශ කළාය. මීට පෙරත් නීතිමය ප්‍රශ්නයක් මත මහඇමැති ධුරය ඇයට අහිමි වූ අවස්ථාවේ ද පනීර් සෙල්වම් එම ධුරයේ කටයුතු කළේය.

පනීර් සෙල්වම් මහ ඇමැති ධුරයේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වූ සියලු දෙනාම කඳුළු වැගිරූ බවට වාර්තා විය. ජයලලිතා කෙරේ ඔහුගේ පමණක් නොව එම පක්ෂයේ සාමාජිකයින්ගේ පක්ෂපාතිත්වය ගෞරවය ද ඉන් පෙන්නුම් කෙර්. තීන්දුවට එරෙහි උද්ඝෝෂණ නිසා දැනට 20 දෙනකු පමණ සියදිවි හානි කරගෙන හා හෘදයාබාධවලින් මියයාම ද තමිල්නාඩුවට කඩා වැදුණු සුනාමියක් ලෙස සැලැකේ.

ජයලලිතාගේ විරුද්ධවාදීන්ට මෙය අතිමහත් සතුටට හේතුවක්. අසාධාරණයෙන් හා වංචනික ලෙස මුදල් ඉපයීම මෙන්ම තම ශක්තිය හා බලය පෙන්වා විරුද්ධවාදීන්ට එරෙහිව ගෙන ගිය දැඩි ක්‍රියාමාර්ග නිසා ජයලලිතාගේ ඉරණම උත්සවශ්‍රීයෙන් සමරන බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් කටු කොහොලින් පිරී පවතින දේශපාලන මාර්ගයේ උස් බිම් පහත් බිම් සියල්ලම තරණය කළ ජයලලිතාට මෙය සිනමාවේ නිරූපණය කරනු ලැබු තවත් චරිතයක් වනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි. එහෙත් අභියාචනය මඟින් කුමන අන්දමේ තීරණයක් ලැබුණු නමුත් ජයලලිතාගේ දේශපාලන ජිවිතයට මෙම නඩු තීන්දුවෙන් තිබු කළු පැල්ලම තමිල්නාඩුවේ කෙසේ වෙතත් ලෝකයා ඉදිරියේ මකා ගැනීමට හැකිවීම ලෙහෙසි නොවනු ඇතැයි යන්න දේශපාලන විචාරක මතය වේ.

අප දකින්නේ දුක්‌ත දසුනකි. ඔවුහු හිඟන්නන් සේ දුගී පැල්පත්වල ගාල්වී සිටිති. කිසිදු පහසුකමක්‌ නොවේ. වාර්ගික භේදයකින් තොරව යුද අනාථයන් වූ මිනිසුන් නැවත පදිංචි කරවීම් සිදුවූ බව සැබෑය. එහෙත් ගෝත්‍රික ආකල්ප සහිත ද්‍රවිඩ බහුතරයක්‌ ජීවත්වන ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී සිංහලයන් යනු අතපල්ලෙන් වැටුණු පිරිසක්‌ය. අප දකින්නේ එසේ නැවත පදිංචි කළ සිංහලයන්ගේ නොසලකා හල ජීවිතය.

එරක්‌කණ්‌ඩි වෙල්ගම් විහාරය 10 කණුව වැනි ත්‍රිකුණාමලය නගරයට ආසන්න ගම්මානවල සිංහල මිනිස්‌සු මේ මොහොතේත් දුක්‌ විඳිමින් සිටිති. කොටි ත්‍රස්‌තවාදය නිසා මෙයට වසර 25 කට පමණ පෙර මේ මිනිස්‌සු ගම් බිම් හැර ගියහ. යුද්ධයෙන් පසු තම දරුවන් සමග ඔවුන් නැවත තමන් සිටි භූමියට පැමිණියේ මේ දහසක්‌ බලාපොරොත්තු හිතේ රඳවා ගෙනයි. නමුත් නැවත පදිංචි කළ මේ ජනතාවගේ සුබ සිහින බිඳී ගොස්‌ ඇත.

යළි පදිංචි කිරීමට කටයුතු කළ බලධාරීන් නැගෙනහිර ගම්බිම් අහිමිව අවතැන්ව නැවත පැමිණි සිංහල මිනිස්‌සුන්ටත් ද්‍රවිඩ මිනිස්‌සුන්ටත් බෙදන්නේ හැඳි දෙකකිනි.

ත්‍රිකුණාමලය එරක්‌කණ්‌ඩි ගම්මානය පිහිටා තිබෙන්නේ නිලාවලි ප්‍රදේශයේය. මේ ගම්මානයේ සිංහල පවුල් විශාල සංඛ්‍යාවක්‌ 1985 ට කලින් ජීවත් වූහ. නමුත් කොටි ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාරයෙන් මේ ගම්මාන අමු සොහොන් විය. මේ ගම්මානයේ සිංහල පවුල් 89 ක්‌ තම හරකබාන ගේ දොර ඉඩකඩම් අතහැර අනුරාධපුර, කුරුණෑගල ප්‍රදේශවලට පැන ගියෝය. ඒ තම පණකෙන්ද ආරක්‍ෂා කර ගැනීමටය.

යුද්ධය අවසන් කර නැවත පදිංචියට පැමිණි නිලාවලි ප්‍රදේශයේ එරක්‌කණ්‌ඩිහි සිංහල වැසියන්ට තම ඉඩම් පවා අහිමි විය. එසේ සිදු වූයේ ඇයි දැයි සොයද්දී සමහර ඉඩකඩම් විවිධ පුද්ගලයන් විසින් මුස්‌ලිම් දෙමළ ජනතාවට විකුණා තිබූ බව හෙළි විය. නමුත් මෙම ඉඩම් නියම හිමිකරුවන් තම ඉඩම් වෙනත් අයට විකුණා තිබුණු බවත් දැන සිටියේ නැත.

කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් පරිපාලනයට අයත් මෙම ගම්මානයේ අවශ්‍යතාවන් සොයා නොබලන බව ගම්මානයේ ඇති ග්‍රාමසංවර්ධන සමිතියේ සභාපති එන්. ජී. ප්‍රියන්ත අප සමග පැවසීය.

අපේ ජනතාව ගෙනත් තාවකාලිකව ප්‍රජා ශාලා ගොඩනැඟිල්කට දැම්මා. පසුව ඉඩම් ලැබෙනතුරු කුඩා ගෙවල් ගහලා දුන්නා. අඩුම ගණනේ කැසිකිළි වැසිකිළි පහසුකම් සපයා දුන්නේ නෑ. ජනතාව දැන් අනේක දුක්‌ විඳිනවා. වගකිවයුතු අයට කිව්වා. බැරිම තැන අපි ජනාධිපතිතුමාටත් මේ බව දන්වලා යෑව්වා. තවමත් ගැටලුව එතනමයි.

‘මේ ගමේ අපි පදිංචි වූයේ 1965 දි. මම 1968 විවාහ වුණා. එදා ඉඳලා 1985 වර්ෂයේ කොටි ගහනකම් අපි මේ ගම්මානයේ කුඹුරු කර ගෙන හිටියා. දෙමළ ජනතාව සමග හොඳ සමගියෙන් හිටියේ. නමුත් කොටි ත්‍රස්‌තවාදීන් අපිට නිතර නිතර කරදර කළා. ගමේ අයව මරා දැම්මා. හරකබාන පැහැර ගත්තා. කප්පම් ගත්තා. පස්‌සේ සිංහල එකෙක්‌ එන්න එපා කියලා එලවලා දැම්මා. අපේ මුළු සේසතම දාලා පණ බේරාගෙන පලා ගියා. විවිධ අනාථ කඳවුරුවල අපි ජීවත් වුණා. පස්‌සේ සාමය උදාවුණු නිසා ගම් අත්හැරපු පවුල් 105 ක්‌ ඇවිත් ග්‍රාමසංවර්ධන ගොඩනැඟිල්ලේ පදිංචි වුණා. සේවා ලංකා ආයතනයෙන් අපිට තාවකාලික ගෙවල් සොයලා දුන්නා. ඒ 2010 අවුරුද්දෙ. තවමත් අපි ඉන්නේ ඒ ගෙවල්වල. මේ ගේ ඇතුළේ ජීවත්වෙන්න බැහැ. මහත්තයට පේනවනේ අපි මේවා ගැන වගකිවයුතු අයට කිව්වා. නමුත් සලකන්නේ නෑ. රජයෙන් කියල සත පහක්‌ අපිට තවම දීලා නෑ. අපේ ඉඩම් පවා දෙමළ ජනතාව අල්ලාගෙන. ඒ අයිතියවත් අරන් දුන්නේ නෑ. අපි දේශපාලකයන්ට කිව්වා. නමුත් ගණන් ගත්තේ නෑ. ඡන්ද කාලේ ඇවිත් ඡන්දය අරන් ගියා. දැන් පැත්තවත් බලන්නේ නෑ. දැන් මං වයසයි. මේ පැලේම මං මැරිලා යාවි. නමුත් එරක්‌කණ්‌ඩි කියන සිංහල ගම්මානය නැවතත් පුනරුත්ථාපනය කරලා ඉදිරි අනාගතය රැක දියයුතුයි. එය දැකීම තමයි මගේ එකම ආසාව. අද අපට බොන්න නාන්න වතුර නෑ. ඒවා ගැනත් සොයන්න කෙනෙක්‌ නෑ…’ එම ගම්මානයේම පදිංචි පී. එච්. නන්දිපාල අප සමග කීවේ එවැනි කතාවකි.

මේ මිනිස්‌සු මේසා දුක්‌ත තත්ත්වයට පත් වූයේ ඔවුන්ගේ වරදින් නොවේ. උපන් බිම් හැර ඇඳිවත පිටින් පලාගිය ඔවුහු අනතුරුව අනාථ කඳවුරුවල දුක්‌ වින්දහ. මේ දුක නිමා වූ බව සිතා ඔවුන් යුද්ධයෙන් පසු සිය ගම් බිම් සොයා ආවේ ජීවිත බලාපොරොත්තු සමගය. ඒ ජීවිත ප්‍රාර්ථනා බිඳ වැටී ඇති ආකාරය හදවත පාරවන්නේය.

‘මහත්තයෝ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම දෙනා දෙමළ නිලධාරීන් ඒ අය අපිව ගණන් ගන්නෙවත් නෑ. අපි මේවා කියන්න දිසාපති ළඟට ගියාම එතුමා අපිව එළව ගන්නවා. අනේ ඇයි අපි මෙච්චර බාල්දු වෙන්නේ කියලා එක වෙලාවකට හිතෙනවා. වගකිව යුතු අය මැදිහත්වෙලා අපේ ගම්මානය නැවත සකස්‌ කර දෙන්න කියලා සෙබස්‌තියන් දෙවියන්ගෙන් තමයි ඉල්ලන්න වෙලා තියෙන්නේ… ඒ වේදනාත්මක හඬ ඒ. පී. ෙෆාන්සේකාගේය.

මේ ගම්මානයේ මිනිස්‌සු ජීවත් වූයේ ධීවර රැකියාවෙනි. නොඑසේ නම් ගොවිතැතෙනි. ඔවුහු මහන්සි වී ස්‌වකීය රැකී රක්‍ෂා කළෝ වූහ. මිල මුදල් උපයාගත්තෝ වූහ. ඔවුන්ගේ ජීවිත කොල්ලකෑවේ කොටි ත්‍රස්‌තවාදීන්ය. නමුත් අද මේ මිනිසුන් ත්‍රස්‌තවාදයටත් වඩා වැරෙන් බැටකමින් සිටින්නේ රජයේ නිලධාරීන්ගෙන්ය. කනගාටුව ඉපදෙන්නේ ඒ නිසාය.

නිසංසලා සඳමාලි තවම තරුණය. ඇය සිය හඬ අවදි කරන්නීය… ‘මෙම ගම්මානයෙන් යන විට මා ඉතාමත් කුඩා දරුවෙක්‌. මගේ පියා සිටි ඉඩමට මම සහෝදරයන් සමග පැමිණියා. ආවෙ නැවත පදිංචිවීමටයි. නමුත් අක්‌කරයක්‌ පමණ වන ඉඩමම වෙනත් අයකු විසින් අල්ලා ගෙන ඇති බව දැන ගන්න ලැබුණා. පස්‌සේ බලනකොට මෙම ඉඩම වෙනත් අයකු දෙමළ කෙනෙකුට විකුණලා. පස්‌සේ එයා දැන් අපිට විරුද්ධව නඩු දාලා. අපේ දෙමාපියන් මේවා වික්‌කේ නෑ. නමුත් අද අපිට මේ චූටි පැල්පත්වල ලගින්න වෙලා. අපිට අරවා දෙනවා මේවා දෙනවා කියලයි පදිංචි කළේ. මේ ප්‍රදේශවල සිංහල පවුල් ඉන්න එක රටේ ආරක්‍ෂාවටත් හොඳයි. නමුත් වගකිවයුත්තන් මැදිහත්ව මෙම ඉඩම් නිදහස්‌ කර දෙන්න උත්සාහ කරන්නේ නෑ. ඉතින් අපි ඉල්ලන්නේ අපේ දරුවන්ටවත් අනාගතයක්‌ ඇතිකර දෙන ලෙසයි. මෙම ගම්මානය තමන්ට වෙන්කර දෙනවා කියා පෙන්නපු ඉඩමක්‌ අද හෝටලයක්‌ හදන්න වෙන්කර ඇති බව ගම්වැසියෙක්‌ අප සමග පැවසීය.

අද මේ බිමේ උපන් අපිට ඉඩම් නෑ. ඒත් නිලාවලි වෙරළ තීරයේ ආණ්‌ඩුවේ ඉඩම් අඩු මුදලට පිටස්‌තර පුද්ගලයන්ට මිලට ගන්න පුළුවන්. ඔහු අපට කීවේ මහා වේදනාවෙනි.

ජාතිවාදය ගෝත්‍රවාදය දකුණේදි කුළුගන්වා බලයට පැමිණි ආණ්‌ඩුවේ සැබෑ නිරුවත පෙනෙන්නේත් මෙවැනි අවස්‌ථා වලය. මේ ආණ්‌ඩුවට නැගෙනහිරදී රාජ්‍ය සේවකයෙක්‌වත් පාලනය කරගන්නට බැරිය. කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමේ සියලුම උත්සාහයත් නිරර්ථ වූයේය. අපට දුක උපන් බිම් වලට සරණාගතයන් වූ මිනිස්‌සුන් ගැනය.

මෙම ලිපිය ලිවිමේදී භාෂා පරිවර්තනය සහයෝගය දක්‌වන ලද හෂ්ලි නූර්ඩින්ට ස්‌තුතිය.

Untitled-4(48)පාසල් ගුරු නාලකරත්න කියයි

ඹුලාගල හාමුදුරුවන් කී පමණින් මුළු සිරිලක්වාසීන්ම හොඳින්ම දන්නා මාතර කිතලගම සීලාලංකාර නාහිමියන් යෝගාවචර හිමි නමකි. 60 දශකයේ මහා කැලෑ මණ්ඩියක්ව තිබූ දිඹුලාගල බිම් පෙදෙස නැවත අපේ බෞද්ධ උරුමයක් ලෙස පාදා දෙන්නට උන්වහන්සේ අප්‍රමාණ මෙහෙයක් කළහ. වැදිපත්තුවේ වැදි ජනයා ද, මුස්ලිම් පෙදෙස්වල ජනයා ද, අහිංසක දුප්පත් සිංහල ජනයා ද නඟාසිටුවීමට උන්වහන්සේ තම ජීවිත කාලයම ගත කළේ නිස්සරණාධ්‍යාසයෙනි.

‘පොට්ටනි හාමුදුරුවෝ’ යැයි මුලින් ඒ පෙදෙස්වල වැදි ජනතාව හැඳින්වූ මේ හිමියන් විසින් ඔවුනට ඉගෙනුමට පාසල් විවෘත කැරිණි. දඩයමින් දිවි ගෙවූ හැමට බත් හාල්, එළවුළු කෑමට පුරුදු කළේය. එමතු ද නොව ඔවුන් බුද්ධ ශාසනයට ද ඇතුළු කරගත්තේය.

ගොවි බිම් ඇති ක‍ෙළ්ය. හාමුදුරුවන්ගේ මේ ජනපද පිහිටුවීම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට මහත් හිසරදයක් වූයේ මේ අතරය. 1996 මැයි 26 වැනිදා උදෑසන හතට පමණ දිඹුලාගල ආරණ්‍යයට කිට්ටු මැණික් ඇළ ප්‍රදේශයේ තමන් වහන්සේ විසින් බලාහදා ගත් කුඹුරු යායකදී මේ හිමියන් ත්‍රස්ත ප්‍රහාරයකින් අපවත් කැරිණ. ඇත්තටම මේ හිමියන් අපවත් කළේ ත්‍රස්තවාදීන් ද? නොඑසේ නම් වෙනත් අදිසි බලවේගයක්ද?

උතුරු නැ‍ඟෙනහිර බෞද්ධ උරුමය සොයා උන්වහන්සේ පාදයාත්‍රාවෙන් වැඩි ගමන් අපේ මතකයේ තවමත් නින්නාද නඟයි. මහා කැලෑ මණ්ඩි පීරා සෝමාවතිය නැවත සොයාගැනීමේ ගමනටත්, නීලගිරි චෛත්‍යය සොයා යාමටත් කිතලගම නායක හාමුදුරුවෝ මහත් දායකත්වයක් දුන්හ.

කිතලගම සීලාලංකාර නා හිමියන්

කිතලගම සීලාලංකාර නා හිමියන් තරුණ වියේදී..

මේ ගවේෂණයේදී අපට හමුවන හැම මූලාශ්‍රයක්ම පිරික්සා බලමින් අපි ඒ හිමියන්ගේ අපවත්වීම හා ඉන්පසු කතාව ඔබට ලියන්නට වෙර දරමු.

දිඹුලාගල තැපැල්හල ඉදිරිපිට 1F නි‍ෙවසේ පදිංචි වී.ඒ.පී.නාලකරත්න (ආනන්ද) මහතා පාසල්ගුරුවරයෙකි. දැනට වැලිකන්නේ මෛත්‍රීගම පාසලක ඉගැන්වීම් කටයුතු කරන හෙතෙම දිඹුලාගල නාහිමියන්ගේ 36 වැනි ගෝලයාය. උන්වහන්සේ ඇතිකළ වෙහෙර විහාර අසූ ගණනකි.

ගෝලයන් වහන්සේලාගේ ප්‍රමාණය 1440ක් ඉක්මවයි. මා නාලකරත්න මහතා ද ගෝලයෙක් බව කීවේ එතුමා මුල් කාලයේ දිඹුලාගල හිමියන් ළඟ පැවිදිව සිට දැන් උපැවිදිව සිටින්නකු බැවිනි. පැවිදි කළ නාහිමියන්ගේ ආරක්ෂකයා ලෙස හිටියේ ද එතුමාය.

අපේ නායක හාමුදුරුවෝ මෙහි වඩින්ට පෙර ඉඳලා තියෙන්නෙ පලුගස්දමනෙ කැරකෝප්පුවක. එතැන ඉඳන් උදේට මේ දිඹුලාගල කන්ද අ‍ගේට පේනවා. මුල් කාලෙ ඉඳලම උන්වහන්සේ හරිම ජවසම්පන්නයි. ගිහි කාලෙ විශේෂයෙන් තරුණ කාලෙ කළ කී වැඩ නිසා පොළොන්නරුවෙ මනම්පිටියෙත් ජනප්‍රියයි.

යකාටවත් බය නැති කෙනෙක්. මහණ වෙන්ඩ ආසා වෙලා මහණකම ඉල්ලුවාම ඒ කාලෙ පොළොන්නරුවෙ හිටි හාමුදුරුවන් ‘හා හොඳයි’ කිය කියා හිටිය මිසක් මහණකම දීලා නෑ. ඒ නිසා අපේ නායක හාමුදුරුවෝ තමන්ගේ ගම් පළාත මාතරට ගිහින් විල්පිට ආරණ්‍යයේ වැඩ සිටි උඩුපීල්ලෙගොඩ පුඤ්ඤාලංකාර හිමියන් වෙතින් පැවිද්ද ලබාගෙන නැවත මෙහි වැඩලා තියෙනවා.

ඒ කාලෙ මේ දිඹුලාගල ඉඳලා තියෙන්නෙ ආණ්ඩුවෙන් වැරැදිවලට අල්ලන්ඩ බලා ඉන්නා වරෙන්තුකාරයො විතරයි. හාමුදුරුවො වඩින විට ග‍ඟෙන් මෙගොඩ දෙමළ ගමක් තිබුණා සොරිවිල කියලා. අදත් ඒ ගම තියෙනවා. මනම්පිටිය පාලම ළඟ තමයි ඒ කාලෙ මඩකලපු මායිම සටහන් කරලා තියෙන්නෙ.

හාමුදුරුවො මේ ‘බෝඩ්’ එක ගලවාගෙන ගිහින් ‘පුනානි’වල ගැහුවා. එතැනින් මෙහාට පොළොන්නරු මායිම. එහාට මඩකලපු මායිම කියලා. ඒ පැත්තෙ දෙමළ කට්ටිය හාමුදුරුවන්ට හොරෙන් මේ ‘බෝඩ්’ එක ගලවාගෙන ඇවිත් යළිත් මනම්පිටිය පාලම ළඟ ගහනවා. මේ මායිම් ප්‍රශ්නය හේතුවෙන් අන්තිමට ‘සේවාගම’ නමින් තිබුණ හමුදා ගම්මානයත් සටනට ඇවිත්.

ඒ අය හාමුදුරුවන්ට පක්ෂයි. ඒ ගමේ හිටියෙ ලෝක යුද්ධ කාලෙත් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවෙ හිටපු සිංහල මිනිස්සු. මේ අය කොහොම හරි තමන්ගෙ නියම මායිම තියෙන පුනානිවලටම සීමාව නැවත ගෙනගියා.

හාමුදුරුවො දිඹුලාගලට වඩිනවාට මඩකලපු‍ෙවන් මෙහි පැනලා හිටපු සිංහල වරෙන්තුකාරයො විරුද්ධ වුණා. ඒ අය මෙහෙට ඇවිත් තිබුණෙ දිඹුලාගල නිධන් වදුලු ටික හාරන්ඩ. ඒකට උන්වන්සේ ඉඩ දුන්නෙ නෑ. එහෙත් සොරිවිල කියන ගමේ දෙමළ වැසියෝ හාමුදුරුවන්ව ආරක්ෂා කළා.

හාමුදුරුවො අපවත් වෙනකම්ම ඒ ගමටත් ආදරය කළා. එගම්වැසියො ආරක්ෂා කළා. ඒ වන විට දිඹුලාගල කන්දෙ ගල්ගුහාවක් තිබුණා. ඒ ගල්ගුහාවෙ තමයි අද දිඹුලාගල බුදු මැදුර පිහිටා තිබෙන්නෙ. මේ ගල්ගුහාවෙ තමන්ගෙ රැහේත් එක්ක ජීවත් වුණේ මිල්ලානා කියන වැදි නායකයා. පසු කාලයක එතුමාව යාපා රජ්ජුරුවො නමින් හැඳින්වෙනවා.

මිල්ලානා වැදි රජු (දකුණේ) තම පුත්‍රයා සමඟ.. ඉහළ ඡායාරූපයෙන් පෙනෙන්නේ පැවිදි වූ එම පුතාය

අපේ නායක හාමුදුරුවො උදේ රැයින් නැඟිටලා මනම්පිටියෙ පොළොන්නරුවෙ කඩසාප්පු නිවාස අතරට ගිහින් ‍ලොකු පොට්ටනි දෙකකට හාල්, පොල්, තුනපහ, එළවළු ආදිය රැගෙන කඳු වළල්ල උඩින් දිඹුලාගලට වඩිනවා. එහෙම වැඩලා අර මිල්ලානා හා එයාගෙ වැදි රැහැට කියනවා මේකෙ දඩයම් කරන්ට එපා.

මේ හාල් පොල් උයාගෙන කන්ඩ කියලා. උයන්ඩත් පුරුදු කරවනවා. ඒ අය මස් පුලුස්සලා හාමුදුරුවන්ට දෙනකොට “අපි බුද්ධ පුත්‍රයො. මේවා කන්නෙ නෑ” කියා අර හාල් පොල් එළවළුවලින් රසවත් ආහාර හදලා පෙන්නලා ඒ අය ශිෂ්ටාචාර මිනිස්සු බවට පත්කළා.

මේ දිඹුලාගල ගල වටේට හාමුදුරුවො කරවිල වගා කළා. කුරුතම්පලා හා වෙනත් පලා වර්ග තිබුණා. කරවිල තම්බාගෙන කන්ඩ අපෙ ලොකු හාමුදුරුවෝ පුදුමාකාර කැමැත්තක් දැක්වුවෙ. පස්සෙ මේ වැදි රැහැට ගෙවල් හදලා පවා දුන්නා. ඉස්කෝල දැම්මා. අකුරු කියවන්ඩ ගුරුවරු ගෙනාවා.

පුදුමයි කියන්නෙ මිල්ලානා වැදි රජ්ජුරුවො මස්මාංශ අත්හැරියා. දඩයම් අත්හැරියා. බත් කන්ඩ පුරුදු වුණා. පංච ශීලය රැක්කා. එයාගෙ මායියාත් රැහේ අනෙක් කට්ටියත් එහෙම වුණා. පස්සෙ අර ගෙවල්වලට ගිහින් දිඹුලාගල තිබුණු ගල්ගුහා පවා හාමුදුරුවන්ට දුන්නා. ගොවිබිම්, ජනපද පිහිටුවලා දායකයො ඇතිකරලා සුවිශාල සංවර්ධනයක් මේ පළාතට කරගෙන යනකොට එල්.ටී.ටී.ඊ.ය කලබල වුණා.

ආර්.ප්‍රේමදාස මහත්මයා හාමුදුරුවන්ට බොහොම ආදරය කළා. උන්වහන්සේත් එහෙමයි. දිඹුලාගල පූජා භූමියක් ලෙස ප්‍රකාශ කළේ ප්‍රේමදාස යුගයේ දී. දෙමළ ජනතාවගේ මළගෙයක් වුණත් හාමුදුරුවො හාල් මිටියක් පොල් ටිකක්වත් ඒ ගෙදරට යවනවාමයි. ඒ නිසා ඒ මිනිස්සුත් ලොකු හාමුදුරුවන්ට ආදරෙයි.

සිංහල ජනතාව මෙහි පදිංචි කරවලා ජනපද ඇති කරන කොට විතරක් නොවේ ත්‍රස්ත ප්‍රහාරවලින් අවට ගම්වල ජනතාව සමූහ වශයෙන් මැරෙන කොට හාමුදුරුවො තමයි එතැනට මුලින්ම වඩින්නෙ. උන්වහන්සෙ ඒ වගේ වෙලාවට සමහර තැන්වලට මිනීපෙට්ටි පවා ගෙන ගියා.

ජේ.ආර්.ට නම් හොඳටම බැණපු අවස්ථා තියෙනවා. සමහර ප්‍ර‍ාදේශීය සභාපතිලට කුඩ කැඩෙනකම් ගහපු අවස්ථාත් තියෙනවා. හාමුදුරුවන්ට අසනීප වුණාම බෙහෙත් ගත්තෙ මනම්පිටියෙ හිටපු දෙමළ දොස්තර මහත්මයකුගෙන්. එතුමා හාමුදුරුවන්ට විශ්වාසයි. එක දවසක් දියවැඩියාවට ඉන්ජෙක්ෂන් එකක් ගහලා හාමුදුරුවන්ට බරපතළ ලෙස අසනීප වුණා.

සමහර විට හාමුදුරුවො අපවත් වෙන්නෙ එදා. මෙහෙ හිටපු (නායක හාමුදුරුවන්ගේ තවත් ගෝල රත්නයන් වූ) සීමාලංකාර හිමියන් හා රත්ගම සුනන්දාලංකාර හිමියන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා උන්වහන්සේලා ඒ වෙලාවෙම ප්‍රේමදාස මහත්මයාට කෙසේ හෝ කතා කළා. පැය භාගයක් ගියේ නෑ.

මනම්පිටිය රෝහල් පරිශ්‍රයට හෙලිකොප්ටරයක් ආවා. ඒකෙ නංවාගෙන ලොකු හාමුදුරුවො කොළඹ ඩර්ඩන්ස් රෝහලට ගෙනැවිත් තිබුණා. දින දෙකකට පස්සෙ උන්වහන්සේව හොඳටම සුව වුණා. ප්‍රතිකාර බිල රුපියල් හතළිස්දාහයි. වනවාසී මේ හාමුදුරුවරුන් කොහොම ඒ මුදල හොයාගන්ඩද? ප්‍රේමදාස මහත්මයා තමන්ගෙ සල්ලිවලින් ඒක ගෙවලා තිබුණා.

නාලකරත්න

ලොකු හාමුදුරුවො ගහක් ගලක් වාගෙ මහ තද පපුවක් තිබුණ කෙනෙක්. ඒත් උන්වහන්සේ ප්‍රේමදාස ජනපති මියගිය දවසෙ පොඩි ළමයෙක් වගේ ඉකිගගහ ඇඬුවා මං දැක්කා. දිඹුලාගල විශ්‍රාම ශාලාවක් හැදුවෙත් එතුමා. 1994 දි චන්ද්‍රිකා ජනපතිනිය හිටිහැටියේ එතෙක් හාමුදුරුවන්ට දීලා තිබුණු හමුදා ආරක්ෂාව ඉවත් කරලා පොලිස් භටයන් 4 – 5 දෙනෙක් පමණක් ඉතිරි කළා.

පොලිසියේ වගේ නොවේ හමුදාවේ විනය ඉහළයි. හාමුදුරුවො උදේට ගොවිපළට කැබ් එකෙන් යනකොට ඒ අය කෑම ගනිමින් හිටියත් ඒවා පැත්තක වීසිකරලා හරි දුවලා ගිහින් වාහනයට නඟිනවා. ඒත් පොලිසිය කාලා බීලා එනකම් හාමුදුරුවො ගමන එන්නෙ නැතිව නොවැඩ ඉන්න ඕනෑ. හාමුදුරුවො දරුවන්ට වගේ සැලකුවත් ඒ අය එහෙමයි කටයුතු කළේ.

අපේ ලොකු හාමුදුරුවො වෙලාවට වැඩ කරන කෙනෙක්. 1996 මැයි 26 දා උදේ වෙලාවට හාමුදුරුවො ගොවිපළට වඩින්ඩ සූදානම් වුණා. පොලිසියෙ අය කියලා තියෙනවා ටිකක් ඉන්ඩ හාමුදුරුවනේ කියලා. හාමුදුරුවො ඇහුවෙ නෑ. රියැදුරත් ‍ෙවනදා ඉන්න කෙනා නොවේ හිටියෙ. ටැම්පරි හිටපු කෙනෙක් ඇන්ටන් කියලා. එයා තමයි එදා ආවෙ. ගොවිපළට ගිහින් පැය භාගයක් ගියේ නෑ හාමුදුරුවන්ට වෙඩි තැබුවා කියා ආරංචිය ලැව්ගින්නක් වගේ පැතිරිලා ගියා.

හාමුදුරුවන්ට ඇත්තටම වෙඩි තැබුවේ කවුද? මම ඇසීමි.

ත්‍රස්තවාදීන් හාමුදුරුන්ගෙ වාහනය එන විදිය පිළිබඳව දෙමළ ළමයකුට කියලා සොයා බලලා ඔහුට කියලා තියෙනවා ‘සිග්නල්’ එකක් දෙන්ඩ කියලා. හාමුදුරුවො එදා යන ගමන් බෞද්ධසාර කියලා දන්නා කෙනෙකුත් දාගෙන ගිහින්. ආරංචි වෙච්ච හැටියට ‘L’ හැඩයට ඇම්බුස් දාලා කොටි කුඹුරෙ හිටියෙ.

වාහනය මැණික් ඇළ කුඹුරට ළංවූ ගමන් දෙවැනි ගේට්ටුවේදි වෙඩිවරුසා‍වක් එල්ලවෙලා. පිටුපස්සෙ හිටපු බෞද්ධසාරගෙ ඇහැක් දොට්ට පැනලා වෙඩි වැදිලා. ඇන්ටන් හාමුදුරුවන් ඇදගෙන ඇළට පැනලා යන්ඩ හදද්දී කොටි එයාට වෙඩි තිබ්බා.

මල්දෙණියේ ජිනාලංකාර නා හිමි

මෙච්චර වෙඩි වැදිලා වාහනය හිල්වෙලා තිබියදීත් හාමුදුරුවන්ට එක වෙඩිල්ලක් වැදිලා නෑ. බෞද්ධසාර මැරුණෙ ටික වේලාවකට පස්සෙ නිසා මිනිහා සිද්ධිය එතැනට ආපු කෙනකුට දෙන්නකුට කියලා. මිනිහා මුහුණෙ ලේ ගාගෙන මැරිලා වගේ කොටි යනකම් එතැනම හිටියලු.

හාමුදුරුවන්ට වෙඩි තබන්ට බැරි තැන උන් කෙටේරියකින් උන්වහන්සේගේ ඔළුවට කොටලා. “මං මැරෙන්ඩ බය නෑ යකුනේ” කියලා හාමුදුරුවො දෙමළ බසින් උන්ට කිව්වලු අපවත් වෙන්ඩ මොහොතකට කලිනුත්. හාමුදුරුවන්ට වෙඩි නොවැදුණු සිද්ධිය කොටි හොයා බැලුවා.

හාමුදුරුවන්ගේ ඉනේ බලගතු සුර කීපයක් තිබුණා. කොටි ඒ සුර සියල්ලමත් අරන් ගිහින්. හාමුදුරුවො අපවත් වෙච්ච ආරංචියට මුළු රටම කලබල වුණා. මාතරින් කිතලගමින් ලොරි පිටින් ආවා මිනිස්සු. මේ පැත්තෙ දෙමළ ගම් වනසන්ට හිතාගෙන. ඒත් හමුදාව මැදිහත් වී ඒවා වැළකුවා.

ඇත්තටම ‍සොරිවිල ඒ දෙමළ ගමේ මිනිස්සුත් ඇඬුවා. අදත් හඬන අය ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ ගම මැදින් ත්‍රස්තයො ආවෙ. මිල්ලානා වැදි නායකයා හාමුදුරුවො අපවත් වෙලා ඉතාම ටික කලක් දුකින් ජීවත් වුණා. එයත් මිය ගියේ අපේ හාමුදුරුවො අපවත් කළ අයට හොඳක් වෙන්ට එපා කියලා.

දිඹුලාගල වත්මන් ආරණ්‍ය සේනාසනාධිපති යෝගාවචර මල්දෙණියේ ජිනාලංකාර නායක හාමුදුරුවන් සොයාගෙන වත්මන් කතාව විමසීමට මම යත්න දරමි. උන්වහන්සේ විස්මකර්ම කැටයම්කරුවෙකි. සියඹලා බුරුත ආදි ලීවලින් තනිවම කෙටු විශාල ප්‍රමාණයේ බුදු පිළිම දොර කැටයම් විහාරය පුරා ඉහිර තිබේ.

උන්වහන්සේගේ විස්කම් වැඩ නිසාම ලොකු හාමුදුරුවන් උන්වහන්සේ ඇමතුවේ ඉංජිනේරු හාමුදුරුවෝ කියාය. දිඹුලාගල ආකාස චෛත්‍යය ද ඒ හිමියන්ගේ කුසලතාවට දෙස් දෙයි. ඉඩහසර බලා මම ඒ කුටියට පිවිස උන්වහන්සේ විමසමි.

අපේ නායක හාමුදුරුවො නැති වුණාම අප මෙහෙන් යාවි කියලා කොටි හිතන්ඩ ඇති. එහෙම ගියානම් අපට දිඹුලාගලත් නෑ. මං ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගෙන නෑ. හිතට ආපු අදහස් පුළුවන් විදියට ක්‍රියාත්මක කළා. මේ දවස්වල ලොකු හාමුදුරුවන් හීනෙන් කියාපු ඒ අපූරු චෛත්‍යය නිර්මාණය කරමින් ඉන්නෙ. හාමුදුරුවො අපවත් වුණාට පස්සෙ දවස් 13 ක් මේ පැත්තෙ කිසිම දායකයෙක් ආවෙ නෑ. අපට දානෙ නැති වුණා. අපි ජීවත් වුණේ ලුණු කැඳ බීලා.

ලොකු හාමුදුරුවො අපට කියලා දුන්නා අල වලඳන්න. අල නැතිවෙනකොට කොළ වලඳන්න. එහෙම බැරි වුණොත් ලුණු කැඳ වලඳලා හරි ජීවත් වෙන්ඩ. බැරිම වුණොත් බඩගින්නට පොල් කටුවක් බඩට තද කරන් පොළොවේ වැතිරිලා ඉන්ට. අපි ඒ අනුව ඒ දවස් ගත කළා. පස්සෙ ආයිත් දිඹුලාගලට වන්දනා නඩ ආවා. හාමුදුරුවො නැති වුණේ ආරක්ෂාව නැති නිසයි.

මිල්ලානේ සිරියා ලංකාර හිමි

සොරිවිල කේශාලංකාර හිමි

ජනාධිපතිතුමා ළඟඳි දිඹුලාගල ආවා. ඇවිත් මා ඉන්නා කුටියට ඉහළින් තියෙන මේ වැසිකිළි කැසිකිළි ගලවලා අලුතින් හදන්ඩ අදාළ අංශවලට නියම කළා. දිඹුලාගල නවෝදයට අත හිත දෙන්ඩ චෛත්‍යයට උදව් කරන්ඩ එතුමා මෙහෙට එව්වෙත් ලොකු හාමුදුරුවන්ගෙ වටිනා සේවය හා ආශිර්වාදයමයි කියලා හිතෙනවා.

ලොකු හාමුදුරුවන්ගේ තවත් පන්සලක් වූ නාමල් පොකුණ රජමහා වෙහෙරේ දැන් වැඩ සිටින්නේ එදා මිල්ලානේ වැදි රජුගේ පුත් කුමරා ලෙස සිට පසුව පැවිදි වූ කෙනෙකැයි අපි ඇසීමු. අප ඒ විහාරය සොයා ගියේ එපවත් තවත් හොඳින් විපරම් කරනු පිණිසය. මිල්ලානේ සිරියාලංකාර හිමියන් දැන් මා අබිමුවය.

මගේ ගිහි කල පියා තමයි මිල්ලානේ වැදි රජු. පසුව යාපා නමින් හැඳින්වුණේ. මස් කකා ජීවත්වූ අපට පංචශීලය කියා දුන්නෙ ලොකු හාමුදුරුවන්. උන්වහන්සේගේ අපවත් වීම මටනම් අදටත් ප්‍රශ්නයක්. උන්වහන්සේට තරහකාරයො හිටියානම් ඒ කොටි. ඒත් ඒ අයට මේ පළාතේ කවුරුත් උදව් කරන එකක් නෑ.

එහෙම දෙයක් කරන්න. කවුද? හාමුදුරුවන්ගේ ආරක්ෂාව ඉවත් කරන්ඩ අණ දුන්නේ. ඒ අය තමයි කාරණාව දන්නෙ. මා ලොකු හාමුදුරුවන්ගේ මඟ පෙන්වීමෙන් පියාගේ ආශිර්වාදයෙන් ශාසනයට ඇතුළු වුණා. මගේ සසර කුසල කර්ම පල දීලයි මට ස්වාමින් වහන්සේ නමක් වෙන්ඩ ලැබුණේ. මේ වගේ මිථ්‍යා ද්‍රෘෂ්ටිගත කට්ටිය බොහොමයක් ලොකු හාමුදුරුවො සුමගට ගත්තා. බුදු මඟ ආලෝකය පෙන්වා දුන්නා.

සොරිවිල කේශාලංකාර හිමියන් ද වැඩ වසන්නේ දිඹුලාගලය. උන්වහන්සේ සොරිවිල දෙමළ ගමේ නායකයාගේ ගිහි කල පුත්‍රයාය.

මං දෙමළ. අපේ ගමටත් ලොකු හාමුදුරුවො වඩිනවා. අපේ පියා සමඟ කිට්ටුයි. දවසක් ඉල්ලුවා මාව මහණ කරන්ඩ. ඇත්තටම මට මේ වගේ පැවිදි ජීවිතයක් ලැබුණේ ඒ මඟ පෙන්වීමෙන්. අපෙ ලොකු හාමුදුරුවො මතු බුදු වේවි…

ඒ හිමියන්ගේ පවුලේ සහෝදරයන් කීපදෙනකුම සිටි බවත් ඔවුන් පසුව ත්‍රස්ත කල්ලිවලට සම්බන්ධ වී හමුදා ප්‍රහාරවලින් මිය ගිය බවත් ඇතැම්හු කියති. ලොකු හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පසු ආරක්ෂක අංශ මේ ගම් පීරා පරීක්ෂණ පැවැත්වූහ. මිල්ලානේ හා සොරිවිල නම් දෙමළ ගම්වල චූදිතයන් කීප දෙනෙකු අල්ලා හිරකැර වසර ගණනාවක් තබා ගත් බව කියැවේ. සමහරෙක් දැන් නිදහස් වී පැමිණ සිටිති. ඔවුන් සොයා ගන්නට ‍ඒ දෙමළ ගම්වලට යන්නට ද මට සිදුවෙයි.

මිල්ලානේ පියදාස ගඩොල් කපා හෝ කාගේ හෝ කුලියක් මලියක් කැර දිටි ගැට ගසා ගන්නෙකි. ඔහු මිල්ලානේ 28 ගෙදර පදිංචිකරුවෙකි. ෂඩේ අම්මා නොහොත් ඔහුගේ බිරිය තෙයිවානි ද මේ හේතුව නිසා ආණ්ඩුවේ බෝඩිමේ බොහෝ කල් සිටියහ.

පියදාස මා අල්ලා ගත්තේ කුලී වැඩ බිමකදීය.

මහත්තයො, අපි කාටවත් කරදරයක් නැති මිනිස්සු. කොටි කියලා අප දන්නෙ නෑ. උන් මේ ගමට ආවා ගියා. ඒ අයට කන්ඩ බොන්ඩ දුන්නා. පාර පෙන්නුවා කියලා චෝදනා ආවෙ. උන් කියන දේ නොකළොත් අපට උන් ගහනවා. තළනවා. පෙළනවා.

ඒවා කළොත් හමුදාවෙන් අපට තළනවා. අපි දෙපැත්තටම නැතිව ජීවත් වුණත් හාමුදුරුවන්ට සමීපයි. උන් වහන්සේ අපේ ගමට උදව් කළා. මළගෙයක් වුණත් පෙට්ටිය පවා අරන් දුන්නා. දානෙට හාල් එව්වා. අප කොහොම ද? උන්වහන්සේ මරන්ඩ ඔත්තු දෙන්නෙ. අවුරුදු ගණනාවක් අපට වධ දීලා කරදර කරලා බැරිම තැන එළියට දැම්මා. මගේ නෝනගෙ මල්ලි තමයි උන්ට එකතු වෙලා හිටියේ. අන්තිමේ එයා රට පැනලා ගියා.

ෂඩේ අම්මා සොයා ගිය මට ඇය ද හමුවිය.

මාත්තයො මගෙ නම තේවානි. ෂඩේ අම්මා කියන්නෙ ගමේ අය හුරතලයට. සී. අයි. ඩී. එකේ දවස් 45 ක් මං නොවිඳිනා දුක් වින්දා. අපේ මල්ලි උන් එක්ක එකතු වෙලා හිටියා කියන කතාව ගම පුරා ගියා. ඒ මදිවට හාමුදුරුවන්ගෙ වාහනය එළවපු ඇන්ටන් මගේ ලොකු දුව බඳින්ඩ හිටියෙ.

අපි ඔත්තු දුන්නා කන්ඩ දුන්නා කියලා අපව අරන් ගියෙ. මගෙ කනේ එක පැත්තකට පෑනක් දාලා ගැහුවා අනෙත් පැත්තෙ කනෙන් එළියට එන්ඩ. ඒත් වාසනාවට ඒක මඟ හිර වුණා. බේත්වත් දැම්මෙ නෑ. මල්ලි හාමුදුරුවො මරන්ඩ යනවා කියලා ළිඳ ළඟදීත් තමුන්ට කීවා නේද?

පියදාස                           ෂඩේ අම්මා                       සංජීව

කියලා ඇහුවාම මා නැහැ කීවා. ඒ වතාවෙ බෝතලයක් අරන් මගේ රහසඟ ප්‍රදේශයට ඔබන්ඩ සූදානම් වුණා. මා ඒ වෙලාවේ බොරුවට කීවා ඔව් මල්ලි ඒක කිව්වෙ ගේ ඇතුළෙදි කියලා. නැත්නම් ඒකත් කරනවා. මගෙ දරුවො බාල දෙන්නා විතරයි ගෙදර තියන්ඩ පුළුවන් වුණේ. ඒ අය ජීවත්වුණේ අහල පහල ගෙවල්වල බැල මෙහෙකම් කරලා. මාස 18 කට පස්සෙ මාව එව්වත් මගෙ මිනිහා අවුරුදු ගණනක් තියාගත්තා.

ෂඩේ අම්මාගේ පුතකු වන සංජීව නම් තරුණයා අපේ කතාව මැදට පැන්නේය.

මහත්තයො, මට දැන් අවුරුදු 27 යි. මං එදා අවුරුදු 9 ක පොඩි කොල්ලෙක්. පොඩි කොල්ලෙක් මොනවා දන්නවා ද? කොටි ඇවිත් මට ටොපි බෝතලයකුයි, චොක්ලට් බෝතලයකුයි දීලා කිව්වා, මල්ලි හාමුදුරුවන්ගෙ කැබ් එක එනකොට අතින් සැලියුට් එකක් දාන්ඩ කියලා.

මං ඒක කළා නොදන්නාකමට. මං හිතුවෙ නෑ මෙතැන මිනීමැරුමක් වෙනවා කියලා. අද මට ඒකෙන් සිද්ධ වෙච්ච දේ මොකක්ද? මහත්තයො මට එළියට එන්න ලැබුණේ අවුරුදු 15 දී. මාව ළමා නිවාසයකට දැම්මා. හැබැයි! අකුරක් ඉගැන්නුවෙ නෑ.

මට ‘අම්මා’ කියලා ලියා ගන්ඩ බෑ. රජයේ රස්සාවක් ගන්ඩ බෑ. සමහරු අදත් හාමුදුරුවො මරන්ඩ උදව් කළ අය කියලා අපව පිළිකුල් කරනවා. පුද්ගලික තැනකවත් මට සලකන්නෙ නෑ. අපි ජීවත්වන්නෙ කොහොම ද? ඔහු මගෙන් අසයි.

ඒත් මේ තරම් වටිනා අමිල මෙහෙයක් කළ සඝ පීතෘනමක් මරා දැම්මේ ඇයි ද යන්න මමත් තවමත් අසමි.

Twenty three Buddhist organizations have issued a joint statement, which they claim to be the true story behind the Aluthgama clashes. They also expressed disappointment over the manner in which the media reported the incident saying it was evident that a media censorship imposed by the authorities prevented the media from reporting the truth.

The organizations are:All Ceylon Buddhist Congress, Colombo Young Men’s Buddhist Association, Government Service Buddhist Association, Colombo Parama Vinnartha Buddhist Association, Victory Association. Organization of United Buddhist Associations, Dharma Vijaya Foundation, National Bhikku Conference, Bodu Bala Sena, Sinhala Rawaya National Association, Sinhala Veera Vidana, National Association of Eminent Persons, Buddhist Power Circle, Hela Bodu Saviya, Patriotic Teacher’s Association. Swarna Hansa Padanama, Hela Deya Wadanno, Rawana Saviya National Association, Hela Yugaya National Organization, Hela Vijaya National Movement, National Movement for Protection of Historical Sites, Shanthi Padanama and Sri Lanka Maha Bodi Padanama.

The Statement reads: The truth is as follows; on last Poson Poya day (12.06.2014) Rev. Ayagama Samitha Thera of Pathirajagoda, Kurunduwatta, Sri Vijayaramaya was obstructed by a group of Muslim youths while he was on his way to attend a Banadeshanawa at Pathirajagoda Sri Vivekaramaya. When the vehicle Rev. Samitha thera was travelling in was obstructed it gave rise to an argument which soon led to a conflict between the parties involved. The authorities acting shamelessly and arbitrarily clamped down a media censorship thereby opening the door for unscrupulous and mischievous anti-Sinhala Buddhist elements to make wildly exaggerated false accusations thus damaging the country’s reputation as a multi-religious, multi-ethnic society.

Vested interests who were waiting with multitudes of false and harmful propaganda acted with a vengeance to denigrate the reputation of the Buddhist religious tolerance and Sinhalese cultural values of the country. When news censorship was imposed truth became its victim and false propaganda ruled the roost, unhindered. Under such a reprehensible situation, created by Information Department – imposed news censorship, Sinhala Buddhists were condemned for the whole world to see as religious bigots who were against other religions, such as Islam, Christianity and Hinduism. We were greatly pained by these developments and register our extreme condemnation of premeditated action by the authorities which could harm the country’s image internationally.

1. What happened on that day as mentioned earlier was obstruction of the road preventing Rev. Ayagama Samithathera from attending to a Dharma Deshana by some Muslim youths leading to an altercation.

2. Some Muslim youths then assaulted Rev. Ayagama Samitha Thera and it was immediately reported to Aluthgama Police. Unfortunately Police did not take immediate action to inquire into the incident and diffuse the situation. At this juncture Rev. Samitha Thera has told police that if the unruly youth asked for a pardon, he was prepared to accept it and drop the matter. However police displayed a lukewarm attitude towards the developing situation and as nothing more could be expected from police, Rev. Samitha Thera was hospitalized for medical treatment. Because of the lethargic turn of wheels of law people who had gathered there grew exited and restless. Rumours also started getting wings.

3. To protest against police inaction and also to accompany Ven. Samitha Thera to his temple in a procession, a meeting was organized by Aluthgama-Beruwela Sasanarakshaka Balamandaya on the following day, Sunday 15.06.2014, in Aluthgama. Bodu Bala Sena or Ravana Balaya had no hand in this matter. All prominent Buddhist clergy and organizations were also invited to the meeting which was to be held in Aluthgama not in Dharga Town or Pathirajagoda in view there being a possibility that some untoward thing could happen. Necessary police approval had also been obtained in advance.

In the prevailing situation in Aluthgama at that time it was only natural to expect some emotionally-charged speeches to be delivered at the meeting; which it did. Most speakers blamed police for their failure to take appropriate timely action and the many problems Sinhala Buddhists in the area have to face. And also many speakers criticized Muslim politicians who were trying to score an undue political advantage from the unfortunate situation which occurred there. Speakers roundly condemned them for spreading canards locally and internationally. None of the speakers made any rabble-rousing speech encouraging attack on Muslims or their places of worship. It needs to be reiterated that none of the speakers made any provocative speeches, whether racial or religious. Though the situation was highly emotional, meeting ended peacefully and the crowds started leaving peacefully.

Thereafter we formed into a procession and left for Rev. Samitha Thera’s temple. When the procession came abreast of Muslim mosque at Dharga Town an organized gang who were in – waiting there attacked our procession near the mosque. Rev. Magalkande Sudhamma Thera was hit on the head and he fell and lost consciousness. He was immediately hospitalized. Police again failed to take prompt action. When hearing of this attack dispersing crowd re-gathered and started a counter attack on the attackers. What happened there is now well known by all.

Sinhala Buddhists in Pathirajagoda suffered heavy losses of property and many sustained physical injuries. Buddha statue at Welipenna and Sinhala peoples’ businesses came under attack and heavy damage was caused to the Sinhalese business places in Aluthgama Town. But all such news was suppressed and the true picture was kept in the dark. Information Department ensured that all losses and injuries suffered by Sinhalese people were censored. But ironically and sadly Muslim politicians were allowed a field day to castigate and roundly criticize Sinhala Buddhists. Unashamedly they spread false allegations against Sinhala Buddhists locally and internationally. Muslim politicians enjoyed carte blanche to misrepresent facts to international community. Police acted very partially as obvious from the fact that more Sinhalese than Muslims were arrested and remanded or kept in custody unarmed Sinhalese youth arrested by police are still languishing in remand while almost all Muslim youths arrested have been freed now. People in the area are thoroughly disappointed with the authorities.

With genuine feelings for racial and religious amity we wish to emphasize to the reader that forgoing statements are made by us purely in the spirit of rectifying a mistake committed by authorities by imposing a censorship to prevent truth being known.”

1. All Ceylon Buddhist Congress
2. Colombo Young Men’s Buddhist Association
3. Government Service Buddhist Association
4. Colombo ParamaVinnartha Buddhist Association
5. Victory Association
6. Organization of United Buddhist Associations
7. Dharma Vijaya Foundation
8. National Bhikku Conference
9. BoduBalaSena
10. Sinhala Rawaya National Association
11. Sinhala VeeraVidana
12. National Association of Eminent Persons
13. Buddhist Power Circle
14. HelaBoduSaviya
15. Patriotic Teacher’s Association
16. SwarnaHansaPadanama
17. HelaDeyaWadanno
18. RawanaSaviya National Association
19. HelaYugaya National Organization
20. HelaVijaya National Movement
21. National Movement for Protection of Historical Sites
22.ShanthiPadanama
23 Sri Lanka MahaBodiPadanama

(CeylonToday)

උතුරේ ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි

ලංකාවේ පිහිටි පළාත් සභා සංඛ්‍යාව නවයකි. එම පළාත් සභා අතරින් වැඩිම අවධානයට ලක්ව තිබෙන පළාත් සභාව උතුරු පළාත් සභාවයි. උතුරු පළාත් සභාවේ පාලන බලය හිමිව ඇත්තේ දෙමළ ජාතික සන්ධානයටයි. පළාත් සභාව සඳහා රජය විසින් පත්කර ඇති ආණ්ඩුකාරවරයා වන්නේ (මේජර් ජෙනරාල්) ජී.ඒ. චන්ද්‍රසිරි මහතාය. දෙමළ ජාතික සන්ධානය කියන්නේ ජී.ඒ. චන්ද්‍රසිරි මහතා තනතුරෙන් ඉවත් කර සිවිල් නිලධාරියකු එතැනට පත් කරන ලෙසයි.

දෙමළ ජාතික සන්ධානය ඔබතුමාට බලපෑම් කරනවා කියන්නෙ ඇත්තද?

මට ඔය බලපෑම් ප්‍රශ්නයක් නෙමෙයි. මම වසර 30 ට වැඩි කාලයක් හමුදා නිලධාරියෙක් විදිහට කටයුතු කළ කෙනෙක්. ඒ දවස්වල මීට වඩා අභියෝග ආවා. 2006 දී තමයි මම යාපනයේ ආඥාපති තනතුර බාර ගත්තෙ. 2007 දී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් යාපනය අල්ලන්න දරුණු ප්‍රහාරයක් එල්ල කළාහ. ඒ වගේ අවස්ථාවල නිවැරැදි තීරණ ගන්න මම පුහුණුව ලබා හිටියෙ. ඒ වගේම නිවැරැදි තීරණ මම ගත්තා.

දෙමළ ජාතික සන්ධානය චෝදනා කරන්නෙත් ඔබ හමුදා නිලධාරියකු නිසා මේ තනතුරට සුදුසු නැහැ කියලා නේද?

හමුදා නිලධාරියෙක් කියන්නෙ විනයක් ඇතිව නිසි නායකත්වයක් හා පෞරුෂයක් තියෙන කෙනෙක්. වසර 30 ක යුද්ධයකින් විනාශ වුණ ප්‍රදේශයක් නැවත යථා තත්ත්වයට පත් කරද්දි හමුදාවේ අත්දැකීම් හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. ජනාධිපතිතුමා විසින් තමයි මේ පත් කිරීම කළේ. එතුමා බුද්ධිමත්ව හිතලා තමයි තීරණ ගන්නෙ.

ඔබ හිතනවාද පැවරුණ රාජකාරිය හරියට කළා කියලා ?

පැහැදිලවම ඔව්. මම යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා විදිහට කටයුතු කරද්දි තමයි වන්නි මානුෂීය මෙහෙයුමෙන් කොටි ග්‍රහණයේ සිටි ජනතාව ලක්ෂ ගණනින් මුදා ගත්තේ. ඒ අවස්ථාවේදි 2009 අප්‍රේල්වල මාව අවතැන්වූවන් පිළිබඳව නිසි බලධාරි විදිහට පත් කර වව්නියාවට එව්වා.

එහෙම ආ සංඛ්‍යාව ලක්ෂ තුනට වැඩියි. සෙට්ටිකුලම මැණික් ෆාම්වල ප්‍රධාන අවතැන් කඳවුරු පහක් ඇති කළා. ඊට අමතරව වෙනත් තැන්වල කුඩා අවතැන් කඳවුරු 32 ක් තිබුණා. මේ සියලු දේවල සුබ සාධන කටයුතු හොයන්න වුණා.

ඔවුන්ගේ පහසුකම් සැලසීම සඳහා වෛද්‍යවරු 135 ක්, හෙදියන් 350 වැඩි පිරිසක් සමඟ රෝහලක් ඇති කළා. විදුලිය, පාසල්, බැංකු, තැපැල් කාර්යාල, සමූපකාර වගේ අත්‍යවශ්‍ය හැමදේම කෙටි කලක් තුළ ඇති කළා.

නමුත් අවතැන්වූවන් විශාල ලෙස පීඩාවට පත්වන බව විවිධ පාර්ශ්ව චෝදනා කරනවා.

ඔය චෝදනාව වැඩියම කරන්නේ දෙමළ ජාතික සන්ධානය. එයාලා මහ ලොකුවට කතා කරන මේ දෙමළ ජනතාවට වතුර බෝලතලයක්වත් දුන්න ද? ඇත්ත කථාව ඒ අය සමහරු ලංකාවේ හිටියෙත් නැහැ. ආරක්ෂාවට හැංගිලා හිටියෙ. ජනාධිපතිතුමා තමයි යුද්ධය මෙහෙයවා ත්‍රස්තවාදය අවසන් කරලා ලංකාවට ඇවිත් දේශපාලනය කරන්න පුළුවන් වාතාවරණයක් ඇති කළේ.

මම එදා නිසි බලධාරි ලෙස අවතැන්වූවන් වෙනුවෙන් කටයුතු කරද්දි ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන අවතැන් කඳවුරු තුළට ඇවිත් අනවශ්‍ය දේ කරන්න උත්සහ කළා. මම ඒ අවස්ථාවලදි තදින්ම හිටියා. එයාලගේ බලාපොරොත්තු ඉටු නොවුන නිසා පස්සෙ මට චෝදනා එල්ල කරනවා.

ඔබ ආණ්ඩුකාර තනතුර භාර ගත්තට පස්සෙ මුහුණ දුන් අභියෝග මොනවාද?

මම මේ තනතුරට එද්දි වහල නැති බිත්ති පමණක් තිබෙන නිවාස හා රජයේ ගොඩනැඟිලි දහස් ගණනක් උතුරේ තිබුණා. පාසල් විශාල සංඛ්‍යාවක් වැසී ගොස් තිබුණා. දුරකථන, විදුලිය, ජල වැනි යටිතල පහසුකම් තිබුණෙම නැහැ.

මම බැසිල් රාජපක්ෂ ඇමැතිතුමාගේ උතුරු වසන්තය වැඩසටහනට එකතු වෙලා මේ සියලු දේවල් වසර 2 – 3 ක් වගේ කාලයකදි සම්පූර්ණ කළා. ඔය චෝදනා කරන දෙමළ ජාතික සන්ධානය මොනවද දෙමළ ජනතාවට කළේ?

ඔවුන් ‍කියනවා ඔබ මුදල් දෙන්නෙ නැහැ කියලා?

2014 වසර සඳහා මධ්‍යම රජයෙන් රුපියල් මිලියන 1135 ක් පළාතේ සංවර්ධන කටයුතු සඳහා දීලා තියෙනවා. මේ අවුරුද්දේ මාස 06 කුත් ඉවරයි. තවම ඒ මුදලින් රුපියල් මිලියන 200 විතරයි ජනතා සේවයට අරගෙන තියෙන්නෙ. ලංකාවේ සෑම පළාත් සභාවක් ආරම්භයේදි පටන් අරගෙන තිබුණෙ තාවකාලික ගොඩනැඟිලිවල.

නමුත් උතුරු පළාත් සභාව පිහිටුවන්න රජය තීරණය කරපු ගමන් යාපනය කයිතඩි ප්‍රදේශයෙන් අක්කර 05 ක රජයේ ඉඩමක් පළාත් සභාවට පවරාගෙන රුපියල් මිලියන 100 ක් වියදම් කරලා අංග සම්පූර්ණ ගොඩනැඟිල්ලක් ඉඳිකළා. 2013 සැප්තැම්බර් 25 දා පළාත් සභා‍වේ ආරම්භක සැසිය පැවැත්වූවා. දෙමළ ජාතික සන්ධානය ගොඩනැඟිල්ල විවෘත කරපු ගමන් කීවේ මා ඉවත් කරන්න ඕනැ කියලයි.

ජනතාවට සේවය කරන්න ඔබ ඉඩ දෙන්නෙ නැති බව ඔවුන් ප්‍රකාශ කරනවා ?

පළාත් සභාවේ මහ ඇමැතිවරයා ඇතුළු පාලක කණ්ඩායම්වලට වැඩ කරන්න ඇති තරම් නිදහස දීලා තියෙන්නෙ. නමුත් ඔවුන් ජනතාවාදි යෝජනා ගෙන එන්නෙ නැහැ. මහ ඇමැතිවරයා සඳහා වෙනම අරමුදලක් පිහිටුවන්න. බදු අය කරන්න වගේ යෝජනා කීපයක් ගෙනත් තියෙනවා. මම එම යෝජනා නීතිපති දෙපාර්තමේන්තුවේ අදහස් විමසීමට යොමු කරලා තියෙන්නෙ.
ඔබ දැන් සමාජ සුබ සාධන කටයුතුවලින් ඈත් වෙලාද ඉන්නෙ.

නැහැ මගේ උපදෙස් හා මැදිහත් වීම් මත උතුරු පළාතේ ව්‍යාපෘති 13 ක් පටන් අරගෙන තියෙනවා. සිසුන්ට ඉංග්‍රිසි විවාද තරග තියෙනවා, චෙස් තරගාවලියක් තියෙනවා. හදවත් රෝගීන්ට උදව් කරන්න අරමුදලක් පිහිටුවා තියෙනවා. විවේක උද්‍යානයක් ඉදිකරලා නඩත්තු කරනවා.

ත්‍රෛයි භාෂා පුහුණු මධ්‍යස්ථානයක් යාපනේ ඉදිකළා. එතන 2000 ට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබනවා. යාපනයේ ඉන්න සිංහල විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් එතනට ඇවිත් දෙමළ ඉගෙන ගන්නවා. අඩු ආදායම්ලාභි පවුල්වල සිසු දරුවන් 5000 ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානයක් ආරම්භ කරලා ත‍ියෙනවා. හින්දු ජාතින්ගෙ සම්ප්‍රදායන්. කලා හැකියාවන් ආරක්ෂා කිරීමේ වැඩ සටහනක් ආරම්භ කරලා තියෙනවා. තවත් ගොඩක් දේවල් තියෙනවා.

මේ දේවල්වලට දෙමළ ජාතික සන්ධානයට ආරාධනා කළේ නැතිද?

මොකද නැත්තෙ මහ ඇමැතිවරයාට ලිඛිතව ආරාධනා කරලා ලිපි 06 ක් යවා තියෙනවා. ඒත් අද වනතුරු ලිපි ලැබුණු බවවත් කියලා නැහැ. සමහරවිට එයාලගේ අදක්ෂතාවය ජනතාවට හෙළිවේවි කියලා මඟ හරිනවා ඇති.

අනවසර ඉන්දියානු ධීවරයින් උතුරු මුහුදේ මසුන් ඇල්ලීම වර්තමානයේ විශාල ගැටලුවක්. ඒ සම්බන්ධයෙන් පළාත් සභාව මොකක්ද කළේ ?

ඒක දේශපාලන ගැටලුවක්. ඇත්තටම උතුරේ ධීවර රැකියාවෙන් ජීවත්වන සංඛ්‍යාව ලක්ෂයකට වැඩියි. පළාත් සභාව මේ වෙද්දි 14 වාරයක් රැස්වෙලා තියෙනවා. අවාසනාවට පළාත් සභාවේ පාලක පක්ෂය ඒ සම්බන්ධයෙන් කිසිම දවසක කථා කරලා නැහැ.

නමුත් දකුණේ වෙළෙන්දෙක් උතුරේ වෙළඳාමට ආවොත් ඒක ලොකුවට කථා කරනවා. අනවසර ධීවර සංක්‍රමණිකයන් තමිල්නාඩුවේ ඉඳන් එන්නෙ. තමිල්නාඩුවට තියෙන බයට දෙමළ ජාතික සන්ධානය ඒ ගැන කථා කරන්නෙ නැහැ. ඒක තමයි ඇත්ත කථාව.

උතුරු පළාත් සභාව කියන්නෙ කුණාටුවක් වගේ. මේ කුණාටුවට මැද්දෙන් තමයි මට නැව පදවන්න වෙලා තියෙන්නෙ. නමුත් මම ඒ දේ කරනවා.

අප සැමටම ශේෂ පසුම්බියක් කියා දෙයක් ඇතැයි මම විශ්වාස කරමි. මුදල් පසුම්බිය විටින් විට හිස්වන නමුදු මේ ශේෂ පසුම්බිය හිස් වෙන්නේම නැත. විශේෂයෙන් චාරිකාවකදී මුදල් පසුම්බිය හිස්වෙයි. ශේෂ පසුම්බිය පිරේ. මුදල් පසුම්බිය තිබෙන්නේ සාක්කුවේය. ශේෂ පසුම්බිය තිබෙන්නේ සිතේය.

කිසිවකු විසින් හෝ මේ ‘ශේෂ පසුම්බිය’ යන යෙදුම මීට පෙර භාවිත කළාදැයි මම නොදනිමි. එහෙත් මීට පෙර මා ‍ෙනාදැන සිටි මේ යෙදුම මසිතට ආවේ මේ සටහන ලියූ හිමිදිරි ජාමයේය. එසේ එම සංකල්පය සිතේ මැවුණු සැණින් ශේෂ පසුම්බිය පිරෙන්නට ගියේ මොහොතක කාලයක් පමණි.

මට මෙන්ම අපේ අම්මාට ද ශේෂ පසුම්බියක් තිබුණු බව මම දනිමි. වන්දනා ගමනකින් පසු ඈ ශේෂ පසුම්බිය දිග හැර ගෙදරට එන අයට ඒවා එකින් එක ගෙනහැර පායි.

“සිරිමා හාමුදුරුවො ළඟටම ගිහින් මල් පූජා කළා”

අම්මලාගේ ශේෂ පසුම්බියේ තිබෙන්නේ එවැනි දේවල්ය.

මගේ මිත්‍රයන්ට ද ශේෂ පසුම්බි ඇත. විශේෂයෙන් චාරිකාවකින් පසු ඔවුන් තම තමන්ගේ ‍ ශේෂ පසුම්බි දිගහැර මට ද තවත් මිතුරන්ට ද පෙන්වූ අවස්ථා එමටය. මගේ මිතුරන් පමණක් නොව සෑම කෙනෙක්ම පාහේ මෙසේ තම තමන්ගේ ශේෂ පසුම්බි දිගහැර මිතුරන්ට මෙන්ම නෑදෑ හිතවතුන්ට එහි ඇති දේ එකින් එක පිටතට ගෙන පෙන්වති. චාරිකාවක දෙවැනි තෘප්තිය ඇතිවන්නේ මෙසේ ‍ ශේෂ පසුම්බිය ඇදීමත් සමඟය.

එහෙත් ඇතැම් මිතුරන්ගේ ශේෂ පසුම්බිවල තිබෙන්නේ බීපු බෝතල් ගණනය. කාපු දඩමස් පීරිසි ගණනය, කියාපු බයිලා ගී සින්දුය. ඇතැම්විට අතරමඟදී සිදුවූ අකරතැබ්බයන්ය.

ඇතැම්විට බෝපත් ඇල්ලේ සුන්දරත්වය ශේෂ පසුම්බියෙහි නැත. එය පෙනෙන තෙක් මානයේ ඇති ගල්තලාවක හිඳ බෝතල් හිස් කළ හැටි … බයිට් රස බැලූ හැටි … ශේෂ පසුම්බියෙහි පිරී ඇත. ඒවා පිටතට එන්නේ කයිවාරු හැටියටය.

ඇතැම් මිතුරන්ගේ ශේෂ පසුම්බිවල පිරී ඇත්තේ සුන්දරත්වයයි. සිංහරාජයේ කුරුලු කූජනයක මිහිරියාව, වස්ගමුව වනගහන මැද දුටු හස්තිරාජයකුගේ ආක්‍රමණය මෙන්ම රාවණා ඇල්ල දෙසින් පැමිණි සුළං පොදක තිබූ සිහිල් දිය බිඳිතිවල පහස… මේ ‍ශේෂ පසුම්බිය නම් කවියක් සේම මිහිරිය. එහෙත් ඇතැමුන්ගේ ශේෂ පසුම්බි පිරී ඇත්තේ ගොරෝසු ගෝරිවලිනි.

බොහෝ කලක සිට ම‍ෙග් ශේෂ පසුම්බියේ ඇති එක් දෙයක් මේ සටහන මත තබමි.

අපි මිතුරන් කිහිපදෙනෙක් අනුරාධපුරයට යමින් සිටියෙමු. ඒ මිතුරකුගේ ජීප් රියකිනි. ජීප් රිය දඹුල්ලෙන් හැරී යම් දුරක් යන විට මැදිවිය ඉක්මවූ කාන්තාවක් පාරට පැන ජීප් රිය නැවත්වූවාය.

“අනේ මහත්තුරුනේ මගෙ කෙල්ල වහ බීල අමාරුයි.. ඉස්පිරිතාලෙට ගෙනියන්ඩ අනේ.. අනේ”

මේ අම්මා විලාප ගසන්නට වූ හෙයින් අපි තිබෙන ඉඩකඩ තුළ එහාට මෙහාට වී ඒ අම්මාටත් ඒ දියණියටත් ඉඩ දුන්නෙමු. එහෙත් ඇගේ පෙම්වතා යැයි පැවසූ තරුණයාට දීමට ඉඩක් තිබුණේ නැත. අම්මා අසුනෙහි ඉඳගත් අතර වස පානය කළ දියණිය හරහට තබා ගතිමු. ඇගේ හිස අම්මාගේ ඔඩොක්කුවෙහිය. ඇඟ අපේ දෙකකුල් මතය. ඇගේ කතාවක් නැත. දෑස් පියවී ඇත. අම්මා දිගටම ඉකිගැසුවාය.

ඇයව කැකිරාව රෝහලට රැගෙන ගොස් වෛද්‍යවරයා පෞද්ගලිකවම හමුවී අපි එම තරුණිය භාර දුනිමු. ඉන්පසු අපේ ගමන අපි ගියෙමු.

අනුරාධපුරයට ගොස් ඊළඟ දවසේ එන විට අප භාරදුන් තරුණියගේ තත්ත්වය සොයා බලන්නට සිතුණු හෙයින් කැකිරාව රෝහලට ගියෙමු. ඒ ලෙඩුන් බලන වෙලාව ද නොවේ. අර තරුණයා ද ඒ මොහොතේ එතැන බංකුවක වාඩි වී බලා සිට අප දුටු සැණින්ම අප හඳුනාගත් නිසා දෝ නැඟී සිටියේය.

කෙසේවුවද කරුණු පැහැදිලි කිරීමෙන් පසු අප දෙදෙනකුට පමණක් රෝහල තුළට යාමට අවසරයක් දුන්නා මතකය. මාත් තවත් මිතුරකුත් එහි ගියෙමු.

වාටටුවේ සිටි නර්ස් නෝනාගෙන් කරුණු විමසුවෙමු.

“මහත්තේල ද එක්කරගෙන ආවෙ?”

“ඔව්”

“අර ඉන්නෙ”

තරුණිය ටැප් එකක් ළඟ මුහුණ සෝදමින් සිටියාය.

“අම්මත් රැවටිලා. මනුස්සයත් රැවටිලා. මහත්තේලත් රැවටිලා. කෙල්ල වහ බීල නෑ.. තෙල් ටිකක් කට වටේට ගාගෙන… දැන් දොස්තර මහත්තය ආපු ගමන් ටිකට් කපල පිටත් කරනවා. මහත්තේලගෙ හිත හොඳයි.. ඒත් මුන් මහත්තේල හිතනවට වඩා කයිරාටිකයි”

“සමහර විට බය කරන්ඩ එහෙම කරන්ඩ ඇති” අපි එහෙම පිළිතුරක් දී පිටත්ව ආවෙමු.

මේ මගේ ශේෂ පසුම්බියේ තිබුණු අවුරුදු ගණනක් පැරැණි අත්දැකීමකි. එදා අපත් සමඟ ඒ චාරිකාවට සම්බන්ධ වූ එක් මිත්‍රයෙක් මෙලොව හැර ගොසිනි. එහෙත් අර තරුණියට කුමක් සිදුවීදැයි නොදනිමු. ඇතැම්විට ඈ මේ වන විට මවක වී සිටිනවා විය යුතුය.

මේ සියල්ල මෙවර මසිතෙහි සටහන් කළේ මගේ ශේෂ පසුම්බියේ අලුතින්ම තැන්පත් වූ එසේම ජීවිත කාලයටම එහි තැන්පත්ව තිබෙනු ඇති බවට මා විශ්වාස කරන අත්දැකීමක් පසුම්බියෙන් ඇද ඔබ ඉදිරියේ තබන්නටය.

පසුගිය සති අන්තයේ අපි පිරිසක් මේ අයුරින්ම චාරිකාවකට සම්බන්ධ වූයෙමු. අප මෙවර ගියේ යාපනයටය. යුද්ධ කාලයේ දී මා වරක් යාපනයට ගොස් තිබුණු නමුත් යුද්ධය නිමවූවාට පසු එහි යාමට අවස්ථාවක් නොලැබිණි.

මේ චාරිකාව තුළින් ද මගේ ශේෂ පසුම්බිය බොහෝ ‍දේවලින් පිරී ඉතිරී ගියේය. දඹකොළ පටුන … කසුරිනා මුහුදු තීරය… නව සංවර්ධනය .. මේ සියල්ල ශේෂ පසුම්බියට එක්වූ නමුදු වඩාත් සංවේදී ලෙස තැන්පත් වූයේ අරාලි තුඩුවේ දී හමුවූ නාඳුනන සොල්දාදුවාගේ කතාවය.

ජීවිත කාලය තුළදී මම දේශන, කතා, විස්තර විචාර සිය දහස් ගණනක් අසා ඇත්තෙමි. එහෙත් අරාලි තුඩුවේදී හමුවූ නාඳුනන සොල්දාදුවාගේ කතාව තරම් වේගවත් කතාවක් මම ජීවිතේට අසා නැත්තෙමි. එතරම් වේගයකින් මිනිසකුට වචන පිට කළ හැකිදැයි විශ්වාස නොකළ හැකි තරම්ය.

අප ගියේ අරාලි තුඩුවේ ජෙනරාල් කොබ්බෑකඩුව සහ පිරිස ඝාතනය කළ ස්ථානය සොයාගෙනය. එතැන පිපිරී ගිය වාහනයක සුන්බුන් තැන්පත් කොට තිබිණි. එතරම් උස් නොවූ සිහිවටන කුලුනක් මුදුනේ කුඩා ජාතික කොඩියක් රඳවා තිබිණි.

එතැන සිටි සොල්දාදුවකුගෙන් අපි විස්තර අසමින් සිටියෙමු. ඇත්තටම සමහර තැන්වලදී අලසකම නිසා හෝ අමාරුව නිසා හෝ වාහනයෙන් නොබැස සිටි සියලු දෙනා ද ජෙනරාල් ගේ සිහිවටනයට ගරු කිරීම සඳහා බස්රියෙන් බැස එතැනට පැමිණියහ.

එක්වරම දුරක සිට නාඳුනන සොල්දාදුවා හතිලමින් දුවගෙන ආවේය. ඔහු වාහන සුන්බුන් අතර සිටගත්තේය. පළමුව ඔහු අපට කෘතඥතාව පළ‍කළේය.

“හුඟාක් අය අපේ රට විනාශ කරපු ප්‍රභාකරන්ගේ ගේ බලන්ඩ යනවා.. ෆොටෝ ගන්නවා. ඒත් ජෙනරාල් කොබ්බෑකඩුවට ගරු කරන්න මෙතැනට එන්නේ නැහැ” ඔහුගේ කතාවේ වේගය නිසා ඒ බොහෝ දේ මතක තබාගැනීමට මට නොහැකි විය. කෙසේ වුවද කතාව පවත්වන කාලය පුරාම ඔහුගේ දෑස් අඳුරු වී තිබුණු අයුරු නම් මට මතකය.

සංචාරය සඳහා යාපනයට යන ශ්‍රී ලාංකිකයන් කී දෙනෙක් අරාලි තුඩුවට යනවාදැයි මම නොදනිමි. ඔබ එහි යා යුතුය. ඒ වීරයාට බුහුමන් දැක්වීම කළ යුතුය.

ප්‍රභාකරන්ගේ ගෙදර බලන්නට උනන්දුවෙන අපේම උදවිය අරාලිතුඩුවට නොයන්නේ මන්දැයි තම තමන්ගෙන්ම ඇසිය යුතුය. ඇතැම්විට ඔබට ද මේ නාඳුනන සොල්දාදුවා මුණගැසෙන්නට ඉඩ තිබේ. ඔහු පැවැත්වූයේ සාමාන්‍ය විස්තර විචාරයක් හෝ කතාවක් නොවේ. ශ්‍රී ලාංකේය ඉතිහාස වංශ කතාවේ එක් සංවේදී මෙන්ම අභිමානවත් පරිච්ඡේදයක් ඔහු කියැවීය.

යාපනය පේදුරුතුඩුව පාරේ එක් මංසන්ධියක ඇති රාවණා රජු තැනූ උමං හතරක ද්වාරය බඳු ගැඹුරු ළිඳ ද ශේෂ පසුම්බියෙහි තැන්පත් වූ බව ඇත්තකි. ඒත් ජෙනරල් කොබ්බෑකඩුවගේ ස්මාරකය ඊට ඉහළින් තැන්පත්ව ඇත. රාවණා උත්සාහ කළේ භාරතයෙන් පැහැරගෙන පැමිණි පෙම්වතිය සඟවා තබාගන්නටය. එහෙත් ජෙනරාල් ‍ෙකාබ්බෑකඩුව උත්සාහ කළේ රට ජාතිය ‍රැකගන්නටය.

* එරික්‌ සෝල්හයිම් යළි මතුවෙයි

* නෝර්වේ සාම තානාපති හැන්සන් බවර්ගේ රාත්‍රි භෝජන සංග්‍රහයේදී සාම සාකච්ඡා යළි අරඹන්නයි කියා සිටී පාර්ශ්වයක්‌a හමුදා නිලධාරීන්ට මාධ්‍ය උගන්වයි

* කැනඩා කොටි ඩයස්‌පෝරාව පළාත් සභා ක්‍රමය ප්‍රතික්‍ෂේප කරති.

* ඊළම එනවා යෑයි දක්‌වමින් යාපනයේ හින්දු කෝවිල අසළ පෝස්‌ටර් ඇලවූ තැනැත්තෙකු අසුවේ.

* ද්‍රවිඩ සංධාන මැයි දින රැලියේ තේමාව ස්‌වයංපාලනය හෙවත් ඊළම් රාජ්‍ය ලබා ගැනීමයි.

* පාත් පයින්ඩර් මෙරට කටයුතුවලට මැදිහත්වෙයි.

* නෙදියවන් අල්ලා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිස්‌ වරෙන්තුව ගැන නෝර්වේ රජයේ අවධානය

සිංහල අවුරුද්ද උදාවීමට පස්‌දිනක්‌ තිබියදී ද්‍රවිඩ සංධානයේ නායක ආර්. සම්පන්දන්, එච්. ඒ. සුමන්තිරන් සෙල්වම් අඩෙයිතලානන්දන් හා සුරේශ් ප්‍රේමචන්ද්‍රන් දකුණු අප්‍රිකාවට ගොස්‌ ශ්‍රී ලංකාව සම්බන්ධ විශේෂ තානාපති සිරිල් රම්පෝසා, දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර සබඳතා අංශයේ අමාත්‍ය මෙයිවේ මශාබානේ සහ නියෝජ්‍ය අමාත්‍ය ඊබ්‍රාහිම් ඊබ්‍රාහිම් හමුවී රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීය. එහෙත් මෙරට ජනතාව මේ සාකච්ඡාව පසුබිමේ සිදුවන ක්‍රියාවලිය දැන සිටියේ නැත.

එහිදී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් ශ්‍රී ලංකා රජයට චෝදනා නගමින් උතුරු ප්‍රදේශය හමුදාකරණයට ලක්‌වී ඇති බවත් සිංහල ජනවාස ඇති කරන බවත් දේශපාලන සිරකරුවන් මුදාහැර නැති බවත් (කොටි ත්‍රස්‌තයන්) කියා සිටියේය.

ශ්‍රී ලංකා රජය සමග සංවාදයක යෙදීමට නම් යහපත් වාතාවරණයක්‌ ඇති විය යුතු බවත් හෙතෙම තවදුරටත් පළ කළේය. අනතුරුව සෙල්වම් අඩෙයිකලානන්දන් නමැත්තා දකුණු අප්‍රිකානු බලධාරීන් හමුවේ කරුණු දක්‌වමින් ආරක්‍ෂක හමුදා උතුරේ සෝදිසි කිරීම් සිදු කරන අතර වන්නියේදී අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවත් සඳහන් කළේය. ද්‍රවිඩ සංධානයේ දකුණු අප්‍රිකානු සංචාරයට කොටි ඩයස්‌පෝරා සංවිධාන හයක්‌ සහභාගි වීමට නියමිත වුවත් අවසාන මොහොතේ අවලංගු කර ඇත.

මේ පසුබිම මැද දකණු අප්‍රිකානු විපක්‍ෂ තානාපති සිරිල් රම්පෝසා ලබන මැයි මස අගදී ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එහිදී ඔහු උතුරු නැගෙනහිර ජනතාව හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය. රම්පෝසා මෙරටට එන්නේ ද්‍රවිඩ සංධානය හා රජය අතර සාකච්ඡා සඳහා මැදිහත්කරුවකු ලෙසිනි.

මෙලෙස ද්‍රවිඩ සංධානය හා දකුණු අප්‍රිකානු බලධාරීන් අතර පැවැති සාකච්ඡා ගැන රජය දැඩි නිහඬතාවය පළ කරනු ලැබීය. එහෙත් සිරිල් රම්පෝසා මෙරටට එන්නේ එරික්‌ සෝල්හයිම් නමැති නෝවීජියානුවා රඟදැක්‌වූ සාම මැදිහත්කරු ක්‍රියාදාමය සමග මෙහෙයුමක්‌ දියත් කිරීමට බව සනාථ වී ඇත. ද්‍රවිඩ සංධාන කණ්‌ඩායම අප්‍රේල් 11 වැනිදා රම්පෝසා සමග පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවට මුල් වූ කරුණු මෙතෙක්‌ වසන් වී තිබේ.

එහෙත් ශ්‍රී ලංකා රජය සහ ද්‍රවිඩ සංධානය අතර සංවාදයක්‌ ඇති කිරීම සඳහා ට්‍රාන්ස්‌පෝමේෂන් ඉනිෂියේටිව් (IT) නමැති කණ්‌ඩායම මුල්වී ඇත.

මෙම කණ්‌ඩායමට රොල්ප් මේජර්, අප්‍රිකානු කොන්ග්‍රසයේ බාහාබ්, ඊබ්‍රාහිම් ඊබ්‍රාහිම් සහ අයිවර් ජෙන්කිsන් නමැත්තෙකු අයත් වේ.

අයිවර් ජෙන්කින් මේ සම්බන්ධව පවසන්නේ ජනාධිපති සුමාගේ ඇරයුම වන ද්‍රවිඩ සංධාන කණ්‌ඩායම පැමිණි බවත් ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට විසඳුමක්‌ ලෙස ද්‍රවිඩ සංධානය යෝජනා ඉදිරිපත් කරන අතර ඒ සඳහා සහය වන්නේ කෙසේද යන්න ගැන සමාලෝචනයට භාජනය කිරීමට දකුණු අප්‍රිකාව ක්‍රියා කරන බවයි.

එසේ වුවත් ද්‍රවිඩ සංධානයේ දකුණු අප්‍රිකානු සංචාරය ගැන උතුරේ රාජ්‍යනොවන සංවිධාන ක්‍රියාකාරීන් නොසතුටට පත්වී ඇත. ද්‍රවිඩ සංධාන පළාත් සභා මන්ත්‍රිsනී ආනන්දි සසිකරන් හා සිවාජිලිංගම්ද එකී සංචාරයට එරෙහිවී තිබේ.

යාපනයේ සිවිල් සංවිධාන ක්‍රියාකාරියකු යෑයි හඳුන්වා ගන්නා කුමාර වඩිවේල් ගුරුපරන්a නමැත්තා උතුරේ සෝදිසි මෙහෙයුම් දියත් වන බවට චෝදනා නඟා ඇත.

පසුගියදා ජිනීවා නුවර පැවැති මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා විරෝධී ක්‍රියාමාර්ගයක්‌ අනුගමනය කළේද මොහුයි. මේ පසුබිම මැද පස්‌ වසරකට පසු හිටපු නෝර්වේ මැදිහත්කරු එරික්‌ සෝල්හයිම් ප්‍රකාශයක්‌ කරමින් හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිර්ගාමර් සහ ද්‍රවිඩ සංධාන මන්ත්‍රි නීලන් තිරුචෙල්වම් මැරුවේ කොටි සංවිධානය යෑයි අනාවරණය කර ඇත.

එහෙත් එකී ඝාතන සිදුවූ සමයේ සෝල්හයිම් දැඩි ලෙස නිහඬව සිටියේය. එසේම තවත් දෙදෙනකු ඝාතනය කළේ රජය බවට චෝදනා කරන ශ්‍රී ලංකාව කොටින්ට පාවාදීම සඳහා එදා ක්‍රියා කල අයුරු වසන්කරලීම සඳහා ග්‍රන්ථයක්‌ එළිදැක්‌වීමටද ක්‍රියා කර ඇත.

මේ අතර පසුගිය 22 දා රජයේ ප්‍රවෘත්ති ආයතනයේදී හමුදා ලාන්ස්‌කෝප්‍රල්වරු සඳහා මාධ්‍ය පාඨමාලාවක්‌ ආරම්භ විය. එහිදී හමුදා නිලධාරීන් ඇමතීම සඳහා ඇරයුම් කර තිබූවන් අතර වසර කීපයකට පෙර නෝර්වේ ගොස්‌ සාම තානාපති තැන්පත් බවර්ගේ රාත්‍රි භෝජන සංග්‍රහයට සහභාගි වී සාම ක්‍රියාදාමය යළි අරඹන ලෙස ඉල්ලා සිටි තැනැත්තකු ද විය. නෝර්වීජියානු නෝරාඩ් සංවිධානයේ අරමුදල් ලබන එන්. ජී. ඕ. කම්පැණියක ක්‍රියාකාරියකු වූ මොහුගෙන් හමුදා නිලධාරීන්ට ලබාගත හැකි මාධ්‍ය උපදෙස්‌ කුමක්‌ද?

හමුදා නිලධාරීන්ට මාධ්‍ය ක්‍ෂේත්‍රය ගැන දැනීමක්‌ ලබාදීමට හමුදාපතිවරයා ක්‍රියාකිරීම වැදගත් පියවරක්‌ වුවත් එදා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ට සහය වූ පාර්ශ්වයන් ද හමුදා නිලධාරීන්ට උපදෙස්‌ දීමට ඉදිරිපත් වීම විහිළුවක්‌ නොවේද?

එදා කොටි ත්‍රස්‌තයන්ට සටන්කාමීන් හා මිනීමරු ප්‍රභාකරන්ට ප්‍රභාකරන් මහත්මයා යෑයි පැවසූ පාර්ශ්ව දැන් වෙස්‌ මුහුණු දමා ගනිමින් මාධ්‍ය හා හමුදා කරලිය වෙත යොමුවී ඇත. ප්‍රභාකරන් විනාශ කළ යුතු යෑයි ප්‍රභාකරන් ජීවත්aව සිටියදී පැවසුවේ දිවයින හා දිවයින ඉරිදා සංග්‍රහය පමණකි. හමුදාවට ළංව සිටි මාධ්‍ය පාර්ශ්වයන් නිසා සමස්‌ත හමුදාවටම යුද අපරාධකරු ලේබලය හංවඩු ගැසී ඇත. එම මාධ්‍ය පාර්ශ්වය පවුලේ අය සමග ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා තිබේ. මේ සිදුවීම් වසන් කළ යුතුද?

සතුරන් හඳුනා ගත යුතු යෑයි කීවේ ඊශ්‍රායලයේ මොෂේ දයාන් සෙනෙවියායි. මේ අතර පසුගිය ඉරිදා කැනඩාවේ ටොරොන්ටෝ නුවර නගර සභා ශාලාවේ කොටි හිතවාදී සංවිධාන 80 ක ක්‍රියාකාරීහු සමුළුවක්‌ පවත්වා ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා රැසක්‌ සම්මත කරගත් බව හෙළි විය.

කැනඩාවේ පුරවැසියන් වූ මේ කොටි ක්‍රියාකාරීහු උතුරු නැගෙනහිර අන්තර් පාලනයක්‌ ආරම්භ කළ යුතු බවත් උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කළ යුතු බව ද පවසමින් 2002 දී ශ්‍රී ලංකා රජය හා කොටි සංවිධානය අත්සන් කළ සටන් විරාම ගිවිසුමෙන් ඊළාම් රාජ්‍යය සහ එකී රාජ්‍යයේ ස්‌වෛරීභාවය පිළිගත් බවද කියා සිටී.

එසේම ඊළම් ද්‍රවිඩයන්ගේ දේශපාලන අරමුණට විසඳුම පළාත් සභා ක්‍රමය නොවන බවත් ද්‍රවිඩ රාජ්‍යයට ද්‍රවිඩ ඩයස්‌පෝරාව සහ තමිල්නාඩුවේ ද්‍රවිඩ අනාථයන් ද අයත් බවද කැනඩා කොටි ක්‍රියාකාරීහු තවදුරටත් සඳහන් කර ඇත. මේ තත්ත්වය මැද 2009 අප්‍රේල් මස සිට මෙරට රැඳී සිටි බී. බී. සී. වාර්තාකරු චාල්ස්‌ හැවිලන්ඩ් නැමැත්තාට තවත් වසරක්‌ සඳහා වීසා බලපත් ලබාදීම රජය ප්‍රතික්‍ෂේප කිරීම ගැන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු හා ඇතැම් විදේශ වාර්තාකරුවන්ගේ කම්පනයට හේතු වී ඇත.

අද ශ්‍රී ලංකාවෙ එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා ලොව පුරා ප්‍රචාරය කරන්නේ මෙරට හිටපු බී. බී. සී. වාර්තාකාරියකු වූ ප්‍රාන්සස්‌ හැරිසන්ය.

14,8000 ක්‌ ද්‍රවිඩයන් ඝාතනය වූ බවට සාවද්‍ය චෝදනා නැඟුවේ ඇයයි. වන්නි මෙහෙයුම සමයේ ඇය මෙරට සිටියේ නැත.

එවැනි විටෙක චාල්ස්‌ හැවිලන්ඩ් යුද්ධය පැවැති සමයේ උතුරට සාමයද උත්සාහ කළේය.

ඔහු සැපයූ වාර්තා විමර්ශනය කරන විට සේවය කළේ කවුරුන් වෙනුවෙන්දැයි සනාථ විය. හැවිලන්ඩ් ද ප්‍රැන්සිස්‌ හැරිසන් මෙන් ශ්‍රී ලංකාවට එරෙහිව සාවධ්‍ය යුද අපරාධ චෝදනා නගන දිනය එතරම් ඈත නැත.

මේ පසුබිම මැද 2012 සිට නෝර්වේ රාජ්‍ය උතුරු නැගෙනහිර දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන සඳහා ඩොලර් මිලියන පහකට අධික මුදලක්‌ සපයා තිබේ.

2009 සිට 2012 දක්‌වා කාලය තුළ නෝර්වේ රාජ්‍යය ඩොලර් මිලියන 116 ක්‌ මුදලක්‌ මෙරටට සපයා ඇති අතර කොටි ක්‍රියාකාරීහු පුනරුත්ථාපනය කිරීමද මීට අයත් වී ඇත.

එසේම මානව හිමිකම් සම්බන්ධව උතුරු නැගෙනහිර රාජ්‍ය නොවන සංවිධානවලටද නෝර්වේ රජය ආධාර කර තිබේ.

මෙයට අමතරව ඇමරිකාවේ තෙඩ් හෙවත් නැෂනල් එන්ඩවුමන්ට්‌ පෝ ඩිමෝක්‍රසී නමැති සංවිධානය ශ්‍රී ලංකාවේ රයිට්‌ස්‌ නව් නම් වූ රාජ්‍ය නොවන සංවිධානයට ඩොලර් 31000 ක මුදලක්‌ ලබාදී තිබේ. විශ්වවිද්‍යාල සීමාවාසිsක කණ්‌ඩායම් යෑයි දක්‌වමින් විවිධ තොරතුරු ප්‍රකාශ කරන රයිට්‌ස්‌ නව් සංවිධානයට ඩොලර් ලැබුණේ විශ්වවිද්‍යාල සිසුන්ගේ කුසලතා නැංවීමටද?

මේ අතර මානව හිමිකම් ගැන හඬනගන ස්‌විට්‌සර්ලන්තයේ කොටි ක්‍රියාකාරීහු 12 ක්‌ ප්‍රභාකරන්ට අවි ආයුධ සැපයීම සඳහා ස්‌විස්‌ ප්‍රධාන බැංකු 2 කින් ඩොලර් 104000 ක්‌ දක්‌වා ණය මුදල් ලබාගෙන ඇතැයි ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය සොයාගෙන ඇත.

එකී කොටි ක්‍රියාකාරීහු බැංකුවලට ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාජ වැටුප් ලේඛන යෑයි විමර්ශනවලදී හෙළි වී තිබේ.

නෙදර්ලන්තයේ සිටින කොටි ක්‍රියාකාරීන් පිරිසක්‌ ද කොටි සංවිධානයට අවි සපයා ඇතැයි අනාවරණය වී ඇත. මෙවන් පසුබිමක්‌ මැද නෝර්වේ සටන්විරාම ගිවිසුමට දායක වූ මිලින්ද මොරගොඩ මෙහෙයවන පාත් පයින්ඩර් නමැති රාජ්‍ය නොවන සංවිධානය මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී තිබේ. පාත් පයින්ඩර් සංවිධානය මෙවර මැදිහත් වී ඇත්තේ ඉන්දු ලංකා සබඳතාවය නංවාලීමේ අරමුණෙන් යෑයි හෙළි වී ඇත.

මේ අතර උතුරේ කොටි ත්‍රස්‌තවාදය යලි නගාසිටුවීමේ රෙඩ් ෆයර් (Red fire) මෙහෙයුම ස්‌විට්‌සර්ලන්තයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස්‌වී තිබුණි. එකී ප්‍රධානියා සන්තෝෂම් මාස්‌ටර් හෙවත් යාදවන්ය. ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන සමයේ ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ ශ්‍රී ලංකාවට එරෙහි විරෝධතාවලට අරමුදල් වැය කරන්නේ ඔහුයි. සන්තෝෂම් මාස්‌ටර්ගේ ස්‌විස්‌ජාලය සූරිච්, බර්න් මවුද්, ලුසර්න්, තුරාගාව්, සැන්ට්‌ ගැලන්, බාසල් චූර්, සෝල්තර්න්, ආර්ගාවුq, සොප්හොසන් , ග්ලාරුස්‌, ටිසිනෝ, ෂුවයිස්‌, සුග්a, නියුචාතල් ප්‍රිබර්ක්‌ මැලයිස්‌a, ජුරා සහ ජිනීවා නගරවල සිටින කොටි ක්‍රියාකාරීන් සම්බන්ධ වී ඇති අතර ඊට ජංගම දුරකථන 42 ක්‌ ඒකාබද්ධව තිබේ.

යාදවන් පරමනාදන් නමින් හඳුන්වන සන්තෝෂම් මාස්‌ටර් වන්නි මෙහෙයුමේදී හමුදාවට බාරවූ අතර 2010 වනතෙක්‌ පුනරුත්ථාපනය වූ බවට වාර්තා විය. පසුව ස්‌විට්‌සර්ලන්තයට ගිය ඔහුට දේශපාලන රැකවරණ ලැබී ඇත.

මෙහිදී නැගෙන බරපතල ප්‍රශ්නය කියපු ප්‍රධාන කොටි ක්‍රියාකාරීන්ට මෙරටින් විදේශ ගතවීමට ඉඩ ලැබීමයි. මේ පසුබිම මැද ද්‍රවිඩ සංධානයේ ඉලක්‌කය තවදුරටත් සනාථ විය.

ද්‍රවිඩ සංධාන මන්ත්‍රී මාවයි සේනාධිරාජා යාපනයේදී ප්‍රකාශයක්‌ කරමින් චාවාකච්ෙච්රියේදී පවත්වන මැයි දිනයේ තේමාව ස්‌වයංපාලන යෑයි කියා සිටියේය.

එහි අරමුණ ඊළම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීමයි.

බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ සිටි තවත් කොටි ත්‍රස්‌තයකු වන ජෙයබාලන් රමේශ් නමැත්තා පැනගියේද මේ සතියේයි. ඊට පෙර තවත් කොටි ත්‍රස්‌තයෙක්‌ ගාල්ලේදී පැන ගියේය.

මේ අතර මෙරට ත්‍රස්‌තවාදය යළි නගාසිටුවීම සඳහා රෙඩ් µයර් සැලසුම් දියත්කිරීමට අදාළ කොටි කණ්‌ඩායමේ නෝර්වේ ක්‍රියාකාරිකයකු වූ නෙදියවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රකාශයට පත් කළ ඉන්ටර්පෝල් වරෙන්තුව ගැන නෝර්වේ රජයේ අවදානය යොමු විය.

නෙදර්ලන්ත පොලිසිය දියත් කර තිබූ ඔපරේෂන් කොනික්‌ මෙහෙයුමින් නෙදර්ලන්තයේ සිට විශාල මුදලක්‌ නෙදියවන් හරහා ශ්‍රී ලංකාවේ කොටින්ට යවා තිබූ බව හෙළි වී තිබිණි.

නෙදියවන් සම්බන්ධව ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කරන බව නෝර්වේ රාජ්‍ය ලේකම් මෝරන් හොග්ලන්ඩ් ප්‍රකාශ කර ඇත.

Follow

Get every new post delivered to your Inbox.